Sri Lanka fights against Coronavirus

  • Home
  • Sri Lanka fights against Coronavirus

Sri Lanka fights against Coronavirus Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka fights against Coronavirus, News & Media Website, .

1990 සුවසැරිය සේවාව අපේ රටට හදුන්වාදුන් හැමෝටම ස්තුතියි. මේ කතාව කියවන්න."සුවසැරිය මේ වෙලාවෙත් වැඩ..ඔබ මගේ සහොදරයා .. උද...
25/05/2020

1990 සුවසැරිය සේවාව අපේ රටට හදුන්වාදුන් හැමෝටම ස්තුතියි. මේ කතාව කියවන්න.

"සුවසැරිය මේ වෙලාවෙත් වැඩ..ඔබ මගේ සහොදරයා .. උදයකාන්ත . Sandun Udayakantha ගොඩක්ම අද සතුටු දවසක් මට. 1990 emergency call එක අාවා. දරුවා හම්බුවෙන්න. බන්. කාසල් එකට එක්කන් යන්න ගියා. අම්මාට ගොඩක් ආමරුයි. කෑගහනවා. රාජකාරිය hospital එකට යන්න තව පොඩි වේලාවයි. එ්ත් අම්මට අමාරුයි . ඉතින් ambulance එක නවත්තලා අතරමගදිම Delivery එකට අවශ්‍ය ඔක්කොම ලන්කර ගත්තා. මන් ඉතින් අපි ඉගෙන ගත්ත විදියට පරිස්සමෙන් delivery එක කළා. පුතෙක් හම්බුවුණේ. මට ගොඩක් සතුටුයි බන්.මන් කරපු පළවෙනි Delivery එක. ඊට පස්සෙ බාබාව හොදට පිරිසිදු කරලා. අම්මාවයි දරුවයි. Hospital එකට අරන් ගියා. දෙන්නම හොදින්.... අද දවසටම කන්නත් වෙලාවක් නැහැ. දැනුයි කන්නෙ. උදයකාන්ත උඹ ඔහොම කියනකොට
මට මතක් වුණේ . ඔබ පාඩම් කරපු චිමිණි ලාම්පුව පැදුර
ඉගෙන ගන්න කාපු කට්ට. English medium වලින් O/L
කරලා. A/L වලට Scenes කරලා. ඉන්දියාවේ ගිහින් මාස ගානක් ඉගෙන ගන්න කාපු කට්ට. උත්සාහය .මට මතක් වුණේ .
දැන් call කරලා කිව්ව ගොඩක් දෙවල් මට ඇහුන් නැහැ .
මොකද මට මතක් වුණේ . මේ තැනට එන්න. ආපු කටුක උබෙ ජීවීතේ. අද හිතට දැනුන සතුට උබට. ඔයාලගෙ අම්මාටත් , අයියාටත්, දොනිටත් ,මටත්., ඔබේ යාළුවොන්ටත්
තියෙනවා .ඔබට තිබු තවත් හයියක් Praboda Nadith
ආදරෙට තඩියා කියනවා මන්නම්. හැමදාමත් රාජකාරියට ආදරෙන් වැඩ කරන ඔබට හොදම හයියක් , තව කෙනෙකුට පොඩි දෙයක් වුනත් අපිට ඔබේ හැම ඉදිරියට යන ගමනක්ම සතුටක්. ජයෙන් ජය හැමදාමත් .තෙරුවන් සරණයි"

12/04/2020

COVID-19 වැනි බෝ වන රෝග වසංගතයන් අදියර 4 ක් හරහා විකාශනය වෙයි.

1. රෝගීන් වාර්තා වී නොමැති අවධිය පළමු අවධිය විදිහටත්
2. අතරින්පතර රෝගීන් වාර්තා වීම දෙවන අදියර හැටියටත්
3. පොකුරු වශයෙන් රෝගීන් වාර්තා වීම තෙවන අවධිය හැටියටත්
4. සිව්වන හා අවසාන අවධිය වන්නේ සමාජ සම්ප්‍රේෂණය හෙවත්මූ ලාශ්‍රයක් සොයා ගත නොහැකි රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා වීමයි.

