Brando

Brando Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Brando, Media/News Company, .

18/11/2023
"Kandy Reach තවත් Reach"කුරුණෑගල නගරයේ පිහිටි ප්‍රමුඛතම සංචාරක හෝටලයක් වන කැන්ඩියන් රීච් හෝටලය පසුගියදා රුපියල් මිලියන 4...
18/11/2023

"Kandy Reach තවත් Reach"
කුරුණෑගල නගරයේ පිහිටි ප්‍රමුඛතම සංචාරක හෝටලයක් වන කැන්ඩියන් රීච් හෝටලය පසුගියදා රුපියල් මිලියන 40ක ආයෝජනයකින් කාමර 17ක් Deluxe කාමර බවට පත් කරමින් හෝටලයේ ප්‍ර;sසංස්කරK කටයුතු නිම කළ බව එහි කළමණාකාර අධ්‍යක්ෂ චන්දන අබේරත්න මහතා සඳහන් කළේය. සමස්ත කාමර 35කින් සමන්විත කැන්ඩියන් රීච් හෝටලය මෙම නව ප්‍රතිසංස්කරණයත් සමඟ නව මුහුණුවරකින් යුතුව දෙස් විදෙස් සංචාරකයන් සදහා විවෘත කර ඇත. එසේම ඉදිරියේදී තරු හතර කාණ්ඩය හිමි කර ගැනීම සඳහා අයැදුම් කිරීමටද කැන්ඩියන් රීච් හෝටලය අපේක්ෂා කරයි. එසේම බාහිරින් ආහාර පාන මිල දී ගත හැකි වන පරිදි Food Outlet එකක් ඉදි කිරීමටද ඉදිරියේදි කටයුතු සූදානම් කරමින් සිටින බව සාමාන්‍යධිකාරි දිනේෂ් දසනායක මහතා පැවසීය.

කුරුණෑගල නගරයට ඉතා ආසන්නව කුරුණෑගල මහනුවර පාරේ පිහිටා ඇති කැන්ඩියන් රීච් හෝටලය අමුත්තන් 350කට පහසුකම් සැපයිය හැකි ග්‍රෑන්ඩ් බෝල් රූම් නමැති උත්සව ශාලාවකින්, අමුත්තන් 150කට පහසුකම් සැපයිය හැකි ක්‍රවුන් නමැති උත්සව ශාලාවකින්, අමුත්තන් 70කට පහසුකම් සැපයිය හැකි ඔලිව් ග්‍රීන් නමැති උත්සව ශාලාවකින් සමන්විත වේ. ඊට අමතරව අමුත්තන් 25කට පහසුකම් සැපයිය හැකි සම්මන්ත්‍රණ ශාලාවක්ද කැන්ඩියන් රීච් හෝටලය සතුය.

මීට අමතරව පිහිනුම් තටාකයකින්, ප්‍රධාන ආපන ශාලාවකින් සහ මේන් බාර් එකකින් සමන්විත කැන්ඩියන් රීච් හෝටලය විවාහ මංගලෝත්සව, උපන් දින සාද, කාර්යාලීය සම්මන්ත්‍රණ, සමුළු පැවැත්වීම සදහා ප්‍රසිද්ධියක් උසුලයි. සාධාරණ මිලකට උපරිම විවිධත්වයකින් යුතු රසවත් ආහාර වේලක් භුක්ති විඳීමට ඔබට කුරුණෑගල කැන්ඩියන් රීච් හෝටලය වෙත පැමිණිය හැකිය. කැන්ඩියන් රීච් හෝටලය වෙත ආහාර පාන ගැනීමට එන පාරිභෝගිකයන්ට විශේෂ මිළ ගණන් යටතේ විශේෂ ආහාර වට්ටෝරු සහ පැකේජ රැසක් හඳුන්වා දී ඇත. විශේෂ Day Outing පැකේජ කිහිපයක්ද කැන්ඩියන් රීච් හෝටලය විසින් සිය පාරිභෝගිකයන්ට හඳුන්වා දෙනු ලැබ ඇත.


