Srilanka brief

  • Home
  • Srilanka brief

Srilanka brief Media and Publishing

අද  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුවක් අනුව මින් ඉදිරියට කවර හෝ පනත් කෙටුම්පතක් ගැන මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිර...
29/02/2024

අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුවක් අනුව මින් ඉදිරියට කවර හෝ පනත් කෙටුම්පතක් ගැන මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීම වැඩකට නැති වනු ඇත්දැයි නීති අංශ වික්ෂිප්තව සිටිති.
ඊට හේතුව වී ඇත්තේ මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත සහතික කිරීමේ කථානායකවරයාගේ ක්‍රියාකලාපය අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශ්ප්‍රභ කිරීමත් සමඟය.
සංශෝධන අඩු පනත
එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශ කරන ලද සංශෝධන නොසළකා හරිමිනි.
මෙරට නීති පැනවීම සම්බන්ධයෙන් රජයට අදහස් ඉදිරිපත් කිරීම නීතියෙන්ම පවරා ඇති ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවා කතානායක වෙත ලිපියක් මගින් එ් බව දක්වන ලදී.
මානව හිමිකම් කොමිසම කතානායකට කී දේ
මාර්ගගත ආරක්ෂණ පනත ප්‍රවේසමින් සමාලෝචනය කළ මානව හිමිකම් කොමිසම, පනතේ වගන්ති කිහිපයක් ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අනුකූල නොවන බව පෙනී යන බව එමගින් කියා සිටියේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය ඇතුළුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ඕනෑම පනත් කෙටුම්පතක් තක්සේරු කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂයෙන් පැවරී ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කළේය. එවැනි තක්සේරුවක් මත පදනම්ව, එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් බලාත්මක කළ හැකි ආකාරය නියම කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ වගකීම වේ.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවෙන් කියා සිටියේ, පනත් කෙටුම්පතට තමන් යෝජනා කරන වෙනස්කම් ඇතුළත් නොකරන්නේ නම්, එය නීතියක් බවට සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍ය බවයි.
රනිල් රාජපක්ෂ ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධීකරණයට පිටුපෑම
https://sinhala.srilankabrief.org/?p=45812

මෙම වසර අග දී ශ්‍රී ලංකාව, පාර්ලිමේන්තු සහ ජනාධිපතිවරණ සඳහා සූදානම් වන විට මෙම නීතිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බරපතල ...
24/01/2024

මෙම වසර අග දී ශ්‍රී ලංකාව, පාර්ලිමේන්තු සහ ජනාධිපතිවරණ සඳහා සූදානම් වන විට මෙම නීතිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බරපතල තර්ජනයක් වනු ඇත.
යෝජිත නීතිය එනම් අන්තර්ජාල සුරක්ෂිත බව පිළිබඳ කෙටුම්පත, අන්තර්ජාල හිරිහැර කිරීම්, අපයෝජනය සහ වංචාවලට එරෙහිව ආරක්ෂාව සපයන බව කියා සිටී.
ඒ වෙනුවට, එය බොහෝ දුරට සැලකිලිමත් වන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නව “ඔන්ලයින් ආරක්‍ෂක කොමිසමක්” නිර්මාණය කිරීම සම්බන්ධයෙනි. එම කොමිසමට යම් කිසි ප්‍රකාශනයක් අසත්‍ය හෝ හානිකරද යන්න තීරණය කිරීමට, අන්තර්ගතය ඉවත් කිරීමට, අන්තර්ජාල ප්‍රවේශය සීමා කිරීමට සහ තහනම් කිරීමට සහ පුද්ගලයන්ට සහ සංවිධානවලට නඩු පැවරීමට හැකිය.
කොමිසම විසින් පත් කරන ලද “විශේෂඥයින්ට” සැකකරුවන්ගේ පරිශ්‍රයන්ට ඇතුළු වීමට සහ සෝදිසි කිරීමට බලය දෙනු ලැබේ. මෙම නීතිය යටතේ වැරදි සඳහා විශාල දඩ මුදල් සහ වසර පහක් දක්වා සිර දඬුවම් නියම වේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පවසා ඇති පරිදි මෙම නීතිය යටතේ “සියලුම ආකාරයේ නීත්‍යනුකූල ප්‍රකාශනයන් පාහේ අපරාධ බවට නිගමනය කළ හැකි අතර, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට දැඩි බලපෑමක් ඇති කරන පරිසරයක් නිර්මාණය කළ හැකිය”.
Google, Apple, සහ Meta වැනි තාක්ෂණික දැවැන්තයින් ඇතුළු කර්මාන්තයන්හි ආයතනයක් වන Asia Internet Coalition, මෙම පනත් කෙටුම්පත “විසම්මුතිය මැඩලීමේ කුරිරු ක්‍රමයක්” ලෙස නම් කර ඇති අතර, එය “ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ විභව වර්ධනයට වල කැපීමට හේතු වනු ඇතැයි” අනතුරු ඇඟවීය.

https://sinhala.srilankabrief.org/?p=45607

17/01/2024

දුමින්ද සිල්වා යළි මහ උලු ගෙදරට: “පිස්සු පූසා” කොමිසමේ තවත් තීරණයක් හබක්; ගෝටා අධිකරණයට කීවේ බොරු, ඥානසාරත් ලැහැස්ති වෙන්න!

https://sinhala.srilankabrief.org/?p=45545

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් සහ පොලිස් ඇමති ටිරන් අලස් එක්ව දියත් කර ඇති ඊනියා යුක්තිය මෙහෙයුම නිසා අයුක්තියට මු...
08/01/2024

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් සහ පොලිස් ඇමති ටිරන් අලස් එක්ව දියත් කර ඇති ඊනියා යුක්තිය මෙහෙයුම නිසා අයුක්තියට මුහුණදුන් පුරවැසියන් 32දෙනෙක් අද මානව හිමිකම් කොමිසම ඉදිරියෙහි යුක්තිය ඉල්ලා උද්කඝෝෂනයක්ර කර පෙත්සමක් බාර දෙන ලදී.

එම ලිපිය පහත දැක්වේ.
https://sinhala.srilankabrief.org/?p=45480

මාර්වන් මාකන් මාකර්.ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ මඩකලපුව නගරය කාෂ්ටක අව්වෙන් කරවෙද්දී, පරණ පුංචි නිවසක වෙසෙන තිස්පස් වියැ...
30/12/2023

මාර්වන් මාකන් මාකර්.
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ මඩකලපුව නගරය කාෂ්ටක අව්වෙන් කරවෙද්දී, පරණ පුංචි නිවසක වෙසෙන තිස්පස් වියැති මවක් සිය අලුත උපන් බිළිඳා ඉස්තෝප්පුවට ගෙනැවිත් ගිනි රස්නෙන් ආරක්ෂා කරගැනීමට වෙහෙස වෙයි. බිම වාඩි වී දරුවා තුරුලු කරගෙන නළවන ඇගේ හිසට ඉහළින් විදුලි පංකාවක් හෙමිහිට කැරකෙයි.
කරුවල මකන වයර්
කෙසේ වෙතත්, විදුලි පංකාවෙන් හමන කුසීත මද පවන, තවත් හිසරදයක් නිරන්තරයෙන් සිහිගන්වයි. ඒ විදුලි පංකාව දුවන්නේ, අසළක ඇති විදුලි රැහැනකින් හොරෙන් ලබාගන්නා විදුලියෙනි. ඒ රහස හෙළි වුණොත් ඔවුන් ‘අමාරුවේ වැටෙනු’ ඇත. එසේ විදුලිය සොරකම් කිරීමට තමන් පෙළඹුණේ මීට මාස පහකට කලින් සිය නිවසේ විදුලිය විසන්ධි කරනු ලැබූ නිසා බව, තිදරු මවක් වන කෞෂල්‍යා කීවාය. හඳුනා ගැනෙතැයි බියෙන් ඈ සිය මුල් නමෙන් පමණක් තමාව හඳුන්වා දුනි.
“ගිය අවුරුද්දෙ ආණ්ඩුව විදුලි ගාස්තු වැඩි කළාට පස්සෙ අපේ ලයිට් බිල වැඩි වුණා. ඊට පස්සෙ කළුවරේ පවා ඉඳලා අපි කරන්ට් එක ඉතුරු කරගත්තා.” ඈ සිහිපත් කළාය. “අන්තිමට, එහෙම කරලත් හරිගියේ නැහැ.”
https://sinhala.srilankabrief.org/?p=45432

