ශ්‍රි ලාංකේය සුභාවිත ගීතය

  • Home
  • ශ්‍රි ලාංකේය සුභාවිත ගීතය

ශ්‍රි ලාංකේය සුභාවිත ගීතය ශ්‍රි ලාංකේය සුභාවිත ගීතය... සුභාවිත ග?

පැරණි ගීතයන්ගේ සියලුම විස්තර මෙහිදී ඔබ වෙත ගෙන ඒමේ පරමාත්ත්‍රය පෙරිදැරි කොටගෙන ගත් පුoචි උත්සහයක්....කටොර වු සංගීතයෙන් මිදි සුභාවිත ගීතයෙ සැබැ සුන්දරත්වය විදින්න පැමිනෙන්න...

සඳකඩපහන - කැළණි සරසවියේදී - ජූලි 24 දා . .සඳකඩපහන - කැළණි සරසවියේදී - ජූලි 24 දා .... http://www.xtreamyouth.com/events/...
27/06/2012

සඳකඩපහන - කැළණි සරසවියේදී - ජූලි 24 දා . .සඳකඩපහන - කැළණි සරසවියේදී - ජූලි 24 දා ....
http://www.xtreamyouth.com/events/community/corporate-events/sandakadapahana-sunil-edirisinghes-solo-musical-concert

Sadakadapahana Concert is performed by the popular musician Mr.Sunil edirisinghe . Association of Commerce and Financial Management of Universitty of Kelaniya organize this concert in order to raise funds for their future educational activities.

දවසේ සුභාවිත ගීතය-ඉදිරිපත් කීරිම ලකිඳු අෂාන් පීරිස්ලාංකීය ගීත ක්ෂේත්‍රය තුල යශෝධරවාට හිමිතැන සුවිශේෂය.ග්‍රෑමෆෝන් ගීතය තු...
07/03/2012

දවසේ සුභාවිත ගීතය
-ඉදිරිපත් කීරිම ලකිඳු අෂාන් පීරිස්

ලාංකීය ගීත ක්ෂේත්‍රය තුල යශෝධරවාට හිමිතැන සුවිශේෂය.ග්‍රෑමෆෝන් ගීතය තුලත් ඉන් පරිබාහිරව සරල ගීතය තුලත් එවැනි ගීතමය උදාහරණ කිහිපයක් දක්නට ලැබේ.ඒ අතරින් රුක්මණි දේවිය ගායනා කල "අද හඬනවා හිමියනි යශෝධරා" ගීතය යශෝධරවන්ගේ වේදනාව,විප්‍රලම්භය විශද කරන ගීතයක් ලෙස දැක්විය හැක.එසේම සනත් නන්දසිරි මහතා ගායනා කරන "සිතේ නැගුනු කලකීරිම සොඳුරිය" වැනි ගීතයක් යශෝදරවන්ගේ පරමාදර්ශිභාවය පෙන්නුම් කරයි.වසන්තා සඳනායක මහත්මිය ගායනා කරන ලද "නොකියාම එදා" වැනි ගීතද අපගේ මතකයන් තුල නිදන් වී ඇත. එසේම අද මම ඉදිරිපත් කීරිමට සැරසෙන " ලා දළු බෝපත්" ගීතයද යශෝධරාව තුලින් පරමාදර්ශි බිරිඳකගේ ආත්ම කථනයක් නිරුපණය කරයි.

ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ
යසෝධරා දේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී

ලේන කුලේ සිට ආගිය මග තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසුපස ආවා සෙවණැල්ලක් සේ

තැලි සෙනේ සිත සැලී හඬන විට
වැටි දෙපා ලඟ යශෝධරවෝ
පිපි නිවන් මල් සාධුකාර දී
නිවි පහන් විය උදැසනක් සේ

ගායනය-කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය-රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව-එච්.එම්.ජයවර්ධන

මා ඉහත සඳහන් ගීත තුනටම වස්තු බීජය වී ඇත්තේ යශෝධරා වතයි.යශෝධරා වතහි නිර්මානකරුවා කවුරුන්දැයි අප කිසිවෙකු නොදනි.නමුත් එය ජන කවියාගේ පවතින අව්‍යාජත්වය හා ප්‍රතිභාව මනාව පැහැදිලි කරයි.සැබැවින්ම බෞද්ධ සාහිත්‍යකරුවා විසින් නරසීහ ගාථා තුලට සීමා කර තිබු යශෝධරාව වඩාත් සමාජගත කරන්නේ යශෝධරාවත බව කීම නොරහසකි.

ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ
යසෝධරා දේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී

යශෝධරව තරුණ වයසේදි මාර්ග ඵල වලට ප්‍රවිශ්ට වී සිටියේ නැත.එම නිසා ඇයටද ආදරයෙ වේදනාව දැනුනේය.නමුත් ඇය බාහිරට පෙනෙන්නට හැඬුවෙ නැත.ඒ එමගින් සැමියාට අගෞරවයක් වන නිසාය.නමුත් ඇයටද රහසේ රුරා වැටෙන කඳුළු බිංදු ඇයට සඟවන්නට නුපුලුවන් විය.

ජන කවියා මෙය නිරුපණ කර ඇති අයුරු විශිෂ්ටය.

"තෙමා වැටේ මගෙ සළුපිලි නෙත් පුරවා
අමා රසක් වැනි හිමිසඳ සිහිවෙනවා
දමා කුමරු වැඩිය මට සිහි වෙනවා
මෙමා හැර ලියො ලොව් තුල ඇත්ද තවා"

බුදු විමට හා පාරමිතා පිරිමෙදි බොසතාණන්ට යශෝධරාවන්ගෙන් සිදුවු සේවය අති මහත්ය.සඳ කිඳුරු දා කව,පන්සිය පනස් ජාතක පොත මේ සඳහා උදාහරණ බොහොමයක් සපයයි.එසේම දුෂ්කර ක්‍රියා කරන අවස්ථාවේ බෝසතානන් රළු වස්ත්‍ර අඳින බව,ගසකින් වැටෙන පලතුරක් පමනක් ආහාරයට ගන්නා බව සැල වී ඇයද රාජ සළු පිලි,රාජ භෝජන අත්හැර ඒ ආකාරෙන්ම කටයුතු කලේය.

ලේන කුලේ සිට ආගිය මග තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසුපස ආවා සෙවණැල්ලක් සේ

එම සංසාර ගත ආදරය ජන කවියා දකින්නේ මෙසේය.

"කැලේ තිබෙන කොයි දේවත් රස වේවා
මලෙ බමරු මෙන් පිරිවර ඇති වේවා
අව්වේ තිබෙන රැස්මාලා අඩු වේවා
ගව්වේන් ගව්ව දිවමාලිග සෑදේවා"

යශෝදරා තුල වේදනාව පුපුරා ගියේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩි අවස්ථාවේය.බුදුරජානන් වහන්සේ ඇය බැහැ දැකිමට සඳළු තලයට ගිය අවස්ථාවේ ඇය බුදු රදුන්ගේ දෙපා ලඟ වැලපෙන්නට වුවාය.පසුව බුදු රජාණන් වහන්සේගෙන් බණ අසා ඇය උදැසනක් සේ නිවී පහන් වී රහත් භාවයට පත් වුණි.

තැලි සෙනේ සිත සැලී හඬන විට
වැටි දෙපා ලඟ යශෝධරවෝ
පිපි නිවන් මල් සාධුකාර දී
නිවි පහන් විය උදැසනක් සේ

දවසේ සුභාවිත ගීතය-ඉදිරිපත් කිරිම-ලකිඳු අෂාන් පීරිස්අද නවම් පුර පසලොස්වක දිනයයි.ඒ හේතු කරගෙන ධම්ම පදය ආශ්‍රිත  කරගෙන ලියව...
07/02/2012

දවසේ සුභාවිත ගීතය
-ඉදිරිපත් කිරිම-ලකිඳු අෂාන් පීරිස්

අද නවම් පුර පසලොස්වක දිනයයි.ඒ හේතු කරගෙන ධම්ම පදය ආශ්‍රිත කරගෙන ලියවුන ගීතයක් ඉදිරිපත් කීරිමට හිතුවා.

රජෙකු උනත් ගිලන් වෙලා එක්තැන් වුන දා
කියනවාට සැකයක් නැ
නිරොගි සැප හැරයක් ලොවේ කොයින්දා

ඉසුරු සමඟ හාද වෙලා නොසතුට ආදා
දැනෙනවාට සැකයක් නැ
සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා

බැරිවුන දා නැදැයන් අතහැර ගිය දා
හිතෙනාවට සැකයක් නැ
විශ්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්දා

ගායනය-සුනිල් එදිරිසිංහ
පද රචනය-මහින්ද දිසානායක
තනුව-රෝහණ වීරසිංහ

ආරෝග්‍යා පරමා ලාභා-සන්තුට්ඨිපරමං ධනං
විස්සානං පරමං ඥාති-නිබ්බානං පරමං සුඛං

ධම්ම පදයේ අඩංගු ඉහත සදහන් ගාථාව බෞද්ධයන් අතර ඉතාම ප්‍රචලිත ගාථාවක්.මෙම ගීතයට නිමිත්ත වී තිබෙන්නෙ එම ගාථාවයි.මෙය විශිෂ්ට ගීතයක් වන්නේ එය මෙම ධම්ම පදයේ අඩංගු මෙම ගාථාවේ අන්තර්ගතය ශ්‍රාවක සිත් සතන් තුල වඩාත් තිව්‍ර වන ලෙස ගෙත්තම් කර තිබිමයි.සැබැවින්ම මෙම ගීතය ඉහත කී ගාථාව සඳහා රචනා කරන ලද අටුවාවක්,ටිප්පනියක් ලෙස මට හැඟේ.

