වදන් Wadhan

  • Home
  • වදන් Wadhan

වදන් Wadhan එකතු වෙන්න අපිත් එක්ක..
ආදරය,විරහව,සතු?

20/06/2024

පිංබර පොසොන්‍ මංගල්‍යයක් වේවා...!!!

🕊♥

5k followers 🌸මුලින්ම කියන්න ඕන මේ වෙනකන් අපිත් එක්ක හිටිය ඔයාලට ගොඩක් ස්තූතියි🖤මේ කාලෙ තමයි ජපානයෙ අලුත් අවුරුද්ද පටන්ග...
23/03/2023

5k followers 🌸මුලින්ම කියන්න ඕන මේ වෙනකන් අපිත් එක්ක හිටිය ඔයාලට ගොඩක් ස්තූතියි🖤

මේ කාලෙ තමයි ජපානයෙ අලුත් අවුරුද්ද පටන්ගන්නෙ. දිනදර්ශනයට අනුව ජනවාරි පටන්ගත්තට ජපානය් පාසල්,සමාගම්වලට අලුතෙන් යනඅය,විශ්වවිද්‍යාල වගේ ගොඩක් දෙවල් පටන්ගන්නෙ මේ කාලෙට තමයි..සකුරමල් පිපිල ඒව පරිසරය අළුත් කරනව වගේම ඒව අපේ ජීවිතවලටත් අලුත්දෙයක්,අළුත් හැඟීමක් එකතු කරනව..

2023.03.24🖤

සකුරා මල්වලින් හැඩවෙන්න පටන්ගන්න ජපානය..🌸🖤
27/02/2023

සකුරා මල්වලින් හැඩවෙන්න පටන්ගන්න ජපානය..🌸🖤

14/02/2023
පවුල් ජීවිතයේ සැනසුම...ලංකාවේ ගොඩක් උන්ට පවුල් ජීවිත කෙලව ගන්න හේතුවක් වෙලා තියෙන්නෙ මෙන්න මේ දේ හරියට තේරැන් ගත්තෙ නැති...
30/01/2023

පවුල් ජීවිතයේ සැනසුම...

ලංකාවේ ගොඩක් උන්ට පවුල් ජීවිත කෙලව ගන්න හේතුවක් වෙලා තියෙන්නෙ මෙන්න මේ දේ හරියට තේරැන් ගත්තෙ නැති එක...ඕක මේ දවස්වල එයා දැන් බැදලා ටෙලියේ හොදටම ඉගෙන ගන්න තියෙන දෙයක්...මේ පින්තූරේ ඉන්න සිරි මාමා වගේ අය තමයි වැඩිපුර අපේ රටේ සැමියෝ..ඒවගේම බිරින්දෑවරැ...

සරලව කියන්නම් මං කියන්න යනදේ...
ගොඩක් සැමියෝ වගේම බිරින්දෑවරැ තම තමන්ගේ හිතලු ඒ කියන්නෙ බිරිද ගැන යම් සැකයක් තියෙනවනම් එහෙම නැත්තන් සැමියා ගැන හිතේ තියෙන මොකක් හරි සැකයක් හිතේම තියාගෙන දෛනිකව ලත වෙනවා...එක්කෝ බේබද්දෙක් වගේ බොනවා...එහෙම නැත්තන් ගෙදරම උන්ට බනිනවා...කිසිම දෙයක් නුරැස්සන්නෙ නෑ...තනියම ඉන්න හදනවා...හැබැයි ඒ ප්‍රශ්ණය කෙලින්ම ගෑණිගෙන් අහන්නෙත් නෑ...ගෑණි මිනිහගෙන් අහන්නෙත් නෑ...
ලංකාවේ 90%ක්ම පවුලක් කියලා හිටියට ගෑනිගේ ඕනෑම ප්‍රශ්ණයක් වගේම මිනිහගේ ඕනෑම ප්‍රශ්ණයක් ඉතාම විවෘතව දෙන්නටදෙන්නා කතා නොකරන තත්වයක් තියෙනවා...ඒක තමන්ගේ අතිශ්‍යය පෞද්ගලික කාරණයක් වන තමන්ගේ ලිංගික ජීවිතය ගැනත් පොදුයි..මිනිහට ඕනි දේ ගෑනිට කියන්නෙ නෑ..ගෑණිට ඕනි දේ මිනිහට කියන්නෙ නෑ...(මේ දේනම් නාට්‍යයට අදාල නෑ.)අවසානයේ වෙන්නෙ ඔය ඇදේ ප්‍රශ්ණෙත් පවුල් ප්‍රශ්ණයක් වෙලා ගෙදර අඩදබර ඒත් මුල තියෙන්නෙ අර තමන්ගේ හිතේ තියෙන දේ සරලව දෙන්නා දෙමහල්ලන් විවෘතව කතා නොකරන එක...