26/12/2023

සුනන්ද දේශප්‍රිය විසිනි.
කෙහෙලිය රඹුක්වැල්ල දැන දැනම රෝගීන් මරුමුවට යැවූවේද යන ප්‍රශ්ණය දැන් මෙරට අනෙක් දූෂනයන් මෙන්ම රතු පලස යට අතුරුදහන්වන බව පෙනෙන්නට තිබේ.
මෙරට සෞඛ්‍යය සේවය අන්ත පරිහානියට පත් වූයේ කෙහෙළිය රඹූක්වැල්ල යටතේය.සිය ගණනාවක් රෝහල් වැසී ගියේ ද ඔහු යටතේය. රෝහල් හි ඹෟෂධ හිඟයට කල්පවත්නා විසඳුමක් ඉදිරිපත් කිරීමට ඔහු අසමත් විය.
මෙරට අන්ත දූෂිත දේශපාලන පංතියේ ඉහළම පෙළේ නියෝජිතයකු වන කෙහෛළිය රඹුක්වැල්ල යටතේ, ජනයා ජීවත් කරවීම අරමුණූ කර ගත් සෞඛ්‍යය අමාත්‍යාංශය විසින් කරන ලද මහ පොළව නූසලනා අපරාධය මානව ප්‍රතිදේහ වංචාවයි . එය ජීවිතය සහ මරණය අතර සටනක යෙදී සිටින, රෝගීන් මරණය කරා ගෙන ගොස් ලාබ උපරිම කර ගැනීම පිනිස කරන ලද කටු ඉඹුලේ සිටුවා පස් ගැසිය යුතු අපරාධයකි.
කෙටියෙන් කෙහෙළියගේ අමාත්‍යාංශය රොගීන්ට දීමට මිලට ගත් (Human Immunoglobulins) මානව ප්‍රතිදේහ එන්නත්වල, ඉමියුනොග්ලොබියුලින් නොහොත් ප්‍රතිදේහ තිබුණේම නැත.
75කට තරම් පෙර දී කාල් මාක්ස් සහ පෙඩ්රික් එංගලස් කල පුරෝකථනය
මෙරට නින්දිත ජාවාරම්කරුවන් පිරිසක් සහ කෙහෙළියගේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂිතයින් එක්ව කරන ලද ඉමියුනොග්ලොබියුලින් වංචාව, ලාභ අපරිම කර ගැනීම පිනිස ධනවාදය මිනී මැරීමට පවා පසුබට නොවන බවට, මෙයට වසර 175කට තරම් පෙර දී කාල් මාක්ස් සහ පෙඩ්රික් එංගලස් විසින් කොමියුනිස්ට් ප්‍රකාශනයෙහි කරන ලද පූරෝකථනය යලි සිහි ගන්වයි.
රෝගීන්ට ව්‍යාජ එන්තත් දී ලාභ ගරා ගැනීමට, සෞඛ්‍යය අමාත්‍යංශයේ ඉහළම නිලධාරීන් කළ වංචාව කෙහෙළීය රඹුක්වැල්ල දැන නොසිටියේ යැයි විශ්වාස කළ හැක්කේ කෙසේද?
ඉමියුනොග්ලොබියුලින් යනු මොනවාද? එහි කාරිය කුමක්ද?

https://sinhala.srilankabrief.org/?p=45411

22/12/2023

දේශබන්දු පොලිස්පතිවීමට විරුද්ධ වන්නේ කුඩු ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් යැයි පොලිස් ඇමැති ටිරන් අලස් කළ ප්‍රකාශය දැන් ඔහුගේ රෙද්ද පල්ලෙන් බේරෙන්නට පටන් ගෙන තිබේ.
ඒ දේශබන්දු වෙනුවෙන් පමණක් නොව ටිරන් අලස් වෙනුවෙන් ද එවැනි නීතිඥයින් පෙනී ඇති සිටි නිසාය.
ටිරන් අලස් මෙසේ කීවේය: ‘දේශබන්දු තෙන්නකෝන්ව පොලිස්පති කරන්න මම කියන වෙලාවේ ඒකට විරුද්ධ වෙච්ච නීතිඥවරු තමයි පස්සේ බලනකොට මිලියන බිලියන ගණන්වලින් සල්ලි අරගෙන කුඩු ජාලයේ ඔක්කොම වෙනුවෙන් පෙනී සිටින්නේ. මං මෙතන නම් කියන්න කැමති නෑ. සමාජ මාධ්‍ය ජාලවල ප්‍රෙස් තියන ලොකු ලෝයර්ස්ලා ඉන්නේ. ඒ ලෝයර්ස්ලා තමයි ඇපීල් කෝර්ට් එකේ, කොටුව උසාවියෙ එන්නේ අර කුඩුකාරයො වෙනුවෙන්. එතකොට තේරෙනවා මොකක්ද මේකෙ පිටිපස්සේ තියන කතාව කියලා. අපිව මේකෙන් අයින් කර ගන්න ඕන කුඩුකාරයන්ටයි පාතාලයන්ටයි.‘
කුඩු ජාවාරම නිසා සිර ගතවූ පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියකු වන නලින් ලද්දුවහෙට්ටි ටිරන් අලස්ගේ වීරයා බවට පත්ව සිටින දේශබන්දු වෙනුවෙන් 2022 තරම් මෑතදී පෙනී සිට තිබේ.
එසේම මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ආ සලිඳු මල්ෂික ගුණරත්න නම් සැකකරුගේ ජීවිතය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඔහුගේ මව අභියාචනාධිකරණයේ ගොනු කළ නඩුකරයට ද පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වූයේ දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි නලීන් ලද්දුවහෙට්ටිය.
ගාලුමුවදොර පැවැති ගෝඨාගෝගමට පසුගිය වසරේ මැයි 09 වැනිදා පහරදීම ගැන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති පැමිණිල්ලට අදාලව දේශබන්දු තෙන්නකොන් වෙනුවෙන් පෙනී සිට කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා ඊට පෙර හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයෙකි.
එපමණක් නොවේ. එවැනි නීතිවේදීන් මේ ටිරන් අලස් වෙනුවෙන් ද පෙනී සිට තිබේ.

