Videshasewa.lk

  • Home
  • Videshasewa.lk

Videshasewa.lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Videshasewa.lk, News & Media Website, .

මෙන්ඩිස් අද වැඩ පෙන්නුවොත් දසුන් ශානකට සදහටම  නායකත්වය  නෑ  | Kusal Mendis මෙතනින් නරඹන්න >> https://youtu.be/9fUcuxht_V...
15/10/2023

මෙන්ඩිස් අද වැඩ පෙන්නුවොත් දසුන් ශානකට සදහටම නායකත්වය නෑ | Kusal Mendis
මෙතනින් නරඹන්න >> https://youtu.be/9fUcuxht_VI

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තීරණාත්මක තරගය මෙතනින් නරඹන්න >> https://youtu.be/OpFmO_eq3CI
15/10/2023

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තීරණාත්මක තරගය
මෙතනින් නරඹන්න >> https://youtu.be/OpFmO_eq3CI

තුසිතගේ ජීවිතය 'නිශ්ක්‍රීය' කෙරූ බෝම්බය! 'අපේ සෙට් එකේ එක එකා අඩුවෙනවා!'See More>>>>> https://tinyurl.com/3f55wtzj      ...
30/09/2023

තුසිතගේ ජීවිතය 'නිශ්ක්‍රීය' කෙරූ බෝම්බය! 'අපේ සෙට් එකේ එක එකා අඩුවෙනවා!'
See More>>>>> https://tinyurl.com/3f55wtzj
#තුසිතලක්මාල්

පෙරහැර අතරතුර කුලප්පු වූ 'අලියා නිසා සිදුවූ දේ' සජීවීව පටිගත වෙලා මෙතැනින් නරඹන්න - https://youtu.be/h1uhLS-_1SA
08/10/2022

පෙරහැර අතරතුර කුලප්පු වූ 'අලියා නිසා සිදුවූ දේ' සජීවීව පටිගත වෙලා
මෙතැනින් නරඹන්න - https://youtu.be/h1uhLS-_1SA

07/10/2022
සුබ ගමන් 'වයිට්' - අවසන් ගමනට යන්න අවසරයි ..කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී  අභාවප්‍රාප්ත වූ ඒලියන්ත වයිට් ...
23/09/2021

සුබ ගමන් 'වයිට්' - අවසන් ගමනට යන්න අවසරයි ..

කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වූ ඒලියන්ත වයිට් මහතාගේ අවසන් කටයුතු සඳහා දේහය සුදානම් කර රැගෙන යන ආකාරයයි මේ.

රට දැය අවදි කළ සෝම හිමියන්ගේ, ‘මෑණියන්’ අභාවප්‍රාප්ත වෙයි
31/03/2021

රට දැය අවදි කළ සෝම හිමියන්ගේ, ‘මෑණියන්’ අභාවප්‍රාප්ත වෙයි

අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ මෑණියන් වූ චාලට් වීරතුංගආරච්චි මහත්මිය අභාවප්‍රාප්ත වුණා

30/03/2021

පොලිසිය තුළදීම රුපියල් දසදහසක අල්ලසක් ගැනීමට ගිය වැලිවේරිය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථාන

20/01/2021

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උණුසුම් දර්ශන

03/01/2021

sachini-perera-wins-pole-vault-with-a-new-sri-lankan-record

අද දෙරණ බීමතින් හසුවේ - පොලිසිය දෙරණ සේවකයන්ට කළ දේ වීඩියෝත් කරලා https://streamable.com/34rb3y
28/12/2020

අද දෙරණ බීමතින් හසුවේ - පොලිසිය දෙරණ සේවකයන්ට කළ දේ වීඩියෝත් කරලා
https://streamable.com/34rb3y

Watch this video on Streamable.

රටට කීර්තිමත් පුතෙක් දායාද කළ 'සනත් ජයසුරියගේ  පියාණන්' නිවන් සුව සොයා යයි සනත් ජයසුරිය මහතාගේ ආදරණිය පියාණන් පසුගිය 13ව...
15/12/2020

රටට කීර්තිමත් පුතෙක් දායාද කළ 'සනත් ජයසුරියගේ පියාණන්' නිවන් සුව සොයා යයි

සනත් ජයසුරිය මහතාගේ ආදරණිය පියාණන් පසුගිය 13වන දින ජිවන ගමන නිම කරන ලදී.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර නමක් දිනා දුන් පුතෙක් බිහි කළ ආදරණිය තාත්තේ ඔබට නිවන් සුව.