ඒ වගේම සැකය කියන දේත් පවුලක සැනසුමට බාධාවක්...සැකයන් ආපු විගස ඒක අහලා එවෙලෙම නිරාකරණය කරගන්න එක පවුලක සැනසීමට වඩා ඉවහල් වෙනවා.ඒක එහෙම උනේ නැති උනාම අර එයා දැන් බැදලා ටෙලියේ ඉන්න සිරි මාමාට වෙච්ච දේ තමයි වෙන්නෙ...ගෑණි දන්නෙත් නෑ මිනිහා රෙදි ටිකත් අරන් ගෙදරින් ගිහින්....😜

සිරිමාමලා හැම තැනම ඉන්න නිසා මේ ගැනත් ටිකක් හිතමු...දෙන්නා දෙමහල්ලන් ආදරෙන් විවෘතව හැමදේම කතා කරලා හිත් සැහැල්ලුවෙන් තියාගෙන සතුටින් ජීවිතය ⁣විදිමු....

22/01/2023

ජීවිතය විඳින්න නම් T̴r̴a̴v̴e̴l̴i̴n̴g̴ කරන එකත් අංගයක්...💚🥶

ලෝකයේම සංචාරකයන්ගෙ ආකර්ෂණය දිනාගත්ත තෝක්යෝ ටවර්.. කහපාටින් බිමට වැටෙන්න ලං වුන කොල වලින් පිරුණු ගස් අතරින් යද්දි දැනෙන්න...
09/12/2022

ලෝකයේම සංචාරකයන්ගෙ ආකර්ෂණය දිනාගත්ත තෝක්යෝ ටවර්.. කහපාටින් බිමට වැටෙන්න ලං වුන කොල වලින් පිරුණු ගස් අතරින් යද්දි දැනෙන්නෙ පුදුම නිදහසක්..ඒ නිදහස අද අත්වින්ද💛💛🗼🗼22/12/09

True story🖤
26/11/2022

True story🖤

✊✊

දෙයක් දිහා බලන විදිය වෙනස් කරමු..එතකොට ගොඩක් ලස්සන දේවල් පෙනෙන්න ගනීවි🖤🖤ප.ලි-photo එක නිකන් දැම්මෙ😅
06/11/2022

දෙයක් දිහා බලන විදිය වෙනස් කරමු..එතකොට ගොඩක් ලස්සන දේවල් පෙනෙන්න ගනීවි🖤🖤

ප.ලි-photo එක නිකන් දැම්මෙ😅

https://youtu.be/YElG2u19X0oරෑට  නින්ද යන්නෙ නැති යාළුවන්ට හොඳ වීඩියෝ එකක්,ඩේට කැපෙනව කියල හිතෙනවනම් Quality අඩුකරල අහන්...
29/10/2022

https://youtu.be/YElG2u19X0o
රෑට නින්ද යන්නෙ නැති යාළුවන්ට හොඳ වීඩියෝ එකක්,ඩේට කැපෙනව කියල හිතෙනවනම් Quality අඩුකරල අහන්න,විනාඩි දෙකෙන් නිදිමත එන්නෙ කඩාගෙන😂 Try කරල අදහස කියන්නකො....🏃🏃‍♀️*(Recommend Headphones for best Quality )