ශ්‍රී ලංකාව COVID-19 සම්බන්ධයෙන් දැනට පවතින්නේ මෙයින් තුන්වන අවධියයි. සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ ආදී සියලූ රාජ්‍ය යාන්ත්‍රනයන් එකතුව පළමු රෝගියා රට තුලින් වාර්තා වීමට පෙර අවස්ථාවේ සිටම විවිධ ප්‍රජා මැදිහත්වීම් කරනු දක්නට ලැබුනා
- ආරම්භක අවස්ථාවේදී සිටම රෝගය පිළිබඳ මෙන්ම රෝග සම්ප්‍රේෂණය මැඩ පැවැත්වීමේ ක්‍රම පිළිබඳව දැනුවත් කිරිම සිදුකෙරුනා.
- වසංගත තත්ත්ව පවති රටවලින් පැමිණෙන පුද්ගලයන් නිරෝධායන කිරීම
- පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන තාවකාලිකව වසා දැමීම
- රට තුළට එන ගුවන් ගමන් නැවැත්වීම
- නිවසේ සිට කටයුතු කිරීමට ප්‍රසිද්ධ නිවාඩු ලබාදීම සිට
- රටපුරා ඇදිරි නීතිය පැනවීම දක්වා විවිධ ක්‍රියාමාර්ගයන් ගනු ලැබුවේ ඒ අවස්ථාවල පැවැති අවදානම් මට්ටම, රෝග සම්ප්‍රේෂණ අදියර මෙන්ම කාලීන ලෙස වලංගුවන විද්‍යාත්මක සාධක ද සලකා බැලීමෙන් බව පැහැදිලි වෙනවා.

මේ වන විට රෝග සම්ප්‍රේෂණය අතිමහත් පරිශ්‍රමයකින් පාලනය කිරීමට කටයුතු කෙරෙමින් පවතින අතර, ඉදිරියේදිත් රෝග මර්දනය උදෙසා අවස්ථානෝචිත ලෙස උපායමාර්ග යොදාගැනීම සිදුවනු ඇත.

- සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීමට ගත යුතු පියවර
- මුහුණු ආවරණ භාවිතා කලයුතු අය හා භාවිතා කළ යුතු අවස්ථා
- නිරෝධායන විධිවිධාන
- රෝගය සඳහා පරික්ෂා කෙරෙන අවස්ථා
ආදී විවිධාකාර රෝග මර්දන පිළිවෙත්, ඒ ඒ අවස්ථාවන්හි පවතින රෝග සම්ප්‍රේෂණ අවධිවලට අනුව වඩාත් කාර්යක්ශම රෝග පාලනයක් උදෙසා, ඒ සම්බන්ධ විශේෂඥයන් විසින් අවශ්‍යතාවය සලකා බලා, නවතම විද්‍යාත්මක සොයාගැනීම්වලට අනුකූලව යථාවත් කෙරෙනු ඇත.

ඒවා ක්‍රියාත්මක කිරීමට ලැබෙන පොදුජන සහභාගිත්වය මත මේවයේ සාර්ථකත්වය රඳා පවතිනු ඇත.

..
12/04/2020

..

ශ්‍රී ලංකාවේ covid-19 තත්ත්ව වාර්තාවේ රූපමය විග්‍රහය සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ වෙබ් අඩවියේ covid-19 පිටුවට පිවිසෙන්...
12/04/2020

ශ්‍රී ලංකාවේ covid-19 තත්ත්ව වාර්තාවේ රූපමය විග්‍රහය සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ වෙබ් අඩවියේ covid-19 පිටුවට පිවිසෙන්න https://hpb.health.gov.lk/covid19-dashboard/

31/03/2020
2019 novel coronavirus (2019-nCoV) is a virus identified as the cause of an outbreak of respiratory illness first detect...
25/03/2020

2019 novel coronavirus (2019-nCoV) is a virus identified as the cause of an outbreak of respiratory illness first detected in Wuhan, China. Early on, many of the patients in the outbreak in Wuhan, China reportedly had some link to a large seafood and animal market, suggesting to animal –to person spread. However, a growing number of patients reportedly have not had exposure to animal markets, suggesting person to person spread is occurring.

If you develop symptoms within 14 days of arrival in Sri Lanka: Wear a surgical face mask to prevent spread of disease ...
25/03/2020

If you develop symptoms within 14 days of arrival in Sri Lanka:

 Wear a surgical face mask to prevent spread of disease to others.
 Inform area Public Health Inspector (PHI), Medical officer of Health (MOH) or
Regional Epidemiologist (RE).
 Go to the nearest recommended government hospital immediately for assessment
of the health situation and further management.
 It is advised to wear a surgical face masks by family members or co-workers as there
is high risk of getting the disease from a symptomatic patient.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka fights against Coronavirus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share