මහර බන්ධනාගාරයේ කැරැල්ලේ නොදුටු දසුන්
01/12/2020

මහර බන්ධනාගාරයේ කැරැල්ලේ නොදුටු දසුන්

අපොස සාමාන්‍ය පෙළ කල්දමනවා - ඇමති කියයි..
01/12/2020

අපොස සාමාන්‍ය පෙළ කල්දමනවා - ඇමති කියයි..

අපොස සාමාන්‍ය පෙළ කල්දමනවා - ඇමති කියයි..

2021 ජනවාරි මස 18 වන දින ඇරඹීමට තිබු අපොස සාමාන්‍ය පෙළ විභාගය, එදිනට ආරම්භ කිරීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරීස් මහතා පවසයි.

අද (01) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ජනාවාරි මස 18 වන දින සිට 27 වන දින දක්වා පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ පවතින තත්ත්වය යටතේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් සියයට 50ක් පමණ පිරිසකට මේ වන විට අධ්‍යාපන කටයුතු සිදුකිරීමට නොහැකි තත්ත්වයක් පවතින බවය.

කෙසේවෙතත් රට තුළ පවතින කොවිඩ් තත්ත්වය සති දෙකෙන් දෙකට විශ්ලේෂණය කර බලමින්, විභාගය පැවැත්වීමට ඇති ඉඩකඩ සොයා බලන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව අපොස සාමාන්‍ය පෙළ සඳහා පෙනී සිටින දරුවන්ට එයට සුදානම් වීමට අවශ්‍ය කාලය ලබා දෙමින් සති 6කට පෙර විභාග දිනය ප්‍රකාශයට පත්කරන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

29/11/2020
කොරෝනා ගැන ඇත්ත හෙළි කළ 'සුවසැරියේ සේවකයන්ට' දඬුවම් දෙන්න හදයි  ..
26/11/2020

කොරෝනා ගැන ඇත්ත හෙළි කළ 'සුවසැරියේ සේවකයන්ට' දඬුවම් දෙන්න හදයි ..

කොරෝනා ගැන ඇත්ත හෙළි කළ 'සුවසැරියේ සේවකයන්ට' දඬුවම් දෙන්න හදයි ..

කොරෝනා ආසාදිතයින් රෝහල් වෙත රැගෙන යාමට යොදාගන්නා සුවසැරිය ගිලන් රථ සේවකයින්ට පහසුකම් නොමැති බවට චෝදනා කරමින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ එම ගිලන් රථ සේවක සංගමයේ සාමාජිකයින් තිදෙනාගේ සේවය අත්හිටුවා තිබෙනවා.

එලෙස සේවයෙන් ඉවත් කර ඇත්තේ 1990 සුවසැරිය සේවක සංගමයේ සභාපතිනි, උපසභාපති සහ උපලේකම් යන අයගේ සේවයයි.

කෙසේ වෙතත්, ඊයේ රාත්‍රියේ සුවසැරිය පදනමේ කළමනාකාරීත්වය විසින් තමන් ඇතුළු තිදෙනාගේ සේවය අත්හිට වූ බවට දැනුම් දුන් බවයි අද(26) දිනයේ සුව සැරිය සේවක සංගමයේ සභාපතිනි මයුමි ප්‍රියංගිකා වීරසිංහ කියා සිටියේ.

කෙසේ වෙතත්, මොවුන් සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් 1990 සුවසැරිය සේවා පදනම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ආයතනයේ නීති උල්ලංගණය කරමින් අසත්‍ය තොරතුරු පැතිරවීම සම්බන්ධයෙන් මෙම සේවකයින්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගත් බවයි.

අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව හරහා සදහන් කළ චෝදනා ප්‍රතික්ෂේප කරන සුවසැරිය පදනම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ යටතේ සිය ආයතනයේ සියළුම සේවකයින්ට නියමිත පරිදි ආරක්ෂක උපාංග සපයා ඇති බව ද සදහන් කරනවා.

