HD TV

HD TV Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HD TV, News & Media Website, .

25/09/2022

Nawath mele karanulesa aragalaye sahodarayangen illa sitimi aragalayata jayawewa

Ratakana parayan
25/09/2022

Ratakana parayan

හදවතින්ම පරිසරයට ආදරය කරන මෙවන් දියණියන් රටට වසනාවක් අපේ රට ලස්සන කරන්න වෙහෙසවෙන ඔවුන්ව අගය කරමු .📸 ඡායාරෑප  : රොටරැක්ට්...
07/04/2021

හදවතින්ම පරිසරයට ආදරය කරන මෙවන් දියණියන් රටට වසනාවක්
අපේ රට ලස්සන කරන්න වෙහෙසවෙන ඔවුන්ව අගය කරමු .
📸 ඡායාරෑප : රොටරැක්ට් සමාජය කටුගස්තොට

ඉරිදා වැකිය....ලෝකය පුරාම කොරෝනා සමග සටනට ප්‍රතිශක්ති කරනය සිදුවන අතර ඇයි දියුනු රටක් වන ජපානය තවම පරක්කු....ජපානය යනු ව...
07/02/2021

ඉරිදා වැකිය....
ලෝකය පුරාම කොරෝනා සමග සටනට ප්‍රතිශක්ති කරනය සිදුවන අතර ඇයි දියුනු රටක් වන ජපානය තවම පරක්කු....

ජපානය යනු වසර ගනනාවකට පෙර ප්‍රතිශක්ති කරන එන්නත් නිෂ්පාදනයේ ලෝකයේ අංක එකේ ගමන් කල රටකි. අද වන විට නොබෙල් සම්මානයෙන් පිදුම්ලැබූ විශේෂශඥයන් 4 දෙනෙකූ ජීව මානව රටට සේවය කරති. එන්නත් නිෂ්පාදනය සඳහා කර්මාන්තශාලා රැසක (වෙනත් එන්නත්) නිෂ්පාදන කටයුතු දිනපතා සිදුවේ. අදවන විට කොරෝනා එන්නත නිපදවූ මව් සමාගම සමග එක්ව රට තුල නිපදවීමටද කටයුතු සුදානම්ව පවතී.
රටේ සෑම පුරවැසියෙකුගේ නිවසටම ළමා කාලයේ සිටම ලබාදිය යුතු එන්නත් පිබඳව පත්‍රිකාව වයස කාල වකවානුවට අනුව නොමිලේ තැපෑලෙන් එවන අතර දරැවාගේ කලලයේ සිට උපත දක්වා ද උපතේ සිට ලබා දිය යුතු එන්නත් සහ ඒ පිලිබඳ වාරථාව “මව සහ දරුවා සටහන් පොත” එනම් ජපන් බසින “ බොශි තෙචෝ “
ජපානයේ සිටින ශ්‍රී ලාංකයන්ද දන්නා පරිදි සැලසුම් සහගතව නගරයේ සෞඛය මද්යස්ථානය හෙවත් “හොකෙන් ජෝ”එක මගින් පාලනය කෙරේ.
මෙවන් වාතාවර්නයක් ඇති රටක කොරෝනා ප්‍රතිශක්ති කරනය තවම පමාවීමට හේතු කිපයක්ම බලපා ඇත. ප්‍රථම කරැන වන්නේ ඉහත කී ජපානය ප්‍රතිශක්ති කරන එන්නතින් ලෝකයේ ඉහල ස්ථානයේ වැජබෙන කාලයේ විවිද එන්නත් වල අතුරැ ප්‍රථිපල වලින් ජනතාවට විවිද රෝග වලට මුහුන දීමට සිදු වී ඇති අතර ඒ සියලු දෙනාටම සම්පූර්ණ වගකීම සහ වන්දි මුදල් ගෙවීමට රජයට සහ නිෂ්පාදන අංශයන්ට සිදු වී තීබීමය එමගින් පුද්ගලික අංශ නිෂ්පාදනය සහ පරීක්ෂණ වලින් ඉවත් වී ඇත. අදටත් වයස්ගත පුද්ගලයන් වන්දි මුදල් ලබමින් රෝග සමග ජීවත් වෙති.
තවත් කරැනක් වන්නේ සෑම එන්නතක්ම සම්පුර්ණ පරීක්ෂණයට ලක් කර සෞඛ්‍ය, කම්කරු හා සුභසාධන අමාත්‍යාංශයේ එන්නත් අනුමතිය ලබාගත යුතුය. එමගින් ඉහත සඳහන් රජයේ වගකීම හෙවත් යම් අතුරැ ප්‍රථිපලයකින් කරදරයකදී වන්දි ප්‍රශ්ණයට මුහුන දීමටය.
ඊලඟ කරැන නම් පිටරටක නිෂ්පාදිත එන්නතේ සාර්ථකත්වයේ “දත්ත” ලබාගෙන ඒ පිලිබඳ රටටම ප්‍රසිද්ධ කර ජනතාවගේ විස්වාශය ලබා ගැනීමය. ජපන් සමාජය යනු ඔනම දෙයක් පිලිබඳ ලෝකයේ තොරතුරැ සොයා බලන නිසාවෙනි. රජය දුන් පලියට ලබාගන්නා සංස්කෘතියක් මෙහි නැත.
මේ වන විට රටේ සෑම තැනකටම එන්නත තබාගැනීමට අවශ්ය ශීතකරණ ලබා දී සවිකර අවසන්ය. එන්නත ලබා දීමේදී මිනිසුන් හැසිරවීම සහ හදිසි අවස්ථාවකදී කටයුතු කරන ආකාරය රටේ විවිද ස්ථාන වල පෙර පුහුනු වීම අද දිනයේද සිදු කරති.
සෑම දේකටම පෝලිමක් ඇති රටකි ජපානය.
මෙවැනි පිලිවලකට වැඩක් කිරීමේ සංකල්පය රටක හදිසි අවස්ථාවකදී කරදරයක් සේද පෙනෙනු ඇත.
අද උදෑසන ජපානයේ සෞඛ්‍ය, කම්කරු හා සුභසාධන අමාත්‍යතුමා සහභාගී වූ රෑපවාහිනී වැඩ සටහනේ සඳහන් වූයේ ඉදිරි දින කීපය එන්නතේ තීරානාත්මක දින කීපය බවයි. එනම්
1. පෙරවාරි මස 14 වන දින බෙල්ජියමේ සිට එන්නත ජපානයට පැමිනෙන අතර එම එන්නත් නැවත වරක්
2. පෙබරවාරි 15 වන දින සෞඛ්‍ය, කම්කරු හා සුභසාධන අමාත්‍යාංශයේ එන්නත් අනුමතියට යොමු කර
3. පෙබරවාරි 16 වන දින සෞඛ්‍ය අංශ වලට ලබා දීම සිදු කර
4. පෙබරවාරි 17 වන දිනෙන් පසු පලමුව සෞඛ්‍ය අංශයේ ක්‍රියාකාරිකයන්ගේ සිට එන්නත ලබාදීම ආරම්භ වීමට නියමිතය.
ඉහත ක්‍රියාදාමය අවසන් වී ජපානයේ සිටින එන්නත ලබාගැනීමට කැමත්ත පල කරන ජනතාවට ලැබෙන විට අවම ලෙස අප්‍රේල් මස අග භාගයවත් වේ යැයි මගේ මතය වේ. මේ මා ලබාගත් තොරතුරැ අනුව සංකල්පයක් පමනි. ඉක්මනින් එන්නත ලබාදීමේ ක්‍රියාවලිය සිදුවෙනු ඇතැයි විස්වා කල හැක. ඊට හේතුව වන්නේ එන්නත් රාජකාරිය භාදී ඇති “තරෝ කෝනෝ”Taro Kono (河野太郎) ඇමතුතුමා රාජකාරියට අතිදක්ෂ අවංක සේවකයෙක් බැවිනි.
ස්තූතීයි.
උපුටා ගැනීම (කපිල බණ්ඩාර)

菅総理、会見…私の心には響きましたよ〜頑張ろう東京都、頑張ろう日本🇯🇵ඔව් මේ ජපන් රටේ අගමැති “සුග යොශිහිදේ” තුමාය.(菅 義偉 すが よしひで)ඊයේ පෙබරවාරි 2වන දින ජපානයේ...
03/02/2021

