LoveU

LoveU Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LoveU, Social Media Agency, .

03/03/2024

❤️❤️❤️

බලන්න යාළුවනේ කොච්චර ලස්සන අහම්බයක් ද කියලා... බයි පේජ් ඇඩ්මින්ලා හැමෝටම එකම වෙලාවෙ එකම දේ හිතිලා... 🥺❤️
23/11/2023

බලන්න යාළුවනේ කොච්චර ලස්සන අහම්බයක් ද කියලා... බයි පේජ් ඇඩ්මින්ලා හැමෝටම එකම වෙලාවෙ එකම දේ හිතිලා... 🥺❤️

23/11/2023

❤️❤️❤️
🤣🤣🤣🤣🤣

CLICK ❤️
19/11/2023

CLICK ❤️

18/11/2023

අම්මා කියන්නේ එහෙම කෙනෙක්...!

🐾 ❤️

17/11/2023

Just Listen & Relax 🧘🏻‍♂️🧘🏻‍♀️

පොඩි එකෙක්ට පෝන් එක දීල විනාඩි පහකින් ආයෙ අරන් ගැලරියට ගියාම 🙂👍
16/11/2023

පොඩි එකෙක්ට පෝන් එක දීල විනාඩි පහකින් ආයෙ අරන් ගැලරියට ගියාම 🙂👍

⚫️වාර්ථා තැබීමෙන් ලාංකික ක්‍රිකට් ක්‍රීඩාව අසම සම වූවත් පහත දක්වා ඇති වාර්ථා ගැන අපි අතිශයින් ලැජ්ජා විය යුතු වේ!_______...
16/11/2023

⚫️වාර්ථා තැබීමෙන් ලාංකික ක්‍රිකට් ක්‍රීඩාව අසම සම වූවත් පහත දක්වා ඇති වාර්ථා ගැන අපි අතිශයින් ලැජ්ජා විය යුතු වේ!
_______________________________________________________________________

🔳තරගාවලියේ වැඩිම වයිඩ් පන්දු යැව්වේ ශ්‍රී ලංකා කණ්ඩායමය. අප යැවූ වයිඩ් පන්දු ගණන 123කි. එකෙකුටවත් කිට්ටුවට එන්නට බැරිය.

🔳තරගාවලියේ වැඩිම උඩපන්දු ගණනක් අතහැරියේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ඒ උඩපන්දු ගණන 22කි. ලොවෙත් එහෙව් හපන්කමක් වෙන කණ්ඩායමක් කර නැත.

🔳වැඩිම දුවද්දී දැවී යෑම් ප්‍රමාණයක් වාර්තා කළේ ශ්‍රී ලංකා කණ්ඩායමය. එය 14කි.
🔳ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා දුන් කණ්ඩායම අපය. ඔක්තොම්බර් 04 වැනිදා දිල්ලියේ පැවති ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු තරගයේ දී දකුණු අප්‍රිකාව අපට එරෙහිව ලකුණු 428ක් ලැබුවේය. ලෝකයේ කිසිම කණ්ඩායමක් ලෝක කුසලානයක දී මින් පෙර එවැනි ලකුණක් ලබාගෙන නැත.

🔳ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ගණනක් හඹා ගොස් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිවය. පසුගිය 23 වැනිදා හයිද්‍රාබාද් හි පැවති ශ්‍රී ලංකා පකිස්ථාන තරගයේ දී ලකුණු 344 ඉලක්කය හඹා ගොස් පකිස්ථාන කණ්ඩායම ලකුණු 345ක් ලබාගෙන කඩුළු 05කින් තරගය ජයග්‍රහණය වාර්තා කළේය.

🔳තරගාවලියේ වැඩිම කඩුළු ගණනකින් පරාජය වූයේ අපය. තරගාවලියේ දී අප පරාද වූ කඩුළු ගණනේ එකත්ව කඩුළු 87කි.

