Human Voice Sri Lanka

  • Home
  • Human Voice Sri Lanka

Human Voice Sri Lanka The human voice Sri Lanka brings all the sizzling news about the people bringing pride to Sri Lanka

කවුරු මොනවා කිව්වත් මොන අලුත් Chocolate ලංකාවට ගෙනාවත් මම නම් ආසම ලංකාවේ හදන අපේ Chocolate එකටයි ❤️ඔය වෘත්තිය සමිති වලට ...
11/07/2024

කවුරු මොනවා කිව්වත් මොන අලුත් Chocolate ලංකාවට ගෙනාවත් මම නම් ආසම ලංකාවේ හදන අපේ Chocolate එකටයි ❤️

ඔය වෘත්තිය සමිති වලට හරියට මාසෙට සල්ලි ටික වැටුනේ නැති වුනාම Chocolate ඇතුලෙන් එක එක දේවල් ඉබේම මතු වෙනවා එච්චර ගනන් ගන්න එපා 🤣 🧭

🇱🇰❤️

උදේම German වල jogging යද්දි මට පාරේ තිබිලා බුදු පිළිමයක් හම්බුනා.. මම පිළිමය අරගෙන ක්ෂණික ගෙදර ආවා... ❤️🙏German වල මිනි...
01/07/2024

උදේම German වල jogging යද්දි මට පාරේ තිබිලා බුදු පිළිමයක් හම්බුනා.. මම පිළිමය අරගෙන ක්ෂණික ගෙදර ආවා... ❤️🙏

German වල මිනිස්සු පාවිච්චි කරපු බඩු සහ අළුත් බඩු ගොඩක් පාර අයිනෙන් තියනවා, ඕනම කෙනෙකුට ගෙදර අරන් යන්න පුළුවන්.. සමහර බඩු මිනිස්සු ගන්නේ නැතුව ඉතුරු වෙනවා ඒ බඩු ලොරි එකක් ඇවිල්ල ඒ වෙලාවෙම ඇතුලේ machine එකකින් කෑලි වෙන්න කුඩු කරනවා. ඉතින් මේ පිළිමයත් අද මට lorry එක එන්න කලින් හම්බුනේ.. 💙

හිතට පුදුම සතුටක් දැනෙන්නේ.. 🙏🌸💙

Copied

25/01/2024
On the way to Sri Lanka ✈️
28/11/2023

On the way to Sri Lanka ✈️

"ජයරත්න Respect Home” හි තැන්පත් කර ඇති ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය
09/10/2023

"ජයරත්න Respect Home” හි තැන්පත් කර ඇති ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය

මුගෙ හැටි දැනගෙන තමයි බලධාරීන් නම දාල තියන්නෙත් zimba (සිඹා)
12/09/2023

මුගෙ හැටි දැනගෙන තමයි බලධාරීන් නම දාල තියන්නෙත් zimba (සිඹා)

ඇය ලෝකයේ දීර්ඝතම දරු ගැබ දරන්නීය....🙂පලුගස්වැව දිවි ගෙවූ මේ ගැබ්බර ඇතින්න කිසිදු මිනිස් ජීවිතයකට හානියක් නොකර ඉතා අහිංසක...
09/08/2023

ඇය ලෝකයේ දීර්ඝතම දරු ගැබ දරන්නීය....🙂

පලුගස්වැව දිවි ගෙවූ මේ ගැබ්බර ඇතින්න කිසිදු මිනිස් ජීවිතයකට හානියක් නොකර ඉතා අහිංසකව දිවී ගෙවූ ඇතින්නයක් බවටයි දැන ගන්නට ලැබුනේ..🙂💔

නොබෝ දිනකින් ජීවය ලැබීමට සිටි දරු පැටියෙකුද කුසේ දරා ගෙන වෙඩි පහර කා අද දින අවසන් සුසුම් හෙලුවේ සිතීමට බොහෝ දේ ඉතිරි කරමිනි....🙂

මේ රටට මේ වෙන දෙවල් ගැන අහන්න දෙයක්ද. මහා අපරාද 🙂💔

මේ දවස්වල හැමෝම කතාවෙන කැන්ඩොස් චොකලට් වල හිමිකරු උපාලි විජේවර්ධන ගැන අපූරු විස්තරයක් ජීවත් වුණානම් ලෝකයේ මුල්ම කෝටිපතිය...
09/08/2023

