සිංහලේ සිංහයන්

  • Home
  • සිංහලේ සිංහයන්

සිංහලේ සිංහයන් අපි සිංහලුන් වෙනුවෙන් හඩ නගන,සිංහලුන් වෙනුවෙන් පෙනි සිටින පිරිසක් වෙමු.

රටේ පාලකයා හොරකම් කලොත් මොකද වෙන්නේ?
30/10/2021

රටේ පාලකයා හොරකම් කලොත් මොකද වෙන්නේ?

සතපහක් වත් නොගෙන ලෙඩ හොඳ කරන ආධ්‍යාත්මික ගමනක් යන තරුණයා.ඔහු නමින් විරන්ත මදුසංක.facebook- Virantha Madusanka

26/09/2021

කෝපය ජයගමු

16/09/2021

☸️දුර්ලභ දසුනක්
අති උතුම් රුවන්වැලිසෑ රදුන්ගේ තැන්පත් කෙරූ චූඩා මාණික්‍ය

15/09/2021

දෙමාපියන්ට ඔබෙන් විය යුතු යුතුකම් මොනවාද?

11/09/2021

නිර්මාංශ වීමේ වැදගත්කම...

දළඳා පෙරහැර යනු අපේ උරුමයයි. අලි ඇතුන් පෙරහැර සංස්කෘතියට භාවිතා වූයේ රජකාලයේ පටන්මය.ගෙදර හදන සුනඛයන් බැඳ බෙල්ලට පටියක් ද...
11/09/2021

දළඳා පෙරහැර යනු අපේ උරුමයයි.
අලි ඇතුන් පෙරහැර සංස්කෘතියට භාවිතා වූයේ රජකාලයේ පටන්මය.ගෙදර හදන සුනඛයන් බැඳ බෙල්ලට පටියක් දමා සාදන මිනිසුන් පෙරහැරට අලි ඇතුන් යොදාගත්විට උරණවෙයි. මෙයද සත්ව කරුණාව?කුකුළන් , ඌරන්, හරකුන් , එලුවන් හා මාළුන් මරා මස් කෑවාට ගැටලුවක් නැත. NGO නඩ වලින් මුදල් ගරා ගැනීමට සැරසෙන මෙවන් සංවිධාන වලට ඔබ එරෙහිවිය යුතු කාලයයි.
පහත instagram පිටුව එයට එක් උදාහරණයකි. මෙවැනි බඩගෝස්තරවාදීන්ට විරුද්ධ වෙමු. Report කර සහය දක්වන්න

https://instagram.com/rare_srilanka

09/11/2020
15/09/2020
13/09/2020

සියල්ලන්ට කෙරෙන කාරුණික සමාරාධනයයි!

09/09/2020

හැටන්වල දී අල්ලපු හොර දොස්තර ළමයි 14 දෙනෙකුගේ පියෙක්
වැඩි විස්තර: http://ow.ly/modF50BkCRs

13/08/2020
04/08/2020

මනාපය කාටද?

පක්ෂය කුමක් වුවත් ඔබ මනාපය දිය යුත්තේ ජාතියක් ආගමක් ඇති එකෙකුටය.

ජාතිකත්වය පෙර දැරි කරගෙන ජීවත් වන පොලවට ආදරය කරන මිනිසුන්ටය.

ජනතා මුදල් හොරා කෑ එවුන්ට නොව,

සිතපල්ලා

සමාජය තුල පිරිහිනු එවුන් ලංවී ඇත්තෙ කුමන අපෙක්ෂකයාටද යන්න ඔහුව ප්‍රතික්ෂේප කිරීමට දෙපාරක් නොසිතන්න.

දෙශපාලනය පැමිණීමට පෙර ජීවන තත්ත්වය සහා දැන් ඔවුන්ගෙ ජීවන තත්ත්වය

ඔවුන් ජීවත්වන නිවස දෙස බලන්න, බිරිඳ දරුවන් ගෙවන ජීවිත දෙස බලන්න ඔබට තීරණය ගැනීමට ඉතා පහසුවනු ඇත.

පට්ට හොරෙක්, කොටි ගනන් ගිල්ල එකෙක් එහෙමත් නැත්තම් පයිල් එක උස්සපු එකෙක් කියා අසා තිබෙනම් උට මනාපය දෙන බුරුවකු නොවන්න.

උබට නොව උබෙ දරුවාට රටක් හැදීමට හොරු, තක්කඩි, අමනයන් පාර්ලිමේන්තුවට නොයවන්න.

උන් දිනු පසු උබ නැවතත් පුරුදු පරිදිම ජීවත් විය යුතු බැවින් අසල්වැසියා සමග සුහදව වාසය කරන්න.

පාට පක්ෂය කුමක් වුවත් බුද්ධිමත් මිනිසුන් පාර්ලිමේන්තු ‍යැවීමට බුද්ධිමත් පුද්ගලයකු වන්න.

විශෙෂයෙන් අප්පච්චි ‍රැක්කා යැයි කියන ගහල අපතයොන්ගෙන් ප්‍රවෙශන් වන්න මොකද උන් රැකෙන්නේ අප්පච්චි නිසාවෙන් වෙන බැවින්,

ඔබ කතිරය ගසන කොටුව ඇතුලට අපෙක්ෂකයා හො උන්ට කඩෙ යන හෙන්චයියන් නොපැනෙන බැවින් උබගෙ මොලය පාවිච්චි කර මනාපය පාවිච්චි කරන්න. එලියට ඇවිත් අහන හැම එකාටම ඔබ මනාපය දුන්නෙ ඔහුට බව කියන්න.

උබව රවට්ටන අපතයන්ව රැවැට්වීමට මෙවැනි අවස්ථාවක් එන්නෙ කාලයකට පසු බැවින් වට්නා අවස්ථාවෙන් ප්‍රයොජනය ගන්න.

