Good News of Sri Lanka

  • Home
  • Good News of Sri Lanka

Good News of Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Good News of Sri Lanka, Media/News Company, .

මේක එහෙම වැඩක් නම් කොන්දේසි නැතුව අපි කැන්ඩොස් වෙනුවෙන්..මොකද ඒක අපේ රටේ දෙයක් ❤️
08/08/2023

මේක එහෙම වැඩක් නම් කොන්දේසි නැතුව අපි කැන්ඩොස් වෙනුවෙන්..මොකද ඒක අපේ රටේ දෙයක් ❤️

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු ඉලෙක්ට්‍රික් මෝටර් රථය එළි දකීJuly, 28, 2022අයිඩියල් මෝටර්ස් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු ඉලෙ...
29/07/2022

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු ඉලෙක්ට්‍රික් මෝටර් රථය එළි දකී
July, 28, 2022

අයිඩියල් මෝටර්ස් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු ඉලෙක්ට්‍රික් මෝටර් රථය හඳුන්වා දෙයි

අයිඩියල් මෝටර්ස් විසින් ‘Ideal Moksha’ නමින්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු පූර්ණ ඉලෙක්ට්‍රික් මෝටර් රථය වෙළඳපොළට හඳුන්වා දීම අද (2022 ජුලි 28) දින කොළඹ දී සිදු කෙරිණ. ලෝකය පුරා ඉහළ ජනප්‍රියත්වයක් දිනූ ඔස්ටින් මිනි මොක් රථයෙන් ආභාසය ලබා නිපදවනු ලැබූ Ideal Moksha ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළඳපොළ තුළ පෙරළියක් ඇති කරන්නට සමත් මෝටර් රථයකි. එමෙන්ම, වර්තමානයේ පවතින ප්‍රවාහන ගැටලුවට වඩාත් තිරසාර සහ පරිසර හිතකාමී විසඳුමක් ලෙසින් ද මෙය හඳුන්වා දිය හැකිය. උසස්ම තාක්ෂණය සහ නිර්මාණ සංකල්ප භාවිතය සමඟින් වඩාත් තෘප්තිමත් රිය පැදවීමේ අත්දැකීමක් ලබා දෙන නිසාම මෙම රථයට ‘Moksha’ යන නම යොදා ඇත. ශ්‍රී ලංකාවේ මාර්ගවලටත් හොඳින්ම ගැළපෙන මෙම මෝටර් රථය පෙනුම, ඉඩකඩ, සුවපහසුව සහ සම්බන්ධතාව අතින් ද කැපී පෙනෙයි.

රෝද හතරේ ඉලෙක්ට්‍රික් කොඩ්‍රිසයිකල් වාහන මාදිලියට අයත් වන Ideal Moksha මෝටර් රථය 22.46 kWh ලිතියම් බැටරියකින් සමන්විත වේ. ඇම්පියර් 15 ගෘහස්ථ විදුලි පේනුවකට සම්බන්ධ කර පැය කිහිපයකින් ආරෝපණය කිරීමේ හැකියාව ඇති අතර එක් ආරෝපණයකින් කිලෝමීටර් 200ක් දක්වා දුරක් ගමන් කිරීමේ හැකියාව ද ඇත. කිලෝග්‍රෑම් 870ක බරින් යුතු මෙය 1080 rpm වේගයකින් ද සමන්විතය. වඩාත් ඉඩකඩ සහිත වාහනයක් වූ මෙහි රියදුරු සහ තවත් මඟීන් 3 දෙනෙකුට සුවපහසුවෙන් ගමන් කළ හැකිය. මෙහි පිටත පෙනුම ද්වි වර්ණ සංකලනයකින් යුක්තය. Apple CarPlay සහ Android Auto යෙදවුම් භාවිත කළ හැකි අඟල් 7ක මල්ටිමීඩියා ස්පර්ෂ තිරයකින් ද සමන්විත නිසා පාරිභෝගිකයන්ට තමන් ප්‍රියකරන ගීත, තොරතුරු හෝ සිතියම් වැනි දෑ සඳහා පහසුවෙන් පිවිසීමේ හැකියාව පවතී. පූර්ණ වායුසමනය කළ මෝටර් රථයක් වන මෙහි push start සහ ඇලෝයි වීල් වැනි විශේෂාංග ද ඇතුළත් වේ. එමෙන්ම, Ideal Moksha රථයේ ඉලෙක්ට්‍රික් මෝටරය සඳහා වසර 2ක පූර්ණ වගකීමක් සහ බැටරියට මිලදී ගත් දින සිට වසර 5ක් දක්වා වගකීමක් හිමි වේ. දිවයින පුරා පිහිටි අපගේ අලෙවි ජාලය හරහා අසමසම සේවාවන් ලබා ගැනීමේ හැකියාව ද ඇත.‍

ඕනෑම සමාජ තරාතිරමක අයෙකුට දැරිය හැකි මිලකට ලබා ගත හැකි ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් වන Ideal Moksha ශ්‍රී ලංකාවේ ගෘහස්ථ භාවිතය සඳහා වඩාත් හොඳින් ගැළපේ. මිලියන 1.5ක් ලියාපදිංචි ත්‍රිරෝද රථ සහ මිලියන 4.5ක් ලියාපදිංචි මෝටර් සයිකල් භාවිතා වන ශ්‍රී ලංකාව වැනි රටකට මෙය පිරිමැසුම්දායී මෙන්ම ආරක්ෂාකාරී, ස්මාර්ට් ප්‍රවාහන විසඳුමකි. පූර්ණ ස්වයංක්‍රීය මෝටර් රථයක් වන මෙහි ගියර් මාරුවක් නොමැතිව ආරම්භයේ සිටම 100%ක ව්‍යවර්ථයක් ලබා දෙයි. පහසුවෙන් අවබෝධ කරගැනීමටත් සුවපහසු රියදුරු අත්දැකීමක් විඳගැනීමටත් Ideal Moksha ඔබට ඉඩකඩ සලසයි. ඉන්ධන අවශ්‍යතාවක් නොමැති නිසා ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් පවතින ලොකුම හිසරදයකින් මිදීමට ද පාරිභෝගිකයාට හැකිවේ. මේ සියලු සංකලනයන් සමඟ ඔබ වෙත පැමිණි Ideal Moksha, ශ්‍රී ලංකාවේ ගමන්බිමන් සංස්කෘතියට නව ප්‍රවේශයක් ලබා දෙන බවට සැක නැත. මෝටර් රථයක් ගැන සිහින දකින සාමාන්‍ය පුද්ගලයාගේ සිට වෙළඳ ක්ෂේත්‍රයේ විධායක නිලධාරියෙකු දක්වා පරාසයක ඕනෑම අයෙකුට ගැළපෙන මෝටර් රථයක් ලෙස ද Ideal Moksha අවිවාදයෙන්ම හඳුන්වා දිය හැකිය.