මේ දවස්වල හැමෝම කතාවෙන කැන්ඩොස් චොකලට් වල හිමිකරු උපාලි විජේවර්ධන ගැන අපූරු විස්තරයක්

ජීවත් වුණානම් ලෝකයේ මුල්ම කෝටිපතියන් 10 අතර !🥺🥺
ලෝකයේ පලවෙනි කෝටිපතියන් කිහිපය අතරට ලංකාවේ කෙනෙක් ඉන්නවද? නෑ.. පළවෙනි දසදහස අතරවත් ලංකාවේ කෙනෙක් නෑ. ඒත් උපාලී විජේවර්ධන අද ජීවතුන් අතර හිටියානම් බොහෝ විට ඔහු ලෝකයේ පළවෙනි කෝටිපතියන් දහදෙනා අතරට එනවා.
කොහොම හරි ඒ කාලේ ලංකාවේ පළවෙනි කෝටිපතියා වුනු උපාලී විජේවර්ධන මීට වසර 33 කට කලින් අතුරුදහන් වුනා. මේ අතුරුහන් වීම ගැන නොයෙකුත් මත තිබුනත් සමහර අය කියන්නේ මේක ව්‍යාපාරික සතුරන් විසින් සිදු කල කෘමන්ත්‍රණයක් කියලා.
උපාලී විජේවර්ධන 1970 වන කොට ලංකාවේ මෝටර් රථ හදන්න පටන් ගත්තා. ඉතින් මේ හදපු පළවෙනි කාර් එකේ නම තමා යූ එම් සී මැස්ඩා කියන කාර් එක.
කොහොම හරි මේ මැස්ඩා කියන වර්ගයේ මෝටර් රථ 500 ක් පලවෙනි වටයට නිෂ්පාදනය කරලා තියෙනවා. මේ කාර් සුදුපාටීන් හා රතුපාටීන් ලස්සනට වර්ණ ගන්වලා තිබිලා තියෙනවා . මේ නිෂ්පාදනය කරපු කාර් රථ විකුණන්න කලින් මින් එකක් කැලණිය පන්සලට පූජා කරන්න උපාලි විජේවර්ධන කටයුතු කරලා තියෙනවා . එයින් අනතුරුව මෙම කාර් රථයේ පළමු වැනි ගැනුම්කරුවා වූයේ ලෝරන්ස් නැමති ව්‍යාපාරිකයෙක් .
ඔහු එකල මෙම කාර්රථය මිලදී අරගෙන තියෙන්නේ රුපියල් 29,000 කට. ඊට පස්සෙ මේ මෝටර් රථ ලංකාවේ ප්‍රබල චරිත රැසක්ම භාවිතා කරලා තියෙනවා . ඒ අතර ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන, අගමැති ඩඩ්ලි සේනානායක, මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දෙර, ආචාර්ය ජී. එම්. ආටිගල, යූ. එන්. ගුණසේකර, ජෝර්ජ් ගෝමස්, මර්වින් පෙරේරා, ආචාර්ය සීවලි රත්වත්ත වැනි ප්‍රබල චරිතද වෙනවා.