එල්ටීටිඊයට මුදල් දීම සම්බන්ධයෙන් ටිරාන් අලස්ට එරෙහි රාඩා නඩුවේදී ටිරාන් අලස් මහතා වෙනුවෙන් කොළඹ මහාධිකරණයේ පෙනී සිටියේ ද ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටිය.
නීතිවේදීන් සම්බන්ධයෙන් ටිරන් අලස් කළ එම සාහසික ප්‍රකාශය මෙරට නීතිඥ ප්‍රජාවගේ උගු විවෙචනයට ලක්ව තිබේ.
ටිරන් අලස් ගේ මෙම ප්‍රකාශය තව දුරට ගෙන යන්නේ නම් ත්‍රස්තවාදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ට ත්‍රස්ත විරෝදී පනතට විරුද්ධ විය නොහැකිය. කවර හෝ මාධ්‍යට සම්බන්ධ චෝදනාවක් යටතේ සිටින ජනමාධ්‍යවේදියකු හෝ ජනමාධ්‍යවෙදිනියක වෙනුවෙන් පෙනී සිටින නීතිඥයකුට මාර්ග ගත ආරක්ෂන පනතට විරුද්ධ විය නොහැකිය!
ටිරන් අලස් ගේ ප්‍රකාශය යුද සමයෙහි දෙමළ ජාතික සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි මානව හිමිකම් නීතිඥයිනට එරෙහිය ගෝඨාභය රාජපක්ෂ යටතේ ආරක්ෂක අමාතයාංශය ගෙන ගිය විසකුරු ප්‍රචාරක ව්‍යාපාරය වෙනත් නමකින් කරගෙගන යෑමකි.
එස්. වඩුගේ /ර්‍ශ ලංකා බ්‍රීෆ්

(මිඩියා ඩොට් එල්කේ වෙබ් අඩවියේ පලකරන ලද තොරතුරුද ඇසුරිණි)

පොහොට්ටුවේ දෙවන සම්මේලනයට දක්කා ගෙන පැමිණි දෙදහස – තුන්දහසක ජහමනයා දැක් වූ උදාසීන බව සහ පොහොට්ටු සම්මේලයේ දී පුන්නක්කු ස...
20/12/2023

පොහොට්ටුවේ දෙවන සම්මේලනයට දක්කා ගෙන පැමිණි දෙදහස – තුන්දහසක ජහමනයා දැක් වූ උදාසීන බව සහ පොහොට්ටු සම්මේලයේ දී පුන්නක්කු සමඟ තණකොල බුදීමට සිදුවීමෙන් තිගැස්මට පත් මහින්ද රාජපක්ෂ නොහොත් මරා අද (20දා) අධෝවාත ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
එම ප්‍රකාශය රනිල් රාජපක්ෂට විරුද්ධව එළඹෙන මැතිවරණයන්හි දී මරා පවුල විසින් දියත් කරනු ඇති දේශපාලන ප්‍රහාරයේ පළමු වෙඩි මුරය ලෙස සැලකිය හැකිය.
තම පක්ෂය ආණ්ඩුවේ සිටිය ද එහි ප්‍රතිපත්ති තම පක්ෂයේ ප්‍රතිපත්ති නොවන බවත් රනිල් රාජපක්ෂගේ ආර්ථික ප්‍රතිපත්තිවලට තමන් සම්බන්ධ නැති බවත් මරා එමගින් කියයි.
මෙයින් පෙනනේනේ රනිල් රාජපක්ෂ සිය පවුලෙන් පන්නා දැමීමට මරා පවුල තීරණය කර ඇති බවයි. ( ලව් ඉලව් වීම මෙන්ම ඉලව් ලව් වීමද මරාට අහවල් දෙයක් නොවන බවද මතක තබා ගැනීම වැදගත්ය.)
මරා, රනිල් රාජපක්ෂට හොඳ කියන්නේ රටෙහි මර්දනකාරී පාලනයක් ගෙන යෑම සම්බන්ධයෙන් පමණය. ඒ දෙපාර්ශවයම ජනයාට බය නිසාය.
මරාට හදිසියේ “මොළය” පැදී තිබේ! පසසා පැත්තෙනි.
මරා කියන්නේ “ බදු අඩු කළ යුතුය යන ඉල්ලීම ඉතාමත්ම ශක්තිමත් ආර්ථික මූලධර්ම මත පදනම් වූ ඉල්ලීමක් බව ය. බදු බර අඩු වූ විට, පුද්ගලයන්ට මෙන්ම සමාගම් වලට ද වියදම් කිරීමට සහ ආයෝජනය කිරීමට ඇති මුදල් ප්‍රමාණය වැඩි වේ. මේ ක්‍රියාකාරකම් නිසා ආර්ථිකයට ජවසම්පන්න බවක් ලැබේ.” කියාය.
මරා කතා කරන්නේ කුමන මුඛයෙන්ද?
මේ මහින්ද රාජපක්ෂ දැන කතා කරන්නේ කුමන මුඛයෙන්ද කියා ඇසිය යුත්තේ, පසුගිය කාලය පුරාම බදු ඉහළ නැංවීම ඇතුලු රනිල් රාජපක්ෂගේ සියළුම ආර්ථික පියවරයන්ට උඩ පැන පැන සහාය දුන්නේ මෙම රාජපක්ෂගේම ගෝල බාල හෙංචයියන් හැත්ත නිසාය.
බදු වැඩි කිරීම වැරදි පිළිවෙතක් නම් මරා සිය සගයින් සමඟ එම පියවරයන්ට විරුද්ධ නොවූයේ ඇයි යන්නට උත්තරයක් මේ අධෝවාත ප්‍රකාශයේ නැත.
“ ඉහළ බදු හේතුවෙන් රටේ උගත් වෘත්තිකයන් සහ පුහුණුවලත් වෙනත් ශ්‍රේණිවල වෘත්තිකයන් රට හැර යෑම ගැටලුවක් බවට පත්ව ඇතැයි” දැන් මරා එම ප්‍රකාශය මගින් හඩා වැළපෙන්නට පටන් ගෙන තිබේ.
බුදු අම්මෝ ඒක! මරා බදුවලට විරුද්ධලු!!
දැන් එම විරෝධතාවයන්ගේ කර පිටට පැන ගැනීම පිනිස මරා බදු විරෝධී විරෝධතා අගයන්නේ මෙසේය:
“ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සහ රාජ්‍ය සේවයේ වැදගත්ම අංශ නියෝජනය කරන වෘත්තිකයන්ගේ සංගම් සහ වෘත්තීය සමිති 40ක් පමණ මාස ගණනාවක සිට ආදායම් බදු අඩු කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ වල නිරතව සිටිති.”
බළලා මල්ලේන් එළියට පනින්නේ ඉන් පසුය. මරා මෙසේ කියයි. “ 2024 අයවැයෙන් වැට් බද්ද වැඩි කිරීම නිසා 2024 වර්ෂයේදී බදු ප්‍රතිපත්තිය රටේ ප්‍රධාන දේශපාලන මාතෘකාවක් බවට පත් වීමට නියමිතය.”
මැතිවරණ වසර එළඹෙන විට මරා, ගෝරා, බැරා, නරා පවුලට බදු විරෝධී විරෝධතා ඉණිමඟක් සේ පෙනන්නට පටන් ගෙන තිබේ.
වැට් බද්ද පාරාවල්ලක් වීම
එහෙත් වැට් බදු වැඩි කිරීමට පාර්ලිමෙන්තුවේ ඡන්දය දුන්නේ මරා සහ මරා වල්ලුය.
රට පුරා බුර බුරා පැන නගිමින් ඇති රනිල්- මූල්‍ය අරමුදල- මරා පවුලේ ආණ්ඩු විරෝධයෙන් හමුවේ දැන් මරා පවුල උත්සාහ කරන්නේ සියලු වරද රනිල් රාජපක්ෂගේ පිටින් යැවීමටය.
https://sinhala.srilankabrief.org/?p=45376

