Vikalpa

Vikalpa Our vision

To demonstrate by example the impact of high quality citizen journalism in Sri Lanka to further peace, democracy and human rights. vikalpa.org

Online Safety පිළිබදව පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනේ(TOT - Tamil Medium) දෙවන අදියර පිළිබද පසුගියදා දඹුල්ලේ දී වැඩම...
01/11/2024

Online Safety පිළිබදව පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනේ(TOT - Tamil Medium) දෙවන අදියර පිළිබද පසුගියදා දඹුල්ලේ දී වැඩමුලුවක් පැවැත්විණි. එහිදී පසුගිය කාලයේ සිදු කළ වැඩසටහන්, පුහුණුවීම් ඇතුලු ක්‍රියාකාරකම් පිළිබද නැවත හැරී බැලීමත් ඉදිරි කාලය තුළ සිදුකිරීමට නියමිත වැඩසටහන් පිළිබදවත් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එහිදී Online Safety පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනේ පුහුණුකරුවන්ගේ සංචිතය(Trainers Pool) පිළිබවද වැඩි අවධාරණයට ලක් කෙරුණු කරුණු අතර ප්‍රධාන තැනක් ගනු ලැබීය.

මෙම වැඩසටහන සදහා පහසුකාරකත්වය සපයන්නේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ, මාධ්‍ය ඒකකයයි.

මහබැංකුව සුද්ද සිංහලෙන් කියන දේ පවා නොවැටහෙන හෙළයේ යක්කු [ගාමිණී වියන්ගොඩ ] Read in full: https://www.vikalpa.org/articl...
01/11/2024

මහබැංකුව සුද්ද සිංහලෙන් කියන දේ පවා නොවැටහෙන හෙළයේ යක්කු [ගාමිණී වියන්ගොඩ ] Read in full: https://www.vikalpa.org/article/44139

‘‘බීරි අලියාට වීණා වාදනය කිරීම වැනි’’ යැයි කතාවට කියති. මේ උපහැරණ කතාවේ අතීත සන්දර්භයන් මොහොතකට පැත්තකින් තියා, .....

Cartoon by Awantha Artigala
01/11/2024

Cartoon by Awantha Artigala

28/10/2024

‘‘1989 නොවැම්බර් 29 දා, මමත්, මගේ ස්වාමිපුරැෂයාත් මාමාඩලේ …ම්ලේච්ඡයින් අපි දෙන්නා අරගෙන ගියා.." (ප්‍රේමසීලි සොදිමාන්න) රද්දොලුවේ, අතුරුදහන්වූවන් සිහි කිරීම සදහා ඊයේ(27) දා පැවති සිහිකිරීමේ වැඩසටහන.

අලුත් ජනාධිපතිවරයෙකු පත් කරගෙන ගත වූ සති පහක කාලය තුළ, ඔහුගේ අන්තර්-කාලීන ආණ්ඩුව ගැන විවිධ විවේචන මතු කෙරේ. ඒවා බොහොමයක්...
28/10/2024

අලුත් ජනාධිපතිවරයෙකු පත් කරගෙන ගත වූ සති පහක කාලය තුළ, ඔහුගේ අන්තර්-කාලීන ආණ්ඩුව ගැන විවිධ විවේචන මතු කෙරේ. ඒවා බොහොමයක්, පටු දේශපාලන ආකල්ප පෙරදැරිව සිදු කෙරෙන බව පෙනේ. ආණ්ඩුවේ තීරණාත්මක ප්‍රතිපත්ති පිළිබඳ විවේචනයක් කිරීමට තරම් සාධාරණ කාලයක් තවම ගතව නැත. ඇත්ත වශයෙන්ම නම් කෙනෙකු බලා සිටිය යුත්තේ, මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති යොමු වන දිසාව කෙරෙහි ය. නිදහසෙන් පසු ලංකාවේ අසාර්ථකත්වය සමාජ දේහයට තදින්ම දැනුණේ ආර්ථික අංශයෙනි. ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලය තුළ එකී සත්‍යය මුළු රටම දෑහින් දැක්කේය.

අනෙක් අංශවලින් අප මහා සාර්ථකත්වයක් ලබා ඇතැයි ඉන් අදහස් නොවේ. එහෙත් එකී අංශවලින් ප්‍රශස්ත වර්ධනයක් ඇති කරගැනීමට හැත්තෑහය වසරක කාලය තුළ අප බොහෝදුරට සමත්ව ඇත. එබැවින් මෙම ආණ්ඩුව කෙරෙහි සාධාරණ විවේචන ඉදිරිපත් කිරීමේ අවකාශයක් වෙතොත්, එය දිගහැරෙනු ඇත්තේ ඉහත කී ආර්ථික දිසාව ඔස්සේ බව කෙනෙකුට අනුමාන කළ හැකිය. විශේෂයෙන්, අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි ජගත් මූල්‍ය ආයතන සමග ඇති කරගන්නා සම්බන්ධතාවයේ ස්වභාවය මෙන්ම, ජාත්‍යන්තර වෙළෙඳපොළ සමග දේශීය ආර්ථිකය ස්ථානගත කෙරෙන ස්වභාවය සහ ආකෘතිය තරම්, මේ ආණ්ඩුවේ හොඳ-නරක සහ අඩුපාඩු කිරාබැලීමට සුදුසු වෙනත් අංශයක් ඇති වෙතැයි සිතිය නොහේ. එහෙත්, තමන් ලද පරාජයක එදිරිය පිරිමසාගැනීම අරමුණු කරගෙන පමණක් කටයුතු කරන කොටස්වලට, එතෙක් ඉවසා සිටීමේ ඉස්පාසුවක් නැති සෙයකි. එසේ හෙයින් ‘හොස්ස ළඟින් මැස්සා ගියත්’ ඇවිස්සෙන ආකල්පයකින් එම පිරිස් කටයුතු කරන බව ගත වූ සති කිහිපය තුළ දකින්ට ලැබුණි.

