Lanka Hot News

  • Home
  • Lanka Hot News

Lanka Hot News Lanka Hot News | Sri Lanka News Reports, updated regularly Latest Hot News And Hot Gossp from Sri Lanka

ඡන්දෙන් දිනපු රෝහිතට රනිල්ව එපාවෙයි? මෙන්න මහින්ද බලන්න විජේරාම ගෙදරට ඇවිත්! (VIDEO)
19/11/2024

ඡන්දෙන් දිනපු රෝහිතට රනිල්ව එපාවෙයි? මෙන්න මහින්ද බලන්න විජේරාම ගෙදරට ඇවිත්! (VIDEO)

"කුප්‍රකට දූෂිතයෙක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී ලෙස පත් කර ඇත්තේ හවුල්කාර පක්ෂවල එකඟතාවය නැතිව.....
19/11/2024

"කුප්‍රකට දූෂිතයෙක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී ලෙස පත් කර ඇත්තේ හවුල්කාර පක්ෂවල එකඟතාවය නැතිව.." - හොර පාරෙන් ජාතික ලැයිස්තුවට රිංගූ රවීට, අසාද් සාලි හොඳට ම නෙලයි!

"කුප්‍රකට දූෂිතයෙක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී ලෙස පත් කර ඇත්තේ හවුල්කාර පක්ෂවල එකඟතා...

හරීන් ඇදුම් නැතිව මහ පාරේ යකා නටයි! (VIDEO)
11/11/2024

හරීන් ඇදුම් නැතිව මහ පාරේ යකා නටයි! (VIDEO)

හරීන් ඇදුම් නැතිව මහ පාරේ යකා නටයි!

"අනේ මාව ඇතුළට දාන්නකෝ... එතකොට මට PUBLICITY එනවනේ..." - හරීන් පොලීසියට කියයිබණ්ඩාරවෙල නගරයේ මැතිවරණ නීති කඩමින් ප්‍රචාර...
11/11/2024

"අනේ මාව ඇතුළට දාන්නකෝ... එතකොට මට PUBLICITY එනවනේ..." - හරීන් පොලීසියට කියයි

බණ්ඩාරවෙල නගරයේ මැතිවරණ නීති කඩමින් ප්‍රචාරන කටයුතුවල නිරත වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාව පොලිසිය විසින් එළවා තිබෙනවා.

ඊයේ (10) දිනයේ මෙලෙස හරීන් ප්‍රනාන්දු මහතා සිය මැතිවරණ ප්‍රචාරන කටයුතු සිදුකර තිබුණා.

එම ස්ථානයට පැමිණි පොලිස් නිළධාරීන් හට හරීන් මහතා පවසා සිටියේ තමාව අත්අඩංගුවට ගන්නා ලෙසත් එයින් තමාගේ මැතිවරණ ප්‍රචාරණය සිදුවන බවත්ය.

එහිදී හරින් පවසා සිටියේ,

“නියම චාන්ස් එකක් තියනවා.මාව ඇතුළට දාන්න.මට එතකොට PUBLICITY නේ,දාන්නකෝ ඇතුළට” ලෙසයි.

බන්ධනාගිරයේදී ලොහාන් දනගස්සලා, ඇලෝසියස් වඩු පාටියේ, ජොනීටත් අකරතැබ්බයක්!බන්ධනාගාර ගතවු නමගිය අයට වෙනදාමෙන් ඉහළ සැලකිලි ල...
11/11/2024

බන්ධනාගිරයේදී ලොහාන් දනගස්සලා, ඇලෝසියස් වඩු පාටියේ, ජොනීටත් අකරතැබ්බයක්!

බන්ධනාගාර ගතවු නමගිය අයට වෙනදාමෙන් ඉහළ සැලකිලි ලබා ගැනීමේ මං ඇහිරී ගොස් ඇතැයි වාර්තා වේ.

බන්ධනාගාර නිළධාරින්ගෙන් විශේෂ සැලකිළි නොලැබීමත් සමග රැදවියන් ඔවුන්ව උපහාසයට ගෙන ඇතැයි පැවසේ.

හිටපු බන්ධනාගාර රාජ්‍ය ඇමති ලොහාන් රත්වතේ මහතා වරක් බන්ධනාගාරයේදී රැදවියන් දනගැස්වු ආකාරය මතක් කර රක්ෂිත බන්ධනාගාරයට රැගෙන ආ පසු ඔහුව ද ඒ ආකාරයෙන් දනගස්වා ඇති බවද පැවසේ.

ඔහුව රෝහල්ගත කර ඇත්තේ ඉන් පසුව බවද වාර්තා වේ.