菅総理、会見…
私の心には響きましたよ〜頑張ろう東京都、頑張ろう日本🇯🇵
ඔව් මේ ජපන් රටේ අගමැති “සුග යොශිහිදේ” තුමාය.
(菅 義偉 すが よしひで)
ඊයේ පෙබරවාරි 2වන දින ජපානයේ හදිසි අවස්ථා තත්වය තවත් මසකට දීර්ග කිරීම පිලිබඳ ජනතාව ඉදිරියේ සංවේදීශීලීව සවිස්තරාත්මකව කතා කරනවා ඔබ දුටුවාද.......
නැවතත් මසක් පුරා ....
රාත්‍රී අවන්හල් වලට නොයනලෙසත් ,
අනවශ්‍ය ගමන් බිමන් නවතන ලෙසත් ,
පිරිස සමග හමු නොවන ලෙසත් ,
පාලතක සිට තවත් පලාතකට නොයන ලෙසත් ,
උත්සව සාද නොපවත්වන ලෙසත් ,
වයිරසය පැතිරීමට ඉඩකඩ ඇති ක්‍රියා කලාපයන් නවතන ලෙසත් ඉල්ලා සිටියේය. හදිසි අවස්ථාව ප්‍රකාශ කිරීම යනු මෙකී දේ නොකිරීමට රජය ප්‍රකාශ කරන නීතිමය තත්වයකි.
මේ පැවති මාසය තුල තම පක්ෂයේ තිදෙනෙකු රාත්‍රී සමාජශාලාවකදී මත්පැන් බීම රටට හෙලිවී ඇති අතර
ඔවුන්ගේ නායකයා ලෙස ඉතා බැගෑපත්ව සමාව අයද ඒ අය පක්ෂයෙන් නෙරපා දැමුවේය. රටේ ජනතාවගේ බදු මුදලින් රට පාලනය කරන බවත් පාලන තන්ත්‍රය රටේ ජනතාවට වගකීමට බැඳී සිටින බවත් මේ කතාව බැලූ සැමට මතක් කර දී ඇත.
ඔව් මටනම් ජපානය ඉන්න හිතෙන රටකි.

31/01/2021

පරිස්සමෙන්

29/11/2020

Jada madaya karayo hariyata hoyanne balanne na me daruwata wechcha asadarane katawath ganakna elamaya japane eyata arakshawak nathinisa pemwatha ekka lankawata awe ekath siya kamaththen

බදුරුදීන්ලා පිල්ලෙයාන්ලා නිදහස් කරපුවා | කෝටි ගනං හොරා කාපුවා , KP ලට මොකද වුනේ , බැදුම්කර හොරුන්ට මොකද වුනේ ,මේ දේවල් අ...
29/11/2020

බදුරුදීන්ලා පිල්ලෙයාන්ලා නිදහස් කරපුවා |
කෝටි ගනං හොරා කාපුවා , KP ලට මොකද වුනේ , බැදුම්කර හොරුන්ට මොකද වුනේ ,

මේ දේවල් අමතක වෙච්ච තුට්ටු දෙකේ සමහරක් මාධ්‍ය වලට ලොකු අකුරෙන් " හෙඩ් ලයින් " දාන්න තරම් ,

ලංකාවෙ කොල්ලෙක් ජපන් කෙල්ලෙක්ව ගැබ් කරලා මාරු නොවී | තියෙන ආදරේට ලංකාවට අරන් ආපු එක මාතෘකාවක් වෙලා ..

#ලැජ්ජයි ..🖕🖕🖕

Toxic people - විෂ සහිත මිනිසුන් ඔබෙන් ලාබ ප්‍රයෝජන ගන්න විතරක් ඔබව ආශ්‍රය කරන, ඔබේ ජීවිතය පාලනය කරන්න හදන, ඔබව මානසික ව...
25/10/2020

Toxic people - විෂ සහිත මිනිසුන්

ඔබෙන් ලාබ ප්‍රයෝජන ගන්න විතරක් ඔබව ආශ්‍රය කරන, ඔබේ ජීවිතය පාලනය කරන්න හදන, ඔබව මානසික වශයෙන් පහලට වට්ටන විෂ සහිත පුද්ගලයන් ඔබේ ජීවිතයේ ඉන්නවාද ?

Psychology Group එකේ මේ විෂ සහිත මිනිසුන් පිලිබදව බොහෝ ලිපි පල වෙලා තිබුනා.. එම ලිපි වල එකතුවේ සාරාංශයක් ලෙස මෙසේ විෂ සහිත මිනිසුන් පිලිබද කතා කරමු.

විෂ සහිත මිනිස්සු එහෙම නැත්නම් Toxic People හදුන ගන්නේ කොහොමද ?

මානව විද්‍යාවේ Toxic People ( විෂ සහිත මිනිස්සු ) වර්ග ගණනාවකට බෙදනවා .
ඔබට සාර්ථකත්වය කරා ගමන් කිරීමට වගේම ජීවිතය සතුටින් ගත කිරීමට අවශ්‍ය නම් අනිවාර්‍යෙන්ම මේ විෂ සහිත මිනිසුන් පිළිබද දැන සිටීම අත්‍යාවශ්‍ය වෙනවා.

සමහරවිට මේ ලිපිය කියවන ඔබටත් විෂ සහිත මිනිසුන්ගේ ලක්ෂණ තියෙන්නට පුලුවන්. ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව කාගේ හෝ ජීවිතයක, විෂ සහිත පුද්ගලයෙක් , Toxic people කෙනෙක් වෙලා නම් වහාම ඔබේ ජීවිතයට හැරිලා බලලා ඒ තත්වෙන් මිදෙන්නට මේ ලිපිය ඔබට වැදගත් වෙයි .

මේ විෂ සහිත පුද්ගලයින් ප්‍රධාන වශයෙන් කොටස් 2කට වෙන් කර ගත හැකි.

• සුළු වශයෙන් ඔබව අපහසුතාවයට පත් කරන පුද්ගලයන්..
මොවුන්ගෙන් ගැලවෙන එක එතරම් අපහසු කාර්‍යක් නොවේ.

• ඔබව හිතා මතාම අපහසුතාවයට පත් කරන ඔබව දැඩි ලෙස පාලනය කරන පුද්ගලයන්. මොවුන් නිරන්තරයෙන්ම ඔබේ දුර්වලතැන් හදුනාගෙන ඒවාට පහර දෙනවා. ඔවුන් ඔවුන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් පමණක් ඔබව පාවිච්චි කරනවා. ඔබේ මනසට සෘණාත්මක අදහස් ඇතුලු කරලා ඔබව දැඩි ලෙස මානසිකව පහලට වැටෙන ලෙස ක්‍රියා කරනවා. ඔබගේ හිත හොදකමින්, මනුස්සකමින් ඔවුන් උපරිම ප්‍රයෝජන ගන්නවා.

ඒ වෙනුවට එයාලගෙන් ඔයාට ලැබෙන්නෙ මොනවද ?

• හිත්‍ රිදීම්
• බොරුව
• රැවටීම්
• වංචා කිරීම්..... etc

අපි කොහොමද විෂ සහිත පුද්ගලයින් හදුනා ගන්නෙ..?
මේ අයගේ පොදු ලක්ෂණ තියෙනවා. මේ ලක්ෂණ ඇසුරින් එකක් හෝ කිහිපයක් ඔබ ආශ්‍රය කරන සමීපතයන්ට ( ඔබ වටා සිටින අය ) තියෙනවද කියලා කල්පනා කරලා බලන්න.

(1) The Manipulative

ඔවුන්ගේ වාසිය වෙනුවෙන් ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම හසුරවන මිනිස්සු. අරයට කතා කරන්න එපා , මේක කරන්න එපා කියමින් ඔයාව ඔවුන්ට ඕන විදිහට මෙහයවීමට උත්සාහ කරන මිනිස්සු. ඔබ ලවා අකමැති දේවල් පවා කරව ගන්නවා. ඔබ විතරක් නෙමේ ඔබේ ජීවිතයේ සමීපතයන්, ( පවුලේ අය, යහළුවන්, දෙමාපියන් ) ව ඔබට එපා කරවලා ඔවුන්ගේ පැත්තට හරව ගන්නවා . ඔබේ ජීවිතයේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම විනාස කරනවා.

(2) Energy Drainers

ඕක කරන්න බැහැ බන් , උඹට ඕක බැහැ , ඕක උඹට කැතයි , උඹ කොට වැඩියි , උඹ මහත වැඩියි , මේ වගේ කතා කියමින් ඔයාව මානසිකව වට්ටන මිනිස්සු. සමහර අය ඔබට ආදරේ බව පෙන්නලා ඔබේ යහපත ගැන හිතලා මේ දේ කරන්නෙ කියලා පෙන්නලා ඔබව පාලනය කරනවා.
තවත් සමහරු ඔබව සම්පූර්ණයෙන්ම යටත් කරල ඔබේ ආත්ම ශක්තිය විනාශ කරලා දානවා.

(3) Spiritual Vampire

මූණට දැක්කම සුදූ , මැණික , වස්තුව කියලා පණ දෙන්න වගේ රඟපාලා ගියාට පස්සෙ ඕකාට හෙණ ගහපන් කියන , දේව ආත්ම වගේ පෙනී ඉන්න විෂ සහිත මිනිස්සු. කපන්න බැරි අත ඉඹිනවා වගේ ඉන්න මිනිස්සු

(4) They are Backdtabbers

එකට ඉන්න කාලෙ ඔක්කොම රහස් ටික ,ඕපාදුප ටික එකතු කරගෙන , පොඩ්ඩක් හිත හොඳ නැති වෙච්ච ගමන් දෙතුන් ගුණයක් අතිනුත් දාලා , තමන් හොඳවෙලා අනුන්ගේ රහස් ටික වටේටම හල හල යන කුණු කරත්ත වගේ මිනිස්සු.