ආණ්ඩුවක් පත්වූ සැණින් කරන පළමු කාර්යය වන්නේ, විවිධ තනතුරු සඳහා පුද්ගලයන් පත්කිරීමයි. එකී සමහර පත්කිරීම් මතභේදාත්මක විය හැකිය. මේ කෙටි කාලය තුළ එවැනි පත්කිරීම් කිහිපයක් ආපස්සට හැරවීමටත් අලූත් ආණ්ඩුව කටයුතු කර තිබේ. මේ අතරේ, එක්තරා විශේෂ පත්කිරීමක් මේ මොහොතේ යම් ආන්දෝලනයකට තුඩු දී ඇත. එනම්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න පත්කිරීම සම්බන්ධයෙනි. ඒ විවේචනය මතු කෙරුණේ, පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම කෙරෙහි යම් වගකීමක් ඔහු වෙතටත් ආරෝපණය කිරීම තුළිනි. චෝදකයා වුණේ, උදය ගම්මන්පිල ය. සිය චෝදනාව සඳහා ඔහු මූලාශ්‍ර කරගෙන ඇත්තේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කරන ලද විමර්ශන කමිටුවක වාර්තාවකි. ඒ විමර්ශන කමිටුවේ සභාපතිත්වය දැරුවේ හිටපු මහාධිකරණ විනිසුරුවරියක් වන ඒ. එන්. ජේ. ද අල්විස් ය.

ලංකාවේ රාජ්‍ය නායකයන් සහ විවිධ ආණ්ඩු විවිධ කාරණා අරභයා පත්කර ඇති විමර්ශන කොමිෂන් සභා සහ විමර්ශන කමිටු රාශියක් තිබේ. යම් ආන්දෝලනාත්මක සිද්ධියක් ඇති වූ විට, එම සිද්ධියේ සැබෑ මූලය සහ ඊට වගකිවයුත්තන් හඳුනාගැනීම මෙවන් විමර්ශන කොමිෂන් සභා සහ විමර්ශන කමිටු පිහිටුවීමේ අරමුණ වුණත්, එවැනි විමර්ශන තුළින් අදාළ ප්‍රස්තුතයේ සුලමුලක් පිළිබඳ අවබෝධයක් ඇති කරගැනීම හෝ ඒ අවබෝධය ජනතාවගේ දැනගැනීම සඳහා සමාජගත කළ අවස්ථා සොයාගැනීමට ඇතොත් ඒ ඉතා කලාතුරකිනි. ඇත්තෙන්ම, අපේ පාලකයන් එවැනි විමර්ශන කොමිෂන් සභා සහ විමර්ශන කමිටු පිහිටුවා ඇත්තේම අදාළ සිද්ධිය පිළිබඳ යථාවබෝධයක් ලබාගැනීමට නොව. එකී ප්‍රශ්නයට විසඳුම් සෙවීම හැකිතාක් කල්දැමීම මගින්, අවසානයේ සමාජ මතකයෙන් පවා එම ප්‍රශ්නය අතුගා දැමීමටයි. එවැනි කොමිෂන් සභා වාර්තා, අදාළ සිද්ධිය පිළිබඳ ඉදිරි නඩු කටයුතු සඳහා පාවිච්චි කිරීමටවත්, අඩු වශයෙන් ජනතාවගේ දැනගැනීම සඳහා ඒ වාර්තා ප්‍රසිද්ධියට පත්කිරීමටවත් රාජ්‍ය නායකයන් කටයුතු කර නැත්තේ එබැවිනි.

මේවාට අමතරව, තවත් විමර්ශන කොමිෂන් සභා සහ විමර්ශන කමිටු වර්ගයක් තිබේ. රාජ්‍ය නායකයෙකු විසින් එවැනි කොමිසමක් හෝ විමර්ශන කමිටුවක් පත්කරනු ලබන්නේ, ජනතාවට කෙසේ වෙතත් තමන්ටවත් සැබෑ සත්‍යය දැනගැනීම සඳහා නොවේ. වෙනත් දේශපාලනික අභිමතාර්ථයක් සාධනය කරගනු පිණිස ය. බොහෝවිට එවැන්නක් මගින්, තමාගේ හතුරු පාර්ශ්වයක වගකීම වැඩි කර හුවාදක්වමින් එම පුද්ගලයන් පීඩාවට පත්කිරීමටත්, සැබෑ වරදකරුවන් වී සිටින තමාගේ මිතුරු කඳවුරේ පිරිස් ඉන් නිදහස් කරගැනීමටත් යොදාගැනේ. යහපාලන ආණ්ඩු කාලයේ සිදු විණැයි කියූ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත්කළ උපාලි අබේරත්න කොමිසම එවැන්නකි. අවසානයේදී, ගෝඨාභය රාජපක්ෂ කඳවුරට අවශ්‍ය කළ සියලූ හිතමිත්‍රාදීන් ඔවුන්ට එරෙහිව තිබූ නඩු කටයුතුවලින් සහ චෝදනාවලින් නිදහස් කිරීමට මේ කොමිසම කටයුතු කෙළේය. ඒ සමගම, රාජපක්ෂ කඳවුරේ ඇතැම් ප්‍රතිවාදීන් වැරදිකරුවන් කිරීමටත්, ඒ කොමිසම උත්සුක විය. එය මොන තරම් කුප්‍රකට සහ පිළිකුල් සහගත විමර්ශන කොමිසමක් වීද යත්, එහි සමස්ත වාර්තාව අවසානයේ කුණු කූඩයට වැටුණි.

අප කලින් කී වර්ගයේ විමර්ශන කොමිෂන් සභාවලට පත්කෙරෙන්නේ සම්භාවනීය පුද්ගලයන් ය. එහෙත් එවැනි කොමිෂන් සභා වාර්තාවලින් පවා සේවයක් වී නැත. මන්ද යත්, ජනාධිපතිවරු එවැනි වාර්තා සමාජයට නිරාවරණය නොකර තමන්ගේ රහස් ලාච්චුවල දමාගෙන සිටීම නිසා ය. කෙසේ වෙතත්, එවැනි කොමිෂන් සභාවල විමර්ශන කාර්යාවලිය, සාධාරණ යුක්ති ධර්මයේ පදනම මත තබා සමාප්ත කිරීමට එවැනි සම්භාවනීය පුද්ගලයන් සමත්ව ඇති බවට සාක්ෂි තිබේ.

