Nowadays

Nowadays Reality-based current affairs..

තාත්තා කෙනෙක්ට දුවෙක් කියන්නේ සුරංගනාවියක්.ඉතින්, මේ ගීතය ලෝකේ ඉන්න හැම සුරංගනාවියකටම තාත්තාගෙ ආදරය කැටි කරලා දෙන වටිනාම...
20/09/2023

තාත්තා කෙනෙක්ට දුවෙක් කියන්නේ සුරංගනාවියක්.
ඉතින්, මේ ගීතය ලෝකේ ඉන්න හැම සුරංගනාවියකටම තාත්තාගෙ ආදරය කැටි කරලා දෙන වටිනාම තෑග්ගක් ❤️🎁

ඒ පද, ඒ හඬ, ඒ ආදරය.. මාරයි! 😍

https://youtu.be/SwCrPLdaIls?si=s5wBiQYfNaWs_mR0

ගෙදර වහලේ අලුත්වැඩියාවන් කරගන්න තියෙනවනම් මේ මහත්තයට කෝල් එකක් දෙන්න 🙏0778232236 (නමක් ගමක් නම් දන්නෙ නෑ. හැබැයි, හොරකම්...
07/08/2022

ගෙදර වහලේ අලුත්වැඩියාවන් කරගන්න තියෙනවනම් මේ මහත්තයට කෝල් එකක් දෙන්න 🙏
0778232236 (නමක් ගමක් නම් දන්නෙ නෑ. හැබැයි, හොරකම් නොකර දරු පවුලක් ජීවත් කරන තාත්තා කෙනෙක්❤️)

'මන්කි පොක්ස්' වසංගත අවදානමට - දැනුම් සූදානම!!මෑතක් වන තෙක්ම මධ්‍යම සහ බටහිර අප්‍රිකානු කලාපයේ පමණක් දක්නට ලැබුණු, බෝවන ...
06/08/2022

'මන්කි පොක්ස්'

වසංගත අවදානමට - දැනුම් සූදානම!!

මෑතක් වන තෙක්ම මධ්‍යම සහ බටහිර අප්‍රිකානු කලාපයේ පමණක් දක්නට ලැබුණු, බෝවන රෝගයක් වන 'මන්කි පොක්ස්' තත්වය ලොව විවිධ රටවල් ආක්‍රමණය කරමින් පැතිර යන්නට පටන්ගත් අවස්ථාවේ දී ම, ඒ පිළිබඳව මූලික කරුණු ඔබ වෙතගෙන එන්නට අප කටයුතු කලා.

රටවල් 75 කට පමණ ඉතා ඉක්මනින් මෙම රෝගයේ පැතිරීමත්, තහවුරු කල මරණ පහක් සමගින් 16,000කටත් වඩා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීමත් සමඟම ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය 'ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්වයක්' (Public Health Emergency of International Concern) ලෙස ප්‍රකාශයට පත් කරන්නට කටයුතු කලා. අප රටෙන් තවම රෝගීන් වාර්තා වී නැතත් , ලංකාව අවට රටවල් කිහිපයකටම 'මන්කිපොක්ස්' ඇතුලු වී ඇති අවස්ථාවක නැවත වතාවක් ඔබේ දැනුම මෙලෙස යාවත්කාලීන කිරීම වැදගත් වනු ඇතැයි අප විශ්වාස කරනවා.

'මන්කි පොක්ස්' ආසාදිත පුද්ගලයෙකු සමඟ ඉතා සමීප ආශ්‍රය හරහා නිරෝගී අයෙකුගේ සිරුරට වෛරසය ඇතුලු විය හැකියි. රෝගය නිසා ඇතිවන බිබිලි හා තුවාලවල , අනෙකුත් ශාරීරික තරලවල, අසාදිත ශ්වසන බිඳිතිවල මෙන්ම ආසාදිතයා මෑතක දී භාවිතා කල ඇඳ ඇතිරිලි වැනි දෑ වලත් වෛරසය අඩංගු විය හැකි බව සඳහන්. එනමුත් මෙය ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් නොවේ.

උණ, වසාගැටිති ඉදිමීම, මස් පිඩු වේදනාව, ශරීරයේ දැඩි විඩාපත්බව සමග , ඇතිවන බිබිලි මෙහි දී රෝග ලක්ෂණ ලෙස දක්නට ලැබෙනවා. ආසාදිතයෙකුට නිරාවරණය වී දින 5 - 21 කාලයක් රෝග ලක්ෂණ පහළ වීමට ගතවිය හැකියි.

