Earthy Flavour

  • Home
  • Earthy Flavour

Earthy Flavour Online store�

"අන්දර යායේ වැව් තාවුල්ලේ සක්මන් කරනා අප්පච්චී......දොලේ දියයි මට කෙතේ නිලයි...ගහ වැලේ මලයි මට අප්පච්චි....."ඉර බැහැගෙන ...
13/11/2023

"අන්දර යායේ වැව් තාවුල්ලේ සක්මන් කරනා අප්පච්චී......දොලේ දියයි මට කෙතේ නිලයි...ගහ වැලේ මලයි මට අප්පච්චි....."
ඉර බැහැගෙන යන හවස් යාමේ....රන්වන් පාට වුනු අහස දිහා බලාගෙන තේකක් රසවිදින ගමන් ම‍ං ඒ ලස්සන සින්දුවත් එක්කම අතීතෙට ගියා.......🥺🍂

ඩිග්‍රිය අතරේ ට්‍රේනින්ග් යන මේ කාලෙ කැම්පස් එක ලගම බෝඩිමක යාලුවොත් එක්ක නැවතිලා.......විවේකයක් නැතුව එක්සෑම්,අසයිමන්ට්,ඒ අස්සෙ ජොබ් එක,මේ හැමදේමත් එක්ක හෙම්බත් වෙලා ඉද්දි ලැබුනු දවස් තුනක නිවාඩුවට ගෙදර ආවේ.ඒ ඇවිත් නිවාඩු පාඩුවේ මෙහෙම ආච්චිගේ තේකක් රස විදින ගමන් ඉර බැහැගෙන යන රන් පාට වුන අහස දිහා බලාගෙන ඒ සින්දුව අහද්දි....ඒ ලස්සන අතීතෙට යන එක අහන්න දෙයක් නෙමේ...🥺🥰

අම්මා,තාත්තා වැඩට ගියාම අපේ හැම දෙයක්ම හොයලා බලලා කරලා අපිව පුන්චි කාලේ ඉදන් බලගත්ත ඒ දෙන්නට අපි හරිම ආදරෙයි....මහන්සියෙන් හෙම්බත් වෙලා පීඩනයෙන් කැම්පස් වැඩයි,ජොබ් එකේ වැඩයි හැමදේම දමලා ගහල ඇවිත් ආච්චි,සීයයි ලගට වෙලා ඉස්සර වගේ ඒ දෙන්නගේ ආදරේ විදින්න තියනවනම් කියල හිතෙන වාර අනන්තයි.......කතා අහන්න,සීයා පුච්චලා දෙන කොස් ඇට එක්ක තේකක් රස බලන්න,ඉස්සර එයාලගේ කතා අහන්න,වෙල පහළ ලිඳට ගිහින් සීතල වතුර ටිකක් ඇඟට හලාගන්න,සෙල්ලම් ගෙදරක සෙල්ලම් කරන්න,මැටි බිත්ති ගහපු කුස්සියෙ ඉදන් ආච්චි රසට උයන කෑම වල සුවඳ බලන්න.....හැමෝම එක්ක එකතු වෙලා පැදුරක් එලාගෙන වටවෙලා ඒ කෑම වල රස බලන්න..ගොයම් කපන කාලෙට පිදුරු ගොඩේ සෙල්ලම් කරන්න,දොළ පාරෙන් නාන්න...බයිසිකලෙන් ගම වටේ රවුමක් යන්න.....,ගමේ වයසක උදවිය එකතුකරගෙන සීයා යන වන්දනා ගමන් යන්න😔තව කොච්චරනම් මතක ගොන්නක් තියෙනවද......ඒ
අතීතෙ හරිම රසවත්🍂

👨🏼‍🦳ලොකු දුවේ............
👨🏼‍🦳ලොකු දුවේ............
කල්පනාවෙන් මිදුණේ සීයගෙ කටහඬත් එක්ක...
👩🏻‍🦰අහ්හ් සීයේ.....මං දැක්කෙත් නෑ ‍ළඟට එනකන්ම...
👨🏻‍🦳කොහේ දකින්නද...වෙන කල්පනාවක් ඉද්දි....
👩🏻‍🦰හී හී...
👨🏻‍🦳ආන්න....මං කොස් ඇට ටිකක් පිච්චුවා....
👩🏻‍🦰අනේ...දැන් මට මතක් වුනා විතරයි....කියාගෙන ගෙට දිව්වේ ආච්චිගෙන් තව තේකක් හදාගෙන අර කොස් ඇටත් එක්කම රස බලන්න....

