Avissawella Railway Station

  • Home
  • Avissawella Railway Station

Avissawella Railway Station Avissawella Railway Station # # # End of the kelenivelly railway line.....

Avissawella railway station is end of kelenivelly railway line.There are two platform in the station

දුම්රිය මගක නිමාව.වර්ථමානයේ කැළණිවෙලි දුමිරිය මාර්ගය නිමා වන්නේ මෙම ස්ථානයෙන්ය.මෙය අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයේ සිට මදක්...
06/11/2017

දුම්රිය මගක නිමාව.වර්ථමානයේ කැළණිවෙලි දුමිරිය මාර්ගය නිමා වන්නේ මෙම ස්ථානයෙන්ය.මෙය අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයේ සිට මදක් අවිස්සාවේල්ල නගරය දෙසට වන්නට පිහිටා ඇත.මෙහි දක්නට ඇත්තේ අතීතයේදී වාෂ්ප දුම්රිය එන්ජින්වලට ජලය සැපයීමට භාවිතා කළ ජල ටැංකියකි.

05/07/2017

අද දින උදෑසන 6.25 ට අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියට පුවක්පිටිය උක්වත්ත ප්‍රදේශයේ දී කුඩා ලොරි රථයක් ගැටී තිබේ.මෙම හේතුවෙන් දහවල් 12 වන තුරු කැළනිවෙලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතු වී තිබුණි.

මෙවර පොසොන් සමය වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවිස්සාවේල්ල සිටද විශේෂ දුම්රිය ගමන් වාරයක් යොදා ඇත.අවිස්සවේල්ලේ ...
04/06/2017

මෙවර පොසොන් සමය වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවිස්සාවේල්ල සිටද විශේෂ දුම්රිය ගමන් වාරයක් යොදා ඇත.අවිස්සවේල්ලේ සිට මෙම දුම්රියෙන් ගමන් කොට කොළඹ කොටුව සිට අනුරාධපුර දක්වා ඇති විශේෂ දුම්රියෙන් අනුරාධපුර දක්වා ගමන් කල හැක.

Share කර මිතුරන් දැනුවත් කරන්න.

රත්නපුර පැරණි දුම්රිය ස්ථානය මෙය මෙම පිටුවට අදාල නොවුනද කැළණිවෙලි දුම්රිය මාර්ගය හා සම්බන්ධ අතීතයේ පැවති ප්‍රධාන දුම්රිය...
24/04/2017

රත්නපුර පැරණි දුම්රිය ස්ථානය

මෙය මෙම පිටුවට අදාල නොවුනද කැළණිවෙලි දුම්රිය මාර්ගය හා සම්බන්ධ අතීතයේ පැවති ප්‍රධාන දුම්රිය ස්ථානයක් නිසත් බොහෝ දෙනෙක් මේ පිලිබඳව නොදන්නා නිසාත් මෙම post එක පල කිරීමට සිතුවෙමි.

මෙහි දැක්වෙන්නේ පැරණි රත්නපුර දුම්රිය ස්ථානයයි.ඕපනායක් දක්වා කැළණිවෙලි දුම්රිය මාර්ගය තිබූ කාලයෙහි රත්නපුර දුම්රිය ස්ථානය මෙම මාර්ගයේ පැවති ප්‍රධාන දුම්රිය ස්ථානයක් විය.මෙහි එකල දුම්රිය ධාවනාගාරයක්ද තිබී ඇත.එමෙන්ම මෙම දුම්රිය ස්ථානය එකල ප්‍රමාණයෙන් විශාල දුම්රිය ස්ථානයක් බව චායාරූප වලින් දැකගත හැක.වරථමානයේ මෙම පැරණි දුම්රිය ස්ථානය රත්නපුර බස් නැවතුම්පොල වශයෙන් භාවිත කෙරේ.නමුත් දුම්රිය ස්ථානයට සම්බන්ධ ඇතැම් පැරණි ගොඩනැගිලි තවමත් දක්නට ලැබේ.වරථමාන බස් නැවතුම්පොලෙහි නව නගරය, ඇඹිලිපිටිය, කහවත්ත, රෝහල යන බස් රථ නවත්වන කොටසෙහි දක්නට ඇත්තේ මෙම පැරණි දුම්රිය ස්ථානයේ කොටසයි.මෙහි ඇති පළමු චායාරූපය ගොඩක් පැරණි වන අතර ඉතිරි චායාරූප තුනෙහි ඇත්තේ 1975 හා ඒ අවට කාල සීමාවන්වල චායාරූප වේ.මෙහි අවසානයට ඇති චායාරූපයෙන් දැක්වෙන්නේ එකල පැවති දුම්රිය ධාවනාගාරයයි.