තිරසර ප්‍රවාහන විසඳුම් සම්බන්ධයෙන් කැපී පෙනෙන භූමිකාවක් ඉටු කරන ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයෙකු වූ, අයිඩියල් සමූහයේ නිර්මාතෘ/සභාපති, නලින් වෙල්ගම මහතා සහ කාලගුණ විපර්යාස පිළිබඳ උනන්දුවක් දක්වන ප්‍රවීණයන් පිරිසකගේ මෙහෙයවීමෙන් Ideal Moksha නිර්මාණය විය. මෙහි සියලු නිෂ්පාදන කටයුතු සිදු කරන ලද්දේ අයිඩියල් සමාගමට අයත් රත්මලානේ පිහිටි හරිත වැඩබිම් පරිශ්‍රයේ දීය (මෙම වැඩබිම පූර්ණ වශයෙන් සූර්ය ශක්තියෙන් බලගන්වා ඇත). මේ පිළිබඳ අදහස් දක්වමින් වෙල්ගම මහතා, “Ideal Moksha වෙළඳපොළට හඳුන්වා දීමත් සමඟ, ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් නිපදවීමේ මගේ සිහිනය සැබෑ කරගන්නට අද දවසේ මට හැකියාව ලැබුනා. ප්‍රවේශ මට්ටමේ මොටර් රථයක් වන මෙහි, ලෝකයේ හොඳම මෝටර් රථ තාක්ෂණයන්ට අදාළ නව්‍ය විශේෂාංග ගණනාවක් ද ඇතුළත් කොට තිබෙනවා. මෙවැන්නක් මගේ මවු රටට හඳුන්වා දෙන්නට ලැබීම, මගේ 35 වසරක මෝටර් රථ ව්‍යාපාරික අත්දැකීම් අතර සුවිශේෂී සන්ධිස්ථානයක්. එමෙන්ම මෙය ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඉලෙක්ට්‍රික් වාහන යුගයේ සමාරම්භය ද සනිටුහන් කරනවා” යනුවෙන් පැවසීය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ නලීන් වෙල්ගම මහතා, “අපේ තවත් නිෂ්පාදන දෙකක් අද එළිදක්වා තිබෙනවා. ඉන් එකක් තමයි විදුලියෙන් ක්‍රියාත්මක වන ඉලෙක්ට්‍රික් මෝපෙඩ් රථය. ඒත් එක්කම එන්ජිමක් සහිත ස්කූටර් එකක් අප ඉලෙක්ට්‍රික් එකක් බවට පරිවර්තනය කර තිබෙනවා. එය retrofit නමින් හඳුන්වාදී තිබෙනවා. ශ්‍රී ලංකාවේ නිවාස ලක්ෂ 55ක් පමණ තියෙනවා. එම නිවෙස්වලින් බහුතර ප්‍රමාණයක් සාමාන්‍යයෙන් විදුලි ඒකක 100-200ත් අතර ප්‍රමාණයක් තමයි භාවිතා වෙන්නේ. එම පිරිසට තමයි විශේෂයෙන් මෝපෙඩ් රථය සහ විදුලියට පරිවර්තනය කළ ස්කූටරය හා Moksha මෝටර් රථය උචිත වෙන්නේ. ඒ අයට අපි සම්පූර්ණයෙන්ම විදුලි බිලෙන් නිදහස් විය හැකි පරිදි තමන්ගේ නිවෙස්වල සවිකරගත හැකි සෝලා පද්ධතියක් හඳුන්වාදීමටත් කටයුතු යොදා තිබෙනවා. එය පාරිභෝගිකයාට අවශ්‍ය ප්‍රමාණය තීරණය කිරීමෙන් පසු එම සෝලා පද්ධතිය තමන්ගේ නිවසේ වහලය මත සවිකර ගැනීමෙන් පසුව ඔවුන්ගේ විදුලිබිල ශුන්‍ය කරගත හැකි වෙනවා. එමගින් ඔවුන්ගේ දෙයිනික ජීවිතයේ වැඩකටයුතු කර ගැනීමට සහ වාහනයේ නඩත්තු කර ගැනීමට විශාල රුකුලක් වෙනවා“, යැයි කියා සිටියේය.

මෙය අයිඩියල් මෝටර්ස් සමාගමේ ඉදිරි ගමනේ එක් ආරම්භයක් පමණි. පූර්ණ ඉලෙක්ට්‍රික් මෝපඩ් සහ retrofit kit ඇතුළත් නිසා දහන එන්ජිම වෙනුවට ඉලෙක්ට්‍රික් එන්ජිමකින් මෙය සමන්විතය. Ideal Moksha සහ අනෙකුත් ඉලෙක්ට්‍රික් වාහන විසඳුමේ එක් කොටසක් පමණි. අයිඩියල් සමූහය හුදෙක්ම විදුලි පිරිවැය අවම කිරීමට කටයුතු කරන සමාගමක් පමණක් නොව තිරසර බලශක්ති මූලාශ්‍රයන් කෙරෙහි ද දැඩි උනන්දුවක් දක්වන සමාගමකි. ඒ අනුව අයිඩියල් සමූහය විසින් Ideal Moksha ලෙස පාරිභෝගික ඔබ වෙත ඉදිරිපත් කරන්නේ තිරසර බලශක්තිය යොදා නිපදවනු ලැබූ පූර්ණ හරිතවත් ප්‍රවාහන විසඳුමක් වන අතර, මාසිකව කිලෝවොට් 100 - 200 විදුලි ඒකක ප්‍රමාණයක් පරිභෝජනය කරනු ලබන, මිලියන 5.5ක ගෘහස්ථ පාරිභෝගික ප්‍රජාවක් මෙමඟින් ඉලක්ක කරනු ලබයි. වහල මත සවි කළ හැකි කිලෝවොට් 4ක සූර්ය පැනලයක් ද මෙම පැකේජයට ඇතුළත් නිසා සාමාන්‍ය පාරිභෝගිකයෙකුට තමන්ගේ දෛනික අවශ්‍යතා සඳහා විදුලිය වැය වීම ද අවම කරගැනීමට මෙමඟින් අවස්ථාව උදා වේ. අයිඩියල් සමූහය යනු එවැනි සංවිධිත, ඒකාබද්ධ චින්තන රටාවක් තුළින් ගැටලුවලට විසඳුම් ඉදිරිපත් කරන සමාගමකි. Ideal Moksha යනු එහි පළමු පියවරයි. නමුත් එය නිසැක අනාගත පෙරළියකට හේතුවනු නොඅනුමානයි

29/07/2022
"වාලච්චේන කඩදාසි කම්හල A4 නිෂ්පාදනය අරඹයි...!"අර්බුධ මැද උනත් ක්‍රියාත්මක.උන වාලාච්චේන මෙහෙයුම...යකඩ වලට ඈවර කරපු වාලච්ච...
10/04/2022

"වාලච්චේන කඩදාසි කම්හල A4 නිෂ්පාදනය අරඹයි...!"