සැබෑ ජාතිකවාදය වෙනුවෙන් කාලය,ශ්‍රමය,මිල මුදල් යොදවන අපට දෙශපාලනය අකැප බැවින් හිතවත් අපෙක්ෂක මහතුන් තරහා වීමෙන් වලකින්න, මන්ද යත් අප වෙනස් නොවන බැවින් ඔබවෙනස් වීම හැර වෙන ක්‍රමයක් නොමැති බැවිනි.

මගෙ රටට තෙරුවණ් සරණයි!

වලිමුණි

29/07/2020

කල්‍යාණ මිත්‍රයන් හදුනා ගන්නෙ කෙසෙද?

මුලින්ම අපි කල්‍යාණ මිත්‍රයන් හතර දෙනා හඳුනාගනිමු. මේ අතුරින් පළමුවැනිව, උපකාරක මිත්‍රයා කියන්නේ තමාට උපකාර කරන මිත්‍රයායි. උපකාරක මිත්‍රයා හැඳින්වීමට සිගාලෝවාද සුත්‍රයේදී දේශනා කළා තම මිත්‍රයෙක් සුරා පානයෙන් මත් වූ විට ඔහු ආරක්ෂා කරයි, ඔහුට අයත් දේ ආරක්ෂා කරයි. බියට පැමිණි තැනත්තාට පිහිට වෙයි, වුවමනාවක් වූ විට එය දෙගුණයක් ක‍ර ලබා දෙයි. මේවා උපකාරක මිත්‍රයා හඳුනාගැනීමේ ලක්ෂණයයි.

සමාන සුඛදුක්ඛ මිත්‍රයා යනුවෙන් හඳුන්වන්නේ දුකේදී සැපේදී එක සමානවම පිහිටවන ලබන පුද්ගලයායි. යමකු සැඟවිය යුතු රහස පවා මිත්‍රයාට කියනවා නම්, මිත්‍රයාගේ රහස සඟවාගෙන සිටිනවා නම්, විපත් පැමිණි අවස්ථාවල අත්නොහැර සිටී නම්, මිත්‍රයා පිණිස ජීවිතය වුවත් පරිත්‍යාග කරයි නම් ඒ තැනැත්තා සමාන සුඛදුක්ඛ මිත්‍රයා නමින් හැඳින්වෙයි.

අත්තක්ඛායි යනුවෙන් හඳුන්වනු ලබන මිත්‍රයාගේ ප්‍රධාන ලක්ෂණ කිහිපයක් නම්: යමකු පව්කම් කිරීමෙන් වළක්වා ගනී නම්, කුසල ධර්මවල යොදවයි නම්, අසා නැති ධර්ම ශාස්ත්‍ර ඇසීමට සලස්වනවා නම්, දෙව්ලොවට යන මඟ කියා දේ නම් ඔහු අත්ථක්ඛායි මිත්‍රයකු යනුවෙන් සිගාලෝවාද සූත්‍රයේ හඳුන්වනවා.

අනුකම්පක මිත්‍රයා පිළිබඳ සඳහන් කළොත්: යමකු මිත්‍රයාගේ පිරිහීම දැක නොසතුටට පත් වෙයි නම්, ඒ වගේම දියුණුව දැක සතු‍ටු වේ නම්, දොස් කීම් වළක්වයි නම්, ගුණ කියන අයට ප්‍රසංශා කරයි නම් ඔහු අනුකම්පක මිත්‍රයායි.

මේ මිත්‍රයන් ඇසුරට‍ සුදුසු මිතුරන් ලෙස සිගාලෝවාද සූත්‍රයේ සඳහන් වෙනවා. කල්‍යාණ මිතුරකු තුළ තිබිය යුතු ගති-ලක්ෂණ කිහිපයක් බුදුන් වහන්සේ දේශනා කළා. පළමුව කල්‍යණ මිත්‍රයා සීලවන්ත විය යුතුයි, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කෙනකු විය යුතුයි, ඒ වගේම ධර්ම ඥානය ඇති‍ කෙනෙක් විය යුතුයි, පරිත්‍යාගශීලි බව හෙවත් ත්‍යාගය ඇති කෙනකු විය යුතුයි. කුසල-අකුසල කර්ම කෙරෙහි ප්‍රඥාව ඇති කෙනකු විය යුතුයි.

අනෙක් කාරණාව මේ සීලාදි ගුණ සම්පන්න නිසාම ගරු සම්භාවනීය කෙනකු විය යුතුයි. අද ‍සමාජයේ බොහෝ දෙනකු ගෞරව ලැබුවාට, ගෞරව ලැබීමට සුදුසු ආකාරයේ චරිතාංගයන්ගෙන් යුතු නැහැ. කල්‍යාණ මිත්‍රයා එබඳු කෙනකු නොවිය යුතුයි, මිතුත්වය රඟපාන කෙනකු නොවිය යුතුයි, අන් අයට අවවාද අනුසාශනා දිය යුතුයි. අවවාද යනු: යමෙකුට ‍හොඳ-නරක දෙක කියා දීමට හැකි වීමයි. අනුශාසනා යනුවෙන් හඳුන්වනු ලබන්නේ: වරදක් කරනවා දුටු විට එම වරද නොකරන ලෙස සහ වරදේ ඇති දරුණු ස්වභාවය පිළිබඳ කියා දීමයි. වෙන කෙනකු නින්දා අපහාස කරන විට, තර්ජන ගර්ජන කරන විට ඒවා ඉවසා දරාගැනීමට මානසික ශක්තියක් කල්‍යාණ මිත්‍රයා සතුවිය යුතුයි.