සාමාන්‍යෙයෙන් උණ ඇති වී දින 1-3 ගත වනවිට බිබිලි හටගැනීම සිදුවන අතර ප්‍රධාන වශයෙන් මුහුණත් දෑත් සහ පතුල්වලත් මේවා දකින්නට ලැබෙනවා. එමෙන්ම මුඛය, ලිංගික ප්‍රදේශ සහ ඇස් ආශ්‍රිත ශ්ලේෂ්මල වලත් වේදනාකාරී බිබිලි / තුවාල හටගන්නා අවස්ථා තිබෙනවා. මුලින්ම පැල්ලම් ලෙස මතුවී, බිබිලි , ගැටිති සහ දිය පට්ටා හෝ සැරව බිබිලි බවට පත්වෙන මෙම කුෂ්ඨ සුව වන විට සම මතුපිට කබොල්ලක් සෑදෙන අතර ඒවා ද සම්පූර්ණයෙන් හැලී යෑමෙන් පසුව ආසාදනය සුව වී ඇති බව නිගමනය කල හැකි වනවා. මෙම රෝග ලක්ෂණ, පැපොල / අත් - පා - මුඛ රෝගය වැනි සුලබ වෛරස ආසාදන වලදීත් දැකිය හැකි නිසා නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගැනීම මෙන්ම , රෝග ලක්ෂණ ඇති වූ වහාම අන් අයගෙන් වෙන් වී සිටීමත් ඉතා වැදගත්.

'මන්කි පොක්ස්' සාමාන්‍යයෙන් සති 2-4 කාලයකින් ඉබේ සුවපත්වන (Self limiting) රෝගයක් වුවත් , ප්‍රතිශක්ති ඌණතා සහිත පුද්ගලයින්ට සහ කුඩා දරුවන්ට සංකූලතා ඇති වීමේ අවදානමක් පවතිනවා. මේ වනවිට මෙම වසංගතයේ මරණ අනුපාතය ගණනය කර ඇත්තේ 3 -6 % ලෙසයි. එමෙන්ම මෙම රෝගය බෝවීමේ වේගය, පැපොල / සරම්ප වැනි වෛරස් රෝග බෝවීමේ වේගය හා සැසඳූ කල ඉතා අඩු අගයක් බව දැක්වෙනවා.

පවත්නා අර්බුදකාරී වාතාවරණය හමුවේ මේ වසංගත අභියෝගයත් කෙලෙස හෝ ජයගැනීමට අපට සිදු වෙනවා. ඒ සඳහා අප විසින් ලබා දෙන මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් උපරිම සහයෝගය ලබා දීමට පුරවැසි ඔබ කටයුතු කරනු අතැයි අප බලාපොරොත්තු වෙනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දැනුවත් කිරීමකි

මල්ලි ⁣පුළුවන්නමි  ලොකු  උදවිවක්  ඔනේ.මම ගලෙන්බිදුනුවැව මධ්‍ය මහා විද්‍යාලයේ Media ගුරැවරයා.මම ආශාවට වගේ ඉස්කොලේ ලෙදර් ක...
01/08/2022

මල්ලි ⁣පුළුවන්නමි ලොකු උදවිවක් ඔනේ.
මම ගලෙන්බිදුනුවැව මධ්‍ය මහා විද්‍යාලයේ Media ගුරැවරයා.
මම ආශාවට වගේ ඉස්කොලේ ලෙදර් ක්‍රිකටි ටීම් එකක් පටන් ගත්තා.

ළමයි ආශාවෙන් වැඩේ කර⁣ගෙන යනවා ලොකු දුෂ්කරතා මැද. ළමයිට සෙල්ලම් කරන්න බඩු නෑ.

මගේ ලඟ තිබුණ හැම දෙයක්ම ළමයිට දුන්නා.
එවගෙන් තමා පුලුවන් විදියට පැක්ටිස් කරන්නෙ ☹️
ඉතින් උන් දුප්පත් දෙමාපියන්ගෙ ළමයි , මට උන්ට බඩු ගනිල්ලා කියල කියන්න බෑ.

මට පුලුවන් නම් පාවිචිචි කරපු හරි බඩු ටිකක් හොයලා දෙන්න පුලුවන් නම්.
ඒ වගේම ඉස්සරහට මට ඔයා දන්න හොඳ කොච් කෙනෙකුවත් සමිබන්ධ කරලා දෙන්න.
මොකද මම ක්‍රිඩා ගුරැවරයෙක්වත් කෝච් කෙනෙක්වත් නෙවේ.
මම කාලයක් ලෙදර් සෙල්ලම් කලා.
එ දැනුමින් තමා කරන්නෙ ඉතින් එක ප්‍රමාණවත්ම මදි.
පුලුවන් නම් මට උදවිවක් කරන්න.

---------------------------------------------------

Contact Details :
Sanjeewa Kelegama
076 8102396

උදව් කරන්න කැමති අය ඉන්නවනම් මේ number එක contact කරගන්න.
ඒ ලමයිට ඇත්තටම උදව්වක් අවශ්‍යයි ❤️

ක්‍රිකට් කියන්නේ විශ්ව භාෂාවක් !
සීමා මායිම් නෑ !
නගරෙට සීමා වුණ දෙයක් නෙවේ !
මේ වගේ පාසල් ලංකාවෙ ගොඩක් ඇති.
ක්‍රිකට් නැති පාසල් ගොඩක් ඇති.
ඒ පාසල් වලත් දක්ෂයෝ ඇති.

- Prishon H Silva -

උපුල් දේවප්‍රිය මුහුණු පොතෙන්..මෙන්න පොලිස් නිලධාරීන්...තරගයේ වීරයා රත්නායක මහතා - ජා ඇල පොලිස් OICස්ථානය - ඒකල lora Fue...
24/07/2022

උපුල් දේවප්‍රිය මුහුණු පොතෙන්..

