අරුම පුදුම - Aruma Puduma

  • Home
  • අරුම පුදුම - Aruma Puduma

අරුම පුදුම - Aruma Puduma විශ්වයේ අරුම පුදුම දේවල් දිනපතා බලන්?

උණ හැදෙන්න වගේ ඇගට අමාරුවක් දැනෙනවද, දත් මුල් වලින් ලේ ගලනවද, මුත්‍රා අමාරුවද,  අක්මා වේදනාවක් වගේ දැනෙනවද, අර්ශස් තියෙන...
31/03/2023

උණ හැදෙන්න වගේ ඇගට අමාරුවක් දැනෙනවද, දත් මුල් වලින් ලේ ගලනවද, මුත්‍රා අමාරුවද, අක්මා වේදනාවක් වගේ දැනෙනවද, අර්ශස් තියෙනවද, එහෙනම් මිදුලේ තියෙන ජම්බු ගහේ ජම්බු ගෙඩි බිමට වැටිලා අහක යන්න දෙන්න එපා. ජම්බු කියන්නේ අපි නොදන්න ලෙඩ රාශියකට වටිනා ඖෂධීය ගුණයෙන් අනූන පළතුරක්. ඔබ දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්නම් ජම්බු කන්න බය නැතුව.. හැම වෛද්‍යවරයකුම ගර්භණී ඔබට ජම්බු ගුණදායක බැව් සහතික කරාවි...

ඇස් වල පෙනීමත් වර්ධනය කරගන්න පුළුවන් ජම්බු කෑවම. ඒ විතරක් ද දියවැඩියා රෝගින්ට අගනා ඖෂධයක් තමා මේ රතු ජම්බු. හෘදයට ඉතා හිතකර පළතුරක්. පිලිකා රෝගීන්ටත් ඉතාමත් හොදයි.

අධික තරබාරුද?

කන්න ජම්බු. මා න සි ක ආතතිය නැතිකරගන්නත් පුළුවන්. අස්ථි දිරායාම වලක්වන්න වගේම මතක ශක්තිය වර්ධනය කරගන්නත් මේ බිම වැටිලා අහක යන ජම්බු කෑමෙන් පුළුවන්.ගුණ අගුණ සසදලා බැලුවොත් මිදි වලට වඩා ජම්බු ගුණදායකයි.. (කනවනම් ඇතිතරම් කන්න ජම්බු 🍒රස වගේම ගුණයි🍒 )

උපුටා ගැනීමකි ✍️📷

20/02/2021
විදුලි පණිවිඩ (Telegraph) යන්ත්‍රය බිහි වූ හේතුව.
24/11/2020

විදුලි පණිවිඩ (Telegraph) යන්ත්‍රය බිහි වූ හේතුව.

අඟහරුගේ මතුපිට ස්වරූපයට සම වූ මරණයේ විල...ලේක් නට්රෝන්-ටැන්සානියාව.නට්රෝන් විල යනු පෘථිවියේ ඇති වඩාත් ම වාසයට නුසුදුසු ස...
20/11/2020

අඟහරුගේ මතුපිට ස්වරූපයට සම වූ මරණයේ විල...ලේක් නට්රෝන්-ටැන්සානියාව.

නට්රෝන් විල යනු පෘථිවියේ ඇති වඩාත් ම වාසයට නුසුදුසු ස්ථානයකි.කෙන්යාවට හා උතුරු ටැන්සානියාවට මායිම්ව මෙ⁣⁣ම විල පිහිටා ඇති අතර බැලූ බැල්මට අගහරු ග්‍රහයාගේ මතුපිට පෙනෙන්නට ඇති භූ දර්ශනයක් සේ පාළු ස්වභාවයක් මෙම නට්රෝන් විලෙන් දිස්වෙයි.මුහුදු මට්ටමේ සිට මීටර් 600ක් පමණ ඉහලින් පිහිටා ඇති අතර සෝඩියම් සාන්ද්‍රණය ඉහල මට්ටමක පවතින නිසා අධික ලවණ මට්ටමකින් හෙබි මෙම විල වර්ග කිලෝමීටර් 1344ක වපසරියක් පුරා පැතිරී ඇත.උපරිම ගැඹුර මීටර් 03ක් පමණ වෙයි.