රජෙකු උනත් ගිලන් වෙලා එක්තැන් වුන දා
කියනවාට සැකයක් නැ
නිරොගි සැප හැරයක් ලොවේ කොයින්දා

මෙහි රජෙකු ලෙස සඳහන්ව ඇත්තේ ලෞකික වශයෙන් සියළුම සැප සම්පත් අත්පත් කරගත් පුද්ගලයෙකු විය හැකියි.නමුත් ඔහුට බරපතල රෝගයක් හැදුනහොත් ඒ කිසිදු සැප සම්පතකින් ප්‍රතිඵලයක් නොවෙනු ඇත.

ඉසුරු සමඟ හාද වෙලා නොසතුට ආදා
දැනෙනවාට සැකයක් නැ
සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා

කරණිය මෙත්ත සූත්‍රයේ සඳහන් වන ආකාරයට සන්තුට්ඨි යනු ලද දෙයින් සතුටු වීමයි.නැතහොත් අට ලෝ දමින් කම්පා නොවිමයි.සැබැවින්ම සතුට රැන්දු තීබෙන්නේ ධනය තුල නොව සිත තුලය.හඳපාන චිත්‍රපටියට එදා හර්බට් එම්.සෙනෙවිරත්න රචනා කල ඇත්තේ " පිදුරු සෙවි කල පැල්පතෙ ඇති සාමේ නැත මහ මන්දිරේ" යනුවෙනි.

බැරිවුන දා නැදැයන් අතහැර ගිය දා
හිතෙනාවට සැකයක් නැ
විශ්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්දා

"දුකක් පැමිණි විට නොයයි නියම නැදැයෝ" ලෙස නැදැයෝ චිත්‍රපටියට සනත් නන්දසිරි මහතා ගායනා කලද එවැනි නියම නැදැයෝ ඉතාම අල්පය.එවනි අවස්ථාවක තමා ලඟ සිටින්නේ තම ආත්ම විශ්වාසය පමණි.
ගීතය දීර්ඝ වීම වැලැක්වීමට රචකයාමෙහි ධම්ම පද ගාථාවෙ අන්තිම පදය වන "නිබ්බානං පරමං සුඛං" යන පාඨය මෙම ගීතයට අඩංගු කොට නැත.එය සම්පූරණ කීරිමට අපි මෙහි ඔබට ඉඩ ප්‍රස්ථාව ලබා දෙනවා.

තණ්හාවට දාස වෙලා සසර ගමන දික් වු දා
හිතෙනවාට සැකැයක් නැ
නිර්වාණය හැර ධනයක් ලොවෙ කොයින්දා

දවසේ සුභාවිත ගීතයඉදිරිපත් කීරිම-ලකිඳු අෂාන් පීරිස්අද 2012 වර්ෂයේ පළමු පුර පසළොස්වක පොහො දිනය වන දුරුතු පොහො දිනයයි.බුදු ...
08/01/2012

දවසේ සුභාවිත ගීතය
ඉදිරිපත් කීරිම-ලකිඳු අෂාන් පීරිස්

අද 2012 වර්ෂයේ පළමු පුර පසළොස්වක පොහො දිනය වන දුරුතු පොහො දිනයයි.බුදු රජාණන් වහන්සේ ප්‍රථම ලංකාගමනය එනම් මහියංගණයට වැඩමවීම සිදු වුවේ අද වැනි දිනකයි.ඒ බුද්ධත්වයෙන් නව මසක් ගත වු තැනදිය.එනම අද දිනට බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනයට වර්ෂ 2600ක් සැපිරෙනවා.
ඒ හේතු කරගෙන අද බොදු බැති ගීයක් ඉදිරිපත් කීරිමට සිතුවා.අද මම ඉදිරිපත් කරන ගීතය බෞද්ධ ගීත අතර සුවිශේෂ ගීතයක්.මෙම ගීතය තුල බුදුරජාණන් වහසේගේ තෙමඟුල එනම් ඉපදීම,බුදුවීම,පිරිනිවන් පෑම යන අවස්ථා තුන ගැනම විචිත්‍රණය කරනවා.

අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුලින් මල් පියලි සලා
ජය හඬින් ලොවට සිහ නද පතුරා
ලෝ සත අතරින් ජනිත උනා

සැපෙහි කිමිදි දුකෙහි ගැලිලා
මැදුම් පිළිවෙතින් අමාසුව ලබා
දම් සුවඳ මල දසතම පතුරා
සියළු කෙලෙස් මැඩ බුදු වුවා

ජීවිතයෙ ඇති නොනිමි අතිර බව
ලොවට පැතුරු කරුණාවේ අම ගුණ
සියළු සතු වෙත දහම් රස පෙවු
කරුණාබර නෙත් නිවී ගියා

ගායනය-වික්ටර් රත්නායක
පද රචනය-පුණ්‍යසිරි මහවත්ත
තනුව-වික්ටර් රත්නායක

ඇත්තෙන්ම මිනිත්තු 3ක් වැනි කෙටි කාලයක් තුල බුදු රදුන්ගේ ත්‍රෙයිමංගල්‍යය ගැන කතා කෙරිම අසිරු කාරයක්.එම අසිරු කාරය සිදු කරන ලද්දේ පුණ්‍යසිරි මහවත්තයන් විසිනි.ඔහි ගීත රචනයට හා තනු රචනයට,සංගීත සංයෝජනයට එක ලෙස සමත් කම් පෑ ශිල්පියෙක්. ඔහු දායක වී ඇති නිර්මාණ ප්‍රමාණය එතරම් විශාල නොවුනත් ඔහු එම නිර්මාන තුලින් පිලිඹිබු කල නෛපුණ්‍යය අති මහත්.මෙම ගීතයම ඊට මහඟු උදාහරණයක්.

අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුලින් මල් පියලි සලා
ජය හඬින් ලොවට සිහ නද පතුරා
ලෝ සත අතරින් ජනිත උනා

ගීතයේ පලමු කොටසේ විස්තර වන්නේ බුදු රදුන්ගේ බුදු වීම පිලිබඳවයි.එතුමාගේ උපත් සමඟම බාහිර පරිසරය තුලද වෙනස් වීම් සිදු වුනා.එම වෙනස් වීම මධ්‍යයේ සිදුහත් කුමරු සිංහනාද කරමින් එතුමාගේ ප්‍රථම උදාන වාක්‍යය වු "මම ලොවට අග වෙමි-මම ලොවට ශ්‍රේෂ්ට වෙමි-මම ලොවට ජ්‍යෙෂ්ට වෙමි-මෙය මාගෙ අවසාන උපතයි-මින් පසු මාගේ උපතක් නැත"යන්න ඉදිරිපත් කරමින් ලුම්බිණි සල් උයනෙදි උපත් ලැබුවා.

සැපෙහි කිමිදි දුකෙහි ගැලිලා
මැදුම් පිළිවෙතින් අමාසුව ලබා
දම් සුවඳ මල දසතම පතුරා
සියළු කෙලෙස් මැඩ බුදු වුවා

ගීතයේ දෙවෙනි කොටසේ විස්තර වන්නේ සිදුහත් බෝසතාණන්ගේ බුදු වීම පිලිබඳවයි.ශරිරයට අධික ලෙස සැප දීම(කාමසුඛල්ලිකානු යෝගය) හා ශරිරයට අධික ලෙස දුක් දීම(අත්තකිලමතානු යෝගය) යන අන්තයන් දෙක අත් හැර මැදුම් පිලිවෙත එනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුලින් එතුමන් සියළු
කෙළසුන් නසා ගායවේ ඇසතු බෝ රුක මුල බුදු බවට පත් වුනා.

ජීවිතයෙ ඇති නොනිමි අතිර බව
ලොවට පැතුරු කරුණාවේ අම ගුණ
සියළු සතු වෙත දහම් රස පෙවු
කරුණාබර නෙත් නිවී ගියා

වසර 45ක් ලෝ වැසියන්ට ධර්මය දේශනා කොට ලෝකයාට සංස්කාරයන්ගේ පවතින අනිත්‍යතාවය පසක් කොට දෙමින් බුදු රජාණන් වහන්සේ කුසිනාරා නුවර මල්ල අඹ වනයේ පිරිනිවන් පෑ සේක.
මිනිත්තු 3ක කාලයක් තුල බණ කතාවක් පරිද්දෙන් මෙම සියල්ලක්ම ගීතයක් තුල අන්තර්ගත කීරිම සැබැවින්ම ආශ්චර්යක් නොවේද?