පැහැර ගත් රංජිත් සුමංගල දඹර සුසාන භූමිය වෙත ගෙන ගොස් ඔහු නොදන්නා චින්තක නම් අයකු පිළිබඳව ප්‍රශ්ණ කරන ලදී. වරද පිළිනොගන්න...
15/12/2023

පැහැර ගත් රංජිත් සුමංගල දඹර සුසාන භූමිය වෙත ගෙන ගොස් ඔහු නොදන්නා චින්තක නම් අයකු පිළිබඳව ප්‍රශ්ණ කරන ලදී. වරද පිළිනොගන්නේ නම් සූසාන භූමියෙහි පණ පිිටින් වළ දමන බවට දෙවන වගඋත්තරකරු වූ පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ තර්ජනය කළේය.
අනතුරුව ඔහුගේම කමීසය ගලවා ඉන් දැස් බැඳ වෑන් රථයකට නංවා ගන්නා ලදී.
ඉන්පසුව 2 වන වගඋත්තරකරු විසින් 1 වන වගඋත්තරකරු වූ බන්ඩාරට මිරිස් කුඩු ෂොපින් බෑග් දෙකකට දමා පෙත්සම්කරුගේ හිසට උඩින් අල්ලා මිරිස් කුඩු ආශ්වාස කිරීමට ලෙස බල කරන ලෙස කියා සිටියේය. පෙත්සම්කරුට මිරිස් කුඩු ආඝ්‍රාණය කිරීම නිසා හුස්ම හිරවනු පොලිස් නිලධාරීහු බලා සිටියෝය.
ඔහුගේ බිරිද සහ ලාබාල දියණියන් ( වයස 9 සහ 2) දෙදෙනා ඉදිරියෙහි සුමංගලට පොලු දෙකක් කැඩෙන තුරු පහර දෙන ලදී. ඔහුගේ මුහුණ සපත්තුවලින් පාගන ලදී. පහර දීම දුටු එක් දියණියක් ක්ලාන්ත විය.
පෙත්සම්කරු මිය යාමට ආසන්න බව පෙනෙන විට පමණක් එම මිරිස් කුඩු බැග් ඉවත් කරන ලදී.
දිගින් දිගටම පොලිසිය ප්‍රශ්න කරන ලද්දේ සොරකම් ගණනාවක් සම්බන්ධයෙනි. වධහිංසා ඉවසීමට බැරි තැන සුමංගල එක් සොරකමක් බාර ගත්තේය. පසු දින ඔහු නිවසට ගෙන ගොස් සොරා ගත් බඩු සැඟවූ තැන් පෙන්වන ලෙස දස වධ දුන්නේය. එනමුත් සුමංගල පෙන් වූ කෙසෙල් ගස් යට කිසිදු හොර බඩුවක් තිබුණේ නැත. මන්ද යත් ඔහු සොරකම ට සම්බන්ධ නොවූ නිසාය.

https://sinhala.srilankabrief.org/?p=45336

සුනන්ද දේශප්‍රිය විසිනි.ත්‍රස්ත මර්දන සහ විමර්ශන දෙපාර්තමේන්තුව (CTID) විසින් 2020 මැයි 16 වන දින  තරුණ මුස්ලිම් කවියෙකු...
14/12/2023

සුනන්ද දේශප්‍රිය විසිනි.
ත්‍රස්ත මර්දන සහ විමර්ශන දෙපාර්තමේන්තුව (CTID) විසින් 2020 මැයි 16 වන දින තරුණ මුස්ලිම් කවියෙකු සහ ගුරුවරයෙකු වන අහනාෆ් ජසීම්, අත්අඩංගුවට ගෙන, රටේ කුරිරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉස්ලාමීය අන්තවාදය ප්‍රවර්ධනය කිරීමේ බොරු චෝදනා මත සිරගත කරන ලදී.
ඉන් මාස 19 කට පසු, 2021 දෙසැම්බර් 15 වන දින, ඔහු දැඩි කොන්දේසි යටතේ ඇප මත නිදහස් කරන ලදී. ජසීම්ට රුපියල් ලක්ෂ 5ක (ඇ.ඩො. 2,500ක පමණ) වටිනාකමකින් යුත් ඇපකරුවන් තිදෙනෙකු ඉදිරිපත් කරන ලෙසත් ඔහුගේ උපන් ගම වන මන්නාරමට කිලෝමීටර් 100ක් පමණ දකුණින් පිහිටි පුත්තලම CTID කාර්යාලයට පළමු සහ හතරවැනි ඉරිදා දිනයේදී වාර්තා කරන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
අහනාෆ් ජසීම්. වමේ සිට තෙවැනියා ඇප ලැබීමෙන් පසු ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ
ඔහු අත්අඩංඟුවට ගැනීම, නීතිඥ හජාස් හිස්බුල්ලා අත්අඩංඟුවට ගැනීම සාධාරණ කිරීමට ගන්නා ලද පියවරක් සේ ද පෙනුනි.
ඔහුට විරුද්ධ රජයේ ව්‍යාපාරය කොතරම් දුෂ්ඨ වී ද යත් ගෝඨාභය රාජපක්ෂ රජය මෙන්න රනිල් රජපක්ෂ රජය ද ඔහු තහනම් පුද්ගලයකු ලෙස ලැයිස්තු ගත කළේය.
2023 ජූනි 08 වැනි දින රනිල් රාජපක්ෂගේ ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න විසින් නිකුත් කරන ලද අති විශේෂ 2335/16 ගැසට් පත්‍රයේ පුද්ගලයන් 301 ක් සහ සංවිධාන 15 ක ලැයිස්තුවකට ඇතුළත් කරන ලදී.
ඔහු අත්අඩංඟුවට ගැනීම හෙළා දකිමින් දේස් විදෙස් මානව හිමිිකම් සංවිධාන විශාල ව්‍යාපාරයක් ගෙන ගියේය.
එසේ නමුත් ත්‍රස්ත මර්දන සහ විමර්ශන දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්ථමෙන්තුවෙහි සැලැස්ම පරාජය කරමින් මාස 40කට පසු පසුගිය 12වන දින ඔහු නිදොස් කොට නිදහස් කරන ලදී.
අත්අඩංඟුවෙහි දී ඔහුට ත්‍රස්ත මර්දන සහ විමර්ශන දෙපාර්තමේන්තු නිලධාරීන් දරුණූ කායික සහ මානසික වධහිංසා පමුණූවමින් වරද පිලිගැනීමට බල කළේය. එම වධහිංසා පෙන්වන්නේ මෙරට නීතිය ආරක්ෂි කිරීමට බැද ීසිටින පොලිසිය දරුණු මානව හිමිකම් කඩ කරන අන්දමත් එම කුරිරුකම් සඳහා ඔවුන් භුක්ති විදින මුක්තියත්ය.
තමන් විදි එම වධහිංසා පිලිබදව 2022 පෙබරවාරී මාසයේ දී අන්හෆ් ජසීම් මෙසේ විස්තර කළේ මෙසේය:
වධහිංසා විස්තරය කියවීමට පළමු කොමෙන්ටුවේ ඇති සබැදියට යන්න

රූපය: නොවැම්බර් 19දා අවමංගල්‍ය උත්සවයකදී, පලස්තීනුවන් නොවැම්බර් 18දා මධ්‍යම ගාසා තීරයේදී ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මිය...
11/12/2023

