Matara First

Matara First Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Matara First, News & Media Website, .

22/11/2023
21/11/2023
17/11/2023

ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටයින් වෙනුවෙන් ICCය විසින් ලබාදෙන ඉහළම ගෞරවය ලෙස සැලකෙන ICC Hall of Fame වෙත හිටපු ශ්‍රී ලංකා ක්‍ර....

17/11/2023

ICC Cricket Hall of Fame හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී...

17/11/2023

"අනුරට හීනමානය ද!" - රටේ රාල
------------------------------

නිකං හිතන්නකෝ අනුර කුමාර ඊයේ පෙරේදා කෝප් එකට ගියා.ගිහින් ලොකු බාල්දියක් පෙරලුවා.කෝප් එක විදිහට හිතුවොත් ඒක හොදයි.හැබැයි පක්ෂ නායකයෙක් විදිහට අනුර එතෙන්ට යන්න ඕනිම නෑ.ඒකට හරිනි හරි විජිත හරි යවන්න තිබුණා.හැබැයි අනුරලා ෂම්මිගෙන් සල්ලි ගත්තා කියන චෝදනාව පහුගිය දවස්වල තැන් තැන්වලින් ආවා.
අනුර ඒ චෝදනාව හින්දාමයි එතෙන්ට ආවේ.ඉතින් රංඡිත් බණ්ඩාරට හස්ත මුද්‍රාවෙන් ගේම ගහන්න පුළුවන් නම් අනුරට ගේම ගහන්න පුළුවන් ක්‍රමයක් ඔතන හොයා ගන්න බෑ කියලා රටේ රාළ නං හිතන්නේ නෑ.ඇත්තටම අනුර කියන්නේ බරපතල හීනමානයක් එක්ක දේශපාලන කරන චරිතයක්.අනුර තමන්ට චෝදනාවක් එල්ල උන ගමන් ඒක වෙනුවෙන් මරාගෙන මැරෙනවා.හැබැයි අනුරට එල්ල උනොත් විතරයි.මතකද දවසක් පාර්ලිමේන්තුව ලග අරගල කණ්ඩායමක් එකාක නට්ටියක් අනුරලා කළා.අරගල කණ්ඩායමකින් කෙනෙක් අනුරගේ වාහනයට හොරෙන්ම නගින හැටි කැමරාවක පටිගත වෙලා තිබුණා ඔයාලට මතක ඇති.අනුර ඊකට දවස් ගානක් පාර්ලිමේන්තුවේ සහ වේදිකා උඩ උත්තර දුන්නා
දවස් දෙකක් පාර්ලිමේන්තුවේ ඒකට උත්තර දුන්නා.පහුගිය දවසක ප්‍රසන්න නැති වෙලාවක අනුර රණතුංග පවුලට පෞද්ගලිකව ගැහුවා. ප්‍රසන්න ඇවිත් ඒකට උත්තර දෙනකොට අනුර පරල වෙවී කෑගහපු හැටි ඔයාලත් දකින්න ඇති. ප්‍රසන්න කියනකොට අපේ තාත්තා පුංචි අම්මාව කසාද බැන්දේ නෑ කියලා අනුරත් කියනවා මමත් නෑ කියලා.එතකොට ප්‍රසන්න කියනවා මම ඔබතුමා එහෙම කිව්වේ නෑනේ කියලා.ඇත්තටම මේ වැඩ කරන්නේ අනුර ඇතුලේ ඉන්න හීනමානී පුංචි මිනිහා.
අනුර කෝප් කමිටුවට ආවෙත් ඒ හීනමානය හින්දයි.හොඳට බලන්න අනුර තමන්ට පෞද්ගලික එන චෝදනාවලට සහ පක්ෂයට එන චෝදනාවලට මුහුණ දෙන විදිහ අතර වෙනස.තමන් ප්‍රශ්නය එනකොට නායකත්ව පෞරුෂයන් පැත්තක තියලා අනුර ඕනිම දේශපාලන බලු පොරයකට එනවා. රටේ රාළ අනුරගෙන් අහන්නේ මෙච්චරයි දැන් ක්‍රිකට් ප්‍රශ්නයක් තියනවා.ඒ වගේම රාජපක්ෂ ආණ්ඩුවෙන් රටේ ආර්ථික වැට්ටුවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුවත් තියනවා.දැන් අනුරලා සටනේ ප්‍රමුඛතාවය දෙන්න ඕනි කොයිකටද කියලා කියන්න.
ජවිපෙ සටනක ප්‍රමුඛතාවය තෝරගන්න බැරි තරමට බංකොලොත් වෙලා කියලා රටේ රාළ හිතන්නේ නෑ.අනුර ජනාධිපති වෙන්න ඕනි දෙකේ පන්තියේ වැඩක් කරනවා.තමන් මෙච්චර කල් මේන්ටේන් කරපු රාජපක්ෂ විරෝධය ජවිපෙ දැන් අතෑරලා.ඒ කියන්නේ මෙච්චර කල් රාජපක්ෂලා එලවන්න ඕනි කියලා ජවිපෙ වේදිකා උඩ මර ලතෝනි දුන්න විරෝධය දැන් ජවිපෙ ඇතුලේ නෑ.හරි නං ඒ සටනට අවශ්‍ය නියම උත්තේජනය ශ්‍රේෂ්ඨාධිකරණ හරහා නීත්‍යානුකූලව ලැබිලා තියනවා.

