HaaN

HaaN " හැම දේ ගැන හැමදේම .........⚡✍️🖤 "

17/10/2023
ශ්‍රිලංකා ක්‍රිකට් එක්දින වංශකතාවේ 26වන එක්දින නායකයා ලෙසින් හෙට තරඟ බිමට..................... 🌟⚡🇱🇰🔥👣ඉතුරු මැච් 7 හොදට ක...
15/10/2023

ශ්‍රිලංකා ක්‍රිකට් එක්දින වංශකතාවේ 26වන එක්දින නායකයා ලෙසින් හෙට තරඟ බිමට..................... 🌟⚡🇱🇰🔥👣

ඉතුරු මැච් 7 හොදට කරමු 🖤

CongratulaKusal MendisMendis 🇱🇰



15/10/2023

CAPTCHA සහ reCAPTCHA කියන දෙකෙන් එකක් අනිවාර්යෙන්ම හැමකෙනෙක්ටම එක සැරයක් හරි මුණගැහිලා තියෙනවා. හැබැයි කවදාහරි හිතලා තියෙනවද මෙච්චර බුද්ධිමත් රොබෝලා සහ කෘත්‍රිම බුද්ධියක් වර්තමානය වෙද්දී අපිට තියෙද්දීත් ඇයි ඒගොල්ලන්ට ඒ CAPTCHA පරීක්ශණ වලින් පාස් වෙන්න බැරි කියලා?

reCAPTCHA එකට කලින් තිබ්බේ CAPTCHA කියන එක. CAPTCHA එකේ තේරුම තමයි Completely Automated Public Turing test to tell Computers and Humans Apart කියන එක. මේකේ තමයි අමුතු විදිහට සහ අපිළිවෙලට ලියපු අකුරු, ඉලක්කම් අපිට හම්බෙන්නේ. අපිට එතනදී කරන්න තියෙන්නේ ඒ අකුරු සහ ඉලක්කම් පිළිවෙලට සහ හොඳට හදුනාගෙන දීලා තියෙන කොටුවේ සඳහන් කරන්න. මේක මුල් කාලේ ගොඩක් සාර්ථක වුනා. හැබැයි කාලයත් සමඟම පරිගණක වැඩසටහන් වලින් නිර්මාණය කරපු රොබෝලාට මේ CAPTCHA එක පාස් වෙන්න පුලුවන් වුනා. මේ නිසා මේ CAPTCHA වල තිබුණු අකුරු සහ ඉලක්කම් එකතු කරලා හඳපු ඡායාරූප ගොඩක් සංකීර්ණ වෙන්න ගත්තා. කොච්චර සංකීර්ණ වුනාද කියනවා නම් ඒ පරීක්ශණ වලින් මිනිසෙකු සමත් වීමේ සම්භාවිතාවය 33% ක් වගේ ඉතා අඩු අඟයට පත් වුනා. ඒ විතරක් නෙමෙයි Google ආයතනය 2014 දී නිර්මාණය කරපු කෘත්‍රිම බුද්ධිය සහිත පරිගණක වැඩසටහනකට පුළුවන් වුනා මේ CAPTCHA පරීක්ශණ 99.98% ක් වැනි අතිශයින් ඉහළ අඟයකින් සමත් වෙන්න.

මෙන්න මේකට පිළියමක් විදිහට තමයි reCAPTCHA කියන පරීක්ශණ වැඩසටහන නිර්මාණය කරන්නේ. මේකේදී මුලින්ම අපිට කියන්නේ කොටුවක් උඩ click කරන්න කියලා. ගොඩක් වේලාවට අපි ඒ කොටුව උඩ click කරාට පස්සේ අපි පරීක්ශණය සමත් වෙනවා. එතකොට ඇයි මේ කොටුවක් උඩ click කරන වැඩේ රොබෝ කෙනෙක්ට හරි පරිගණක වැඩසටහනකට හරි කරන්න බැරි? ඇත්තටම මේ reCAPTCHA කියන වැඩසටහන මඟින් අපි mouse එකේ cursor එක ගිනියන විදිහ සහ රටාව අධ්‍යයනය කරනවා. සාමාන්‍යයෙන් රොබෝ කෙනෙක් mouse එකේ cursor එක ගෙනියන්නේ සරල රේඛීය මාවතක. හැබැයි සමහර අවස්ථා වලදී reCAPTCHA වැඩසටහනටත් හිතාගන්න බැරි අවස්ථා ලැබෙනවා. අන්න එහෙම අවස්ථාවකදී එයා අපිට පොඩි ප්‍රශ්නයක් දීලා, ඒ ප්‍රශ්නෙට පිළිතුරු විදිහට පොඩි ඡායාරූප සමුහයක් තෝරන්න කියනවා. ඒ විතරක් නෙමෙයි මේ reCAPTCHA එකෙන් අපේ Browser histroy එකත් check කරනවා. ඒ වගේම එයා අපි Google එකේ search කරපුවා, එක එක websites වලට ගියපුවා ආධාර කරගෙන මේ reCAPTCHA වැඩසටහන ආධාරයෙන් පරිගණක වැඩසටහන් සහ ඇත්තම මිනුස්සුන්ව වෙන් කරලා හඳුනාගන්නවා. Google සමාගම හරියටම හෙළි කරලා නැහැ මේ reCAPTCHA වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. පරිගණක වල විතරක් නෙමෙයි ජංගම දුරකතන වලත් භාවිත වෙන්නේ උඩ කියලා තියෙනවා වගේ ක්‍රියාවලියක් කියලා තමයි මේ සම්බන්ධව විශේෂඥයෝ නම් කියන්නේ…

#අනාගතය_හදන_අපි

Address


Website

Alerts

Be the first to know and let us send you an email when HaaN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share