පාපකාරී මිත්‍රයන් හතරදෙනකු පිළිබඳවත් ධර්මයේ සඳහන් වනවා. මේ අය මිත්‍රපතිරූපකයෝ: ‍මිත්‍රයන් වෙසින් හැසිරෙන හතුරෝ. මේ අය හඳුන්වනවා අඤ්ඤදත්ථුහර, වචීපරම, අනුප්පීයභාණි, අපාය සහායක ලෙස.‍ මිත්‍ර ස්වරූයෙන් හැසිරෙන හතර දෙනාගෙන් පළමු වැන්නා අඤ්ඤදත්ථුහර. යමක් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් කටයුතු කරයි නම්, ටිකක් දී බොහෝ දේ බලාපොරොත්තු වෙයි නම් ඔහු අඥදත්ථුහර නම් වේ. ඉකුත් දෙයින් සංග්‍රහ කරයි නම්, ඉදිරියෙන් වන දෙයින් සංග්‍රහ කරයි නම්, අයහපත වන දෙයින් සංග්‍රහ කරයි නම්, යම් කිසි කටයුත්තක් පැමිණි අවස්ථාවක නැතිබැරිකම් කියමින් මඟහරියි නම් ඔහු වචීපරම වෙයි. අනුප්පීයභාණි යනුවෙන් හඳුන්වන්නේ: පව්කම් කිරීම යහපතැයි අනුමත කරයි නම්, මිත්‍රයා ඉදිරිපිට ගුණ කියයි නම්, මිත්‍රයා නැති තැන දොස කියයි නම් ඔහුයි. හතරවැනි, අපහාසයක මිත්‍ර ප්‍රතිරූපකයා අපායට යන්නට උපකාර කරයි. මත් වතුර පානය කරන අවස්ථාවේ මිතුරකු ලෙස කටයුතු කරයි. නොකල්හි වීදී සංචාරය කිරීමට, නැටුම් හල් කරා යෑමට මිත්‍රකම් පායි. දූකෙළියෙහි මිතුරුකම් පායි.

මේ ආකාරයට අප කල්‍යාණ මිත්‍රයන් හා මේ පාප මිත්‍රයන් හැඳින, කල්‍යාණ මිත්‍රයන් ළං කරගත යුතුයි; පාප මිත්‍රයන් දුරස් කළ යුතුයි.

කල්‍යණ මිතුරකුගේ තුළ තිබිය යුතු ගති ලක්ෂණ කිහිපයක් බුදුන් දේශනා කළා. පළමුවැන්න නම් "ශියෝච "සීලාධී ගුණ ධර්මවලින් යුක්ත පුද්ගලයෙකු විය යුතුයි. කල්‍යණ මිත්‍රයා සීලවන්ත විය යුතුයි. තෙරුවන් කෙරෙහි සද්ධාව ඇති කෙනෙකු විය යුතුයි. ඒවගේම ධර්ම ඥානය ඇති‍ කෙනෙකු වියයුතුයි. මෙය ස්වථය නමින් හැදින්වෙනවා. පරිත්‍යාගශිලි බව හෙවත් ත්‍යාගය ඇති කෙනෙකු විය යුතුයි. කුසල අකුසලකර්ම කෙරෙහි ප්‍රඥාව ඇති කෙනෙකු විය යුතුයි. මිනිසුන්ට ප්‍රියමනාප වීම කල්‍යාණ මිත්‍රයාගේ පළමු ලක්ෂණයයි. අනෙක් කරුණ 'ගරු' කියන්නේ ගෞරවනීය කෙනෙකු විය යුතුයි. සීලය, සද්ධාව, ධර්මඥානය නම් ස්වතය ,ත්‍යාගවන්ත බව, ප්‍රඥාවන්ත බව නැමැති ගුණ ධර්ම නිසාම තමන්වහන්සේ ගෞරනීයයි.

අනෙක් කාරණාව භාවණීයෝ වෙයි. එයින් හදුන්වන්නේ සීලාධි ගුණ සම්පන්න නිසාම ගරු සම්භාවනීය කෙනෙකු විය යුතුයි. ගෞරවනීය සහ ගෞරව ලබන කෙනෙක් වීම මෙහිදී ප්‍රමුඛ වෙයි. අද ‍සමාජයේ බොහෝ දෙනෙකු ගෞරව ලැබුවට නමුත් ඔවුන් ගෞරව ලැබීමට සුදුසු ආකාරයේ චරිතාංගයන්ගෙන් යුතු නැහැ. කල්‍යණ මිත්‍රයා එබදු කෙනෙකු නොවිය යුතුයි. රඟපාන කෙනෙකු නොවිය යුතුයි. 'වත්ථාච' යනුවෙන් හදුන්වන්නේ අවවාද අනුසාශනා ලබාදිය හැකි කෙනෙක් වීමයි. අවවාද යනු යමෙකුට ‍හොද නරක දෙක කියා දීමට හැකිවීමයි. අනුශාසනා යනුවෙන් හඳුන්වන්නේ වරදක් කරනවා දුටු විට එම වරද නොකරන ලෙස සහ වරදේ ඇති දරුණු ස්වභාව පිළිබදව කියා දීමයි. 'වචක්ඛමෝ' යනුවෙන් හඳුවන්නේ වෙන කෙනෙකු නින්දා අපහාස කරන විට අපහාස ,තර්ජන ගර්ජන ,කරන විට අවමාන කරන විට ඒවා ඉවසා දරා ගැනීමට මානසික ශක්තියක් ශික්ෂණයක් ඇති සත්පුරුෂයා කල්‍යණ මිත්‍රයා නමින් අපි හඳුන්වනවා.

කල්‍යාණ මිතුරකුගෙන් අපි බලාපොරොත්තු වන්නේ කුමක්ද? කියන කාරණාව පිළිබදව ඊළඟට සොයා බැලිය යුතුයි. කල්‍යාණ මිත්‍රයෙකු‍ගෙන් අපි බලාපොරොත්තු වන්නේ තමා තුළ පවතින සීලවන්ත බව දවසින් දවස දියුණු කර ගැනීම තමා තුළ නැති ගුණ ධර්ම ඇති කර ගැනීම බුද්ධ ධම්ම සංඝ යන බුදු ගුණ ඉගන ගන්නේ අපි කල්‍යාණ මිත්‍රයාගෙනුයි. කුසල අකුසල විපාක ඉගන ගන්නවා සේම සද්ධාව ඉගෙන ගැනීමට අපිට කල්‍යාණ මිත්‍රයෙක් අවශ්‍ය වෙනවා. ප්‍රධාන වශයෙන් ධර්ම ඥානය ඇති කරගැනීම අපිට වඩා වැදගත් වෙනවා. ත්‍රිලක්ෂණය පටිච්ඡ සමුප්පාදය පංච උපාදානස්කන්දය දස සංයෝජන චතුරාර්ය්‍ය සත්‍යය, ධාතු වැනි ගැඹුරු කරුණු පිළිබද ඉගෙන ගැනීමට කලණ මිතුරු කෙනෙක් වැදගත් වෙනවා. කල්‍යාණ මිතුරා ඇසුරු කිරීම වැදගත් වෙන්නේ ත්‍යාගය පුරුදු කිරිමටයි. ත්‍යාගය යනු පරිත්‍යාගයයි.