(රටේ රාළ කොලමෙන් උපුටාගන්නා ලදී)

15/11/2023

" Fitness මත මම සමහර ක්‍රීඩකයන්ව කණ්ඩායමට ඇතුළත් නොකරන කොට අපේ සමහරක් පරණ ක්‍රීඩකයන්ම රටේ මතයක් හැදුවා,ඔලිම්පික් දුවන්නද කියලා ඒක. මම ගෙනාපු සැලැස්ම සමච්චලයට ලක් කළා. ඉතින් ඒක අරගෙන social media වල විශාල compaign එකක් ගියා මේක වැඩක් නෑ කියලා. රටේම කොහොම හරි මතයක් හැදුවා ක්‍රිකට් ගහන්න fitness වුවමනා නෑ මේක මේ අපි දාගත්තු දෙයක් කියලා. ඉතින් ඊට පස්සෙ මට advisory committee එකෙන් කිව්වා තේරීම් වලට fitness බලන්න එපා කියලා.

ඒපාර ඒ සැලැස්ම ඉවත් කරලා training department එක තීරණය කරලා තිබුණා අවුරුද්දට fitness test 4 කරනවා කියලා. Test එකක් ෆේල් වුණොත් ක්‍රීඩකයන්ගෙ contract එකෙන් 20% ක් දෙවෙනි එක ෆේල් උනොත් 40% ක් ඒ විදියට කපා හරින්න. නමුත් ඒ ක්‍රීඩකයට කණ්ඩායමේ ක්‍රීඩා කරන්න පුලුවන් මේ ක්‍රමවේදයේ විදියට. ඒ කියන්නෙ unfit player කෙනෙක්ට වුණත් ටීම් එකේ ගහන්න පුළුවන්.

ඇත්තටම මේ දේවල් වෙනස් වුණේ සමහර ක්‍රීඩකයො කණ්ඩායමේ තියාගන්න ඕනවට,රටේ හදපු මතය සහ පැරණි ක්‍රීඩකයන්ගෙ බලපෑමෙන් technical committe එක ගත්ත තීරණය නිසා.

මම පටන් ගත්ත program එක දිගටම ගෙනියන්න පුලුවන් වුණා නම් අද කණ්ඩායම මීට වඩා ඉහළ තත්වයක ඉන්නවා. පසුගිය ලෝක කුසලානයේ පවා බොහෝ ආබාධ වුණා අපේ. හොදම උදාහරණයක් තමයි ගිය ඇෆ්ගනිස්තාන තරගයේ ඇෆ්ගනිස්තානයේ ඊබ්‍රහිම් සඩ්‍රාන් ලකුණු 150 ක් ගහලත් හිනා වෙවී ගැහුවෙ. ගහලා උඩ පඩිපෙළට නැග්ගෙ දුවන් ගිහින්. එතකොට අපේ චරිත් අසලංක ලකුණු 80 ක් ගහද්දිත් කොච්චර මහන්සියෙන්ද බැට් කලේ.හදිස්සියෙ හරි තරගයේ උච්චතම අවස්ථාව වෙලාවෙ ඔහුට බැට් කරන්න බැරි උනා නම් මොකද වෙන්නෙ.
ඉතින් මන් නැවතත් කියනවා ක්‍රිකට් ගහන්න fitness අත්‍යාවශ්‍යයි."