එමෙන්ම, සිය ගිලන් රථ සියල්ල හොඳ තත්ත්වයෙන් පවතින බව සහ ඒවා ජාත්‍යන්තර ප්‍රමිතියේ ආයතන මගින් නඩත්තු කරන බවයි සුවසැරිය පදනම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

24/11/2020

“අභියෝගය හේතුවක් කර ගනිමින් පාසල් වසා තබන්නට හැකියි. එහෙත් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් පාසල් විවෘත කිරිමේ අභියෝගය අප භාර ගත්තා”





කොවිඩ් අභියෝගයේ අවදානම සම්පූර්ණයෙන් අවසන් වීමට තවත් වසර දෙකහමාරක් පමණ ගතවනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇති බවත්, එවන් තත්ත්වයක් මත දරුවන්ගේ පාසල් ගමන තවදුරටත් අවුරාතැබීම ප්‍රායෝගික සාර්ථක නොවන බවත්, ඒ නිසා පවත්නා අභියෝගයට දැඩි වගකිමෙන් මුහුණ දෙමින් පාසල් විවෘත කිරිමට රජය වෙනුවෙන් තීන්දුවක් ගත් බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, කොවිඩ් අභියෝගය මධ්‍යයෙහි පවත්වන ලද මෙවර පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් උපරිම ලකුණු ලබාගත් සිසුන් දසදෙනා ඇගයීම වෙනුවෙන් සහ E –wis ආයතනයේ අනුග්‍රාහක දායකත්වයෙන් ඔවුන් ඉගෙනුම ලබන පාසල් වෙත ඩිජිටල් ඉගෙනුම් පුවරු(Smart Boards) ලබාදීම වෙනුවෙන් අද (24) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සව අවස්ථාවට එක්වෙමිනි.

ලොව සෑම රටකට ම ආර්ථික ශක්තියක් සපයන සුවි‍ශේෂිත සම්පත් පවතින බවත්, අපේ රටට ඇති සහජ සම්පත මානව සම්පත බවත්, ඉතා නිර්මාණශීලී විශිෂ්ට මානව සම්පතක් අප සතුව පවතින බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. විශිෂ්ට විභාග සමතුන් නාමමාත්‍රිකව ඇගයීමට පමණක් සීමා නොවී අනාගතයට ඔවුන් ඵලදායී සම්පත් බවට පත්කිරීමේ පුරෝගාමීන් වූ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමව්පියන් ඇතුළු සියලු පාර්ශව වෙත කෘතවේදීත්වය පළ කරන්නට ද මෙය අවස්ථාවක් කරගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශව කියා සිටියේ, එය කොවිඩ් පවතින මෙවන් මොහොතක දරුවන් අනතුරේ හෙළීමක් වනු ඇති බවයි. එහෙත් සියලු සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සහ ප්‍රවාහන අංශ මෙන් ම, පළාත්, කලාප, සහ කොට්ඨාස අධ්‍යාපන කාර්යාල, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ලබාදුන් පූර්ණ දායකත්වය සහ රජය කෙරෙහි තැබූ පූර්ණ විශ්වාසය හේතුවෙන් පසුගිය ඔක්තෝබර් 11 වැනි දින ශිෂ්‍යත්ව විභාගය පවත්වන්නට හැකිවූ අතර දින 33ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ විභාග ප්‍රතිඵල නිකුත් කරන්නට ද විභාග දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

අසීරු අවස්ථාවක අභියෝගයෙන් පලා යාම වෙනුවට අභියෝගයට මුහුණ දීමේ අමාරු කාර්යය තෝරාගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය ගත් ක්‍රියාමාර්ගය සාර්ථක කරගන්නට උරදුන් සියලු පාර්ශව වෙත අධ්‍යාපන අමාත්‍යවරයා සිය කෘතවේදීත්වය පළ කළේය.