මේ කාර් රථ වලින් දෙකක් උපාලී විජේවර්ධන මහතා පාවිච්චි කරලා තියෙනවා. . මේ කාර් රථ වල ලියාපදිංචි අංක වුනේ 5 ශ්‍රී 9115 සහ 6 ශ්‍රී 9999 කියන ඒවා . කොහොම හරි මෙයින් එක මෝටර් රථයක් රන්වන් පැහැයෙන් පාට කර ඇති අතර උඩු කොටස තද දුඹුරු පාටින් පාට කරලා තියෙනවා. . මේ මෝටර් රථ දැනටමත් නුවර එලියේ තියෙන උපාලි විජේවර්ධගේ බංගලාවේ තියෙනවලු. කොහොම හරි මෑතකදි ධර්මසේන අතුපත්තු මහතාට අයිතිව තිබු පැරණි මැස්ඩා මෝටර් රථයක් ගංගාරාම විහාරයට පරිත්‍යාග කරලා තියෙනවා. අද උපාලි විජේවර්ධන මහතා හිටියනම් ලංකාවේ ආර්ථිකයත් ඒක විශාල උපකාරයක් වෙන්න තිබ්බා .
ඒ වගේම ආඩම්බරයෙන් කියන්න තිබ්බා අනෙක් රටවල අයට ඔයාල පදින මැස්ඩා කාර් එක අපේ රටේ හදන එකක් කියලා. ඒත් උපාලි විජේවර්ධන අද හිටියනම් ලෝකේ පලවෙනි කෝටිපතියන් අතරට එනවා කියලා කියන්නේ මේ මැස්ඩා කාර් එක හදපු නිසාම නෙමෙයි. රට පුරා හා ලෝකය පුරාම පැතිර ගිය දැවන්ත ව්‍යාපාර රැසක් උපාලි විජේවර්ධන සතුව තිබුනා. කොහොම හරි උපාලි විජේවර්ධන නැති වීම රටට ලොකු පාඩුවක් කියන එක නොරහසක්.
මේ තියෙන්නෙ ඉස්සර Made in Sr lanka
කවුරුත් දන්න ඩෙල්ටා ටොෆි, කැන්ඩොස් චොක්ලට් වල අයිතිකරු වෙන්නෙ උපාලි විජේවර්ධන මහත්මයා..
පළවෙනි බිස්නස් එක වෙන්නෙ සීනි බෝල හදන එක. තාත්ත අතඇරල දාපු සීනි බෝල හදන මැශින් එක ගෙනත් සීනි බෝල හදන්න පටන් ගන්නවා. මුලින්ම අතින් හදන්නේ.
උපාලි විජේවර්ධන ශ්‍රී ලංකාවේදී ඔරලෝසු, රේඩියෝ සහ TV එකලස් කරලා බෙදා හරින ව්‍යාපාරයක් ආරම්භ කළා. මේ විදිහට බෙදා හැරපු භාණ්ඩ වලට තමයි “UNIC” කියන බ්‍රෑන්ඩ් එක නිර්මාණය වුණේ.
ඔහු තමයි ආසියාවේ මුලින්ම වාහන සහ ඉලෙක්ට්‍රොනික් උපකරණ එකලස් කිරීමේ කර්මාන්තශාලා ඉදිකලේ. ඒ කාලෙ ආසියාවෙ අනිත් රටවල් ඒව කරන්න හිතලවත් නැහැලු.
"උපාලි ෆියට්" "උපාලි මැස්ඩා" කියන්නෙ ලංකාවේ හදපු කාර්. පොඩි ආඩම්බරයක් ආව නේද හිතට?
පළමු එකලස් කරපු කාර් දෙක දීල තියෙන්නෙත් ඩඩ්ලි සේනානායක මැතිතුමාට හා කැළණිය පන්සලට.
ලංකාවේ උපාලි ෆියට් කාර් 500ක් එකලස් කරල තියෙනවා. ඒවායින් 499කම මුල් පාට සුදු අනිත් එක තමයි ඔය පහළ ෆොටොවේ තියෙන කාර් එක! ඒකේ ගොල්ඩ් කලර් එකට හේතුව තමයි උපාලි විජේවර්ධන මහත්තයා තමන්ගෙම පාවිච්චියට තමයි ඒක හදාගත්තෙ.