දවසේ සුභාවිත ගීතය-ඉදිරිපත් කීරිම ලකිඳු අෂාන් පීරිස්ලාංකීය සරල ගීතය තුල පාසැල් ප්‍රේමය පිලිබඳ රචනා වී ඇත්තේ ඉතාම අල්ප වශය...
04/01/2012

දවසේ සුභාවිත ගීතය
-ඉදිරිපත් කීරිම ලකිඳු අෂාන් පීරිස්

ලාංකීය සරල ගීතය තුල පාසැල් ප්‍රේමය පිලිබඳ රචනා වී ඇත්තේ ඉතාම අල්ප වශයෙනි.මා මීට ඉහත විචාරයක සඳහන් කල මිල්ටන් මල්ලවාරච්චි මහතා ගායනා කල සුලඟේ පාවි ගීතය් එවැන්නක්.එසේම සිසිර සේනාරත්නා හා ඉන්ද්‍රාණි විජේබණ්ඩාර යන දෙපල ගායනා කල ආදරෙයි මම ආදරෙයි,දයාරත්න රණතුංග මහතා ගායනා කල රූං පෙත්ත,සනත් නන්දසිරි මහතා ගයනා කල නයනා වැනි ගීත ඒ අතරින් කිහිපයක්.අද මම ඉදිරිපත් කරන්නේද එවැනි පාසැල් ප්‍රේමය අලලා රචනා කල ගීතයක්.

දෙනෝදාහක් නුවන් අතරේ කවුරුදෝ මා
තනිකලේ පාසැල් බිමේ

සිනා කෙලිලොල් තෙපුල් රහසේ
දෙඬු තැන් අද ගොළු වෙලා
සොඳුරු පාසැල් පියස කඳුලෙන් බොඳ වෙලා
කැදැල්ලෙන් ඔබ වෙන් වෙලා

නිබඳ ඔබ මා ඇවිද ගිය තැන්
සෙවණ දුන් ගහකොල පුරා
බිමට බරවුනු කැකුළු අතු ඉති මැලවිලා
දුකින් හදවත ගොළුවෙලා

ගායනය-නන්දා මාලිනි
පද රචනය-කුලරත්න ආරියවංශ
තනුව-වික්ටර් රත්නායක

මෙම ගීතය 70 දශකය අගභාගයේ සුනිල් ආරියරත්නයන් නිර්මාණය කල වජිරා නම් ගුවන් විදුලි නාට්‍යයට පබඳන ලද්දක්.එය පසුව එනම් 1981දි චිත්‍රපටියක් බවට පත්වුනා.එම වර්ෂයේදි මෙම ගීතය සඳහා නන්දා මාලිනියට හොඳම ගායනයට හිමි සරසවි සම්මානය පිරිනැමුනා.
දෙනෝදාහක් නුවන් අතරේ කවුරුදෝ මා
තනිකලේ පාසැල් බිමේ

සිනා කෙලිලොල් තෙපුල් රහසේ
දෙඬු තැන් අද ගොළු වෙලා
සොඳුරු පාසැල් පියස කඳුලෙන් බොඳ වෙලා
කැදැල්ලෙන් ඔබ වෙන් වෙලා

මෙම ගීතයටත් මා මුලින් සඳහන් කල පාසැල් ප්‍රේමය අලලා රචනා වු අනෙක් ගීත අතලොස්ස අතරත් දක්නට ලැබෙන එක් සමානතාවයක් ඇත.එනම් මෙම සියලුම ගීතවල දැක්වෙන්නේ අසාර්ථක වු පාසැල් ප්‍රේමයක් පිලිබඳවයි.එය බොහෝවිට සනාතනික සත්‍යයක් බව පාසැල් ජීවිතය අවසන් කල ඔබට මට රහසක් නොවෙන බවයි මාගේ හැඟිම.
මෙහි කථකයා පාසැල් සමය පසු කලා වු යෞවනියෙකි.පාසැල් කාලය තුල දළු ලා වැඩුනු ප්‍රේමය කාලයගේ ඇවැමෙන් මැකි ගොසිනි.අද එම සුන්දර මතකයන් ඇයගෙ සිතට කඳුලක් නැංවීමට සමත් වෙයි.


මෙය මනඃකල්පිතයකි.සැබැවින්ම පාසල් භූමිය තුල කිසිදු වෙනසක් සිදු වී නොමැත.නමුත් ඇයට අද පාසැල් භුමිය දර්ශනය වනුයේ අඳුරු ඡායාවන් ඔස්සෙයි.එම නිසා ඇයට කලින් පැවතියාවු සෞන්දර්යය පාසැල් භුමිය කෙරෙන් විද්‍යාමාන නොවේ.

නිබඳ ඔබ මා ඇවිද ගිය තැන්
සෙවණ දුන් ගහකොල පුරා
බිමට බරවුනු කැකුළු අතු ඉති මැලවිලා
දුකින් හදවත ගොළුවෙලා

22/12/2011

මෙම මස එනම් දෙසැම්බර් 29 දින සවස 6.30ට බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවෙ පැවැත්වෙන සුනිල් එදිරිසිංහයන්ගේ "සඳකඩ පහන"ප්‍රසංගය නැරඹිමට සුභාවිත ගීතයට හිතැති ඔබ සැමට ආරාධනා කරමි.

22/12/2011

මේ සිකුරාදා ඒ කියන්නේ 23 වෙනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ 70 දශකයේ ගීත නැවත ගායනා වෙනවා. රැ:750 සිට ඉහලට ටිකට් ඇත.
සංවිධානය ITN
සංගීතය - ඇනෙස්ලි මාලේවන ඇතුලු කණ්ඩායම...
1. අනිල් භාරතී
2. රජීවි සෙබස්තියන්
3. ඇනෙස්ලි මාලේවන
4. ඉන්ද්‍රාණි පෙරේරා
5. පෝල් ප්‍රනාන්දු
6. එරල් ප්‍රනාන්දු
7. ෂානි ෆොන්සේකා
8. ලංකිකා ෆොන්සේකා
9. ධර්මරත්න සහෝදරයෝ...

ශ්‍රි ලාංකේය සුභාවිත ගීතයපසුගිය දෙසැම්බර් 13 වෙනිදාට ශ්‍රි ලාංකේය පොප් සංගීතයේ රජු ලෙස සැලකෙන ක්ලැරන්ස් විජේවර්ධන මහතා අ...
19/12/2011

ශ්‍රි ලාංකේය සුභාවිත ගීතය


පසුගිය දෙසැම්බර් 13 වෙනිදාට ශ්‍රි ලාංකේය පොප් සංගීතයේ රජු ලෙස සැලකෙන ක්ලැරන්ස් විජේවර්ධන මහතා අභාවප්‍රාප්ත වී වසර 16ක් සැපිරුණා.එය නිමිත්තක් කොටගෙන ඔහු පිලිබඳ ලිපියක් පල කරන්නට සිතුනා.ක්ලැරන්ස් විජෙවර්ධනයන් සිංහල ගීතය තුල ප්‍රබල චරිතයක් වීමට මා හේතු කිහිපයක් දකිනවා.එකක් තමයි ඔහු ගීත කලාව තුල All Rounder කෙනෙක් වීම.ඔබ ක්‍රිකට් තරඟ නරඹනාවනම් මෙම වචනය ඔබ නුපුරුදු වෙන්න බැ.ක්‍රිකට් කණ්ඩායමකට All Rounder(තුන් ඉරියව්) කෙනෙක් කියන්නෙ මැනිකක් වගෙ වටින කෙනෙක්.ඒ වගේම තමා ගීත කලාව තුලත් All Rounder කෙනෙක් කියන්නෙ ඉතාම් දුර්ලභ දෙයක්.ලාංකිය ගීත කලාව තුල එවැන්නන් සිටින්නෙ ඉතාම අතලොස්සක්.ආනන්ද සමරකෝන්,සෝමතිලක ජයමහ,ක්ලැරන්ස් විජේවර්ධන වැනි අය ඒ අතරින් ප්‍රධානයි.එසේම අමරදේව,සුනිල් සාන්ත,සිසිර සේනාරත්න වැනි අයද තමන්ම පද හා තනු රචනා කොට ගීත ගායනා කර තිබෙනවා.
අද මම ඉදිරිපත් ක්ලැරන්ස් විජෙවර්ධනයන් විසින්ම ගේය පද සිත්තම් කොට ස්ටැන්ලි පීරිස් තනු රචනා කල ගීතයක්.

මලට බමරෙකු සේ සිතට ඔබ එනවා
කිරණ සේ හිරුගේ හද සිනාසෙනවා
ඔබ සිනාසෙනවා

දුකින් සිත මැලැවි
සිටින මොහොතකදි
ඔබ ගැන‍යි සිතුවෙ
නිවෙයි දුක පහවී

ලොව පහන් වෙනවා
රැය කරා යනවා
දහස් වර අතරෙ
ඔබව සිහිවෙනවා

ගායනය,ගේය පද-ක්ලැරන්ස් විජේවර්ධන
තනුව-ස්ටැන්ලි පීරිස්

මම මෙම ගීතය ඉදිරිපත් කලේ ඔහුගෙ පද රචනා පිලිබද යම් අදහසක් ලබා දීමටයි.ඔහු ඔහුටම රචනා කල ගීතත් එසේම වෙනත් ගායකයන්ට රචනා කල ගීතත් ඉතාම සරල විරිතකට අනුව ලියවු සරල වචන ගැබ් වු සරල සුගම පද මාලා.ඔහු විසින්ම ගායනා කරන ආදරේට ගමෙන් ලියුමක්,කඳ සුරිදුනි,සිහින ලොවක්,එසේම ඉන්ද්‍රානි පෙරේරා මහත්මියට ලියා දුන් හා හා හොරෙ,දිල්හානි දුවනි වැනි ගීත ජෝතිපාල මහතා ගායනා කරන මල් පිබිදෙන,මිල්ටන් මල්ලවාරච්චි මහතා ගායනා කරන තනි වී සිටින්නයි වැනි ගීතද එයට සාක්ෂි නිදසුන් සපයනවා.

19/12/2011

Come and Join with Hasith Prasanga Athukorala Photography..... !!!