🔳තරගාවලියේ අඩුම ලකුණු සංඛ්‍යාවක් රැස්කරගත් කණ්ඩායම අපය. ලකුණු 55කට සියල්ලම දැවී ගියහ. ඒ ඉන්දියා ශ්‍රී ලංකා තරගයේ දි ය.

🔳මේ තරගාවලියේ මතු නොව, ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළමු ටයිම් අවුට් දැවී යෑම වාර්තා කළේ අපය. පළපුරුදු ක්‍රීඩක ඈන්ජලෝ මැතිව්ස් බංගලාදේශය හමුවේ එසේ දැවි ගියේය.

🔳තරඟාවලියේ වැඩිම බින්දු ප්‍රමාණයක් වාර්තා කළේ අපේ පිතිකරුවන්ය. වාර්තා කළ බන්දු ප්‍රමාණය 29කි.

🔳තරගාවලියේ එක් ඉනිමක දී වැඩිම අමතර ලකුණු ලබා දුන් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමය. ලබා දුන් අමතර ලකුණු ගණන 36කි.

🔳තරගාවලිය පුරා වැඩිම නිපන්දු (No Ball) ප්‍රමාණයක් යවා ඇත්තේ අපය. නිපන්දු 33කි.

🔳වැඩිම ක්‍රීඩකයින් ප්‍රමාණයක් අබාධයට ලක් වූයේ අපේ. ක්‍රීඩකයින් 15 දෙනාගෙන් 06ක් ආබාධයට ලක් වූහ.

🔳ක්‍රිකට් නියෝජනය කරමින් වැඩිම නිලධාරීන් පරිසක් සහභාගී වන්නේ ශ්‍රී ලංකාවෙනි. නිලධාරීන් 103කි.

🔳වැඩිම පුහුණුකරුවන් ප්‍රමාණයක් ලෝක කුසලානයට යන්නේ අපේ රටෙනි. පුහුණුකරුවන් 14කි.

ලැජ්ජයි Sri Lanka Cricket

- Copied

සිංහල භාෂාවෙන් skill සහ talent කියන දෙක ම අදහස් දෙකක් විදියට වෙන් කරලා හඳුනා ගැනීමක් කරන්නේ නැහැ. මේ දෙකට ම අප පොදුවේ දක...
16/11/2023

සිංහල භාෂාවෙන් skill සහ talent කියන දෙක ම අදහස් දෙකක් විදියට වෙන් කරලා හඳුනා ගැනීමක් කරන්නේ නැහැ.

මේ දෙකට ම අප පොදුවේ දක්ෂතාව, හැකියාව වගේ වචන ලිහිල්ව පාවිච්චි කරනවා. නමුත් මේ දෙක ම ගැන අපට බොහෝ වෙලාවට තියෙන්නේ එක ම අදහසක්.

Talent කියලා කියන්නේ අප උපතින් ගේන දෙයක්. උපතින් ම ඇතැම් මිනිසුන් කිසියම් දෙයකට විශේෂ ප්‍රතිභාවක් සහිතව මේ ලෝකයට පැමිණෙනවා. ඒක සෞන්දර්‍යය, ක්‍රීඩාව, කලාව හෝ වෙනත් මොනයම් හෝ දෙයක් වෙන්න පුළුවන්. මේක එක්තරා විදියකට වාසනා ගුණයක් කියා කිව හැකියි.

ඒත් skill එක කියන්නේ හුදෙක් Talent එක ම නෙවෙයි, එයට වඩා විශාල දෙයක්. skill එක හෙවත් කුසලතාව කාලයක් තිස්සේ මුවහත් කරගත යුතුයි. නිතර ම අභ්‍යාස කළ යුතුයි. නොනවත්වා ම මහන්සි විය යුතුයි. තමන් විසින් තමන් ගේ ම සීමාවන් අභිබවා යා යුතුයි. වෙනත් විදියකට කිව්වොත් Talent එක උත්පත්තියෙන් ලබන දෙයක්. skill එක කාලයක් තිස්සේ මහන්සි වී අත්පත් කරගත යුතු දෙයක්. මේ නිසා ම skill එක උපතින් ගේන Talent එකට වඩා ශ්‍රේෂ්ඨයි.