රූපය: නොවැම්බර් 19දා අවමංගල්‍ය උත්සවයකදී, පලස්තීනුවන් නොවැම්බර් 18දා මධ්‍යම ගාසා තීරයේදී ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගිය ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වන හසූනේ සලීම් සහ සාරි මන්සූර් ගැන ශෝක වෙති. (ඡායාරූපය: රොයිටර්/ස්ට්‍රිංගර්)
(මෙම ලිපිය නිවියෝර්ක් නගරයේ පිහිටි ජනාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව CPJ විසින් ඉංග්‍රිසි බසින් පල කරන ලද්දකි. ශ්‍රී ලංකා බ්‍රීෆ් විසින් කරන ලද සිංහල පරිවර්ථනය සමග මුල් ලිපියේ සඳහන් සැබැදි වලට පිවිසීම සඳහා එම සබැදි අඩංඟු පද ඉංගිසි බසින් ඇතුලත් කර ඇත.)
ඊශ්‍රායල-ගාසා යුද්ධය, ගැටුම වාර්තා කරන මාධ්‍යවේදීන් ඇතුළු සිවිල් වැසියන්ට විනාශකාරී වී තිබේ. ගැටුම් කිහිපයක් වසර ගණනාවක් පුරා මාධ්‍යවේදීන් සිය ගණනකගේ (journalists’ lives) ජීවිත බිලිගෙන ඇතත්, 1992 සිට එකතු කර ඇති CPJ දත්ත ( CPJ data) අනුව මෙතරම් කෙටි කාලයක් තුළ වෙනත් කිසිදු යුද්ධයක් මෙතරම් මාධ්‍යවේදීන්ගේ ජීවිත බිලිගෙන නැත. සටන් ආවරණය කිරීම සඳහා අන්ත, හද කම්පා කරවන, සහ සමහර විට මාරාන්තික තත්වයන් යටතේ වැඩ කරන මාධ්‍යවේදීන්ගේ පින්තූර මෙහි දැක් වේ. ඔක්තෝබර් 7 දා ඊශ්‍රායලයට එරෙහිව හමාස් සිය පෙර නොවූ විරූ ප්‍රහාරයක් (attack) දියත් කළ අතර ඊශ්‍රායලය සටන්කාමී පලස්තීන කණ්ඩායමට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමත් (declared war) සමඟ අවහිර කරන ලද ගාසා තීරයට ගුවන් ප්‍රහාර සහ භූමි ප්‍රහාර (air strikes and ground raids ) දියත් කළේය.
https://sinhala.srilankabrief.org/?p=45291

මෙවර මානව හිමිකම් දිනය එළඹෙන්නේ මෙරට පුරවැසි ප්‍රජාව  අභියස තීරණාත්මක අභියෝග රැසක් ඇති අවස්ථාවකය.ඒවා මෙසේ දැක්විය හැක.ප්...
09/12/2023

මෙවර මානව හිමිකම් දිනය එළඹෙන්නේ මෙරට පුරවැසි ප්‍රජාව අභියස තීරණාත්මක අභියෝග රැසක් ඇති අවස්ථාවකය.
ඒවා මෙසේ දැක්විය හැක.
ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන පුරවැසියාගේ ඡන්ද බලය අනීතික ලෙස අවලංගු කර තිබේ. 2021 මැයි මාසයේ පැවැත්වීමට නියමිත වූ පලාත් පාලන මැතිවරණ දින නියමයකින් තොරව කල් දමා එම ආයතනයන්හි බලය මහජන නියෝජිතයින් වෙනුවට නිලධාරීන්ට පවරා තිබේ. තවද මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට යම් මට්ටමක විසඳුමක් ලෙස ඇති කරන ලද පලාත් සභා ක්‍රමය, එකී මැතිවරණ දිගින් දිගටම කල් දැමීම මගින් අත්හිටුවා තිබේ. ජනාධිපති රනිල් රාජපක්ෂ කටයුතු කරන්නේ මැතිවරණ කොමිසම යනු ස්වකීය අතකොළුවක් ලෙස සලකමිනි.
අන් සියලු අයිතීන්හි පදනම වන සිතීමේ සහ ප්‍රකාශනයේ නිදහස මර්දනය කිරීම අරමුණු කර ගත් මාර්ගගත ආකර්ෂණ පනත සහ විකාශන අධිකාරී පනත යන බිය ජනක පනත් කෙටුම්පත් දෙකක් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර සම්මත කිරීමට සූදානම් වෙයි.රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගෙන ආ තවත් පනත් කෙටුම්පත් ගණනාවක ද මාධ්‍ය මර්දනය අතුල් කර තිබේ. එමෙන්ම මානව හිමිකම් සුරැකීමට පිහිටුවන ලද “සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය” ප්‍රකාශන නිදහස මැඩලීමේ මෙවළමක් බවට පත් කර තිබේ.
යුද්ධ කාලීන මානව හිමිකම් කෙලෙසීම් ආමන්ත්‍රණය කිරීම පිණිස දියත් කරන ලද සංක්‍රමනීය යුක්ති ක්‍රියා දාමය අතහැර දමා දේශපාලන බලපෑමට යටත් ව්‍යාජ සංහිදියා කොමිසමක් පිහිටුවා යලිත් වරක් වින්දිත ප්‍රජාව මුලා කිරීමට ආණ්ඩුව කටයුතු කර ගෙන යයි. ඒ අරභයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමඟ ඇති කර ගත් එකඟතා කුණූ කුඩයට දමා තිබේ.
දේශීය සහ අන්තර්ජාතික වශයෙන් උග්‍ර විවේචනයකට ලක් වූ සහ එය සංශෝධනය කරන තුරු භාවිතා කිරීම අත්හිටවන බවට ලංකාණ්ඩුව එක්සත් ජාතීන් වෙත පොරොන්දු වූ “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත” යළි මර්දන මෙවළමක් ලෙස පාවිච්චියට ගැනීම ආරම්භ කර තිබේ.
විවිධාකාර මානව හිමිකම් කෙලෙසීම් සම්බන්ධයෙන් පිළිගත හැකි චෝදනාවන්ට ලක්ව සිටින සහ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ද වගකිය යුතු දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමෙන් නීතියේ ආධිපත්‍යයට මරු පහරක් එල්ල කර තිබේ. පොලිස් බලය ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ට සහ සුලුතර ප්‍රජාවන්ට එරෙහිව අයුතු ලෙස යෙදවීම දැන් සාමාන්‍ය නීතිය බවට පත්ව තිබේ.
සිංහල මහා ජාතික දේශපාලනය තහවුරු කරමින් දෙමළ සහ මුස්ලිම් ජනයා මත විශම සැලකීමක් තහවුරු කරමින් තිබේ. දෙමළ ජනයාගේ අනුස්මරණය කිරීමේ අයිතිය පවා මර්දනය කරමින් බිය ගැන්වීමේ මර්දන දේශපාලනයක් දියත් කර ඇත.
ආරක්ෂක වියදම් එන්න එන්නම ඉහළ නංවන රජය ජනතාවගේ එදිනෙදා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වන පොදු ප්‍රවාහණය, නිදහස් සෞඛ්‍ය සේවය සහ නිදහස් අධ්‍යාපනය නොසළකා හරිමින් තිබේ. සෞඛ්‍ය සේවයේ ඔඩු දුවා ඇති ප්‍රශ්න වලට විසඳුමක් දීමට රජය උත්සාහ කරන්නේවත් නැත. එමෙන්ම කොවිඩ් වසංගත සමයෙහි සිට උග්‍ර වන අධ්‍යාපන සේවය සම්බන්ධයෙන් ද නිසි සැළකීමක් නැත.
වැඩ කරන ජනයා මත එන්න එන්නම බදු බර සහ ජීවන බර පටවන රනිල් රාජපක්ෂ ආණ්ඩුව කම්කරු අයිතීන් මර්දනය කිරීම පිනිස නීති ප්‍රතිසංස්කරණ සඳහා ආණ්ඩුව සැලසුම් කරයි.
පොදු මහා ජනයාගේ ජීවන තත්වය නරක අතට පත් කරමින්, විවිධාකාර බදු බර මහා ජනයා වෙත පටවමින් මුල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් ජන පීඩක ආර්ථික ප්‍රතිපත්ති ගිවිසුම ක්‍රියාවට නංවමින් තිබේ.
විධායක ජනාධිපති බලය අවභාවිත කරමින්. ව්‍යවස්ථා සභාව මෙන්ම පාර්ලිමේන්තුව ද මැතිවරණ කොමිසම වැනි ස්වාධීන කොමිෂන් සභා ද මඟ හැර සුජාත බලයක් නැති ජනාධිපති රනිල් රාජපක්ෂ ඒකාධිපති වෙස් ගනිමින් තිබේ.