ඔබට හොද මූන පෙන්නලා ඔබේ පිටට පිහියෙන් අනින අය. මොවුන් කරන්නේ ඔබට හොද මුහුන පෙන්නලා විශ්වාසය දිනාගෙන ඔබේ සියලු විස්තර ඔබ සමග විවෘතව කතා කරනවා. ඔවුන් ඒයින් ඔබේ දුර්වලකම් හදුනාගෙන අවස්ථාව ලැබුන සැනින් ඔබට පහර දෙනවා . සමාජය තුළ, ඔබේ ආයතනය තුළ, ඔබේ යහළුවන් අතර ඔබේ ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම විනාස කරලා දානවා.

(5) The fake compliments

ඔයා හරි ලස්සනයි , ඔයා හරි හොඳයි කියමින් ඔබව මුරුංගා ගස් වල උඩටම නග්ගවා ''අරයට බැනහන්කෝ , මෙයාට හින්ට් එකක් ගහපන්කෝ ,කියමින් තමන්ගෙ වැඩේ කරගන්න ඔයාව උඩ තියන මිනිස්සු. ඔවුන් සැම විටම ඔබ ලවා ඔවුන්ගේ වාසියට වැඩ කරගන්න උත්සහ කරනවා

(6) Opportunists

තමන්ගෙ වැඩේ කරගන්න කරගන්නකන්, ඔබෙන් ඔවුනට ඇති ප්‍රයෝජනය ගන්නකන් ලගට වෙලා ඉඳලා , ඒ කාර්ය ඉවර උනාට පස්සෙ උන් හිටි තැනක් වත් හොයාගන්න බැරිවෙන විදිහට අතුරුදහන් වෙන අවස්ථාවාදී මිනිස්සු.

(7) Family breakers

අනේ ඔයාගේ මහත්තයා වසයි නේද ? ඇයි උඹ ගෑනිට බය , අනේ මිනිහට ඔච්චර සලකන්න එපා , මට උඹේ ගෑණි ගැන සැකයි , ඔයාගෙ boy friend නරකයි ,ඔය වගේ ඔයාගෙ සහකාරයා / සහකාරිය ගැන ඔයාටවත් නොපෙනෙන පදනමක් නැති වැරදි දකින මිනිස්සු.

(8) They are Narcissistic

මේ ලෝකයේ ඔවුන් කැමති එකම කෙනයි ඉන්නේ. ඒ තමන් පමනයි. මේ අය තමන්ගේ රුඉපෙ ගැන, හැකියාවන් ගැන, දක්ෂතා ගැන , ප්‍රතිරූපය ගැන මත්වෙලා අධි තක්සේරුවකින් ඉන්නෙ. නිතරම මේ අය තමාව උසස් කරලා අනිත් අයව පහතට හෙලනවා.

(9) JJ ( Jealous - Judgmental )

තමන්ට නැති දෙයක් අනිත් අයට ලැබීම දරාගන්න බැරි , ඔබේ දියුණුව ඉවසන් ඉන්න බැරුව ඉර්සියාවෙන් කුහකකමින් හිත් පුරවන් ඔබට හොද මුහුණ පෙන්නන් ඉන්න මිනිස්සු

(10) You always have to prove yourself

ඔබ කරන කියන හැම දේකටම හේතු පෙන්නන්න , ඔප්පු කරන්න ඔබට සිද්ධ වෙනවා. කාලයක් යනකොට ඔබේ මනස පුරුදු වෙනවා ඔබ කරන හැම දේකටම හේතු හොයලා තියාගෙන අවශ්‍ය වෙලාවට උත්තර බදින්න.

(11) They Dont let you walk away

මොවුන් ඔබට කිරීමට හැකිදේ ගැන ඔබට පෙන්නලා දීලා ඔබේ හිතේ ලෝබයක් ඇති කරනවා. ඒ වගේම ඔබට ආදරය කරන අය කෙරෙහිත් ඔබේ හිතේ වෙෙරයක් ඇති කරලා ඈත් කරලා ඔබව ඔවුන් සමගම බැද තබා ගන්නවා.

(12) They Cut down your helping and isolate you

ඔබට ඇත්තටම ආදරය කරන පුද්ගලයන්ගෙන් ඔබව ඈත් කරලා ඔවුන් ඔබව තනි කරගන්නවා. මොකද ඔබ තනිවුනාට පස්සෙ ඔවුන්ට කිසිම බාධාවක් නැතුව ඔබෙන් දිගටම ප්‍රයෝජන ගන්න පුලුවන්.

දැන් විෂ සහිත පුද්ගලයින් ගැන හොද අවබෝධයක් ඔබට තියෙනවා.

ඉතින් ඔයාට සතුටින් ඉන්න ඕන නම් ඒ කියන toxic peopleලාගෙන් ඈත් වෙන්න. ඔබේ වර්ධනයට උදව් කරන විෂ රහිත පුද්ගලයින් ඔබේ ජීවිතයට ලං කර ගන්න.

ඔබට ඉතමත් ආදරය කරන ඔබේ ජීවිතය ගොඩ නගන්න උදව් කරන කල්‍යාන මිත්‍රයන් සමග ගැටීම් , සිත්‍ රිදීම් උන අවස්ථා ඔබටත් ඇති. මෙවැනි අවස්ථා වලදි නුවනින් විමසලා ඔබට ඉතාමත් අවංකවම උදව් කරන පුද්ගලයින් සහ ඔබෙන් ප්‍රයෝජන පමණක් ගන්න බලන් ඉන්න විෂ සහිත පුද්ගලයින් වෙන් කර හදුනා ගැනීම ඉතා වැදගත්.

අතීතයට එබිකම් කරලා බලන්න. යම් පුද්ගලයෙකුගේ ක්‍රියා කලාපයන් නිසා ඔබ ඉහලට එස උනාද, තියෙන තැනෙනුත් පහලට වැටුනද , ඔබගේ මානසික ශක්තිය වර්ධනය උනාද බිද වැටුනාද, සමාජය, පවුල තුළ ඔබට අලුත් පිළි ගැනීමක් ඇති උනාද නැත්නම් ඔබට තිබෙන ප්‍රතිරූපයත් විනාශවෙලා ගියාද ?

මේ විදිහට කල්පනා කරලා බලනකොට ඔබට තේරුනොත් ඔබේ ජීවිතය මේ පුද්ගලයා නිසා දියුණු උනා කියලා ඔහුව යලි යලිත් ආශ්‍රය කරන්න.

මේ විදිහට කල්පනා කරනකොට ඔබට හිතුනොත් ඔබේ ජීවිතය විනාශවෙලා පිරිහිලා කියලා අන්න ඒ පුද්ගලයා විෂ සහිත පුද්ගලයෙක්. ඒ පුද්ගලයාව ඔබ ඈත්ම කරලා දාන්න.

පෝස්ට් එක කියවන හැමෝගෙන්ම කමෙන්ට් එකක් ඔනි 😃👇


https://www.facebook.com/epsychology.lk/

"ඒක අමාරු ද?ඔයාට ආදරය නොකරන කෙනෙකුට ආදරේ කරන එක?ඒක තමයි මේ ලෝකෙ තියෙන සුන්දරම හැඟීම.....ඒක ඔයාව දුර්වල කරන්නෙ නැද්ද? කොහ...
18/10/2020

"ඒක අමාරු ද?

ඔයාට ආදරය නොකරන කෙනෙකුට ආදරේ කරන එක?

ඒක තමයි මේ ලෝකෙ තියෙන සුන්දරම හැඟීම.....

ඒක ඔයාව දුර්වල කරන්නෙ නැද්ද?

කොහෙත්ම නෑ. ඒකපාර්ශ්වික ආදරය තරම් බලවත් දෙයක් ලෝකෙ කොහේවත් නෑ. ඒවා අනිත් බැඳීම් වගේ බෙදාගන්න බැහැ.

ඒක මගේම විතරයි....මටම විතරයි.

මට එයාට ආදරේ කරන්න එයා මාත් එක්ක ඉන්නම ඕන නෑ....

ඊට වඩා හොඳ ආදරයක් තියෙන්න පුළුවන් ද?

"නුඹ ආදරේ නාමයෙන් සූදු කෙළිනව නම්,

ඕනම දෙයක් ඔට්ටුවට අල්ලන්න මොකටද බයවෙන්නෙ?"

දිනුවොත් ඒක කොච්චර සුන්දර ද?

පැරදුණොත් ඉතින් නැතිවෙන්න දෙයක් නෑනෙ."