- ක්‍රිකට් තේරිම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා-

- CRICK SAVII -
(Derana Straight Drive වැඩසටහනේ දී)

14/11/2023
11/11/2023
https://youtu.be/nS62ggrGnDg?si=YjIJ3f0tW8aR_9rX
11/11/2023

https://youtu.be/nS62ggrGnDg?si=YjIJ3f0tW8aR_9rX

හිටපු ක්‍රීඩා ඇමති දයාසිරි පැටිකිරි රැසක් එළියට අදියි... අනුර සල්ලි අරන් නෑ... මෙතන ආතල් ගන්න එපාSubscribe today ​ Tube for Latest News, Ent...

11/11/2023

නොනවතින වැස්ස කුඹුරු අක්කර 12000ක් විනාශ කරයි
✅ 𝙍𝙚𝙖𝙙 𝙈𝙤𝙧𝙚 👉 https://tinyurl.com/2vzapb7t

✅ 𝙒𝙝𝙖𝙩𝙨𝘼𝙥𝙥 𝙂𝙧𝙤𝙪𝙥 එකට 👉 https://tinyurl.com/38xnupvu

07/11/2023
07/11/2023
තමන්ට එල්ලවන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ එහි සාමාජිකයින් වන ර...
07/11/2023

තමන්ට එල්ලවන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ එහි සාමාජිකයින් වන රොමේෂ් කළුවිතාරණ සහ හේමන්ත වික්‍රමරත්න විසින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත දිගු ලිපියක් යොමුකර තිබේ.

නොවැම්බර් 03 දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මඟින් ක්‍රිකට් තේරීම් කමිටුවට එරෙහිව නඟන ලද චෝදනා මෙම ලිපිය මගින් ප්‍රතික්ෂේප කර ඇත.

මෙම චෝදනාවන් හුදු තවත් ජනප්‍රිය දේශපාලනික හැසිරීමක් මිස කිසිසේත්ම වෘත්තීය භාවයකින් යුතුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුතුව යොමු කරන ලද චෝදනාවක් නොවන බව ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයින් තිදෙනා සිය ලිපිය මගින් අවධාරණය කර ඇත.

xdge45

අමාත්‍යවරයාගේ අනින් සිය මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ හුදු නිවේදනයක් මගින් ක්‍රිකට් තේරීම් කමිටුවේ නිල කාර්යයන් කිසිදු පදනමකින් තොරව විවේචනය කිරීම හුදු වචී මාත්‍රික දේශපාලනික ප්‍රකාශයක් පමණක් බව ද එම ලිපිය මගින් කියා සිටියි.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

''ඔබතුමන්ගේ මාධ්‍ය නිවේදනය මගින් අපවෙත එල්ල කරන ලද චෝදනා හමුවේ අප සතු නිර්දෝශිබව මෙහිලා අවධාරණය කරන්නෙමු''

ගරු ඇමතිතුමනි,

ඔබ තුමන්ගේ උපදෙස් පරිදි ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය විසින් වර්ෂ 2023.11.03 දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරග පරාජයන් තේරීම් කමිටුව හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාරගත යුතුයි යන මැයෙන් මාධ්‍යයට නිකුත් කරන ලද ඒකපාර්ශ්වික චෝදනාවට අදාළව ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන් වශයෙන් අපගේ අවධානය යොමුවී තිබේ. ඒ සඳහා පිළිතුරු සැපයීම අපගේ වගකීමක් යැයි සිතමු.

මෙහිලා අප කරුණු දක්වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට අදාළව ඉදිරිපත් කොට ඇති චෝදනා සම්බන්දයෙන් පමනක් බව අවධාරණය කළ යුතුය.

ශ්‍රී ලංකා තේරීම් ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන් වන අප ගරු අමාත්‍යවරයාට, වර්ෂ 1974 සැප්තැම්බර් මස 20 වැනි දින, අංක 130 දරන ගැසට් නිවේදනය මගින් හා 1986 ජනවාරි මස 20 වැනි දින නිකුත් කරන ලද අංක 385/7A ගැසට් නිවේදනය මත පැවරී ඇති බලතල මත පත්කොට ඇති නිල සාමාජිකත්වයක් දරන කමිටුවකි.