උපාලි මැස්ඩා රථය ඒ කලේ සුඛෝපභෝගි රථයක්. එකක මිළ රු.90,000/=යි. ලංකාවේ බෙහෙවින් ජනප්‍රිය වූ ඒ රථ අපනයනය කරන්නත් එයාල
සැළසුම් කරලා තිබිල තියනව.
ඒ වගේම ඔහු “උපාලි ඒවියේෂන්” ආයතනය ආරම්භ කළා. මේ තමයි ශ්‍රී ලංකාවේ මුල්ම දේශීය ගුවන් සේවා සහ හෙලිකොප්ටර් සේවා සමාගම.
කැන්ඩොස් චොක්ලට් සාර්තක වනවාත් සමගම උපාලි සමූහය “පාරිභෝගික භාණ්ඩ” නිෂ්පාදනයට පටන්ගන්නව. “සිකුරු”, “ක්‍රිස්ටල්” සහ “ටිංගල්” කියන සබන් වර්ග තුන බිහි වෙන්නේ ඒ තුලින්.
ඒ වගේම 1981 අවුරුද්දේ බිහි වුණු උපාලි පුවත්පත් සමාගම "දිවයින" සහ "අයිලන්ඩ්" පුවත්පත් මුද්‍රණය කරමින් පුවත්පත් කලාවට ප්‍රවේශ වෙනවා.
ඒත් ඔය අතරේ 1970 දී ශ්‍රී.ලං.නි.පක්ෂය සමසමාජ
කොමියුනිස්ට් පක්ෂ සමග බලයට ආ සැණින්ම ධනපතියන්ට අපේ කම්කරුවන්ගේ ශ්‍රමය සූරාකෑමට ඉඩනොදිය යුතුයි යන තේමාව යටතේ ඒ සියලුම කර්මාන්ත ශාලා වහලා සේවකයොත් අනාථ කලා.
ලංකාවෙ සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති නිසා ඔහු අන්තර්ජාතික ව්‍යාපාර වලට පිවිසිලා වැඩි කාලයක් යන්න කලින් ඔහුට මැලේසියාවේ කොකෝවා වගාවක්, නිව් යෝක් නුවර මූල්‍ය සමාගමක් සහ සිංගප්පූරුව පුරා ව්‍යාපාර ගණනාවක හිමිකරු වෙන්න පුළුවන් වෙනවා.
උපාලි සමූහ ව්‍යාපාරය වඩාත්ම සාර්ථකව පැතිරිලා තිබුණු කාලයේ ලෝකය පුරා සේවකයන් 33,000කටත් වඩා ඔහුට අයත් සමාගම් වල සේවය කරමින් සිටියා. මේ සේවක සංඛ්‍යාව අද තියෙන විශාලම ආයතන එක්ක බැලුවත් කරට කර තියෙන අගයක්.
1983 අවුරුද්දේ පෙබරවාරි 13 වැනිදා, ඔහු ගමන් කරමින් හිටපු ඔහුගේ සුප්‍රසිද්ධ Learjet ජෙට් යානය මලක්කා සමුද්‍ර සන්ධිය ආශ්‍රිත තැනකදී අතුරුදහන් වෙලාලු.
අදටත් එය නොවිසඳුණු අභිරහසක්!
ඔහු විදේශ රටක අදටත් ජීවත් වෙන බවට පවා කටකතා ඇති වෙලා තියෙනවා. තවත් සමහරු කියන විදිහට ඔහු සිරගත කරල කියාලත් කතාවක් තියනව,
කොහොම උනත්,
උපාලි විජේවර්ධන අද ජීවත්ව සිටියානම්, ස්ටීව් ජොබ්ස්, මාර්ක් සකර්බර්ග්, බිල් ගේට්ස්ට වඩා ඉහලින් සිටින ධනවතෙකු වන බව නොවනුමානයි.
- රංජන් ප්‍රසාද් ජයසේකර -