🇯🇵🇯🇵🇯🇵💪💪💪කොමිස් නැති නිසා ගසා කන්න බැරි නිසා අපේ ලොක්කො අවලංගු කරේ මෙවැනි කාර්‍යක්ශම ගමනාගමන පද්ධතියක්..👇👇👇
18/10/2020

🇯🇵🇯🇵🇯🇵💪💪💪කොමිස් නැති නිසා ගසා කන්න බැරි නිසා අපේ ලොක්කො අවලංගු කරේ මෙවැනි කාර්‍යක්ශම ගමනාගමන පද්ධතියක්..👇👇👇

15/10/2020

" හාමුදුරුවනේ... කැමති වෙන එකෙයි, ආදරයෙයි වෙනස මොකද්ද

" මහත්මා... ලස්සන සුවද හමන මලක් දැක්කහම, ඒ මලට කැමති වෙන කෙනා කරන්නෙ ඒ මල කඩාගෙන සුවද විදිනවා.
හැඩ බලනවා

ඒ මලට ආදරය කරන කෙනා
හැමදාම ඒ ගහට වතුර දානවා

කැමැත්තයි, ප්‍රේමයයි යනු දෙකක්

"කැලේ තියෙන කොයි දේ වත් රස වේවා
මලේ බබරු මෙන් පිරිවර ඇති වේවා
අව්වේ තියෙන රැස් මාලා අඩු වේවා
ගවුවෙන් ගව්ව දිව මාලිග සෑදේවා...

සුවද බොජුන් වැලදූ මගේ හිමි සදට
නිබද බොජුන් රස කර දුන් වලදන්ට
සුවද පලාපල වෑවියන් හිමියන්ට
සුවද මල් නිතර පිපියන් හිමි සදට...

කාරණාව බුදු වෙනවා ලකුනු දැනේ
නෑර කැටුව ආවා මම සරන ගෙනේ
භාවනාව තොර නොකරමි සිතින් අනේ
මාලිගාව අද අදුරැයි ස්වාමිනේ...

හිමයේ ගොසින් මල් යහනක සිටිනවද
කොමල අනගි සිරිපා දෙක රිදෙනවද
හිගේ නැතුව දෙවියෝ මුර කරනවද
මගේ ඇත් රජුනි නුඹ අද කොතැනකද...
(-යශෝධරා වත-)

සැබෑ ආදරය ඇත්තේ ද පපුව පලා ගත්ත තැන නොව, දාරාගෙණ එය පපුවෙන් රැක්ක තැනයි.
යශෝදරාව දරා ගත්තා
දාරාගෙණ සසර පුරාවට බෝසතුන්ගේ පාරමිතා රැක්කා

සුමේද තාපයානෝ දීපංකර පාද මූලයේ විවරන ලබපු දවසේ සිට අසංකෙයිය කල්ප ලක්ශ 4ක් පෙරුම් පුරලා පෙරුම් පුරලා බුද්දත්වය ලබන කම්ම සසරේ ඇය දරා ගත්තා

ආදරය යනු අත් පටලවා ගත් තැනම නොව. ආදරයෙන් දරා ගත්ත තැන ලෙස නිවරදි විය යුතුමයි.
සැබවින්ම ආදරය ඇත්තේ එතනයි.
පටලවා ගත් අත් අත් හැරෙන කොට අනෙකාට ශාප කරන තැන ප්‍රෙමයක් නැත.
ප්‍රේමය ඇත්තෙ හෘද්‍යාංගමව බැදෙන අපූරුම හැගීමකය. ඒ හැගීමට වචන නැත.

යශෝදරා, බිම්බා, භද්දකච්චායනා
මොන නමින් හැදින්වුවත් ඇය සිද්ධාර්ථ මහ බෝසතාණන්ගෙ පාදපරිචාරිකාව. ප්‍රේමවන්තිය, විශ්වාස වන්තියයි

ඇය අපගේ සසර ගමන පුරාම බෝ සතුන්ගෙ සංසාරීක ගමන් යෙහෙළිය සහ ප්‍රේමවන්තිය ලෙස හිත්වළ රැඳේනවාමයි.

ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, ජීවිතයේ අවසාන භාගයට මම මේ පැමිණ සිටින්නේ. මහ වීරයන් වහන්ස, “මම අද රාත්‍රියේ පිරිනිවන් පානවා. සංසාරය පුරාවටම මම ඔබ වහන්සේ සමඟ මේ ගමන ආවා. ඔබවහන්සේ ගැන මගේ සිත කය වචනය තුළින් යම් වරදක් වූවානම් ඒ සියලු වරදට මට සමාව ලැබේවායි” කියා ඉල්ලා සිටියා.

එවිට තථාගතයන් වහන්සේ වදාළා යශෝධරා ඔබ තථාගත ශාසනයේ අනුශාසනා අනුව කටයුතු කළ තැනැත්තියක්. ඔබ නිවන් අවබෝධ කළ තැනැත්තියක්ද කියා මේ සිව්වනක් පිරිසේ කාටහරි යම් සැකයක් ඇතිවුනානම් ඒ සැකය නැති කිරීම සඳහා සෘද්ධි ප්‍රාතිහාර දක්වා පෙන්වන්නැයි වදාළා.

එවෙලෙහි යශෝධරා තෙරණිය පවසනවා ‘මහවීරයන් වහන්ස ශාක්‍ය කුලයේ උපන් ස්ත්‍රි ලක්ෂණයන්ගෙන් යුක්ත වූ මම යශෝධරා වෙමි. ගිහි ගෙයි දී ඔබගේ බිරිඳ වී සිටියෙමි. මහ වීරයන් වහන්ස, මම එක්ලක්ෂ අනූසහසක් කාන්තාවන්ට නායිකාව වී සිටියා. මේ ලෝකයේ සුන්දරත්වය තුළ තථාගතයන් වහන්සේ හැරුණු කොට සුන්දරම අග්‍ර රූපයෙන් යුක්ත වූයේ මායි’.
ඊළඟට ඇය ශරීරය සක්වල හා සම කරගෙන ලිහිනි රූපයක් මවාගෙන පිල් කළඹ දකුණු සයුරට සමකරගෙන හිමාලයේ තිබෙන නානා රූක්ෂයන්ට පියාපත් සමකරගෙන සඳ හිරු දෙක දෑස වශයෙන් තබාගෙන අද්භූත ආශ්චර්යක් දක්වනවා.
ඒ වගේම ඇත්, අස්, පර්වත මහ සයුර, සඳ හිරු ආදී ස්වරූප උන්වහන්සේ අහසේ පෙන්වනවා. ඒ තුළින් හඬක් මතුවෙනවා “මහා වීරයන් වහන්ස, මම යශෝධරා. ඔබ වහන්සේගේ් ගිහි කාලයේ බිරිඳ. ඇස් ඇතියාණන් වහන්ස, නුඹ වහන්සේගේ පා මම වන්දනා කරමි” කියලා
ඒ වගේම එක් පියුමක් මවා දහසක් ලෝක ධාතුව ඒ පියුමෙන් වසනවා.
ඒ පියුම තුළින් හඬක් මතුවෙනවා ස්වාමිනි, මම යශෝධරා වෙමි. ඔබවහන්සේ ගිහි කාලයේ බිරිඳ. ඇස් ඇතියාණන් වහන්ස මම ඔබවහන්සේගේ පා වන්දනා කරමි කියලා.
ඊළඟට බ්‍රහ්ම රාජයෙකුගේ ස්වරූපය මවා ගෙන අනිත්‍යය ගැන ධර්මය ප්‍රකාශ කරනවා. ඒ වගේම කියනවා මහ මුනින්ද්‍රයන් වහන්ස, දිව්‍ය ශ්‍රවණයෙන්ද අනුන්ගේ සිත් දක්නා නුවණින්ද පෙර විසූ කඳ පිළිබඳ දක්නා නුවණින්ද දිවස් ඤාණයෙන්ද යුක්තවූ ෂීනාෂ්වර තැනැත්තියක් වෙමි. මම අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන කියන පටිසම්භිදා ඤාණය ඔබවහන්සේගේ ශාසනය තුළින් ලැබුවෙමි. ඒ නිසා මහ වීරයන් වහන්ස මා විසින් බොහෝ පින් රැස්කර ගත්තා. මා විසින් අනාචාරය දුරුකොට ඔබවහන්සේ උදෙසා කල්ප ගණන් ජීවිතය පූජාකළා. කල්ප දහස් ගණන් ඔබවහන්සේ පාරමි ධර්ම පුරද්දී මම බිරිඳ වෙලා හිටියා. ඒ බොහෝ අවස්ථාවලදී මාව දන් දුන්නා. නමුත් ඒ කිසිම අවස්ථාවකදී මම ද්වේෂ සහගත සිතක් ඇතිකර ගත්තේ නැහැ. මහ මුනින්ද්‍රයන් වහන්ස, ඔබ වහන්සේ පාරමි පුරද්දී නොයෙක් කල්ප ගණන් සිය දහස් ගණන් ලක්ෂ ගණන් ආත්මවලදී යක්ෂ රාක්ෂයන්ට මාව දන් දීල තිබෙනවා. ඒත් මම කිසිම අවස්ථාවකදී ඔබවහන්සේ කෙරෙහි නපුරු සිතක් ඇතිකර ගත්තේ් නැහැ. නොයෙක් අවස්ථාවල දී මගේ ජීවිතය මම ඔබහන්සේ උදෙසා පරිත්‍යාග කොට තිබෙනවා. සිංහයන්, ව්‍යඝ්‍රයන්ගෙන් කරදර වූ අවස්ථාවලදී ඔබ වහන්සේගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මම ඒ සතුන්ට බිලිවෙලා තියෙනවා.
මේ විදිහට සංසාර ගමන මතක් කරමින් නැවත වදාළා ඔබ වහන්සේ සම්බුද්ධත්වය උදෙසා පාරමි පුරද්දී යාචකයන්ට බොහෝ දන් දුන්නා. මම මගේ ශරීරයේ තිබුණු සියලු වස්ත්‍ර ආභරණ සියල්ලම නොසඟවා ඔබවහන්සේ ඉදිරියේ තමා ‘ස්වාමිනි මෙයත් පූජා කරන්න’ කියා කිව්වා.
කෙත්වතු, දූ පුතුන් සියල්ල, පරිත්‍යාග කරන කල්හි ගණන් කළ නොහැකි ප්‍රමාණයේ අත්, අස්, ගව, මහේෂ්‍ය ආදී සේවකයෝ ද ඔබවහන්සේ බුදුබව පිණිස පූජාකරන කල්හි ඒ සියල්ලටම මමත් එකඟ වුන. මා විසින් අනාචාරය දුරුකොට ඔබවහන්සේ උදෙසා කල්ප ගණන් ජීවිතය පූජාකළා.
යාචකයන්ට දන් දෙමියි ඔබවහන්සේ මට යම්කිසි බසක් පැවසුවාද මමත් ඒ සඳහා සූදානම් වෙලා හිටියා. මගේ සිතේ ඒ සඳහා කිසිදු දොම්නසක් හට ගත්තේ නැහැ. මහ වීරයාණන් වහන්ස, ඔබවහන්සේ පාරමි පුරද්දී විවිධ ජාතිවල බොහෝ දුක්පීඩා වින්දා. ඒත් කවදාවත්ම මම ඔබ වහන්සේ කෙරෙහි දොම්නසක් ඇතිකර ගත්තේ නැහැ.