ඊට ප්‍රතිපක්ෂව, මේ අවසානයට කී විමර්ශන කොමිෂන් සභාවලට පත්කෙරෙන්නේ පාලක පක්ෂයේ නොම්මර එකේ හෙංචයියන් ය. ඒ හෙංචයියන් කාටත් ඉතා කුප්‍රකට ඉතිහාසයක් තිබීම විශේෂත්වයකි. උපාලි අබේරත්න ඊට හොඳම උදාහරණයකි. එවැනි දූෂිත චරිතයක් වීම, මෙවැනි කොමිෂන් සභාවකින් අපේක්ෂා කරන දේශපාලනික අභිමතාර්ථ සාධනය කරදීම සඳහා විශේෂ සුදුසුකමක් වශයෙන් පාලකයෝ සලකති.

රවි සෙනෙවිරත්න ගැන මේ ‘හෙළිදරව්ව’ කරන උදය ගම්මන්පිල, අරගල කාලයෙන් ආරම්භ වී, පසුගිය 21 වැනිදා අර්ධ අවසානයකටත්, ලබන 14 වැනිදා පූර්ණ අවසානයකටත් පත්වීමට නියමිත, එක්තරා වඳ වීගෙන යන දේශපාලන කුලකයකට අයත් දේශපාලනඥයෙකි. ඉන් බොහෝ දෙනා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට තරම්වත් රටට මුහුණදී ගත නොහැකිව මේ වන විට පස්ස ගසා තිබේ. නියත පරාජය හමුවේ වියරු වැටෙන සමහරු, එසේ පස්ස ගැසීම වෙනුවට, වෙනත් ආන්දෝලනාත්මක මාර්ගවලින් යළිත් ඉස්මතු වීමට බලති. විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය දියුණුවට පත්ව ඇති මෙවන් අවදියක එවැනි පුද්ගලයන්ට සුහුරු වේදිකා නිතැතින් හමු වෙයි. ගම්මන්පිල විසින් අතහරින ලද මහා ‘බෝම්බයකි’ යි ඇතැම් මාධ්‍ය ආයතන ඔහුගේ ‘හෙළිදරව්ව’ උත්කර්ෂයට නංවන්නේ එබැවිනි. vikalpa.org/article/44133

iMage: vikalpa file අලුත් ජනාධිපතිවරයෙකු පත් කරගෙන ගත වූ සති පහක කාලය තුළ, ඔහුගේ අන්තර්-කාලීන ආණ්ඩුව ගැන විවිධ විවේචන මතු කෙරේ...

Meetup | Online Safety Training Group(Tamil Medium) |
26/10/2024

Meetup | Online Safety Training Group(Tamil Medium) |

Protect Our Rights to Privacy Protect Our Rights to Privacy Protect Our Rights to Privacy Protect Our Rights to Privacy ...
22/10/2024

Protect Our Rights to Privacy
Protect Our Rights to Privacy
Protect Our Rights to Privacy
Protect Our Rights to Privacy

මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර ඔක්තෝබර් 19 දාට වසර 24ක් ගතවෙයි. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයක...
20/10/2024

මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර ඔක්තෝබර් 19 දාට වසර 24ක් ගතවෙයි. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට BBC සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ රාවය පුවත්පතට විශේෂයෙන් උතුරේ සිදුකරන ව්‍යසනයන්/ අපරාධ වාර්තා කරමින් සිටිය හ. 2000 වර්ෂයේදී චන්ද්‍රිකා බණ්ඩාරණායක ජනාධිපතිවරිය සිය පාලනය ගෙන ගිය සමයේ, අනුරුද්ධ රත්වත්තේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිධූරය දැරූ කාලයේ නිමලරාජන් මාධ්‍යවේදීයා ඝාතනය කරනු ලබන්නේ ඇදිරි නීතිය පනවා තිබූ රැයක, අධි ආරක්ෂක කලාපයක් ලෙස නම් කර තිබූ ප්‍රදේශයක, සන්නද්ධව පැමිණි කණ්ඩායමක් විසින් ඔහුගේ නිවස තුළදීම ය. ඔහු ඉතා අමානුෂික ලෙස ඝාතනය කිරීමට හේතුව වූයේ දිගින් දිගටම නිමලරාජන් මාධ්‍යවේදියා විසින් යාපනයේ සිදුවන සිදුවීම්, සිය මාධ්‍ය ක්‍රියාවලිය ඔස්සේ ලෝකය හමුවේ හෙළි කරමින් සිටිමයි. එය ඉවසාගත නොහැකි වූ ඝාතකයින් නිමලරාජන්ව ඝාතනය කර පළා යාමට තරම් ශක්තිමත් වූයේ, එවකට ආරක්ෂක අංශවල මෙන්ම ඇතැම් දේශපාලකයින්ගේ ආශිර්වාදයත්, එම ඝාතනය පිටුපස තිබුණු බවට අදටත් රහසක් නොවේ.

කෙසේ නමුත් නිමලරාජන් මාධ්‍යවේදියා ඝාතනය කොට හමාරය. පසුගිය කාලයේ ලංකාවේ සිදු වූ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, පහරදීම්, පැහැරගැනීම් සහ අතුරුදහන් කිරීම්වල පරීක්ෂණයන් මෙන්, මෙම ඝාතනය පිළිබදව ද වසර 24ක් ගත වුව ද, මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට එරෙහිව පසුගිය කාලය පුරාවට ම සිදු වූ අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන් පිළිබදව කිසිදු හෙළිදරව්වක් අනාවරණය කිරීමට තවමත් බලධාරීන්ට නොහැකි වී ඇත. එය එසේ වන්නේ ඇයි?...Read in full: https://www.vikalpa.org/article/44130

Justice for NIMALARAJAN
19/10/2024

Justice for NIMALARAJAN

October 22nd, at the Lakshman Kadirgamar Institute, starting at 3:00PMPeople’s Alliance for Right to Land - PARL
18/10/2024

October 22nd, at the Lakshman Kadirgamar Institute, starting at 3:00PM

People’s Alliance for Right to Land - PARL

A growing number of states and private companies are deploying advanced AI tools to monitor, track, and surveil people. ...
16/10/2024

A growing number of states and private companies are deploying advanced AI tools to monitor, track, and surveil people. According to the AI Global Surveillance Index, at least 75 out of 176 countries are actively using AI technologies for surveillance purposes, impacting over 6.9 billion people (over 87% of the world’s population), or approximately 8 out of every 9 people.