ඔව්ව්...මං තාම ඒ ලස්සන ආදරේ විදිනවා🥺♥️

It heals you....I promise 💆🖤
13/11/2023

It heals you....I promise 💆🖤

අත්තම්මා❤සෙත්මි හිටියෙ අත්තම්මගෙ නිසල දේහය ලග ඇන තේයාගෙනමයි. ගෙදර හැමෝම උත්සහ කලත් සෙත්මිව එතනින් අරගෙන යන්න සෙත්මි නෙවේ...
13/11/2023

අත්තම්මා❤

සෙත්මි හිටියෙ අත්තම්මගෙ නිසල දේහය ලග ඇන තේයාගෙනමයි. ගෙදර හැමෝම උත්සහ කලත් සෙත්මිව එතනින් අරගෙන යන්න සෙත්මි නෙවේ අඩියක් හෙල්ලුනෙ. කදුලු ඇගේ කොපුල් තෙමාගෙන ඔහේ රූටද්දි ඇය අත්තම්මගෙ නිසල දේහයෙ ඔලුව හෙමිහිට පිරිමදිනවා. සෙත්මිට තාමත් හීනයක් වගෙ, ඇගේ අත්තම්මා ඇයව දාලා දුරකට ගිහින් කියන එක. අවුරුදු විස්සක් පුරාවට , තමන්ගෙ ජීවිත කාලෙ පුරාවටම තමන්ගෙ හැම දේකටම ලගින්ම උන්නු ඇය මෙලෙස තමාව අද හැරගොස් ඇතිබව සිතන්නට ඇගේ හිතට ධෛරයක් නෑ. සෙත්මිගෙ මනසෙ සෑමතැනකම අත්තම්මා හා ඈ ගෙවු දිනයන් සිහියට නැගෙන්නෙ නිතැතින්. මවත් පියාත් දෙදෙනාම රැකියාවක් කල නිසාම ඈ කුඩා කල ඉදන්ම ඇගේ කැත උණු අතගාලා ඇයව හැදුවෙ ඇගේ අත්තම්මා.

පොඩිකාලෙ අත්තම්මා එක්ක ඇය වෙලේ තිබුන කොටුවට ගිහින් සීයට උදව් වෙන්න හරි හරියට වැඩ කරනවා ඇයට මතකයි. අත්තම්මට හොරෙන් කොටුව ලග තිබුන ඇලට පැනලා පස්සෙ හොදහැටි තමන් ගුටිකාපු හැටි ඇයට මතක් උනා. ගහපු පාර රිදුනෙ නැතත් අත්තම්මා ගහපු දුකට අඩද්දි ආදරෙන් ලගට අරන් අත්තම්මගෙ කෙමෙන් වියපත්ව තිබුන දෑත් වලින් ඇයව පිරිමදින විදිහ දැනටත් ඇගේ දෑස් ඉදිරියෙ මැවී පේනවා. ඒ අත් දැන් කොයිතරම් වියපත් වෙලාද? අත්තම්මගෙ නිසල දේහයෙ අතක් පිරිමදින ගමන් ඈ සිතන්නට උනා.

පොඩිකාලෙ දවල්ට නොවරදවාම පැයක් දෙකක් නිදාගන්න පුංචි සිත්මිට ඇහැරෙද්දි අත්තම්මා ලග ඉන්න එකනම් අනිවාර්යයි. ඒත් දවසක් සිත්මිව නිදිකරවලා ආච්චි ගියේ නාගන්න කියලා. ඒ අතරෙ පුංචි සිත්මි නැගිටලා බලද්දි අත්තම්ම නෑ කියලා දැක්කා විතරයි සිත්මිට තරහ ගියා. අත්තම්මට ඇදගෙන හිටිය දියරෙද්ද ගලවන්න කියලා තමන් මොනතරම්නම් කෑ ගැහුවද කියලා සිත්මිට සියුම් ලැජ්ජාවකුත් එක්ක මතක් උනා. ඈව සනසන්න අත්තම්මා කාමරෙ දොරත් වහගෙන කතා කියද්දි ඒ නිරුවත් පපුවෙ ලැමක් දෝතින් බදන් කිරි නොඑරුනත් අත්තම්මගෙ ආදරෙ සාරය ඉරුව හැටි ඈට මතක් වෙලා දෑසින් වැටුනු කදුලු අලුත් උනා.