අද කාලේ බොහෝ දෙනෙක් පරිත්‍යාග කළාට ත්‍යාගවන්ත බව පිහිටලා නැහැ. යමක් පුජා කරන්නේ යමක් බලාපෙරොත්තුවෙන් අවම වශයෙන් තමාගේ ගුණ වර්ණනා කිරීමවත් වැදගත් වෙනවා. තමන් ගේ කුදු මහත් කටයුත්තක්ම දාන මාන ලබා ගන්න භික්ෂුන් කළ යුතුමයි කියා හිතනවා. එසේ නොමැතිව ලාබා අපේක්ෂා නොමැතිව පරිත්‍යග සිතුවිල්ලෙන් පමණක් ඉගෙන ගැනීම වැදගත් වෙනවා . ඒ වගේම කල්‍යාණ මිත්‍රයා ඇසුරු කරන්නේ ප්‍රඥාව ඇති කර ගැනිමට කුසලාකුසල යන කර්ම විපාක පිළිබද අවබෝධය ලැබීම අපිට වැදගත් වෙනවා. මෙය ලෞකික ප්‍රඥාවයි එපමණකින් නොනැවතී කල්‍යාණ මිතුරන් ඇසුරු කරගෙන අපි සමථ භාවනාව ප්‍රගුණ කළ යුතු අතරම ඉන් පසුව සමාධිය පිළිබද අවබෝධය ඇති කෙනෙක් විය යුතුයි.

එම අවබෝධය සමථ ඥානය නමින් හැඳින්වෙනවා. ඉන් අනතුරුව විදර්ශනා භාවනාව පිළිබදව ඉගෙන ගත යුතුයි. ඉන් අනතුරුව අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රි ලක්ෂණය නුවණින් මෙනෙහි කිරීමෙන් ඇතිවෙන නුවණ විපස්සනා නමින් හැඳින්වෙනවා ඉන් පසුව දුක්ඛ සමුදය මාර්ග යන චතුරාර්යය සත්‍ය පිළිබඳවත් ඉගෙන ගත යුතුයි. මෙය ඉගෙන ගැනීමෙන් නුවණින් මෙනෙහි කිරීම තුළ ඇති වන අවබෝධය චතුසච්ඡ ඥාන නමින් හැඳින්වෙනවා. මේ කාරණා නිසාමයි කල්‍යාණ මිතුරකු ඇසුර අවශ්‍ය වන්නේ. තථාගතයන් වහන්සේ එකම කල්‍යාණ මිත්‍රයා වීම නිසා ඉපදීමට හසු වී සිට අන්නත අප්‍රමාණ ජනතාවක් ඉපදීමෙන් නිදහස් වෙනවා. ඒ වගේම සසරට හසු වෙලා තිබුණ ජනතාවක් සසරින් නිදහස් වුණා. දිනක් ආනන්ද ස්වාමීන්වහසේ සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් ව‍හන්ස බුද්ධ සාසනයේ පවතින හරි අඩක්ම පවතින්නේ කල්‍යාණ මිත්‍රයා මතයි කියා.

ඒ මොහො‍තේ තථාගතයන් වහන්සේ ‍දේශනා කළා නිවන් මාර්ගයෙන් හරි අඩක් නොවෙයි මුළු නිවන් මාර්ගයම පවතින්නේ කල්‍යාණ මිත්‍රයා මත බව එ අනුව ඉතා පැහැදිලිව දකින්නට ලැබෙනවා කල්‍යාණ මිතුරෙකුගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නිවන් මාර්ගය ඉගනීමයි.

මුළු නිවන් මාර්ගයම පවතින්නේ කල්‍යාණ මිතු සම්පත්තිය පදනම් කරගෙනයි. පින්දහම් කරන සෑම විටම කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ප්‍රාර්ථනා කිරීම ඉපැරණි බෞද්ධ සිරිතක් සැදැහැති කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ප්‍රාර්ථනා කිරීමට අපි ඉමිනා පුඤ්ඤ ඛම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝති යාවනිබ්බාන පත්ථියා" මේ පිනේ බලයෙන් කල්‍යාණ මිතුරු ඇසුර නිවන දක්වා ලැබේවා යනුවෙන් ප්‍රාර්ථනා කෙරෙනවා.

කලණ මිතුරන් ප්‍රාර්ථනා නොකර පින් දහම් කිරීම සුදුසු නැහැ. අජාසත්ත රජතුමා පින් දහම් කලත් කල්‍යාණ මිතුරන් ප්‍රාර්ථනා කළේ නැහැ. කලණ මිතුරන් ප්‍රාර්ථනා නොකළ නිසාම එතුමාට කලණ මිතුරන් ලැබුණේ නැහැ.