මුතු රාජා ලංකාවට සමු දී නැවතත්  මව් රටට ❤️ලැජ්ජයි හරිම කැතයි අපේ ඉහල පුටුවල ඉන්න නායකයින්ට සහ නිලධාරීන්ට බැරිවුනා නිසි ක...
02/07/2023

මුතු රාජා ලංකාවට සමු දී නැවතත් මව් රටට ❤️

ලැජ්ජයි හරිම කැතයි අපේ ඉහල පුටුවල ඉන්න නායකයින්ට සහ නිලධාරීන්ට බැරිවුනා නිසි ක්‍රියාමාර්ග අරගෙන මේ අහිංසක සත්වයා හරියට බලාගන්න👎

"විශ්වාස කරන්න!Titan සබ්මැරීනයේ ගමන් ගත් බිලියන හා මිලියනපතියන්ට මේ මොහොතේ හෝ අවස්ථාවක් ලැබුණොත්, ඔවුන් තම ගිණුමේ ඇති හැ...
23/06/2023

"විශ්වාස කරන්න!

Titan සබ්මැරීනයේ ගමන් ගත් බිලියන හා මිලියනපතියන්ට මේ මොහොතේ හෝ අවස්ථාවක් ලැබුණොත්, ඔවුන් තම ගිණුමේ ඇති හැම සතයක්ම ඔබ සහ මම සිටින තැනට, යලි පැමිණෙන්නට වියදම් කරාවි.නැවතත් ජීවත් වීමට ආයෙත් පණ පිටින් සිටීමට ඔවුන් කල හැකි සෑම දෙයක්ම කරාවි.

ඔබ සිටින තැන, මම සිටින තැන ඒ තරමට විශේෂයි.ජීවත් වීම කියන දේ ඒ තරමට වටිනාකමින්, මිලෙන් අධිකයි .

වැදගත්ම දේ ඔයාට තව කාලය තියෙනවා.
මහ ලොකු දේවල් නැති වුණත් තමන් හුස්ම ගන්න හැම දවසක්ම achievement එකක් කරගන්න.මොන ප්‍රශ්නෙ තිබුණත් පණ ගැහෙන හැම දවසක්ම සතුටින් අවසන් කරන්න.

Make the most out of your life while you still have time❤️“

සල්ලි වලට කරන්න බැරි දෙවලුත් මේ ලෝකේ තියනවා!
22/06/2023

සල්ලි වලට කරන්න බැරි දෙවලුත් මේ ලෝකේ තියනවා!

Rest in peace 🙏
22/06/2023

Rest in peace 🙏

ආරක්ෂකයා කියන්නෙ නිකන් නෙමෙයි. ගෙයක් ඇතුළට රිංග ගත්තා නම් ජීවිතේ අණතුරේ 🥺
21/06/2023

ආරක්ෂකයා කියන්නෙ නිකන් නෙමෙයි. ගෙයක් ඇතුළට රිංග ගත්තා නම් ජීවිතේ අණතුරේ 🥺

දරුවෙක්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න බැරුව ළමයි හදලා, ගංඟාවලට අතාරින්නයි Fb ඇඩ් දාන්නයි එපා🙏🙏🙏
20/06/2023

දරුවෙක්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න බැරුව ළමයි හදලා, ගංඟාවලට අතාරින්නයි Fb ඇඩ් දාන්නයි එපා🙏🙏🙏

උණුසුම් සුභ පැතුම් රමියා 😍😍ආදරෙයි හදවතේ අඩියෙන්ම 🥰😘
21/05/2023

උණුසුම් සුභ පැතුම් රමියා 😍😍
ආදරෙයි හදවතේ අඩියෙන්ම 🥰😘

අපගේ ප්‍රනාමය! 💙💥
18/05/2023

අපගේ ප්‍රනාමය! 💙💥

රාජ්‍ය සේවය=ප්‍රජා සේවය.ලියන්නේම නෑ කියලා හිතන් හිටියට, මතක් වෙන සැරයක් ගනේ යකා නගින නිසා ලියමි!දවස් තුනක් examination ම...
17/05/2023

රාජ්‍ය සේවය=ප්‍රජා සේවය.

ලියන්නේම නෑ කියලා හිතන් හිටියට, මතක් වෙන සැරයක් ගනේ යකා නගින නිසා ලියමි!