එහෙයින් මට අවසර දෙන්න සසරින් නිවිලා යන්න 🙏
අයෙත් මතු කවදාවත් මේ සසරට පා නොතියන්න

බුදු හිමි දෙපා පා වැද
අවසන ඇය ද සසරින් නිවිලා ගියා

ගෞතම මුනිදුගෙ සසුනේ වැඩ හිදිමින්
මරු පරදවා අරහත් බල පතුරවමින්
හඩනා ශෝක මුල් හැම උදුරා දමමින්
බබලමි අම නිවන් පුර සැප ලබමින්

දම් ගගන තලාවේ අමවරා පැතිරුණා
විහිදෙනා බුදු රැසින් මගේ හිත සැනසුනා
ලොව්තුරා බුදු වරුන් පසසනා ගුණ දරා
පිරි නිවන් දුටුව මම කපිල පුර යශෝදරා

ප්‍රේමය ..................

🙏

14/10/2020

කොරෝනා බ්‍රැන්ඩික්ස් පොකුර ආනයනය කෙළේ ඉන්දියාවෙන්; පැන්නුවේ වියත්තුන්ගේ මහිමයෙන්; තොරතුරු ලීක් වීමෙන් ආණ්ඩුව පරල වෙයි..!
-චන්ද්‍රප්‍රදීප් හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2020.ඔක්.07, ප.ව.9.00) මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කම්හලෙන් හමුු වූ කොරෝනා පොකුර ඇරඹී ඇත්තේ සැප්. 22 දින ඉන්දියාවේ විශාකාපට්ටම් සිට මත්තල දක්වා පැමිණි යූඑල් 1159 දරණ යානයෙන් ශ්‍රී ලංකාවට ගොඩ බට ඉන්දීය ජාතිකයන් පිරිසකගෙන් බව සැක කෙරේ. ‌මේ පිරිස ගෙන්වාගෙන ඇත්තේ බ්‍රැන්ඩික්ස් සමාගම විසින් කුළියට ගත් (චාටර්) ගුවන් යානයකිනි. (සාක්කි සේයාරුවක දැක්වේ) වාර්තාවන අන්දමට ඒ පිරිස ලංකාවේ නියමිත නිරෝධායන ක්‍රියාදාමයට වංගුවක් ගසා එළියට ගෙන තිබේ. ඒ මන්ද යත් නිසි පරිදි දින 14 ක් නිරෝධයන මධ්‍යස්ථානයක දී ද තවත් දින 14 ක් නිවසේ දී ද නිරෝධායනය වී නම් ඔවුන් සමාජ ගත විය යුත්තේ ලබන ඔක්තෝම්බර් 20 වෙනිදා ය. අවම නිරෝධායන ක්‍රියාමාර්ගය අනුගමනය කළේ නම්, ඒ පිරිස බ්‍රැන්ඩික්ස් ප්‍රථම රෝගියා හමු වූ ඔක්. 5 දා වන විටත් සිටිය යුත්තේ ලියාපදිංචි නිරෝධායන මධ්‍යස්ථානයක ය. නමුත් බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් මේ පිරිස ස්වයං නිරෝධායනයට ලක් කිරීමේ "පොරොන්දුවක්" මත ලංකාවේ ආණ්ඩුවේ ඉහළම මැදිහත්වීමකින් නිදහස් කර ගෙන ඇත.

ඉන්දියානුවන් ගෙන්වූයේ 'ජොකී' මහන්න..
----------------------
බ්‍රැන්ඩික්ස් ආයතනයේ කම්හලක් ඉන්දියාවේ ද තිබේ. කෝවිඩ් තත්වය හේතුවෙන් විදේශ රටවලින් ඉන්දියාවට දී තිබූ ඇඟලුම් ඇනවුම් අවලංගු වෙමින් ඒවා ලංකාවට ලැබෙමින් තිබී ඇත. ඒ අනුව ඉන්දියාවේ කම්හලේ නිපදවමින් තිබූ 'ජොකී' නම් යට ඇඳුමක ඇනවුමක් ලංකාවට හරවා තිබේ. ඒකී අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඉන්දියාවේ සේවය කළ අදාල නිමැවුම සඳහා විශේෂ වූ පිරිසක් ලංකාවට ගෙන්වා ඇත. සැප් 22 වන විට එලෙස තෙවරක් බ්‍රැන්ඩික්ස් ආයතනය ඉන්දියාවෙන් කුළී ගුවන් යානා මත්තලට ගෙන්වා ඇත.

ඉහත කී ඉන්දීය පිරිස ලංකාවේ නියමිත නිරෝධායන ක්‍රියාවලියට යටත් නොවී, පසුදා සිටම බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවය කර ඇත. ඔක් 5 දා බ්‍රැන්ඩික්ස් හි සේවය කළ අසරණ සේවිකාවකගෙන් කොවිඩ් 19 හසු වුවද, සෞඛ්‍ය අංශ අද(07) ප්‍රකාශ කළේ විද්‍යාත්මක දත්ත අනුව සැප්. 25 වන විට කොරෝනා වෛරසය මේ කම්හලේ තිබී ඇති බවත්, ඉන් පසුව ආයතනයේ සේවක සේවිකාවන් කොරෝනා ලක්ෂණ ප්‍රදර්ශනය කර ඇති බවයි. උණ ඇතුළු කොරෝනා ලක්ෂණ තිබූ සේවිකාවන් 6 දෙනෙකු අසනීප බව කීවද කම්හලේ කළමණාකරුවා විසින් ඔවුන් දිගටම සේවයේ යොදවා ඇතැයි කම්හල් සේවිකාවෝ පවසති. ඒ අනුව බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ ආරම්භකයා පසුගියදා රජයේ ජඩමාධ්‍ය පවා අවලාද නැගූ එකී කාන්තාව නොවන බව මේ වන විට ඉතා හොඳින් පැහැදිලි වන අතර ඉහත කී ඉන්දීය පිරිසගෙන් මෙය ආරම්භ වී ඇති බවට සාධාරණ සැක පහළ වී තිබේ.

ඉන්දියානුවන් කොළඹ කැරොකේ වලටත් ගිහින්..
-----------------------
එලෙස පැමිණි ඉන්දීය ජාතිකයන් ලංකාවේ පිහිටුවා ඇති බ්‍රැන්ඩික්ස් ශාඛා කිහිපයකටම ගොස් ඇතැයි වාර්තා වේ. සීදුව, මීරිගම, පන්නල සහ මඩකලපුව යන ප්‍රදේශවල බ්‍රැන්ඩික්ස් ශාඛා පිහිටුවා ඇත. ඉන්දීය පිරිස ගියේ කුමන ශාඛාවලටදැයි හෙළි වී නැති නමුත් සීදුව, පන්නල, මිරිගම ආදී ප්‍රදේශ මේ වන විට කොරෝනා ඇඳිරි නීතියට යටත්ව තිබේ. එලෙස පැමිණි එක් ඉන්දීය ජාතිකයෙක් බ්‍රැන්ඩික්ස් සේවකයෙක් සහ සේවිකාවක් සමග කොළඹ පිහිටි ප්‍රසිද්ධ කැරෝකේ සමාජ ශාලා කිහිපයකටම ගොස් ඇතැයි ද, මේ වන විට එකී ඉන්දීය පිරිස ආපසු ඉන්දියාව බලා ගොස් ඇතැයි ද බ්‍රැන්ඩික්ස් ඉහල නිලධාරියෙක් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට ප්‍රකාශ කළේය. ලංකාවේ කොරෝනා පරීක්ෂකයින් මෙම කැරොකේ කතාව 5 වෙනිදා රාත්‍රියේම දැනගෙන තිබූ අතර එදින කොළඹට ඇඳිරි නීතිය දැමීමට ද යෝජනා කර තිබූූ නමුත් පසුව එය ඉහළ අණකින් කල් දැමුුුුණු බව පොලිසියේ ඉහළ නිලධාරියෙකු අප වෙත පැවසීය.

