Nature Friends

  • Home
  • Nature Friends

Nature Friends "Be Green" Nature Friends - Sri Lanka For Sri Lankan Nature Lovers .....
Email - [email protected]

29/08/2018

" Tribute For Needy " Artist - Senaka Batagoda ft. Sereena Venus Batagoda Video - Disat

02/09/2017
19/08/2017
26/12/2016

වචන වලින් එහාට ගිය අත්දැකීමක් විස්තර කරන්න අමාරු තරම් සොඳුරු දසුන් අපේ මේ පුංචි ලංකාවේ ඕන තරම් තියෙනවා. දින සති මාස ගණන් පුරාවට සංචාරය කරන්න පුළුවන් සොබා නිර්මාණ බොහොමයකට තෝතැන්න අපේ ලංකාව. කැලේ ඇවිදින කඳු නගින දියඇලි හොයන අඳුරු කැලේ යන පිරිස දන්නවා ඇත්තටම ලංකාව කියන්නේ කොච්චර ලස්සන රටක් ද කියල. ඔබත් නියම සංචරකයෙක් නම් මේ ඔබේ හැඟීමද? එකගද?

අතීතයේ මා පෙම් බැඳි ලියන්ටයිමේ ගීය ගහන්නේහමු වී වෙන් වී මැද ආදරයේ බැඳීබෙදී අතර ජීවිතේලඟ නොරැඳී බැඳී නික්මා ගිය ඒසොඳුරු ල...
20/10/2016

අතීතයේ මා පෙම් බැඳි ලියන්ටයි
මේ ගීය ගහන්නේ
හමු වී වෙන් වී මැද ආදරයේ බැඳී
බෙදී අතර ජීවිතේ
ලඟ නොරැඳී බැඳී නික්මා ගිය ඒ
සොඳුරු ලියන්ටයි මේ ගී ගයන්නේ

Atheethaye Ma - Kasun Kalhara Download Now: http://www.music.lk/download-atheethaye-ma-kasun-kalhara-video Athithaye ma pem bandi liyantai me geeya gayanne h...

14/08/2016

http://wanaarana.lk
නැගෙණහිර පලාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයේ කුච්ච-වේලි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පුල්මුඬේ ග්‍රාම නිලධාරි වසමේ අරිසිමලේ වෙරල තීරයට මුහුන ලා මෙම සුන්දර වන සෙනසුන පිහිටා තිබේ

අතීතයේ ගෝකන්න තොටුපොළ ලෙසින් හැඳින්වූ ත්‍රිකුණාමලය සැඟවුණු ලාංකික බොදු උරුමයන් රාශියකට උරුමකම් පවසන ප්‍රදේශයකි. තපස්සු භල්ලුක වෙළෙඳ දෙබැයන් ගේ පැමිණිමේ සිට දිගු ඉතිහාසයකට නැකම් පවසන මේ ප්‍රදේශය පඬුවස්දෙව්, භද්ද කච්චායනා, මහසෙන්, 5 වන අග්බෝ, දුටුගැමුණු ආදි විවිධ රාජධානින්ට අයත් විවිධ රජවරුන්ගේ අවධානය ලක්වු සුවිශේෂ ප්‍රදේශයක් විය. මේ හේතුකොට ගෙන ප්‍රදේශය පුරා ඉතා විශාල බෞද්ධ සිද්ධස්ථාන රාශියක් පැවති අතර අද වනවිට එවැනි නටබුන් සහිතව හඳුනාගෙන ඇති ස්ථාන ගනන 74 කි. තහවුරු කර ගැනීමට ඇති ස්ථාන තවත් බොහෝය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයේ කුච්චවේලි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පුල්මුඬේ ග්‍රාම නිලධාරි වසමේ අරිසිමලේ වෙරල තීරයට මුහුනලා පිහිටි පුරාණ අසිරිකන්ද රාජමහා විහාරය එලෙස නටබුන් වී ගිය තවත් එක් සමුද්‍ර විහාරයකි. බුදුන් සරන ගිය පලමු උපාසකයන් දෙදෙනා වන තපස්සුභල්ලුක වෙළෙඳ දෙ බෑයන් තථාගතයාණන් වහන්සේගේ කේශ ධාතු රැගෙන යාත්‍රා කරමින් සිට ගොඩබැසි ස්ථානය මෙම අරිසිමලය තොටුපොළ බවට හඳුනාගෙන ඇත.

ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයේ කුච්චවේලි / පුල්මුඩේ / අරිසමලේ / ආන්දන්කුලම / යාන් ඔය / පලෙත්ත ආරු / කෝකිලායි වැනි ප්‍රදේශ වල පිහිටි මෙම ස්ථානවල ඵෛතිහාසික වටිනකම දුටු අභාවප්ප්‍රාප්ත සිරිල් මැතිව් මහතා විසින් 80 දශකයේ මුල් භාගයේදී මෙම ස්ථාන වල අයිතිය තහවරු කරමින් අවශ්‍ය ප්‍රතිපාදනයක් ලබාදෙමින් සංඝාවාස රැසක් ඉදිකර පූජා කර සෙනසුන් බවට පත් කල අතර ඒ වන විට ප්‍රදේශයේ බෞද්ධ පවුල් විශාල ප්‍රමාණයක් වාසය කරමින් සිටියහ. පසුව ඇතිවූ ත්‍රස්තවාදී ක්‍රියා හේතු කොට ගෙන සියලු සිංහල පවුල් හා ස්වාමින් වහන්සේලා ප්‍රදේශයෙන් ඉවත් වූ අතර විහාරස්ථාන කොටි කඳවුරක් ලෙස L.T.T.E සංවිධානය තම යුද කටයුතු සඳහා යොදා ගන්නා ලදී. එහිදි ඇතිවූ දරුණු ගැටුම් හේතුවෙන් බොහෝ ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වි ගියේය.

යුද ගැටුම් නිමාවට පත්වීමත් සමඟ යලි ප්‍රදේශයට පැමිණි පනාමුරේ තිලකවංශ හිමියන් මෙම සිරිල් මැතිව් මහතා ගැසට් කල ලේඛන අධ්‍යයනය කරමින් නාවික හමුදාවේද සහය ඇතිව මෙම කැලයෙන් වැසී විනාශවී ගිය සෙනසුන් මහත් පරීශමයකින් සොයාගත් අතර ඒ වනවිට ඒවා 30 වසරක දරුනු යුද්ධයකිනුත්, නිදන් හොරුන් ගෙනුත්, වන සතුන් හා ස්වාභාවිකව විනාශයන් ගෙනුත් පීඩාවට ලක්ව තිබිනි. සියල්ලටම වඩා යුද්ධයෙන් පසු ආරක්ෂක විදි විදාන ලිහිල් වීමත් සමග මෙම සේනාසන සතු ඉඩම් හා පුරාවස්තු සඳහා අන්තවාදීන්ගේ ඇස යොමු වු අතර මෙම බොදු උරුමයන්ගේ සාධක ප්‍රදේශයේන් ඉවත් කිරීමේ සංවිඩානාත්මක වැඩපිළිවෙළක් දියත් විය.
අතීතයේ රහතන් වහන්සේලා වැඩසිටි මේ පින්බිම් වල සැබැ උරුමකරුවන් විය යුත්තේද එම මාර්ගයේම ගමන් කරන නිවන් මග පමණක්ම අරමුනු කල පිරිසක් යැයි තීරණය කල උන්වහන්සේ දැඩි උත්සාහයක නිරතවෙමින් නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශ වලද සහයෝගයෙන් එම ස්ථාන වලට බවුන් වඩන ස්වාමින් වහන්සේලා යොමු කරවමින් උන්වහන්සේලාට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් හා එම ස්ථානවල මූලික පහසුකම් සකස් කරමින් ඉමහත් ශාසනික මෙහෙවරක යෙදී සිට්න්නේ තම ආධ්‍යාත්මික ජිවිතය පවා කැප කරමිනි. උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය නිසාම මෙවර එම ස්ථාන සියල්ලේම ස්වාමින් වහන්සේලා වස් සමාදන්ව කටින පින්කම් පැවැත්වූ අතර පුල්මුඩේ නගර මධ්‍යයේ (මහත් බාධක මැද) කටින පෙරහැරක්ද පැවැත්වුහ. ඉන් නොනැවතුනු උන්වහන්සේ වසර 30 කට පසු නැගෙනහිර පලාතේ පලමු උපසම්පදා පුන්‍යකර්මයද පැවැත්වුහ.

මේ වන විට ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් කලින් කලට පැමිනෙන තම අධ්‍යාත්මික දියුණුව පමණක්ම අරමුනු කරමින් අප්‍රසිද්ධියේ බවුන් වඩන ස්වාමින් වහන්සේලාගේ 30 නමකට ආසන්න ප්‍රමානයක් නිවන් මග පමණක් අරමුනු කරමින් මෙම සෙනසුන් සියල්ලෙම භාවනානුයෝගීව වාසය කරයි.

