20/09/2020
#සිරිපාදෙ_යන්න_මේ_පාරෙන්_එන්න...
මං මේ කියන්න හදන්නෙ සිරිපාදේ යන්න ලගම ලස්සනම පාරක් ගැන...
අපි හැමෝම දන්නව කොළඹ - හැටන් පාර, රත්නපුර පාර, කුරුවිට එරත්න පාර,පලාබද්දල පාර, දැරණියගල මාලිබොඩ පාර...
මං මේ කියන්න හදන පාර පටන් ගන්නෙත් දැරණියගලින් .
ලංගම බස් එකේ තියෙන්නෙ මේ විදියට
"ගෝවල,හගරාපිටිය,කොත්තැල්ලෙන, හතරේ කණුව හරහා නල්ලතන්නිය "
දැරණියගලින් කිලොමීටර 60ක,පැය දෙකහමාරක ගමනක්.
කොළඹ ඉදන් එනව නම් අවිස්සාවේල්ලට ඇවිත් අවිස්සවෙල්ලෙන් කොළඹ හැටන් පාරේන් ආවම දෙහිඕවිටින් හැරිල තමයි දැරණියගලට එන්න ඕනි.
එහෙම බැලුවොත් කොළඹ ඉදන් අවිස්සාවේල්ලට කිලෝමීටර් 48යි එතන ඉදන් දැරණියගලට කිලෝමිටර 21යි දැරණියගල ඉදල මේ කියන පාරෙන් කිලෝමීටර් 60යි.මුලු ගමනනටම දුට කිලෝමීටර් 129යි.
හරි මම නතර කලේ කතාව මෙතනින්.
"ගෝවල,හගරාපිටිය කොත්තැල්ලෙන, හතරේ කණුව හරහා නල්ලතන්නිය "
දැරණියගලින් පිටත් වෙලා පැයකින් අපි අයිති වෙන්නෙ නුවරඑලිය දිස්ත්‍රික්කෙට.ඒ කියන්නෙ කෑගල්ල දිස්ත්‍රික්කෙට දැරණියගල අයිති වෙන්නෙ.
ඒ ගෝවල කියන ගමින්.ඒ සීමාව වෙන්වෙන්නෙ පාලමකින්.එතන තමා අපි යන ලංගම බස් එක තේ බොන්න නතර කලේ.
එතටන යනකන් අපිට මග දකින්න පුලුවන් නක්කාවිට එල්ලෙන කම්බිපාලම..ඒ වගේම නක්කවිට ඔය.
ගෝවල පහු කරන් අපි යන්නෙ හැටන් වලට අයත් රක්ෂිතයක් මැද්දෙන්.උදේ පාන්ද ඉර එලිය වැටිල උනත් රැහැයියන්ගේ සද්දෙ නම් අඩුවක් නෑ..
ඒ පාර මිනුවන්දෙනිය හංදියට යනකන් තියෙන්නෙ ලොකු පල්ලම් වංගු එක්ක. මොකක්දෝ හුරු බවකුත් දැනුන ඒ ටික පහු කරත්දි. ඔයාලටත් දැනෙයි පුංචි දහඅට වංගුද මේ කියල... මොකද දහයකට දොලහකට වඩා ඒ වගේ වැලමිට වංගු තියෙනව පල්ලමත් එක්ක..සමහර වංගු බස් එකට එක සැරෙන් ගන්න බැරි ඒව..හැබැයි ඒ වටපිටාව පුදම තරම් ලස්සනක්..
ඒ ටික පහු උනාම අපි එන්නෙ තවත් ලස්සනම ලස්සන පාරකට.. ඒ පාර තියෙන්නෙ සප්තකන්‍යා කදුවැටිය පාමුලින්.. හැටන් පාරෙදිවත් මේ තරම් ලගින් මේ කදු පංතිය දකින්න ලැබෙන්නෙ නෑ.. බස් එකේ යනකොට දැනුනෙ අපි පහු කරන් සප්තකන්‍යාවියො අපි පස්සෙන්ම එනව වගේ..පිංතූර වලට වඩා ඒක ඇස් වලින්ම දැකල විදින්න ඕනි ලස්සනක්.
ඒ ලස්සන පහු කරන් එන අපි වැටෙන්නෙ හතරෙ කනුව ලගින්. එතනින් එහාට දකින්න පුලුවන් අපිට මාවුස්සාකැලේ ජලාශය,ඩෑම් එක, පංසල...
ඒ ටික හැටන්-කොළඹ පාරේ සිරිපාදෙ යන හැමොටම දකින්න පුලුවන් ටිකක්.
අපි ඒ ටික පහු කරන් නල්ලතන්නියට එනව...වෙලාව 9.45යි.
සීරිපාද කන්දෙ උඩ මලුව මීදුමෙන් වැහිල.අපි සමනල කන්ද පාමුලට ඇවිත් සීතගගුලෙ ලග තියෙන පංසල වැදල පඩුරක් දාල ආවෙ ඉක්මනනින්ම දවසක උඩ මලුව වදින්න එනව කියල හිතාගෙනමයි...
මොකද අපි ආවෙ අද සමනල කන්ද නහින්න නෙමෙයි .මේ අලුත් පාර බලන්න හිතාගෙන.
බස් එක්කෙ යන ගමන් පුලුවන් විදියට ගත්තු පිංතූර ටිකක් පහලින් දානව.
වෙනසකට මේ පාරෙන් ඇවිත් බලන්න.. ලංගම බස් එක දවසට දෙපාරක් යනව.. දැරණියගලින් උදේ 6.30ටයි දවල් 2.30ටයි.බස් එකක් වැන් එකක් කාර් එකක් උනත් යන්න පුලුවන් හොද මට්ටමට පාට හාදල තියෙනව.
නිවාඩුවට ගමට අපු ගමන් ගියපු ගමනක් මේක.
එන හැමෝටම අලුත් අත්දැකීමක් වෙයි කියල හිතනව .
Copied.