17/07/2022
පරිශීලකයන් මිලියන තුනකට අධිකව මෙයට ගොදුරු කරගෙන ඇත.
පරිශීලකයන්ගේ අනුදැනුමකින් තොරව පෞද්ගලික සේවා සඳහා ඇතුලුවී ආසාදනයන්කරන මෙම වයිරස ,Google Play Store හී ආරක්ෂාවත් ඉක්මවා යමින් මේ වනවිට පරිශීලකයන් මිලියන තුනකට අධිකව මෙයට ගොදුරු කරගෙන ඇත.
Bleeping Computers ආයතනය වුසින් වාර්තා කරන පරිදි,සයිබර් ආරක්ෂණ සමාගමක් වන Evina හී ආරක්ෂක පර්යේෂක Maxime Ingrao විසින් මෙවැනි Malware පවුලක් සොයාගන්නා අතර මෙය Google සමාගමට දැනුම් දීමෙන් එය ඉවත් කිරීමට පියවර ගත් අතර එයට මාස හයක පමණ කාලයක් ගත කිරීමට සිදුවී ඇත.
Ingrao සොයා ගත් මෙම යෙදුම් Google හී ආරක්ෂාණ වැඩපිළිවෙළ හරහා ලිස්සා ගොස් අමතර ක්‍රියාත්මක කිරීම් කරන ලෙස ඔබව පොලඹවා එය තුලින් ඔවුනට අවශ්‍ය බාගත කිරීම් සිදුකර ඇත.
මෙම නරක යෙදුම් සියල්ලම දැන් Play Store වෙතින් ඉවත් කර ඇති අතර, ඔබ ඔබේ Android ස්මාර්ට් ජංගම දුරකතනයේ ස්ථාපනය කර ඇත්නම්, ඒවා තවමත් පසුබිමේ ක්‍රියාත්මක වෙමින් වාරික දායකත්ව සේවා සඳහා ඔබව ලියාපදිංචි කළ හැකිය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඔබගේ SMS පණිවිඩ කියවීමට ප්‍රවේශය ඉල්ලා සිටින අතර, සමහර පරිශීලකයින් එයට ඉඩ දී ඇත.
Autolycos අනිෂ්ට මෘදුකාංගය ආසාදනය වූ යෙදුම්වල සම්පූර්ණ ලැයිස්තුව සහ ඒවා කොපමණ වාර ගණනක් බාගත කර ඇත්ද යන්න මෙන්න:
Vlog Star Video Editor - 1 million+
Creative 3D Launcher - 1 million+
Funny Camera - 500,000+
Wow Beauty Camera - 100,000+
Gif Emoji Keyboard - 100,000+
Razer Keyboard & Theme - 50,000+
Freeglow Camera 1.0.0 - 5,000+
Coco camera v1.1 - 1,000+
මෙවැනි Aps ගැන බැලීමට Google Play Store හී ආරක්ෂාණ ප්‍රතිපත්ති පැය විසිහතර පුරාවටම වැඩ කරමින් සිටියත් එයට හොරෙන් ඇතුලුවීමට සමහරු දක්ශ වෙනවා. එනිසා ඔබ මෙවැනි Aps Download කරගන්නවා නම් ඔබගෙන් අවසර ඉල්ලන සේවාවන් මොනවාදැයි කලින් දැනුවත් වෙන්න.
උදාහරණයක් විදියට Camera App එකකට ඔබගේ Contact ලිස්ට් එකට සම්බන්ධ වෙන්න අවශ්‍යතාවක් නැහැ. තව ඔබ Download කරන App එක තුල ඇති Feedback ටිකක් කියවා බලන්න.
අවසාන වශයෙන්, ඔබට Google Play Protect සක්‍රිය කර එය ඔබගේ Android ස්මාර්ට් ජංගම දුරකතනයේ සක්‍රියව තබා ගැනීමට අවශ්‍ය වන්නේ සේවාව ඔබගේ උපාංගය හානිකර විය හැකි යෙදුම් සඳහා පරීක්ෂා කරන අතර ඔබ එය බාගත කිරීමට පෙර අනිෂ්ට මෘදුකාංග සහ සැක කටයුතු ක්‍රියාකාරකම් සඳහා සෑම යෙදුමක්ම පරිලෝකනය කරන බැවිනි. https://bit.ly/3AVO23u