The Love Explorer - ප්‍රේම ගවේෂකයා

  • Home
  • The Love Explorer - ප්‍රේම ගවේෂකයා

The Love Explorer - ප්‍රේම ගවේෂකයා මේ එකිනෙකට වෙනස් වූ ප්‍රේමයන් සොයා යන ගමනයි.(Prema Gaweshakaya)

05/12/2024
ඇඳිරි වැටෙනකොටමට බයයිපරිසරය නිහඬ වෙනකොටහිත සන්සුන් වෙනකොටඇහැරෙන මතක වලට මන් බයයිඒ මතක වලටපෑරෙන දුර්වල සිත්සියල්ල අත හරින...
05/12/2024

ඇඳිරි වැටෙනකොට
මට බයයි
පරිසරය නිහඬ වෙනකොට
හිත සන්සුන් වෙනකොට
ඇහැරෙන මතක වලට
මන් බයයි
ඒ මතක වලට
පෑරෙන දුර්වල සිත්
සියල්ල අත හරින්න යැයි
යෝජනා කරයි යැයි
මට බයයි
ඉතින් දහවල
මට සැපයි

- අනූප -

මග හැරුනොත් විදවන්න වෙයි ||🥺💔: මට ටිකක් කතා කරන්න ඕනි- කතා කරමු: ඔයාට මහන්සිද ?- ටිකක් විතර: එහෙනම් අපි හෙට කතා කරමු- ඒ ...
05/12/2024

මග හැරුනොත් විදවන්න වෙයි ||🥺💔

: මට ටිකක් කතා කරන්න ඕනි
- කතා කරමු

: ඔයාට මහන්සිද ?
- ටිකක් විතර

: එහෙනම් අපි හෙට කතා කරමු
- ඒ ඇයි ?

: ඔයාට මහන්සි නිසා
- කමක් නෑ. ඉන්න ගන්නම්
දවසම බලන් ඉන්නෙ චුට්ටක් කතා කරන්නනෙ.
නැත්තන් ඕකට ඕනිවටත් වඩා හිත රිද්දගනී.. මම දන්නවනෙ ඔයාගෙ හැටි ..🥺✨️

ආදරේ කියන්නෙ එකිනෙකා
තේරුම්ගන්න එක.. දෙන්නට දෙන්නගෙ හැගීම් දැනෙන එක..
අතෑරෙන තැන්වල අතෑරෙන්න නොදී ඊටත්වඩා තදට අල්ලගන්න එක

කොයිතරම් වැඩ තිබ්බත්
මුලු දවසින්ම එක විනාඩි පහක්
තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන් වෙන්කරන්න ඕනිම කෙනෙක්ට පුලුවන්

ඕනිකරන්නෙ උවමනාව, උනන්දුව විතරයි
මුල් කාලෙ තියෙන ආදරේ, උවමනාව හැමදාම වෙනස්නොවී එකවිදිහට තියෙන ආදර කතා අදටත් මේ මහපොළොවේ හරි ලස්සනට හුස්ම ගන්නවා..

ඔයාගෙ ආදරේට ගරුකරන්න, අවංකවෙන්න, පුලුවන් විදිහට වෙලාවක් වෙන්කරන්න.. තමන්ට ආදරේ කරන මිනිස්සුන්ව කවදාවත් මිස් කරගන්න එපා....

දවසක අපරාදෙ කියල හිතෙයි....🥺💔🥀

💌
04/12/2024

💌

❤💜️💙💗💖🧡💛💙💚💜️❤️💛🖤💖💗

නුබට මා ලියන පළවෙනි සහ අවසාන කවියනුඹට කවියක් මා අතින් නොලියවීමඅදටත් මම මා ප්‍රශ්න කරන කරුණක්සිතීමේ අවසන නිගමනයඔබ ජීවිත ක...
02/12/2024

නුබට මා ලියන පළවෙනි සහ අවසාන කවිය

නුඹට කවියක් මා අතින් නොලියවීම
අදටත් මම මා ප්‍රශ්න කරන කරුණක්
සිතීමේ අවසන නිගමනය
ඔබ ජීවිත කවිය වූ පසු
තවත් කවි කොහොම නම් ලියවෙන්නද...?