දේවදත්ත වැනි තෙරුන් පාප මිත්‍රයා හමුවෙලා අපායට යන්නට පරිසරය සැකසුණා තම පියා පවා ඝාතනය කරන්නට යෙදුණා. බුදුරජානන්වහන්සේ දේශනා කළා අජාසත්ත කුමාරයාට දෙවදත්ත තෙරුන් හමු නොවි මුලින්ම බුදුරජානන්වහන්සේ හමුවුණා නම් සෝතාපත්ති පලයට පත් වීමට වාසනා ගුණ මහිමය තිබුණ බව ඒ නිසා පින්දහම් කරන සැම විටම සැදැහැති සත් පුරුෂයා සත්පුරුෂ ඇසුර පිළිබද ව මෙනෙහි කිරීම ඉතා වැදගත් වෙනවා. කල්‍යාණ මිත්‍රයන් ප්‍ර‍ාර්ථනා කිරීම පින් කමෙහි ම කොටසක් කර ගත යුතුව තිබෙනවා.

කල්‍යාණ මිතුරා අපේ ජීවිතයට අවශ්‍ය වන්නේ කලණ මිතුරු ඇසුර මෙලොව පරලොව වශයෙන් ප්‍රයෝජනවත් වන්නේ ඒ නිසයි. ඔබේ ප්‍රාර්ථනාව නිරතුරුව සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා යනුවෙන් විය යුතුයි‍. නිවන දක්වා ඔබට සත් පුරුෂ ඇසුර ලැබේවා!

05/07/2020

ඔබ වෙනුවෙන් පෙනී සිටින එකම බැංකුව, සිද්ධිය අද ඉයෙ වුනාට ඔවුන් පමණයි ජාතිකත්වය වෙනුවෙන් ඉතිහාසය පුරා පෙනි සිටින්නෙ. අශොක මැණික්ගොඩ මහතා ඒ වෙනුවෙන් විශාල කැපවීමක් කරන කරමින් පවතින පුද්ගලයෙක්.

22/06/2020

කරුණාට කරුණාව දැක්විය යුතුද?

පිළිතුර : නැත

කරුණා ගෙ හොද කියන වහලෙකු නොවිය යුතුය.

එසෙම

ශිවාජිලොංගම්,සම්බන්දන්,බදියුදීන්,හිස්බුල්ලා,සාලි,ඉබ්බාහම් ගැන මොකුත් නොකියන දෙශපාලනය අපතයෙකුත් නොවිය යුතුය.

පෙනෙන්නට ඇති දෙ

වැඩිදෙනෙක් තම හිත රවට්ටා ගනිමින් පක්ෂ දෙශපාලන ‍යෙ වහලුන් වීමය.

වහාලා තව එකෙකුට වහලෙක් කියති, උත් අනිකාට වහලාකියති. දෙදෙනාම වහාලුන් බව උන් ගෙ සිත දති.

කරුණා දෙසට එමු

කරුණා එල් ටී ටී ප්‍රබල නායකයෙකි, උගෙ අණින් අපෙ විරුවන් දස දහස් ගනනක් ජීවිතක්ෂයට පත් කරන්නට ඇත. එයට තව කතා අවශ්‍ය නැත.

ඌ දළදා මාලිගාවට එල්ල කර ප්‍රහාරයෙ නායකත්වය දුන් අමනයා බව ප්‍රසිද්ද රහසකි.

ඉන් පසු ප්‍රභාකරන් සමග විරසක වු ඌ රජය සමග ඩීල් එකක් දමා ප්‍රභාකරන් පාවා දී එංගලන්තයට පැන ගොස් එය අසාර්ථක වු පසු රාජ්‍යය නායක අනුහසින් දෙශපාලනයට පැමිණියෙය.

දැන් ඌ අමුවෙන් වහසි බස් දොඩමින් හමුදා සෙබලුන් මැරු හැටි උජාරුවෙන් කියයි.

නීතිය ක්‍රීයාත්මක කිරීමට වෙන සාක්ෂි අවශ්‍ය නැත, ඌ ඌට එරෙහිව සාක්ෂි දී ඇත. සමාජයක් ලෙස අප බල කලයුත්තෙ ඌට නීතිය ක්‍රීයාත්මක කිරීමටය.

අප කරනුයෙ එය දෙශපාලනයට හරවා ගෙන අපෙ එවුන් මැරු එකා රැකීම සහා සිනා සිසි එයින් තිරිසන්දෙශපාලන වාසි ලබා ගැනීමය.

අමතක නොකල යුතුය

කරුණා නම් ත්‍රස්තවාදියා අපෙ විරුවන් මැරුවෙ මොල් ගස් වලින් නොව, දෙශපාලනය අමනයෙකු ලබා දුන් අවි වලින් බව ඉතිහාසය දත් තො දනිති.

අවි දුන් අමනයාගෙ පුතාට කඩෙ යන වුන් කරුණා ට බැන වැඩක් නැත.

එසෙම තම ගොඩ ගැන සිතා කරුණා ට කඩෙ යන අමනයෙකුද නොවිය යුතුය.

කල යුත්තේ

අපෙ විරුවන් නාමයෙන් කරුණා ට නීතිය ක්‍රීයාත්මක කිරීමට අවශ්‍ය සමාජ බලපෑම නිර්මාණය කිරීමය.

වළිමුණි

18/06/2020

රටත් ජාතියත් ආගම රැකුමට දිවි හිමියෙන් කැපවෙන (වචනයෙන් නොව කියාවෙන්) පුජ්‍ය අගුලුගල්ලෙ ජිනානන්ද අපෙ හාමුදුරුවන් වහන්සෙ අසනීප තත්වයෙන් පසුවන බැවින් උන් වහන්සෙට තෙරුවණ් සරණෙ ආරක්ෂාව ලැබෙවායි සෙත් පතමු.