විරාත් කෝලි කියලා කියලා කියන්නේ ලෝකයේ අනෙක් සියලු ක්‍රීඩකයන්ට වඩා මහන්සි වී අසමසම skill එකක් අත්පත් කරගත් ක්‍රීඩකයෙක්. ඒක ඔහු ගේ ජීවන පැවැත්ම තුළ ම තියෙනවා. එහි ප්‍රතිඵල අද ඔහු භුක්ති විඳිනවා. අප කැමති වුණත් නැතත් ලෝකයේ වැඩි ම ශතක ලාභී ක්‍රීඩකයා වන්නේ ඔහුයි.

ලංකාවේත් Talent එක තියෙන ක්‍රීඩකයන් ඉන්නවා. උදාහරණයක් විදියට කුසල් මෙන්ඩිස් කියන්නේ හොඳ Talent එකක් තියෙන ක්‍රීඩකයෙක්. විශේෂයෙන් ම ඒ විදියේ Talent එකක් නොතිබුණා නම් කිසිම ක්‍රීඩකයෙකුට තමන් ගේ රට නියෝජනය කරමින් ජාත්‍යන්තර තලයේ තරග කරන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා එතැන Talent එක ගැන ප්‍රශ්නයක් තියෙනවා යැයි හිතන්න බැහැ.

අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ මේ වෙනකොට තියෙන්නේ skill එක ගැන ප්‍රශ්නයක්. ක්‍රීඩාවෙන් ඉදිරියට යන විට ලැබෙන ධනය, සමාජ ප්‍රාග්ධනය, ප්‍රසිද්ධිය, ජේත්තුකාර ජීවන රටාව වැනි බොහෝ සාධක නිසා ලංකාවේ ක්‍රීඩකයන් අතරමං වෙනවා. විරාත් කෝලි ලා, සංගක්කාර ලා වගේ මහන්සි වෙන්නේ නැතුව ඔවුන් ෂෝට්කට්වලින්, සමාජ මාධ්‍ය කැම්පේන්වලින්, කයිවාරුවලින්, ප්‍රෝඩාකාරී මැනේජර්ලාගේ උදව්වෙන් ගොඩයන්න හිතනවා. මේ නිසා ඒ හුඟ දෙනෙකුට උපතින් හිමිවන Talent එක, skill එකක් බවට පරිවර්තනය වන්නේ නැහැ. මේ නිසා ම ඔවුන් අවසානයේ ලෝකයේ කිසිවෙකුත් ඒ තරම් ගණන් ගන්නේ නැති, අඩු තරමේ තමන් ගේ උත්පත්තියෙන් ගෙනෙන ප්‍රතිභාවට හෝ සාධාරණයක් කරන්න බැරිවුණු underachievers ලා බවට පත්වෙනවා.

උත්පත්තියෙන් ගෙනෙන ප්‍රතිභාවට යා හැකි දුර සීමිතයි. ඉන් එහාට ගිහින් විශිෂ්ටත්වයට ළඟා වෙන්න නම් ඒ ප්‍රතිභාව 'කුසලතාවක්' බවට පත් කරගත යුතුයි.

මම හිතන්නේ මේ අවුල ලංකාවේ මේ වන විට තියෙන ක්‍රිකට් සංස්කෘතිය තුළ ම තියෙන දෙයක්. හොඳ ම උදාහරණයක් වෙන්නේ ලෝක කුසලානයෙන් ලජ්ජා සහගත විදියට පැරදී, අයි.සී.සී යෙන් තහනමකට ද ලක් වූ පසු ව අපේ රටේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් විසින් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවයි. මේක ඔවුන් ගේ ක්‍රීඩා ජීවිතයේ ඔවුන් මුහුණ දෙන බැරෑරුම් ම අර්බුදයක්. මේ තහනම ඉක්මනින් ඉවත් නොකරගත්තොත් මේ ක්‍රීඩකයන් බොහොමයක ගේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය අවාසනාවන්ත අවසානයකට ගොදුරු වෙනවා.