අරගලයේ පාඩම
“මෙම අභියෝග අභිසය එළඹෙන 2024 වර්ෂය තීරණාත්මක මැතිවරණ වර්ෂයක් ද වනු ඇත. එමගින් මෙරට මහා ජනයා හමුවේ ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී සහ සැමට සිවිල්, ආර්ථික, සංස්කෘතික සහ සමාජ යන සෑම මානව සියලු මානව හිමිකම් හිමි දේශයක් බවට පත් කරලීමේ පළමු පියවර ගැනීමට අවස්ථාව සැළසෙයි.”
ක්‍රම වෙනසක් සඳහා මෙරට ජනතාව තුල ඇති අභිලාෂයන්ගේ ප්‍රකාශණයක් බවට මැතිවරණ වසර පත් කිරීමට අප හැම දෙනා උත්සාහ කල යුතුය. ඒ සඳහා වන ජන පෙළ ගැසීම දිනක් පාසා ඉහළ යමින් තිබේ.
එසේ නමුත් කවර හෝ ගැලවුම්කරුවකු විසින් ලංකාව මුහුණ දී සිටින මෙම තියුණූ අර්බූදයන්ට විසඳුම් දෙනු ඇතැයි අප විශ්වාස නොකළ යුතුය.
කළක යහපත්, දූෂිත පුද්ගලයින් බලයට පැමිණිමෙන් පසු අනීතික, පුද්ගල වාසි පමනක් තකන දූෂිතයින් බවට පත්වනු අප සෑම මැතිවරණයකින්ම පසු අත්දැක තිබේ.
එබැවින් මෙරට ජන ජීවිතයේ සෑම අංශයක්ම බංකොළොත් තත්වයට ඇද දැමූ දූෂණයේ, භීෂණයේ සහ ජාතිවාදයේ දේශපාලන දුරු කිරීමේ මාවත වැටී ඇත්තේ කවර හෝ ගැළවුම්කරුවකු හරහා නොවේ.
එය වැටී ඇත්තේ දේශපාලන ක්‍රම වෙනසක් හරහාය. යහපත් දේශපාලන නායකත්වයකට පවා සිය දැක්ම සහ භාවිතයට මඟ පෙන්වන සහ නියාමනය කැරෙන ක්‍රම පද්ධතියක් අවශ්‍ය ය.
ඒ සඳහා ප්‍රධාන වශයෙන් කරුණු තුනක් අත්‍යවශයය.
ප්‍රජාතන්ත්‍රවාදයේ කුලුණු තුන, එනම් විධායකය. ව්‍යාවස්ථාදායකය සහ අධිකරණය අතර නිසි සම්බන්ධීකරණය, ගරු කිරීම පදනම් වන නිශ්චිත බල විභේදනය.
දේශපාලන බලයට තෙරපුමක් විය හැකි මහජන දැනුවත් භාවය සහ පුරවැසියා බලවත් කැරෙන අඛන්ඩ සජීවී සහ ප්‍රබල සමාජ- දේශපාලන පුරවැසි ව්‍යාපාරය ජාලයක්.
රාජ්‍ය බලයේ ඉක්මවා යෑම් පාලනය කළ හැකි, ස්වාධීන සහ ශක්තිමත් ස්වාධීන යාන්ත්‍රණයන් සහිත ශක්තිමත් තුලන සහ සංවරණ යාන්ත්‍රණ දාමයක්.
බලය දූෂණය ඇති කරයි. ඒකාධිපති බලය අත්‍යන්ත දූෂණය ඇති කරයි.
එබැවින් පාරිශුද්ධ ගැළවුම්කරුවන් කෙරෙහි විශ්වාසය තබනවාට වඩා ක්‍රම වෙනසක් කෙරෙහි අප විශ්වාසය තැබිය යුතුය. එම ක්‍රම වෙනස ඇත් වන්නේ හුදෙක් දේශපාලන පක්ෂ හෝ දේශපාලන බලය හරහා නොවේ.
මහා ජනයා දශ ලක්ෂ ගණනින් විදී බට ආදරයේ සහ ක්‍රම වෙනසක අරගලය ඉගැන් වූ එක් පාඩමක් වන්නේ ජනබලයේ වැදගත් කමයි. රනිල් රාජපක්ෂගේ මර්දන අණපනත් දණ ගැස්වීමට සමත් වූයේ ද දේශපාලන පක්ෂ මෙන්ම විවිධාකාර පුරවැසි ක්‍රියාකාරිත්වයන් මගින් බව අප දනිමු.
වෙනසක් සඳහා වන දේශපාලන පක්ෂ සහ ව්‍යාපාරයන් මෙන්ම පුරවැසියන්ගේ සක්‍රීය ක්‍රියාකාරිත්වයක් නොමැති කිසිදු රටක මහජන අයිතීන් ආරක්ෂා වී නැත.
එබැවින් තීරණාත්මක වසරක් අභියස සමරන මෙම මානව හිමිකම් දින, පුරවැසි ජනයා බල සතු කිරීමේ අත නොහැරිය හැකි කාර්යය මතකයට නංවා ගමු.