Specialist for Events, Fashion, Weddings Photography

08/12/2011

පසුගිය සති දෙක තුල අධික කාර්යබහුලත්වය හේතු කොටගෙන ගීත විවරනයක් ඉදිරිපත් කිරිමට නොහැකි වීම පිලිබඳ රසික ඔබ සැමගෙන් සමාව අයැද සිටිමි.

දවසේ සුභාවිත ගීතයපසුගිය 05 වැනිදා සිංහලයේ මහා ගාන්ධර්ව ඩබ්.ඩී.අමරදේව මහතා ස්වකිය 84 වැනි ජන්මදිනය සැමරුවා.අද මෙම ගීතය ඉද...
08/12/2011

දවසේ සුභාවිත ගීතය


පසුගිය 05 වැනිදා සිංහලයේ මහා ගාන්ධර්ව ඩබ්.ඩී.අමරදේව මහතා ස්වකිය 84 වැනි ජන්මදිනය සැමරුවා.අද මෙම ගීතය ඉදිරිපත් කරන්නෙ ඔහුට උපහාරයක් වශයෙනි.
මෙම ගීතය ගායනය හා තනු රචනය ඔහු විසිනි.ගේය පද ගෙත්තම සිදුකරන ලද්දේ ශ්‍රි චන්ද්‍රරත්න මානවසිංහයන් විසිනි.

වැලිතල අතරේ හෙමිහිට බසිනා
නේරංජන නදියේ - ගයා හිස
වැඩ සිට බුදුවුණදා...
තිලෝහිමි - මොක්සුව ලද මොහොතේ
සමාධී... භාවනා

හිම කඳුවැටියේ... සීතල හෙවණේ
චන්දන තුරු පීරා
හැපී එන - මල් මුවරද රසිනේ
සමඟ මුසු සීතල මද පවනේ... ගැටීලා
පාවෙනා

සත්සර නගලා - ටික ටික සෙලවී
සිරිමා බෝ හිමිගේ මනෝහර
පලුපත් අතු රිකිලී
නටා ගිය - තාලෙහි රස දැනුණා
සරාගී ජීවනා...

සඟ මෙත් මෙහෙණී - දකුණේ ශාඛා
සිරිලක ගෙන ආ දා - සිටම තව
මහ මෙව්නා උයනේ
නටයි කොළ - වන්නම ලෙස මහ බෝ
සූමීරී නාදෙනා

ගායනය හා තනුව-ඩබ්.ඩී.අමරදේව
පද රචනය-ශ්‍රි චන්ද්‍රරත්න මානවසිංහ

මෙම ගීතයට ඔහු භාවිතා කරන තිබෙන විරිත සැබැවින්ම ලගන්නා සුළුය.සුදුවැලි සිඹගෙන ගලායන නේරංජනා නදිය අසබඩ ගයා ශිර්ෂයේ ජය ශ්‍රි මහා බෝධියට පිටදි අප මහ බොසතානන් බුදු වු අයුරු රසිකයා කෙරේ චිත්තරූප නැංවීමට රචකයා සමත් වී ඇත.
රන්මුතු දූව චිත්‍රපටියට මානවසිංහයන් රචනා කල ගලන ගගකි ජීවිතේ ගීතය ඔබ අසා ඇති බව නොඅනුමානය.ඒ අයුරින්ම ශ්‍රි මහා බෝධිය අවට සුන්දර්ත්වය ඔහු තම පෑන් තුඩට හසුකරගෙන ඇත.

වැලිතල අතරේ හෙමිහිට බසිනා
නේරංජන නදියේ - ගයා හිස
වැඩ සිට බුදුවුණදා...
තිලෝහිමි - මොක්සුව ලද මොහොතේ
සමාධී... භාවනා


ඒ අයුරින්ම ශ්‍රි මහා බෝධිය අවට හිමාලයේ සිසිලස,නැවුම් සුලඟ රචකයා විචිත්‍රණය කරන්නේ මහා කරු කතරක සිටින්නෙකුට පවා සිසිල් පවන් රොදක් සිරුර සිපගන්නා තරම් අර්ථ ශබ්ධ මාධුර්යක් ජනිත කරවමිනි.මුළු රචනය පුරාම බෝපතක් සැලෙන රිද්මය පවත්වා ගැනීමට රචකයා සමත් වෙයි. දීර්ඝාක්ෂර බහුලව භාවිතා කිරීම නිසා සංගීතමය ගුණය වඩාත් ඉස්මතු වී පෙනෙයි.

හිම කඳුවැටියේ... සීතල හෙවණේ
චන්දන තුරු පීරා
හැපී එන - මල් මුවරද රසිනේ
සමඟ මුසු සීතල මද පවනේ... ගැටීලා
පාවෙනා

මහබෝ වන්නම භක්ති ගීතයක් ලෙස ලේබල් ගැසිය නොහැක.මෙය සැබැවින්ම පරිසර වර්ණනයක් ලෙස සැලකිය හැක.
රචකයා ගීතය අවසාන කරන්නේ අනුරාධපුරයේ ශ්‍රි මහා බොධිය අපට මතක් කර දෙමිනි.සංඝමිත්තා තෙරණියගේ ලංකා සම්ප්‍රාප්තියේ ප්‍රතිපලයක් ලෙස අපට දායද වු ජය ශ්‍රි මහා බෝධි දක්ෂින අංකුරය ලංකා ධරණි තලයේ රෝපණය වු දා පටන් එද නේරංජනාව අබියස දලු කොල සැලු ආකාරයටම දලු බෝපත් සලන බව රචකයා දක්වා සිටියි

සඟ මෙත් මෙහෙණී - දකුණේ ශාඛා
සිරිලක ගෙන ආ දා - සිටම තව
මහ මෙව්නා උයනේ
නටයි කොළ - වන්නම ලෙස මහ බෝ
සූමීරී නාදෙනා

ශ්‍රි ලාංකේය සුභාවිත ගීතයඅද මම ඉදිරිපත් කරන්නෙ සුනිල් එදිරිසිංහයන්ගේ නවතම සංයුක්ත තැටිය තුල අඩංගු වු පසුගිය කාලය තුල බෙහ...
24/11/2011

ශ්‍රි ලාංකේය සුභාවිත ගීතය



අද මම ඉදිරිපත් කරන්නෙ සුනිල් එදිරිසිංහයන්ගේ නවතම සංයුක්ත තැටිය තුල අඩංගු වු පසුගිය කාලය තුල බෙහෙවින්ම ජනප්‍රිය වු ගීතයකි.මෙහි පද රචනය හා තනුව නිමවුයේ තරුණයන් දෙදෙනෙකි.60,70 දශකයේ සිංහල සරළ ගීතයෙ ස්වර්ණයමය දශකය වු අතර ඒය ඉනික්බිතව එය බිඳවැටුන බව නොරහසකි.අසිමිත ලෙස රුපවාහිනි හා ගුවන් නාලිකා ආරම්භ විමත් එව නිසි ප්‍රමිතියකට හසු නොවිමත්,විවෘත ආර්ථිකයෙ බලපෑමත් සමඟ ගීතය හා කලාව වානිජත්වයට ගොදුරු වීමත් ඊට ප්‍රධාන හේතු ලෙස දක්විය හැක.

මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සියා

කලා වැව ලඟ ඉලුක් හෙවනේ
මැටි පලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා

ඉසුරුමුණියෙ නුඹ තැනු
ඒ පෙම්බරිය කොතැනද කියා
මා ඇසු විට හිනැහුනා ඔහු
තවම තනිකඩයයි කියා

ගායනය-සුනිල් එදිරිසිංහ
පද රචනය-රජිව් වසන්ත වෙල්ගම
තනුව-දර්ශන රුවන් දිසානායක

මෙතරන රළු ගලකට බුදු ගුණය ආරෝපණය කීරිම බෙහෙවිම අසිරු කටයුක්තකි.මෙ තරම් සියුමැලිද යන්නෙන් රචකයා කියාපාන්නෙ එයයි.රචකයාට අවශ්‍ය වි ඇත්තේ එම දුෂ්කර කටයුක්ත සිදු කල කළාකරුවාගෙ ජීවිතයට එබි බැලිමයි.

මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සියා


එදා මෙදතුර පහල වු කලාකරුවන්ගෙ ඛේදවාචකය මෙහි ගැබ්ව ඇත.රුවන් වැලි සෑය සමඟ ලියවෙන්නේ දුටු ගැමුනු රජතුමාගෙ නමයි.සිගිරිය සමඟ ලියවෙන්නෙ කාශ්‍යප රජුගෙ නමයි.එම ලෝපතල සුවිශිෂ්ට නිර්මාණ නිමකල කලාකරුවන්ගෙ නම කිසිවෙකු දන්නෙ නැත.එහෙත් මෙ කලාකරුවා අකම්පිත වු උපෙක්ෂාව ප්‍රගුණ කල පිරිසකි.ඔහු බලා සිටින්නෙ කලාවැවේ මැරෙන ඉපදෙන රළ දිහාය.ඔහු ඒ තුලි අනිත්‍ය මෙනෙහි කරනවා විය හැක.සැබැවින්ම ඔහු එම කලු ගලට ආරෝපනය කරන්නෙ ඔහු තම ජීවිත පරිඥනායෙන් ප්‍රගුණ කල එම ගුණයන් විය යුතුය.එම නිර්මාණය කිරිමෙදි පණ නඟින රිදුම් වේදනා පවා ඔහු උපෙක්ෂාවෙන් විඳ දරා ගනියි.