එවන් සාමාජිකත්වයක නිල ක්‍රියා පිළිවෙත පිලිබඳව අප්‍රසාදයක් හෝ විවේචනයක් වේ නම් එය යොමුකළ යුතු නෛතික හා වෘත්තීයමය ක්‍රමවේදයන් පවතින බව ගරු අමාත්‍යවරයා නොදැන සිටීම අප පුදුමයට පත් කරවන්නකි. එකී සියළු ශීලාචාර ක්‍රමවේදයන් පවතිද්දී මාධ්‍ය හමුවේ අපට එරෙහිව ඒකපාර්ශ්වික චෝදනාවක් එල්ල කොට ඒ මත අපට එරෙහිව මහජන මතයක් ගොඩනැගීමට කටයුතු කිරීම අප තුළ ඉමහත් කනස්සල්ක් ඇති කොට තිබේ.

අප විශ්වාස කරන්නේ මෙම චෝදනාවන් හුදු තවත් ජනප්‍රිය දේශපාලනික හැසිරීමක් මිස කිසිසේත්ම වෘත්තීය භාවයකින් යුතුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුතුව අපවෙත යොමු කරන ලද චෝදනාවක් නොවන බවයි. පළමුව කිව යුත්තේ ඔබගේ අණින් නිකුත්වු මාධ්‍ය නිවේදනය තුල ක්‍රිකට් තේරීම් කමිටුවට අදාළව සඳහන් කොට ඇති කරුණු අසත්‍ය හා අර්ධ සත්‍යයන් මත ගොඩනැගු අවිද්‍යාත්මක තර්කනයන් සහිත අභූත චෝදනාවන්ගෙන් සමන්විත වන බවයි.

අදාළ නිවේදන‍යෙන් පැවසන්නේ ක්‍රිකට් පරාජයන්හි වගකීම වසර 4 පුරා තේරිම් කටයුතු සිදුකළ තේරීම් කමිටුව භාරගත යුතු බවයි. නමුත් ඔබතුමන්ගේ අමාත්‍යංශය සතු නිල වාර්තා නිසි ලෙස පරිශීලනය කළහොත් වැටහෙනු ඇත්තේ වර්තමාන කමිටුව පත් කොට ගතවී ඇත්තේ වසර දෙකහමාරක් පමණක් බවය.

එසේම එම මාධ්‍ය නිවේදනයේ අවධාරණය නොවන අතිශය වැදගත් කරුණ වන්නේ වර්තමාන තේරීම් කමිටුව පත් කිරීමට පෙරාතුව අපගේ ජාතික ක්‍රිකට් කණ්ඩායම මුහුණදෙමින් සිටි ඛේදනීය තත්වය පිලිබඳව ක්‍රීඩා ඇමති වරයාට ඇති නොවැටහීමයි.

ඒ අතීතය ඔබට සිහිපත්කරදීම මේ මොහොතේ අපගේ යුතුකමක් ලෙස සිතමු.

ඒ අනුව,
* 2017 අගෝස්තු මස 20 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 9කින් පරාජය වූ විට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් කණ්ඩායමට ක්‍රීඩාංගණයෙන් පිටතට යෑමටද නොදී හූ කිව්වා ඔබට මතකද?

එය එක් පරාජයක් නිසා සිදුවූවක් නොව පරාජයන් රැල්ලක ජනතා වේදනාව පුපුරායැමක් විය.

* ඉන්දියාව සමග පැවැති එම තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම අප රටේදීම අප සිම්බාබ්වේ සමග එක්දින තරගාවලිය පැරදුණා ඔබට මතකද?

* තරග අංශ තුනෙන්ම ශ්‍රී ලංකා කණ්ඩාය‍ම් දිගින් දිගටම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාසය හමුවේ මීළඟ පන්දුවාර 20 ලෝක කුසලානයට සෘජු සුදුසුකම් අහිමිවූ බව ඔබට මතකද?

* තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව දෙමින් දෙවැනි පෙළක් නිර්මානය කර නොතිබූ යුගය ඔබට අමතකද?

