16/12/2022
ජිවිතේ අපි හැමෝටම ගොඩාක් හීන, ආසවල් තියෙනවා... මටත් පුංචි කාලෙ ඉඳන්ම එහෙම ලොකූ හීනයක් , ආසාවක් තිබුනා... ඉතින් ඇත්තටම මට කියන්න සතුටුයි ඒ පුංචි කාලෙ ඉඳන්ම දැක්ක , ඔලුවෙ තිබුණු හීනෙ ඇත්තක් වෙනවා ❤🥺 කැඩිච්ච headphone එකකින් පටන් ගත්ත මගේ ඒ පුංචි ගමනේ පුංචිම පුංචි , ඒත් මට ගොඩාක්ම වටින පියවරක් අද මම තියනවා...
ඇත්තටම මට තියෙන සතුට කියාගන්න වචන නෑ මට... මොකද මේ බින්දුවෙ ඉදන් , ගොඩාක් බාධක මැදින් ආව ගමනක් නිසා... Music කියන විෂය කරන ඕනිම කෙනෙක් දන්නවා music කරන කෙනෙකුට තියෙන බාධක... " ඕවා කරලා කාටද හරිගියේ , ඇයි කාලෙ නාස්ති කරන්නෙ" වගේ දේවල් වලින් අපිව තවත් වැට්ටුවා... ඒත් අපි අමාරුවෙන් කොහොමහරි අපේම හීනෙට පාර හදාගත්තා...❤🥺 මගේ මේ හීනෙ හීනයක්ම විතරක් නොවී ඇත්තක් කරගන්න මට හුඟක් අය උදව් කලා ❤🙏 මගේ පවුලේ අය , මගේ යාලුවො මට හුඟක් උදව් කලා... තව ගොඩාක් දුර යන්න තියෙනවා... ඉගෙනගන්න හුඟාක් දේවල් තියෙනවා... ඒ හැමදේමත් එක්ක ඔයාලා ලඟට ලස්සන නිර්මාණ ගොඩක් අරන් එන්න මගේ ඒ ආදරණීය හීනේ , ත් එක්ක මම බලාපොරොත්තුවෙන් ඉන්නවා... ඉතින් මගේ මේ හීනෙට අඩිය තියන්න වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි , ගොඩාක් ආදරෙයි ❤🙏🌍 තව විශේෂම දෙයක් කියන්න තියෙනවා... මට වගේම මේ වගේ අහිංසක හීන තියෙන ගොඩාක් අය ඇති... ඉතින් ඒ හැම කෙනෙක්ගෙම හැම හීනයක්ම දවසක හරියන්න කියලාත් මේ මං විඳින සතුට ඒ හැමකෙනෙක්ටම ලැබෙන්න කියලා මම හදවතින්ම ප්රාර්ථනා කරනවා... ❤🙏🥰 ජය වේවා හැම කෙනෙක්ටම... ❤
ඉතින් , Welcome to
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Special Thanks to 🙏🥰 :
* Appachchi / Amma / Nangi
* Maleesha malli
* Abhi mlli
* Lahiru aiya
* Rasaal malli
* Indika aiya
* Sadeepa malli
* Prabath aiya