අර්බුධ මැද උනත් ක්‍රියාත්මක.
උන වාලාච්චේන මෙහෙයුම...
යකඩ වලට ඈවර කරපු වාලච්චේන කඩදාසි කම්හල නැවත පටන් අරන් නිෂ්පාදන ආරම්භ කරත්දි සමහරු කිව්වා වැඩක් නෑ ඕකෙන් A4 හදන්න බැහැනේ කියලා.
වාලච්චේන නැවත ඇරඹීමත් එක්ක පළමු අදියර විදිහට කලේ ඉවත දමන කඩදාසි වලින් පේපර්ස්, ෆයිල් කවර හදපු එක. දෙවන අදියර විදිහට A4 හදන්න සැළසුම වෙලා තිබුනේ.
ඒ අනුව දීර්ඝකාලයක් තිස්සේ කරපු අත්හදාබැලීම් වල ප්‍රතිඵලයක් විදිහට 100%ක් තත්වය සහිත A4 නිෂ්පාදනය කරන්න වාලච්චේන කඩදාසි කම්හලට අද හැකියාව ලැබුනා. 🇱🇰 ❤️
හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ ජාතික කඩදාසි සංස්ථාවේ සභාපති විමල් රූපසිංහ මහත්වරුන් මේ වෙනුවෙන් වාලච්චේන සේවක පිරිසත් සමඟ ගත්ත උත්සහායේ සහ කැපවීමේ ප්‍රතිඵලයක් විදිහට 100% ප්‍රමිතිගත A4 නොබෝ දිනකින් වෙළඳපොළට එයි.
පවතින අර්බුදයෙන් ගොඩ එන්න අපි මුලින්ම කරන්න ඕනේ දේශිය දේට තැන දෙන එක. වාලච්චේන A4 සියලු කාර්යාලවල පාසල්වල භාවිතා වෙන තැනට ගෙනාවා කියන්නේ අපි රටක් විදිහට දිනුම් කියන එක 🇱🇰 ❤️
එය හැකි ඉක්මනින්ම වේවා යන්න ශ්‍රී ලාංකිකයෙකු ලෙස මාගේ ප්‍රාර්ථනයයි... 🇱🇰 ❤️

මත්ද්‍රවය සහ ත්‍රස්ත්‍ර කටයුතු මැඩලීම සඳහා වාහන සහ උපකරණ තොගයක් ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීම ඊයේ (08) දින...
09/02/2022

මත්ද්‍රවය සහ ත්‍රස්ත්‍ර කටයුතු මැඩලීම සඳහා වාහන සහ උපකරණ තොගයක් ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීම ඊයේ (08) දින උදෑසන ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියර ( ඇතුගල්පුර පිවිසුම ) ජනවාරී 15 වන දින  ජනතා අයිතියට.
14/01/2022

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියර ( ඇතුගල්පුර පිවිසුම ) ජනවාරී 15 වන දින ජනතා අයිතියට.

ශ්‍රී ලංකාවේ ප්‍රථම අධි තාක්ෂණික මංතීරු 6ක් සහිත කේබල් මත ඉදිකළ නව කැළණි පාලම "කළ්‍යාණී රන් පිවිසුම" මෙලෙස අද ඔබ අයිතියට...
25/11/2021

ශ්‍රී ලංකාවේ ප්‍රථම අධි තාක්ෂණික මංතීරු 6ක් සහිත කේබල් මත ඉදිකළ නව කැළණි පාලම "කළ්‍යාණී රන් පිවිසුම" මෙලෙස අද ඔබ අයිතියට පත් කෙරෙනු ලබයි.

හම්බන්තොට හෝ කටුනායක සිට එන ඔබට කෙලින්ම කොළඹ නගර මධ්‍යයට (ඔරුගොඩවත්ත හෝ ඉගුරුකඩේ හන්දිය දක්වා) ගමන් ගැනීමට හැකියාව ඇත.

මේ මාර්ගයේ පමණක් ගමන්ගන්නේ නම් ගාස්තු ගෙවීමකින් තොරව ගමන් කිරීමට හැකිය.

Sabaragamuwa University Of Sri LankaFaculty of Geomatics, ❤️
20/11/2021

Sabaragamuwa University Of Sri Lanka
Faculty of Geomatics, ❤️

යුද්ධ හමුදාව වෙත අලුතින් රථවාහන මිලදි ගැනිම සදහා අධික මුදලක් වැයකිරිමට සිදුවන බැවින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ ...
04/11/2021

යුද්ධ හමුදාව වෙත අලුතින් රථවාහන මිලදි ගැනිම සදහා අධික මුදලක් වැයකිරිමට සිදුවන බැවින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය ආඥාපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කුගේ අධීක්‍ෂණය යටතේ, එම බල ප්‍රදේශයේ යුද්ධ හමුදාවට අයත් පාවිච්චියට නුසුදුසු තත්වයේ පැවති වාහන 4 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය විසින් අලුත්වැඩියා කර නැවත භාවිතයට ගැනීම සදහා එම යුද්ධ හමුදා කඳවුරු වෙත ලබාදිම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (නොවැම්බර් 03) යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේදී සිදුකරන ලදි.

ඉතා කෙටිකාලයක් තුල අඩු පිරිවැයක් දරා සිදුකල එම ක්‍රියාවලියේදි බස්රථ -10 ක්, ට්‍රක් රථ - 05 ක්, යුනිකෝන් රථ - 03 ක්, ධාවන පැදි - 05 ක්, ට්‍රැක්ටර් රථ - 01 ක් සහ කැබ්රථ - 01 ක් අලුත්වැඩියා කර පරික්‍ෂණ ධාවනයේ යොදවා ඉතා උසස් මට්ටමකින් යුද්ධ හමුදා කඳවුරු වෙත මෙහිදි ලබාදෙන ලදි.

Made in Sri Lanka යටතේ ඉරාකයට යන යාත්‍රා,
21/10/2021

Made in Sri Lanka යටතේ ඉරාකයට යන යාත්‍රා,

විදුලි බල්බ වලින් ආලෝකමත් ඌ නව කැළණි පාලම,
12/09/2021

විදුලි බල්බ වලින් ආලෝකමත් ඌ නව කැළණි පාලම,

දිනේෂ් ප්‍රියන්ත නව ලෝක වාර්තාවක් පිහිටුවමින් පැරාලිම්පික් රන් පදක්කමක් දිනා ගනී.පැරාලිම්පික් F46 හෙල්ල විසි කිරීම පිරිම...
30/08/2021

දිනේෂ් ප්‍රියන්ත නව ලෝක වාර්තාවක් පිහිටුවමින් පැරාලිම්පික් රන් පදක්කමක් දිනා ගනී.

පැරාලිම්පික් F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් විය.

ඔහු දැක්වූ දක්ෂතාවය මීටර් 67. 79 කි.

2020 පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වේ.