"Xiaomi කාර් හදන්න පටන් ගනී."සමාගමේ විදුලි මෝටර් රථ ප්‍රසිද්ධියටචීනයේ ජංගම දුරකතන නිෂ්පාදන සමාගමක් වන Xiaomi සමාගම නිපදව...
18/11/2023

"Xiaomi කාර් හදන්න පටන් ගනී."
සමාගමේ විදුලි මෝටර් රථ ප්‍රසිද්ධියට

චීනයේ ජංගම දුරකතන නිෂ්පාදන සමාගමක් වන Xiaomi සමාගම නිපදවන විදුලියෙන් ක්රිසයාත්මක මෝටර් රථ මාදිලි ප්‍රසිද්ධියට පත් කර ඇතැයි පවසයි.

ඒ අනුව Xiaomi SU7, SU7 Pro සහ SU7 Max යන මාදිලි තුනට අයත් විදුලි මෝටර් රථ වල ඡායාරූප ඊයේ දිනයේදී චීනයේ කර්මාන්ත සහ තොරතුරු තාක්ෂණ අමාත්යාං ශ වෙබ් අඩවිය වෙත නිකුත් කෙරී තිබේ.

මෙම මෝටර් රථ මාදිලි තුනම මීටර් 5ක දිගකින් සහ මීටර් 2ක පළලකින් යුත් මෝටර් රථ වන අතර, එම රථ සියල්ලම ආසන පහකින් යුත් සෙඩාන් මාදිලියේ රථ වීමත් විශේෂත්වයකි.

මෙම රථ සියල්ලගේම ඉදිරිපස සහ පිටුපස Mi සන්නාමය මෙන්ම Xiaomi සමාගමේ වෙළෙඳ නාමය සටහන් කර තිබේ.

මෙම විදුලි මෝටර් රථ මාදිලි අතරින් SU7 Pro සහ SU7 Max යන මාදිලි වෙත පැයට කිලෝමීටර් 265ක වේගයකින් ධාවනය කළ හැකි බව සමාගම පවසයි.

මෙහිදී රථ සියල්ලගේම බැටරි චීනයේ තවත් ප්ර මුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන BYD සමාගමේ හිමිකාරීත්වය සහිත Contemporary Amperex Technology Co. Limited සමාගම මගින් නිපදවා තිබේ. එසේම මෙම රථවල එන්ජින්ද සමාගම් දෙකක් මගින් නිපදවා තිබේ. මීට අමතරව Xiaomi සමාගමේ මෙම විදුලි මෝටර් රථ නිපදවීම බීජිං නුවර පිහිටි චීන රජයට අයත් මෝටර් රථ නිෂ්පාදන සමාගම් සමූහයක් වන BAIC Group හි කර්මාන්තශාලාවකදී සිදු කෙරේ.

මෙලෙස ජංගම දුරකතන නිෂ්පාදන සමාගමක් විදුලි මෝටර් රථ නිෂ්පාදනය වෙත පිවිසි ලොව පළමු අවස්ථාව ලෙසත් මෙය සැලකෙයි. මීට පෙර Apple සමාගමද තමන්ගේ විදුලි මෝටර් රථයක් නිපදවන බවට සඳහන්කළද එය මෙතෙක් ක්රිායාත්මක වී නැත.

Xiaomi සමාගම මීට පෙර සඳහන් කර තිබූ ආකාරයට එම සමාගමේ පළමු මෝටර් රථයේ මහා පරිමාණ නිෂ්පාදන කටයුතු ලබන වසරේදී ආරම්භ කිරිමට නියමිතව තිබේ.