මෙන්න පොලිස් නිලධාරීන්...

තරගයේ වීරයා රත්නායක මහතා -

ජා ඇල පොලිස් OIC

ස්ථානය - ඒකල lora Fuel station

දිනය - 2022 හත් වෙනි මස විසි තුන් වන දින

අවසාන අංක - 0,1,2

දින දෙක තුනක් රෑ නිදි මරාගෙන 2km පමණ පෝලිම ක එක පෙලට සිට සියලු දෙනා බලා සිටියේ තෙල් බවුසරය එන තුරුය..

ඉදිරියෙන්ම ගමේ යැයි කියාගන්නා පෝලිම ක් තිබුණේ ත්‍රීවීලර් 8 ක‍් පමණි..
බවුසරය 11 ට පමණ ළඟා විය.. නිමේෂයකින් ගමේ පෝලිම් තුනක් වූ අතර වාහන 15 ක් පමණ එකතු විය.. සමහරු Number plate මාරු කරන ගමන් ය.
පෝලිමේ පසු පසින් පැමිණි 10 ක් පමණ ඉදිරියට යන ගමන් ය, ගමේ පෝලිම ලඟදි දෙන්නෙක් පමණ ඉතිරි විය..
"අසාධාරණයි නේද අය්යේ පෝලිමේ ගොඩක් අය ඉන්නවනේ"
පිළිතුර - "යකෝ මේක අපේ ගම, අපේ වාහන වලට මුලින් ගහන්න ඕන"
ඉන් පසු කිසිවක් නොකියා ඒ දෙදෙනාද යන්නට පිට විය..
පිටි පස පෝලිම අඩියක් හෙළ වුණේ නැත.
අර ගමේ පෝලිම් වලට අතුරු පාර වල් වල සිට වාහන 4,5 එකතු කරයි.. විනාඩි 10 ක් පමණ යන විට මුලු පාරම බ්ලොක් විය..
බයික් පෝලිමේත් මේ විඳිය මය කිසිම වෙනසක් නැත..
ටික වෙලාවකින් තෙල් ගැසීම නතර කර අතර පෝලිමේ කට්ට කාගෙන හිටි අය වාහන තුළට වි සුසුම් ලන්නට විය..
ඒ අතරතුර අපි කිහිප දෙනෙක් පෝලිම හදන්නට ගියත්, චණ්ඩි ඉඩ දුන්නෙ නැත.
සිටිය පොලිස් නිලධාරීන්ද එවුන් ගනන් ගත්තෙ නැත.
ගත වූයේ නිමේෂයකි ඉදිරියෙන් ජා ඇල පොලිස් වාහනයක් නතර විය,, පාර පුරා සිටි වාහන පෝලිම් ඉවත් කරන්නට වුවත්, එය මුලින්ම සිදු වූයේ නැත.
කොටින්ම කිව්වොත් හොඳින් කියනා දේ මුන් ඇසුවේ ම නැත..
දිග බැටන් පොල්ලක් දිස් විය, වැඩේට බැස්සේ ඉදිරි අසුනේ සිටි පොලිස් OIC මහතායි..
"තොපි කොහොමද මේ මිනිස්සුන්ගේ පෝලිම් වලට කෙලින් නේ "
බැටන් පොලු පහර කිහිපයක් එ මේ අත එල්ල විය,..
ගත වූයේ විනාඩි දහයක් පමණි..
පෝලිම් හතර පහ,, අර අහිංසක එක පෝලිමට අඩු විය,,
මිනිස්සු මේ මහතාට වගේම පවුලේ උදවියට ද පින් දෙන්නට විය..
පැය හතරක් පමණ තෙල් ගැසීම සිදුවූ අතර, අවසන් තෙල් බිංදුව වෙනකන්ම රත්නායක මහතා හෙළ වුණේ නැත.
වෙනදාට 1km වල සිටි අයත් තෙල් නැතිව හැරිල යන ෂෙඩ් එකේ බවුසරය එද්දි සිටි සියලු දෙනාටම(2km පමණ) තෙල් ලැබුණි..
අනේ මහත්තයෝ මට photo එකක් ගහන්න දෙන්න,,
"ඒ මොකද බං ඒ,.."
"සර් ලොකු පිනක් සර් කර ගත්තෙ"
"හරි හරි ගහ පන්කො" ..
මුහුනේ අව්‍යාජ සිනාවකි..
පගාව ගනිමින් අහිංසකයන් පාගා දමන පොලිස් නිලධාරීන් මැද, සැබැවින්ම ඔහු විරයෙකි..

උ.ගැ

System එක Change වෙමින් 😑
21/07/2022

System එක Change වෙමින් 😑

🇱🇰
09/07/2022

🇱🇰

දකින දේට එහා..
06/07/2022

දකින දේට එහා..

❤️
28/06/2022

❤️

ජීවමාන සංඥාවෙන් බුද්ධ පූජාව සිදු කරන්න..
27/06/2022

ජීවමාන සංඥාවෙන් බුද්ධ පූජාව සිදු කරන්න..

ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ නිහතමානීකම අපිට පාඩම් ගොඩක් කියලා දෙනවා!© Kasun Samarakoon
27/06/2022

ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ නිහතමානීකම අපිට පාඩම් ගොඩක් කියලා දෙනවා!

© Kasun Samarakoon

අපි තාමත් පෝළිම්වල 😑© Rajith Chathuranga
26/06/2022

අපි තාමත් පෝළිම්වල 😑

© Rajith Chathuranga

22/06/2022

මේක ටිකක් මගෙ ජීවිතේ ලබපු අමුතුම සිදුවීමක් .

පහල තියෙන වීඩියො එක අද උදේ ගත්තේ තෙල් පෝලිමේ ඉන්නකොට හාමුදුරුවෝ පිංඩපාතේ වඩිනවා තලවතුගොඩ පැත්තට.ඕක නෝනාට වීඩියෝ කරල යැව්වම අනේ මොනව හරි පූජා කරන්න එපැයි වීඩියෝ කර කර ඉන්නෙ කියල නෝන මට කීවා .
හැබැයි ඒ වෙලේ ලග පාත් උන්වහන්සේලාට පූජා කරන්න දෙයක් තිබේත් නැහැ. පෝලිමේ කොහොම හරි මට ඉස්සරහින් වාහන 20වගේ තියෙද්දි තෙල් ඉවරයි කීවා .
ආයෙ යන්න බැරි නිසා වාහනේට වෙලා ඉන්නකොට කව්ද වාහනේට තට්ට්ටු කලා බලපුවම අර කලින් පිංඩපාතේ වැඩපු හාමුදුරුවන් .මම වාහනෙන් එලියට බැස්සම ආ මහත්තය කොහොමද මේව ගන්න කියල මුලින්ම යෝගට් එකක් දුන්නා එක හාමුදුරුවෝ නමක් මම ලග කෑම තිබුනා එපා කියල කියල කීවත්. ගන්න ගන්න කියල වාහනෙන් තියල උන්වහන්සේ වැඩම කලා.
එතනින් එහාට ඒ හාමුදුරුවෝ ගොඩක් දෙනෙක්ම තමන්ගේ දානයට ලැබුනු දේවල් මේ විදියට දුන්නා. මට වැඩී අනික් අයට දෙන්න කියල ඉල්ලුවත් ගොඩක් හාමුදුරුවන් බිස්කට් එකක් හරි දීල ගියා
..
ඉතින් උන්වහන්සේලා සියලු දෙනාට උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා 🙏

© Panduka Samarakoon

රියදුරු රැකියාවක් අවශ්‍යයයි 🙏0777204512
20/06/2022

රියදුරු රැකියාවක් අවශ්‍යයයි 🙏
0777204512

*අම්මා වෙනුවෙන් ....* මම දිල්කි නිමේෂා .ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ අවසන් වසර සිසුවියක්....
29/05/2022

*අම්මා වෙනුවෙන් ....*

මම දිල්කි නිමේෂා .ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ අවසන් වසර සිසුවියක්.
*මගේ අම්මා* *කෑ /* *මාව / කෙහෙල්වත්ත* *මහා විද්‍යාලයේ* *ගුරුවරියකි* . ඇය මේ වන විට දරුණු වකුගඩු රෝගයෙන් පෙලෙන අතර ඇයට *මාස තුනක්* වැනි කෙටි කාලයකදී වකුගඩුවක් බද්ධ කල යුතු බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වකුගඩු පිළිබඳ *වෛද්‍ය ,චින්තන* *ගලහිටියාව මහතා* නිර්දේශ කල අතර ඒ සදහා රුපියල් ලක්ෂ *40ක්* පමණ වැය කල යුතුය .තවමත් අධ්‍යාපනය ලබමින් සිටින නිසාවෙන් මෙතරම් මුදලක් මෙවැනි කෙටි කාලයක් තුළ සොයා ගැනීම අසීරු නිසාවෙන් ඔබගේ උදව් උපකාරය අපේක්ෂා කරමි *.මගේ අම්මාගේ* ජීවිතය රැක ගන්න ඔබට හැකි පමණින් *උදව් කරන්න* 🙏.. *මේ* *ලෝකයේ කිසිම කෙනෙකුට මෙවැනි ලෙඩ රෝගයන් නොසෑදේවා...🙏 බුදුසරණයි ...*

Contact
0702232865 Dilki
0702232866 Kavishka

*P.D.Nimesha
1255367
BOC
(kegalle branch )

P.D.Nimesha
027200370050422
People's Bank
(Kegalle branch )

මේ අහින්සක තාත්තයි දරුවො තුන්දෙනයි මට හම්බවුනේ ඉයේ හවස මිනුවන්ගොඩ ආඩිඅම්බලමදි මේ තාත්ත මේ දරුවො තුන්දෙනාත් එක්ක මේ පුන්ච...
16/05/2022