Copied

මාසයකට කොවිඩ් එන්නත් මිලියන 6ක් නිපදවීමට සූදානම්වන පල්ලෙකැලේ කර්මාන්ත ශාලාව.. චීනයේ නිෂ්පාදිත සයිනෝවැක් කොවිඩ් එන්නත මෙර...
03/08/2021

මාසයකට කොවිඩ් එන්නත් මිලියන 6ක් නිපදවීමට සූදානම්වන පල්ලෙකැලේ කර්මාන්ත ශාලාව..

චීනයේ නිෂ්පාදිත සයිනෝවැක් කොවිඩ් එන්නත මෙරටට ගෙන්වා පිරවීම් කටයුතු සිදුකිරීම සදහා සූදානම් වන පල්ලෙ කැලේ පිහිටි Kelun lifesciences කර්මාන්ත ශාලාව ඉදිරි කාලයේදී WHO අනුමැතියෙන් පසු මාසකට කොවිඩ් එන්නත් මිලියන 6ක් නිපදවීමට සූදානමින් සිටී. ඒ තුළින් පිටරටකින් ආනයනය කරනවට වඩා ආනයනික පිරිවැයෙන් 30%ක් රට තුළ ඉතුරු ගැනීමට හැකියාව ලැබෙනවා.

එතකොට මේ සයිනෝවැක් එන්නත මොකක්ද ? චීන ජාතික ඖෂධ නිෂ්පාදන සමූහ සංස්ථාව” මගින් නිෂ්පාදනය කෙරෙන දෙවැනි එන්නත වන්නේ ”කොරොනාවැක්” හෙවත් ”සයිනොවැක්ය.” මෙය ද සයිනොෆාම් වර්ගයේම ඒ කාණ්ඩයට අයත් එන්නතක්. එන්නත් වර්ග දෙකම බොහෝ කාරණා සම්බන්ධයෙන් එකිනෙකට සමාන වේ.

සයිනොවැක් ඉන්දුනීසියාව, බ්‍රසීලය සහ තූර්කිය යන රටවල් පදනම් කරගත් සායනික පර්යේෂණ මත 50% සිට 80% දක්වා වන පරාසයක කාර්යක්‍ෂමතාවයක් පෙන්නුම් කරනවා

උපුටා ගැනීමකි.

2021.07.30රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම...ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි එන්නත්කරණයට ලක්විය ...
30/07/2021

2021.07.30
රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම...

ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි එන්නත්කරණයට ලක්විය යුතු ජනගහණයෙන් ඉහළ ප්‍රතිශතයකට මේ වන විට එන්නත්කරණය සිදුකර තිබේ. රාජ්‍ය සේවකයන් බහුතරයක් ද එන්නත්කරණයට ලක්කර ඇති බැවින්, රාජ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට ප්‍රමුඛත්වය දිය යුතුව ඇත.
එම නිසා කොවිඩ් සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට යටත්ව 2021 අගෝස්තු මස 02 වනදින(සඳුදා) සිට සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාට දැනුම් දී තිබේ.
කොවිඩ් රෝගය පාලනය පහසු කිරීම සඳහා සීමිත කාර්ය මණ්ඩල චක්‍රීය පදනම මත කැඳවමින් සහ නිවසේ සිට රාජකාරී සිදුකිරීමට අදාළව නිකුත් කර ඇති සියලුම චක්‍රලේඛ අවලංගු කරන ලෙස ද ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය
2021-07-30

පරන්තන්හි පැරණි රසායනික කම්හල පිහිටි ඉඩම දීර්ඝකාලීන බදු පදනම මත සීමාසහිත පරන්තන් කෙමිකල්ස් සමාගම වෙත පවරා ගැනීම.       •...
28/07/2021

පරන්තන්හි පැරණි රසායනික කම්හල පිහිටි ඉඩම දීර්ඝකාලීන බදු පදනම මත සීමාසහිත පරන්තන් කෙමිකල්ස් සමාගම වෙත පවරා ගැනීම.

• 1954 වර්ෂයේ සිට සීමාසහිත පරන්තන් කෙමිකල්ස් සමාගම විසින් භුක්ති විඳින පැරණි රසායනික කම්හල පිහිටි එම ඉඩම එකී සමාගම වෙත ම දීර්ඝකාලීන බදු පදනම මත ලබා දේ.

• පානීය ජලය පිරිසිදු කිරීම පිණිස මෙතෙක් ඉන්දියාවෙන් හා බංගලාදේශයෙන් ක්ලෝරීන් ආනයනය කර බෙදාහැරීම වෙනුවට රට තුළ ම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ක්ලෝරීන් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක් ඇරඹීම එහි අරමුණයි.

ශ්‍රී ලංකාව එන්නත්කරණ වේගය අතින් ලොව පළමු ස්ථානයට
21/07/2021

ශ්‍රී ලංකාව එන්නත්කරණ වේගය අතින් ලොව පළමු ස්ථානයට

ශ්‍රී ලංකාවේ නිපදවෙන 🇱🇰 කේලම්කාරයෝUAV Research & Development project - SLAF✈✈✈✈✈✈✈✈✈✈✈✈✈✈         ශ්‍රී ලංකා ගුවන් හමුදා...
03/04/2021

