08/03/2024
Mass murder of Sri Lankan family in Canada😓
Date - 2024.03.08
දන්නවද අපි වයසින් වැඩි වෙද්දි පොඩි කාලේ ඉදන් අපි ගාව උන්නු අව්‍යාජ යාලුවෝ ගොන්න නොයෙක් හේතු නිසා අපෙන් ඈත් වෙනවා😟. ඒ කැරියර් එක හදා ගන්න වේවා, පවුල් පන්සල් වෙන්න වේවා, එකී මෙකී නොයෙක් හේතු නිසා.
ඊළගට අපිට හම්බෙන සෙට් එක මොකක් හරි advantage එකක් බලාපොරොත්තුවෙන් තමයි අපිට ලන්වෙන්නේ😈.මන් කියන්නෑ හැමෝම එහෙම හම්බෙන උන් කියලා. නමුත් බහුතරය එහෙමයි.
දැන් හිතපන් උඹ කොහෙ හරි රටක තනියම ගේමක් ගහන්න යනවා. උඹට human relationships කියන දේ මාර විදියට මිස් වෙනවා එතනදි😕. උඹ කොච්චර කොහොම ලංකාවට කෝල් කලත් වැඩක් නෑ. Touch , feel, friendships, love, care නැති වෙනවා. දැන් උඹ උත්සහ කරනවා මේකට මොකක්හරි කරන්න. උඹ උඹේ comfort zone එකෙන් එලියට එනවා. Human relationship වලට රිසි සේ ඉඩ දෙනවා. නිකම් හරියට බලෙන් relationships හදා ගන්නවා වගේ වැඩක්🤓
ඔන්න දැන් උඹට වරදිනවා!!!!. අර මන් කියපු අවස්තාවාදීන් ව උඹ වටකරගන්නවා. අන්තිමේට කෙළවෙනකම් උඹවත් දන්නේ නෑ😢
මේක මේ post එක කියවන උඹට නොවෙන්නයි මං පතන්නේ. මං නම් හිතන්නේ අලුත් රට ඇතුලේ ඉතා කුඩා circle එකක් තියාගත්තනම් ඇති උඹ යම් මට්ටමකට settle වෙනකම්. අලුත් කෙනෙක්ව circle එක ඇතුලට ගද්දි දෙපාරක් නෙමේ සිය දහස් වාරයක් හිතපන්. ජය වේවා🫶