* ක්‍රීඩකයන් පමණක් නොව තේරීම් කමිටුවටද තරග පාවාදීමේ චෝදනා එල්ලවෙමින් ශ්‍රී ලංකාව ලොව දූෂිතම ක්‍රිකට් රාජ්‍යය ලෙසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී විමර්ශන කමිටුව විසින් ප්‍රකාශ කරනු ලැබූ බව ඔබට අමතකද? එදා ඒ චෝදනා එල්ලවූ සමහරෙක් මේ අවස්ථාවේදී ක්‍රිකට් සම්බන්ධයෙන් ඔබේ අනුශාසකයන් ලෙසින් කටයුතු කරන බව ඔබ පිළිගන්නවාද?

ඔබතුමන් විසින් අමතක කොට ඇති යථාර්ථය වන්නේ එවැනි ව්‍යාකූල තැනකට වැටී තිබූ අපගේ ක්‍රිකට් ක්‍රීඩාව, පසුගිය වසර දෙක හමාරක කාල වකවානුව තුළ වර්ථමාන තේරීම් කමිටුවද මැදිහත්වනු ලැබු සාමුහික ක්‍රියාත්මකවීමක් මගින්, එකී කණගාටුදායක තත්වය පරාජය කරමින් අත්කර දුන් ප්‍රගතිය කෙසේ වීද යන්නයි.


ක්‍රීඩා ලෝලීන් ක්‍රිකට් ක්‍රීඩාව නැරඹා වියෝවන යුගයක සිට අප නැවතත් ක්‍රිකට් ක්‍රීඩාව පිලිබඳව බලාපොරොත්තුවක් ඇති කරවන තැනට කටයුතු කළේය.

අපගේ මැදිහත්වීම සිදුවන්නේ නිසි කුසලතාවයක් සහිත ක්‍රීඩකයන් තෝරා ගැනීම තුල පමණක් බව මෙහිලා සඳහන් කල යුතුව තිබේ. අප විසින් ජාතික ක්‍රිකට් කණ්ඩායමට තෝරා දෙනු ලැබු ක්‍රීඩකයන් පහත දැක්වෙන ජයග්‍රහණ පසුගිය වසර දෙකහමාරක කාලය අතරතුර රටට අත්කොට දී තිබේ. එම ජයග්‍රහණ පිලිබඳව අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි.

එකී ජයග්‍රහණ වන්නේ:
kjsdfe

I. ඔස්ට්‍රේලියාවට එරෙහි පන්දුවාර ක්‍රීඩාවලිය 3-2 ලෙස ලැබු ඵෛතිහාසික ජයග්‍රහණය
(මෙය දෙරට අතර මෙරට පැවැති එක්දින තරගාවලියකදී වසර 30කට පසුව ලැබූ පළමු තරගාවලි ජයග්‍රහණ විය)

II. වසර 08 කට පසුව, ආසියානු කුසලාන ජයග්‍රහණයක් අප රටට හිමිකර දීම,

III. වසර 09 කට පසුව ආසියානු කුසලාන එක්දින තරඟාවලියේ අනුශූරතාවය අප රටට හිමිකර දීම,

IV. ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ පස්වන තැනට ශ්‍රී ලංකාව පත්වීම,

V. ඉන්දියාව සමග T-20 තරගාවලියක් වසර 7 කට පසුව ජයග්‍රහණය කිරීම,

VI. නවසීලන්තය සමග T-20 තරගයක් වසර 7 කට පසුව ජයග්‍රහණය කිරීම

VII. ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීම.

VIII. 2016න් පසු පළමු වරට T-20 ලෝක කුසලානක් සඳහා සෘජු සුදුසකම් සනාථ කිරීම

IX. තවත් වසර ‍දහයක් ක්‍රීඩා කිරීමට හැකියාව සහිත අනාගතයේදී ලෝක කුසලාන ජයග්‍රහණයක් ලබාගත හැකි කණ්ඩායමක් ගොඩනැගීම

මේ අනුව පෙනී යායුත්තේ ගරු ඇමතිවරයාගේ අනින් නිකුත්වු මාධ්‍ය නිවේදනය මඟින් දක්වා ඇති අයුරින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරා දෙනු ලැබූ ජාතික ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම පරාජයන් ගෙන එනු ලැබු කණ්ඩායමක් නොවු බවය. මෑත යුගයේ ඉහළම ප්‍රතිඵල පෙන්වා ඇති කණ්ඩායම බවය.