නමුත් අවාසනාවකට මෙන් මෙම ප්‍රදේශයේ නැවත පදිංචියට පැමිනියේ සිංහල පවුල් අතලොස්සක් වන අතර ඔවුන්ද ඉතා දිලිදු තත්ත්වයකින් පසුවේ. දැනට මෙම සෙනසුන් අවට පදිංචිව සිටිනුයේ අන්‍යාගමික පිරිසක් බැවින් සෙනසුනට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් ලැබෙනුයේ ඉතා අවම මට්ටමකිනි. දිනකට එක් වේලක පින්ඩපාතයෙන් පමණක් යැපෙන උන්වහන්සේලාට මේ වනවිට දානය ලබා දෙනු ලබන්නේ ලංකා ඛනිජ වැලි නිතිගත සංස්ථාවේ සේවක පිරිස සහ වනගත ප්‍රදේශ ආශ්‍රිතව රාජකාරියේ යෙදී සිටින ආරක්ෂක අංශ සාමාජිකයන් හා කොළඹ ප්‍රදේශයේ වෙසෙන පින්වතුන් කිහිප දෙනෙකුගේ මැදිහත් වීමෙනි.

අවශ්‍ය පහසුකම් පිලිබඳව අප විමසුවත් උපේක්ෂාවෙන් ඒ පිලිබඳ අදහස් පල නොකලේ උන් වහන්සේලා ලද පමනින් සතුටු වන ධර්ම මාර්ගයේ ගමන් කරන සැබෑම යතිවරයන් පිරිසක් වන බැවිනි. කෙසේවෙතත් මෙම චාරිකාව තුළදී අප දුටු මෙම සේනාසනවල පවතින මූලික ප්‍රත්‍ය පහසුකම් වල අඩුපාඩු මෙලෙසින් සමාජ ගත කීරීමට අවසනයේ අප තීරණය කළේ මෙලෙස නිවන් මග වෙනුවෙන්ම කැප වී සිටින මෙම යතිවරුන්ගේ ගමනට උපකාරි වීම සැබැ බෞද්ධයන් ගේ වගකීමක් මෙන්ම එය අතිමහත් කුසලයක්ද වන බැවිනි.

ඔබටද මෙම මහගු පුන්‍යකර්මය සඳහා දායක විමට හැකි අතර එහිදි මෙම කටයුතු ව්‍යපෘති ලෙස භාර ගන්නේ නම් එය වඩාත් ඵලදායි වේ . (මන්ද මෙය සටහන් කරන අවස්ථාව වන විටදී ඒ සඳහා මැදිහත් විය හැකි සක්‍රිය ගිහි පිරිසක් දක්නට නොසිටි අතර අනෙකුත් යතිවරුන්ගේ අධ්‍යාත්මික දියුනුව උදෙසා පනාමුරේ තිලකවංශ හිමියන් තම ආධ්‍යාත්මික ගමන කැපකර මෙහි සම්පුර්න බර කරට ගෙන කටයුතු කරනු අප දුටුවේමු , එහිදි භික්ෂූන් වහන්සේ නමකගේ සීමා වන් තුලදී එම කාර්යයන් කිරීමට ඇති අපහසුතාව අප හට ප්‍රත්‍යක්ෂ විනි.) තවද මෙම අවශ්‍යතා උන්වහන්සේලාගේ මූලික පහසුකම් සැපිරෙන මට්ටමකින් තිබීම ප්‍රමාණවත් වන අතර අල්පේච්ච ජීවිතයක් ගත කරන උන්වහන්සේලා සුවපහසු පරිහරණයන් කිසිසේත්ම බලාපොරොත්තු නොවන බව අවධාරණයෙන් ප්‍රකාශ කරනු කැමැත්තෙමු.

බුදු දහමෙහි අර්ථවිග්‍රහයන් ඉතා වේගයෙන් විකෘති වී යන, අධර්මය හා අවිනය ධර්මය/විනය ලෙසින් හිස ඔසවන මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ අවසානය කාලපරිච්චේදයේදී , සැබෑ බුදු දහමෙහි හරය තම ජීවිත තුළින් අත් දකින මෙම සංඝ පීතෘවරුන් රැක ගැනීමට ඔබ යම් උත්සාහයක් දරයි ද, එය මේ නිවීමට ආසන්න ගෞතම බුදු සසුන නැමැති පහන් සිල උදෙසා ඔබ එක්කරන වටිනා තෙල් බිදුවක් වන්නේය.