බ්‍රැන්ඩික්ස් අයිතිකරුවන් ඉහළම දේශපාලන සබඳතා යොදාගනිමින් ඉහත කී ඉන්දීය පිරිස් නිරෝධයානයෙන් තොරව රට තුළට ඇතුළු කර ගත්තේ කෙසේද?

නිරෝධායනය නොකර පැන්නුවේ කව්ද? කෙසේද?
------------------------
ලංකාවේ වත්මන් නවීන ඇඟලුම් කර්මාන්තයේ පියා ලෙස සැලකෙන්නේ ඇමරිකාවේ ඉදිරි දැක්මක් සහිත ව්‍යාපාරිකයෙක් වූ මාර්ටින් ට්‍රස්ට් ය. බ්‍රැන්ඩික්ස් ආයතනය 1969 දී පිහිටුවන්නේ ඔහුගේ සහායෙනි. ඉන්පසු 1972 දී පමණ ඔ්මාර් ගෲප් නම් සමාගම සමග බ්‍රැන්ඩික්ස් සමූහ සමාගමක් බවට පත්වේ. පසුව ලංකාවේ කීර්තිමත් ව්‍යාපාරිකයෙකු වූ දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍රන් ගේ සභාපතිත්වයෙන් සහ ප්‍රධාන විධායකත්වයෙන් යුතුව බ්‍රැන්ඩික්ස් සමාගම ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ ඉහලටම පත්වන්නේ ය. කෙන් බාලේන්ද්‍රන්ගේ විශ්‍රාම ගැනීමෙන් පසු බ්‍රැන්ඩික්ස් හි අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ අශ්රොෆ් ඔ්මාර් ය. ඔ්මාර් පවුලේ අස්ලාම් ඔ්මාර්, ෆෙරෝස් ඔ්මාර් ආදීහුද බ්‍රැන්ඩික්ස් අධ්‍යක්ෂක වරුන් ය. ඉතිරි සියළු අධ්‍යක්ෂකවරු ඉන්නේ හතරකි. ඒ අනුව අද බ්‍රැන්ඩික්ස් යනු ඔ්මාර්ලාගේ බිස්නස් එකක් යැයි හැඳින්වුවහොත් වරදක් නැත.

ඉහත කී අශ්රොෆ් ඔ්මාර් යනු ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට මග හසර හෙළි කළ වියත්මග සංවිධානයේ ප්‍රධානියෙකි. කමල් ගුණරත්නලා ඔහු ඉදිරියේ කුක්කන් ය. ලංකා ඊ නිව්ස් වෙත නිල නොවන ලෙස වාර්තා වන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ කැම්පේන් එක සඳහා ප්‍රථම රුපියල් බිලියනය හෙවත් රු. මිලියන දහස පරිත්‍යාග කෙළේ අශරොෆ් ඔ්මාර් කියා ය. ඒ සමගම බ්‍රැන්ඩික්ස් සමූහයේ ආරක්ෂාව බාර ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ හිටපු ගුවන් හමුදාපතිවරයෙකු (2011 – 2014) වන හර්ෂ අබේවික්‍රම ය. හර්ෂ, දින 52 ආණ්ඩුවේ, ලංකා බැංකුවේ සභාපතිවරයා ද විය.

ඉහත කී ඉන්දියන් ජාතිකයින් පිරිස ලංකාවේ නියමිත නිරෝධායන ක්‍රියාදාමයට වංගුවක් ගසා එළියට ආවේ ජනාධිපතිවරයාගේ සිට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්න හරහා දිවෙන බ්‍රැන්ඩික්ස් සමීප සබඳතා භාවිත කරමින් බව ලංකාවේ ජනතාවට අමුතුවෙන් කිව යුතු ද?

පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළාට පසු ශවේන්ද්‍ර සහ බ්‍රැන්ඩික්ස් ප්‍රතික්ෂේප කරයි..
--------------------------
මෙම කරුණු අද (07) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ගාල්ල මන්ත්‍රී මනුෂ නානායක්කාර විසින් අනාවරණය කළ විට විපක්ෂයේ මහින්දානන්ද අළුත්ගමගේ අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ඊට දැඩි ලෙස බාධා කළේය.

පාර්ලිමේන්තුවේ දී සිද්ධිය ප්‍රශ්න කිරීමත් සමග ලංකාවේ 'කොරෝනා ලොක්කා' වන යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින්, චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණ කළ බවත් සජිත්ගේ චෝදනාව සම්පූර්ණ අසත්‍ය බවත් ප්‍රකාශ කෙළේය.

ඉන්පසුව බ්‍රැන්ඩික්ස් ආයතනය ද නිවේදනයක් නිකුත් කරමින් ඔවුන්ද චෝදනාව ප්‍රතික්ෂේප කර තිබිණ. කුළියට ගත් ගුවන් යානා 3 කින් ඉන්දියාවේ සිට පිරිස් ගෙන්වූ බව සත්‍ය නමුත්, ඒ සියළු දෙනා ඉන්දියාවේ පිහිටා ඇති ඔවුන්ගේ කම්හලේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් බවත්, ඒ අවස්ථා තුනේ දීම කිසිදු ඉන්දීය ජාතිකයෙක් නොසිටි බවත්, අඩුම ගණනේ අදාල රෙදි වර්ගයක් හෝ ඉන්දියාවෙන් ගෙන්වා නැති බවත්, පැමිණි ශ්‍රී ලාංකිකයන් ද ලංකාවේ නියමිත නිරෝධායන පිළිවෙත් අනුගමනය කළ බවත් බ්‍රැන්ඩික්ස් නිවේදනයේ දැක්වේ.

ප්‍රතික්ෂේප කිරීම් වල බරපතල ප්‍රශ්න..
----------------------
ඉහත ප්‍රතික්ෂේප කිරීම් දෙක විශාල ප්‍රශ්න ඉතිරි කර තිබේ. ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රතික්ෂේප කිරීම තුල බ්‍රැන්ඩික්ස් ආයතනය පිළිගන්නා අවස්ථා 3 කින් ඉන්දියාවේ සිට පිරිස් ගෙන්වූ බව නොකියයි. බ්‍රැන්ඩික්ස් ප්‍රතික්ෂේප කිරීම තුල තමන් ගෙන්වූ ගුවන් යානා 3 ආවේ කුමන දිනවල දී ද යන්න හෙළි නොකරයි. එමෙන්ම තමන් ගෙන්වූයේ ශ්‍රී ලාංකික සේවකයන් පමණක් නම් ඔවුන් දැනට ඉන්නේ කවර කවර නිරෝධායන මධ්‍යස්ථාන වලද යන්න හෙළි නොකරයි. ඒ ඇයි?

කෙසේ වෙතත් මෙම වාර්තාව ලියන අවසන් මොහොතේ ලැබුණු අවසන් තොරතුරකින් කියැවුනේ සිද්ධිය ලීක් වීමෙන් පසු අශ්රොෆ් ඔ්මාර් ඇමැතූ ජනාධිපති ගෝඨාභය 'තමුසෙ මාව කෑවා' යි කියා බැන වැදුනු බවයි.

පසු සටහන:
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඇරඹුනේ ඉන්දියාවේ සිට පැමිණි පිරිසකගෙන් යයි කියා ප්‍රථමයෙන්ම වාර්තා කෙළේ රාජපක්ෂ පවුලේ අයටම සම්බන්ධ වෙබ් අඩවියකිනි.

-චන්ද්‍රප්‍රදීප්-
ලියුම්කරුගේ පෙර ලිපි එකතුව
https://www.lankaenews.com/category/54

මම මගේ ආචාර්ය උපාධියෙන් පසු විවාහ වුනා.  බිරිඳ  බොහොම නිදහසේ හැදුන කෙනෙක්. ඇගේ මව ඉන්දියානු සහ පියා බ්‍රිතාන්‍ය ජාතිකයෙක...
12/10/2020

මම මගේ ආචාර්ය උපාධියෙන් පසු විවාහ වුනා. බිරිඳ බොහොම නිදහසේ හැදුන කෙනෙක්. ඇගේ මව ඉන්දියානු සහ පියා බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ඇය ඉතාමත් නිදහස් චරිතයක් බ්‍රිතාන්‍ය ජාතිකයන් වගේ. ඇයට ආගමක් තිබුනේ නෑ. ඇය ඉතාමත් රූමත්. ඇදුම පැලදුම බ්‍රිතාන්‍යයන් වගේ. මම ඇයට ඉතාමත් කැමතියි නමුත් මම කැමති ඉන්දියානු කෑම සහ ඉන්දියානු ඇදුම් වලට. කොටින්ම මම ආසයි එයත් මගේ මව වගේ වෙනවට.