දවස් තුනක් examination මිනිස්ට්‍රි එකේ සෑහෙන්න රස්තියාදු වෙලා අධ්‍යාපන සහතික වල නමේ අකුරක් වෙනස් කරගෙන එහෙම්ම ෆෝරින් මිනිස්ට්‍රි දැම්මා. ඕක දාලා විභාග දෙපාර්තමේන්තුවට රුපියල් 1200/= ක් ගෙවලා, ෆොරින් මිනිස්ට්‍රි එකෙන් මේක ගන්න රුපියල් 99/=ක් ගෙවලා එයාලගේ වෙබ් සයිට් එකෙන් දිනයක් හා වෙලාවක් වෙන් කරන් ,මම දැන් රෝස මල වගේ 10:30 අපොඉන්මන්ට් එකට වෙලාවටම එතන්ට යද්දී පඩිපෙලේ ඉඳන් මිනිස්සු වාඩි වෙලා ජාතිය අමතන දර්ශනේ බලාගෙන මම 2වන තට්ටුවම නැග්ගා, සූ ගාලා සෙනග 10:30 සෙට් එක ගන්න තියා හිතලා වත් නෑ.. මන් යනකොට 10 ස්ලොට් එක පොලිම් කරනවා.. 10 ඉඳන් 10: 30 ස්ලොට් එකටත් හැන්ඩ්ල් කරගන්න බැරි තරම් අපොඉන්මන්ට් දීලා! යන්තං 11:45 වෙනකං හිටන් ඉදලා ඇතුලට ගියාම එතන number එකක් issue කරන්න තවත් පෝලිමක්,ඊට පස්සේ තම්න්ගේ number එක එනකන් 8/8:30/9/9:30 ඔය ඔක්කොම එක්ක තව පෝලිමක්..( online appointment එක දාන්නේ අහවල් එකටද කියලා හිතින් අමතන ගමන් ඉද්දී)
මේ පහල පින්තූරේ no - 3 agency එකක් කරනවා කියන මිනිහා no 1/2 කවුන්ටර වල ඉන්න දෙන්නව අල්ලන් එයාගේ forms ඔක්කොම හදා ගන්නවා..
බලන් ඉදලා බැරිම තැන මම no 2 එක්කෙනා ගෙන් ඇහුවා ඇයි ඔයාගේ උඩ ස්ක්‍රීන් එකේ නම්බර් එක ඩිස්ප්ලේ වෙන්නේ නැත්තේ කියලා..
No 2- අද සිස්ටම් issue එකක් ඒකයි.
(No -3 ගියා no 1manz ගේ කවුන්ටර් එකට)

මෙයාලා එකම ආගමක විම නිසා ෆේවරේශන් කේස් එකක් ද කියලත් බලං ඉදලා බැරිම තැන මම ගිහින් ඇවිද ඇවිද හිටපු ලොක්කෙක්ට කම්ප්ලේන් කළා.( මම යද්දීම no 1 සහ 2 දෙන්න වැඩේ පත්තු වෙනවා කියලා දැනගෙන කුටු කුටු ගැව කියලා එහා පැත්තේ පුටුවේ හිටපු ළමයා මට කිව්වා).

Lokka- මොකද්ද ප්‍රශ්නේ?

මම - මේ මනුස්සයා මේ කවුන්ටර් දෙක ගාව දැන් පැයකට වැඩි.

No 1 - එයාගේ නොම්බරේ තමා බලන්නේ

ලොක්කා - ඔයා 208 ද?

No 3 - ඔව්.

මම - නෑ මෙයා 208 නෙවෙයි 218,මෙයාගෙ අතේ තියෙන documents වල මෙයාගෙ number එක ස්ටෙප්ලර් කරලා තියෙනවා.

ලොක්ක - ඉන්න මම බලන්නම්.

ඒ වෙලාවේ ඉඳන්,
No 1 කියවන්න ගත්තා,..මෙයාලා මේ හිතන් ඉන්නේ අපි කැසිල්ලට මේ වගේ වැඩ කරනවා කියලද දන්නේ නෑ, අපිට මේ අමාරුව නේ කතන්දර අහගෙන මුන්ට සේවය කරන්න..

මගේ සුපිරි කට ඒ වෙලාවෙම manz ට කිව්වා .. වැඩ කරනවාට තමයි අපි ටැක්ස් ගෙවලා ඔයාලට පඩි ගෙවන්නේ නිකන් නෙවෙයි නේ ඔය ඔතන ඉඳන් වැඩ කරන්නේ.

තව ටිකක් මල පැනපු no 1 .. අපි මේ රුපියල් පනස්දාහට මෙතන මැරෙන්නයි,මේ මිනිස්සුන්ගෙන් කතන්දර අහන්නයි, අපිට OT වත් නෑ.bla bla bla...

ආයිත් මගේ සුපිරි කට... ඉතිං පඩි මදි නම් තව ටිකක් හොදට ඉගෙන ගෙන වෙන රස්සාවක් කරන්නේ නැතුව ජරාව කකා,මේකේ ඇතුලේ ඉඳන් අපිට පව් දෙන්නේ ඇයි?