අත්තම්මා නිසා තමන්ට හිනාවෙන්න පුලුවන් ලස්සන ලමා කාලයක් ලැබිලා කියලා ඈට හිතුනා. සිත්මිව පෙරපාසල් එක්කන් ගියෙ අත්තම්මා. උදේට යනකොට දවල්ට එනකොට හැමදාම තමන්ට අත්තම්මා කඩචෝරුවක් අරන් එනවා. පෙරපාසලේ දෙන හැම වැඩක්ම සිත්මි කලේ අත්තම්මා එක්ක. තමාගෙ ස්කොලෙ තිබුන හැම වැඩකටම ආවෙ අත්තම්මා. අම්මා තාත්තා රස්සාවට යද්දි පුංචි සිත්මි කාටත් වඩා ලන් උනේ අත්තමට.

තමන්වත් තමන්ගෙ සහෝදරියවත් වට කරන් අත්තම්මගෙ පුංචි කාලෙ ගැන කතාන්දර කියනවා ඇයට මතකයි.

"අත්තම්මනම් හරි නරකයි. එයා ස්කෝලෙ ගිහිනුත් නෑ. ඒත් මට හැමවෙලේම පාඩම් කරන්න කියලා කරදරෙ" පුංචි සිත්මි අත්තම්මගෙ ලස්සන ලමා කාලෙ ගැන කියන කතන්දර වලට ස්තූති කලේ එහෙමයි. අත්තම්මා කියන කතා වලින් සිත්මි එදා වගේම අදටත් වැඩියෙන්ම ආස අමල්බිසෝගෙ කතාවට.

අවුරුදු විස්සක් උනත් සිත්මි තාමත් ආසයි අත්තම්මගෙ ඒ කතන්දර වලට. මොකද අත්තම්මා හරි දක්ශයි කතන්දර කියන්න. අත්තම්මා ඇගේ වියපත් දෑතින් මේ ලගක් වනතුරුම ඇගේ ඔලුවෙ උකුණො බල බල තමන්ගෙ ඉල්ලීමට කතාන්දර කියපු හැටි ඈට මතකයි.

"අනේ අත්තම්මෙ ආයෙ කවුද මට කතාන්දර කියන්නෙ. මට හරි පාලුයි අත්තම්මෙ"සෙත්මි අත්තම්මගෙ කනට කෙදිරුවා.

පාසලෙන් පන්තියකින් විනෝද චාරිකාවක් යද්දි හැමදාමත් අත්තම්මා නොවරදවාම කීයක් හරි අතේ තියනවා. ඊට පස්සෙ දිග උපදෙස් මාලාවක් දෙනවා. වෙලාවකට කරදරයක් වගේ කියලත් සිත්මිට හිතුනත් ඒ හැමදේම ඈ තමන්ට කිව්වෙ ආදරේට කියලා සිත්මි දන්නවා. එහෙමයි අත්තම්මගෙ ආදරෙ.

"ඒ ආදරෙ ආයෙත් මට නැද්ද අත්තම්මෙ? ඈ විමසන්නට උනා.

කාලය හෙමිහිට ගතවෙද්දි තමන් ලොකු වෙනකොට අත්තම්මා වයසට යන දිහා ඈ බලන් උන්නා. හැමදාම රෑට ඈ අත්තම්මා නැතිව තමන්ගෙ ජීවිතෙ කොහොම වෙයිද කියලා කල්පනා කලා. ඒ හැම මොහොතකම ඈට දැනුනෙ ඇගේ හුස්ම හිරකරනවා වගේ. ඈ හැමදාමත් පාර්තනා කලේ අත්තම්මා තමන් එක්කම ඉන්න කියලා.