ඉතා අසීරු අවධියක සිට ක්‍රමිකව තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවකට යොමුවෙමින් සිටින තරුන ජවයකින් හෙබි කණ්ඩායමක් දැන් බිහිවී ඇති බව මෙහිලා අවධාරණය කළ යුත්තේය.

ගරු ක්‍රීඩා අමාත්‍යවරයාට ක්‍රිකට් තේරීම් කමිටුවක කාර්යභාරය හා එහි වපසරිය පිළිබඳව නිසි අවබෝදයක් නොමැතිවීම පිළිබඳව අපට ඇත්තේ කණගාටුවකි. ආර්ථිකයක් බංකොලොත්කල රටක ක්‍රීඩාව පිලිබඳව ගැඹුරක් නොදැකීම පුදුමයක් නොවේ.

Rahul Dravidරාහුල් ඩ්‍රාවිඩ් : ඉන්දීය හිටපු ක්‍රිකට් නායක හා වර්තමාන ඉන්දීය ප්‍රධාන පුහුණුකරු

වරෙක තේරීම් කමිටුවක කාර්යභාරය පිළිබඳව ඉන්දීය හිටපු ක්‍රිකට් නායක හා වර්තමාන ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන රාහුල් ඩ්‍රාවිඩ් මෙසේ පවසා තිබේ; “

“You don’t win or loose the games because 11 you select. You win or loose with what those 11 do on the field”.

ශ්‍රී ලාංකික සමාජය හොඳින් දන්නා පරිදි ක්‍රිකට් තේරීම් කමිටුව ලෙස පසුගිය වසර දෙකහමාරක කාලයේදී පිටිය තුළ දස්කම් පෑහැකි හොඳම ක්‍රීඩකයන්, පවතින තත්වයන් යටතේ තෝරා දී තිබේ. ඒ සඳහා අපගේ පලමු නිර්නායකය වුයේ යෞවන ක්‍රීඩකයන් පෙරට ගැනීමයි. අනාගතයට ආයෝජනයක් විය හැකි තරුණ විශිෂ්ඨයන් විශාල පිරිසක් අප විසින් මේවන විටත් රටට හඳුන්වාදී තිබේ. එම තරුණ ක්‍රීඩකයන් පෙරට ගන්නා අතරතුරෙහිදීම ඔවුන් හා ජ්‍යේෂ්ඨයන් අතර සමබරතාවය රැක ගැනීමටද අප කටයුතු කොට තිබේ.

එසේම අප හඳුන්වාදුන් දෙවන නිර්නායකය වුයේ ක්‍රීඩකයන් අවශ්‍යයෙන්ම පවත්වාගෙන යායුතුව තිබෙන ශාරිරික යෝග්‍යතාවයයි. නමුත් විවිධ අංශයන්ගෙන් ගොඩනැගුනු විවිධාකාර පීඩන හමුවේ එකී නිර්නායකය අවධාරනය කිරීමේ හැකියාව අවම මට්ටමක පවත්වා ගෙන යන්නට අපට සිදුවු බව නොරහසකි. අද එය ක්‍රීඩකයන්ගේ ගිවිසුමේ කොටසකට පමනක් සීමාවී තිබේ.

ඒ කෙසේ වෙතත් ක්‍රීඩකයන් ශාරිරික ආභාදයන්ට ලක්වීමෙන් මුදා ගැනීම අපවෙත පැවරෙන වගකීමක් නොවේ. එවැනි අවස්තාවක අපගේ වගකීම වන්නේ ආබභාදයට ලක්වු ක්‍රීඩකයාට පවතින විකල්පය කන්ඩායමට හඳුන්වාදීම බව කිව යුතුව තිබේ. තේරීම් කමිටුව සතු කාර්යභාරයක් නොවුනද ක්‍රීඩකයන්ගේ නිසි මානසික යහපැවත්ම පිලිබඳව අවධානය යොමු කිරීමටද අප කටයුතු කොට තිබේ.