"Amazon - Hyundai වාහන පාර්සල් කරන්න පටන් ගනී."ලොව ප්‍රමුඛතම ඉ-වානිජ්‍ය සමාගමක් වන Amazon විසින් එළඹෙන 2024 වසරේ සිට Hyu...
18/11/2023

"Amazon - Hyundai වාහන පාර්සල් කරන්න පටන් ගනී."
ලොව ප්‍රමුඛතම ඉ-වානිජ්‍ය සමාගමක් වන Amazon විසින් එළඹෙන 2024 වසරේ සිට Hyundai මෝටර් රථ, එක්සත් ජනපදය තුළ ඔන්ලයින් මාර්ගයෙන් අලෙවි කිරීමට සැලසුම් කර තිබේ. මෙම සමාගම් විසින් අදාළ සහයෝගීතාව නිවේදනය කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි.

Amazon.com හි Hyundai හි ඩිජිටල් ප්‍රදර්ශනාගාරය පුළුල් කිරීම සඳහා මීට වසර දෙකකට පෙර ප්‍රකාශයට පත් කරන ලද ක්‍රියාමාර්ගයක ඉදිරි පියවරක් ලෙසින් මෙය හැඳින්විය හැකිය. මේ හරහා පාරිභෝගිකයින් හට වාහනයක මිල ගණනය කිරීම, අලෙවිය සම්පූර්ණ කිරීමට අලෙවිකරුවෙකු සොයා ගැනීම ඇතුළු කාර්යයන් රැසක් ඉටුකර ගත හැකි වනු ඇත.



Amazon.com

"ලක්ෂ 12ක් සංචාරකයෝ ඇවිල්ලා."2023 නොවැම්බර් මස මුල් දින 15 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 74,6...
17/11/2023

"ලක්ෂ 12ක් සංචාරකයෝ ඇවිල්ලා."
2023 නොවැම්බර් මස මුල් දින 15 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 74,664 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කර සිටී.

ඒ අනුව 2023 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය දොළොස් ලක්ෂයේ සීමාව අභිබවමින් 1,200,119 ක් ලෙසින් වාර්තා වේ.

නොවැම්බර් මාසය තුළ දී ඉන්දීය සංචාරකයින් 13,491 ක් සහ රුසියානු සංචාරකයින් 12,580 ක් මෙරටට පැමිණ ඇති අතර එය සමස්ත සංචාරකයින්ගෙන් පිළිවෙලින් 18% ක් සහ 17% ක් වේ.


"HNB - Singer සම්බන්ධය අලුත් කර ගනී."ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මෙරට පාරිභ...
17/11/2023

"HNB - Singer සම්බන්ධය අලුත් කර ගනී."
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප‍්‍රමුඛ්‍යා මෙන්ම ජෝන් ඩියර් ට‍්‍රැක්ටර් සඳහා ලංකාවේ එකම නියෝජිතයා වන සිංගර් සමාගම සමඟ එක්ව කෘෂි ක්ෂේත‍්‍රයට අවශ්‍ය අතිනවීන වාහන හා කෘෂි යන්ත්‍රෝපකරණ ලබා දීමට සිය දිගු කාලීන හවුල්කාරිත්වය පසුගියදා නැවත අලූත් කළේය.

මෙම හවුල්කාරිත්වය හරහා John Deere ට‍්‍රැක්ටර් සහ කෘෂි යන්ත‍්‍රඋපකරණ සඳහා ආකර්ෂණීය ප‍්‍රතිලාභ කෘෂි ක්ෂේත‍්‍රයට ලබා දෙනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පාරිභෝගික බැංකුකරණය සමූහ සංජය විජේමාන්න මහතා පැවසුවේ ‘‘නොයෙකුත් අභියෝග මධ්‍යයේ වුවද ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය පෙර වසරට සාපේක්ෂව 3.6% ක වර්ධනයක් අත්කරගෙන තිබෙනවා. සිංගර් සමඟ වන අපගේ හවුල්කාරිත්වය තුළින් දේශීය ගොවීන්ගේ මෙම ඔරොත්තු දීමේ හැකියාවට සහ ශක්තියට සහාය වීම අපගේ අරමුණයි. මෙම අවස්ථාව ප‍්‍රයෝජනයට ගනිමින් ගොවීන්ට ඔවුන්ගේ ව්‍යාපාර පුළුල් කරමින් තව තවත් සාර්ථකත්වයට පත් වීමට අපි අපගේ ගනුදෙනුකාරභවතුන්ව දිරිමත් කරනවා.’’ යනුවෙනි.