මෙම post එක මගින් ඔබ නොදත් දේවල් දැන ගත්තා යැයි සිතමි.මෙම post එකෙන් ඔබ යම් දෙයක් දැන ගත්තා නම් පිටුවට like එකක් එකතු කරන්න.ඔබේ අදහස්ද ප්‍රකාශ කරන්න.

සැ.යු. :- මෙහි ඇති සියලුම චායාරූපවල අයිතිය ඒවායේ මුල් හිමිකරුවන්ට හා පසුව පල කල පුද්ගලයින්ට හිමිවිය යුතුය.

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!
14/04/2017

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!

අවිස්සාවේල්ල පැරණි දුම්රිය ධාවනාගාරයමෙය දුම්රිය ස්ථානයේ 2 වෙනි වේදිකාවට මදක් නුදුරින් පිහිටා ඇත.මෙම අවිස්සාවේල්ල දුම්රිය...
08/04/2017

අවිස්සාවේල්ල පැරණි දුම්රිය ධාවනාගාරය

මෙය දුම්රිය ස්ථානයේ 2 වෙනි වේදිකාවට මදක් නුදුරින් පිහිටා ඇත.මෙම අවිස්සාවේල්ල දුම්රිය ධාවනාගාරය එරථමානයේදී භාවිතයට නොගැනේ.එය අතීතයේ පටු අමාන දුම්රිය මාර්ගය පැවති කාලයේ භාවිතයට ගෙන ඇත.එකල අවිස්සාවේල්ල දුම්රිය ස්ථානය ප්‍රධාන දුම්රිය ස්ථානයක් වීම මෙහි දුම්රිය ධාවනාගාරයක් ඉදි කරන්නට හේතු වී ඇතැයි සිතිය හැක.වරථමානයේ මෙහි පැරණි භාණ්ඩ ප්‍රවාහන මැදිරියක්ද ඉන්දන ප්‍රවාහනය කල ගැලක්ද විනාශ වූ මගී මැදිරියක් හා ගරා වැටුනු ගොඩනැගිල්ලක්ද දැකගත හැක.එමෙන්ම ධාවනාගාරය වෙත වැටී තිබුනු පටු අමාන දුම්රිය මාර්ග කොටසක්ද ඉතිරිව ඇත.වරථමානයේ අවිස්සාවේල්ල දක්වා භාණ්ඩ ප්‍රවාහන දුම්රියන් ධාවනය නොකිරීමත් බලවේගී දුම්රියන් පමණක් ධාවන වීමත් නිසා ධාවනාගාරයක අවශ්‍යතාව අවම වීම මෙම ධාවනාගාරය ප්‍රතිසංස්කරණය කර භාවිතයට නොගැනීමට හේතුව වී ඇතැයි සිතිය හැක.නමුත් කැළණිවෙලි දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණ කල දිනක ධාවනාගාරයේ අවශ්‍යතාව මතු වනු ඇත....

Post එක ගැන ඔබේ අදහස් එකතු කරන්න
Page එකට like එකකුත් දාන්න...

අවිස්සාවේල්ල දුම්රිය ස්ථානය හා එහි ඉතිහාසය..මරදාන දුම්රිය ස්ථානයට නුදුරින් ඇරඹෙන කැළනිවෙලි දුම්රිය මාර්ගයේ අවසාන දුම්රිය...
31/03/2017

අවිස්සාවේල්ල දුම්රිය ස්ථානය හා එහි ඉතිහාසය..