පාසල් ආරම්භ කිරීමට ගත් තීරණය පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා, “සමහර පළාත්වල දෙමව්පියන් ඊයේ දිනයේ දරුවන් පාසල් එවන්නට මැලිකමක් දක්වා තිබුණා. ඒක ස්වභාවිකයි. හුදකලා කළ පොලිස් වසම් විවෘත කළාට මිනිසුන් ක්ෂණික ව පාරට බහින්නෙ නෑ. මේ තත්වයන් ලයිට් ස්විච් එකක් දානවා වගේ එකපාර වෙනස් කරන්න බෑ. ගුරුවරුන්ගේ පැමිණීම 85% මට්ටමේ තිබුණා. එය අගය කළ යුතුයි. සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු තීරණ අපි අරගෙන තියෙනවා. ඒ වෙනුවෙන් මුදල් වෙන් කරදී තිබෙනවා. පාසල් කමිටු ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙමින් සිටිනවා. ක්‍රමක්‍රමයෙන් මේ තත්වයන් සාමාන්‍ය අතට පත්වෙයි කියල අපි විශ්වාස කරනවා. යැයි ද පැවසීය. පාසල් වසා තබනවා කියන්නේ දරුවන්ගේ අනාගතය වසා තැබීමක්. ඒකෙන් අදහස් කරන්නේ, දරුවන්ගේ සෞඛ්‍ය තර්ජනයකට ලක්කරමින් හෝ පාසල් විවෘත කළ යුතුයි කියන එක නොවේ. දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් පාසල් පවත්වාගෙන යාමට අපි රජයක් වශයෙන් අවතීර්ණ වී සිටිනවා. ඒ වගකීම අපි ඉටු කරනවා.. “ යැයි ද පැවසීය.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් අතරින් ඉහළම ලකුණු ලබාගත් දරුවන් දෙදෙනෙක්ද මේ අවස්ථාවට එක්ව සිටි අතර, ඔවුන්ටද ඇගයීම් සහතික ලබා දෙන ලදී.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත්, පියල් නිශාන්ත ද සිල්වා, විජිත් බේරුගොඩ, සහ රාජ්‍ය ඇමතිනී සීතා අරඹෙපොළ යන මහත්ම මහත්මීන් ද අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රමුඛ අධ්‍යාපන නිලධාරීන් රැසක් ද, ශිෂ්‍යත්ව සමතුන් නියෝජනය කරන පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ දෙමව්පියන් ද අදාළ එක් එක් පාසල් වෙත ඩිජිටල් ඉගෙනුම් පුවරු ( Smart Boards) ලබාදීමට අනුග්‍රාහක දායකත්වය සැපයූ E-wis ආයතනයේ සභාපති සංජීව වික්‍රමනායක මහතා ඇතුළු නියෝජිත මහත්මමහත්මීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

එජාප මහ ලේකම් ඉල්ලා අස්වේ..
23/11/2020

එජාප මහ ලේකම් ඉල්ලා අස්වේ..

එජාප මහ ලේකම් ඉල්ලා අස්වේ..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරනවා.

අද කොවිඩ් මරණ නවයක්   ලංකාවෙන් වාර්තා වේ
21/11/2020

අද කොවිඩ් මරණ නවයක් ලංකාවෙන් වාර්තා වේ

සියලු පාසල් තුළ ඉංග්‍රීසි සුහුරු පන්ති...
17/11/2020

සියලු පාසල් තුළ ඉංග්‍රීසි සුහුරු පන්ති...

සියලු පාසල් තුළ ඉංග්‍රීසි සුහුරු පන්ති...

පාසල් තුළ ඉංග්‍රිසි අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් නවීන තාක්ෂණය සම්බන්ධ කර ගනිමින් සකස් කරන ලද ඉංග්‍රීසි සුහුරු පන්ති (English Smart Class ) පිහිටුවීමේ වැඩපිළිවෙලක් Right to Read ව්‍යපෘතිය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාවට නංවා ඇත.

3 ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණිය දක්වා පාසල් විෂය මාලාව තුළ ඉංග්‍රීසි විෂයට අදාළ පෙළ පොත් ඇසුරින් සකස් කරන ලද පාඩම් මාලා අන්තර්ගත කරන ලද අන්තර්ජාල යෙදවුමක් මගින්(app) මෙම ඉංග්‍රීසි සුහුරු පන්ති ක්‍රියාත්මක වේ.

මේ වන විට දිවයින පුරා පාසල් 837 ක සිසුන් 510,745 කට ආසන්න පිරිසක් මෙම වැඩසටහන සමග සම්බන්ධ කරගෙන ඇත. උතුර, සබරගමුව, ඌව සහ මධ්‍යම පලාතේ පාසල් තුළ මේ වන විටත් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇත.

