I Think Loud

I Think Loud Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from I Think Loud, .

04/06/2023
24/06/2022

කහ ඇන්දම ඇති බෝට්ටුවෙන් එන්න ඕනෙ නෑ...

21/06/2022

මිත්තණියගේ වස්ත්‍රය තමයි... 😒

23/11/2021

ඒකනම් භාවනාවක් 🥺❤️ - ඔබේ සිනා ළඟ

16/06/2021

😌❤️

හොඳයි. මේ දෙගොල්ලන්ව බැලන්ස් කරන එක හැමෝගෙම ප්‍රශ්නයක්. අපි බලමු යාළුවන්ව සහ... කෙල්ලව... අවුලක් නැතුව මේ දෙකම කරගෙන යන්...
11/06/2021

හොඳයි. මේ දෙගොල්ලන්ව බැලන්ස් කරන එක හැමෝගෙම ප්‍රශ්නයක්. අපි බලමු යාළුවන්ව සහ... කෙල්ලව... අවුලක් නැතුව මේ දෙකම කරගෙන යන්නෙ කොහොමද කියල කෙටියෙන්.
කෙටියෙන්ම කිව්වොත් ඕක කරන්න බෑ. එකක් තෝරගෙන පාඩුවෙ හිටපං. බැඳලනම් ඉන්නෙ උඹට තෝරාගැනීමක් කියල එකකුත් නෑ. වයිෆ් විතරයි. බායි

Perfect match ❤️
04/06/2021

Perfect match ❤️

04/06/2021

ඇත්ත මේක නෙවෙයිද?

🤭🚢
03/06/2021

🤭🚢

Bonk 😂
03/06/2021

Bonk 😂

බඩගිනී...🥺
01/06/2021

බඩගිනී...🥺

😓
01/06/2021

😓

🤔
29/05/2021

🤔

(ප.ලි: සම්පූර්ණයෙන් කියවා බලා පමණක් නිගමනවලට එළම්ඹෙන්න.)පිරිමි nothing කියන ගැහැණුන්ටත්ගැහැණු nothing කියන පිරිමින්ටත්තම...
28/05/2021

(ප.ලි: සම්පූර්ණයෙන් කියවා බලා පමණක් නිගමනවලට එළම්ඹෙන්න.)

පිරිමි nothing කියන ගැහැණුන්ටත්
ගැහැණු nothing කියන පිරිමින්ටත්
තමන්ගේ මව පියා ආදරයෙන් එක් නොවූයේ නම්
Nothing කියන වචනය ඉගෙනීමටවත්
මේ ලොව එළිය දැකීමට නොහැකි වනු ඇති බව
මතකයෙහි තබාගත යුතුය.

මෙසේ අරය නතිං මෙයා නතිං කියනා සියල්ලන්ට ඉතා වැදගත් එක් දෙයක් අමතක වී ඇත. එය නම් සොබාදහම යි. ජීවයේ පැවැත්ම උදෙසා ගැහැණු පිරිමි දෙගොල්ලක් අවශ්‍ය නොවන්නෙනම් දෙගොල්ලක් මොන මංගල්‍යයකට සොබාදහම විසින් නිර්මාණය කළාද යන්න මට සිතාගැනීමට අපහසුය. එසේ කියනා අයගේ මව් පියන් එක් වූයෙ පිටසක්වලුන් සමඟද යන්නත් ගැටළුවකට තුඩු දෙන කාරණයකි.

මාගේ මව මාගෙ පියා කිසි දිනක පවුලෙ දියණියට හෝ පුතාට මූ කෙල්ලකි මූ කොල්ලෙකි කියා කිසි අඩුවක් සිදු කළ බවක් මා හට මතකයේ නැත. පියා සහ මව එකසේ සිතුවේ අපගේ සුභ සිද්ධියම පමණි. එසේනම් ඒ දෙදෙනාගෙන් කෙනෙක් නතිං යනුවෙන් සඳහන් කිරීම පිළිබඳව මට නොවැටහේ.

වේදනාවන් ගැහැණු පිරිමි එක සේ විඳිති දරාගනිති. මම ගැහැණියක යැයි සිතා ගැහැණියකගේ කෝණයෙන් පමණක් බැලීමටවත්, මම පිරිමියෙකු යැයි සිතා පිරිමියෙකු ගේ කෝණයෙන් පමණක් සිතා කටමැත දෙඩවීම කෙතරම් සාධාරණ ද යන්න ගැටළුවකි. දෙගොල්ලන්ටම ඔව්නොවුන්ට ම වෙනුවූ ගැටළු විඳීම් විඳවීම් ඇත.

ඔබට මුදල් තිබේද? ස්වෝත්සහයෙන් ගොඩ නැගුණු ගැහැණියක් ද පිරිමියෙක් ද යන්න ඔබට අදාළ දෙයකි. ඔබ ගැහැණියක හෝ පිරිමියෙකු මත යැපෙන්නේද නැද්ද යන්න ඔබට අදාළ කාරණයකි. කසාදය හෝ ආදරය යනු අනෙකෙකු මත යැපීමක් ලෙසට දකිනා ගැහැණුන් පිරිමින් සිටින තුරාවට මේ මාන්සිකත්වය රජ කිරීමට දඟලන ඒ අදාළ පුද්ගලයන්ගේ ඔළුවලින් ඉවත් වන්නේ නැත. දැනුම, නම්බු නාම, තනතුරු ආදී ඌ සමාජයේ පිළිගැනීමකට තුඩු දෙන දෑ තමන්ට ලැබූ පමණින් ලබා ගත් පමණින්, මේ විසල් සොබාදහම පිළිබඳව අප දන්නා ඉටි ගෙඩියක් නැත. අපගේ ජීවිත කාලය ගැන හිතන විට එසේ දැනගැනීමට සිතාගතවත් නොහැක.