A growing number of states and private companies are deploying advanced AI tools to monitor, track, and surveil people. According to the AI Global Surveillance Index, at least 75 out of 176 countries are actively using AI technologies for surveillance purposes, impacting over 6.9 billion people (ove...

සමහර ඉතිහාස පෙරළි ඉදිරියේ ඉතිහාසඥයෝ වල්මත් වෙති. හේතුව, ඔවුන්ගේ සම්මත ඉතිහාස ඥානයට සහ ගණිතයට හසු නොවන අපූරු නියාමයක් මගි...
13/10/2024

සමහර ඉතිහාස පෙරළි ඉදිරියේ ඉතිහාසඥයෝ වල්මත් වෙති. හේතුව, ඔවුන්ගේ සම්මත ඉතිහාස ඥානයට සහ ගණිතයට හසු නොවන අපූරු නියාමයක් මගින් මෙවැනි කාලයක විපර්යාසවල ස්වභාවය තීන්දු කරනු ලැබීමයි. එනම්, සිදුවීම් කිහිපයක සුවිශේෂී අන්තර්-ක්‍රියාකාරීත්වයක් මගින් ඇති කරනු ලබන ප්‍රතිඵලය, එකිනෙක සිදුවීමේ ඒකල ප්‍රතිඵලයන්හි ඓක්‍යයට හෙවත් එකතුවට සමාන නොවන බවයි. උදාහරණයක් වශයෙන්, දෙකයි දෙකයි එකතු කළ විට ලැබෙන ඓක්‍යය හතර නොවී, තුන හෝ පහ ආදී වශයෙන් වෙනත් අගයක් ගත හැකි බවයි. මේ තත්වය හඳුන්වන සිංහල වචනය වන්නේ, ‘සහක්‍රියාකාරීත්වය’ යන්නයි. ‘අනේකකර්තෘවාදය’ වශයෙන්ද එය හැඳින්වෙයි. (Synergy)

අනුර කුමාර දිසානායකට මොන විදිහකින්වත් පසුගිය ජනාධිපතිවරණයෙන් ජයගත නොහැකි බවට තර්ක කළ සම්මත ඉතිහාස ඥානය තුළ වැඩ කළ ජනප්‍රිය තර්කණය සැලකිල්ලට ගැනීමෙන් මේ කාරණය වඩාත් හොඳින් අවබෝධ කරගත හැකිය. ජනාධිපතිවරණයෙන් ජයගැනීම සඳහා අවශ්‍ය කරන ඡන්ද ප්‍රතිශතය ලබාගැනීමට, අනුර කුමාර දිසානායක ගමන් කළ යුතුව තිබූ දුර, ගව්-යොදුන් වශයෙන් ගත් විට, එසේ මෙසේ එකක් නොවුණි. ඔහු සතුව තිබූ සියයට 3 ප්‍රතිශතය, ජනාධිපතිවරණයේ ජයග්‍රාහී ප්‍රතිශතය දක්වා වර්ධනය වීමට නම්, එකිනෙක දිස්ත්‍රික්කයෙන් ඔහු ලැබිය යුතුව තිබුණු ඡන්ද ප්‍රතිශතය අධිකතර විය. එකී විශාලත්වය ගණිතමය වගුවකට ඇතුළත් කළ විට, ඔහු ජයග්‍රහණය කරනවා තබා ඒ අසලකටවත් පැමිණීමේ ශක්‍යතාවක් ඇත්තෙකු බව නොපෙනුණි. බොහෝ දෙනා සමග මේ ගැන ඒ දිනවල වාදවිවාද කරද්දී, අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරතියි කී පිරිස, අවසානයේ ප්‍රතිවාදියාගේ අර කී සියයට 3 තර්කණය ඉදිරියේ දුර්මුඛ වූහ. සියයට 3 ප්‍රතිශතය දෙගුණයකින් හෝ තුන් ගුණයකින් නොව, දහ ගුණයකින් වර්ධනය වූවත්, ජයග්‍රාහී කනුව කරා ඔහුට ළඟා විය නොහැකි බව, එදා ඉතා ආකර්ශනීය සහ ශක්තිමත් තර්කයක් විය. එහෙත්, ඉහත කී ‘සහක්‍රියාකාරීත්වය’ හේතුවෙන්, සාමාන්‍ය ගණිතමය නියාමය අභිභවා යමින් ඔහු ජයගත්තේය.

ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ ජනාධිපති වීම අනීතිකයි. හේතුව, ඔහු ජනාධිපති පදවියට පත්වෙන අවස්ථාවේ ලංකාවේ පුරවැසියෙකු නොවීමට අමතරව, ඇමරිකානු පුරවැසියෙකුද වීමයි. ඒ සැබෑව සහ යථාර්ථය, දේශපාලනික බල ගනුදෙනුවේ තීරණාත්මක සාධකය විණි නම්, සම්ප්‍රදායික ඉතිහාසඥයන්ට තමන්ගේ ශාස්ත්‍රීය ඥානයෙන් හදාගන්නා කේන්දර බලා නිවැරදිව අනාගතය පුරෝකථනය කළ හැකි, නිශ්චිත මාර්ග සංඥා සහිත, පැහැදිලි මාර්ගයක් ඔස්සේම, 2019 සිට ඉතිහාසය ඉදිරියට ගලා යන්නට තිබුණි. එහෙත්, ඔහු ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවීම සහ ඇමරිකානු පුරවැසියෙකු වීම, අපේ ධූරාවලීගත කාර්යාවලිය තුළ ස්ථාපිත වුණේ නැත. අධිකරණය ඔහුගේ ශ්‍රී ලාංකීය පුරවැසි භාවය සහතික කෙළේය. ඊට අමතරව, එදා කිසි ජනාධිපති අපේක්ෂකයෙක් ඔහුගේ ඇමරිකානු පුරවැසි භාවය, නාමයෝජනා භාර දෙන අවස්ථාවේ ප්‍රශ්න නොකෙළේය.

