Lanka V News

Lanka V News Lanka v News - News from Sri Lanka

07/08/2024

දැන් තියන එකෙයි එකෙයි වෙනස

04/08/2024
වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට අයත් බව පැවසෙන කලාවැව, බලලුවැව ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුග...
02/08/2024

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට අයත් බව පැවසෙන කලාවැව, බලලුවැව ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (31) සොයාගෙන තිබෙනවා.

ගල්කිරියාගම පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව මෙම මළ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ මොහොමඩ් අස්කර් මොහොමඩ් නිදාම් නමැති 58 හැවිරිදි පුද්ගලයෙක් බව පැවසේ.

එක් දරු පියෙක්වන මොහු අනුරාධපුර, දේවානම්පියතිස්සපුර, 04 වන පටුමගප්‍රදේශයේ ස්ථීර පදිංචිකරුවෙක් බව සඳහන්.

මෙම පුද්ගලයා මීට මාස කිහිපයකට පෙර බලලුවැව ප්‍රදේශයේ රැකියාවක් සඳහා පැමිණ ඇති බවත්, ඔහු වෛද්‍යවරයාට අයත් බව කියන නිවසේ තාවකාලිකව නැවතී සිට ඇති බවත් සිදුකළ මූලික පොලිස් විමර්ශණවල දී අනාවරණය වී තිබෙනවා.

එම නිවස තුළ ඇදක් මත තිබිය දී මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර, මෙට ස්වභාවික මරණයක් ද, සියදිවි නසා ගැනීමක් ද, ඝාතනයක් ද යන්න පිළිබඳව විමර්ශන සිදුකරනු ලබනවා.

මේ අතර මිය ගිය පුද්ගලයාගේ සිරුර තිබූ ඇඳ ආසන්නයේ තිබී ඖෂධ වර්ග කිහිපයක් ද පොලිසිය සොයා ගෙන ඇති බවයි වාර්තා වුණේ.

කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත් කුමාර තෙන්නකෝන් මහතා විසින් ඊයේ (31) දින මරණය සම්බන්ධයෙන් සිදුකළ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය දඹුල්ල රෝහල වෙත යොමුකර තිබෙනවා.

මෙම සැක කටයුතු මරණය සම්බන්ධයෙන් නිවස භාරව සිටින බව කියන පුද්ගලයෙක් ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන්කර ගැනීමටයි පොලීසිය කටයුතු කර ඇත්තේ.

02/08/2024

"දෙවෙනි ඉනිමේ අලුත්ම නළුවා අනුර අයියා අහනවා මේවත් වැඩද කියලා" ~ පේෂල අනුරව රඟපාලා පෙන්නපු හැටි

31/07/2024

Wow. Wow. WOW 🤩 🗼 What a backdrop!



30/07/2024

: Picture of surfer at Teahupo’o looms as legendary photo.

One of the coolest Olympic photos by 📸 Jerome Brouillet

26/07/2024
26/07/2024
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 2024 දිය කැපීමේ මංගල්‍යය අද උදෑසන සිදු කෙරිණි.
25/07/2024

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 2024 දිය කැපීමේ මංගල්‍යය අද උදෑසන සිදු කෙරිණි.

25/07/2024
ලොකු පුතා එංගලන්තයේ විශේෂඥ දොස්තර: පොඩි පුතා ඇමෙරිකාවේ - වියපත් අම්මා වැඩිහිටි නිවාසයේඑංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු...
23/07/2024

ලොකු පුතා එංගලන්තයේ විශේෂඥ දොස්තර: පොඩි පුතා ඇමෙරිකාවේ - වියපත් අම්මා වැඩිහිටි නිවාසයේ

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක රැකවරණය ලබමින් සිටීමේ අනුවේදනීය සිද්ධියක් වාර්තා විය.

නීතියාගම චන්දිම හිමි ගුණවතී මාතාවගේ 90 වැනි උපන් දිනය වෙනුවෙන් ධර්ම දේශනයක් කිරීමට මාලබේ ප්‍රදේශයේ පිහිටි එම වැඩිහිටි නිවාසයට පසුගිය දා වැඩම කළ අතර එම ධර්ම දේශනය අවසානයේ ඇය උන්වහන්සේට පිරිකරක් පූජා කළාය.

විහාරස්ථානයට වැඩම කළ චන්දිම හිමි පිරිකර විවෘත කර බැලූ අවස්ථාවේ එහි සබන් කැටයක් සහ බුල්වලින් ගොතන ලද වහන්කඩයක් තිබෙනු දැක ඇත.

ඒ පිරිකර තුළ යම් දෙයක් ලියා ඇති කොළ කැබැල්ලක් තිබෙනු දුටු චන්දිම හිමි එය කියවා බලා තිබේ.