කලා වැව ලඟ ඉලුක් හෙවනේ
මැටි පලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා

මෙහිදි රචකයා කල්පිතයක් ඉදිරිපත් කරයි.ඔහු කලාකරුවාගෙන් විමසන්නෙ ඉසුරුමුනියෙ ඔහු තැනු පෙම්බරිය කොහෙද යනුවෙනි.බොහො විට කලකරුවා අතින් නිමැවෙන්නෙ ඔහුගෙ හද තුල රැඳි නිමිතක් ඔස්සේ වී නිසා ඔහු එම ප්‍රශ්නය ඇසුවා විය හැක.නමුත් ඔහු ලබාදෙන පිලිතුරෙන් රචකයාට එම කලාකරුවා කෙරෙහි අනුකම්පාවක් ගොඩනංවයි.අනුන්ගෙ ආදර නෙලන ඔහු තවම තනිකඩයෙකි.නතිනම් ඔහුගෙ බිරිඳ ඔහුව හැර දමා ගොස් විය හැක.මුතු බෙල්ලෙක් තම වේදනාව මුතු බවට බවට පත් කරන ආකාරෙන් එම කලාකරුවා ඔහුගේ ජීවිතයෙ වේදනා නිර්මාණ බවට පත් කරයි.

ඉසුරුමුණියෙ නුඹ තැනු
ඒ පෙම්බරිය කොතැනද කියා
මා ඇසු විට හිනැහුනා ඔහු
තවම තනිකඩයයි කියා
මා ඇසු විට හිනැහුනා ඔහු
තවම තනිකඩයයි කියා

උත්තරණී 2011 ,දෙසැම්බර් 04 , BMICH  හීදී ප.ව. 7.00 .....
23/11/2011

උත්තරණී 2011 ,දෙසැම්බර් 04 , BMICH හීදී ප.ව. 7.00 .....

18/11/2011

දවසේ පැනය
නිවැරදි පිලිතුර සඳහන් කර සුනිල් එදිරිසිංහ මහතාගේ ස‍යුක්ත තැටියක් දිනා ගන්න

ඩබ්.ඩී.අමරදේව මහතා ගායනා කල මුල්ම ගීතය,එහි පද රචකයා,තනු රචකයා හා එම ගීතය අඩංගු වු චිත්‍රපටිය හා එම චිත්‍රපටිය තිරගත වු වර්ෂය,මාසය හා දිනය කුමක්ද?

17/11/2011

අපි 200 වැනි කඩඉම පසු කල බව සතුටින් දන්වා සිටිමු... ඔබගේ මිතුරන් අතර මෙය හුවමාරු කර මෙයට තව තවත් සහය දක්වන මෙන් ඉල්ලා සිටින්නෙමු... ඔබ සැමට ස්තූතීයි... !!!

17/11/2011

ඔබගේ පහසුව පිනිස දැන් මෙම පිටුවේදීම ඔබ හට මෙම ගීත ශ්‍රවනය කිරීමේ පහසුකම ලබා දුන් බව සතුටින් දන්වා සිටිමු... !!

ශ්‍රි ලාංකේය සුභාවිත ගීතය... සුභාවිත ගී ඉඩොරයට ඇද හැලෙන මහ වරුසාව...

දවසේ සුභවිත ගීතයමෙය එඩ්වඩ් ජයකොඩි ගායනා කරන තරමක වේග රිද්ම ගීතයකි.එම වේග රිද්මයෙන් සුනුල් ධර්මසේන උත්සාහ කරන්නේ තරුණයාගේ...
13/11/2011

දවසේ සුභවිත ගීතය


මෙය එඩ්වඩ් ජයකොඩි ගායනා කරන තරමක වේග රිද්ම ගීතයකි.එම වේග රිද්මයෙන් සුනුල් ධර්මසේන උත්සාහ කරන්නේ තරුණයාගේ චිත්ත වේග පිලිඹිබු කිරිමට බව මට හැඟේ.එසේම හේමසිරි හල්පිටයන්ගේ ගීත වල සුවිශේෂ ලක්ෂණය වනුයේ සරළ බස් වහරයි.නමුත් එම සරළත්වය යටින් එක්තරා කතාවක් විචිත්‍රණය කිරිම ඔහුගේ බොහෝ ගීත වල දක්නට ලැබේ.එය මෙමෙ ගීත්යෙත් මනාව විශද කරයි.

නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි
කරන චෝදනා මොනවදෝ කියා නොමතැවෙයි
නැඟෙන වේදනා තුරුණු මා වියෙ අපමණයි
අචල ආදරේ රැදුනේ ඔබ කෙරේ එලෙසමයි

ඉවත පාවෙලා යන්න හිතුනෙදෝ මා කෙරෙන්
වෙන අයෙක් කෙරෙ බැඳුනදෝ ඔයා ආදරෙන්
සිහිනයක් ලෙසින් බොඳ වෙලා නොයන් මා සිතින්
හිනැහිලා බලා සනසවන්න මා ඔය නෙතින්

අසරණයි මෙමා වැරදි නැ කරේ කිසිදිනේ
ඔබෙ සිතෙ සමා දෙනු මැනේ ලඳේ පා සෙනේ
හදවතින් බිඳි වේදනා සුසුම් පාවුනේ
නැතිවදෝ අපෙ සිත් එදා ලෙසින් පාවුනේ

ගායනය-එඩ්වඩ් ජයකොඩි
පද රචනය-හේමසිරි හල්පිට
තනුව-සුනිල් ධර්මසේන

මෙම ගීතය පුරාවට දැක්වෙන්නෙ පෙම්වතා පෙම්වතියෙන් සිදු කරන ආයචනයකි.ඔවුන් අතිතයේ සමීප පෙම්වතුන් ලෙස සිට ඇත.නමුත් එය වර්තමානයේ ගිලිහෙමින් පවති.නමුත් එයට හේතුව කුමක්දයි පෙම්වතා නොදනි.ඔවුන් මල් උයනක,වෙරල කොනක අත් වැල් පටලා මුමුන මුමුන එකට ඇවිද යන්නට ඇත.නමුත් අහ එම ජීවිතය පෙම්වතාට අහිමිය.පෙම්වතිය ඔහොට විවිධ චෝදනා ඉදිරිපත් කර කල්පනා ලොව නිමග්නව මුනිවත ආරක්ෂා කරයි.

නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි
කරන චෝදනා මොනවදෝ කියා නොමතැවෙයි
නැඟෙන වේදනා තුරුණු මා වියෙ අපමණයි
අචල ආදරේ රැදුනේ ඔබ කෙරේ එලෙසමයි

පෙම්වතිය වෙනයම් කිසිවෙකු සමඟ ඇසුරක පැටලිද යන්න ඔහු හරිහැටි නොදනි.ඔහු එය පෙම්වතියගෙන් විමසයි.

ඉවත පාවෙලා යන්න හිතුනෙදෝ මා කෙරෙන්
වෙන අයෙක් කෙරෙ බැඳුනදෝ ඔයා ආදරෙන්
සිහිනයක් ලෙසින් බොඳ වෙලා නොයන් මා සිතින්
හිනැහිලා බලා සනසවන්න මා ඔය නෙතින්

මෙයින් පෙම්වතාගේ ඇති අසරණභාවය මනාව විශද කරයි.ඔහු ඇයට කිසිම වරදක් කර නොමැත.නමුත් ඔහු ඇයගෙන් සමාව ආයාචනා කරයි.අතීත සුන්දර ප්‍රේමය ආදර නටඹුමක් හෝ ස්වප්නයක් පමනක් වීමට ඉඩහැර බලා සිටිමට තරම් අද ඔහු අසරණ වී ඇත.

අසරණයි මෙමා වැරදි නැ කරේ කිසිදිනේ
ඔබෙ සිතෙ සමා දෙනු මැනේ ලඳේ පා සෙනේ
හදවතින් බිඳි වේදනා සුසුම් පාවුනේ
නැතිවදෝ අපෙ සිත් එදා ලෙසින් පාවුනේ

දවසේ සුභාවිත ගීතයඅද ඉල් පුර පස පසළොස්වක පොහොය දිනයයි.එම නිසා අද දවසේ සුභාවිත ගීතය ලෙස බුදු ගුණ ගීතයක් ඉදිරිපත් කීරිමට හි...
10/11/2011

දවසේ සුභාවිත ගීතය


අද ඉල් පුර පස පසළොස්වක පොහොය දිනයයි.එම නිසා අද දවසේ සුභාවිත ගීතය ලෙස බුදු ගුණ ගීතයක් ඉදිරිපත් කීරිමට හිතුවා.සිංහල බෞද්ධ ගීතය පිලිබඳ කතා කරන විට වික්ටර් රත්නායක-ප්‍රේමකීර්ති අල්විස් යන සුසංයෝගය කතා නොකරම බැහැ.අද ඉදිරිපත් කරන ගීතයත් එතුමන් දෙදෙනාගේ එකතුවෙන් නිම වු ගීතයක්.