ඊළඟට, එවර ජනාධිපතිවරණයෙන් ඔහු ලැබූ ජයග්‍රහණයත්, නීතියේ හැටියට කෙසේ වෙතත්, සදාචාරමය අර්ථයෙන් අනීතිකයි. හේතුව, ඒ ජයග්‍රහණය ඔහු ලබන්නේ මහා දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන් වීමයි. පාස්කු ප්‍රහාරය හුදෙක් ආගමික අන්තවාදයක කූටප්‍රාප්තියක් පමණක් නොවේ. එය සැලසුම් කිරීම, සංවිධානය කිරීම සහ ක්‍රියාත්මක කිරීම යන අදියර තුනම, අදිසි දේශපාලනික හස්තයක මඟපෙන්වීමක් මත සිදු වූ ක්‍රියාවලියක් බව මේ වන විට අනාවරණය වෙමින් තිබේ. එදා පවා, ඒ පිළිබඳ බලවත් කුකුසක් තිබුණි. පාස්කු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් අහිංසකයන්ගේ මිනී වැළලීමටත් කලින්, තමා ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ගෝඨාභය රාජපක්ෂ තකහනියක් රටට ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරණය හත් මාසයකටත් එහා තියාගෙන ය! පාස්කු ප්‍රහාරය වනාහී අහිංසක ජීවිත 279 ක් බිළිගත් ඛේදවාචකයක කම්පාවට වඩා, ‘ජාතික ආරක්ෂාව’ ඉස්මත්තට ගත යුතු හදිසි ‘දේශපාලනයක්’ බවට එක රැයකින් රුපාන්තරණය කෙරුණි. ඔහු වෙනුවෙන් හැටනව ලක්ෂයක් ජනතාව පෙළගැසුණේ, එකී ‘හදිසි ජාතික ආරක්ෂාව’ වෙනුවෙනි. පාස්කු ප්‍රහාරයේ අලගියතැන් මුලගියතැන් වර්තමාන ආණ්ඩුව සද්භාවයෙන් විමර්ශනය කළොත්, මේ කියන කාරණය අනාගතයේදී පැහැදිලි වනු ඇත. කෙටියෙන් කිවහොත්, ගෝඨාභයගේ ජයග්‍රහණය, ශිෂ්ට ප්‍රජාතන්ත්‍රීය ක්‍රියා සන්තතියකට වඩා, කූට කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක කූටප්‍රාප්තියක් බව එහිදී ඔප්පු විය හැකි බව ය.

එතැන් සිට දිගහැරෙන ඉතිහාසය, ඒ දක්වා ගෝඨාභයගේ පැමිණීම තරමටම, අසාමාන්‍යයි. අස්වාභාවිකයි.

ලංකාවේ නීත්‍යනුකූල රජයක් පෙරැළීමට, සාමූහික මහජන බලයක් පෙළගැසුණු ප්‍රථම ප්‍රයත්නය වශයෙන් සටහන් වන්නේ 1953 හර්තාලයයි. එය, අගමැතිවරයාට (ඩඞ්ලි සේනානායකට) ඉල්ලා අස්වීමට බල කිරීම දක්වා සාර්ථක වුණි. ඉන්පසු, 1971 දී සෘජුව, රාජ්‍ය බලය අත්පත් කරගැනීම සඳහා වෙනත් බලවේගයක් (ජනතා විමුක්ති පෙරමුණ) ආයුධ සන්නද්ධව නැඟී සිටියේය. එය, ලත් තැනම ලොප් කෙරුණි. එම ව්‍යාපාරයම යළිත් වරක් 80 දශකයේ අවසාන භාගයේ ගැසූ ප්‍රචණ්ඩ කැරැල්ල රාජ්‍ය යන්ත්‍රය විසින් නිර්දය ලෙස මර්දනය කෙරුණි. ඒ ප්‍රයත්නයන් සියල්ල පරයමින්, ලංකාවේ ආණ්ඩුව පමණක් නොව, ලංකා රාජ්‍යයත් අභියෝගයට ලක්කළ, අවුරුදු තිහකට ආසන්න කාලයක් තිස්සේ දියත් වුණ, ඒ දක්වා ලෝකයේ සාර්ථකම කැරලිකාරී කණ්ඩායම වශයෙන් පැවති එල්.ටී.ටී.ඊ. සංවිධානයට අත්වුණේද අන්ත පරාජයක්මයි.

1953 හර්තාලයෙන් පසු, පවතින නිත්‍යනුකූල ආණ්ඩුවක්, ආයුධ සන්නද්ධ නොවන මහජන බලවේගයක් විසින් ප්‍රථම වරට අභියෝගයට ලක්කළ පාලනය මුදුනේ සිටියේ ගෝඨාභය රාජපක්ෂයි. 1953 හර්තාලයේ පීඩනය යටතේ ඉල්ලා අස්වීමට තල්ලූ කෙරුණු අගමැතිවරයාගෙනුත් එහා ඉමකට තල්ලු කෙරුණු ගෝඨාභය රාජපක්ෂ, ස්වකීය රාජ්‍ය බලයත් අතහැර, ජීවිතාරක්ෂාව පතා රටින්ද පලාගියේය. ඩඞ්ලි සේනානායක ඉල්ලා අස්වන විට ඔහුගේම පක්ෂයේ සර් ජෝන් කොතලාවල අනුප්‍රාප්තියට සිටියේය. ඒ නිසාම සහ එහි ප්‍රතිඵලයක් වශයෙන් ඊට වසර තුනක් ඇවෑමෙන් එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක දීප ව්‍යාප්ත ජයග්‍රහණයක් අත්කරගනිමින් බලයට පත්වෙන බව ඕනෑම ඉතිහාසඥයෙකුට සාමාන්‍යයෙන් පෙරදැකිය හැකි විය. එහෙත්, ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නැඟී සිටි අසංවිධිත මහජන බලවේගය (අරගලය) විසින් ඇති කරනු ඇත්තේ කුමන අනුප්‍රාප්තිකත්වයක්ද යන්න කිසිවෙකුට පෙරදැකිය හැකි දෙයක් නොවුණි. ....Read in full: https://vikalpa.org/article/44121

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසි වාරයේ යෝජිත 51/1 කෙටුම්පත තරයේ ප්‍රතික්ෂේප කිරීමට කැබිනට් මණ්ඩලය තී...
09/10/2024

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසි වාරයේ යෝජිත 51/1 කෙටුම්පත තරයේ ප්‍රතික්ෂේප කිරීමට කැබිනට් මණ්ඩලය තීරය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති විජිත හේරත් උපුටා දක්වමින් ලංකා ටෘත් වෙබ් අඩවිය වාර්තා කරයි.

එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වන්නේ, “එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් සැසියේදී යෝජිත යෝජනා කෙටුම්පත ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් යාන්ත්‍රණයේ බලතල දීර්ඝ කරන කිසිදු යෝජනාවකට එකඟ නොවීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවත් ඔහු එහිදී පැවසීය.

එමෙන්ම මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාවට ශ්‍රී ලංකාව දිගින් දිගටම විරුද්ධ වන අතරම බාහිර සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණයේ බලතල දීර්ඝ කරන කිසිදු යෝජනාවකට එකඟ නොවීමට තීරණය කළ බවද ඔහු පවසයි.

ඒ, අනුව ගිය මස 09 වනදා සිට මේ මස 11 දක්වා ජිනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසි වාරයට අදාළව විදේශ කටයුතු අමාත්‍යවරයා වන විජිත හේරත් ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය මෙලෙස ප්‍රකාශයට පත් කර ඇත.” යනුවෙනි. (https://lankatruth.com/si/?p=174756)

අමාත්‍ය මණ්ඩල තීරණය මෙසේය:....

Read in full: https://www.vikalpa.org/article/44113

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසි වාරයේ යෝජිත කෙටුම්පත ජාතික ජනබලවේග ආණ්ඩුව තරයේ ප්‍රතික්ෂේපයි https:...
09/10/2024

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසි වාරයේ යෝජිත කෙටුම්පත ජාතික ජනබලවේග ආණ්ඩුව තරයේ ප්‍රතික්ෂේපයි https://urlis.net/9q83k89t

ඕනෑම සමාජයක ජීවත් වන මිනිසුන්ට සිතීමට පුරුදු පුහුණු කර ඇත්තේ පවතින ක්‍රමය තුළ සිට සිතීමට මිස එයට පිටින් සිතීමට නොවේ. මෙය...
08/10/2024

ඕනෑම සමාජයක ජීවත් වන මිනිසුන්ට සිතීමට පුරුදු පුහුණු කර ඇත්තේ පවතින ක්‍රමය තුළ සිට සිතීමට මිස එයට පිටින් සිතීමට නොවේ. මෙයට පිටින් සිතන පුද්ගලයා සෑම විටම ප්‍රශ්නයට ලක්වන අතර එවැන්නන් වටහා ගැනීම බොහෝ දෙනාට පහසු කාර්යයක් නොවේ.

සමාජමය කාරණාවලදී මෙන්ම දේශපාලනමය කාරනාවලදී ද එමෙන්ම ආර්ථික කාරණාවලදී ද එය එක හා සමානය. වැඩිදෙනාට පවතින තහවුරු වූ ක්‍රමය ට පිටින් සිතීම පහසු දෙයක් නොවනවා වගේම ආගන්තුක දෙයකි.

රජවරුන්ගේ ආධිපත්‍ය පැවති සමාජයන් වෙනස් කරමින් ජනතාවගේ පරමාධිපත්‍ය සහිත නියෝජන දේශපාලන ක්‍රමයක් බිහි වීමට වසර සිය ගණනක් ගත වූවා මෙන්ම එම ක්‍රියාදාමයන් ලෝකය තුළ සම්පූර්ණයෙන්ම මේ වනතුරුවත් පරිපූර්ණවී හෝ ස්ථාපිත වී හමාර නැත. මෙයින් පෙන්නුම් කරන්නේ මිනිසා පවතින සමාජ ක්‍රමය තුළ ජීවත්වීමට පුරුදු කළ සත්වයකු ලෙස ජීවත්වීමට හුරු වූ අයකු බවයි.

එමෙන්ම පුහුණු කළ ආකාරයට එපිටින් සිතීම සිදුවන්නේ ඉතා ටික දෙනෙක් තුළින් පමණි. එලෙස මුලින්ම එසේ සිතන අය ටික දෙනෙකු වන අතර එම වෙනස ආරම්භ වූවායින් පසු එය ප්‍රධාන ප්‍රවාහය බවට ද පත්වනු ඇත. නමුත් සමාජයක් එතැනට ගෙන ඒම පහසු කාර්යයක් නොවන අතර එයට හුරු වීමට මිනිස් මනසට පහසු නැත. ඒ ඔවුන් ගතානුගතික ලෙස සිතීමට පුහුණු කල කොටසක් බැවිනි. එනිසාම පවතින තත්ත්වය තුළ අවදානමේ වුවත් ජීවත්වීම අගයන්නේ අලුත් තත්ත්වයකට මුහුණ දීමට, නොදන්නා දෙයක් ඇතිකර ගැනීමට ඇති බිය හේතු කරගෙනයි. නමුත් මිනිස් සංහතියේ ගමන් මගෙහි සියලු සංවර්ධනයන් සිදුවී ඇත්තේ වෙනසක් සඳහා එසේ පියවර තබන, වෙනස සඳහා ඉදිරිපත්වන කොටස් තුළින් බව අපි දන්නෙමු.

පවතින දේශපාලන ක්‍රමය පිළිබඳව වුවත් කොටසක් තවමත් විශ්වාස කරන්නේ ඒ සිතීමට පුහුණු කල රාමුව තුල සිටමය.

රටෙහි සම්පත් අනවශ්‍ය ආකාරයෙන් පරිහරණය කරමින් ඒවා තම පුද්ගලික වුවමනාවන් සඳහා යොදා ගනිමින් රට ආර්ථික වශයෙන් පමණක් නොව දේශපාලන සහ සමාජමය වශයෙන් බංකොලොත්භාවයකට ඇදගෙන ගිය අයම එය ගොඩගනී යයි කොටසක් තාමත් සිතන්නේ ඇදහිල්ලක් ලෙසිනි. ඇදහිම තුල නිදහස් සිතුවිලි නොමැති බව අපි දනිමු.