මේ අහින්සක තාත්තයි දරුවො තුන්දෙනයි මට හම්බවුනේ ඉයේ හවස මිනුවන්ගොඩ ආඩිඅම්බලමදි මේ තාත්ත මේ දරුවො තුන්දෙනාත් එක්ක මේ පුන්චි කරත්තේ හදුන් කූරු විකුනන එක තමයි කරන්නෙ මේ දරුවො තුන්දෙනාගෙ අම්මා ජිවතුන් අතර නැහැ ඉතින් මේ අය පදිංචි වෙලා ඉන්නෙ සීදුව ස්ටේශන් එක ලග ඉතින් මේ අහින්සකයින්ට පිහිටක් වෙන්න කවුරු හරි ඉන්නවනම් මේ වෙලාවෙ ලොකු පිනක්

- sudath rohana -

"..මාළු මැරුවත් ජීවත් වෙන්න ,උන්ට පිං සිද්ධ වෙනවා මගේ පවුල ජීවත් කරනවට...මසුන් ටික නිවන් දකීවා කියල තමා ප්‍රාර්ථනා කරන්න...
08/05/2022

"..මාළු මැරුවත් ජීවත් වෙන්න ,උන්ට පිං සිද්ධ වෙනවා මගේ පවුල ජීවත් කරනවට...මසුන් ටික නිවන් දකීවා කියල තමා ප්‍රාර්ථනා කරන්නෙ.."

°°කණ්ඩලමේ මවක් °°
(උපුටා ගැනීම හිරු ප්‍රවෘත්ති තුළිනි)
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

මේ, ලෝක මව්වරුන්ගේ දිනය වූ අද දවසේ මා ඇසූ,හදවත පසාරු කළ එකම වදන් පෙළ..😥

සැමියෙකුගේ රැකවරණය පවා නොමැතිව දරුවන් පස් දෙනෙක් ජීවත් කරවන්න, වැවක මාළු අල්ලන ධෛර්ය සම්පන්න මවකගෙ නිහඩ විලාපය ඒ....

හිතන්න...
ගැහැණියකට ලොව කොතරම් නම් දෑ කළ හැකිද...?ඇය මවක් වූ දිනක ,ඇයට මේ ලෝකය සමගම තනිව සටන් කල හැකියි..මාතෘත්වය නම් එය යි...එය කිසිවෙකුට සම කළ නොහැකියි..අසම සමයි...

එන්න ....අපි ප්‍රාර්ථනාවක් කරමු...
මේ විශ්වයේ දරුවන් වෙනුවෙන් ගත සවි දිය කරන,දහ දුක් විදින, ලොව සියළු මව්වරුන් වෙනුවෙන්......🙏

අම්මාවරුනේ..........

ඔබ සුවපත් වේවා!!!
නිදුකින් සිටීවා!!!
නිරෝගීව සිටීවා!!!
ආයු රක්ඛන්තු ආවඩා!!!

මගේ රත්තරං මව ඇතුළු ඇය වන් සියළු මව්වරුන් වෙනුවෙන් මගේ මේ ගීතය උපහාරයක්ම වේවා!!!

https://youtu.be/PCEC-mHrkrE

ශාලි එදිරිසිංහ
2022/05/08

ෆාතිමාගේ රාමදාන් shopping සවාරිය
27/04/2022

ෆාතිමාගේ රාමදාන් shopping සවාරිය

් උත්සවය අපිට ගොඩක් විශේෂයි, ඒ කාලෙට අපි ගොඩක් විශේෂ දේවල් කරනවා, අපි ආදරේ කරන අය...

02/04/2022

වතුර බොර කරගන්න එපා!

-ගල්කන්දේ ධම්මානන්ද හිමි.

Video - පාංශු

මෙදා අවුරුද්දට සාධාරණ මිලට පවුලටම ගැලපෙන ඇඳුම් ගන්න Lady J - Everything Under One Roof - මහරගම එන්න
22/03/2022

මෙදා අවුරුද්දට සාධාරණ මිලට පවුලටම ගැලපෙන ඇඳුම් ගන්න Lady J - Everything Under One Roof - මහරගම එන්න

New Year Shopping Vlog | අවුරුද්දට ඇදුම් ගන්න හොද තැනක් හොයනවද? Shopping Vlog #02පහලින් තියෙන ලින්ක් එකෙන් google map එක⁣ට යන්න පුලුවන් 👇Google Map: https:/...

අද සිට පැයක් වැඩිපුර විදුලිය කැපේ!!මාර්තු දාසය සිට වැඩිපුර පැයක වෙලාවක් විදුලිය විසන්දි කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කොට...
16/03/2022

අද සිට පැයක් වැඩිපුර විදුලිය කැපේ!!

මාර්තු දාසය සිට වැඩිපුර පැයක වෙලාවක් විදුලිය විසන්දි කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කොට තිබෙනවා. මේ අනුව විදුලිය විසන්දි කිරීමේ කාලසටහන ඔබට පහතින් බලාගැනීමට හැකියාවක් තිබෙනවා.

https://cebcare.ceb.lk/Incognito/DemandMgmtSchedule

ඔබේ අදහස පහතින් දක්වන්න.