සාගර ජලය මදි හිමි ගුණ ලියන්නට
අහසේ තාරකා මදි ගුණ ගනින්නට
පොළොවෙ වැලි වලින් බැ ගුණ මනින්නට
හඳටත් ඉරටවත් බැ ගුණ කියන්නට

සුලඟට බැරිය අපමන ගුණ බෙදන්නට
හඬකට බැරිය නිම් නැති ගුණ ගයන්නට
පසතුරු නදටවත් බැ ගුණ වයන්නට
දෙසවන මදිය හිමි වරුණය අසන්නට

දෙතොලට බැරියහිමි සිරිපාද දොවන්නට
පින්නට බැරිය හිමි සිරිපද තෙමන්නට
මිනිසත් භවය ලත් මට බැරි ලබන්නට
මල කර පින කවර ඔබ ලඟ මියෙන්නට

ගායනය සහ තනුව-වික්ටර් රත්නායක
පද රචනය-ප්‍රේමකීර්ති ද අල්විස්

බුද්ධ විෂය අචින්තයි.බුදු ගුණය අපිරිමිතයි.බුදු ගුණය උපමා මඟින් විස්තර කරමින් ගීත ප්‍රබන්ධනයට ප්‍රේමකීර්ති තරම් සමතෙක් මම ගීත ක්ෂේත්‍රය තුල දැක නැත.ඔහු බුදු ගුණය විස්තර කිරිමට යොදන උපමාරූපක සාකල්‍යෙන්ම ඊට ගැලපේ.මුල්පද පේලි දහයේදීම ඔහු උපමා දහයක් යොදගෙන භෞතික වස්තුන් උපමා කරගෙන බුදු ගුණය විස්තර අතිශයින්ම අසිරු කාර්යයක් බව විස්තර කරයි.
මෙම ගීතයේ අවසාන පද දෙක මෙම ගීතයේ සම්පූර්ණ සාරාංශයම කැටි කරගත් පද දෙක ලෙස පෙනි යයි.ප්‍රේමකීර්තින් ශුරින්ගේ මෙම උපමාව ඔහුගේ ගීත කිහිපයකම විවිධකාරයෙන් අඩංගු වු අයුරු මට මෙහිදි මෙනෙහි කල හැක.

සම්ඳු පාමුල පිදෙන විලසින්
නා මලක් වී මා මලත් කම් නැහැ

එසේම තවත් ගීතයක ඔහු මෙසේ සටහන් කර තිබෙනවා.මෙම ගීතයෙද ඔහුට බුදු රදුන් ඉදිරියෙ ඔහුගෙ කුදු බව නිරුපණය කීරිම ඔහුගේ අරමුණ වී තිබේ.
මලක වන්නට නොහැක හිමියනි මිනිස් බව ලැබසිටින මා හට
මලක් අද ඔබ දෙපා පාමුල විඳින සිසිලස නොමැත මා හට
මලක් පෝ දා මගෙ ජීවය ඔබේ පාමුල පරවුණා වේ

දවසෙ සුභාවිත ගීතයඅද මම ඉදිරිපත් කරන්නෙ ටී.එම් .ජයරත්න විසින් ගායනා කරන ඔහුගේ බිරිඳ වන මාලිනි ජයරත්න රචනා කරන ලද රෝහණ වීර...
09/11/2011

දවසෙ සුභාවිත ගීතය


අද මම ඉදිරිපත් කරන්නෙ ටී.එම් .ජයරත්න විසින් ගායනා කරන ඔහුගේ බිරිඳ වන මාලිනි ජයරත්න රචනා කරන ලද රෝහණ වීරසිංහගේ අමයුරු සංගීතයෙන් හැඩ වු ගීතයක්.මෙහි මුල් පද පේලිය දුටු විටම මෙය මව් ගුණ ගීතයක් ලෙස වැරදි වැටහීමකට පත් වෙන්න පුලුවන්.තව දුරටත් ගීතය ඉදිරියට අසන විට මෙය පිය ගුණ ගීතයක් ලෙස සිතන්නට පුලුවන්.ඔබෙ එසේ සිතුවානම් ඔබෙ නිගමන දෙකම සාවද්‍යයි.සැබවින්ම මෙම ගීතය තුලෙන් විශද වන්නෙ පියෙකුගෙ භාව ප්‍රකාශයකි.නැතහොත් පියෙකුගෙ චිත්ත සන්තානයේ උපදින හැඟිම් ප්‍රකාශනයක් ලෙස දැක්විය හැකියි.මෙම පියෙකුගේ සිතේ උපදින භාවයන් මවක් විසින් තෙලි තුඩට හසු කර ගැනිම මෙම ගීතය තුල ඇති තවත් විශේෂත්වයකි.

අම්මා සඳකි
මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳින් ඔබෙ ලෝකය එළිය වුනි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි
පිය සෙනෙහසට කවි ගී ලිය වුනා මදි

සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ
කුසයෙ නොදැරුවත් දිවිබර මට දැනුනි
මහ මෙරකට උසයි දරු පෙම හඳ පතුලෙ
පුදුමයි පුතුනි කිම මගේ ලේ කිරි නොවුනේ

මවකට මුවාවී නුඹ වෙත දිරි දුන්නෙ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නෙ
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ.

ගායනය-ටී.එම්.ජයරත්න
පද රචනය-මාලිනි ජයරත්න
තනුව-රෝහණ වීරසිංහ

මෙහි රචකයා පලමුව උපමා රූපක ඔස්සේ පිය සෙනෙහස විස්තර කරන අයුරු විශිෂ්ටයි.මෙහි මව සඳටද පියා හිරුටද දු දරුවන් ලෝකයටද උපමා කර ඇත.සැබැවින්ම සඳට ආලෝකය ලබාදෙන්නෙ හිරුය.නමුත් ලෝකයට දෘෂ්‍යමාන වන්නේ සඳුගේ ආලෝකය පමණි.එනම් පිය සෙනෙහස බොහො විට ගුප්ත,අදෘෂ්‍යමාන සෙනෙහසකි.දරුවන්ට දිස් වන්නේ මවගේ විවෘත වු සෙනෙහස පමණි.කෙසේ වුවත් ලෝකයෙ නැතිනම් දරුවන්ගේ පැවැත්මට හිරු සඳු දෙකේම සුසංයෝගය අත්‍යවශ්‍යය.
අම්මා සඳකි
මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳින් ඔබෙ ලෝකය එළිය වුනි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි
පිය සෙනෙහසට කවි ගී ලිය වුනා මදි

මෙයින් පියාගේ භාවයන් උද්දීපනය වේ.මෙහි ඔහු දරුවාගෙන් අසන පැනය මෙයයි.දසමසක් කුස තුල නොදැරුවත් දරුවන්ගේ අනාගත්ය සාක්ෂාත් කීරිම අරඹයා දිවි බර කරට ගන්නෙ පියායි.දරුවන්ගේ රුධිරගත සහසම්බන්ධය පවතින්නේ පියාටයි.
සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ
කුසයෙ නොදැරුවත් දිවිබර මට දැනුනි
මහ මෙරකට උසයි දරු පෙම හඳ පතුලෙ
පුදුමයි පුතුනි කිම මගේ ලේ කිරි නොවුනේ

අවසානය පිය හැඟිම් වල උත්කෘෂ්ටම අවස්ථාවට එළඹේ.ඔහු මුලු සමාජ සංහතියෙන්ම පැනයක් අසයි.දරුවා ඉපදුන දා සිටම මවගේ පිටුපසින් ගොඩනැගුණු අද්වීතිය සෙවනැල්ල පියායි.නමුත් බොහො විට දරුවන්ට ගොචර වනුයේ මවගේ සෙනෙහස පමණි.ඔහු සමස්ථ සමාජයටම නගන පැනය මෙයයි.
මවකට මුවාවී නුඹ වෙත දිරි දුන්නෙ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නෙ
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ.

අපගේ බ්ලොග් පිටුව මේ මොහොතේ සිට අන්තර්ජාලයට දියත් කල බවත් වැඩිදෙනාගේ ඉල්ලීම පිලිබඳව සලකා අප විසින් ඉදිරිපත් කරනු ලබන ගීත...
06/11/2011

අපගේ බ්ලොග් පිටුව මේ මොහොතේ සිට අන්තර්ජාලයට දියත් කල බවත් වැඩිදෙනාගේ ඉල්ලීම පිලිබඳව සලකා අප විසින් ඉදිරිපත් කරනු ලබන ගීතයන් මෙහිදී ඔබ වෙත ශ්‍රවනය කිරීමට පහසුකම් ඉදිරියෙදී ලබා දීමට කටයුතු කරමින් පවතින බව සතුටින් දන්වා සිටිමු...

දවසේ සුභාවිත ගීතයඅද මම ඉදිරිපත් කරන්නෙ විශිෂ්ට කළාකරුවන් තිදෙනෙකුගේ සුසංයොගෙයෙන් නිර්මාණය වු ගීතයක්.ගීතයේ තේමාව වි තිබෙන...
05/11/2011

දවසේ සුභාවිත ගීතය


අද මම ඉදිරිපත් කරන්නෙ විශිෂ්ට කළාකරුවන් තිදෙනෙකුගේ සුසංයොගෙයෙන් නිර්මාණය වු ගීතයක්.ගීතයේ තේමාව වි තිබෙන්නෙ පාසැල් ප්‍රේමය පිළිබඳවයි.සිංහල ගීත ක්ෂේත්‍රය තුල පාසැල් ප්‍රේමය පිලිබඳ ගීත බොහොමයක් රචනා වි තිබෙනවා.උදාහරණයක් ලෙස මගෙ මතකයට එන ගීත කිහිපයක් දක්වන්න පුලුවන්.සිසිර-ඉන්ද්‍රාණි යුවල ගායනා කරන ආදරෙ මං ආදරෙ,ප්‍රියා සූරියසේන ගායනා කරන සුදු පරවි රෑණ සේ ඉන් කිහිපයක්,එසේම සනත් නන්දසිරි මහතාගෙ නයනාවි හා දයාරත්න රණතුංග මහතා ගයනා කරනා රූං පෙත්ත වැනි ගීතද පාසැල් ප්‍රේමය තරමක් හෝ මුසු වු ගීත ලෙස මට දක්වන්න පුලුවන්.ඉදිරියෙදි මෙම ගීත සියල්ලම එකට ගෙන සමානකම් හා වෙනස්කම් දක්වන්න මම බලාපොරොත්තු වෙනවා.


