AMCA Sri Lanka

  • Home
  • AMCA Sri Lanka

AMCA Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AMCA Sri Lanka, Media/News Company, .

17/10/2022

ආසියානු මාධ්‍ය සංස්කෘතික සංගමයේ (AMCA ) උප ලේකම්, ප්‍රවීණ ඡායාරූප ශිල්පී නලින් හේවාපතිරණ සහෝදරයාගේ ආදරණීය මෑණියන් අමරා හේමලතා මැතිණිය අභාවප්‍රාප්ත වූවාය.
දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (17) පස්වරු 5.00 ට තලපත්පිටිය සුසාන භූමියේ දී සිදු කෙරේ .
අද පස්වරුවේ සිට දේහය අංක 237 පන්සල පාර තලපත්පිටිය ලිපිනය නිවසේ තැන්පත් කර තබනු ඇත.
(0718911517)

20/05/2022

අපගේ ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ මාධ්‍ය නිවේදනය , සිරස පුවත් විකාශයේ ප්‍රචාරය වූ අයුරු .....

03/05/2022

සමාජ මාධ්‍ය තුල ස්වාධීන , නිදහස් , මතවාද හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මාධ්‍යවේදීන් සතුව ඇති බවත් එම අයිතිය උල්ලං...

30/04/2022

රට තුල මේවනවිට මතුවී ඇති ජනතා අරගලයට පූර්ණ සහය දක්වන නමුත් , මෙම අරගලය නිශ්චිත අරමුණක් හා වැඩපිළිවෙලක් සහිතව ඉදිර....

04/04/2022

මාධ්‍ය නිදහස යනු ප්‍රජාතන්ත්‍රවාදී ජනසමාජයක ප්‍රධානතම අංගයක් වන බැවින් මාධ්‍යවේදීන්ට තම රාජකාරි කටයුතු නිදහස.....

04/04/2022

උද්ඝෝෂණ, විරෝධතා හා ගැටුම්කාරී අවස්ථා ආවරණය කරන මාධ්‍යවේදීන්ට ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව සකස් කරන ලද මාධ්‍ය...

04/04/2022

The Asian Media and Cultural Association (AMCA) vehemently condemns the brutal attack on journalists while they were covering the recent protest demonstration held in Mirihana, Colombo. Noting that media freedom is a cornerstone of a democratic society, the AMCA, in a media release emphasises that a...

මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සුරකිනු!..මාධ්‍ය නිදහස යනු ප්‍රජාතන්ත්‍රවාදී ජනසමාජයක ප්‍රධානතම අංගයක් වන අතර, ඒ අනු...
03/04/2022

මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සුරකිනු!..

මාධ්‍ය නිදහස යනු ප්‍රජාතන්ත්‍රවාදී ජනසමාජයක ප්‍රධානතම අංගයක් වන අතර, ඒ අනුව මාධ්‍යවේදීන්ට තම රාජකාරි කටයුතු නිදහසේ කරගෙන යාමට ඇති අනුලංඝනීය අයිතිට බාධා කිරීම අතිශයෙන් ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාවක් බව අවධාරණය කල යුතුමය.

එහෙත් පසුගිය දා මිරිහාන ප්‍රදේශයේ ඇති වූ උද්ඝෝෂණයේදී එය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට, නීති හා සාමය ආරක්ෂා කිරීමට රාජකාරිමය වශයෙන් බැඳී සිටින පොලිස් හා ඊට අනුබද්ධ ආයතනයන්හි නිලධාරීන් පිරිසක්, තමන්ගෙ රාජකාරි සීමා ඉක්මවා යමින්, සිදුකල අමානුෂික පහරදීම, අප දැඩි ලෙස හෙලා දකිමු.

විශේෂයෙන් ජනමාධ්‍ය හැඳුනුම්පත ප්‍රදර්ශනය කරමින් තමන් මාධ්‍යවේදියෙකු බව ප්‍රකාශ කර සිටියදී එම මාධ්‍යවේදීන්ට පහර දීම තුළ සැඟවුණු න්‍යාය පත්‍රය කුමක්ද යන්න අප ප්‍රශ්න කර සිටිමු.

