NewsOne Sri Lanka

  • Home
  • NewsOne Sri Lanka

NewsOne Sri Lanka NewsOne Media is an upcoming Premier News provider in Sri Lanka. NewsOne identifies itself as the ne

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව තීරණයක් ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වය...
29/07/2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව තීරණයක් ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් අද(29) පැවැත්වෙන බව වාර්තා වනවා.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සදහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග වැදීමට තමන් තීරණය කර තිබෙන බව පවසමින්, තමන්ගේ ජයග්‍රහණය සදහා පොදුජන පෙරමුණ පක්ෂයේ සහයෝගය ඉල්ලා සිටිමින්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර ඇති බවට මාධ්‍ය වාර්තා කර තිබුණා.

මින් පෙරද මේ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධානීන් අතර අවස්ථා කිහිපයකදී සාකච්ඡා කිහිපයක්ම පැවැත් වුණා. පොදුජන පෙරමුණේ ඉදිරිපෙල ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් පිරිසක් තම සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බව මේ වන විටත් ප්‍රකාශ කර අවසන්.

කෙසේ නමුත් පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා නම් කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක අතර විවාදය සඳහා නව දිනයන් යෝජනා කරමින් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය, ජාතික ජ...
19/05/2024

සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක අතර විවාදය සඳහා නව දිනයන් යෝජනා කරමින් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය වෙත ලිපියක් යවා තිබෙනවා.

ඒ අනුව, SJB විසින් ආර්ථික කවුන්සිලයේ විවාදය සඳහා මැයි 27 සහ 31 අතර දිනයක් යෝජනා කර ඇති අතර නායකයින් දෙදෙනා අතර විවාදය සඳහා ජුනි 3 සහ 7 අතර දිනයක් යෝජනා කර ඇත.

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජ...
08/05/2024

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පත්කිරීමට සමඟි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මුජිබුර් රහුමාන් මහතාගේ නම මැතිවරණ කොමිසමට යැවීමට නියමිත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා.

NewsOne Sinhala

ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යටතේ කොළඹ ප්‍ර...
08/05/2024

ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යටතේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා තිබෙනවා.

ඒ තමන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක වීඩියෝ පට හුවමාරු කිරීම සම්බන්ධයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයෙක් වන තුෂාර සාලිය රණවක සහ ඇමරිකානු බහුජාතික සමාගමක් වන Google සහ ‍YouTube සමාගම් වගඋත්තරකරුවන් ලෙස නම් කරමින්ය.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධුරය අහෝසි කරමින්  ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) රීට් ආඥාවක් නිකුත් ...
08/05/2024

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධුරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) රීට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

NewsOne Sinhala

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද (09) පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි.තරග තහනමක් හ...
09/03/2024

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද (09) පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි.

තරග තහනමක් හේතුවෙන් පළමු තරග දෙකට ක්‍රීඩා නොකළ ශ්‍රී ලංකා 20යි 20 නිත්‍ය නායක වනිඳු හසරංග අද තරගයට ‍එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

තරග තුනකින් සමන්විත තරගාවලියේ කණ්ඩායම් දෙකම මේ වනවිට එක් තරගය බැගින් ජයගෙන තිබෙන අතර, අද තරගය ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ ශූරතාවය හිමි වනු ඇත.

අද(09) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්  සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි...
09/03/2024

අද(09) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය, පොතුවිල් සහ හම්බන්තොට හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං නැගෙනහිර හෝ ඊසාන දෙසින් හමා එන අතර, දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමයි. සුළං වේගය පැ.කි.මී. (15-30) පමණ වේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්භාවයේ සිට මද වශයෙන් රළු ස්භාවයක පවතී.