ඒත් අත්තම්මා ස්භාදහමට අවනතව ඇගේ ජීවන රග මඩලෙන් සමු අරන්. සිත්මිට හැමදාටම දුකක් එකතු කරලා.

"අත්තම්මට දුක නැද්ද වයසට යන එකට?"
"මොනාකරන්නද එහෙම තමා ජීවිතෙ"
සිත්මි ඒක අහපු හැම දවසකම අත්තම්මා දුන්නෙ එක උත්තරයයි.
ඒත් සිත්මිට විශ්වාසයි අත්තම්මා ඒ ගැන දුක් වෙන්න ඇති.

පුංචි කාලෙ තමන්ව හදපු අත්තම්මව සිත්මි අත්තම්මගෙ සැදෑ සමයෙ හරි අපූරුවට රැකබලාගත්තා. ඇගේ ඕන එපාකම් ඉටුකලා. සිත්මි අත්තම්මට කිසි තැනක තනියම යන්න දුන්නෙ නෑ. බෙහෙත් ටික වෙලාවට දීලා සිත්මි ඈව පරිස්සම් කලා. මොකද සිත්මිට හිටිය වටිනාම වස්තුව අත්තම්මා.

ඉතිම් ඒ වටිනාම වස්තුව අද ඇගෙන් ඈතට යනවා. කොහොම දරාගන්නද?

සිත්මිට මතක් උනේ අත්තම්මගෙ අතින් හදන ඈ මේ ලොකෙ වැඩියෙන්ම කන්න ආස තක්කාලි සම්බොලෙ. අත්තම්මා හදන ඕන කෑමක් සිත්මිට හරි රසයි.

"අත්තම්මගෙ රස කෑම ආයෙ මට නැද්ද අත්තම්මෙ?

අත්තම්මගෙ හිස හිමිහිට පිරිමදින ගමන් ඈ අහන්නෙ අත්තම්මගෙන්.

අම්මගෙ තාත්තගෙ ආදරේ මග ඇරෙද්දි පොඩිකාලෙ ඉදන්ම සිත්මි දැවටුනෙ අත්තම්මගෙ ඇගේ. ඈ මෙතුවක් කල් හැමදේම කලේ අත්තම්මා එක්ක. ඒත් හෙට ඉදන් අත්තම්ම නෑ ඈට හයියක් වෙන්න. ආදරේ දෙන්න. සිත්මිට හෙට ඉදන් ඉතිරි වෙන්නෙ අත්තම්මගෙ මතක විතරයි.

ඈ හැමදාම රෑට හිතනවා වගෙ අදත් අත්තම්මා නැති ලෝකයක් ගැන හිතන්නට උනා. ඈට දැනුනෙ ඇගේ හුස්ම හිරවෙනවා වගේ.

"අත්තම්මෙ මං ගොඩක් ආදරෙයි සිත්මි අත්තම්මගෙ හිස ලගින්ම දෑස් පියාගත්තෙ දැනුනු අපහසුවට..

නිමි
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
මේක මගෙයි අත්තම්මගයි ආදර කතාව. අපි දෙන්නගෙ මතක වලින් කොටස් අරන් ලියපු කතාවක්. ඇත්තටම අත්තම්මගෙ ආදරෙ හරිම ආදරණීයයි☺

-Earthy flavour✍️☘️-

🙂❤️
13/11/2023

🙂❤️

"......Better  days🥺💚....."
12/11/2023

"......Better days🥺💚....."

12/11/2023

🖤

💙
11/11/2023

💙

❤️😌
05/03/2023

❤️😌

Good morning 🥀💃🏼

04/03/2023

❤️

15/01/2023

𝓦𝓮𝓵𝓬𝓸𝓶𝓮 𝓽𝓸 𝓔𝓪𝓻𝓽𝓱𝔂 𝓕𝓵𝓪𝓿𝓸𝓾𝓻🥀❣️🧡

Address

92/N

Website

Alerts

Be the first to know and let us send you an email when Earthy Flavour posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share