18/05/2022
ඊයේ මම පොස්ට් එකක් දැම්මා වැඩි මිලට හරි පෙට්‍රල් ලිටර් 2ක් ඉල්ලලා.හේතුව මට ස්කෑන් එකකට යන්න තිබ්බ නිසා.පොස්ට් එක දාපු ගමන් රිප්ලයි එකක් ආවා කෙනෙක් ගෙන් (නම සදහන් කරොත් එයාට වදයක් වෙයි කියලා මම හිතන නිසා නම කියන්නේ නෑ) වැඩි මිලට එපා ගත්ත ගානට අරන් යන්න එන්න කියලා.පාන්දර මම ගියෙත් බයික් එකේ අඩියේ තෙල් තියාගෙන ඔහුගේ ගෙදර ලගට ගිහින් කතා කරපු ගමන් තෙල් ටික ගෙනත් බයික් එකට දාගනින් බන් කියලා පුනීලේකුත් ගෙදරින්ම මට දුන්නේ.. කියක් ඕනිද කියලා ඇහුවාම සල්ලි ඕනි නෑ බන් ඕක දාගෙන පලයන් කිවේ බලෙන් සල්ලි දුන්නත් ගත්තේ නෑ කිවේ එක දෙයයි
" මේ කාලේ නොකරන උදව් ආයේ මොකටද කියලා ඔහු ගියා"
අද උදේ කොහොමහරි මට හොදටම අමාරු වෙලා ඉස්පිරිතාලේ නතර වෙන්න යන්න උනා දෙයියෙක් වගේ ඊයේ දුන්න තෙල් ටික හින්දා යන්න පුලුවන් උනේ.. ඇත්තටම ඒ වගේ මිනිස්සු තවත් ඉන්නවා මේ දවස් වල ඇත්තටම පුලු පුලුවන් අයට උදව් කරගන්න ❤️
තව මේ group එකේ ඇඩ්මින්වරුන්ටත් ස්තුති
🔴Group එක kiribathgoda api...🔴