මේ සබන් කැටය ගාන සෑම වාරයක් පාසාම මෙන්ම බුද්ධ පූජාව වසා තබන වහන්කඩය අරින වහන සෑම අවස්ථාවකම මගේ දරු දෙදෙනාට මා දැක බලා ගැනීමට පැමිණීමට සිතක් පහළ වේවා යැයි කියා එම කොළ කැබැල්ලේ මෙම වයෝවෘද්ධ මාතාව ලියා තිබෙන අයුරු දක්නට ලැබුණු බව නීතියාගම චන්දිම හිමියෝ ඊයේ (22) පැවැසූහ.

චන්දිම හිමියෝ මේ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු හෙළි කරමින් මෙසේ ද කීහ.

මේ ලියුම් කැබැල්ල දැක්කාට පස්සේ මගේ හිතට කිව නොහැකි තරම් වේදනාවක් ඇති වුණා. මගේ දෑස්වලින් කඳුළු කැට කඩා හැළුණේ මටත් නොදැනීමයි. මම මෙම වැඩිහිටි නිවාසයට යළිත් වරක් වැඩම කර ගුණවතී මාතාව හමු වී විස්තර විමසා දැන ගත්තා.

මේ මාතාව මාතර, කඹුරුපිටිය පැත්තේ පදිංචි කාන්තාවක්. ඇයගේ පුතුන් දෙදෙනා කුඩා කාලයේම සැමියා මිය ගොස් තිබෙනවා. දරු දෙන්නට හොඳට උගන්වන්න ඕනෑ නිසා රාජගිරියේ කජු සංස්ථාව පිටිපස්සේ තියෙන කුඩා නිවසක් කුලියට ගෙන එහි පදිංචිව තිබෙනවා. දරුවන් දෙන්නම කොළඹ ප්‍රධාන පෙළේ පාසලකට යවා තිබෙනවා. ඇය සතු දේපළ වරින් වර විකුණා දමමින් දෙන්නට හොඳට උගන්වා තිබෙනවා.

ලොකු පුතා වෛද්‍ය විද්‍යාලයට ගියාට පස්සේ අද වෙනකම් දකින්නට ලැබුණේ නැහැ. අවුරුදු තිහකින් ලොකු පුතා දැකලා නැහැ. එයා විශේෂඥ වෛද්‍යවරයකු ලෙස එංගලන්තයේ රෝහලක සේවය කරන බව ඔහුගේ මිතුරන් කිහිප දෙනකුගෙන් දැන ගැනීමට ලැබුණු බව මේ මාතාව මාත් එක්ක කිව්වා. පොඩි පුතා ඇමරිකාවේ ලෝස් ඇන්ජලිස්වල ලොකු රැකියාවක නිරතව සිටින බව ද දැන ගැනීමට ලැබුණු බවත් පොඩි පුතා අවුරුදු 23 කින් දැක නොමැති බවත් මේ මාතාව හැඬු කඳුළින් මාත් එක්ක කිව්වා. මගේ ඇස් දෙක පියවෙන්න කලින් දරු දෙදෙනා දැක ගන්නට ලැබුණොත් මට ඒ හොඳටම ඇති. දෙන්නගෙන් මට වෙනත් කිසිම ආධාර උපකාරයක් අවශ්‍ය නැහැ. දරුවො දෙන්නට මම වෛර කරන්නෙත් නැහැ. මගේ දරු දෙන්නා මට දුරකතන ඇමතුමක්වත් මේ කාලය තුළ ලබාදී මං ගැන සොයා බලා නැහැ යැයි ද කියා මේ මාතාව මාත් එක්ක කිව්වා. තමා මියැදුණාම අවසන් කටයුතු කරන්න යම් මුදලක් ළඟ තබාගෙන සිටින බවද ඇය මාත් එක්ක පැවසුවා යැයි ද චන්දිම හිමියෝ පැවැසූහ.

ලෝකයේ තිබෙන ලොකුම වේදනාව ලෙස සැලකෙන්නේ ප්‍රසූත වේදනාවය.

එවැනි වේදනාවක් දෙවරක් විඳ දරාගෙන බොහෝ දුක් මහන්සියෙන් දරු දෙදෙනාට අධ්‍යාපනය ලබා දී ඉහළ තැනකට ඔසවා තැබීමෙන් පසු මේ මාතාවට අත්වී ඇති ඉරණම අතිශය ශෝක ජනකය.

23/07/2024

Good luck Team Sri Lanka for the Paris Olympic Games 2024! 💪🇱🇰❤

22/07/2024

University of Dhaka July 2024.

21/07/2024
21/07/2024
20/07/2024

Address


Alerts

Be the first to know and let us send you an email when Lanka V News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share

රටට කියන්න, අපට එවන්න !

ඔබ සතු ඕනෑම ප‍්‍රවෘත්තියකට අදාල වීඩියෝ සහ චායාරූප අප වෙත (inbox) එවන්න.