For More Tracks-www.youtube.com/channel/UCCKk4Tx4wj9Ut52fr6W4OOA

☔️🖤
24/10/2022

☔️🖤

https://youtu.be/VBkLNxdUhb8රෑට  නින්ද යන්නෙ නැති යාළුවන්ට හොඳ වීඩියෝ එකක්,ඩේට කැපෙනව කියල හිතෙනවනම් Quality අඩුකරල අහන්...
23/10/2022

https://youtu.be/VBkLNxdUhb8
රෑට නින්ද යන්නෙ නැති යාළුවන්ට හොඳ වීඩියෝ එකක්,ඩේට කැපෙනව කියල හිතෙනවනම් Quality අඩුකරල අහන්න,විනාඩි දෙකෙන් නිදිමත එන්නෙ කඩාගෙන😂 Try කරල අදහස කියන්නකො....🏃🏃‍♀️*(Recommend Headphones for best Quality )

23/10/2022

ඉස්සර නම් හිත රිදුනම
රණ්ඩු කලා
තරහ උනා
ආයෙත් යාලු උනා
ඒත් දැන් කරන්නෙ ...
සද්ද නොකර පාඩුවේ
ඉන්න එක....🙂

Ahinsa Nithumini

23/10/2022

පොඩිකාලෙ ඉඳන් තාමත් අපි හැමෝම ආදරේ කරන සින්දුවක්..🥰🥰
as long as you love me 💞

❤️ඇස් දෙකේ ලියා තිබූනු......පෙම්  හිතේ සොදුරු  ලකුණු .....ළං වෙලා බලන්  ඉදපු ......කාලයයි හොදම ගෙවපූ ....ජිිවිතේ  සුන්දර...
11/09/2022

❤️ඇස් දෙකේ ලියා තිබූනු......
පෙම් හිතේ සොදුරු ලකුණු .....
ළං වෙලා බලන් ඉදපු ......
කාලයයි හොදම ගෙවපූ ....
ජිිවිතේ සුන්දරයි ඔයා ළග හිතින් යන්නේ නෑ ඒ මතකේ නම් සඳත් එක්ක රෑ අහසේ තරු නුඹත් ඒ වගේ හැමදාමත් ........❤️

පෙරහැර කියන්නෙ අලිම නෙමෙයි...🥺💔🙏
12/08/2022

පෙරහැර කියන්නෙ
අලිම නෙමෙයි...🥺💔🙏

23/06/2022

🎧❤
සංගීතයක මිහිරියාව.....🎧❤

❤️😪  #අනේ_මන්දා +"බබා, මට ප්‍රශ්නයක්"-"විකාර කියවන්නෙපා. ඕවා විහිං දාගත්ත ඒවා"+"ඒ බං මං ප්‍රශ්නෙක"- "හරි බං පස්සේ කතා කර...
18/05/2022

❤️😪 #අනේ_මන්දා
+"බබා, මට ප්‍රශ්නයක්"
-"විකාර කියවන්නෙපා. ඕවා විහිං දාගත්ත ඒවා"

+"ඒ බං මං ප්‍රශ්නෙක"
- "හරි බං පස්සේ කතා කරමු මං වැඩක"

+"අම්මේ ,මට ප්‍රශ්නයක්"
-"උබලට නිකන් ඉදලා වෙන්න ඇති ප්‍රශ්න"

අවසන කොළයක මෙසේ ලියා
ඇය එල්ලිලා බාල්කෙක,

" ආදරය සොය සොයා
අතරමං විය
බොහෝ පිපාසා දැනුණි"

දැනුණා
තනිය ගිලගන්නා බැව්.
හදවතම හිස් මගෙ
ඇස් සමයි දැන් ඉරිතැලුනු
කතරකට
කියන්නට බොහෝ දේ
ඇත.
පවක් ඇති මා කල
ඒ නිසා අසන්නෙක් නැත
ඉතින් නිහඬ වෙමි "

ඉතින් අවසන මෙසේ කියමි..