(Manz no 2 එක්ක නැගිටලා කන්න ගියා, විනාඩි කීපෙකින් ඇමැති තුමා අවා.. උදේ ඉඳන් තිබ්බ system issues මුකුත් නෑ දඩි බිඩි ගාලා නම්බර්ස් ටික ගියා,කන්න ගියපු දෙන්නෙත් ගියාට වඩා වේගෙන් ඇවිත් වැඩ)

පඩියක් අරන් කරන වැඩක් නම් පුතේ.. ඒක රස්සාවක් මිසක් සේවයක් නෙවෙයි.. දැන් ඉන්න generation එක ඔය දෙකේ වෙනස ගොඩක් හොදට දන්නවා. කරන්න බැරි නම් පඩියයි, පෙන්ෂන් එකයි දෙකම එපා කියලා දීලා ගෙදර පල!!

මීට
10: 30ට appointment අරන්, 3: 30ට වැඩේ කරන් ආයිත් එතනටත් සල්ලි ගෙවලා,එළියට ආපු දැඩි කෝපයටපත් අහිංසක මම.
දුල්ෂි.

අම්මා ❤️
14/05/2023

අම්මා ❤️

දංසලෙන් ලංශීට් දෙන්න බෑ කීවා..😪 පිගානත් එක්කම උස්සන් ගියා.. 😂අම්මට එන්න අමාරු නිසා එයා ගෙදර හිටියේ.එයාට ගෙනිච්චේ.කොහේ ගි...
07/05/2023

දංසලෙන් ලංශීට් දෙන්න බෑ කීවා..😪 පිගානත් එක්කම උස්සන් ගියා.. 😂

අම්මට එන්න අමාරු නිසා එයා ගෙදර හිටියේ.එයාට ගෙනිච්චේ.කොහේ ගියත් මොනා කෑවත් මායි මල්ලී අනිවාරෙන් අම්මට දීලා තමා කන්නේ..ආයේ ගෙනත් දුන්නා හොදේ පිගාන🙃. එයත් සතුටින් මායි මල්ලිත් පට්ට සතුටින්

පඩි අරගෙන ගෙදර යන ටිකට ☹️
02/05/2023

පඩි අරගෙන ගෙදර යන ටිකට ☹️

මාරම සරාගී ඡායාරූප එකතුවක්...❤️📷 Photo Credit - Thushara disssanayake photography
27/04/2023

මාරම සරාගී ඡායාරූප එකතුවක්...❤️

📷 Photo Credit -
Thushara disssanayake photography

තාම දැක්කෙ නෑ 😁
23/04/2023

තාම දැක්කෙ නෑ 😁

හොඳවැඩේ අනුන්ගේ දේවල් හොයනවට. 😂😂ඔන්න අවුරුදු 🤣
23/04/2023

හොඳවැඩේ අනුන්ගේ දේවල් හොයනවට. 😂😂

ඔන්න අවුරුදු 🤣

සචිනි වගේමයි සචිනිගේ චුටි පැටියත් 😍😍Sachini Nipunsala ❤️
22/04/2023

සචිනි වගේමයි සචිනිගේ චුටි පැටියත් 😍😍
Sachini Nipunsala ❤️

Eid Mubarak!
22/04/2023

Eid Mubarak!

මේ දවස් වල ඉන්න හිතෙන විදිය 🤭
20/04/2023

මේ දවස් වල ඉන්න හිතෙන විදිය 🤭

තරගයේ වීරයා රත්නායක මහතා - ජා ඇල පොලිස් OICස්ථානය - ඒකල lora Fuel stationදිනය - 2022 හත් වෙනි මස විසි තුන් වන දිනඅවසාන අ...
24/07/2022

තරගයේ වීරයා රත්නායක මහතා - ජා ඇල පොලිස් OIC
ස්ථානය - ඒකල lora Fuel station
දිනය - 2022 හත් වෙනි මස විසි තුන් වන දින
අවසාන අංක - 0,1,2