2022 වර්ෂය වන විට දිවයිනේ සියලුම පාසල් ආවරණය වන පරිදි ඉංග්‍රීසි සුහුරු පන්ති වැඩසටහන ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති අතර, දකුණු පළාත් වැඩපිළිවෙළ තුළ පළමු අදියර යටතේ ඉදිරි මාස කිහිපය තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 100ක මෙම වැඩසටහන හදුන්වාදීමට කටයුතු යොදා ඇත.

දෙවැනි අදියර යටතේ දකුණු පළාතේ තවත් පාසල් 100 කට ඉංග්‍රීසි සුහුරු පන්ති ලබාදීමට පියවර ගැනේ.

දරුවන්ට පාසල තුළ දී අදාළ විෂය භාර ගුරුවරයාගේ සහාය ඇතිව සුහුරු ඉංග්‍රීසි පන්තිය සමග සම්බන්ධ විය හැකි අතර, මීට අදාළව ගුරුභවතුන් පුහුණු කිරීම වෙනුවෙන් ගුරු උපදේශකවරුන් සහ විදුහල්පතිවරුන් පුහුණු කිරීමේ කටයුතු ද මේ වන විටත් ක්‍රියාවට නංවා ඇත.

දකුණු පළාතේ පාසල් දෙසීයක මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම වෙනුවෙන් වන මූලික සාකච්ඡාව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමන්ගේ සහ දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, Right to Read ව්‍යාපෘතියේ ප්‍රධාන මෙහෙයුම්කරු අසාද් ඔමාර්, Right to read ආයතනයේ ව්‍යාපෘති කළමණාකරු ලෝරන්ස් වින්සන්ට් මහතා ද, අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර මහතා ද, දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් දිසානායක මහතාද, දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා ඇතුළු පිරිසක් ද, මේ අවස්ථාවට එක්ව සිටියහ.

නිරෝධයනයේ සිටිය යුතු අයෙක්  පාරේ මරුට පුත්තලම ආනන්ද ජාතික පාසැල අසළ මාර්ගයේ දී නිරෝධායනයට ලක්ව සිටි අයෙකු මරණයට පත්ව සිට...
06/11/2020

නිරෝධයනයේ සිටිය යුතු අයෙක් පාරේ මරුට

පුත්තලම ආනන්ද ජාතික පාසැල අසළ මාර්ගයේ දී නිරෝධායනයට ලක්ව සිටි අයෙකු මරණයට පත්ව සිටිනවා.

හෙට්ටිපොල හෝටලයක සේවය කළ මොහු කොරෝනා රෝගියෙක් හෝටලයට පැමිණීම නිසා එහිදීම නිරෝධායනය කරනු ලැබුවා.

පසුව නිරෝධායනය අවසන් කර ඉතිරි දින 14 නිවසේ නිරෝධායනයට යොමු කළ යුතු ඔහු මාර්ගයේ මියගොස් සිටියා.

එවන් පුද්ගලයන් පොලිසියට බාර දී නිවසට ගෙනවිත් නිරෝධායනය කරවිය යුතු වුවද මෙලෙස තනිවම මාර්ගයේ මරණයට පත්වුයේ කෙසේද යන්න මෙතෙක් වාර්තා නොවන බවයි මාධ්‍යවේදී ජූඩ් සමන්ත මහතා සඳහන් කළේ.

18 C කුරුණෑගල පාර ,පුත්තලම ලිපිනයේ පදිංචි 55 හැවිරිදි ඔහු ධර්මලිංගම් වසන්දන් නම් වනවා.

හම්බන්තොට ධිවර වාරයේ  දිවරයින් දෙදෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිබවට ඔවුන්ගෙන් ලබාගත් PCR පරීක්ෂණ මගින් තහවුරු වී ති...
26/10/2020

හම්බන්තොට ධිවර වාරයේ දිවරයින් දෙදෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිබවට ඔවුන්ගෙන් ලබාගත් PCR පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ.