මේ අතර, අර්ජුන් ඇලෝසියස් මහතා මීට පෙර අවස්ථාවල මෙන් බන්ධනාගාරයට පිටතින් ආහාර ගෙන්වා ගැනීමට උත්සහයක් ගෙන ඇතිබවත් එයද වැලැකී ගොස් ඇතැයි පැවසේ.

බදු ගෙවීම පැහැර හැරීමට වරදකරුවකු කරමින් බන්ධනාගිරගත කර ඇති අර්ජුන් ඇලෝසියස් බන්ධනාගාරයේ වඩු පාටියේ මේදිනවල කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ද රක්ෂිත බන්ධනාගාරය තුළ අකර තැබ්බයන්ට ලක්වීමට සිදුව ඇති බවද පැවසේ.

ලෝක බලවතා වන ට්‍රම්ප්ට වයස අවුරුදු 78 යි... රනිල්ට කිසිම ප්‍රශ්නයක් නැතිව තවත් වසර 12ක් මේ රට ගෙන යා හැකියි!මේ රට බංකොලො...
09/11/2024

ලෝක බලවතා වන ට්‍රම්ප්ට වයස අවුරුදු 78 යි... රනිල්ට කිසිම ප්‍රශ්නයක් නැතිව තවත් වසර 12ක් මේ රට ගෙන යා හැකියි!

මේ රට බංකොලොත් වුණාම, ඔබ පෝලිමට ගියාම, ඔබට යන එනමං නැති වුණාම, ඔබ අතරමං වුණාම ඔබව නිදහස් කරගත්ත ඒ නායකයා තමයි 8 වන විධායක ජනාධිපති රනිල්. දැන් බලන්න ඊයේ තිබුණා ලෝක බලවතාගේ ඡන්දය. ඒ ඡන්දයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ජනාධිපති වුණා. ලංකාවට ඒක හොඳ ආදර්ශයක්. ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයාගේ වයස අවුරුදු 78යි. ලෝක බලවත් පුරවැසියා ලෙස තෝරගත්තේ වයස අවුරුදු 78ක පුද්ගලයෙක්. එතුමාගේ කාලසීමාව ඉවර වෙනකොට වයස අවුරුදු 82යි. ඉතින් මොකද්ද තියෙන ප්‍රශ්නය” යැයි ගාල්ල උළුවිටිකේ පැවැති එජාප විශේෂ සම්මන්ත්‍රණය අමතා එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. වැඩි විස්තර මෙතනින්>>> https://shorturl.at/q44rO

රජයේ නිල නිවසක බලහත්කාරයෙන් රැඳී සිටිනා සනත් නිශාන්තගෙ බිරිඳ සම්බන්ධයෙන් තීරණයක්!රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා ...
09/11/2024

රජයේ නිල නිවසක බලහත්කාරයෙන් රැඳී සිටිනා සනත් නිශාන්තගෙ බිරිඳ සම්බන්ධයෙන් තීරණයක්!

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන්නේ හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවත්ව සිටිනා වකවානුවේදී රජයෙන් ලබාදී තිබූ බංගලාව වහාම බාර දෙන ලෙස ඔහුගේ බිරිඳ වන නීතිඥ වමරි පෙරේරා මහත්මියට සිහි කැඳවීම් ගණනාවක්ම සිදු කර ඇතත් නිවස භාරදීම දිගින් දිගටම පැහැර හරිමින් සිටින බවයි.

එම නිල නිවසට අදාල ගෙවල් කුලිය පවා ඇය තවමත් ගෙවා නැති අතර මේ වනවිට එම නිල නිවසේ විදුලිය හා ජලය සැපයුම විසන්ධි කර ඇති බවද වාර්තා වෙයි.

මේ තත්ත්වය මත අදාළ නිල නිවස නිත්‍යානුකූලව බාර ගැනීම කළ නොහැකිව ඇතැයි පවසන අමාත්‍යංශ නිලධාරිහු මෙම කටයුතුවලදී අමාත්‍යාංශ නිලධාරීන්ට ඇයගෙන් ප්‍රමාණවත් සහයක් නොලැබෙන තත්වයක් ද පෙනෙන්නට ඇතැයිද ප්‍රකාශ කළහ. වැඩි විස්තර මෙතනින්>>> https://shorturl.at/gfFof

මේ මැතිවරණයේදී අපට අනුකම්පා කරලා පොහොට්ටුවට ඡන්දය දාන්න - නාමල් රාජපක්ෂපානදුර කළුදෑවල ප්‍රදේශයේ පැවතී පක්ෂ ක්‍රියාකාරී හ...
09/11/2024

මේ මැතිවරණයේදී අපට අනුකම්පා කරලා පොහොට්ටුවට ඡන්දය දාන්න - නාමල් රාජපක්ෂ

පානදුර කළුදෑවල ප්‍රදේශයේ පැවතී පක්ෂ ක්‍රියාකාරී හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පාක්ෂිකයන් ගෙන් ඉල්ලා සිටියේ අප කෙරෙහි අනුකම්පා කර ඡන්දය පාවිච්චි කරන ලෙසයි.