2024 වසර සඳහා අස්වැසුම අයදුම්පත් කැඳවිම ජනවාරි මස අවසානයේ දී හෝ පෙබරවාරි මස මුලදී ආරම්භ කරන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙ...
02/01/2024

2024 වසර සඳහා අස්වැසුම අයදුම්පත් කැඳවිම ජනවාරි මස අවසානයේ දී හෝ පෙබරවාරි මස මුලදී ආරම්භ කරන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

NewsOne. lk - ජනතාවගේ හඬ

අද(01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව,🔺12.5 kg ගෑස් සිලින...
01/01/2024

අද(01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව,

🔺12.5 kg ගෑස් සිලින්ඩරයක මිල රු.685කින් ඉහළට (නව මිල රු. 4,250)
🔺5 kg ගෑස් සිලින්ඩරයක මිල රු.276කින් ඉහළට (නව මිල රු. 1,707)
🔺2.3kg ගෑස් සිලින්ඩරයක මිල රු.127කින් ඉහළට (නව මිල රු. 795)

NewsOne. lk - ජනතාවගේ හඬ

දකුණු පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගය සමග එක්වී ඇති බවට වාර්තා වනවා.ඔහු අද(01) උද...
01/01/2024

දකුණු පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගය සමග එක්වී ඇති බවට වාර්තා වනවා.

ඔහු අද(01) උදෑසන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී මෙලෙස සමගි ජන බලවේගයට එක් වී ඇති අතර සජබයේ අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායක ලෙස ඔහුව පත් කර ඇති බවයි වාර්තා වන්න

NewsOne. lk - ජනතාවගේ හඬ

සුරාබදු සහ වැට් බදු ඉහළ දැමීමත් සමග අද(01) සිට දුම්වැටියක මිල කාණ්ඩ 4ක් යටතේ ඉහළ දමා තිබෙනවා.ඒ අනුව රුපියල් 5කින්, රුපිය...
01/01/2024

සුරාබදු සහ වැට් බදු ඉහළ දැමීමත් සමග අද(01) සිට දුම්වැටියක මිල කාණ්ඩ 4ක් යටතේ ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව රුපියල් 5කින්, රුපියල් 15කින්, රුපියල් 20කින් සහ රුපියල් 25කින් දුම්වැටි මිල ඉහළ ගොස් ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල අද(01) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව,🔺පෙට්‍රල් (octane 92)...
01/01/2024

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල අද(01) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව,

🔺පෙට්‍රල් (octane 92) - නව මිල රු.366 (රු. 20 කින් ඉහළට)
🔺පෙට්‍රල් (octane 95) - නව මිල රු.464 (රු. 38 කින් ඉහළට)
🔺ඔටෝ ඩීසල් - නව මිල රු.358 (රු. 29 කින් ඉහළට)
🔺සුපර් ඩීසල් - නව මිල රු.475 (රු. 41 කින් ඉහළට)
🔺භූමිතෙල් - නව මිල රු.236 (රු. 11 කින් පහළට)

NewsOne. lk - ජනතාවගේ හඬ

01/01/2024
⛔️බස් රථයක් උඩට ගසක් වැටේ⛔️අද(06) අලුයම කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී ගමන් කරමින් තිබූ මගී බස් රථයකට ගසක් කඩාවැටී අනත...
06/10/2023

⛔️බස් රථයක් උඩට ගසක් වැටේ⛔️

අද(06) අලුයම කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී ගමන් කරමින් තිබූ මගී බස් රථයකට ගසක් කඩාවැටී අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරට මුහුණදී ඇත්තේ කොළඹ- මතුගම මාර්ගයේ ගමන් කරමින් තිබූ ලංගම බස් රථයක් බවයි වාර්තා වන්නේ. බස් රථය තුළ සිටි පිරිස මුදාගැනීමේ කටයුතු සහ තුවාල ලැබූ පුද්ගලයින් රෝහල්ගත කිරීම මේ වබ විට සිදු කරන බවයි පොලීසිය සදහන් කරන්නේ.
අනතුර හේතුවෙන් මේ වනවිට එම මාර්ගය අවහිර වී ඇති බවද පොලීසිය පැවසීය.