එසේම මෙහිදී එක් මාධ්‍යවේදියෙකුට , පොලිස් නිලධාරීන් විසින් පහරදී ඇත්තේ, ඔහු එම සිදුවීම් ජංගම දුරකතනයක් හරහා පටිගත කරමින් සිටි බවට චෝදනා නගමිනි.

මෙම කරුණ හරහා පැහැදිලිවන්නේ, නූතන ලෝකයේ ජනමාධ්‍ය ප්‍රවණතා පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුව සතු දැනුම ඉතා අල්ප බවයි.

නූතන ලෝකයේ දියුණු රටවල පවා මේ වනවිට, ජනමාධ්‍යවේදියාගේ ප්‍රධාන උපකරණය බවට පත්ව ඇත්තේ ජංගම දුරකථනයයි. MOJO යනුවෙන් ලෝකයේ ප්‍රචලිතව ඇත්තේ මෙම ජංගම දුරකථන ජනමාධ්‍යවේදයයි.

එම නිසා මාධ්‍යවේදියෙකු ජංගම දුරකථනයකින් යම් සිද්ධියක් වාර්තා කිරීම, කිසිසේත්ම නීති විරෝධී ක්‍රියාවක් නොවන බව අප සංගමයේ මතය වේ .

මෙම සිදුවීම් මාලාවෙන් දැඩි ලෙස කම්පනයට හා කනගාටුවට පත්ව සිටින අප සංගමය පහත සඳහන් යෝජනා හා කරුණු , රජයට මෙන්ම අදාළ වගකිවයුතු ආයතන වෙත අවධාරණය කර සිටින්නෙමු.

1) මිරිහාන ප්‍රදේශයෙදී මාධ්‍යවේදීන්ට සිදුවූ මෙම පහරදීම සම්භන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් දියත් කර වරදකරුවන්ට නීතිය මගින් දඩුවම් පැමිණවිය යුතුය .

2) මෙම පහරදීම නිසා තුවාල ලැබූ , දේපල හානිවූ සියලු මාධ්‍යවේදීන්ට නිසි ලෙස වන්දි , හා හනිපූරණයන් ලබාදීමට කටයුතු කල යුතුය .

3) උද්ඝෝෂණ , විරෝධතා හා ගැටුම්කාරී අවස්ථා ආවරණය කරන මාධ්‍යවේදීන්ට ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව සකස් කරන ලද මාධ්‍යවේදී හැඳුනුම් කබා (press jacket ) ලබාදිය යුතුය . ඒ හරහා ඕනෑම කලබලකාරී හා ගැටුම්කාරී අවස්තාවක , මාධ්‍යවේදීන් කවුදැයි හඳුනාගැනීමට , ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු ඕනෑම අයෙකුට හැකියාව ලැබෙනු ඇත . මෙම කටයුත්ත ජනමාධ්‍ය අමාත්‍යංශය හා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මූලිකත්වයෙන් සිදුකල යුතු අතර එම ජනමාධ්‍ය කබා, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කොට ඇති ජනමාධ්‍යවේදීන්ට පමණක් ලබාදීමට කටයුතු කල යුතුය.

4) ජනමාධ්‍යයේ නව ප්‍රවණතා පිළිබඳව පොලිසිය , යුධ හමුදාව ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන් දැනුවත් කල යුතු අතර ජනමාධ්‍ය සාක්ෂරතාව පිලිබඳ පුහුණු වැඩමුළුවක් ඔවුන් වෙනුවෙන් පැවැත්විය යුතුය .

සභාපති – උපුල් ජනක ජයසිංහ | මහලේකම් – පැතුම් වික්‍රමරත්න
ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය

අපගේ විධායක සභිකයින් වන අනූෂ හා ක්‍රිෂ් යුවලගේ දියණිය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයට amca අපේ සුභ පැතුම් ....
28/12/2021

අපගේ විධායක සභිකයින් වන අනූෂ හා ක්‍රිෂ් යුවලගේ දියණිය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයට amca අපේ සුභ පැතුම් ....