ශ්‍රී ලංකාවේ නිපදවෙන 🇱🇰 කේලම්කාරයෝ

UAV Research & Development project - SLAF
✈✈✈✈✈✈✈✈✈✈✈✈✈✈

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් රහිත ගුවන් යානා මෙරටදීම නිෂ්පාදනය සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තිබෙනවා 2017 වසරේදී අකර්මණ්‍ය වූ මේ ව්‍යාපෘතිය අද වන විට යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීමට හැකි වෙලා. එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙම විජයග්‍රහණයෙන් නිමා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව හමුදාවද ඉටුකළේ අද්විතීය මෙහෙවරක් ගුවන් ප්‍රහාර එල්ල කිරීමට අමතරව එම ප්‍රහාර වල සාර්ථකත්වය නිරීක්ෂණයට සහ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් සජීවී ලෙස දැක බලා ගැනීම සඳහා 111 සහ 112 වැනි නියමුවන් රහිත ගුවන් යානා බලඝන අමිල කාර්යභාරයක් ඉටු කළා.
ප්‍රථම වරට ගුවන් හමුදාවේ 11 වැනි බලඝණය ලෙස නියමු රහිත ගුවන් යානා බලඝණය 1996 වසරේ දී ආරම්භ කෙරුණේ හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලික කඳවුරේ දී. ඊශ්‍රායලයේ නිෂ්පාදිත super scout වර්ගයේ නියමු රහිත යානයක් ප්‍රථම වරට ගුවන් තොරතුරු රැස් කිරීම සඳහා එහිදී යොදවනු ලැබුවා. Searcher Mark 2 වර්ගයේ යානයක් නියමුවන් රහිත ගුවන් යානා බලඝනයට එක්වුනේ ඉන් අනතුරුවයි. එම බලඝණය 2008 වසරේ ජූලි 1 වෙනිදා සිට 111 වැනි නියමුවන් රහිත ගුවන් යානා බලගණය ලෙස වෙනස් කරනු ලැබුවා. එය පිහිටවනු ලැබුවේ වව්නියාව ගුවන් හමුදා කදවුරේ. 2009 න් විජයග්‍රාහීව නිමවූ මානුෂීය මෙහෙයුමේ දී මෙහෙයුමේ දී ඊශ්‍රායලයේ නිෂ්පාදිත Blue Horizon වර්ගයේ යානා හතරකින් සහ Searcher වර්ගයේ යානා දෙකකින් ගුවන් නිරීක්ෂණ සිදු කෙරුණා.
නියමුවන් රහිත ගුවන් යානයක් දේශීයව නිපදවිම සම්බන්ධයෙන් අවධානය යොමුවූයේ මානුෂීය මෙහෙයුමෙන් අනතුරුවයි. මූලික තාක්ෂණික දැනුම යටතේ එලෙස නිෂ්පාදනය කෙරුණු පළමු යානය එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත 2010 මැයි මස 19 වැනි දින ඉදිරිපත් කෙරුණා. නියමුවන් රහිත යානා මෙරටදීම නිෂ්පාදනය සඳහා 2011 වසරේ දී ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය අහිමිවීමෙන් පසු වූ UX 1 නැමැති යානය නිර්මාණය කෙරුණේ ගුවන් හමුදාවේ ඉංජිනේරු හා සැලසුම් නිර්මාණ ශිල්පීන් අතින්. දෑසට පෙනෙන මානයේ පැයක පමණ කාලයක් එය පියාසර කරවීමට ගුවන් හමුදාවට හැකි වුණා. ඊට සමගාමීව යානය භූමියේ සිට පාලනය කළ හැකි පාලන මධ්‍යස්ථානයක් ද නිර්මාණය කෙරුණා. උසස් තාක්ෂණයෙන් යුත් පාලනයක මධ්‍යස්ථානයක් නිර්මාණය කෙරුනේ 2015 වසරේදී. ඒ වන විට UX කාණ්ඩයේ තවත් ඉදිරි පියවරක් තබමින් කිලෝමීටර් 5ක දුරකට පියාසර කරවිය හැකි යානා ද්විත්වයක් නිර්මාණය කර තිබුණා. අනතුරුව 2017 වසර වන විට SX කාණ්ඩය යටතේ තවත් නවතම යානා දෙකක් නිෂ්පාදනය කිරීමට ගුවන් හමුදාව සමත් වුණා. මෙලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව ක්‍රමයෙන් වැඩි දියුණු කළ නියමුවන් රහිත ගුවන් ගුවන් යානා නිෂ්පාදනය 2018 වසර ආසන්නවත්ම ක්‍රමයෙන් අකර්මණ්‍ය තත්ත්වයට පත්වුණා . ඒ මෙම ගුවන් යානා නිෂ්පාදන ව්‍යාපෘතිය කෙරෙහි එවක දක්වන ලද අඩු සැලකිල්ල හේතුවෙන්. එහි නිෂ්පාදන ක්‍රියාදාමය භාරව සිටි ඉංජිනේරු නිලධාරීන් හා තාක්ෂණ ශිල්පීන් වෙනත් කඳවුරු වෙත මාරු කෙරුණු අතර ඇතැම් නිලධාරීන් ගුවන් හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් විශ්ව විද්‍යාල හා වෙනත් ඉංජිනේරු ක්ෂේත්‍ර වල රැකියාවේ නිරත වුණා.
2019 වසරේ රජය බලයට පත්වීමෙන් පසු යළි මේ පිළිබඳ අවධානය යොමු කරමින් නියමුවන් රහිත යානා පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය කළුතර කටුකුරුන්ද කඳවුරේ නැවත ආරම්භ කිරීමට පියවර ගැණුනා. ඒ ගුවන් හමුදා සේවා සේවයෙන් ඉවත් වූ අත්දැකීම් සහිත නිලධාරීන් එහි සේවයට යළි කැඳවමින්. අද වන විට මෙම ස්ථානයේ පර්යේෂණ හා නිෂ්පාදන කටයුතු සිදු කෙරෙන්නේ නියමුවන් රහිත ගුවන් යානා කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යාමේ අරමුණ පෙරදැරිවයි. මීට පෙර යානා නිෂ්පාදනයේ දී යොදාගත් තාක්ෂණය මේ වන විට සැලකිය යුතු ලෙස වැඩි දියුණු කිරීමට මෙම ඉංජිනේරුවන් හා තාක්ෂණ ශිල්පීන් සමත්ව සිටිනවා. දැන් නිපදවනු ලබන "ලිහිණියා" කාණ්ඩයේ යානා වල බඳ නිර්මාණය කෙරෙන්නේ 'කාබන් ෆයිබර්' අමුද්‍රව්‍ය වලින් එනිසාම සුසිනිඳු හා අනර්ඝ නිමාවක් මෙන්ම සැහැල්ලු බවක් යානයට ලබාදීමට හැකිවී තිබීම විශේෂත්වයක්.
'Lihiniya Mark 1' ලෙස හැඳින්වෙන නවතම යානා එකතුවේ එන්ජිම 80 cc ධාරිතාවකින් සමන්විතයි. ඉන්ධන ටැංකිය ලීටර් 15 කින් සමන්විත වන අතර ගුවන් පියාසැරියකදී පැයක් සදහා ලීටර් දෙකක ඉන්ධන දහනයක් සිදු වන බව නිලධාරීන් පවසනවා. යානයේ වැදගත්ම කොටස වන්නේ Electronic පාලන පද්ධතියයි. ඉංජිනේරු නිලධාරීන් ප්‍රකාශ කරන්නේ ඉතා අධික මිලෙන් යුතු කේබල් සහ Military කාණ්ඩයේ සම්බන්ධතා කොටස් වලින් මෙම පද්ධතිය සමන්විත වන බවයි. කිලෝ 52 ක පමණ බරකින් යුතු Lihiniya Mark 1 යානය ගුවන් ගත කිරීම සඳහා මීටර් 250 ක පමණ ධාවන පථයක් ප්‍රමාණවත් බව ගුවන් හමුදාව පවසනවා. මෙම යානා හැසිරවීමට මෙහෙයුම් අණ දෙන නිලධාරියෙකු යටතේ ගුවන් නියමුවන් හා කැමරා ක්‍රියාකරුවෙකු සිටින අතර නියමුවන් සහ තාක්ෂණ ශිල්පීන් පුහුණු කිරීමේ ක්‍රියාදාමය මේ වන විටත් ක්‍රියාත්මකයි. Air Commodore මොහාන් බාලසූරිය සමස්ත ව්‍යාපෘතිය භාරව සිටිනවා. ඔහු 1996 වසරේ පළමු වරට නියමුවන් රහිත යානා මෙරටට ගෙන්වීමේ දී ඊශ්‍රායලයේ දී පුහුණුව ලැබූ නිලධාරියෙක්. දැන් අප සිටින්නේ නියමුවන් රහිත යානා නිෂ්පාදනය කර්මාන්තයක් ලෙස වර්ධනය වෙමින් පවතින මොහොතකයි. එමගින් Made in Sri lanka සන්නාමය ගුවන් ගුවන් යානා කර්මාන්තයේ ලොව ඉහලම තැනකට ඔසවා තැබීමට ද හැකි වනු ඇති. පිරිවැය ඉතා අධික කවුරු හරි මොකක් ක්ෂේත්රය කොල කොළ ගුවන් ගුවන් යානා කර්මාන්තය සඳහා මූල්‍යමය ශක්තිය ද අතිශය වැදගත්. දැන් ගුවන් හමුදාවේ අරමුණ වී තිබෙන්නේ ඒ පර්යේෂණ හා සංවර්ධන අදියරෙන් නිෂ්පාදන අදියරට ප්‍රවේශ වීමයි. ඒ යටතේ මාස හතරකට යානා දෙකක් බැගින් නිෂ්පාදනය ඉලක්කයයි. මේ දක්වා දේශීයව නිෂ්පාදනය කළ ගුවන් යානා 8 කින් පියාසර පැය 162 කට වැඩි කාලයක් සම්පූර්ණ කිරීමට ගුවන් හමුදාව සමත්ව තිබෙනවා. එම යානා සාර්ථකව සිදුකර ඇති ගොඩබෑම් සංඛ්‍යාව 325 ක්. මේ දිනවල නව ගුවන් නියමුවන් දෙදෙනෙකු පුහුණු කිරීම ක්‍රියාත්මක අතර ඒ සමඟ යානා හසුරුවන නියමුවන් සංඛ්‍යාව පස් දෙනෙකු දක්වා ඉහළ නැංවෙනු ඇති. දැනට පවතින නව යානා සමූහය දුරස්ථ පාලක මෙහෙයුම් මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 20ක දුරක් දක්වා පියාසර කරවා අවශ්‍ය ඡායාරූප හා දර්ශන සජීව ලෙස ලබාගත හැකියි. යානය සතු ඉතා දුර ස්ථාන නාභිගත කළ හැකි හා රාත්‍රී දර්ශන ලබාගත හැකි සංවේදී කැමරාව ඉතා ඉහළ වටිනාකමකින් යුක්තයි. (රු. කෝටියකට ආසන්න) දුරස්ථ පාලකය මගින් ගුවන්ගත කරන යානය පසුව පාලනය කරනු ලබන්නේ ජංගම පාලන මැදිරිය මගින්. එම පාලන මධ්‍යස්ථානයද ගුවන් හමුදාවේ ඉංජීනේරු ශිල්පීන්ගේ නිර්මාණයක්. එය දිවයිනේ ඕනෑම ස්ථානයකට රැගෙන යාමට ඇති හැකියාව විශේෂත්වයක් යානය කැමරාව හැසිරවීම සිදු වන්නේද මෙම පාලන මධ්‍යස්ථානයෙන්.
රටේ ජාතික ආරක්ෂාව යන විෂයේදී මුහුදු සීමාවන්හි ආරක්ෂාවට ප්‍රමුඛත්වය හිමි වනවා. ඒ සඳහා සාර්ථක විසඳුම ලෙස හඳුනාගෙන ඇත්තේ නියමුවන් රහිත ගුවන් යානා යි. සතුරු රේඩාර් පද්ධති වලට හසුවීමේ අවම අවදානම, සජීවී ඡායාරූප හා දර්ශන සහිත තොරතුරු වේගයෙන් ලබාදීමට හැකිවීම, අවම වියදම, ගුවන් නියමුවන්ට අවදානම් රහිත වීම සහ දිගු දුර විමර්ශන සඳහා යෙදවීමේ හැකියාව යන කරුණු මත නියමුවන් රහිත යානා ආරක්ෂාව යන විෂයෙහි සාර්ථක වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ විවිධ ජාවාරම් සිදු වන කලාප අතරින් දකුණු පළාත විශේෂිතයි. ඒ අනුව මත්තල හෝ වීරවිල ගුවන් හමුදා කඳවුරු මූලික කොටගෙන එම කලාපයේ නියමුවන් රහිත යානා මෙහෙයුම් සිදුකිරීමට අපේක්ෂිතයි. එමෙන්ම රට අභ්‍යන්තරයේ සිදුවන කංසා වගා, ගස් කැපීම, වැලි ගොඩදැමීම ඇතුළු අනවසර ක්‍රියා හඳුනා ගැනීමටද නියමුවන් රහිත යානා යෙදවෙනු ඇති. අම්පාර දිස්ත්‍රික්කයේ ඇතුළු නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක් ද එම නිරීක්ෂණ කලාපයට ඇතුළත්. ඊට අමතරව මන්නාරම සහ පුත්තලම සිට මීගමුව දක්වා මුහුදු කලාප කෙරෙහිද ව්‍යාපෘතියේ අවධානය යොමුව තිබෙනවා. නියමුවන් රහිත ගුවන් යානා මධ්‍යස්ථානයේ සිට හැසිරවිය කළ හැකි කිලෝමීටර් 20ක සීමාව කිලෝමීටර් 50ක් දක්වා දියුණු කිරීමටත්, පසුව එය කිලෝ මීටර් 100 ක් දක්වා වර්ධනය කිරීමටත් දැන් පර්යේෂණ ක්‍රියාත්මකයි. 🛩️🛩️🛩️