අද සිට මත්පැන් මිල ඉහල දමන බවට මත්පැන් නිෂ්පාදන සහ බෙදාහැරීම් සමාගම් නිවේදන නිකුත්කොට තිබෙනවා. ඒ අනුව එම මිල දර්ශන පහලින...
16/03/2022

අද සිට මත්පැන් මිල ඉහල දමන බවට මත්පැන් නිෂ්පාදන සහ බෙදාහැරීම් සමාගම් නිවේදන නිකුත්කොට තිබෙනවා. ඒ අනුව එම මිල දර්ශන පහලින් දැක්වෙනවා

මත්තල ආශ්‍රිතව තරු හතරේ සංචාරක හෝටල් දෙකක් ඉදිකිරීමට රජය තීරණය කරමින් සිටිනවා. රජයේ ආරංචිමාර්ග පවසන්නේ මත්තල සහ හම්බන්තො...
16/03/2022

මත්තල ආශ්‍රිතව තරු හතරේ සංචාරක හෝටල් දෙකක් ඉදිකිරීමට රජය තීරණය කරමින් සිටිනවා. රජයේ ආරංචිමාර්ග පවසන්නේ මත්තල සහ හම්බන්තොට ආශ්‍රිත සංචාරක කලාප වෙන්ත පැමිණෙන සංචාරකයින්ගේ නවාතැන් සඳහා ප්‍රමාණවත් හෝටල් පහසුකම් නොමැති බැවින් මේ තීරණය වෙත එළබි බවයි.

මේ අනුව මත්තල ගුවන්තොටුපල ආශ්‍රිත ඉඩම් හඳුනාගැනීම සහ ආයෝජකයින් හඳුනාගැනීම මේ දිනවල සිදුවෙමින් පවතින බවට රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා.

ඔබේ අදහස් පහලින් දක්වන්න.

තොරතුරු ලබාදීමට අපේ පිටුව වෙත මැසේජයක් යොමු කරන්න.

24/02/2022

රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයකින් පසුව සංවේදී වූ යුක්රේන සෙබලා

74 වන නිදහස් දවස වෙනුවෙන් අපේ රටේ කොඩිය අපේම රටේ කොල්ලෝ ටිකක් හදපු අපේම ගැජට් එකකින් අපේ අහසේ මවපු හැටි. ලංකාවේම හදපු නව...
04/02/2022

74 වන නිදහස් දවස වෙනුවෙන් අපේ රටේ කොඩිය අපේම රටේ කොල්ලෝ ටිකක් හදපු අපේම ගැජට් එකකින් අපේ අහසේ මවපු හැටි.

ලංකාවේම හදපු නව නිෂ්පාදනයක් වුන මේක පිටිපස්සේ ඉන්න තුන්දෙනාට ඒ වෙනුවෙන් අපේ ප්‍රණාමය.

Prasanna Kandegedara | Devinda Bandara | Tharindu Udayanga Manimelwadu

ලංකාවේ අපේ ම සෙට් එකක්, අපේ ම තාක්ෂණය යොදාගෙන 100% ලාංකීය නිෂ්පාදනයක ප්‍රතිපලයක් තමයි මේ. ලාංකීය බව අගය කරන අපි හැමෝම මේ...
23/01/2022

ලංකාවේ අපේ ම සෙට් එකක්, අපේ ම තාක්ෂණය යොදාගෙන 100% ලාංකීය නිෂ්පාදනයක ප්‍රතිපලයක් තමයි මේ. ලාංකීය බව අගය කරන අපි හැමෝම මේ තරුණ ව්‍යවසායකයින් ව දිරිමත් කරන්න ඕනේ. ඒක තමයි මේ වෙලාවේ රටට අවශ්‍ය. ඩොලර් ගෙන ව්‍යාපාර අපි හැමෝම නගාසිටවන්න ඕනේ. ඉතින් ඔබත් මේක ෂෙයා කරන්න, අගය කරලා කමෙන්ට් එකක් දාන්න, හාට් එකක් දාලා රියැක්ෂන් එකක් දෙන්න.

ලංකාවේ ඒක එහෙමද? එහෙමද අපි ආස?
21/01/2022

ලංකාවේ ඒක එහෙමද? එහෙමද අපි ආස?

මේ 2014, කටාර් රාජ්‍යයේ මම ඒ කාලේ වැඩ කරපු සුපිරි වෙළඳ සංකීර්ණයේ තවත් එක දවසක්.

මේ පාසල් අධ්‍යාපන චාරිකාවක්. ඔය තියෙන්නෙ සුපිරි වෙළඳසැලේ එළවළු, පළතුරු වෙළඳාම් කරන කොටස. මෙතන අපේ වෙළඳ සේවිකාවන් එයාලගේ දෛනික කාර්යභාරය සහ එතන වෙන හැම දේ ගැනම කුඩා දරුවන්ට අවබෝධයක් ලබා දෙනවා. එළවළු පලතුරු තියාගන්න ඕනේ උෂ්ණත්වය, යන්ත්‍රෝපකරණ වල ක්‍රියාකාරීත්වය, බර කිරන විදිහ, ඇසුරුම් කරන විදිය වගේ හැමදේම මෙතනදි දරුවෝ ඉගෙන ගන්නවා. මේ කොටසට පස්සෙ දරුවන් යන්නෙ ඊලඟ වෙළඳ අංශයට. ඉන්පසු ඇසුරුම්, බෙදාහැරීම් සහ අවසානයේ කාර්‍යාලයට.