ඒ වගේ අතිශය බැරෑරුම් අවස්ථාවක පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර දී පවා එක් ක්‍රීඩකයෙකු තවත් ක්‍රීඩකයෙකු ගේ වෘෂණ කෝෂ අල්ලන්න හදන හැටි වීඩියෝ වල පෙනෙන්න තියෙනවා. ඔවුන් ගේ මානසිකත්වය කෙබඳු එකක්දැයි ඒ සුළු සිදුවීමෙන් පවා තේරුම් ගත හැකියි.

'කුසලතාව' කෙසේ වෙතත් ඔවුන් ගේ සාමාන්‍ය IQ එකේ පවා විශාල ප්‍රශ්නයක් තියෙන බව පැහැදිලියි.

එහෙම ක්‍රීඩකයන්ගෙන් ලංකාවේ මිනිසුන් විරාත් කෝලිලා, සචින් තෙන්ඩුල්කාර් ලා, සංගක්කාර ලා, මුරලිදරන් ලා බලාපොරොත්තු වෙනවා.

ඉතා ම හැඟීම්බර ලෙස ක්‍රීඩාවට ආසා කරන ලංකාවේ අහිංසක මිනිසුන් 'පව්' කියනවා ඇරෙන්න වෙනත් කියන්න කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ.

-

රසික ජයකොඩි
16 - 11 - 2023


“අපිට ඔින උනේ කලාප තරගය දිනන්න !ඒත් අපි පළාත් තරගයත් ජයගත්තා.අපේ සමහර දරැවෝ කළාප තරගවලදි ස්ටේජ් නගිද්දි බයවෙලා ඇඩුවා.මොක...
16/11/2023

“අපිට ඔින උනේ කලාප තරගය දිනන්න !
ඒත් අපි පළාත් තරගයත් ජයගත්තා.

අපේ සමහර දරැවෝ කළාප තරගවලදි ස්ටේජ් නගිද්දි බයවෙලා ඇඩුවා.මොකද එයාලා ඊට පෙර ස්ටේජ් නැගලා තිබුනේ නැහැ

ඇත්තටම අපි සමස්ථ ලංකා දරැවෝ ඇරන්ගියේ දරැවන්ට කොළඹ පෙන්වන්න
මොකද අපේ ගොඩක් දරැවෝ මීට පෙර කොළඹ දැකලා තිබුනේ නැහැ

දරැවෝ තරගයේදි බයවෙයි කියලා මම සමස්ථලංකා තරගය පවත්වපු ඉස්කොලෙට ගිහින් සිකුරිටි අංකල්ට වැදලා වගේ මම ටෝචි ගහලා දරැවන්ට ස්ටේජ් එක පෙන්වලා ස්ටෙිජ් එකේ දිග පලල මැනගෙන ඇවිත් රාත්‍රි 11 වෙනකම් ප්‍රැක්ටිස් කලා.

පහුවදා තරගය අපේ දරැවෝ හොදට කලා. අපි හිතුවෙි අපිට දෙවැනි ස්ථානය ලැබෙයි කියලා. ඒත් සමස්ථලංකා තුන්වැනි තැන ඇරන් ගමට යනකොට ගමෙි අය අපිව පිලිගත්තේ අපි ඔලිමිපික් දිනුවා වගේ සතුටකින් “

පාසැලේ සංගිත ගුරැතුමා - ගීත් ජිවන්ත

Address


Website

Alerts

Be the first to know and let us send you an email when LoveU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share