අපිට ඉක්මනට ලමයෙක් ලැබුනා. ඇගේ ආශාවක් තිබුනා මනෝ උපදේශකවරියක් වෙන්න. නමුත් මගේ පර්යේෂණ නිසා කාර්‍යබහුල වීමත් එක්ක ඇයට අගේ හීනය අත අරින්න සිදු උනා. මට ඒ ගැන ලොකු හැගීමක් තිබුනේ නෑ. ඇය දැන් සම්ප්‍රදායික ඉන්දියානු කාන්තාවක්. මගේ මව වගේම ගෙදර වැඩ සියල්ල කලේ ඇය. අපි හරි ආදරෙන් හිටියා. මම එහෙම හිතුවා. සති අන්තයේ අපි සංචාරය කරා. ඒවත් මම යොදා ගත්තේ මගේ රජකාරියට පහසු වෙන විදියට. ඇයත් ඉතා ලස්සනට හිටියා. මම හිතුවා ඇය සතුටෙන් කියලා.

ඇය කවදාවත් මගේ අඩුපාඩුවක් කිව්වෙත් නෑ. ගෙදර සාමකාමී නමුත් මම කවදාවත් දැකලා තිබුනේ නෑ ඇය කොයිතරම් වැඩ කරනවද කියලා. නිතරම මම යාලුවන්ට කිව්වෙත් වයිෆ් ගෙදර නිකන් ඉන්නෙ කියලා. මම එයා කරන වැඩ නොදැක්කද නොමැතිනම් නොදැක්ක විදියට හිටියද කියලා මට තෙරෙන්නෙ නෑ. දවසක් මම ගෙදර එනකොට දැක්කේ වෙනදා දකින ගෙදර නෙවෙයි. බිරිඳ දරුවත් එක්ක රූපවාහිනී නරඹනවා. ඔවුන් Nando's Chicken ගෙනත් කනවා. එය ඇගේ ප්‍රියතම කෑමක්. ගෙදර අපිරිසිදුයි. ඇදුම් හැමතැනම. කුස්සියේ කාපු පිගන් පුරවලා. මට තරහයි. ඔලුව රිදෙනවා. වෙනදා ගෙදර මෙහෙම නෑනෙ. මම ඇගෙන් ඇහුවා;

"මොකක්ද වෙලා තියෙන්නේ? මහන්සි වෙලා ආවම ගෙදර දැක්කම ඔලුවෙ කැක්කුම හැදෙනවා."

"එහෙමද? මේ තමයි ගෙදර හැටි. ඔයා යාලුවොන්ට කියනවනේ මම නිකන් ඉන්නෙ කියලා. ඉතින් මම ඇත්තටම නිකන් හිටියා එහෙම උනාම කොහොමද බලන්න"

මට එදා තමයි තේරුනේ කාන්තාවක් කොයිතරම් වැඩ කරනවද කියලා. ඒකයි මම කිව්වෙ තමන් යම්කිසි දෙයක් දිහා බලන්නෙ තමන්ගේ මනසට සාපේක්ශව කියලා.

අද මගේ බිරිඳ මනෝ උපදේශිකාවක්. පුතා විශ්ව විද්‍යාලයක නීතිය ඉගෙනගන්නවා. කනගාටුව ඇය තමන්වම නැති කරගෙන හිටියේ පවුල වෙනුවෙන්. මට තේරුණේ නෑ ඇත්තම කිව්වොත් තේරුම් ගන්න උත්සාහ කලේත් නෑ. මොකද මගේ හිතේ තිබුන පව්ල කියන සංකල්පය තමයි සැමියා රැකියාව කරනවා බිරිඳ ගෙදර බලාගන්නවා. ඕක තමයි මම පොඩි කාලෙ ඉදන් දැක්ක පව්ල.

නමුත් ගෑනුලමයි, පවුල වෙනුවෙන් ඔබ ඔබම මරාගන්න එපා. ඒ වගේම පිරිමි ලමයි පව්ලේ වැඩ වලට උදව් වෙන්න. හැගීම් බෙදාගන්න. කතා කරන්න ඉඩ හදාගන්න. පව්ලේ වගකීම එක්කෙනෙකුට නෙවෙයි දෙන්නටම. ලමයි බලාගැනීම මවගේ පමනක් රාජකාරියක් නෙවෙයි. ඒ පවුල දෙන්නගෙම. ඉතින් ඔබට හැකි පමන සහය වෙන්න. එය බිරිඳට උදව්වක් නෙවෙයි. එය ඔබගෙත් යුතුකමක්. සහයෝගයෙන් තමන්ගේ හීනෙට යන්න. මෙහෙම කිව්වා කියල ගෑනුලමයි සැමියා ගෙදර එනකන් ඉන්න එපා වැඩ ටික කරගන්න.

තමන් තමන්ම වෙන්න. වටිනාකම් ලග වෙනස් උනත් සම්පූර්ණයෙන්ම වෙන කෙනෙක් වෙනන එපා. ඔබට ජය.

 #සුන්දර_දකුණේ_භාෂාව ❤️❤️❤️🤗😘🙏ඇහැකි - පුළුවන්මායම- තැවරී ඇති ස්වල්පයතැරවෙනවා- ගෑවෙනවාඩිංගිත්ත- ස්වල්පයහින්නික්කිතර - චුට...
04/10/2020

#සුන්දර_දකුණේ_භාෂාව ❤️❤️❤️🤗😘🙏
ඇහැකි - පුළුවන්
මායම- තැවරී ඇති ස්වල්පය
තැරවෙනවා- ගෑවෙනවා
ඩිංගිත්ත- ස්වල්පය
හින්නික්කිතර - චුට්ටක්
හිච්චිකිතර - මදක්
හීන් - පොඩි / පුංචි
හිච්චි - මද, මධ්‍යම
මහවට - ලොකුවට
ඩිංගක් - ටිකක්
පොඩිත්ත - ⁣පොඩ්ඩක්
ඇහිරෙනවා - රැස්වෙනවා
අනේ කවුද්දං - අනේ මන්ද
ඔහේ/ ඔයැයි - ඔයා
මෙයැයි - මෙයා
ඇතෙයි - ඇතිද
දෑවා - දැම්මා
පුංචෑයො - පොඩි ළමයි
මහගෙ - හාමිනේ
හින්නා - කුඩා කූඹියා
කඩියා - විශාල කූඹියා
අපදං කොරනවා -අපතේ හරිනවා
සොම්බක්වත් නෑ - චුට්ටක් වත් නෑ
මක්කයි - මොනවද
මක්කටෙයි - මොනවටද
මොටෝ? - මොකටද
මක්ක? - මොකක් ?
මක්කදේ එක - "මෙව්ව එක" වගේ අදහසක්
මහන්තත්තෙ - ආඩම්බර කම
පොළොත්ත - පොල් කටුව
යතුරු කටුව - හැට්ට කටුව
අඹවනවා - එළවනවා
වෑංජන - එළවළු කරි
වතු මොයිය- කෙසෙල් මුව
මාළු - පිහිනා යන මාළු , fish 😂
කරිජ්ජ - කරදිය
මිරිජ්ජ - මිරිදිය
තැම්බ - පිඬ (ගොම තැම්බ, කෙළ තැම්බ)
හිරේ - කසාදෙ
බඩකඩුත්තුව - කාන්තාවන්ගේ මාස් රෝගය
ගාය- වේදනාව/ අමාරුව
ඇලවංගුව - අලවංගුව/ ගල් ඉන්න
මූට්ටු කරනවා - පූට්ටු කරනවා
අහිනවා - රහිනවා
ලොවනවා - ලෙවකනවා
ආත්තා - ආච්චි
ජූල් - දිවුල්
පත්තක්කා - කොමඩු
ගොබලු - කුරුම්බැට්ටි
වෑවර - කුරුම්බා
තිත්ත ගෙබලි - ඉතා ළපටි
නෙට්ටිය - වලිගය
පාඩ - වයිරම්
රෑණ - කඹය
කරෝල - කරවල
⁣කොයිබෙයි - කොතනද
සබ්බද්දියංවාරෙ - පැත්ත පළාතෙ
ලතෝනි දෙනවා - විලාප දෙනවා
හත්වලාමේ/වලාමේ/හද්දෙයියනේ/හත්තිසිවලාමේ/විසිවලාමේ/හත්තුකේ - ( my God, oh my God, my Godnes) පුදුමය දැනවීමට ද, කතා බහේදී ආධාරක පදයක් ලෙසද, "දෙවියනේ" යන යෙදුමට සමානවද භාවිතා වේ..
කෑවයි? බිව්වයි? නෑවයි? ආදී ලෙස "යි" ප්‍රත්‍ය ප්‍රශ්නාර්ථයේ "ද" වෙනුවට භාවිතා වේ..
නැහැනො,, ඇත්තනො ආදි "නො" ප්‍රත්‍ය "නොවැ" යන ප්‍රත්‍ය වෙනුවට යෙදේ..