"නට්රෝන්"නමින් මේ විලට නම ලැබී තිබෙන්නේ ජලයේ පවතින අධික ලවණ සාන්ද්‍රණය මත නිර්මාණය වූ ලුණු වර්ගයක් පදනම් කරගෙන ය.එම ලුණු වර්ගය නට්රෝන් නමින් ව්‍යවහාර කරනු ලබයි.පුරාණ ඊජිප්තු යුගයේ සිට නට්රෝන් ප්‍රසිද්ධ වී තිබෙන අතර එකල එය මළ සිරුරු විකෘති කිරීම,මළ සිරුරු බොහෝ කාලයක් තබා ගැනීම සදහා භාවිතාකර ඇත.නට්රෝන් ලුණුවලට ශරීර පටකවලින් ජලය අවශෝෂණය කර ශරීරය විජලන ස්වරූපයට පත්කිරීමේ හැකියාව පවතියි.එහෙයින් පුරාණ ඊජිප්තු වැසියන් එය වියළන කාර්යන්ට හා ප්‍රතිබැක්ටීරියා වර්ධනය සදහා භාවිතාකර ඇත.

විලෙහි තැනින් තැන විසිරී තිබෙන සත්ත්ව නටබුන් හේතුවෙන් විල දෙසට ඇස යන අයෙකුගේ මනස ක්ෂණයෙන් කුතුහලයෙන් හා විස්මිත බවින් වෙලා ගනියි.පක්ෂීන් ගල් පිළිම මෙන් විල් ජලයේ රැදී පවතියි.මේ ආකාරයට පක්ෂීන් ගල් පිළිම මෙන් රැදී සිටීමට හේතුව වන්නේ විලෙහි ජලයේ ඇති සෝඩියම් කාබනේට් සාන්ද්‍රණය අධික වීම හේතුවෙන් ඔවුනොවුන්ගේ ශරීරයේ ඇති ජලය අවශෝෂණය වී ශරීරය විජලනයට ලක්වන නිසාවෙනි.නට්රෝන් විල අසල පිහිටි "ඕල් ඩොනියෝ ලෙන්ගයි"නම් ගිනිකන්ද විදාරනය වීමෙන් පිටවන ජලය විල් ජලයට එකතුවන අතර ඒ හරහා ගිනිකන්ද පුපුරායාමෙන් ඇතිවූ අවශේෂයන් ජලය මත රැදීම හරහා සෝඩියම් කාබනේට් නිර්මාණය වෙයි.ඒ නිසා මේ සතුන්ගේ මරණයෙන් පසුව මේ ආකාරයට ජලය මත වියලීගිය පක්ෂීන්ගේ ගල් පිළිම වැනි දර්ශනයක් දැකගැනීමට හැකි අතර එහෙයින් මේ විල මරණයේ විලක් ලෙස ද හදුන්වාදීමට හැකියාව ඇත.

අර්ධ කාන්තාර දේශගුණයකින් හෙබි මේ පරිසරය අධික උෂ්ණත්වයක් සහිත අතිශයින් වියළි ස්ථානයක් වෙයි.ආසන්න වශයෙන් සෙල්සියස් අංශක 40ක පමණ උෂ්ණත්වයකින් මේ ප්‍රදේශය ආවරණය කරගෙන ඇත.බැලූ බැල්මට විල් ජලය මතුපිට රතු පැහැයට හුරු වර්ණයකින් දිස්වෙයි.ජලයේ ක්ෂුද්‍ර ජීවීන් වාසයකරන අතර "සයනොබැක්ටීරියා" නම් බැක්ටීරියා විශේෂය හේතුවෙන් මේ ආකාරයට රතු පැහැයකින් විල් ජලය දිස්වෙයි.