මෙම හවුල්කාරීත්වය මගින් HNB විසින් පාරිභෝගිකයින්ගේ මූල්‍ය තත්වයට ගැලපෙන විශේෂ අඩු පොළී අනුපාත හා ආකර්ෂණීය ලීසිං පැකේජ ලබා දෙනු ඇත. මීට අමතරව, HNB හි Prestige Prime වෙළෙඳ හවුල්කාර ජාලය තුළ අගය එකතු කළ නිෂ්පාදන සහ සේවා සඳහා වට්ටම් සහ ප‍්‍රතිලාභ භුක්ති විඳීමට ද පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබේ.

තවද මෙම පැකේජය තුළින් HNB General Insurance වෙතින් ආකර්ෂණීය වට්ටම් සහිත මාසික වාරික සහ නොමිලේ රුපියල් මිලියන 4.5ක ජීවිත රක්ෂණාවරණයක් ද ්වභාවික මරණයක් සඳහා HNB ඇෂුවරන්ස් විසින් රු. 600,000ක රක්ෂණාවරණයක් ද ලබා දෙයි.

‘‘දීප ව්‍යාප්ත අප ආයතන දෙකෙහි අන්‍යෝන්‍ය පාරිභෝගික පදනමට දැරිය හැකි මිලකට ලීසිං විසඳුම් ලබා දීමට HNB සමඟ ඇති අපගේ හවුල්කාරීත්වය නැවතත් අලූත් කිරීමට ලැබීම පිළිබඳව අපි සතුටු වනවා. විශේෂයෙන්ම පහළ මට්ටමේ කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායන් සඳහා HNB හි අඛණ්ඩ සහයෝගය, කෘෂි ක්ෂේත‍්‍රයේ දියුණුවට අවශ්‍ය නවීන යන්ත‍්‍ර සූත‍්‍ර සැපයීමට අපට හැකි බව සහතික කරනවා.’’ යනුවෙන් සිංගර් ශ්‍රී ලංකා ප‍්‍රධාන විධායක නිළධාරී මහේෂ් විජේවර්ධන මහතා පැවසීය.

"හැරී ජයවර්ධන ලංකාවේ ලොකුම බියර් එකට අත තියයි..."ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී (DCSL PLC) සමාගම Heineken As...
17/11/2023

"හැරී ජයවර්ධන ලංකාවේ ලොකුම බියර් එකට අත තියයි..."
ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී (DCSL PLC) සමාගම Heineken Asia Pacific Pte Ltd (HEINEKEN) සමඟ අද (17) දිනයේ දී ගිවිසුමකට එළඹි බව, ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී සමාගමේ සභාපති හැරී ජයවර්ධන මහතා පවසයි.

කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දීමක් කරමින් ඒ මහතා පවසන්නේ Heineken Asia Pacific Pte Ltd (HEINEKEN) සමාගමේ සියලු කොටස් ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී විසින් මිල දී ගත් බවයි.

එසේම Heineken හි ජාත්‍යන්තර සන්නාම කළඹෙහි අන්තර්ගත Heineken, Tiger සහ Anchor සන්නාමයෙන් එන නිෂ්පාදිතයන් හි වෙළෙඳනාම බලපත්‍ර හිමිකාරීත්වය ද මේ අනුව DCSL PLC සතු වනු ඇත.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Brando posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Brando:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share