කෙනෙක් ඔබෙන් මානසික සුවයක් බලාපොරොත්තු වේනම් පමා නොවන්න.උපදේශකයකු වන්න බැරි නමුත් ඕනෑම අයෙකුට හොද අසන්නෙක් විය හැක.ඔබේම ආදරණීයන් නොසලකා හරින්න එපා.හැකි සෑම විටකම ඔවුන්ට ඇහුම්කන් දෙන්න පුරුදුවන්න.කෙනෙක් අහිමි උනු පසු හැඩීමෙන් පලක් නැත.

Depression විහිලුවක් නෙමෙයි .කෙනෙක්ගෙ මානසික තත්වයන් සමග විහිලු කිරීම නවතාදමන්න. සමහරක් විටෙක සිනාසෙන ඇස් අතර කදුලු උල්පතක් තිබිය හැක.

❤ඔබේ ආදරණීයන්‍ට හොද සවන්දෙන්නෙකු වන්න.
❤ඔබේ මට්ටමින් අන් අයව සංසන්දනය නවත්තන්න....

 # #රට කරවන්න නම් මසුරන්  ඇතිව කැටේ..$$"හෝර්ටන් තැන්න දී ක්‍රීඩා පිටියකට..පවරා සිංහරාජය ලී මෝලකට..දුන්හිඳ ඇල්ල හරවා ජල ව...
18/04/2022

# #රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ..$$

"හෝර්ටන් තැන්න දී ක්‍රීඩා පිටියකට..
පවරා සිංහරාජය ලී මෝලකට..
දුන්හිඳ ඇල්ල හරවා ජල විදුලියට..
සමනළ කන්ද බදු දෙමු හෝටලයකට..

රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ..
වටිනා කියන දේ විකිණිය යුතුය රටේ..
අමන දනන් කෑගැසුවත් හතරවටේ..
ඒවා නොවික්කොත් අපි හැම මකරකටේ.."

#නන්දා මලනී සිහින් ස්වරයෙන් ගැයූ ස්වර අද දේශපාලුවන් විසින් උච්ච ස්වරයෙන් නිතර විලාප තබනු පෙනෙන්නට ඇත...

ඔන්න ඊයේ රට හදන්න ආව මහත්තුරු ඉතුරු කරල ගිය කුණු එකතු කරන අපේ රටේ ඇත්ත මිනිස්සු 😒❤️
16/03/2022

ඔන්න ඊයේ රට හදන්න ආව මහත්තුරු ඉතුරු කරල ගිය කුණු එකතු කරන අපේ රටේ ඇත්ත මිනිස්සු 😒❤️

පුතා: "තාත්තේ, මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?"තාත්තා : "ඔව් කියන්න පුතේ,  ඒ මොකක්ද?"පුතා: "තාත්තේ, තාත්තා පැයකට කොච්චර  ම...
11/03/2022

පුතා: "තාත්තේ, මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?"

තාත්තා : "ඔව් කියන්න පුතේ, ඒ මොකක්ද?"

පුතා: "තාත්තේ, තාත්තා පැයකට කොච්චර මුදලක් හොයනවද?"

තාත්තා : "ඒක අහන්න ඔයාට අයිතියක් නෑ නේ"

පුතා: "මට දැනගන්න ඕන.. අනේ මට කියන්න, ඔයා පැයකට කොච්චර මුදලක් හොයනවද?"

තාත්තා : " දැනගන්න ඕනමනම්, මම පැයකට ඩොලර් 100 ක් හොයනවා ."

පුතා: "ඔහ්! (හිස පහත් කර).

පුතා: "තාත්තේ, කරුණාකර මට ඩොලර් 50 ක් ණයට ගන්න පුලුවන්ද ?"
එය ඇසූ පියා කෝප විය.

තාත්තා: " මගෙන් සල්ලි ඉල්ලුවේ මෝඩ සෙල්ලම් බඩුවක්හරි වෙනත් විකාරයක් ගන්න නම් මං සල්ලි දෙන්නෙ නෑ. විකාර කතා කරන්නේ නැතුව කාමරයට ගිහින් නිදාගන්න. ආත්මාර්ථකාමී වෙන්න හදන්න එපා. ඔයා දන්නවනේ මං මේ සල්ලි හම්බකරන්නෙ කොයිතරම් අමරුවෙන්ද කියලා.