ජනාධිපතිව සිටි මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් තිබ...
07/12/2023

ජනාධිපතිව සිටි මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් තිබෙන බවට 2018 සැප්තැම්බර් මාසයේ නාමල් කුමාර නම් සිරිසෙනගේ වැටුප් ලැයිස්තුවේ සිටි උම්මන්තකයකු විසින් ප්‍රකාශයක් කරන ලදී. එම ප්‍රකාශය මත පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානියාව වූ නියෝජ්‍ය ‌පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංඟුවට ගන්නා ලදී. සිරිසේනගේ හෙංචා නාමල් කුමාර කියා සිටියේ එම චෝදනාව සකාථ කිරීමට තමා සතුව හඩපටි ද තිබෙන බවයි.
දූෂණ විරෝධි බලකායේ යැයි කියූ සංවිධානයක නමින් නාමල් කුමාර විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. එම පැමිණිල්ල මගින් ප්‍රකාශ කර සිටියේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ හඬ ඇතුළත් වාර්තාවන් තමා සතුව ඇති බවයි.
නාලක සිල්වා අත්අඩංඟුවට ගන්නා ලද්දේ එම පැමිණිල්ල මතය.
නාමල් කුමාර යනු එවකට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා වූ කුප්‍රකට නියෝජ්‍ය ‌පොලිස්පති නිලන්ත ජයවර්ධන සමඟ සබඳතා පැවැත් වූ පොලිස් ඔත්තුකරුවකු බව ද පසුව අනාවරණය විය. ඔත්තු සැපයීම මගින් ඔහු ලක්ෂ ගණනින් මුදල් ද ලබා ගත් බව අනාවරණය විය.
මෙම කුම්ණත්‍රණ කතාව පසුබිමෙහි සිරිසේන ඝාතන සැළැස්මකට සම්බන්ධ යැයි මානසික දුබලතාවයකින් පෙලුන ඉන්දියානුවකු ද අත්අඩංඟුවට ගන්නා ලදුව මහත් ප්‍රචාරයක් ලබා දුන්නේය. පසුව එම ඉන්දියානුවාද නිදොස් කොට නිදහස් කරන ලදී. එම ඉන්දියානුවා පිලිබඳ කතාන්තරය ද නාමල් කුමාරගේ ප්‍රබන්ධයක් විය.
නාලක සිල්වා වහාම අත්අඩංඟුවට ගන්නා ලෙස මහින්දාන්නද අමරවීර, උදය ගම්මන්පිල, මෛත්‍රී ගුණරත්න යනාදී රාජපක්ෂවාදී දේශපාලනඥයෝ බල කළහ. උදය ගම්මන්පිල කියා සිටියේ මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ තවත් පිරිස් අත්අඩංඟුවට ගත යුතු බවයි. ඔවුන්ගේ ප්‍රකාශ පෙන්නුම් කලේ ගෝටා ඝාතන ඇත්ත සැලසුමක් තිබී ඇති බවයි.
මේ සියලු චෝදනා පදනම් වූයේ උම්මන්තක නාමල් කුමාර මතය.
මෙම ප්‍රබන්ධයට අදාළව සිදුකෙරුණු විමර්ශන වලදී ඔහු සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා තහවුරු කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් නාලක සිල්වා ඇප ලැබුණි. අනතුරුව පොලිස් කොමිසම නිර්දේශ මත ඔහු නැවත සේවයේ පිහිට වන ලදී. ඔහුට ලබා දෙන ලද්දේ වැටුපෙන් අඩක් පමණකි. බස්නාහිර පළාතෙන් පිටත සුදුසු රාජකාරියක යෙදවීම සහ ඔහුට චෝදනා එල්ල වූ නඩුවේ සාක්‍ෂිකරුවන්ට බලපෑම් නොකිරීම ආදී වශයෙන් කොන්දේසි කිහිපයක් පැනවන ලදී. ඒ අනුව 2023 මාර්තු මාසයේ දී පුත්තලම දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කරන ලදී.
එලෙස ව්‍යාජ චෝදනා මත අත්අඩංඟුවට ගන්නා ලද නියෝජ්‍ය ‌පොලිස්පති නාලක ද සිල්වා ද වසර 5කට පසුව අධිකරණය විසින් එනම් දෙසැම්බර් 06 දා නිදොස් කොට නිදහස් කරන ලදී.
නාලක සිල්වා මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
දැන් මතුවන ප්‍රශ්ණය නම් ප්‍රමාණවත සාක්ෂී නොමැතිව ඔහු අත්අඩංඟුවට ගන්නා ලද්දේ කවර දේශපාලනඥයකුගේ හෝ නිලධාරියකුගේ උපදෙස් මතද යන්නයි.
ඊටත් වඩා වැදගත් වන්නේ සිරිසේනගේ මෙම හෙංචා විසින් කරන ලද එම චෝදනාවද පාදක කර ගනිමින් නාලක සිල්වා අත්අඩංඟුවට ගත් දිනම සවස 07ට පමණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ව්‍යවස්ථා විරෝධි කුමන්ත්‍රණයක් දියත් කරමින් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්කරනු ලැබීමයි.
මෛත්‍රිපාල සිරිසේනගේ එම ව්‍යවස්ථා විරෝධි කුමන්ත්‍රණය සිදු කරන අවස්ථාවෙහි පාස්කු බොම්බ කල්ලියේ ත්‍රස්ත නායකයා වූ සහරාන් පිීළිබඳ පරීක්ෂණ පවත්වමින් සිටියේ නාලක ද සිල්වා යටතේ වූ ත්‍රස්ත විමර්ශන ඒකකයයි. සහරාන් අත්අඩංඟවට ගැනීම සඳහා ඒ වන විටත් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨසයෙන් අධිකරණ වරෙන්තුවක් ලබා ගෙන තිබිණි.
නාමල් කුමාර සහ සිරිසේනගේ කූඨ චෝදනාවන් යටතේ නාලක ද සිල්වා අත්අඩංඟුවට ගැනීමෙන් පසුව සහරාන් පිළිබඳ කරමින් තිබුණු විමර්ශන කටයුතු සියල්ල අඩපණ විය.
සහරාන් අත්අඩංඟුවට ගැනීමේ වරෙන්තුව ද අක්‍රිය තත්වයට පත් විය.

https://sinhala.srilankabrief.org/?p=45285

https://sinhala.srilankabrief.org/පහත සඳහන් ලිපි කියවිමට අප වෙබ් අඩවියට පිවිසෙන්නරනිල් රාජපක්ෂ- අයිඑම්එෆ් ඊපිඑෆ් කප්පාදු...
06/12/2023

https://sinhala.srilankabrief.org/
පහත සඳහන් ලිපි කියවිමට අප වෙබ් අඩවියට පිවිසෙන්න

රනිල් රාජපක්ෂ- අයිඑම්එෆ් ඊපිඑෆ් කප්පාදුවට ජනගහනයෙන් සියයට 77ක් විරුද්ධ බව ජනමත සමීක්ෂනයක් පෙන්වයි!

රදළ සමය සිහි ගන්වන ජීවිත කාලයටම හිටපු ජනපති බුරුත්ත ලබන දීමනා මෙන්න!

සෑම ශ්‍රී ලාංකිකයෙකුම රුපියල් 1,600,000 ක ණයකාරයෙකි. – ආචාර්ය රොෂාන් පෙරේරා

රාජපක්ෂ අපරාධ ත්‍රිත්වය: දඬුවමක් නැත, ඒත් වගකීම භාරගන්න

https://sinhala.srilankabrief.org/පහත සඳහන් ලිපි කියවිමට අප වෙබ් අඩවියට පිවිසෙන්නරනිල් රාජපක්ෂ- අයිඑම්එෆ් ඊපිඑෆ් කප්පාදු...
06/12/2023

https://sinhala.srilankabrief.org/
පහත සඳහන් ලිපි කියවිමට අප වෙබ් අඩවියට පිවිසෙන්න

රනිල් රාජපක්ෂ- අයිඑම්එෆ් ඊපිඑෆ් කප්පාදුවට ජනගහනයෙන් සියයට 77ක් විරුද්ධ බව ජනමත සමීක්ෂනයක් පෙන්වයි!

රදළ සමය සිහි ගන්වන ජීවිත කාලයටම හිටපු ජනපති බුරුත්ත ලබන දීමනා මෙන්න!

