sameera news welihinda.2

  • Home
  • sameera news welihinda.2

sameera news welihinda.2 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from sameera news welihinda.2, News & Media Website, .

මෙරට වෛද්‍ය ක්ෂේත්‍රය තුළ රෝගී ප්‍රතිකාර වෙනුවෙන් සිදුකරන කැප කිරීම ඇත්තෙන්ම ප්‍රශංසනීයයි..ඒ වෙනුවෙන් අලුත් අලුත් දේවල් ...
16/10/2023

මෙරට වෛද්‍ය ක්ෂේත්‍රය තුළ රෝගී ප්‍රතිකාර වෙනුවෙන් සිදුකරන කැප කිරීම ඇත්තෙන්ම ප්‍රශංසනීයයි..

ඒ වෙනුවෙන් අලුත් අලුත් දේවල් අත්හදාබලන එක සාමාන්‍යයි...

මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ කතාවක්.... මේ කතාව අපට ඇහෙන්නේ අනුරාධපුර රෝහලෙන්...

පූර්ණ නිර්වින්දනයට ලක් නොකර අවම නිද්‍රාශීලි තත්ත්වයේ සිටියදී රෝගියෙකුගේ මොළයේ ගෙඩියක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය අංශය මගින් පසුගියදා සිදු කෙරුණා....

මෙරට රජයේ රෝහලක මෙවැනි ශල්‍යකර්මයක් සිදුකර ඇත්තේ පළමු වරටයි....

ශල්‍යකර්මය සිදුකර ඇත්තේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය මධුශංක ගෝමස්, වෛද්‍ය රොහාන් පාරිස් සහ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය ලෙවන් කාරියවසම්, වෛද්‍ය විශාඛා කර්නර් යන කණ්ඩායම විසින්....

මෙලෙස ශල්‍යකර්මයට භාජනය වූයේ අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සමන් ජයසිංහ නමැති පුද්ගලයෙක්...

ඔහු වෘත්තියෙන් බුදු පිළිම ඇතුළු වෙනත් ප්‍රතිමා නිර්මාණය කරන ශිල්පියෙකු ද වනවා...

ඔහුගේ වම් මොළයේ ඉදිරිපස, ශරීරයේ දකුණු අර්ධයෙහි ක්‍රියාකාරකම් පාලනය කරන ප්‍රදේශය ආසන්නයේ හටගත් ගෙඩියක් ඉවත් කිරීම මෙම ශල්‍යකර්මයේ අරමුණ වුණා...

මෙවැනි සංකීර්ණ ශල්‍යකර්මයක් සිදුකිරීමේදී සාමාන්‍යයෙන් රෝගියා සම්පූර්ණයෙන්ම සිහි මුර්ජා තත්ත්වයට පත්කිරීම සිදු කෙරෙන නමුත් මෙම ශල්‍යකර්මයේදී රෝගියා සම්පූර්ණයෙන් නිර්වින්දනය නොකෙරුණු අතර, වේදනාවක් නොදැනෙන පරිදි අවම නිද්‍රාශීලී තත්ත්වයකින් එය සිදු කෙරුණු බවයි වෛද්‍යවරුන් පැවසුවේ...

මෙම ශල්‍යකර්මයට භාජනය වූ ප්‍රතිමා නිර්මාණ ශිල්පී සමන් ජයසිංහ ශල්‍යකර්මය අතරතුරදී නෙළුම් මලක් චිත්‍රයට නැගුවේ වෛද්‍යවරුන් කණ්ඩායම ද පුදුමයට පත්කරමින්...

ශල්‍යකර්මය අතරතුරදී රෝගියා සමග නිරන්තරයෙන් කතාබස් කරමින්, ඔහුගේ මතකය පරීක්ෂා කිරීම, දකුණු පස අත හා කකුල චලනය වැනි ක්‍රියාකාරකම් අතරතුර මොළයේ ගෙඩිය ඉවත් කිරීම සිදුවුණා...

පුරුෂයා භාර්යාවට තිබූ සෙනෙහසේ තරම දිය රෙද්දෙන් මතුවූ අපූරු පුවතක් දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබෙනවා.දෙදෙනා විවාහ වුණේ වස...
15/10/2023

පුරුෂයා භාර්යාවට තිබූ සෙනෙහසේ තරම දිය රෙද්දෙන් මතුවූ අපූරු පුවතක් දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබෙනවා.

දෙදෙනා විවාහ වුණේ වසර කිහිපයක්ම පෙම් බැඳීමෙන් අනතුරුවය.

බොහෝ සැමියන් මෙන් මේ සැමියාද තරුණ භාර්යාවට දැක්වූයේ අසීමිත ආදරයකි.

හිටි හැටියේ අනපේක්ෂිතව ආ කොරෝනා මේ දෙදෙනාගේ අනාගත සැලසුම් වතුරේ පාකර හැරියා. ඒ සැමියා කළ රැකියාව ඔහුට අහිමිවීමත් සමගමය.

කොරෝනාවට තම අනාගත සැලසුම් ලෙහෙසියෙන් කපා හැරීමට ඉඩක් දීමට මැලිවූ සැමියා විදෙස් ගතවීමට තීරණය කළේ මේ අල්ලපනල්ලේය.