තොරතුරු සහ ඡායාරූප මාධ්‍යවේදී අමල් සමන්ත මහතාගෙනි.

මෙරට ප්‍රථම වායුසමනය කරන ලද ‘m stop’ බස් නැවතුම,මෙරට මගීන් හට නවමු අත්දැකීමක් එක් කරමින් මෙරට ප්‍රථම වායුසමනය කරන ලද ‘m ...
30/03/2021

මෙරට ප්‍රථම වායුසමනය කරන ලද ‘m stop’ බස් නැවතුම,

මෙරට මගීන් හට නවමු අත්දැකීමක් එක් කරමින් මෙරට ප්‍රථම වායුසමනය කරන ලද ‘m stop’ බස් නැවතුම බත්තරමුල්ල දියත උයන අභියස පසුගිය දින විවෘත කරන ලදී .මෙහි කුඩා වෙළඳසැලක් WiFi පහසුකම් හා දුරකථන ආරෝපණය කීරීමටද පහසුකම් සලසා ඇති අතර ATM යන්ත්‍රයක්ද සවිකර ඇත.මෙම මූලාකෘතික බස්නැවතුමේ නිර්මාණ කටයුතු හා ඉදිකිරිම සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සිදුකර ඇත.

ශ්‍රී ලංකා යුධ හමුදාව එක් දිනක් තුල පැල ලක්ෂයක් රෝපණය කරයි.
27/03/2021

ශ්‍රී ලංකා යුධ හමුදාව එක් දිනක් තුල පැල ලක්ෂයක් රෝපණය කරයි.

ජීනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් අප රටට එරෙහිව සම්මත කරගත් යෝජනාව, වත්මන්‍ රජයට හෝ එහි නායකයින්ට එරෙහිව ගෙන ආ යෝජනාවක් න...
23/03/2021

ජීනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් අප රටට එරෙහිව සම්මත කරගත් යෝජනාව, වත්මන්‍ රජයට හෝ එහි නායකයින්ට එරෙහිව ගෙන ආ යෝජනාවක් නොවන බවත්,එය සමස්ත රටකටම එරෙහිව ගෙන ආ යෝජනාවක් බවත්, වරක් ඇමරිකාව පවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඊශ්‍රායලය මූලික කරගනිමින් ඉන් ඉවත් වූ බවත් අප තේරුම් නොගන්නාතාක්,රටක් ලෙස අප 'ෆේල්'වනු ඇත.
පරිසරය රැකීමට මෙන්ම , රටට ආදරය කිරීමේදීද පාට, පක්ශ, ආගම් කණ්ණාඩි ඉවතලා ක්‍රියාකිරීමට අප හුරුවිය යුතුව ඇත.

යුද්ධය අවසන් කල නායකයින් හා රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණ වෙත ගෙන යාම සදහා කටයුතු කල මංගල සමරවීර ඇතුළු යහපාලන නඩය දෙමල ජාතික සන්ධානයත් ජනතා විමුක්ති පෙරමුණත් සමග අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ රටට එරෙහිව සම්මත වූ යෝජනාව පිලිබදව සතුටු වනු ඇත.එහෙත් රටක් ලෙස අප පරාජය කොට දේශපාලන පාට කණ්නාඩි හරහා එය දෙස බැලීම නතර වන තාක් කල් අප රටක් ලෙස පරාජය වනු ඇත.

ශ්‍රී ලංකා මාතා 🇱🇰 !

පරිසර හිතකාමී පෑනක්. 🖊️සාමාන්‍ය පාසල් ශිෂ්‍යයෙක් පෑන් පාවිච්චි කරල ඉවත දාන කොට පරිසරයට වසරකට ප්ලාස්ටික් කිලෝ 2 ක් විතර එ...
23/03/2021

පරිසර හිතකාමී පෑනක්. 🖊️

සාමාන්‍ය පාසල් ශිෂ්‍යයෙක් පෑන් පාවිච්චි කරල ඉවත දාන කොට පරිසරයට වසරකට ප්ලාස්ටික් කිලෝ 2 ක් විතර එකතු වෙනවා කියල පරීක්ෂණයකින් හොයා ගෙන තියෙනවා. ලංකාවේ දළ වශයෙන් ශිෂ්‍ය ජනගහනය 3,00,000 ක් කියල ගත්තොත් මේ ප්‍රමාණය වසරකට කිලෝ 6,00,000 ක්.

මේ පින්තූරෙ ඉන්නෙ සුගිල් කුමාර් මහත්තයා. ඉන්නෙ මහනුවර වටපුළුවෙ.
ඔහු නිෂ්පාදනය කරල තියෙන මේ පෑන පරිසර හිතකාමී පෑනක්. කාඩ්බෝඩ් වගේ දිරායන දෙයකින් හදල තියෙන මේ පෑන්වලට එල්වළු බීජ එකතු කරල හදල තියෙන්නෙ. පාවිච්චි කලාට පස්සෙ පෝච්චියක හිටවලා වතුර එකතු කලාම තක්කාලි , මිරිස් වගේ පැල ලබා ගන්න පුළුවන්.
මේ පෑනක් රුපියල් පනහයි.
විව්ධ වර්ණවලින් වගේම විවිධ ආයතන නැත්නම් උත්සව සඳහාත් විශේෂ පෑන් මුද්‍රණය කර ගන්න පුළුවන්.

ඔහුගේ දුරකතන අංකය 0774549324.

Copied

අඩුම ලංසුවට රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටස ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව දේශීය සමාගමකට
22/03/2021

අඩුම ලංසුවට රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටස ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව දේශීය සමාගමකට

පැයක කාලයක් තුළ වී මෙට්‍රික් ටොන් 05ක් සහල් කළ හැකි ජංගම සහල් නිෂ්පාදන යන්ත්‍රයක් නව නිපැයුම්කරුවෙකු වන විකුම් සම්පත් දි...
10/03/2021

පැයක කාලයක් තුළ වී මෙට්‍රික් ටොන් 05ක් සහල් කළ හැකි ජංගම සහල් නිෂ්පාදන යන්ත්‍රයක් නව නිපැයුම්කරුවෙකු වන විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න මහතා විසින් හඳුන්වා දී තිබේ.

අද (10) එම යන්ත්‍රය කෘෂිකර්ම අමාතය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත ඉදිරිපත් කර ඇත.

එම නව යන්ත්‍රය තෙත වී වියළා ගැනීමටත්, වී තම්බා ගැනීමටත් හැකි වන පරිදි නිර්මාණය කර තිබේ.

එසේම අඩි 40ක බහාලුමක නව යන්ත්‍රය සවිකොට කමතටම ගොස් වී සහල් කිරීමට නව යන්ත්‍රයට හැකිය.

ස්වයංක්‍රීයව වී යන්ත්‍රයට ඇතුළත් කර ගන්නා අතර, වී තැම්බීමත්, වියළා ගැනීමත්, අනතුරුව ගල් වැලි ඉවත් කළ පිරිසිදු සහල් ස්වයංක්‍රීයව නිෂ්පාදනය එම නව යන්ත්‍රය මඟින් සිදුකෙරේ.

සමස්ථ කාර්යයයට සේවකයන් දෙදෙනෙකු ප්‍රමාණවත් වන අතර, ඉතිරි සියල්ල ස්වයංක්‍රීයව සිදුවීම එම යන්ත්‍රයේ විශේෂත්වයකි.

එම යන්ත්‍රයේ පේටන්ට් බලපත්‍රය කෘෂිකර්ම අමාත්‍යාංශයට පැවරීමට සූදානම් බව ද එහි නිපැයුම්කරු අමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබේ.

යන්ත්‍රය අවශ්‍ය ප්‍රමාණයට විශාලත්වයකින් සකස් කොට පළමු යන්ත්‍රය නිර්මාණය කිරීමට වී අලෙවි මණ්ඩලය හරහා පියවර ගැනීමට එහි සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතාට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා උපදෙස් දී ඇත.

මුලතිව් කුරුදුමලේ කැණීම් කටයුතු සිදු කෙරෙන අතරතුර,
05/03/2021

මුලතිව් කුරුදුමලේ කැණීම් කටයුතු සිදු කෙරෙන අතරතුර,

Sarang Helicopter Display Team at SLAF’s 70th Anniversary Air Show 2021 ❤🚁
04/03/2021

Sarang Helicopter Display Team at SLAF’s 70th Anniversary Air Show 2021 ❤🚁

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 70ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කළ  ගුවන් යානා සංදර්ශනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප...
03/03/2021

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 70ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කළ ගුවන් යානා සංදර්ශනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (03) පස්වරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේ දී ආරම්භ කෙරිණ.