තුර්කියේ පැවැත්වෙන 2021 ආසියානු සවි එසවීමේ (Power Lifting ) ශූරතාවලියෙදී , රන්පදක්කම් 4ක් සමගින් කිලෝග්‍රෑම් 47 බරපන්තියේ සමස්...

ඉන්දියාවේ ශවනබෙලගෝලා ජෛන විහාරයෙන් අපගේ ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයට (AMCA ) ලද ආරාධනාවක් යටතේ  ජෛන ආගම පිළිබඳ උසස...
17/12/2021

ඉන්දියාවේ ශවනබෙලගෝලා ජෛන විහාරයෙන් අපගේ ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයට (AMCA ) ලද ආරාධනාවක් යටතේ ජෛන ආගම පිළිබඳ උසස් අධ්‍යාපනය හැදෑරීමට අවස්තාව හිමිවූ අප සංගමයේ විධායක කමිටු සාමාජිකා කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සංජීවනී රූපසිංහ මහත්මිය, තම ඉන්දීය සංචාරයේ අත්දැකීම් සහ තොරතුරු හුවමාරු අප හා බෙදාහදා ගැනීමට සූදානමින් සිටී .

ඒ වෙනුවෙන් පැවැත්වෙන විශේෂ වැඩසටහනක් zoom තාක්ෂණය ඔස්සේ ලබන 19 වන ඉරුදින පස්වරු 4 ට පැවැත්වේ .. එම සුවිශේෂී අවස්ථාවට අප හා එක්වන ලෙස අපගේ සියලුම සාමාජික සාමාජිකාවන්ට ආරාධනා කර සිටිමු ......

අදාළ zoom දිගුව -

Join Zoom Meeting
https://us02web.zoom.us/j/82723986146?pwd=RjBpaVlNeTF1NjQxeUFuS2xDSCt0dz09

Meeting ID: 827 2398 6146
Passcode: 474244

13/12/2021

AMCA නියෝජ්‍ය මහ ලේකම් දුමින්ද ගුරුගේ මහතාගේ නැන්දනියගේ හදිසි අභාවය පිළිබඳ අප සංගමයේ හෘදයාංගම ශෝකය !

ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය , ලෝක කම්කරු සංවිධානය සමග එක්ව සංව්ධානය කල වැඩමුළුව හා මාධ්‍ය හමුව අතරතුර ......
03/12/2021

ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය , ලෝක කම්කරු සංවිධානය සමග එක්ව සංව්ධානය කල වැඩමුළුව හා මාධ්‍ය හමුව අතරතුර ......

22/10/2021

මව් පිය පදවිවලින් පිදුම්ලද අපේ තිලක් හා දීප්ති යුවළට AMCA පවුලේ සැමගෙන් සුභ පැතුම් ..

14/10/2021
13/10/2021

AMCA සංවිධානයේ පුරෝගාමී සභාපති හා අනුශාසක
ප්‍රවීණ මාධ්‍යවේදී වසන්ත ප්‍රියරාමනායක මහතාට
නිදුක් නිරෝගී සුවය ප්‍රර්ථනා කරමු ....

19/09/2021

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්කරගැනීමෙන් පසු ගතවූ මාසයක පමණ කාලසීමාවේදී එරට මාධ්‍ය ආයතන 153 ක් පමණ වැසී ....

නවක ලේඛකයින්ට , මාධ්‍යවේදීන්ට වටිනා අවස්ථාවක්....
13/09/2021

නවක ලේඛකයින්ට , මාධ්‍යවේදීන්ට වටිනා අවස්ථාවක්....

05/09/2021

AN EVENT ORGANIZED BY ASIAN MEDIA & CULRTURAL ASSOCIATION ( AMCA )

ආසියානු මාධ්‍ය හා  සංස්කෘතික සංගමයේ සාමාජික ජනමාධ්‍යවේදීන් 2019   සාංචි පුදබිමේ  කළ සංචාරයේ දී සිය දැනුම හා ලෙන්ගතුකම තු...
04/09/2021

ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ සාමාජික ජනමාධ්‍යවේදීන් 2019 සාංචි පුදබිමේ කළ සංචාරයේ දී සිය දැනුම හා ලෙන්ගතුකම තුළින් ඉමහත් සහයෝගයක් ලබා දුන් අප ගෞරවනීය රත්මලානේ පඤ්ඤා ජීව ස්වාමීන් වහන්සේගේ අපවත් වීම පිලිබද අප සංගමය බලවත් ශෝකය ප්‍රකාශ කරමු.
මොරටුව වේල්ස් කුමර විදුහලේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වූ උන්වහන්සේ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ උපාධිධරයෙකි. ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ විධායක කමිටු සාමාජිකයෙකු වූ උන්වහන්සේ විදෙස්හි කීර්තිධර ධර්මදූතයෙකි .
2019 වසරේ ඉල් පෝදා සාංචි පුදබිමේ සිට පළමු වරට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව පෝය වැඩසටහන සජීව විකාශය කළ අවස්ථාවේ උදෑසන ධර්මානුශාසනාව සිදුකළේ ගෞරවාර්හ රත්මලානේ පඤ්ඤාජීව ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ ඒ සඳහා බුද්ධගයාවේ සිට ආචාර්ය කොක්ගල්ලේ විජිත හිමියන් සමඟ සාංචි පුදබිමට වැඩම කළහ.
ගංගොඩවිල සුනේත්‍රා මහාදේවි ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානාධිපති ලෙස කටයුතු කළ උන්වහන්සේගේ අපවත්වීම ලාංකේය බුද්ධ ශාසනයට ඉමහත්වූ හිස්තැනක් එක්කරයි.

පුජ්‍ය රත්මලානේ පඤ්ඤාජීව ස්වාමීන් වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා.

Asian Media and Cultural Association

02/09/2021

මාත්‍රා මිලියන 3ක කොවිඩ් – 19 එන්නත් ප්‍රදානයක් උතුරු කොරියාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ අනාවරණය කර ස.....

01/09/2021

භාෂණයේ නිදහස , අදහස් පලකිරීමේ අයිතිය, රට තුල ශක්තිමත් ලෙස ස්ථාපිත කිරීම, සඳහා සියළු පාර්ශව එකාවන්ව කැපවීමෙන් හා අව...

01/09/2021

IN MEMORIAM : 'SELVI' AN EVENT ORGANIZED BY ASIAN MEDIA & CULTURAL ASSOCIATION (AMCA )THIAGARAJAH SELVANITHY (“SELVI”), Sri Lanka1992 PEN/Barbara Goldsmith ...

AMCA වෙතින් , ඔබ සැමට ආරාධනා !
05/08/2021

AMCA වෙතින් , ඔබ සැමට ආරාධනා !

31/07/2021

මෑත ඉතිහාසයේ මිනිස් වර්ගයාට එල්ලවූ බරපතලම අභියෝගයක් වන, නව කොරෝනා ගෝලීය වසංගත තත්ත්වයත් සමඟ නවීන වෛද්‍ය විද්‍යා....

30/07/2021

Speech by M.r. SatyanarayanaExecutive Comity Director for KARNATAKA UNION OF WORKING JOURNALISTS, Bangalore, Representing MYSORE,Former Rural Secretary For ...

27/07/2021

කොවිඩ් තත්වය හේතුවෙන් මේ වන විට රටවල් 20 ක් ශ්‍රී ලංකාවට සංචාරය කිරිම තහනම් කර තිබෙන බව වාර්තාවේ ., කුවේට්, එක්සත් අර....

මෙරට විද්‍යුත් මාධ්‍ය කලාව නව මාවතකට යොමු කිරීමින්  ,  මාධ්‍ය සංස්කෘතිය තුල නව සම්ප්‍රදායක් බිහිකරමින්  , සමස්තයක් ලෙස ම...
25/07/2021

මෙරට විද්‍යුත් මාධ්‍ය කලාව නව මාවතකට යොමු කිරීමින් , මාධ්‍ය සංස්කෘතිය තුල නව සම්ප්‍රදායක් බිහිකරමින් , සමස්තයක් ලෙස මෙරට ජනමාධ්‍යය සඳහා ප්‍රමුඛ මෙහෙවරක් ඉටු කළ ආර්. රාජමහේන්ද්‍රන් මහතාගේ අභාවය වෙනුවෙන් ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ සාතිශය සංවේගය.......