Account Details
Asirikanda Purana Rajamaha Viharastha Karya Sadaka Samithiya
Bank: Peoples Bank, Pulmuddai Branch
A/c. No: 352 2001 2000 0046
SWIFT Code: PSBKLKX

http://wanaarana.lk/donations

10/08/2016
ඇසල පෝය වෙනුවෙන් " පෙරහැරේ යං"
18/07/2016

ඇසල පෝය වෙනුවෙන් " පෙරහැරේ යං"

බුදුබණ සිංහල 67 - "පෙරහැරේ යං ! " ලෙස ලන්ඩනයේ 2016 ජූනි 04 දා කරනාලද දේශනාවේ පලවන කොටසයි මේ. ..දෙවන කොටස බුදුබණ සිංහල 68 ලෙස ඉදිරිපත් කිරීමට ළඟදීම බලාපොරොත්ත...

24/06/2016
30/04/2016

මතීශ සොහොයුරා විස්න් කෑගල්ල ප්‍රදේශයෙන් මුදාගත් අඩි 11 සහ 9 දිගින් යුත් පිබුරන් දෙදෙනෙක් සඳරාජ වනයට මුදා හලෙමු

Happy Women's Day - 8th March 2016
08/03/2016

Happy Women's Day - 8th March 2016

05/03/2016
23/02/2016
22/02/2016

බුලත්කොහුපිටිය ප්‍රදේශය දියඇලි පාරාදීසයක් ලෙස හඳුන්වාදිය හැකිය.රිකිල්ල ඇල්ල,රුක්මල් ඇල්ල,දේවගිරි ඇල්ල හා නලඟන ඇල්ල මෙහි ඇතුලත් වන අතර ප්‍රදේශය අවට තවත් දිය ඇලි කිහිපයක්ම දැකගත හැකිය.

20/02/2016

සත්ත්ව ශුභ සාධන පනත් කෙටුම් පත, කැබිනට් මණ්ඩළය විසින් සම්මත කරන ලද බව මම ඔබට දැනුම් දෙන්නේ ඉතාමත් සතුටිනි. අප විසින් ඉදිපත් කරන ලද අභියාචනය හා එක් වෙමින්, සහයෝගය දැක්වූ ඔබ සැමට මා ස්තූතිවන්ත වෙමි. මෙම කෙටුම්පතෙහි ප්‍රගතිය පිළිඹඳව අඛන්ඩව අවධානයෙන් සිටිමින්, ඉදිරියටත් අප වෙත සහයෝගය ලබා දෙන මෙන් මම ඉල්ලා සිටිමි. අහිංසක සතුන්ට ඔබ නිසා හිංසාවෙන් තොර අනාගතයක් තිබෙනු ඇත. ඔවුන්ගේ හඬ වූ ඔබට මාගේ උත්තමාචාරය.

18/02/2016

ශ්‍රී පාදය කරුණා කිරීමට ඇති අප්‍රකට මාර්ග අතරින් දැරණියගල උඩමාලිබොඩ මාර්ගය පන්දෙනිය ගඟ අසලින් ආරම්හ වී ඉඳිකටුපාණට ආසන්නයෙන් කුරුවිට එරත්න මාර්ගයට එක්වේ.සංචාරකයන් අතර ප්‍රකට ඇලි හතද පිහිටා ඇත්තේ උඩමාලිබොඩය. මෙම මාර්ගය හීන්පිදුරුතලාව කඳු පන්තිය අසලින් වැටී ඇති අතර මෙම මාර්ගයේ හමුවන සීත ගඟුල වන්නේ කලු ගඟේ අතු ගංගාවක් වන කුරුගඟයි.සිරිපා අඩවියේ වෙසෙන අලි මෙම මාර්ගය අවට සැරිසරන බවට සාධකද දැකගත හැකිය.

HVD
12/02/2016

HVD

10/02/2016

සිරස රූපවාහි නාලිකාව තුලින් විකාෂනය වූ පැතිකඩ වැඩසටහනට අතිපූජනීය මහනුවර වජිරබුද්ධි හිමි සහභාගී විය. (2016-02-09)

04/02/2016
12/01/2016

කිරි කෝඩුන් රැසක් සමඟ ඇවිදින්නෝ අපි ගියා ශ්‍රී පාදය කරුණා කරන්න. 2016 අවුරුද්දේ ඇවිදින්නෝ අපේ පළමු වැඩ සටහන.

මෙවර වන්දනා චාරිකාව හැටන් - නල්ලතන්නිය මාර්ගයෙන්.

ඉදිරියේ දී කුරුවිට මාර්ගය හරහා මෙන්ම හැටන් - නල්ලතන්නිය මාර්ගය හරහා සංවිධානය කරන්නට යෙදෙන තවත් ශ්‍රී පාද වන්දනා චාරිකා බලාපොරොත්තු වන්න.

10/01/2016

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Nature Friends posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nature Friends:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share