මේ හරහා ඒ ගුරුවරු බලාපොරොත්තු වෙන්නේ දරුවන්ට කුඩාකල පටන් ම අනාගත රැකීරක්ෂා පිළිබඳ අවබෝධයක් ලබා දීම සහ සෑම රැකී රක්ෂාවකම නියැලෙන්නන් විශේෂ තරාතිරමක්, තත්වයක් නොමැති සාමාන්‍ය මිනිසුන් බව පෙන්වාදීමයි. ඒ වගේම හැම රැකියාවක්ම අනිත් රැකියාවට වඩා උස් පහත්කමක් නොමැති බවද පද්ධතියක් බිහිවීමට ඒ හැම රැකියාවම ඇවසි බවද ඔවුන් ඉගෙනගන්නවා. මේ ක්‍රමය බටහිර පාසල් පද්ධතියේ එක විශේෂ ලක්ෂණයක්. මේ ඉන්නේ මගේ මතකයේ හැටියට කතාර් බ්‍රිටිෂ් ස්කූල් හි ඉගෙන ගන්නා දරුවන්.

ලංකාවේ බමුණුකුළ බිහිවන්නට එක් ප්‍රධාන හේතුවක් තමා මේ ඉහත සඳහන් කල අවබෝධය ජනතාව තුල නැතිවීම. වෛද්‍යවරයා වෛද්‍යවරයෙක් වෙන්නෙ නෑ වාහනේ සුක්කානම අතට ගත්තාම. එතන ඉන්නෙ රියදුරෙක්. යම් ආයතනයක ඉහල විධායකයෙක් ඒ අදාල ආයතනය තුල ඉහල බලයක් තිබූ පමණින් සාමාන්‍ය සමාජයේ සුපිරි වෙලඳසැලක ඔහුට ඒ ගරුත්වය, බලය හිමිවෙන්නෙ නෑ. ඒ වෙලාවට ඔහු එතන එක පාරිභෝගිකයෙක්.

නමුත් ලංකාවේ ඒක එහෙමද? එහෙමද අපි ආස?

වියෝ ගී ගැයෙනා හදේආදර මල් නොමියේසදා මේ සංසාරේඅපේ හමුවීම නොවේ //ශිල්පිනී නීලා වික්‍රමසිංහ1950 - 2022
17/01/2022

වියෝ ගී ගැයෙනා හදේ
ආදර මල් නොමියේ
සදා මේ සංසාරේ
අපේ හමුවීම නොවේ //

ශිල්පිනී නීලා වික්‍රමසිංහ
1950 - 2022

දළවැල්ලෙ ඉදලා මිහිරිපැන්නට යනකම් පාරේ ව්සි කරලා තිබ්බ  හැම මාස්ක් එකක්ම එකතු කරලා ලංකාවේ ස්වදේශික අපිට ආදර්ශයක් දුන්නු ම...
15/01/2022

දළවැල්ලෙ ඉදලා මිහිරිපැන්නට යනකම් පාරේ ව්සි කරලා තිබ්බ හැම මාස්ක් එකක්ම එකතු කරලා ලංකාවේ ස්වදේශික අපිට ආදර්ශයක් දුන්නු මේ විද්ශිකයාට අපේ ස්තුතිය පුද කරමු. ඒ වගේම ආයේ පාරේ මග තොටේ මාස්ක් එක විසි කරලා යන නරක පුරුද්ද නවත්වා ගමු.

මව් සෙනෙහස අහිමි ඒ පුංචි පැටව් දෙන්නට ඔයාලා හැමෝගෙම උදව් අවශ්‍යයම මොහොතක් මේ... 😢වයස මාස 03යි දින 17ක නිවුන් පුතුන් දෙදෙ...
22/11/2021

මව් සෙනෙහස අහිමි ඒ පුංචි පැටව් දෙන්නට ඔයාලා හැමෝගෙම උදව් අවශ්‍යයම මොහොතක් මේ... 😢

වයස මාස 03යි දින 17ක නිවුන් පුතුන් දෙදෙනෙක්... හරියටම මාස 03 ක් සම්පූර්ණ වෙද්දි පුංචි පුතාලා දෙන්නට මව් සෙනෙහස අහිමි වෙනවා..

එදා ඉඳන් මව්කිරි වෙනුවට දෙන්නේ කිරිපිටි.. ඒත් එදාවේල යන්තමින් හොයාගන්න ඒ තාත්තාට හැමදාමත් කිරිපිටි දෙන්න තරම් වත්කමක් නෑ.. මාස 06 ක් යනතුරුවත් කිරිපිටි (Cow & Gate 1) දෙන්න කියලා තියෙන්නේ..