අවසාන වශයෙන් ගත් කල පිටියට එලඹෙන ක්‍රීඩකයන් 11 දෙනා පිලිබඳ තේරීම ප්‍රධාන පුහුණුකරු සහ කණ්ඩායම් නායකයාගේ තීරණයන්ට යටත්ව ගනු ලබන සාමුහික තීරණයක් වන්නේය. එහිදී සමබර කණ්ඩායමක් නිර්නය කිරීම එකී සාමුහික තීරණයේ ප්‍රථිභලයක් වන්නේය.

ඒ අනුව බලන කල ඉන්දියාව හමුවේ අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායම, පැවතුන තත්වයන් යටතේ තෝරාගත හැකිව තිබු හොඳම සමබර කණ්ඩායම වන බවද මෙහි ලා සිහිපත් කරනු වටී.

khsjdsdrඉන්දියාව හමුවේ අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායම, පැවතුන තත්වයන් යටතේ තෝරාගත හැකිව තිබු හොඳම සමබර කණ්ඩායම යි.

පරාජය පිලිබඳව විවේචනයක් එල්ල කරනු විනා එදිනට ක්‍රීඩා කළ යුතුව තිබුණු, නමුත් අප විසින් තෝරා ගැනීම මඟ හරිනු ලැබු විකල්ප ක්‍රීඩකයන් වුයේ කව්ද ඒ කුමන හේතුවෙන්ද යන්න පිලිබඳව සඳහනක් හෝ ඔබ නිවේදනයේ දක්නට නොලැබීම එම නිවේදනය තුල පවතින හිස් බව තහවුරු කරයි.

ඔබගේ නිවේදනයේ සදහන් කර ඇති දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් යන ක්‍රීඩකයන් දෙදෙනා අපගේ තේරීම් කමිටුව විසින් ජ්‍යේෂ්ඨත්වයේ අවශ්‍යතාව සලකා යොදාගත් අවස්ථා මෙන්ම එම ලබාදුන් අවස්ථාවන් වෙනුවෙන් සාධාරණයක් ඉටුකිරීමට එම ක්‍රීඩකයන්ට හැකිවූයේද යන්න ඔබ විසින් විමසා බැලුවේ නම් මැනවි. නමුත් ඔබ විසින් මෙලෙස ක්‍රීඩකයන්ව නම් වශයෙන් දක්වා සිටීම තේරීම් කමිටුවේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමතිවරයා විසින් සිදුකළ සෘජු බලපෑමක් ලෙසින් අපි දකිමු.

තේරීම් කමිටුවේ කාර්යභාරය ඉටු කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඒ දක්වා ගොඩනඟා ඇති විශිෂ්ඨයන් අතරින් අති විශිෂ්ඨයන් කණ්ඩායමක් පිටියට හඳුන්වාදීම පමණක් බව මෙහිලා සඳහන් කළයුතුව තිබේ.

එම ක්‍රීඩකයන්ටද පිටියට ගොස් ක්‍රීඩා කිරීමට වරම් ලැබෙනුයේ ක්‍රීඩා පනතට අනුව ඇමතිවරයා සතු බලතල අනුව එම ක්‍රීඩක ලැයිස්තුව අනුමත කරන්නේ නම් පමනකි. නමුත් පසු ගිය වසර දෙකහමාරක කාලයක් තුළ අමාත්‍යවරයකු එවැනි අප තෝරාදුන් එවැනි ක්‍රීඩක ලැයිස්තුවක් ප්‍රතික්ශේප කරනු ලැබුයේ නැත. එවැනි පසුබිමක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරාජයන් සඳහා තේරීම් කමිටුව වගකිව යුතු යයි පැවසීම හාස්‍යයක් වනවා සේම එම තේරීම වැරදි නම් එවැනි ‍වැරදී තේරීමක් අනුමත කළ ක්‍රීඩා අමාත්‍යවරයාද එහි වගකිවයුත්තෙක් වන්නේය.

අප වගකීමෙන් ප්‍රකාශ කරනුයේ ක්‍රිකට් තේරීම් කමිටුව ලෙස අපගේ වගකීම නිසි අවධානයෙන් යුතුවද නිසි වෘත්තික භාවයෙන් යුතුවද රට කෙරෙහි වූ උපරිම භක්තියෙන් යුතුවද මෙතෙක් ඉටු කර ඇති බවයි.