මෙම පාරිසරික ස්වභාවයේ මනස්කාන්ත දර්ශනයක් ලෙස ජූලි හා අගෝස්තු මාස අතර කාලය තුළ ෆ්ලෙමින්ගෝ පක්ෂීන් මිලියන 2 1/2කට අාසන්න සංඛ්‍යාවක් නට්රෝන් විල්තෙර සමීපයට තම ප්‍රජනන ක්‍රියාවලීන්ට හා කැදලි තනාගැනීමට පැමිණීම දැකගත හැකි ය.කෙසේ වෙතත් ජලයේ PH අගය ඉතා ඉහල මට්ටමක පවතින පසුබිමක,මිනිසුන් පවා ජලයට නිරාවරණය වුවහොත් මරණය ගෙනදෙන පසුබිමක ෆ්ලෙමින්ගෝ පක්ෂීන්ට මේ පරිසරයට හැඩගැසෙමින් ඔවුන්ගේ ආහාර හා අභිජනන ක්‍රියාවලියට පහසුකම් සපයන ජීවී ස්වරූපයක් මේ පරිසරය විසින් ම දායාදකර දීම පුදුම සහගත තත්ත්වයකි.

ෆ්ලෙමින්ගෝ පක්ෂීන්ට අමතරව හයිනා,හිවලුන් සහ දිවියන් වැනි සතුන් ද විවිධ වර්ගවලට අයත් කුරුලු විශේෂ 400කට අධික සංඛ්‍යාවක් මේ පරිසරය තුළින් දැකබලා ගැනීමට හැකි ය.ජලය මතුපිට විවිධ බැක්ටීරියාවන්ට සහ ඇල්ගීවලට ජීවය හිමිව ඇති අතර ලතින් භාෂාවෙන් හදුන්වන ඇල්කොලොපියා ඇල්කලිකස්,නැට්‍රෝන් තිලාපියා,තිලාපියා ඇල්කලිකා නැමති මත්ස්‍ය විශේෂය ද ජලය අභ්‍යන්තරයේ ජීවත් වෙයි.ඇල්ගී හා ජලයට නිරාවරණය වීම හේතුවෙන් විජලනයට ලක්ව මියයන ෆ්ලෙමින්ගෝ පක්ෂීන් ආහාරයට ගනිමින් මෙම මත්ස්‍යයින් ජීවත් වෙයි.ලෝකයේ වඩාත් කතාබහට ලක්නොවන,අප්‍රසිද්ධව පවතින,සැගවුණු ස්ථානයක් මෙන් ම පෘථිවියේ වාසයට නුසුදුසු ම ස්ථානයක් ලෙස ද මෙම නට්රෝන් විල හදුන්වාදීමට හැකිය .

මේ පදියපැලැල්ල නගරයේ තියෙන ලංකා බැංකු ශාඛාව. 😍😍 අගය කල යුතු වැඩක්.❤ඡයාරූප ටික එම ශාඛාවේ ෆේස්බුක් පිටුවෙන්.
09/11/2020

මේ පදියපැලැල්ල නගරයේ තියෙන ලංකා බැංකු ශාඛාව. 😍😍 අගය කල යුතු වැඩක්.❤

ඡයාරූප ටික එම ශාඛාවේ ෆේස්බුක් පිටුවෙන්.

09/11/2020
උත්සාහ කරලා බලන්න 🙂
08/11/2020

උත්සාහ කරලා බලන්න 🙂

ඉවතලන වතුර බෝතල් වලින් ඉදිකරන ලද නාන කාමරය.
08/11/2020

ඉවතලන වතුර බෝතල් වලින් ඉදිකරන ලද නාන කාමරය.

කොට්ටෝරුවෙකු ශීත සෘතුවට සූදානම්වන ආකාරය.
07/11/2020

කොට්ටෝරුවෙකු ශීත සෘතුවට සූදානම්වන ආකාරය.

Address


Alerts

Be the first to know and let us send you an email when අරුම පුදුම - Aruma Puduma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share