කුඩා දරුවා නිහඬවම ඔහුගේ කාමරයට ගොස් දොර වසා ගත්තේය.

පියා වාඩි වී තම දරුවා ඇසූ ප්‍රශ්නය ගැන කෝප වීමට පටන් ගත්තේය. මුදල් ලබා ගැනීමට කුඩා දරුවා එවැනි ප්‍රශ්න අසන්නේ කෙසේද?යනුවෙන් ඔහු කල්පනා කලේය.

පැයක් පමණ ගත වූ පසු,පියා සන්සුන් වී සිතන්නට පටන් ගත්තේය.

සමහර විට ඔහුට එම ඩොලර් 50න් මිලදී ගැනීමට අවශ්‍ය යමක් තිබෙන්නට ඇති. ගොඩක් සල්ලි ඉල්ලුවෙත් නෑ නේ.ඔහු දරුවාගේ කාමරයේ දොර ළඟට ගිහින් දොර ඇරියා.

තාත්තා : "පුතා, ඔයා නිදිද?"

පුතා: "නෑ තාත්තේ, මම ඇහැරිලා ".

තාත්තා : "මම ගොඩක් හිතුවා, සමහර විට ඔයාට සැර වුණා වැඩියි. ඒ දවසේ මං ගොඩක් මහන්සියෙන් හිටියේ..ඒ නිසා මං කේන්තියෙන් කෑ ගැහුව.මෙන්න ඔයා ඉල්ලපු ඩොලර් 50."

කුඩා දරුවා සිනාසෙමින් වාඩි විය.

පුතා: "ඔහ්, ස්තූතියි තාත්තේ!"

ඉන්පසු ඔහු කොට්ටය යටට ගොස් හංගපු මුදල් කිහිපයක් එළියට ගත්තේය. පිරිමි ළමයා ළඟ ඒ වන විටත් මුදල් ඇති බව දුටු පියා නැවතත් කෝප වීමට පටන් ගත්තේය. කුඩා පිරිමි ළමයා සෙමෙන් තම මුදල් ගණන් කර, පසුව පියා දෙස බැලීය.

තාත්තා : "ඔයාට දැනටමත් සල්ලි තියෙනවනේ ඇය මගෙන් ඉල්ලුවේ? ඔච්චර සල්ලි මොකටද?"

පුතා: "මොකද මට ගොඩක් සල්ලි තිබ්බේ නැහැ. දැන් මට සල්ලි තියෙනවා ඒ මට ඇති"

"තාත්තේ, මට දැන් ඩොලර් 100 ක් තියෙනවා. . මට ඔයාගේ වේලාවෙන් පැයක් මිලදී ගන්න පුලුවන්ද? අනේ හෙට ගෙදර ඉන්න. එතකොට මට තාත්තා එක්කම රෑ කෑම ගන්න පුළුවන් නේද?"

පියාට කතා කර ගැනීමට නොහැකි වී වචන ගොළු විය . ඔහු තම කුඩා පුතා වටා දෑත් යවා ඔහුගෙන් සමාව අයැද සිටියේය. වෙහෙස මහන්සි වී වැඩ කරන සැමට එය කෙටි මතක් කිරීමකි.

අපට සැබවින්ම වැදගත් වන අය, අපගේ හදවතට සමීප අය සමඟ යම් කාලයක් ගත නොකර අපගේ ඇඟිලි තුඩු හරහා කාලය ලිස්සා යාමට ඉඩ නොදිය යුතුය.

අපි හෙට මිය ගියහොත්, අප සේවය කරන සමාගමට දින කිහිපයකින් නව සේවකයකු බඳවා ගත හැකි ය. නමුත් අප අතහැර ගිය පවුලේ අයට සහ මිතුරන්ට ඔවුන්ගේ ජීවිත කාලය පුරාම අපේ පාඩුව දැනෙනු ඇත.එම නිසා මේ ගැන මොහොතක් ඔබ සිතාබලන්න,

උපුටාගැනීමකි

Address


Website

Alerts

Be the first to know and let us send you an email when වදන් Wadhan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share