Join Us: https://chat.whatsapp.com/CnjBiL4WDsK86W54QuUSoN

NewsOne. lk - ජනතාවගේ හඬ

ඡායාරූප අයිතිය එහි මුල් හිමිකරු සතුයි

මාළිගාවත්ත දුම්රිය අංගනයේ දුම්රිය නියාමකවරුන් විසින් ආරම්භ කර ඇති වර්ජනයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් ඇතිවිය හැකි බවට ව...
04/10/2023

මාළිගාවත්ත දුම්රිය අංගනයේ දුම්රිය නියාමකවරුන් විසින් ආරම්භ කර ඇති වර්ජනයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් ඇතිවිය හැකි බවට වාර්තා වනවා.

දුම්රිය නියාමකවරුන් සහ දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරීන් අතර ඇතිවූ ගැටුමක් මූලික කර ගනිමින් මෙම වර්ජනය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

04/10/2023

Testing

විල්වත්ත සහ මීරිගම දුම්රිය ස්ථානයන් අතර දුම්රිය හරස් මාර්ගයේ දී කන්ටේනරයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් දුම්රියේ ගැට...
09/08/2023

විල්වත්ත සහ මීරිගම දුම්රිය ස්ථානයන් අතර දුම්රිය හරස් මාර්ගයේ දී කන්ටේනරයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනය වන සියලුම දුම්රිය ප්‍රමාද වී ධාවනය වේ.

NewsOne. lk - ජනතාවගේ හඬ

දර්ශන අයිතිය මුල් හිමිකරු සතුයි

රාජාංගනේ සද්ධාරතන හිමි පොලිසිය විසින් අද(29) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.ජනාධිපතිවරයාට බැණ වදිමින් උන්වහන්සේ විසින...
29/05/2023

රාජාංගනේ සද්ධාරතන හිමි පොලිසිය විසින් අද(29) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

ජනාධිපතිවරයාට බැණ වදිමින් උන්වහන්සේ විසින් නිකත් කර තිබෙන වීඩියෝවක් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක්ද ආරම්භ කර තිබුණා

20/05/2023

වසන්ත මුදලිගේ ඉවතට
අන්තරේ නව කැදවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්

16/05/2023

ජෙරම් කියන්නේ රාජපක්ෂලා බලය ගන්න ගහන ගේමේ ඉත්තෙක්ද?

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදුවූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයක් හමුවේ ශ්‍රී ලංකාව පැනවූ නඩු...
15/05/2023

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදුවූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයක් හමුවේ ශ්‍රී ලංකාව පැනවූ නඩුව අද(15) යළි කැඳවීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, එරට නිතීඥ සංගමයක් නඩුවට පෙනී සිටීමට නියමිතයි.

2021 වසරේ මැයි 20 වැනිදා මෙරට මුහුදු සීමාවේදී ගිනිගැනීම‍ට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට සාගර පද්ධතියට දැඩි බලපෑමක් එල්ල වූ අතර ඉන් සිදුවූ හානිය යළි ගණනය කිරිමට පියවර ගෙන ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරනවා.

සුබ අලුත් අවුරුද්දක් වේවා!புத்தாண்டு வாழ்த்துக்கள்!Happy New Year!
14/04/2023

සුබ අලුත් අවුරුද්දක් වේවා!
புத்தாண்டு வாழ்த்துக்கள்!
Happy New Year!

ගල් ඔය සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වෙමින් පැවති දුම්රියක් අග්බෝපුර දී  පීලි පැනීමකට ලක්ව තිබෙනවා. දුම්රියේ මැදිරි තුනක්...
07/04/2023

ගල් ඔය සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වෙමින් පැවති දුම්රියක් අග්බෝපුර දී පීලි පැනීමකට ලක්ව තිබෙනවා. දුම්රියේ මැදිරි තුනක් පීලී පැනීමට ලක්ව ඇති අතර ඉන් එක් මැදිරියක් පෙරලීගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් දුම්රිය නියාමකවරයා සහ මගීන් කිහිපදෙනෙක්ට තුවාල සිදුව ඇති අතර අදාල රෝගීන් කන්තලේ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

ඡායාරූප අයිතිය එහි මුල් හිමිකරු සතුයි

හෙට(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහත දැමීමට බලාපොරොත්තු වන බව එහි සභාපති මුදිත හේරත් ම...
03/04/2023

හෙට(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහත දැමීමට බලාපොරොත්තු වන බව එහි සභාපති මුදිත හේරත් මහතා සඳහන් කරනවා.