සමාජයක් තුළ සෑම විටම එහි පවතින තත්ත්වයන් හුරුපුරුදු සියලුම දේවල් වලට මිනිසුන් ඇබ්බැහි කරවීම සඳහා යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වෙමින් පවතී. කාලයාගේ ඇවෑමෙන් මෙම දේවල්වලට ඇබ්බැහි වන මිනිසා ඒවා ප්‍රශ්න කිරීම වෙනුවට ඒවා සමඟ ජීවත් වීමට හුරුවේ. ඒවාගේම ඒවා සාධාරණීකරණය කිරීමට ද හැඩ ගැසේ.

සමාජයක් පසුගාමී වන තරමට ඒවායේ ඇති මෙවැනි ඇබ්බැහිද විශාලය. පදනමක් නැති අවිද්‍යාත්මක සිතිවිලිවලට අනුගත වීම ඒවා මත විශාල විශ්වාසයක් පවත්වා ගැනීම වැනි දේ ද මේ අතර වේ.

උදාහරණ්යක් ලෙස ජාතික ප්‍රශ්නය විසඳා ගැනීමට තිබුණු මාර්ගය මගහැරී ඇත්තේ ද මෙවැනිම කාරණා හේතු කරගෙනයි. පවතින රාමුවෙන් එපිට සිතීමට හුරු නොකිරීම තුළින් අප රට තුළ සාමකාමීව විසඳා ගැනීමට තිබූ දේශපාලන ප්‍රශ්නයක් මිනිස් ජීවිතය ලක්ෂ ගණනින් විනාශ කර විශාල හානියක් සමාජය ට සිදුකරමින් යුද්ධයක් කිරීමෙන් පසුවවත් එය විසඳා ගැනීමේ මාර්ගයකට යොමුවී නොමැත.... Read in full: https://www.vikalpa.org/article/44107

October 14 👇     Monlar Sri Lanka
07/10/2024

October 14 👇
Monlar Sri Lanka

නිති අසන පැන: ණය ප්‍රතිව්‍යුහගත කිරීම වටා ඇති මිථ්‍යාවන් සහ අභියෝග අවබෝධ කර ගැනීම Read in full: https://vikalpa.org/arti...
03/10/2024

නිති අසන පැන: ණය ප්‍රතිව්‍යුහගත කිරීම වටා ඇති මිථ්‍යාවන් සහ අභියෝග අවබෝධ කර ගැනීම Read in full: https://vikalpa.org/article/44101

ගැඹුරු වන ආර්ථික අර්බුදයක් මධ්‍යයේ ශ්‍රී ලංකාව මේ වන විට නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගත්තා පමණි. තම ජීවිතය පුරා ...

ජනාධිපතිවරණය අවසන් වූ වහාම දැන් මහමැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇත. දූෂණයට, නාස්තියට, රාජ්‍යය දේපල අවභාවිතයට සහ අපරාධයන්ට ...
29/09/2024

ජනාධිපතිවරණය අවසන් වූ වහාම දැන් මහමැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇත. දූෂණයට, නාස්තියට, රාජ්‍යය දේපල අවභාවිතයට සහ අපරාධයන්ට එරෙහිව ලංකා සමාජයේ මෙතෙක් නොවූ ආකාරයේ වෙනසක් ඇති කරමින් තම ජනාධිපතිවරණ වැඩපිළිවෙළ ඉදිරිපත් කළ ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළේය. ඇත්ත වශයෙන්ම මා මෙම ජයග්‍රහණය දකින්නේ ලංකා සමාජය තුල එක්තරා පමනක පුරවැසි ‍ප්‍රජාතන්ත්‍රවාදී නැඹුරුවක් ඇතිවීමක් ලෙසිනි.

මා එසේ පවසන්නේ ලංකාවේ මෙතෙක් රාජ්‍ය බලය හෙබවූ ප්‍රධානීන් වූයේ ප්‍රභූ පන්තියේ අය වීමත්, රටෙහි ධනය හිමි කොටස්වල නියෝජිතයින් පමණක් වීමත් නිසාය. ඒ වාගේම මෙතෙක් රාජ්‍ය බලය හෙබවූ පහළ සමාජ පන්ති කෙරෙන් ආ අය අවස්ථාවන් දෙකකදී රටෙහි බලයට පත්විය. ඒ ජනාධිපති ලෙස ආර්. ප්‍රේමදාස ජනාධිපති වීමත් පසුව යහපාලන පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වීමත්ය. නමුත් මේ දේවතාවෙහිම ඒ දෙදෙනාම බලයට පත්වූයේ අධිපති සමාජ පංතීන්වල සහයෝගය නිසාය. ඒ අනුව මෙයට ප්‍රථම පැවති ජනාධිපතිවරණවලදී රටවැසියා ඡන්දය දී තිබුනේ යටහත් රටවැසියකුගේ මනසින් මිස ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසියකුගේ අරුතින් නොවන බව මගේ වැටහීමයි.

නමුත් මෙවර සාමාන්‍ය පුරවැසියකු වන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපති ලෙස පත්වන්නේ රටෙහි ජනතාවගේ කැමැත්තෙනි. ප්‍රතිශතයක් ලෙස ලැබී ඇත්තේ සියයට හතළිස් දෙකක් පමණ වුවත් මෙම ඡන්දය රටෙහි ජනතාවගේ කැමැත්ත ප්‍රකාශ වීමකි. එක අතකින් මා මෙම ජයග්‍රහණය දකින්නේ පහල සමාජ ස්ථාරයන්ගෙන් එන සාමාන්‍ය මිනිසකු රටේ ජනාධිපති කිරීමට රටේ ජනතාවගෙන් විශාල ප්‍රමාණයක් පෙළගැසීම ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක ලක්ෂණ මේ තුළ පෙන්නුම් කරන බවයි. ඒ වාගේම මෙතෙක් රටෙහි අධිපති පන්තිය විසින් රට විවිධ ආකාරයෙන් ජාතික සම්පත් සූරාකමින් ඔවුන්ගේ මඩි තර කර ගනිමින් රටම අගාධයට ඇද දමමින් චෞර වළල්ලක් ලෙස ක්‍රියාත්මක වූ සාපයෙන් රට මුදවා ගැනීමට ජනතාව තමන් මෙතෙක් යටපත්වී සිටි ගැති බවින් එක්තරා ප්‍රමාණයකට හෝ ඉවතට ගමන් කිරීමක් ලෙසිනි. එනිසා මම මෙම ජයග්‍රහණය දකින්නේ රට ප්‍රජාතන්ත්‍රවාදය දෙසට හැරෙන කඩඉමක් ලෙසිනි.

