23/03/2020
🙏ඉතාලියේ අලුතින් කොරෝනා වෛරසය ආසාධිත වෙන රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ නෑ...
🙏අවුරුදු 70 ට වැඩි රෝගීන් රෝහල් වල දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ගන්නේ නෑ..
🙏කොරෝනා හැදුන රෝගීන් නිවෙස් වලම මැරෙන්න අරිනවා...
🙏මරණ සංඛ්‍යාව වැඩි නිසා, එකම මිනී වලකට දාලා වලලනවා....
🙏2013 ඔක්තෝබර් මාසයේ 03 වෙනි දින
Lampedusa වල මුහුදේදී මිය ගිය 368 ක් පමණ මිනිස්සුන්ගේ මිනීපෙට්ටි වල පොටෝ දානවා, කොරෝනා වලින් ඉතාලියට වෙලා තියෙන ව්නාශය......http://www.ansa.it/sito/notizie/speciali/2018/10/03/il-3-ottobre-2013-a-lampedusa-la-piu-grande-tragedia-dellimmigrazione_7506a9e5-fcc1-472d-ba5d-00525d474243.html
මේවා තමයි, මේ දින කීපයේ ඉතාලියේ ඉන්න අපිට ඇහෙන කතා. හිතට දුක මේවා හදන්නේ අපේම ශ්‍රි ලාංකිකයන් .
මේ ඔබලා තලන්නේ ඉතාලියේ මේ භයානක වසංගතයේ අත්දැකීම් අත්විදිමින් ජීවත්වෙන අපේම ලංකිකයන්ගේ හිත්...
ඒ ජායාරෑප සටහන් දකින ලංකාවේ ජීවත්වෙන වයසක දෙමාපියන්, නෑදෑයන් තමන්ගේ ආදරනීයන් ගැන වද වෙනවා.
ඇයි අපිට බැරි යම් කිසි ජායාරූපයක් , සටහනක් තමන්ගේ මුහුණු පොතේ පලකරන්න , ශෙයා කරන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න.
✅උතුරු ඉතාලියේ රෝහල් වල සේවය සදහා පසුගිය දිනක වෛද්‍යවරැන් 300 ඉල්ලා නිකුත් කල ගැසට් නිවේදනයට එක් දිනක් ඇතුළත ඉල්ලුම් පත්‍ර 8000 ක් ඇවිත්, මුළු ඉතාලියේම සිටින වෛද්‍යවරැන්ගෙන්. ඒ ආකාරයෙනුයි ඔවුන් මේ හදිසි අවස්ථාවේ සහයෝගය පෙන්වූයේ.
✅කඩිමුඩියේ දැඩිසත්කාර ඒකක ඉදිවෙනවා රජයේ හා පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය ඇතුව.
මිලානෝහි ඉදිවන ඇදන් 250 කින් යුතු දැඩිසත්කාර ඒකකයේ වැඩ කටයුතු පිලිබද හදුන්වා දෙමින් සිවිල් ආරක්ෂාක දෙපාර්තමේන්තුවේ හිටපු ප්රධනියා හා මෙම වයාපෘතියේ උපදේශක වන Guido Bertoloso මහතා, අසරණ රෝගීන්ට ජීවිතය ලබා දීමට, ඔවුන්ගේ අන්තිම රැධිර බිංදුව, දහඩිය බිංදුව පවා යොදවමින් සියළු දෙනාම එක්ව කටයුතු කරන බව පැවසුවා. දිනෙන් දින පැතිරයන මේ භයානක කොරෝනා වෛරසය ජීවිත දහස් ගනන් බිලිගනිද්දී ඉතාලි ජාතිකයන්ගේ වචන වලින් විශාලා නුවරක ජීවත්වෙන ලාංකිකයන්ගේ හිත් කෙතරම් සැනසෙනවාද?
(උපුටාගැනීමක්)