දින දෙක තුනක් රෑ නිදි මරාගෙන 2km පමණ පෝලිම ක එක පෙලට සිට සියලු දෙනා බලා සිටියේ තෙල් බවුසරය එන තුරුය.. ඉදිරියෙන්ම ගමේ යැයි කියාගන්නා පෝලිම ක් තිබුණේ ත්‍රීවීලර් 8 ක‍් පමණි.. බවුසරය 11 ට පමණ ළඟා විය.. නිමේෂයකින් ගමේ පෝලිම් තුනක් වූ අතර වාහන 15 ක් පමණ එකතු විය.. සමහරු Number plate මාරු කරන ගමන් ය. පෝලිමේ පසු පසින් පැමිණි 10 ක් පමණ ඉදිරියට යන ගමන් ය, ගමේ පෝලිම ලඟදි දෙන්නෙක් පමණ ඉතිරි විය.. "අසාධාරණයි නේද අය්යේ පෝලිමේ ගොඩක් අය ඉන්නවනේ"
පිළිතුර - "යකෝ මේක අපේ ගම, අපේ වාහන වලට මුලින් ගහන්න ඕන"
ඉන් පසු කිසිවක් නොකියා ඒ දෙදෙනාද යන්නට පිට විය.. පිටි පස පෝලිම අඩියක් හෙළ වුණේ නැත. අර ගමේ පෝලිම් වලට අතුරු පාර වල් වල සිට වාහන 4,5 එකතු කරයි.. විනාඩි 10 ක් පමණ යන විට මුලු පාරම බ්ලොක් විය..බයික් පෝලිමේත් මේ විඳිය මය කිසිම වෙනසක් නැත.. ටික වෙලාවකින් තෙල් ගැසීම නතර කර අතර පෝලිමේ කට්ට කාගෙන හිටි අය වාහන තුළට වි සුසුම් ලන්නට විය..
ඒ අතරතුර අපි කිහිප දෙනෙක් පෝලිම හදන්නට ගියත්, චණ්ඩි ඉඩ දුන්නෙ නැත. සිටිය පොලිස් නිලධාරීන්ද එවුන් ගනන් ගත්තෙ නැත.
ගත වූයේ නිමේෂයකි ඉදිරියෙන් ජා ඇල පොලිස් වාහනයක් නතර විය,, පාර පුරා සිටි වාහන පෝලිම් ඉවත් කරන්නට වුවත්, එය මුලින්ම සිදු වූයේ නැත. කොටින්ම කිව්වොත් හොඳින් කියනා දේ මුන් ඇසුවේ ම නැත..
දිග බැටන් පොල්ලක් දිස් විය, වැඩේට බැස්සේ ඉදිරි අසුනේ සිටි පොලිස් OIC මහතායි..
"තොපි කොහොමද මේ මිනිස්සුන්ගේ පෝලිම් වලට කෙලින් නේ "
බැටන් පොලු පහර කිහිපයක් එ මේ අත එල්ල විය,.. ගත වූයේ විනාඩි දහයක් පමණි..

පෝලිම් හතර පහ,, අර අහිංසක එක පෝලිමට අඩු විය,,
මිනිස්සු මේ මහතාට වගේම පවුලේ උදවියට ද පින් දෙන්නට විය..පැය හතරක් පමණ තෙල් ගැසීම සිදුවූ අතර, අවසන් තෙල් බිංදුව වෙනකන්ම රත්නායක මහතා හෙළ වුණේ නැත.
වෙනදාට 1km වල සිටි අයත් තෙල් නැතිව හැරිල යන ෂෙඩ් එකේ බවුසරය එද්දි සිටි සියලු දෙනාටම(2km පමණ) තෙල් ලැබුණි..
අනේ මහත්තයෝ මට photo එකක් ගහන්න දෙන්න,,
"ඒ මොකද බං ඒ,.."
"සර් ලොකු පිනක් සර් කර ගත්තෙ"
"හරි හරි ගහ පන්කො" .. මුහුනේ අව්‍යාජ සිනාවකි..

පගාව ගනිමින් අහිංසකයන් පාගා දමන පොලිස් නිලධාරීන් මැද, සැබැවින්ම ඔහු විරයෙකි..

උපුටා ගැනීමකි.

Address


Alerts

Be the first to know and let us send you an email when Human Voice Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Human Voice Sri Lanka:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share