එම නිසා සියලු දෙනා කරන්නෙ තම දත් පමණින් දෙඩවීම බව තරයේ අප සියළුම දෙනා මතක තබා ගත යුතුය. සාකච්ඡාවකදී දෙදෙනෙකු කියූ දේවලට(thumbnail එක පමණක් බලා) ප්‍රති උත්තර දෙන සමහර ඔස්තාර්ලාටද ගැහැණු පිරිමි දෙගොල්ලක් සිටින බව අමතක වී හැඩය. ගැහැණු පිරිමින්ටවත්, පිරිමි ගැහැණුන්ටවත් දෙපිලකට වෙන්වී ගහ මරාගැනීම කිසිඳු තේරුමක් නැත. අප සියළුම දෙනාට වෙන් වෙන් වූ කාර්‍යයන් මේ මිහි පිට ඇත. පිරිමින් සේ තම දරුවන් රකින ගැහැණුන් ඕනෑ තරම් ඇත. ඒ වගේම මවකගේ සෙනෙහසත් ලබා දෙම්න් තම දරුවන් උස් මහත් කරන පිරිමි අප දැක ඇත. පිරිමි හොඳයි ගැහැණු නරකයි හෝ ගැහැණු හොඳයි පිරිමි නරකයි වගේ අදහස්වල තේරුමක් මට සිතාගත නොහැක. මධ්‍යස්ථ මත දැරීමට කිසිවෙකු කැමති නැත. සියල්ලට දෙපැත්තක් ඇත. ඒ දෙපැත්ත ගැනම සිතා කටයුතු නොකරන්නේනම් පල්හෑලි ලිවීමෙන් සිදුවන්නෙ තවත් වෛර සිත් පැතිරවීම පමණි.

මත දැරිය හැක. අනෙකාත් තමන්ගේම මතය දැරිය යුතු බව සිතීම තරම් මරි මෝඩ ක්‍රියාවක් නැත.

වැඩිය ලිවිය යුතු නැත. ලිව්වාට වැඩකුත් නැත. මන්ද මෙසේ දිග පල්හෑලි ලියූ පමණින් ඔළුවලට කිඳා බැසගත් පුහු අදහස් වෙනස් කිරීමට හැකියාවක් නැති බව හැඟෙන නිසාවෙනි. මා දන්නේ මෙපමණකි. පිරිමි ගැහැණු අයවලුන්ගෙන් එකගොල්ලක් හෝ නතිං නම් මේ ලිපිය ලියන්නටවත් මා නොමැති බවය.

අවසන එක් ඉල්ලීමක් ඔබ දෙගොල්ලන්ගෙන්ම(ගැහැණු සහ පිරිමි) ඉල්ලන්නෙමි. යම් දෙයක් දෙපැත්තක් ඇති බව නිතර සිත් තබාගන්න. ඒ ඒ අදාළ පුද්ගලානුබද්ධ අත්දැකීම් සහ ඔවුනට අවේණික හැඟීම් තිබිය හැක. ඔවුන් ඒවායේදී කටයුතු කළ ආකාරය පිළිබඳව ඔබට හාන්කවිසියක්වත් හෝඩුවාවක්වත් නැත. ඒ දෑ මානසිකව කායිකව වින්දේ විඳෙව්වේ ඔවුන්ම පමණි. ඒ කිසිවක් ගැන අවබෝධයෙන් තොරව එක පාර්ශ්වයකට පමණක් පරිභව කිරීම සිදු කිරීම නොකළ යුතුය. අප මධ්‍යස්ව සිතා බලන්නේනම්, මිනිසුන් නිර්මාණය කරගෙන ඇති බොහෝ පුහු ගැටළුවලට විසඳුම් ලැබෙන බව මාගෙ හැඟීමයි.

-මම ඔබට ඇහෙන්නට සිතමි-

25/05/2021
25/05/2021

🚶

හොඳයි අපි බලමු මෙතන මොකක්ද වෙන්නෙ කියලා. මේ පෝලිමේ ඉන්නෙ එදිනෙදා ඕන කරන බඩු ගන්ට වෙන්ටැ. නෑ මිත්‍රවරුනී... මේ බාර් එකක එ...
24/05/2021

හොඳයි අපි බලමු මෙතන මොකක්ද වෙන්නෙ කියලා. මේ පෝලිමේ ඉන්නෙ එදිනෙදා ඕන කරන බඩු ගන්ට වෙන්ටැ. නෑ මිත්‍රවරුනී... මේ බාර් එකක එදිනෙදා පාවිච්චියට බෝතලයක් ගන්න යන පිරිසක්. හොඳයි ඊට පස්සෙ අපි බලමු මෙයාල මාස්ක් දාලද. ඔව් මිත්‍රවරුනී දාල. ඔන්න අපි ටිකක් වම් පැත්තට වෙන්න බලමු. මාස් එකයි කලිසමයි විතරයි. ආහ් මේස් දෙකකුත් තියනව. හොඳට බැලුවොත් යට කලිසමත් නෑ. එක්කො හැලිල.

ඉතුරු ටික හිතාගන්න. පොලිසියෙන් උස්සං යන්නෙ නැත්නම් මාස්ක් එකත් නෑ. අන්න එහෙමයි අපේ අය. ස්වයං විනයක් කියල එකක් අපේ අය නිකමටවත් අහල නෑ. මේව කිව්වට වැඩකුත් නෑ තමයි ඉතිං. අනේ මන්ද. මොන කලක් යයිද කියල තේරෙන්නෙ නෑ.

පින්තූරය: හේමා විදානපතිරණ

Address


Website

Alerts

Be the first to know and let us send you an email when I Think Loud posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share