සුලඟේ පාවී
ඈ වෙත යාවි
මා සිතු සිතුම්
සිහින විමානෙන් ගෙනා
මා පැතු පැතුම්
සිහින විමානෙන් ගෙනා
මා සිතු සිතුම්

පාසැලේදි මා දිහා
නෙත් කොනින් බලා
ඒ කියු රහස් කතා
නැ සැබැ වුනේ

ගී පොතේදි මා ලියු සෝක ගීතයෙ
උල්පතයි ඔබේ නෙතින්
හෙලු බැලුම් ප්‍රියේ


ගායනය-මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය-කරුණාරත්න අබේසේකර
තනුව-ක්ලැරන්ස් විජේවර්ධන

මෙම පද රචනය තනුවට සැකසු පද මාලාවක් ලෙසයි මාගේ මතකය.නමුත් පද රචකයාගේ හැකියාව නිසා අපට එහි වෙනසක් නොහැඟේ.

මෙහි කථකයා පාසැල් ජීවිතය පසු කල පුද්ගලයෙකි.ඔහුට වර්තමානයේ ඉතුරු වී තිබෙන්නේ පාසැල් වියේ ගත කල සුන්දර කාල පරිච්ඡේදය පමණි.භද්‍ර යෞවනයෙදි ඇති කුලුදුල් ප්‍රේමය නටඹුන් වී ඔහුගේ සියලු ප්‍රාර්ථනා,බලාපොරොත්තු සිහින විමානයක් බවට පත් වී ඇත.

සුලඟේ පාවී
ඈ වෙත යාවි
මා සිතු සිතුම්
සිහින විමානෙන් ගෙනා
මා පැතු පැතුම්
සිහින විමානෙන් ගෙනා
මා සිතු සිතුම්


නෙත් කොනින් කරන ඉඟි බිඟි පාසැල් ප්‍රේමයට අමුත්තක් නොවේ.කථකයාටද එය හුහුරු අත්දැකිමක් නොවේ.නමුත් එම රහසින් සිදු කල ආමන්ත්‍රණයන් සැබැවක් වී නොමැත.
කොහොමත් පාසැල් ජීවිතය අවසාන වනුයේ එකිනෙකා විවිධාකාර අන්තයන් තුල රඳවාය.පිරිසක් සරසවියට සුදුසුකම් ලබයි.තවත් කොටසක් විවිධ පාඨමාලා,රැකියා වලට අනියුක්ත වෙයි.තවත් පිරිසක් නිවෙස්ගත වෙයි.මේ තත්ව ඔස්සේ පාසැල් ප්‍රේමය යථාර්තයක් වනුයේ ඉතාම අතලොස්සකටය.

පාසැලේදි මා දිහා
නෙත් කොනින් බලා
ඒ කියු රහස් කතා
නැ සැබැ වුනේ

ගී පොතේදි මා ලියු සෝක ගීතයෙ
උල්පතයි ඔබේ නෙතින්
හෙලු බැලුම් ප්‍රියේ

02/11/2011

රසිකයන් 100ක් ඉතා කෙටි කලකදි !!!..... වැලලී යන ශ්‍රි ලාංකේය සුභාවිත ගීතය නගා සිටුවීවමට අප ගන්න උත්සහයට ඔබෙන් ලැබෙන ආශීර්වාදය අගේ කොට සලකමු... !!! ස්තූතියී... !

දවසෙ සුභාවිත ගීතය...අද මම ඔබලාට ඉදිරිපත් කරන්නට සැරසෙන්නෙ 1975 වසරේ තිරගත වු මැද මාවතේ අධ්‍යක්ෂකවරයා ලෙස ප්‍රකට එච්.ඩී.ප...
31/10/2011

දවසෙ සුභාවිත ගීතය...


අද මම ඔබලාට ඉදිරිපත් කරන්නට සැරසෙන්නෙ 1975 වසරේ තිරගත වු මැද මාවතේ අධ්‍යක්ෂකවරයා ලෙස ප්‍රකට එච්.ඩී.ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කල සිකුරුලියා චිත්‍රපටියෙ අඩංගු වු ගීතයක්.මෙම මා දකින ප්‍රධානම විශේෂත්වය වන්නෙ ක්ලැරන්ස් විජෙවර්ධනගේ තනුවයි.කණ්ඩායම් සංගීතයට සම්බන්ධ වී සිටි නිසා ඔහු අතින් නිමවු බොහෝ තනු 6.8 හෙවත් වේග රිද්මයෙ තනු වුවත් මෙම තනුව ඒවාට බොහො වෙනස් ආකෘතියක් තුල ගොඩනැගි ඇත.අග්‍රගන්‍ය කලාවේදි ධර්මසිරි ගමගේ මහතාගේ පද රචනය හා මිල්ටන් පෙරේරාගේ ශෝකාකූල කටහඬ මෙම ගීතයට අමුතුම රසයක් ගෙනදෙන බව නොරහසකි.

කොමල ලියා බොලඳ ලියා මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා

ගත සීතල පහස ලබා
ලැම රන්වන් සුවඳ සොබා
මුව මී රොන් ලැබුව මෙමා
සිකුරුලියා
මාව දමා යන්න ගියා

නෙත ඇඳි රුව ඔබය සුදු
අද ඒ නෙත කඳුලු බිඳු
ආදරයෙන් ඔබව හැදු සිකුරු ලියා
මාව දමා යන්න ගියා සිකුරු ලියා

ආදරයෙන් ඔබ හින්දා
මා මනසෙන් දුක් වින්ඳා
පාලුව ලඟ මා රන්දා
සිකුරුලියා
මාව දමා යන්න ගියා
සිකුරුලියා

ගායනය-ජේ.ඒ.මිල්ටන් පෙරේරා
පද රචනය-ධර්මසිරි ගමගේ
තනුව-ක්ලැරන්ස් විජේවර්ධන

උම්මග්ග ජාතකයේ එක් කතාවක ලකුණ්ටකයෙක් රූමත් කාන්තාවකට කල ආදරයක් පිලිබද දැක්වේ.චිත්‍රපටිය දිවෙන්න එම තේමාව තුලයි.
මෙම ගීතය තුලද රචකයා ජනිත කරන්නේ ලකුණ්ටකයා එම තරුනියට සිතින් කරන ආදරය පිලිබදවයි.
මුල් පද පේලි තුලින් ඔහුගෙ චිත්ත සන්තානයේ නැගෙන වියෝගය හෙවත් විප්‍රලම්භ ශෘංගාරය විශද කරයි.

කොමල ලියා බොලඳ ලියා මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා


දෙවැනි පද පේලි තුලින් තරුණයා ඇය සමඟ ඇසුරක් පැවත්වු බව නීරුපණය කරත් චිත්‍රපටියට අනුව මෙය ඔහුගෙ සිතේ හට ගන්නා වු චිත්ත රුපයක් හෙවත් මවා ගැනිමක් පමණයි.

ගත සීතල පහස ලබා
ලැම රන්වන් සුවඳ සොබා
මුව මී රොන් ලැබුව මෙමා
සිකුරුලියා
මාව දමා යන්න ගියා

තුන්වන පේලි තුලින් ඔහුට තරුණිය කෙරෙහි පවතින බලවත් අවශ්‍යතාවය හ ආදරය පෙන්නුම් කරයි. අවසානේදි ඔහු ඇය වෙනුවෙන් විදි වේදනාව ඔස්සේ වියොගය තිව්‍ර කරයි.

ආදරයෙන් ඔබ හින්දා
මා මනසෙන් දුක් වින්ඳා
පාලුව ලඟ මා රන්දා
සිකුරුලියා
මාව දමා යන්න ගියා
සිකුරුලියා

මෙම ගීතයේ පවතින විශේෂත්වය වනුයේ චිත්‍රපටියේ තෙමාවට මනාව උචිත වන ලෙස නිමවා තිබිමත් චිත්‍රපටියෙන් පරිබාහිරව විශිෂ්ට විරහ ගීයක් ලෙස ආඝ්‍රගණ්‍ය කල හැකි වීමත්ය.

දවසේ සුභාවිත ගීතය-ඉදිරිපත් කිරිම ලකිඳු අෂාන් පීරිස්අද මම ඉදිරිපත් කරන්න්නේ තරමක් විශේෂිත වු ගීතයක්.මෙම ගීතය විශිෂ්ට කලාක...
30/10/2011

දවසේ සුභාවිත ගීතය
-ඉදිරිපත් කිරිම ලකිඳු අෂාන් පීරිස්

අද මම ඉදිරිපත් කරන්න්නේ තරමක් විශේෂිත වු ගීතයක්.මෙම ගීතය විශිෂ්ට කලාකරිනියන් ත්‍රිත්වයක් සුසංයෝගයෙන් නිර්මාණය වු ගීතයක්.මෙය රචනා කර ඇත්තේ ගුවන් විදුලි සංස්ථාවේ ජනප්‍රිය නිවේදිකාවක්ව සිටි දයා ද අල්විස් මහත්මියයි.නිරන්ජලා සරෝජනි මහත්මියගෙ සුමදුර ගායනයෙන් මෙය හඩ වන අතර නන්දා මාලිනියන්ගෙ තනුව මෙම ගීතය මනා හැඩතලයක් මුසු කරයි.මෙම ගීතය අතිතයෙ පෙම් යුවලක්ව සිට පසුව වෙන් වුන ප්‍රේමවන්තයට ප්‍රේමවන්තිය සිදු කරන ආමන්ත්‍රණයක් ලෙස දැක්විය හැක.

අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ
නොසිතූ මොහොතක
ඇයි දෝ යළි ආවේ

පෙර දා මෙන් හද මල් පිපුණා දෝ
සතුටු කඳුළු නුවනග මිදුනාදෝ
අතීත ආදර නටබුන් අතරේ
මන්දිර මැව්වාදෝ

සොවක් නැතේ නොසිතනු මැන සංකා
ඔබෙන් ලබනු කුමට ද අනුකම්පා
රජෙකුට හිමි වූ මා දැන් රැජිණකි
සතුටයි කිරුළ අපේ

හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ
ඔබෙ ඇරයුම පිළිගන්න හිතක් නෑ
විමසන වදනට පිළිතුරු දෙන්නම්
ළඟකදි ලබන දිනේ

ගායනය-නිරන්ජලා සරෝජනි
පද රචනය-දයා ද අල්විස්
තනුව-නන්දා මාලිනි

ප්‍රේමවන්තියට අනුව ඔහු ඇයට ඔහුව අවශ්‍ය මොහොතෙ ඇයව අත හැර ගොස් ඇති අතර නැවත් අනපෙක්ෂිත මොහොතක ඇයගෙ ඇසුර පතයි.නමුත් ඇයට ඔහුව දැන් අවශ්‍ය නොවන උපමාරූපක මගින් පැහැදිලි කරයි.අවාරයෙ ඇද හැලෙන වරුසාවකින් කිසිදු පල ප්‍රයෝජනයක් නොලබෙන අතර එයින් සිදු වන්නෙ පාඩුන් පමනි.එසෙම අසුබ දිනකදි පැමිනෙන සුභ පැතුමකින් ලබා ගත හැකි ආහ්ලාදයක් නොමැත.
අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ
නොසිතූ මොහොතක
ඇයි දෝ යළි ආවේ

ඔවුන් දෙදෙනා අතිතයේ ඉතා සමිප ප්‍රේවන්තයන් ලෙස සිට ඇත.ඔවුනොවුන් හමු වීම එදා ඔවුන්ට අතිශය ආශ්වාදයක් ගෙන දෙන්නක් විය.
පෙර දා මෙන් හද මල් පිපුණා දෝ
සතුටු කඳුළු නුවනග මිදුනාදෝ

එම අතීත ආදර මතකයන් ඔස්සේ තරුණයා තුල ආදරයේ දළු ලියලමින් පවති.
අතීත ආදර නටබුන් අතරේ
මන්දිර මැව්වාදෝ

තරුණියට නැවතත් ඔහු සමඟ ඇසුරක් ආරම්භ කල නොහැක්.ඇය දන් අලුතින් ජීවිතයක් ආරම්භ කර ඇත.ඇයට දැන් පෙම්වතකු සිටියි.
සොවක් නැතේ නොසිතනු මැන සංකා
ඔබෙන් ලබනු කුමට ද අනුකම්පා
රජෙකුට හිමි වූ මා දැන් රැජිණකි
සතුටයි කිරුළ අපේ

අවසාන පද පේලි තුලින් ඇයව තව දුරත් හමු වීමෙන් කිසිදු පලක් නොවන බව ඇය ප්‍රකාශ කර සිටියි.
හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ
ඔබෙ ඇරයුම පිළිගන්න හිතක් නෑ
විමසන වදනට පිළිතුරු දෙන්නම්
ළඟකදි ලබන දිනේ

කෙසේ වුනත් මෙම ගීතය උඩු පෙල අරුතට යටින් දිවෙන යටි අරුතක් ප්‍රකාශ වන මගෙ අදහසයි.තරුනිය එක හෙලා තරුණයාව ප්‍රතික්ෂේප කලද ඇයගෙ හදවත තුල තවමත් ප්‍රථම ප්‍රෙමය සුන්දර මතක සටහන් ගැබ්ව පවතීයි.ඇය තම ප්‍රේම වියොව නිසා හඬා නොවැටෙන බව පෙන්නුවත් ඇය යටි සිතින් හඬා වැටෙන මෙම පද පෙල සාක්ෂි දරයි.
පෙර දා මෙන් හද මල් පිපුණා දෝ
සතුටු කඳුළු නුවනග මිදුනාදෝ

එසේම මෙය කාන්තාවන් තිදෙනෙකුගෙ නිර්මාණයක් නිසා ඔවුන් ගායනයෙන්.සංගීතයෙන් හා පද රචනයෙන් කාන්තා අභිමානය ප්‍රකාශ කිරිමට වග බලා ගනියි.

~දවසේ සුභාවිත ගීතය~අද අප ඉදිරිපත් කීරිමට සැරසෙන්නෙ සිංහල සිනමාවෙ අසහාය ගායකයානන් වන එච්.ආර්.ජෝතිපාල මහතා විසින් ගායනා කර...
29/10/2011

~දවසේ සුභාවිත ගීතය~


අද අප ඉදිරිපත් කීරිමට සැරසෙන්නෙ සිංහල සිනමාවෙ අසහාය ගායකයානන් වන එච්.ආර්.ජෝතිපාල මහතා විසින් ගායනා කරන ලද චිත්‍රපටි නොවන ගීතයක්.ඔහු විසින් ගායනා කරන ලද බොහො ගීත හිංදි තනු ඔස්සේ නිර්මාණය වුවත් මෙහි ඇති විශේෂත්වය වන්නෙ මෙම ගීතය සරත් දසනායකගෙ ස්වතන්ත්‍ර තනුවකට ගායනා කර තිබිමය.

දිය පොදක් වෙමින් තොල් වියැලෙන් පිපාසෙට
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට
පිපි මලක් වුනා මල් නොපිපුන තඩාගෙට
ඔබ අගෙයි ලඳෙ හෙට අදටත් වඩා මට

අරුත් සුන් වදන් පවසන ගිරව් දොඩමළු
හෙටත් නඟපුදෙන් ඔය කිචි බිචිය සුලු සුලු
තිගැස්සි සනින් ඔබ විය යුතුද බිය ගුලු
දකින්නට ලැබේ අපටත් සිසිල අරුනළු

ඔබෙ පිය වදන් ගෙන දෙන සහන සිතුවිලි
අරන් එයි පෙරා අපමණ සුවය සැනසිලි
සුගන්ධය ලැගුම් ගෙන ඇත අවට වෙලි වෙලි
මගෙ රන්මලි කුමටද සලෙන සළුපිලි

ගායනය-එච්.ආර්.ජෝතිපාල
පද රචනය-කරුණරත්න අබේසේකර
තනුව-සරත් දසනායක

මුල් පද පේලි හතරෙන් තරුණයාගෙ නිදැල්ලෙ ගත් වෙමින් තිබු ජීවිතය තරුණිය මුණගැසිමත් සමඟම වෙනස් වු ආකාරයත් ඔහුට ඇය පිලිබඳ ඇති අපෙක්ෂාවත් විශද කරයි.
දිය පොදක් වෙමින් තොල් වියැලෙන් පිපාසෙට
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට
පිපි මලක් වුනා මල් නොපිපුන තඩාගෙට
ඔබ අගෙයි ලඳෙ හෙට අදටත් වඩා මට

දෙවැනි පද පෙල රචකයා තුල පවතින ප්‍රතිභාව මැනවින් විශද කරයි.බොහො විට තරුණයා හ තරුණිය සමාජ මට්ටම් දෙකක බව පෙනේ.එම නිසා ඔවුන්ට එරෙහිව විවිධ කට කතා පැතිරෙයි.එය රචකය දක්වා ඇත්තෙ මෙසේයි.
අරුත් සුන් වදන් පවසන ගිරව් දොඩමළු
හෙටත් නඟපුදෙන් ඔය කිචි බිචිය සුලු සුලු

නමුත් එවාට බිය නොවන්නයයි තරුණය ඉල්ලා සිටින අතර ඔවුන්ට නුදුරෙදි එක් වීමට හැකි වනු ඇතයිද පවසා සිටිනවා.
තිගැස්සි සනින් ඔබ විය යුතුද බිය ගුලු
දකින්නට ලැබේ අපටත් සිසිල අරුනළු

අවසන් පද පේලි තුලින් අපෙගෙ අනුමානය නිවැරදි බව පසක් වෙනවා.එනම් තරුණිය දිලිදු කතක් වුවත් ඇයගෙ ඇසුර ඔහුට අප්‍රමාණ සැනසිල්ලක් ගෙන දෙන බවත්ය.

ඔබෙ පිය වදන් ගෙන දෙන සහන සිතුවිලි
අරන් එයි පෙරා අපමණ සුවය සැනසිලි
සුගන්ධය ලැගුම් ගෙන ඇත අවට වෙලි වෙලි
මගෙ රන්මලි කුමටද සලෙන සළුපිලි

Address


Website

Alerts

Be the first to know and let us send you an email when ශ්‍රි ලාංකේය සුභාවිත ගීතය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share