17/06/2020

හිතපල්ලා

බොලා ගැන නෙවෙයි බොලගෙ දරුවො ගැන

මොන පක්ෂෙන් වුනත් ඌ හොරෙක් කියලා අහාලා තියනවනම් ඌට මනාපෙ දෙන්න එපා

මොකද ඌ හොරා කන්නෙ බොලගෙ පොඩිවුන්ගෙ අනාගතෙ

බලපන්

ඌ උජාරුවට සැපට ඉන්නකොට කොච්චර එවුන් ඌට මනාපෙ දිලා දුකෙන් ඉන්නවද කියලා

දැන් ගොඩක් හොරු කියන්නෙ අප්පච්චිව රැක්ක එකා කියලා

හැබැයි

ඇත්තටම වෙලා තියෙන්නෙ උන් අප්පච්චි නිසා රැකුන එක,

ගමෙ නගරයෙ ඔක්කොම දහාදුරා වැඩ කරන එවුන් වට වෙලා ඉන්න එකාට මනාපය නොදී හිටපන්

බොරුවට මුණට කියපන් අපිත් එතුමාට කියලා,

මොකද

ජීවිත කාලෙම බොලට බොරු කරන වුන්ට, බොලා බොරුවක් කරාට අවුලක් නෑ

හොරා හොරාමයි බොල

අර 2කයි 2කෙ බොක්ස් එක ඇතුලෙදි හොරුන්ට නොවෙ රටට, ජාතියට, ආගමට යුතුකම ඉටු කරපන්.

ආදරෙන් කියන්නෙ කතිරෙ ගහන්න පෙර හිතපන්

තෙරුවණ් සරණයි

වලිමුණි

15/06/2020
මෙරට මුස්ලිම් අන්තවාදී සංවිධාන 43ක හෙළුව ඥාණසාර හිමියන් කොමිසම හමුවේ හෙළි කරයි - Colombo Today

මෙරට මුස්ලිම් අන්තවාදී සංවිධාන 43ක හෙළුව ඥාණසාර හිමියන් කොමිසම හමුවේ හෙළි කරයි - Colombo Today

2.8K      මෙරට මුස්ලිම් අන්තවාදී සංවිධාන 43ක් පවතින බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිය...

03/06/2020

දැය

උතුරැ නැගෙනහිර හෙල උරැමය රකින කමිටුව, වැඩෙ අකුරට කරන්න යොද බල යොද ශක්තිය ලැබෙවා! තෙරුවණ් සරණයි

02/06/2020

මාලිගාවත්තෙ හාමුදුරැවන් ටී 56 ලග තබා ගත් වරදට ජීවිතාත්තය දක්වා හිරෙ.

එය වැරදකි

දෙශපාලුවන් අවි අත දැරැ හා අත දරණ නිදැල්ලෙය

මිනීමරැවන් සහා තම ආත්මලාභය වෙනුවෙන් මිනීමරණ්නන් නිදැල්ලෙය

කඩු,තුවක්කු, බොම්බ ඇති අන්‍යගමිකයන් නිදැල්ලෙය

සැබෑ සමාජ ප්‍රශ්නය

පසුගියකාලය තුල ටි 56 ක් ලග නොමැතිව මාලිගාවත්ත පන්සලෙ වැඩ සිටීමට හැකිද යන්නය.

23/05/2020

විදෙස් පැසසුම්

16/05/2020
Udayashantha Gunasekara

Udayashantha Gunasekara

ගරු ජනාධිපති තුමනි, මුහුදු මහා විහාරයට අයත් භූමිය නැවත ලබා දෙන්න



🇱🇰 🇱🇰

14/05/2020
මුහුදු මහා විහාරයේ ආරක්ෂාව නාවික හමුදාවට බාර වෙයි

මුහුදු මහා විහාරයේ ආරක්ෂාව නාවික හමුදාවට බාර වෙයි

පොතුවිල් මුහුදු මහා විහාරයේ ආරක්ෂාව නාවික හමුදාව වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව හෙට සිට ක්‍රියාත්මක වන පර....

12/05/2020

අපේ උරුමය

විග්නේෂ්වරන් වැනි බෙදුම්වාදී සටකපටයන්ගේ ශ්‍රාස්ත්‍රීය නොවන මතයන් අකුලාගන්නට රාජ් සෝමදේව මහතා විසින් ඉතා තාර්කිකව පිළිතුරු දුන් අවස්ථාවක්

11/05/2020

එල් ටී ටී සැබෑ කොරොනාව එංගලන්තය තුල බොරු වෙස් මුණු බැද ඔවුන්ගෙ අරමුණ වෙනුවෙන් රංගනයක

10/05/2020

හිතපන්

07/05/2020

අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා!

වෙසක් පුන් පොහෝ දින පණිවිඩය.

අසිරිමත් සම්බුදු තෙමඟුල සමරන වෙසක් පුන් පොහෝ දිනය ශ්‍රී ලංකාවාසී මෙන්ම ලෝකවාසී සමස්ත බෞද්ධ ජනතාවගේ අති උතුම් ආගමික මංගල්‍යය සලකුණු කරයි. අප රටේ බොදු සැදැහැවත්හු අනාදිමත් කාලයක සිට බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව, ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වෙමින් වෙසක් සමය ගත කරති.
ලොව පුරා බොදුනුවනට සේම අපටද මෙවර වෙසක් උළෙල නිමිත්තෙන් වත් පිළිවෙත් පිරීමට සිදුව ඇත්තේ මානව සංහතියම බරපතල වසංගතයකට මුහුණ පා ඇති මොහොතකය. මෙබඳු විපත් මිනිස් ඉතිහාසයේ විරල නැත. බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ දඹදිව විසාලාමහනුවර තුන්බියකින් ඇලලී ගියේය. උන්වහන්සේගේ අනුශාසනා පරිදි කළ පරිත්‍රාණ දේශනයෙන් ව්‍යසනය දුරු විය. බුදු දහමේ උගන්වන ප්‍රතිපදාවන් අනුගමනය කරමින් අපටද මේ වෙසක් සමයේ නිරෝගී සුවය සහ ආධ්‍යාත්මික සහනය අත්කර ගත හැකි බව මට විශ්වාසය.
පවතින තත්වය හමුවේ රාජ්‍ය වෙසක් උත්සවය විද්‍යුත් තාක්ෂණය උපයෝගී කර ගනිමින් පැවැත්වීමට මහා සංඝරත්නයේ මගපෙන්වීම සහ ආශිර්වාදය ලැබී තිබේ. එබැවින් නිවසේ සිට සම්මා සම්බුදු රජාණන්වහන්සේ කෙරෙහි උපන් ශ්‍රද්ධාවෙන් යුතුව ආගමික වතාවත්හි නිරතවීමට අපට පිළිවන.
“තං ච කම්මං කතං සාධු - යං කත්වා නානුතපප්ති
යස්ස පතීතො සුමනො - විපාකං පටිසෙවති”