ජීවිතේ අමාරුම පරිච්චේදයකින් පසුව
මගේ තෝරාගැනීම වූ නුඹ
අදටත් මා කල හොඳම තෝරාගැනීමක් යන වග
හෙටටත් නොවෙනස්වන කාරණාවක්

ඔබේ අහේතුක නික්මීම
අදටත් හෙටටත් සාදාරණීකරනය කරන මම
මිනිසුන් වෙනස් නොවුනත්
තත්වයන් මිනිසුන් වෙනස් කරන බව
තරයේ විශ්වාස කරන්නෙක්
ඉතින් වෙනස් වුනේ ඔබ නොවේ
තත්වයන් ඔබව වෙනස් කලා පමණයි
ඉතින් මගේ පුංචි ලෝකයේ
කිසිදා ඔබ වැරදිකාරියක නොවේ...

ඔබ පැතූ ආදරණීයයා වීමට නොහැකි වීම ගැන, මට සමාවෙන්න
නොසිතා හෝ සිත් රිදවීමක් කලානම්, මට සමාවෙන්න
ඔබට තනිකමක් දැනුනානම්, මට සමාවෙන්න
ඉදින් නොසිතා කල සියලු පව් වලට සමාවෙන්න!

ප්‍රේමයන් එහෙමයි
සිතන්නටවත් නොහැකි ලෙස වෙනස් වෙයි
නොවෙනස් වන එකම දෙය වෙනස්වීම නම්
ඔබටද මටද එය පොදුයි

අවසන එක් ඉල්ලීමකි
වසර ගනනක පෙමකි
නිගමන වලට යාමට පෙර
මතකයට ගත යුතු
හැඟුම් දහසකි
සිතුම් දහසකි
පැතුම් දහසකි
සිත් දෙකකි...?

--- අනූප ---

නොහිතන නිමේශයකනොනිමේයැයි සිතූබලාපොරොත්තුවේ පහන්නිවේ යැයි සිහිනෙන්වත්නොසිතන්නට ඇති..සදා බැදෙනට පොරොන්දු වූ සිත්අතරමග අත්හ...
02/12/2024

නොහිතන නිමේශයක
නොනිමේයැයි සිතූ
බලාපොරොත්තුවේ පහන්
නිවේ යැයි සිහිනෙන්වත්
නොසිතන්නට ඇති..

සදා බැදෙනට
පොරොන්දු වූ සිත්
අතරමග අත්හැරේ යැයි
නොසිතන්නට ඇතී

අකාලේ මියුනු සිත්
කොහොමනම් දරාගන්නට ඇත්ද ඒ වේදනාවන්
මම සොයමි

--- අනූප ---

ජීවිතේ හුදකලාම පිටු අතරලියවුනු උන්මත්තකම පරිච්චේදයමෙසේ අවසන් කරඔබෙන් සමුගනිමිහිරු සඳු පෑයුව නොහැකි කලඑකම අහසකඔබට දිලෙන්න...
21/11/2024

ජීවිතේ හුදකලාම පිටු අතර
ලියවුනු උන්මත්තකම පරිච්චේදය
මෙසේ අවසන් කර
ඔබෙන් සමුගනිමි

හිරු සඳු පෑයුව නොහැකි කල
එකම අහසක
ඔබට දිලෙන්නට ඉඩ හැර
ඔබෙන් සමුගනිමි

මන්ද්‍රම ස්වර වල සැගවුණු
මගෙ කඳුලු
ඔබට නෑසෙනු දැන දැනම
ඔබෙන් සමුගනිමි

- අනූප -

Address


Website

Alerts

Be the first to know and let us send you an email when The Love Explorer - ප්‍රේම ගවේෂකයා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Love Explorer - ප්‍රේම ගවේෂකයා:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share

ප්‍රේම ගවේෂකයා

මිනිසුන් වූ කලී එකිනෙකට වෙනස් වූවන් බව අප පිළිගනිමු. ඉදින් එකිනෙකට වෙනස්වූ මිනිසුන් සතුව ඇති ප්‍රේමයන්ද එකිනෙකට වෙනස් බව අප හඳුනාගත යුතු වෙමු. මේ එසේ වෙනස් වූ ප්‍රේමයන් සොයා යන ගමනයි.