සෑම ශ්‍රී ලාංකිකයෙකුම රුපියල් 1,600,000 ක ණයකාරයෙකි. – ආචාර්ය රොෂාන් පෙරේරා

රාජපක්ෂ අපරාධ ත්‍රිත්වය: දඬුවමක් නැත, ඒත් වගකීම භාරගන්න

30/11/2023

යෝජිත මාර්ගගත ආරක්ෂණ පනත Online Safety Bill සහ විකාශණ අධිකාරී පනත Broadcasting Authority Bill මගින් අලුතින් පිහිටුවීමට නියමිත කොමිෂන් සභා දෙකටම අතිවිශාල බලතල ලැබෙන අතර එමගින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සාමකාමීව රැස්වීමේ සහ සමාගමයේ නිදහස සහ පෞද්ගලිකත්වය සඳහා ඇති අයිතිය පිළිබඳ මූලික මූලධර්ම උල්ලංඝණය වීමට ඉඩ ඇති බව එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කරයි.
ප්‍රමාණවත් ආරක්‍ෂාවන් පිහිටුවා නොමැති විට, මෙම යෝජිත පනත් විශේෂයෙන්ම මාධ්‍යවේදීන්, මානව හිමිකම් ආරක්‍ෂකයින් සහ සිවිල් සමාජ සංවිධාන සහ රජය විවේචනය කළ හැකි අයගේ විසංවාදී අදහස් යටපත් කිරීමට යොදා ගත හැකිය. 2024 සහ 2025 දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහා මැතිවරණ පසුබිමෙහි සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියෙහි (ICCPR) හි 19 වැනි වගන්තියේ විධිවිධානවලට අනුකූලව මාධ්‍ය නිදහස, ස්වාධීනත්වය සහ බහුත්වවාදයට ගරු කරන ලෙස එම ලිපිය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
සම්මත කර ගන්නා නීති ඔබ රජයේ ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම්වලට අනුකූල වන බව සහතික කිරීම සඳහා යෝජිත මාර්ගගත ආරක්ෂණ පනත සහ විකාශන නියාමන කොමිෂන් සභා පනත යන දෙකෙහිම ප්‍රධාන අංගයන් ඉවත් කර ගන්නා ලෙස, මහජනයා සමඟ අදහස් හුවමාරු කර ගන්නා ලෙස ලෙස සහ සැලකිය යුතු සමාලෝචනයක් කරන ලෙස එම ලිපිය ශ්‍රී ලංකා රජය දිරිමත් කරයි.
නීති කෙටුම්පත් පිළිබඳ අදහස් දැක්වීමට සිවිල් සමාජයට ප්‍රමාණවත් කාලයක් ඇති බව සහතික කිරීම සඳහා, සියලු පාර්ශ්වකරුවන් සමඟ වඩා හරවත් සාකච්ඡාවක් පැවැත්විය යුතු බව දක්වන එම ලිපිය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සහතික වන පරිදි මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් යහපත් භාවිතයන් අනුගමනය කරන ලෙසත් නිර්දේශ කරයි.
මෙම ලිපියට පහත් සඳහන් එක්සත් ජාතීන්ගේ විශේඥයින් අත්සන් කර ඇත

Irene Khan, අදහස් ප්‍රකාශ කිරීමේ සහ ප්‍රකාශ කිරීමේ අයිතිය ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම පිළිබඳ විශේෂ වාර්තාකරු

Clement Nyaletsossi Voule, සාමකාමීව රැස්වීමේ සහ සංගමයේ නිදහසේ අයිතිවාසිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු

Ana Brian Nougrères, පෞද්ගලිකත්වය සඳහා ඇති අයිතිය පිළිබඳ විශේෂ වාර්තාකරු
(Sri Lanka Brief)

29/11/2023
19/02/2022

සුනන්ද දේශප්‍රිය විසිනි. මෙරට ප්‍රධානතම බුද්ධි සේවාව වන ජ්‍යෙෂ්ඨ පොලිස්පති නිලන්ත ජයවර්ධන යටතේ තිබූ රාජ්‍ය බු.....

දේශීය සහ අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන දීර්ඝ කාලයක් තිස්සේ උද්ඝෝෂන කරමින් සිටින්නේ් මෙම පනත සහමුළින්ම අහෝසි කරන ලෙසය...
28/01/2022

දේශීය සහ අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන දීර්ඝ කාලයක් තිස්සේ උද්ඝෝෂන කරමින් සිටින්නේ් මෙම පනත සහමුළින්ම අහෝසි කරන ලෙසය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ ඒක්සත් ජාතීන්ගේ හිමිකම් විශේඥයින් විසින් ලංකාණ්ඩුවට යෝජනා කර ඇත්තේ මෙම වත්මන් පනත අහෝසි කර අන්තර් ජාතික ප්‍රමිතීන්ට අදාළ නව පනතක් ගෙන එන ලෙසය.

අද නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ සාරංශය එහි මුල් පිටුවෙහි දක්වා ඇත්තේ පහත සඳහන් පරිදිය. සම්පූර්ණ ගැසට්ටුව අවසානයට පළ කර ඇත.
https://sinhala.srilankabrief.org/?p=40492

අද ලංකාණ්ඩුව විසින් ගැසට් මගින් ප්‍රසිද්ධ කරන ලද ත්‍රස්තවාදී පනතට යෝජිත සංසෝධන මගින් ඒම පනත යටතේ අත්අඩංඟුවට ගනු ...

මෙම ගමන යාම පහසු නැති බව පැහැදිලිය. සමාජය තුළ ඇති දහසකුත් ප්‍රශ්න මූලික වශයෙන්ම දේශපාලන හේතූන් මත ඇති කළ ඒවා වුවත්, සංස්...
26/01/2022

මෙම ගමන යාම පහසු නැති බව පැහැදිලිය. සමාජය තුළ ඇති දහසකුත් ප්‍රශ්න මූලික වශයෙන්ම දේශපාලන හේතූන් මත ඇති කළ ඒවා වුවත්, සංස්කෘතිය තුලින් තව තවත් ආ පස්සට ගමන් කරවා ඇති වුවත්, මේ තත්වයක් අභියෝගයට ලක් කරමින් එඩිතරව අප සමාජය තුළ ඇති දුර්වලකම් සාකච්ඡා කිරීමේ සංස්කෘතියක්, සංවාදයට ලක් කිරීමේ සංස්කෘතියක්, යටපත් කිරීමට එරෙහිව නැගී සිටිමේ අයිතීන් වෙනුවෙන් නැගී සිටීමේ සංස්කෘතියක් ඇතිකර ගැනීමට පුළුල් බහුජන ව්‍යාපාරයක් එකට වැඩ කිරීම ආරම්භ කළ යුතුය. එවැනි සංස්කෘතියක් ඇති කල හැක්කේ ද පුළුල් බහුජන ව්‍යාපාරයකට පමණක් බව මගේ විශ්වාසයයි.
https://sinhala.srilankabrief.org/?p=40473

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රට තුල තහවුරු වීමට ලංකා සමාජයේ ඇති මූලික බාධාවක් වන්නේ අප සමාජය තුල මුල් බැසගෙන ඇති පස...

11/01/2022

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් වත්කම් – බැරකම් ප්‍රකාශ ලබා දුන් මන්ත්‍රීවරුන් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස තො...

10/01/2022

මෙම වසරෙහි මාර්තු මාසයෙහි පැවැත්විය යුතු පළාත් පාලන මැතිවරණ වසරකින් කල් දැමීමට රාජපක්ෂ ආණ්ඩුව තීරණය කර තිබේ. ඒ අ.....

Address


Alerts

Be the first to know and let us send you an email when Srilanka brief posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Srilanka brief:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share