“යම් ක්‍රියාවක් කොට පසුතැවිල්ලට පත් නොවේ ද, යම් ක්‍රියාවකගේ විපාකය ප්‍රීතියෙන් හා සතුටින් යුක්තව විඳින්නේ ද, ඒ ක්‍රියාව සිදු කිරීම යෙහෙකි” යනුවෙන් ධම්මපදයේ එන ඉහත ගාථාවෙන් කියැවෙයි. මේ වෙසක් සමයෙහි බුදුන් වහන්සේ දේශනා කළ පරිදි පසුතැවිල්ලට හේතු වන දේ නොකිරීමෙන් අපේ ඉදිරිමග යහපත්ව සකසා ගත හැකිය.
මේ ආපදාපන්න මොහොතේ බොදු වත් පිළිවෙත් සේම කොරෝනා නිවාරණ පිළිවෙත්ද පිළිපදිමින් රටත් ජනතාවත් සුවපත් කිරීමට අධිෂ්ඨාන කර ගනිමු. මෙවර වෙසක් මංගල්‍යය ශ්‍රී ලංකා වාසීන්ගේත්, ලෝවැසි ජනයාගෙත් නිදුක් නිරෝගී දිවියට හා ආධ්‍යාත්මික සැපතට හේතු වේවායි මම ප්‍රාර්ථනා කරමි.
​​​​​​​​​
ගෝඨාභය රාජපක්ෂ
2020 මැයි මස 07 වන දින.

Vesak Message

The Buddhists in Sri Lanka, together with fellow Buddhist brethren the world over, celebrate the Vesak, their supreme religious festival, with much religious fervour and enthusiasm. Since ancient times, it has been the practice to spend the period of Vesak indulging in religious observances with the fervent veneration of the Buddha.
This year, like the rest of the world Buddhist community, we too have to perform the religious practices of Vesak in the backdrop of a virus pandemic threatening the entire human race. Such calamities are not very rare in the human history. During the lifetime of the Buddha, the Visala Mahanuwara of Dambadiva was threatened by three fears. It was ended when a recitation of Buddhist stanzas was conducted as discoursed by the Buddha. I am confident that we too could attain physical and spiritual health by practicing the teachings of the Buddha during this season of Vesak.
We have the blessings and the guidance of the venerable Mahasangha to conduct the State Vesak Festival by using electronic technology. Hence, we can perform religious practices at our homes with utmost devotion to the Buddha.
“Thancha kamman kathan sadhu – Yan kathwa nanuthappaththi
Yassa pathitho sumano – Vipakan patisevani”
The above stanza in Dhammapada says, “It’s not good, the doing of the deed that, once it’s done, you regret, whose result you reap crying, your face in tears. It’s good, the doing of the deed that, once it’s done, you don’t regret, whose result you reap gratified, happy at heart.” On this day of Vesak we can take the righteous path by not doing deeds that you regret as the Buddha advised.
At this time of calamity, let us determine to save the people and the country by practicing the teachings of the Buddha and adhering to the corona prevention measures. I wish this Vesak festival leads to health and spiritual bliss of the people of Sri Lanka as well as the people all over the world.

Gotabaya Rajapaksa
May 07, 2020

#අපිටපුළුවන්

01/05/2020

වැඩ කරන මිනිසාගෙ දිනය

බත් පැකට් එකට
අරක්කු කාලට
යට නොවු

මොණර කොලයට
යට නොවු

ගමෙ කපටි
දෙශපාලුවාගෙ බොරැවට හසු නොවු

රතු තොප්පි දාගත්
කොල තොප්පි දාගත්
නිල් තොප්පි දාගත්
කුරහන් පාට තොප්පි දාගත්
පරයන්ට යට නොවු

අපි

හිසට තොප්පිය නොවැටුනු
මිනිසුන්

දහඩිය මුගුරු හලනා
මිනිසුන්

ඇහෙ කදුලත්
මුහුණෙ සිනාහවත්
අතෙ කර ගැටත්
හමෙ රැල්ලත්
හිතෙ සවියත් ඇති මිනිස්සුන්

ලෙස

වැඩ බිමෙ අරගලයට උර දෙන මිනිසුන්ගෙ දිනය සමරමු

09/04/2020

එළවළු වගාවට අවශ්‍ය දැනුම
කරවිල සහා පතොළ වගාව

08/04/2020

ඔබට අවශ්‍ය විය හැක.

07/04/2020

හෙළ අරණ Hela Arana

කොරෝනා වසංගතයෙන් මිදීමට උපකාරී වන ඔබ මෙතෙක් නොදැන සිටි "සුළුපහ" පානය..

කොරෝනා වසංගත සමයේ බොහෝ නිවෙස් වල භාවිතා වන පස් පංගුව මෙන්ම වැදගත් ඖෂධීය පානයක් ඇත. එය "සුළු පහ" වශයෙන් ආයුර්වේදයේ හැදින්වේ. මෙයට,

🔶. අස්වැන්න
🔶. පොල්පලා
🔶. කටුවැල්බටු
🔶. එළබටු
🔶. ගොකටු

යන ඖෂධීය ශාක වර්ග පහ අයත් වේ. සුළු පහ ලෙස මෙය හැඳින්වූව ද මෙය සුළුවෙන් තැකිය යුතු පානයක් නොවේ. ඌෂ්ණාධික රෝග රැසකට ගුණදායක පානයක් වන මෙය මුත්‍රා හොඳින් පිටකරන අතර මුත්‍රා පිරිසිදු කරයි.