ඉතින්, ඒ තාත්තා වෙන කිසිම දෙයක් නෙමෙයි අපෙන් ඉල්ලුවේ මේ මාස කිහිපයකට ඒ පුංචි පුතාලා දෙන්නට අවශ්‍ය කිරිපිටි ටික ලබාදෙන්න කියලා... කිරිපිටි ටින් එකක් දින එක හමාරකට පමණයි ප්‍රමාණවත් වෙන්නේ...

ඔයාලා වගේ ආදරණීය හිත් ළඟ ඒ ජීවිත කවදාවත්ම අසරණ වෙන්නේ නෑ කියලා දන්නවා.. හැමෝම පුලුවන් විදියට ඔවුන්ට සරණක් වෙමු නේද....

ඔබටම ගොස් උදව් කළ හැකිනම් ඔවුන්ට කතා කරන්න...
ඔවුන් ජීවත් වෙන්නේ අනුරාධපුර ගල්නෑව නෑගම්පහ ප්‍රදේශයේ...

0772940088

සමන් ප්‍රියදර්ශන, ගොවි ගම්මානය, නෑගම්පහ

වැඩි විස්තර සඳහා
𝐖𝐞 𝐟𝐨𝐫 𝐓𝐡𝐞𝐦 - ඔවුන් වෙනුවෙන් අපි
☎ අංකය 070 3225654

( සියළු විස්තර සොයා බලා සත්‍යය බවට තහවුරු කරගැනීමෙන් අනතුරුව පළ කරන ලදී)

උපුටාගැනීම - Praneeth Dhananjaya Ilukpitiya

හැකිනම් ඔබට උදවුවක් කරන්න 🙏මේ හොඳම මොහොතයි ❤️ මාස හතරක පිරිමි දරුවෙක් ඉන්නවා.ඔහුගේ ආච්චි අම්මා සමග.ඒ දරුවගේ අම්මා ඒ රෝහල...
21/11/2021

හැකිනම් ඔබට උදවුවක් කරන්න 🙏
මේ හොඳම මොහොතයි ❤️

මාස හතරක පිරිමි දරුවෙක් ඉන්නවා.ඔහුගේ ආච්චි අම්මා සමග.ඒ දරුවගේ අම්මා ඒ රෝහල්ගත කරලා ඉන්නේ.රෝගය නම් නොදනී.දරුවාගේ තාත්තා මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා පුනුරුත්ථාපන කදවුරක ඉන්නේ.දැනට දරුවා සහ ආච්චි අම්මා දෙදෙනා ඉන්නේ දරුවාගේ තාත්තාගේ ආච්චිගේ ගෙදර.ඇයත් ආබාධිත මහළු කතක්.හැකි කෙනෙක් වේ නම් එම දරුවාට ලැක්ටොජන් 1 කිරි පිටි සහ නැප්කින්, දරුවට අවශ්‍ය වෙනත් දේවල් ආධාර කරන්න.නොහැකි කෙනෙක් සිටි නම් ශෙයාර් කරලා උදවුවක් කරන්න.දරුවා ඉන්නේ පානදුර සොයිසා පාරේ අගමැති බාලිකා පිටුපස ගේට්ටුව අසළ නිවසක.වැඩි විස්තර අවශ්‍ය කෙනෙක් වේ නම් මට මැසේජ් එකක් දාන්න.. (මා මෙහෙම පෝස්ට් එකක් දාන පළවෙනි වතාව.මම හැකි පමණින් උදවු කලා.නමුත් ඒ දරුවා හත් මාසෙන් ඉපදිලා විදින දුක දරාගැනීමට නොහැකි නිසාත්,මා හට නිතරම උදවු කිරිමට හැකියාවක් නොමැති නිසාත් දමන පෝස්ටුවකි)

උපුටාගැනීම - Sha Munasingha

ආදරණීය මිනිස්සු තමයි කොහොමහරි එකතු වෙන්නම ඕනි ❤️
11/11/2021

ආදරණීය මිනිස්සු තමයි කොහොමහරි එකතු වෙන්නම ඕනි ❤️

ඔබේ කාරුණික සහයෝගය ලබා දීමට කැමති නම් කතාකරන්න..
28/10/2021

ඔබේ කාරුණික සහයෝගය ලබා දීමට කැමති නම් කතාකරන්න..

1918 October 😑
17/09/2021

1918 October 😑

ඇය ❤️
15/07/2021

ඇය ❤️

තව photos තිබුණේ නැත්ද දන්නේනෑ 😂
04/07/2021

තව photos තිබුණේ නැත්ද දන්නේනෑ 😂

හෙද සේවා වර්ජනය හේතුවෙන් එම කාර්යභාරයද ඉටුකරමින් රෝගීන් වෙනුවෙන් කැප වූ සියලුම වෛද්‍යවරු සහ සුළු සේවක මණ්ඩලයට අපේ උපහාරය...
02/07/2021

හෙද සේවා වර්ජනය හේතුවෙන් එම කාර්යභාරයද ඉටුකරමින් රෝගීන් වෙනුවෙන් කැප වූ සියලුම වෛද්‍යවරු සහ සුළු සේවක මණ්ඩලයට අපේ උපහාරය ❤️

📸 Matheesan Thabothanayakam

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Nowadays posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share