“අප ඊළග දශකයේ තීරණාත්මක සාධකය බවට පත්කරනවා. අමාරු කාලයක ඉන්නේ. නායකයා පක්ෂය අතහැර යනවිට පාක්ෂිකයන් කලකිරුනා. ජනාධිපතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථානට ගියේ නෑ.
වැඩි විස්තර මෙතනින්>>> https://shorturl.at/c2lfd

ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහණයෙන් ලංකාවට කල්ල මරේ!ඇමෙරිකාවේ නව ජනාධිපතිවයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පත්වීම ශ්‍රී ලංකාවට සහ කලාපය...
08/11/2024

ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහණයෙන් ලංකාවට කල්ල මරේ!

ඇමෙරිකාවේ නව ජනාධිපතිවයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පත්වීම ශ්‍රී ලංකාවට සහ කලාපය තුළ ශ්‍රී ලංකාවේ සබඳතාවයන්ට කෙලෙස බලපානු ඇත්දැයි යන්න ජාත්‍යන්තර සබඳතා පර්යේෂක උපදේශක ආචාර්ය හසිත් කන්දඋඩහේවා විස්තර කළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස පත්වීම ශ්‍රී ලංකාවට හිතකර තත්ත්වයක් මෙන්ම කලාපීය වශයෙන් පවතින සබඳතාවයන්ට යම් බලපෑමක් එල්ල කරනු ඇති හෙතෙම කියා සිටියේය.
වැඩි විස්තර මෙතනින්>>> https://shorturl.at/GKjJO

ඉදිරියට 8 ශ්‍රේණිය වෙනතුරු තරග විභාග නෑ..- අගමැතිනිපෙර පාසල් අධ්‍යාපනය තම ආණ්ඩුවක් යටතේ සෘජුවම අධ්‍යාපන අමාත්‍යංශයට එක් ...
08/11/2024

ඉදිරියට 8 ශ්‍රේණිය වෙනතුරු තරග විභාග නෑ..- අගමැතිනි

පෙර පාසල් අධ්‍යාපනය තම ආණ්ඩුවක් යටතේ සෘජුවම අධ්‍යාපන අමාත්‍යංශයට එක් කිරීමට යෝජනා කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට අද ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මෙරට ඇතිකර තිබෙන හොඳ පාසල් සහ හොඳ නැති පාසල්, ජනප්‍රිය පාසල් හා ජනප්‍රිය නොවන පාසල් ආදී පාසල් අතර බෙදීම් බවත් ඇය පෙන්වා දෙයි.

ඒ අනුව පාසල් අතර ඇති විෂමතාවය ඉවත් කළ යුතු බවද ඒ සඳහා කළ යුත්තේ රජය අධ්‍යාපනයට සිදුකරන ආයෝජනය ඉහළ නැංවීම බවත් ඇය කියා සිටී. වැඩි විස්තර මෙතනින්>>> https://shorturl.at/05CNW

මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධ පරීක්ෂණ වෙනත් දිශානතියකට!ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු බව කියන මාකඳුරේ මදුෂ් ගේ අයිතිවාසිකම් ...
08/11/2024

මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධ පරීක්ෂණ වෙනත් දිශානතියකට!

ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු බව කියන මාකඳුරේ මදුෂ් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් ඔහුගේ මරණය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස ඊයේ (07) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කළේය. වැඩි විස්තර මෙතනින්>>> https://shorturl.at/t5fx3

ලොහාන් ගේ දෙවැනි බිරිය සතු වාහනයේ ලියාපදිංචි අංකය පළමු බිරියගේ... විමර්ශන පඹගාලක පැටලෙයි!නුගේගොඩ මහේස්ත්‍රාත් රුවිනි ජයව...
08/11/2024

ලොහාන් ගේ දෙවැනි බිරිය සතු වාහනයේ ලියාපදිංචි අංකය පළමු බිරියගේ... විමර්ශන පඹගාලක පැටලෙයි!