එලෙසම සම පැහැපත් කරන අතර සීනි මට්ටමද අඩු කරයි. මේ දිනවල කණ්ඨ ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවන සෙම, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගී තත්වයන් හමුවේ නිසැකවම සටන් වැද රෝගය මූලයෙන්ම ඉවත් කරලීමට මෙය හේතු පාදක වේ.

ආයුර්වේදයේ සුළුපහ වලට අයත් ශාලපර්ණී, පෘශ්නපර්ණී ලෙස හැඳින්වෙන මෙම වර්ග දෙක සඳහා වර්තමානයේ අස්වැන්න හා පොල්පලා යන ඖෂධ වර්ග දෙක භවිතා කරනු ලැබේ. මෙම දෙවර්ගයේම සම්පූර්ණ ශාකයම ඖෂධ සඳහා ප්‍රයෝජනයට ගනී.

🔴 අස්වැන්න හා පොල්පලා
========================

ශරීරයේ ඌෂ්ණය පාලනය කරන අතර මුත්‍රා රෝග සඳහා ද බොහෝ ගුණදායක වේ. කිවුල ජලය සහිත ප්‍රදේශ වල මෙන්ම වකුගඩු රෝගය පැතිර යන ප්‍රදේශ වල ජනතාවට ද මෙම පොල්පලා සහ අස්වැන්න තැම්බූ ජලය පානය කිරිම ප්‍රතිඵල දායක වේ.

🔴 කටුවැල්බටු හා එළබටු
=======================

මෙම වර්ග දෙක මිශ්‍ර කිරීමෙන් සෙම නැති කරන ගුණයක් ලබා දේ. කටුවැල්බටු වල මූල ප්‍රදේශය පමණක්ද, එළබටු වල සම්පූර්ණ ශාකය ද ඖෂධ සඳහා භාවිතා කෙරේ. සෙමට මෙන්ම කැස්සට ගුණදායක වන අතර මළ බද්ධය අඩු කරයි. ඌෂ්ණ ගුණය නිසා මේදය අඩුකර තරබාරුව අඩුකරයි. එලෙසම සිරුරේ දාහය නිවන අතර සමට හිතකරයි.

🔴 ගොකටු
===========

ගොකටු මුත්‍රා වල විස පිට කිරීම, දියවැඩියා වැනි සංකූලතා නිසා ඇතිවන මුත්‍රා මාර්ගයේ දැවිල්ල නැතිකිරීමට, මුත්‍රා ආසාදන තත්වයන් වලදී සහ ඌෂ්ණ ආහාර සහ බටහිර ඖෂධ(සැර බෙහෙත් වර්ග) ලබා ගැනීමෙන් ඇතිවන සංකූලතා නැති කිරීමට ද භාවිතා කරනු ලැබේ. ගොකටු පමණක් අමුවෙන්ද ගෙන භාවිතා කළ හැකිය.

සුළුපහ කෂාය පැකට් වශයෙන් වෙළෙඳපොළේ මිලදී ගැනීමට තිබෙන අතර වෙන වෙනම ගෙනද පානය කළ හැකිය. වෙන් වෙන්ව ගෙන මෙය සාදා ගන්නේ නම් එක් ද්‍රව්‍ය වර්ගයකින් කලං 02 බැගින් හා මදට 08 බැගින් ගෙන වතුර කෝප්ප 08 ක් බැගින් දමා එක් කෝප්පයකට සිඳ උදේ සවස පානය කිරීමෙන් විශිෂ්ඨ ප්‍රතිඵල අත්කර ගතහැක.

එසේම කොයි කවුරුත් දන්නා පරිදි මෙය පස් පංගුව පිළියෙළ කරන අයුරින් සාමාන්‍ය පරිදි තම්බා මේ දිනවල පානය කිරීම මඟින් ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කරගනිමින් කණ්ඨ ආශ්‍රිත රෝග තත්වයන්ගෙන් පහසුවෙන්ම ආරක්ෂා වීමට හැකිය. ආයුර්වේදයේ සඳහන් මෙවැනි වූ ගුණයෙන් සපිරි පානයන් හාවිතයට ගැනීම තුළින් පැතිර පවතින කොරෝනා වසංගතයෙන් මිදී නිරෝගී ජීවිතයක් ළගාකර ගැනීමට අපි සැවොම උත්සාහ කරමු.

📌️ පසුගිය ලිපි
-----------------------------

• නිරෝධායන සමයට වඩා සුදුසු රසගුණ පිරි තැම්බුම් හොද්ද 👇
https://m.facebook.com/story.php?story_fbid=2282469065380917&id=1839559759671852

• ප්‍රතිශක්තිය වඩවන හෙළ ඔසු 👇
https://m.facebook.com/story.php?story_fbid=2277065412587949&id=1839559759671852

👩‍⚕️ සටහන :- ඉරෝෂා ලක්මාලි ( ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යා - දේශීය වෛද්‍ය විද්‍යායතනය, කොළඹ විශ්ව විද්‍යාලය).......................................................................
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ පිටුවට කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය කරන්නත් අමතක කරන්න එපා.

📌️ ඇමුණුම් ( # Tags )
-----------------------------------------
#හෙළඅරණ #හෙළ_අරණ #කොරෝනා #සුළුපහ

07/04/2020

ප්‍රශ්නකාරී ජීවිතයකින් ලස්සන ජීවිතයකට

03/04/2020
කොරෝනා පරීක්ෂණයට බේරුවල පල්ලියකට ගිය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට විරෝධය. - පල්ලියේ ගේට්ටුව වසා ඉබි ය

කොරෝනා පරීක්ෂණයට බේරුවල පල්ලියකට ගිය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට විරෝධය. - පල්ලියේ ගේට්ටුව වසා ඉබි ය

කොරෝනා පරීක්ෂණ සඳහා බේරුවල කුට්ටිමලේ පල්ලියට ගිය කළුතර මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරින්ට එම ප්‍රද....

Address


Website

Alerts

Be the first to know and let us send you an email when සිංහලේ සිංහයන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share