ඒ අනුව 12.5kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1000කින් පමණ අඩු වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඉන්ධන මිල පහත දැමීම අනුව හෙට(30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු පහත දැමීමට උපදෙස් ලබාදුන් බව අමාත්...
29/03/2023

ඉන්ධන මිල පහත දැමීම අනුව හෙට(30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු පහත දැමීමට උපදෙස් ලබාදුන් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරනවා.

ඒ අනුව අවම බස් ගාස්තුව රු.30ක් වන අතර සෙසු බස් ගාස්තු වෙනස්වීම හෙට(30) දිනයේ නිවේදනය කෙරෙනු ඇත.

මිහින් ලංකා ආයතනයට සම්බන්ධ දූෂණ චෝදනා නඩුවකින් සජින් වාස් ගුණවර්ධන මහතා නිදහස් කර තිබෙනවා.මිහින් ලංකා ආයතනයේ ප්‍රධාන විධ...
29/03/2023

මිහින් ලංකා ආයතනයට සම්බන්ධ දූෂණ චෝදනා නඩුවකින් සජින් වාස් ගුණවර්ධන මහතා නිදහස් කර තිබෙනවා.

මිහින් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරමින් සිටියදී බිම් මෙහෙයුම් උපකරණ මිලදී ගැනීමේදී රජයට රුපියල් මිලියන 883ක පාඩුවක් සිදු කළේ යැයි අල්ලස් කොමිසම විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට විරුද්ධව ගොනු කර තිබූ නඩුව අද(29) කොළඹ මහාධිකරණයේදී කැඳවනු ලැබුවා.

එහිදී අදාළ නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට සජින් වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මතුකළ මූලික විරෝධතාවක් පිළිගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් ඔහු නඩුවෙන් නිදහස් කිරීමට නියෝග කළා.

අද(29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත දමා ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරනවා. ඒ අනුව...
29/03/2023

අද(29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත දමා ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරනවා. ඒ අනුව ,

🔺️ ඔක්ටේන් 92 පෙට්ල් ලීටරයක මිල රුපියල් 60කින්
🔺️ ඔක්ටේන් 95 පෙට්ල් ලීටරයක මිල රුපියල් 135කින්
🔺️ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 80කින්
🔺️ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 45කින්
🔺️ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10කින්

පහත දැමෙනවා.

ආනයනය කරන ලද බිත්තරය තොගය වෙළඳපොලට නිකුත් කිරීම සඳහා සත්ත්ව නිශ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවසර ලබාදී ඇති බවට වාර්තා ...
29/03/2023

ආනයනය කරන ලද බිත්තරය තොගය වෙළඳපොලට නිකුත් කිරීම සඳහා සත්ත්ව නිශ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවසර ලබාදී ඇති බවට වාර්තා වනවා.

මේ අනුව අදාල බිත්තර තොගය අද(29) පස්වරුවේ සිට බෙදාහැරීම් සිදු කරන අතර හෙට(30) සිට රුපියල් 35ක මුදලකට විකිණීමට සැලසුම් කර තිබෙනවා. පළමුව හෝටල් සහ බේකරි හිමියන් සඳහා මෙම බිත්තර නිකුත් කිරීමට නියමිතයි. මෙම බිත්තර ශීතකරණය තුළ දින 90ක පමණ කාලයක් තබාගත හැකි බවයි වාර්තා වන්නේ.

ඛනිජ තෙල් සේවකයන්ගේ ඉල්ලීම් සාධාරණද? අසාධාරණද?ඔයාට හිතෙන දේ කෙලින් කියන්න...
29/03/2023

ඛනිජ තෙල් සේවකයන්ගේ ඉල්ලීම් සාධාරණද? අසාධාරණද?
ඔයාට හිතෙන දේ කෙලින් කියන්න...

Address


Alerts

Be the first to know and let us send you an email when NewsOne Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NewsOne Sri Lanka:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share