ඊට ඔහුට තිබූ එකම බාධකය වූයේ තරුණ භාර්යාව තනිකර දමා යාමය.

කෙසේ වෙතත් ඊට සිත දැඩිකර ගත් ඔහු සිය භාර්යාවගේ සුවඳ නින්දේදී විඳ ගැනීම සඳහා ඇය දිය නෑමට ගත් දිය රෙද්ද රට රැගෙන යාමට ද අමතක නොකළා.

රට ගිය ඔහු සිය සයනයේ මොනතරම් හොඳ ඇඳ ඇතිරිලි තිබුණද ඊට උඩින් දමා ගත්තේ සිය භාර්යාවගේ දිය රෙද්දය.

රට ගිය ඔහු දින කිහිපයක කෙටි නිවාඩුවට මෙරටට එන්නේ සිය භාර්යාව දැක ගැනීමට ඇතිවූ නොතිත් ආශාව නිසාය.

ඔහු රට සිට මෙරටට එන්නේ භාර්යාවද දැනුවත් කරමිනි. ඔහු රට සිට ගෙදරට එනවිට තරුණ භාර්යාව වාශ්ප වෙලාය.

අම්ම තාත්තා ඒබව දැන්වූවිට ඔහු හඬා වැටුනේ ගමන් මල්ලෙන් එළියට ගත් දිය රෙද්දක් ද පෙන්න පෙන්නා ''අනේ මට එයා නිතරම සිහිවෙන්න ඕනෑ නිසා මම මේ දිය රෙද්දත් අරන් ගියා'' යයි කියමිනි.

එය දුටු බාල මහලු‍ අය රට සිට සැමියා එනවිට හොර රහසේ වෙන අයෙකු සමග හොරෙන් පැන ගිය ඇයට දෙස්දෙවොල් තිබ්බේ අනේ කොච්චර හොඳ සැමියෙක්ද ඔහුගේ ආදරයේ තරම දිය රෙද්දෙන් පෙනෙනවා යයි කියමිනි.

ශිෂ්‍යත්වයට මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සූදානම....
12/10/2023

ශිෂ්‍යත්වයට මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සූදානම....

11/10/2023

රාත්‍රී 7.00 වන විට පිටබැද්දර ජලමාපකයේ ජල මට්ටම 3.06m දක්වා වැඩි වී ඇත.. සවස 2.00 සාපේක්ෂව මීටරයක පමන ජල මට්ටම වැඩි වීමක්..

12/08/2023

sameera news welihinda මාධ්‍ය ජාලය වැඩිම වියදමක් දරා ඩොනා කැමරා දර්ශන යොදා ගනිමින් නිෂ්පාදනය කරපු මෙම ගිතය ගායනයෙන් දායක වු ගායන ශිල්පී ඉන්ද්‍රජිත් දොලමුල්ල සහ ගීතය පද රචනය කරපු අය සංගීතය නිර්මාණය කරපු සහා දායක වු සියලුම දෙනාට විශේෂ ස්තුතියි
sameera news welihinda මාධ්‍ය ජාලය

16/07/2023

අස්ථි පිළිකාවකින් පෙළෙන පැහැසරණී දියණියට අවුරුදු 16කි . අගෝස්තු 18 ට කලින් ලක්ෂ 30ක මුදලක් ඇයගේ සැත්කම සිදුකිරීමට අවශ්‍ය වී තිබේ . පිංවත් ඔබ සැමගෙන් ආධාරය පතන මේ දියණියට උපකාර කරන්න .... වැඩි විස්තර සඳහා විමසීම,,,, 0771930618 / 0705747400/ 0740367016,,,,, තෙරුවන් සරණයි

මේ ගිණුම් අංකයට මුදල් බැර කරන්න . 096,2,001,0,0017430 ,,, මැදවච්චිය මහජන බැංකුව එම් , එ. අර් සෝමලතා (මව)

අස්ථි පිළිකා ( giant cell rich osteosarcoma වම් කකුලේ දණහිස අසළ )

රෝගී තත්වයෙන් පීඩා විඳින කැකිරාව බස්තියන් සිල්වා මහා විදුහලේ ඉගෙනුම ලබන

ටී .ම්
අනුශල්‍ය පැහැසරණි අවු.16 . හැවිරිදි දියණිය දැනට මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන අතර මාස දෙකක් ඇතුළත රුපියල් ලක්ෂ 30 ක සැත්කමක් සිදු කිරීම සඳහා අගෝස්තු 18ත් 25ත්
අතර දින යෙදී ඇති බැවින් ඔබගේ මූල්‍යමය ආධාර අවශ්‍ය මොහොතයි .

ඔබට හැකි පමණින් උදව් උපකාර කරන්න ඔබ සැමට බොහෝම පින්

24/03/2023

අප sameera news welihinda.2 නවතම නාලිකාව එළි දක්වයි
ගායනය ඉන්ද්‍රජිත් දොලමුල්ල
විශේෂ ස්තූතිය පුදකරනවා මේ ගීතය අප නවතම නාලිකාවට ලබා දුන් ගායන ශිල්පී ඉන්ද්‍රජිත් දොලමුල්ල මහතාවෙත

Address


Website

Alerts

Be the first to know and let us send you an email when sameera news welihinda.2 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share