15/07/2021

The Asian Media and Cultural Association (AMCA), has organized an international webinar via Zoom on “The role of South Asian media during the Covid-19 pandemic.

................................................මාධ්‍ය ආරාධනාවයි !..............................................."කොවිඩ්...
05/07/2021

................................................මාධ්‍ය ආරාධනාවයි !...............................................

"කොවිඩ් වසංගත සමයේ දකුණු ආසියානු මාධ්‍යවේදියාගේ භූමිකාව" යන තේමාව යටතේ විශේෂ ජාත්‍යන්තර කථිකාවක් . මාර්ගගත (Online ) ක්‍රමයට පැවැත්වීමට ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය කටයුතු යොදා ඇත .

ජූලි මස 10 වන දින පෙරවරු 10.30 ට ZOOM මාධ්‍ය ඔස්සේ පැවත්වෙන මෙම කථිකාවේදී , ඉන්දියාව , පකිස්ථානය , බංගලාදේශය, නේපාලය , මාලදිවයින යන රටවල ප්‍රවීණ මාධ්‍යව්දීන් හා මාධ්‍ය ක්‍රියාකාරිකයින් පිරිසක් අදහස් දැක්වීමට නියමිතය .

ශ්‍රී ලංකාව වෙනුවෙන් ආචාර්ය රංග කලංසූරිය මහතා මෙහිදී ප්‍රධාන දේශනය පවත්වනු ලබන අතර කථිකාව මෙහෙයවනු ලබන්නේ මර්ශාඩ් බාරි මහතා විසිනි .

දකුණු ආසියානු රටවල මාධ්‍යවේදීන් මෙම කොවිඩ් සමයේ මුහුණ දෙන ගැටළු පිළිබඳව මෙන්ම කොවිඩ් සමයේ මාධ්‍ය ආවරණය , ප්‍රකාශනයේ නිදහස , මාධ්‍ය අචාර ධර්ම , ජනමාධ්‍යයේ ගුණාත්මක බව යන විවිධ මාතෘකා රැසක් මෙහිදී සාකච්ජාවට ලක්කිරීමට නියමිතය . එසේම මෙම කතිකාවට එක්වන විදෙස් මාධ්‍යවේදීන්, කොවිඩ් සමයේ , තම මාධ්‍ය ජීවිතයේ අත්දැකීම් බෙදා හදා ගැනීමටද නියමිතය .

මෙම වැඩසටහනේ සම්භන්ධීකරණය freemedia.lk විසින් සිදුකරන අතර සමාජ මාධ්‍ය අනුග්‍රහය ඉන්දියාවේ pixstory.com විසින් සිදුකරනු ලබයි .

මෙම වැදගත් ජාත්‍යන්තර කථිකාව සමග එක්වන ලෙස ඔබටත් ආරාධනය කර සිටිමු .

එක්විය හැකි ZOOM දිගුව පහත දැක්වේ -

Topic: "The role of the media during covid 19 pandemic"
Time: Jul 10, 2021 10:30 AM Mumbai, Kolkata, New Delhi

Join Zoom Meeting
https://us02web.zoom.us/j/84258894010?pwd=aHRjTk02R05ad0QwWWRhbzRIOWtBQT09

Meeting ID: 842 5889 4010
Passcode: amca

Our Deepest Sympathies...  (TEAM AMCA)
16/06/2021

Our Deepest Sympathies... (TEAM AMCA)

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි ක්‍රියාත්මක මත්පැන් මාෆියාවට එරෙහිව කටයුතු කල එරට සුප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු වූ ....

16/06/2021

ලොව පුරා බහුලව භාවිතාකෙරෙන රූපලාවන්‍ය නිෂ්පාදන රැසකම , ශරීරයට අහිතකර විෂ රසායනික වර්ග අඩංගු වන බව ඇමෙරිකානු විශේ...

14/06/2021

ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් වීසා කාලය අවසන් වුවද දකුණු කොරියාවේ තවදුරටත් රැකියාවල නිරතව සිටීම නිසා එරටින්...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when AMCA Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share