තව තියේ...පස්සෙ දාන්නම්...

දකුණේ භාෂාව ප්‍රාදේශීයව උප භාෂාවන්ට අනුව වෙනස් වන අතර රත්ගම බලපිටිය ප්‍රදේශවල වාග් විලාශය ලතාවකට උසුරුවනු ලැබේ..
මාතර බස සරල මටසිළුටු මිහිරියාවක් සහිතය..

වැරදි තියෙනවා නම් හදන්න...
අඩුපාඩු ඇත්නම් පෙන්වන්න...
ඔයාල දන්න ඒවත් කියන්න..
(ආච්චි, සීයා කෙනෙක්ගෙන් අහගන්න.. ඒක හරිම රසවත්..)

සටහනේ අයිතිය මුල් හිමිකරුට..

10/09/2020

Munta denda one hoda daduwamak nithiya itukaranda nodi rajakariyata bada kirimata thawada anek ayatath meyn padamak washayen uparima daduwam labadiyayuthuy

ඇය..මැය..😌
06/09/2020

ඇය..මැය..😌

      මේ දශකයේ බලවත්ම සුළි කුණාටුව විය හැකි බවට අනතුරු අඟවා ඇති හයිසෙන් නම් සුළි කුණාටුව ජපානයේ නිරිතදිග ප්‍රදේශයට බලපෑම...
06/09/2020


මේ දශකයේ බලවත්ම සුළි කුණාටුව විය හැකි බවට අනතුරු අඟවා ඇති හයිසෙන් නම් සුළි කුණාටුව ජපානයේ නිරිතදිග ප්‍රදේශයට බලපෑමක් ඇති කරනු ඇති බවට අනුමාන කර තිබේ.

ඉරිදා සිට සඳුදා දක්වා කියුෂු කලාපයේ සුළි කුණාටුව හදිසි අනතුරු ඇඟවීමේ මට්ටම දක්වා වර්ධනය වනු ඇතැයි කාලගුණ නිලධාරීහු අපේක්ෂා කරති.

ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සියේ නිලධාරි නකමොටෝ යොෂිහාසා පැවසුවේ “විශාල හා ඉතා බලවත් හයිෂෙන් සුළිසුළඟ ඉරිදා අලුයම ඔකිනාවා ප්‍රදේශයට සහ එදිනම අමාමි ප්‍රදේශවලට ළඟා වන බැවින් හදිසි අනතුරු ඇඟවීමේ මට්ටම දක්වා තීව්‍ර වනු ඇතැයි අපේක්ෂා කරන” බවයි.

ජපාන ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරි තකමුරා යුහෙයි පැවසුවේ "කියුෂු හි විශාල ගංගාවලින් ගංවතුර ඇතිවීමේ අවදානම වැඩි අතර කියුෂු හැර වෙනත් ප්‍රදේශවලද ගංවතුර ඇතිවීමේ අවදානමක් ද ඇත."ලෙසයි.

කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු ඇඟවීම් කරන්නේ සුළං, අධික රළ, කුණාටු සහ පෙර නොවූ විරූ තද වැසි.ඇතිවීමට බොහෝදුරට ඉඩ ඇති බවයි.

කාලගුණ බලධාරීන් පවසන්නේ සෙනසුරාදා උදෑසන පැසිෆික් සාගරයේ මිනාමි දයිටෝ දූපතට කිලෝමීටර් 160 ක් දකුණින් හයිෂෙන් සුළිසුළඟ පිහිටා ඇති අතර, එය පැයට කිලෝමීටර් 15 ක වේගයෙන් වයඹ දෙසට ගමන් කරමින් තිබෙන බවයි.

එය මධ්‍යම වායුගෝලීය පීඩනය හෙක්ටොපාස්කල් 920 ක් වන අතර උපරිම සුළං පැයට කිලෝමීටර 180 කට වඩා වැඩි වේගයකින් ද කේන්ද්‍රය අසල පැයට කිලෝමීටර් 252 ක් දක්වා වේගයෙන් ද ගමන් කරයි.

සුළි කුණාටුව ප්‍රධාන ප්‍රවාහන ජාලයන්ට බලපාන අතර කියුෂු ෂින්කන්සෙන් හි ක්‍රියාකරු පවසන්නේ ඉරිදා දිනවල සේවාවන් අර්ධ වශයෙන් අත්හිටුවා සඳුදා මුළු දවසම අවලංගු විය හැකි බවයි.

සෙනසුරාදා දින ගුවන් ගමන් 80 කට වැඩි ප්‍රමාණයක් ගුවන් සමාගම් විසින් අවලංගු කර ඇති බවයි.

ක්‍යුශු ජීවත්වන සියලුම දෙනා ප්‍රවේශමෙන් සිටින ලෙසට ඉල්ලාසිටින අතර කිසිම කෙනෙක්ට කරදරයක් නොවේවායි පතමු.

NHK Japan News

04/09/2020

ජිවිතේ

සමහර අයට ලැබීම කියලා දෙයක් තිබුණා
සමහර අයට වාසනාව කියලා දෙයක් තිබුණා
නැත්තං
පරම්පරාවෙන් පැවත එන දෙයක් හරි තිබුණා
එත්
ඔයා දන්නැතුව ඇති
ලැබීමක් අහලකවත් නැති
වාසනාවක් දැකලාවත් නැති
වාසගම විතරක් පරම්පරාවෙන් ලැබුණු මිනිස්සු
හරි අගේට
මේ අහස පොළව අස්සේ
හීනියට හුස්ම ගන්නවා කියලා ...

අහලා බැලුවොත් ඒ පපුවට ලං වෙලා
හිතින් වැටුණු වාර
ඔයාට කියයි හීමීට හිනාවෙලා
අනන්තයි අප්‍රමාණයි කියලා
ඔව්
සමහර මිනිස්සු ඉන්නවා
ලේසීයෙන් ලබා ගන්න පුලුවන් දෙයක් වත්
ලේසියෙන් නොලැබුණු මිනිස්සු
මොනතරම් උත්සහ කරත්
හිත ආයේ ආයේත්
හදාගන්න බැරි විදියටම
නැගිටින්න නොහිතෙන තරමට ම
හැමදේම අප්පිරිය වන තරමට ම
ජිවිතේ
අන්තයටම
වැටුණු මිනිස්සු ...

ඒ හිත් වල හයිය
මෙච්චරයි කියලා කියන්න පුලුවන් උනානන්
කියාවි තුරුලු කරන් හිටපු කපු පුලුන්
හිත අස්සේ හිර කරන් උන්නු
කදුලු ගංගාවේ පුරාණය
එහෙව් හිත හයිය මිනිස්සු
මහ රෑට අඩලා
ඉදුමුණු ඇස් හින් කරලා
උදේ පාන්දර කටපුරා හිනාවෙන්නේ
මහ පුදුම විදියට
දහසක් වේදනා තිබුණත්
ඒ ගින්න හිත් අස්සේ හංගං
පිටට ඒ ගිණි ආපිට නොදෙන
ඒ අහිංසක හිත්
තාමත් තියෙනවා මේ අහස පොළව උඩ
හරි අගේට...

අදත් ඉන්නවා
රටට ලෝකේට ඇහෙන්න
ගෙයි ගිණි පිටට නොපෙන්නුවට
පිට ගිණි ගෙදර අරන් නොගියට
හිතේ ගින්දර අස්සෙන්
හිනාවෙන ගමන්
ලේසියෙන්ම විභාග පාස් නොවුණු මිනිස්සු ...
ලේසියෙන්ම ලක්සිරි ජිවිතයක් නොලැබුණු මිනිස්සු...

පාන් කෑල්ලක් කාලා
කහට කොප්පයක් බීලා
පවුල් පන්සල් දුකක් නොදි
බලා ගන්න මිනිස්සු...

නයිට් ඩියුටි කරලා
ක්ලාස් ෆිස් බෝඩීම් ෆිස් ගෙවලා
ඩ්ග්‍රි කරන මිනිස්සු ...

රෑ වෙනකං ඕටී කරලා
බොද උන හීන
හෙමින් හෙමින් පාට කරගත්ත මිනිස්සු ...

වැටුණු තැනින්
ආයෙත් ගොඩට ඇවිත්
නැවතුනු තැනින් ආයේ ජිවිතේ පටන් ගන්න දගලන මිනිස්සු ...

එහෙව් උන්ට
අද වැරදුනත්
හෙට වැරදුනත්
අනිත් දවසේ අනිවාර්යයෙන්ම හරි යාවී
ඒ තියෙන හිතේ හයියට
ඒ තියෙන ගතේ වීරීයට...

චමිලා දිසානායක

🖤

Address


Website

Alerts

Be the first to know and let us send you an email when HD TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share