නුගේගොඩ මහේස්ත්‍රාත් රුවිනි ජයවර්ධන මහත්මිය ඊයේ (7) නියෝග කළේ මෙරටදී එකලස් කරන ලද මෝටර් රථයක් ළඟ තබාගැනීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටින හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිය වන රෂි ප්‍රභා ගුණවර්ධන යන දෙදෙනා ලබන 18 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඇතුළු නීතිඥ මණ්ඩලය සිදු කළ ඇප අයැදුම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් දෙදෙනාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමටත්, අධිකරණයට යොමු කළ වීඩියෝ සාක්ෂි රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමටත් මෙහිදී වැඩිදුරටත් නියෝග කළාය. වැඩි විස්තර මෙතනින්>>> https://shorturl.at/m0Flm

මොන ආණ්ඩුව ආවත් දුමින්ද ඉස්පිරිතාලේ – හිරුණිකාවත්මන් ආණ්ඩුව යටතේද මරණ දඩුවම හිමිව සිටින දුමින්ද සිල්වා නැමැත්තා දීර්ඝ කා...
07/11/2024

මොන ආණ්ඩුව ආවත් දුමින්ද ඉස්පිරිතාලේ – හිරුණිකා

වත්මන් ආණ්ඩුව යටතේද මරණ දඩුවම හිමිව සිටින දුමින්ද සිල්වා නැමැත්තා දීර්ඝ කාලීනව රෝහල් ගතව සිටින බව සමගි ජනබලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

දේශපාලන සංවාදයකට එක්වෙමින් ඇය පෙන්වා දෙන්නේ දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ සුවපහසුවෙන් සිටින බවට බන්ධනාගාරයේ සිටින කාන්තා රැදවියන්ම තමන්ට අවස්ථා කිහිපයකදී පැවසූ බවයි.

එහිදී ඔහු ටැබ් යන්ත්‍ර මෙන්ම ජංගම දුරකතන භාවිතා කරන අයුරු කාන්තා රැදවියන් දැක ඇති බව තමන්ද රක්ෂිත බන්ධනාගාර ගතව සිටියදී ඔවුන් පැවසූ බව මෙම සාකච්ඡාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සදහන් කරනවා. වැඩි විස්තර මෙතනින්>>> https://shorturl.at/ZN0pb

රනිල්ට නඩු පිට නඩු – පාස්පෝට් නඩුවේත් වගඋත්තරකරුවෙක් ලෙස නම්කරයිවිදේශ සමාගම් දෙකකින් විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමට පසු...
07/11/2024

රනිල්ට නඩු පිට නඩු – පාස්පෝට් නඩුවේත් වගඋත්තරකරුවෙක් ලෙස නම්කරයි

විදේශ සමාගම් දෙකකින් විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමට පසුගිය ආණ්ඩුව ගත් තීරණය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයට ගොනුකර ඇති රිට් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කර තිබේ.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මොහොමඩ් ලෆාර් සහ පී.කුමාරරත්නම් යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය විසින් මෝසමක් මගින් එපික් ලංකා පෞද්ගලික සමාගම ගොනුකළ අදාළ රිට් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස රනිල් වික්‍රමසිංහ නම් කර ඇත.
වැඩි විස්තර මෙතනින්>>> https://shorturl.at/ZkIgM

ෆින්ලන්තයේ දී පරලෝ යැවූ හිරුණිගේ මරණයේ අබිරහස විසඳෙයි... 'ගූගල්' බලලා සිදුකළ ඝාතනය ගැන සැමියාගෙන් ඇඟ හිරිවැටෙන පාපොච්චාර...
07/11/2024

ෆින්ලන්තයේ දී පරලෝ යැවූ හිරුණිගේ මරණයේ අබිරහස විසඳෙයි... 'ගූගල්' බලලා සිදුකළ ඝාතනය ගැන සැමියාගෙන් ඇඟ හිරිවැටෙන පාපොච්චාරණයක්! වැඩි විස්තර මෙතනින්>>> https://shorturl.at/XMVtf

මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදී මූල්‍යකරණය සඳහා ශ්‍රී ලංකාව ‘මධ්‍යම අවදානම්’ රටක් ලෙස ශ්‍රේණිගත කරලා..!ඇතැම් රාජ්‍ය නොවන...
07/11/2024

මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදී මූල්‍යකරණය සඳහා ශ්‍රී ලංකාව ‘මධ්‍යම අවදානම්’ රටක් ලෙස ශ්‍රේණිගත කරලා..!

ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරකම් ඇතුළුව මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ මධ්‍යස්ථ අවදානම් සහිත රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇති බව ඩේලි මිරර් වෙබ් අඩවිය සඳහන් කරයි. ඒ අනුව, මෙම නීතිවිරෝධී ක්‍රියා මැඩලීමේ ප්‍රයත්නයන් ශක්තිමත් කිරීම සඳහා ජාතික රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය ඊයේ මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශය සමඟ ගිවිසුමකට අත්සන් තැබූ බව නිලධාරියෙක් ප්‍රකාශ කර තිබේ.
වැඩි විස්තර මෙතනින්>>> https://shorturl.at/qcM3m

07/11/2024

Address


Alerts

Be the first to know and let us send you an email when Lanka Hot News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lanka Hot News:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share