ජනාධිපතිවරණයට ප්‍රථම විවිධ සිවිල් සමාජ සංවිධාන රටෙහි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇතිකර ගැනීම පිළිබඳව දිගින් දිගටම සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුලු පවත්වමින් ක්‍රියාත්මක විය. ඔවුන්ගෙන් යම් පිරිසක් මේ වනවිට මේ ඇති වූ තත්ත්වය පිළිබඳව තුෂ්ණිම්භූත වූ තත්ත්වයකින් බලා සිටින බව පෙනේ. මා එසේ පවසන්නේ සිවිල් සමාජ ප්‍රධානීන් බොහෝ දෙනකු මේ ඇති වූ දේශපාලන වෙනස පිළිබඳව සමාජ මාධ්‍යයන් තුළ කරන ප්‍රකාශ දැකීමෙනි.

මගේ වැටහීමට අනුව සිවිල් සමාජ ප්‍රධානීන් පුරවැසියන් බිහිවීම සහ බිහිකිරීම ගැන කතා කළා වූවත් ඔවුන් කිසිම අවස්ථාවක රටෙහි ස්වාධීන පුරවැසියන් බිහිවීම එසේ නැත්නම් ප්‍රභූ පංතියට කත් ඇදීමෙන් තොර පුරවැසියන් බිහිවීම ප්‍රාර්ථනා නොකළ බව පැහැදිලිවෙයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට, කණගාටුවෙන් වුවත් පැවසිය යුත්තේ, උවමනා කර ඇත්තේ ප්‍රභූ පන්තීන්වල නිර්ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාදාමයන්ට එරෙහිව කතා කරමින් ඒවා පිළිබඳව සම්මන්ත්‍රණ පවත්වමින් ඒ තුළ තමනුත් එක්තරා ආකාරයක ප්‍රභූන් ලෙස හැසිරීමේ තත්ත්වයක් පවත්වාගැනීමට බවයි. සැබෑ ලෙසම පුරවැසියන් බිහිවීම ඔවුන්ගේ පැතුම හෝ පරමාර්ථය නොවූ බව ඒ තුළින් පැහැදිලි වෙයි.

ඇත්තෙන්ම මේ වනවිට මේ ඇතිවී ඇති දේශපාලන වෙනස ගැන සිවිල් සමාජයේ ක්‍රියාදරයන් ලෙස අපට සතුටු විය හැකි බව මගේ වැටහීමයි. ඒ ඇත්තෙන්ම සිවිල් සමාජ ක්‍රියාදරයන් වූ අප මෙපමණකලක් කියා සිටි නීතියේ ආධිපත්‍යය පිහිටුවීම, දූෂනයට සහ රාජ්‍යය දේපල අවභාවිතයට එරෙහි වීම මෙවර පුරවැසියන් ගෙන් 42% අනුමත කර ඇති බැවිනි. බොරුව සහ වංචාව ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති බැවිනි......Read in full: https://www.vikalpa.org/article/44098

ජනාධිපතිවරණයේ හිඟය, පාර්ලිමේන්තු මැතිවරණයෙන් පියවා දිය යුතුය (ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda) Read in full; https://...
28/09/2024

ජනාධිපතිවරණයේ හිඟය, පාර්ලිමේන්තු මැතිවරණයෙන් පියවා දිය යුතුය (ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda) Read in full; https://vikalpa.org/article/44094

iMage: couriermail.com මේ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා රටේ බහුතරයකගේ ජනාධිපතිවරයා වෙතැයි සිතූ පිරිස විශාල නැත. ප්‍රායෝගික දේශපා...

තමන්ගේ දේශපාලනයට විරුද්ධ මත, එසේම පාලනයහි ප්‍රජාතන්ත්‍රවිරෝධී බව ප්‍රශ්ණ කරමින් පවත්වන විරෝධතා මැඩපැවත්වීමට හමුදාව කැදවී...
27/09/2024

තමන්ගේ දේශපාලනයට විරුද්ධ මත, එසේම පාලනයහි ප්‍රජාතන්ත්‍රවිරෝධී බව ප්‍රශ්ණ කරමින් පවත්වන විරෝධතා මැඩපැවත්වීමට හමුදාව කැදවීම පහසුකරවීම සදහා උපායමාර්ගික ක්‍රමයක් ලෙස හිටපු ජනාධිපතිවරුන් නිකුත් කළ ගැසට් නිවේදන ජනාධිපති අනුර ද යළිත් නිකුත්කරයි.


[ආරක්ෂාව පිළිබද සලකා නිකුත් කළා නම් හමුදාව කැදවීමට තරම් ආරක්ෂාව පිළිබද තත්ත්වයක් අපට පෙනෙන්නට නැත. නමුත් මෙයට පදනම් වූ හේතුව දැනගැනීමට ජනතාවට ඇති අයිතිය ආරක්ෂා කිරීම යහපත් ආණ්ඩුකරණයක ලක්ෂණයකි.(මෙවැනි ගැසට් තුළින් 'හමුදාවට' පොලීසියට ලැබෙන ඇතැම් බලතල පවා ලැබෙන්නේය.මෙය අතිශයින් බරපතලය - Sampath Samarakoon]

මැතිවරණ කොමිෂන් සභාව   විසින් නිකුත් කර ඇති   🔴මාධ්‍ය උපමාන 👇
18/09/2024

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති 🔴මාධ්‍ය උපමාන 👇

"මගේ ඡන්දය"
18/09/2024

"මගේ ඡන්දය"

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති  🔴මාධ්‍ය උපමාන 👇       (Generative AI +   තවදුරටත් දැනුවත්වීමට පිවිසෙන්න https...
18/09/2024

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති
🔴මාධ්‍ය උපමාන 👇
(Generative AI + තවදුරටත් දැනුවත්වීමට පිවිසෙන්න https://socialmedialanka.org/

Address


Alerts

Be the first to know and let us send you an email when Vikalpa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vikalpa:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share