හම්බන්තොට ධිවර වාරයේ දිවරයින් 57 දෙනෙකු ගේ හා තවත් තිදෙනෙකු පසිගිය 23 වනදා PCR පරීක්ෂණ සදහා යුමු කිරීමෙන් පසු අද(25) දින ලැබුණු පරීක්ෂණ වාර්තා වලින් මෙය තහවුරු වී තිබෙනවා

කෙසේ නමුත් මේ ආකාරයෙන් කොරෝනා වෛරසය ආසාධනය වී ඇති ධිවරයින් හම්බන්තොට ගඩොල්මුල්ල, සිප්පිකුලම, ප්‍රදේශයේ හා ජාතික නිවාස මාවත, ප්‍රදේශයේ පදිංචි අය බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. මොවුන් අතරින් එක් අයෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සැලට යෑම හේතුවෙන් 2020.10.21 දින සිට ස්වයං නිරෝධනයට ලක්කර සිටි අයෙකු වන අතර අනෙක් පුද්ගලයා PCR පරීක්ෂණයේ ප්‍රථිපල ලැබෙන තෙක් සමාජයේ සැරිසැරූ අයෙකු බවට අනාවරණය වී තිබේ.

හම්බන්තොට ධිවරවාරයේ ධිවරයින් 57 දෙනෙකු සහ පසුගිය දිනයන්හි විවිධ හේතු තුළ ගම්පහ ප්‍රදේශයේ සංචරයේ යෙදුනු තිදෙනෙකු ඇතුළු 60 දෙනෙකු හම්බන්තොට ධිවර වරාය පරිශ්‍රයේදී පසුගිය 23 වනදා PCR පරීක්ෂණ සදහා යොමුකරන ලදී

මෙහිදී පැලියගොඩ ප්‍රදේශයේ සංචාරයේ යෙදුනු හම්බන්තොට වාරායේ ධිවරන් හය දෙනෙකු ගේද මේ ආකාරයන් PCR පරීක්ෂණ සිදුකල අතර අනෙකුත් ධීවරයින්ගේ PCR පරීක්ෂණ සිදුකර ඇත්තේ අහඹු ලෙස තෝරාගෙන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙනු ලැබුවේ

13/05/2020

කොරෝනා අර්බුධය හමුවේ රටම ප්‍රවේශමින් කටයුතු කරමින් සිටින අතරේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ ප්‍රධාන පෙළේ රැස්වීමක් ...

විදේශගත ලාංකික ශ්‍රමිකයන් ලක්ෂයකට වැඩි පිරිසකට  රැකියා අහිමි වීමේ අවදානමක් ..ලොව පුරා පැතිර ඇති කොරෝනා වසංගත තත්ත්වය හේත...
11/05/2020

විදේශගත ලාංකික ශ්‍රමිකයන් ලක්ෂයකට වැඩි පිරිසකට රැකියා අහිමි වීමේ අවදානමක් ..

ලොව පුරා පැතිර ඇති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විදේශ රැකියාවන්හි නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ලක්ෂයකට වැඩි පිරිසකට තම රැකියා අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා.

‘එතෙර අපි’ සංවිධානය පෙන්වා දෙන්න‌ේ මැදපෙරදිග රටවල සේවය කරන ශ්‍රමිකයන්ගේ තත්ත්වය තරමක් බරපතළ විය හැකි බවත්, දැනටමත් සියලු කර්මාන්ත ශාලා වසා දමා නිවෙස්වලට පවා විදේශිකයන් ඇතුල් කරගැනීම අත්හිටුවා ඇති බවත්ය.

පවතින තත්ත්වය මත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට වඩා අඩු මිලට ශ‍්‍රමිකයන් වෙනත් රටවලින් ගෙන්වා ගැනීමට එකී රටවලට හැකියාව ලැබී තිබීමද මෙම තත්ත්වය ඇතිවීමට බලපා තිබෙනවා.

ඒ අනුව දැනටමත් විදේශගත ශ‍්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට පැමිණීම ආරම්භ කර ඇති අතර ඔවුන්ට නැවත රැකියාව සඳහා විදෙස් ගත වීම සම්බන්ධයෙන් එකී ආයතන දන්වා ඇත්තේ නැවත දැනුම් දෙන තුරු රැකියාවන්ට නොපැමිණෙන ලෙසයි.

20/04/2020

සෞදි අරාබියේ පවතින කොරෝනා වසංගත හේතුවෙන් එරට මේවන විට සිටින 135,000 ක් වූ ලාංකික ශ්‍රමිකයින් ගැන සොයා බැලීම සඳහා එරට ර...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Videshasewa.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share