නමුත් අමාත්‍යවරයාගේ අවසාන අනුමැතියට යටත්ව පත් කරනු ලබන ක්‍රිකට් තේරීම් කමිටුවට මේතාක් සිය කාර්යභාරය මෙන්ම සිය වගකීම් හා යුතුකම් පිලිබඳව නිල ලියවිල්ලක් හෝ ලබා දීමට අමාත්‍යංශ්‍ය හෝ ජාතික ක්‍රීඩා උපදේශක සභාව ක්‍රියාකර නොමැති බව මෙහිලා සඳහන් කරනු වටී.

එවන් පසුබිමක සිට අමාත්‍යවරයාගේ අනින් සිය මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ හුදු නිවේදනයක් මගින් ක්‍රිකට් තේරීම් කමිටුවේ නිල කාර්යයන් කිසිදු පදනමකින් තොරව විවේචනය කිරීම හුදු වචී මාත්‍රික දේශපාලනික ප්‍රකාශයක් පමණක් බව කිව යුතුව තිබේ.

ඉන්දියාව හමුවේ අවස්ථා දෙකකදී අපගේ ක්‍රිකට් කණ්ඩායම ලැබූ අවසනාවන්ත පරාජය හමුවේ ක්‍රිකට් තේරීම් කමිටුවද කම්පනයට හා කනස්සල්ලට පත්ව ඇති බව මෙහිලා කිව යුතුව තිබේ. නමුත් එයට පිලියම වනුයේ එම පසුබෑම් හමුවේ දේශපාලනික හෝ පෞද්ගලික වාසි සඳහා එම පසුබෑම් දඩමීමා කර ගැනීමට තැත් කිරීම නොව, පසුබෑමට හේතු විද්‍යාත්මකව සොයා විකල්ප හඳුනාගැනීම බව අප ගෞරවයෙන් යුතුව සඳහන් කර සිටිමු.

උක්ත කරුණු ඔස්සේ ඔබතුමන්ගේ මාධ්‍ය නිවේදනය මගින් අපවෙත එල්ල කරන ලද චෝදනා හමුවේ අප සතු නිර්දෝශිබව මෙහිලා අවධාරණය කරන්නෙමු.

මෙයට විශ්වාසී,
ක්‍රිකට් තේරීම කමිටුව

ප්‍රමෝදය වික්‍රමසිංහ - සභාපති
රොමේෂ් කළුවිතාරණ - සාමාජික
හේමන්ත වික්‍රමරත්න - සාමාජික

පිටපත් - අතිගරු ජනාධිපතිතුමා
මුද්‍රිත මාධ්‍ය

07/11/2023
07/11/2023

ක්‍රිකට් අතුරු කමිටුවට අතුරු තහනමක්
--------------------------------------------------
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවමින් එහි කටයුතු මෙහෙය වීම සඳහා ක්‍රීඩා අමාත්‍ය රොශාන් රණසිංහ විසින් අතුරු පාලක කමිටුවක් පත් කිරීම සහ ඊට අදාළ ගැසට් නිවේදනය

ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝග නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් එම නියෝග නිකුත් කරනු ලැබීය.

මේ පිළිබඳ පාර්ලිමේන්තුවේදී ද උණුසුම් සංවාදයක් ඇතිවූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළ ප්‍රශ්න කිරීමට ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග විසින් පිළිතුරු ලබා දී සිටියේය.

30/10/2023

නිරන්තර ගුවන් ප්‍රහාර සහ අවතැන්වීම් මධ්‍යයේ තම දරුවා ආරක්ෂිතව ලෝකයට ගෙන ඒමට ජුමානා ඉමාඩ් මාධ්‍යවේදිනිය දැරූ උත.....

30/10/2023
27/10/2023
22/12/2022

භික්‍ෂු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් ගංජා පානය සාමාන්‍ය දෙයක්- භික්‍ෂු අන්තරේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම ....

22/12/2022

ලෝකාන්තය බලන්න කේබල් කාර් ජනාධිපති උපදෙස් දෙයි ලෝකාන්තය නැරඹීම සඳහා පට්ටිපොළ සහ බොරලන්ද අතර කේබල් කාර් ව්‍යාපෘ.....

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Matara First posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share