16/08/2022
පලමු දුරකතනයෙන්ම ලෝකයේම අවදානය දිනාගත් Nothing Phone 1
එකවෙලාවකට හිතෙනවා iPhone එක විහිලුවකට ලක් කරන්නදෝ මෙවනි ඩිසයින් එකක් තෝරගත්තෙ. කොහොම හරි මේ දුරකතනය නම් සම්පූර්නෙන්ම iPhone එකක් වගේම තමයි ඩිසයින් කරල තියෙන්නෙ. iPhone ලගෙ තියෙන ඒ යුනික් ඩිසයින් එක පහු කරන්න තාම කිසිම ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයකට බැරි උනා. මේ යුනික් ඩිසයින් එක නිසාම ඇන්ඩ්‍රොයිඩ් යූසර්ස්ල iPhone වලට මාරුවෙන ප්‍රතිශතය වැඩියි. ඒනිසාම තමයි මේ Nothing Phone එක ඉස්සරහට එන්නෙ. ඒවගේම ඇපල් දුරකතනයකට වඩා මිලත් ඉතාම සාදාරනයි.
මෙම දුරකතනය Nothing සමාගමේ පලමු දුරකතනය උනත් ලොව පුරා විශාල කතාබහක් ඇති කරන්න වගේම අනික් සමාගම් වලට හොද තරගයක් දීල තියෙනවා. මේ දුරකතනයෙ තියෙන විශේශම අංගය තමයි Transparent back එකක් තියන එක. මේ දුරකතනය Back එක නිර්මානය කරල තියෙන්නෙ ෆියුචරිස්ටික් ලුක් එකක් දෙන්න. මේ Trasparent back එකට Light 900ක පමන LED පැනල් එකක් දාල තියෙනවා. මේක තමයි Glyph interface කියල හදුන්වන්නේ. මේ Glyph interface එක මේක charge කරනකොට Charging Level indicator එකක් විදියට සහ Wireless Charging කරද්දි ඒ Charging pad එක වටේ Highlight වෙන විදියට ක්‍රියා කරනවා. ඒවගේම Notfication එනකොට, Phone එක Ring වෙනකොට Ringtone එකේ තාලයට light system එක වැඩ කරනවා.
ඇපල් වගේම මෙයාලත් බැක් එකේ ඇපල් ලොගෝ එක වගේ එයාලගෙ ලොගෝ එකක් ඇඩ් කරල තියෙන්නෙත් ඇපල්ලව විහිලුවකට ගන්න කියලමයි මට හිතෙන්නෙ.
ඉතින් මේ ෆෝන් එකේ ප්‍රදාන specifications ගැන කතා කලොත්, මෙය Snapdragon 778G Plus Chipset එකකින් බලගැන්වෙනවා. ඒවගේම මෙය 8GB සහ 12GB ලෙස RAM මාදලි දෙකකින්ද, 128GB සහ 256GB ලෙස Storage දෙකකින්ද පැමනීමත් විශේශත්වයක්. 6.55in 120Hz FHD+ OLED තිරයක් මෙම Nothing Phone (1) එකේ අඩංගු වෙනවා. ඉතින් OLED Display ගැන නම් අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ. ඔයාට සුපැහැදිලි දසුන් මේ හරහා නරබන්න පුලුවන්. Android 12 සමගින් Nothing Phone එකට විශේශයෙන් නිර්මානය කරන ලද Nothing OS එක තමයි මේ phone එකේ operating system එක විදිහට ක්‍රියා කරන්නෙ. ඒවගේම 50MP main කැමරාවක් සහ, Ultrawide කැමරා එකක් සහ 16MP selfie කැමරාවක්ද අඩංගුයි. මෙම දුරකතනය 5G,e-SIM,Wi-Fi 6E, NFC, Bluetooth 5.2 සදහා සහය දක්වනවනවා. හැබැයි පොඩි මදිකමක් තමයි IP53 Water resistance (splash resistant) පහසුකමද තිබීම. පොඩි තෙතමනයකට ඔරොත්තු දුන්නට වතුරට වැටුනොත් නම් බඩු තමයි.
Nothing Phone 1 එක විදෙස් වෙලදපලේ කෙලතරම් මිල අඩු උනත් අපේ තියන වාසනාව නිසා ලංකාවෙන් ගන්න කොට නම් රුපියල් ලක්ශ 2.50ක් වගේ වෙනවා.
කියවන්න : https://t.co/2ef3Nqo7JM