මරදාන දුම්රිය ස්ථානයට නුදුරින් ඇරඹෙන කැළනිවෙලි දුම්රිය මාර්ගයේ අවසාන දුම්රිය ස්ථානය අවිස්සාවේල්ල දුම්රිය ස්ථානය වේ.මෙය කොළඹ සිට හමු වන 39 වන දුම්රිය ස්ථානයයි.එය කොළඹ සිට කිලෝමීටර 61 කින් හා මුහුදු මට්ටමේ සිට අඩි 120ක් උසින් පිහිටා ඇත.නමුත් අතීතයේ දී කැළනිවෙලි දුම්රිය මාර්ගයේ අවසානය අවිස්සාවේල්ල දුම්රිය ස්ථානය නොවීය.එය එකල ඕපනායක දක්වාත් යටියන්තොට දක්වාත් දුම්රිය මාර්ග දෙකක් ආකාරයට පැවතිනි.එකල මෙම දුම්රිය මාර්ගය පටු අමාන දුම්රිය මාර්ගයක් ආකාරට පැවත ඇත.එනම් දුම්රිය මාර්ගය වර්තමානයේ භාවිතා වන දුම්රිය මාර්ග වලට වඩා පළලින් අඩු එකක් විය.එය අඩි 2 1/2 පළලින් යුක්ත විය.එබැවින් මෙහි ගමන් කල දුම්රියන් කුඩා ඒව වූ බැවින් මිනිසුන් මෙය පුන්චි කෝච්චිය ලෙස හැදින්වීය.එකල අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයද වර්තමානට වඩා විශාල වූ බව අතීත ඡායාරූපවලින් සනාථ වේ.එම චායාරූප ඉදිරියේදී පිටුවේ පල වේ.මේකාලයේ අවිස්සාවේල්ල දුම්රිය ස්ථානය ප්‍රධාන දුම්රිය ස්ථානයක් ලෙස පැවත ඇත.කාලයත් සමග විවිධ හේතු නිසා දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල දක්වා පමණක් සීමා විය.පසු කලෙක අවිස්සාවේල්ල දක්වා මාර්ගය පුලුල් දුම්රිය මාර්ගයක් ලෙස ඉදි කර ඇත.වර්තමානයේ දුම්රිය ස්ථානය අසල පැරණි දුම්රිය ධාවනාගාරයක්ද දක්නට ලැබේ.වර්තමානයේ දිනකට දුම්රියන් 4ක් අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය වන අතර දුම්රි‍යන් 5ක් කොළඹ සිට අවිසාවේල්ල දක්වා ධාවනය වේ.ඉන් එක් දුම්රියක් බාණ්ඩ හා මගී ප්‍රවාහන දුම්රියක් වේ.මෙහි දුම්රිය වේදිකා 2ක් පවතින අතර දුම්රිය මාර්ග 3ක් පවතී.අවිස්සාවේල්ල දක්වා S8 හා S12 පන්තියේ බලවේගී දුම්රියන් ධාවනය වේ.අවිස්සාවේල්ල දුම්රිය ස්ථානය යනු ශ්‍රීලංකාවේ එක් දුම්රිය මාර්ග අන්ත දුම්රිය ස්ථානයකි.

Page එකට like එකකුත් දාන්න.
Post එක ගැන ඔබේ අදහස් එකතු කරන්න...

25/03/2017

කොළඹ කොටුව සිට අවිස්සාවේල් දක්වා දුම්රිය කාල සටහන
දිනපතා කොළඹ කොටුවෙන්.....

පෙ.ව. 8.45

ප.ව. 4.10

ප.ව. 4.35

ප.ව. 5.20

ප.ව. 8.00

සෙනසුරාදා දින පමණක් ප.ව. 4.35 ට ධාවනය වන දුම්රිය ධාවනය නොවේ.

25/03/2017

අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා දුම්රිය කාල සටහන
දිනපතා අවිස්සාවේල්ලෙන්.....

පෙ.ව. 4.55

පෙ.ව. 5.30

පෙ.ව. 6.25

ප.ව. 12.35

අවිස්සාවේල්ලට පැමිණෙන S8......Page එකට like එකකුත් දාන්න...
25/03/2017

අවිස්සාවේල්ලට පැමිණෙන S8......
Page එකට like එකකුත් දාන්න...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Avissawella Railway Station posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share