ඉතා විචිත්‍රවත් ගුවන් සංදර්ශනයක් වූ එහි තවත් විශේෂ අවස්ථා කීපයක් පහත දැක්වේ.

ජනසතු කෙරුන "හොඳ හිත නෙළුම් බුදු කුළුණ"2021-02-18තිස්සමහාරාම - පොල්ගහවැලෑන - පන්නෙගමුව ප්‍රදේශයේ පිහිටි හොඳ හිත සිතුවිලි...
18/02/2021

ජනසතු කෙරුන "හොඳ හිත නෙළුම් බුදු කුළුණ"

2021-02-18

තිස්සමහාරාම - පොල්ගහවැලෑන - පන්නෙගමුව ප්‍රදේශයේ පිහිටි හොඳ හිත සිතුවිලි මන්දිර පරිශ්‍රයේ ඉදිකළ අඩි 120 ක් උස “හොඳ හිත නෙළුම් බුදු කුළුණ” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතින් අද විවෘත වුණා.

හොඳ හිත නෙළුම් බුදු කුළුණ මස්තකයෙහි ධර්ම චක්‍ර මුද්‍රාවේ සමාධි බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කර ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ශාසන කීර්ති ශ්‍රී කලාශූරි පූජ්‍යපාද රත්නපුරේ නන්ද හිමි මෙම බුදු පිළිම වහන්සේ නිර්මාණය කර තිබෙනවා.

කොළඹ කසල ගැටලුවට විසදුම හෙට සිට.2018 වර්ෂයේ ඉදිකිරීම ආරම්භ කල මෙරට කසල මගින් විදුලිය නිපදවීමේ පළමු බලාගාරය හෙට විවෘත කෙර...
16/02/2021

කොළඹ කසල ගැටලුවට විසදුම හෙට සිට.

2018 වර්ෂයේ ඉදිකිරීම ආරම්භ කල මෙරට කසල මගින් විදුලිය නිපදවීමේ පළමු බලාගාරය හෙට විවෘත කෙරෙනවා.

කෙරවලපිටියේ ඉදිකර ඇති මෙම බලාගාරය මගින් දෛනිකව කසල ටොන් 700 ක් යොදා ගනිමින් මෙගාවොට් 10 ක් නිපදවීමට සැලසුම් කෙරෙනවා.

කොළඹ නගර සභාවට මෙහි දිනක කසල අවශ්‍යතාවය සපුරාලීමටද නොහැකි අතර ඒ අනුව කොළඹ අවට නගර සභාවලටද තම කසල බැහැරකිරීමේ ගැටලුවට මෙමගින් විසදුම් ලබාදීමට නියමිතයි.

ජපන් රජය පොලීසියට වාහන පරිත්‍යාග කරයි, එම වාහන ජනපතිට භාරදෙයිශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහරණය සඳහා ජපාන රජය පරි...
16/02/2021

ජපන් රජය පොලීසියට වාහන පරිත්‍යාග කරයි,

එම වාහන ජනපතිට භාරදෙයි

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහරණය සඳහා ජපාන රජය පරිත්‍යාග කළ ජීප් රථ 31ක්, බස් රථ 04ක් සහ වෑන් 10ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සංකේතාත්මකව භාරදීම අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

වාහන භාරදෙනු ලැබූයේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිර සුගියාමා මහතා විසිනි. වාහනවල තත්වය විමසා බැලූ ජනාධිපතිතුමා තානාපතිවරයා සමග සුහද කතා බහක නිරත විය.

ශ්‍රී ලංකා පොලීසිය සිදුකරන විමර්ශන පහසු කිරීම සඳහා ජපාන රජය මේ පරිත්‍යාගය කර ඇත. රුපියල් මිලියන 1250ක පූර්ණ ප්‍රදානයක් ලෙස ලැබෙන පරිත්‍යාගයේ පළමු පියවර ලෙස රුපියල් මිලියන 775ක් වටිනාකමින් යුත් වාහන 45ක් අද භාර දෙනු ලැබීය.

දෙවැනි පියවර ලෙස තවත් වාහන සහ අති නවීන සෝදිසි උපකරණ තොගයක් ඉදිරි කාලයේ දී ලැබෙයි. ජීප් රථ 25, මෝටර් බයිසිකල් 150ක්, Search Gates 7ක්, Total Search Machine 01ක් , Handheld Metal Detector 80ක් ඊට අයත්ය.

🙏🙏🙏
16/02/2021

🙏🙏🙏

“කැකුළු තුරු උදානය” ළමා රුක් රෝපණ ජාතික වැඩසටහන ජනාධිපතිවරයාගේ  ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ ගම්පොළ අටබාගේ විමලධර්ම ජ...
15/02/2021

“කැකුළු තුරු උදානය” ළමා රුක් රෝපණ ජාතික වැඩසටහන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ ගම්පොළ අටබාගේ විමලධර්ම ජාතික පාසල් භූමියේදී ආරම්භ කෙරිණ.

සෑම වසරකම පළමු වැනි ශ්‍රේණියට පිවිසෙන දරු දැරියන් සංඛ්‍යාව තුන් ලක්ෂ පනස්දහසකට ආසන්නය. ඔවුන් පරිසරයට ආදරය කරන පුරවැසියන් බවට පත්කිරීම සහ “සෞභාග්‍යයේ දැක්ම” හඳුන්වා දුන් තිරසර පරිසර ප්‍රතිපත්තියට අනුව අනාගත පරපුරට සුරක්ෂිත පරිසර පද්ධතියක් දායාද කිරීම වැඩසටහනේ අරමුණයි.
ජනාධිපතිතුමා සහ මැති ඇමතිවරු දරුවන් සමග එක්ව පැළ රෝපණය කරමින් “කැකුළු තුරු උදානය” වැඩසටහන ආරම්භ කළහ.
පොත පතට යොමුව විභාග මානසිකත්වයක පසුවන සිසුන් වගාවට උනන්දු කරවීමෙන් යහපත් මානසිකත්වයක් ඇති කිරීම මේ සංකල්පයේ අපේක්ෂාවකැයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.
කෘෂිකර්ම සහ අධ්‍යාපන අමාත්‍යාංශ එක්ව වැඩසටහන ක්‍රියාවට නංවයි. අද ඇරඹුණු “කැකුළු තුරු උදානය” වාර්ෂිකව ඉදිරියට යයි. වසර 05ක් ගත වන විට කොස්, දෙල්, පොල්, අඹ ඇතුළු පැල ලක්ෂ 17ක් දරුවන්ගේ අධීක්ෂණයෙන් පරිසරයට එක් කිරීම රජයේ ඉලක්කයයි. නාගරික දරු දැරියන්ට තම ප්‍රදේශවලට ගැලපෙන කුඩා ප්‍රමාණයේ ශාඛ සහ ගෙවතු රහිත නිවාසවල පදිංචි දරුවන්ට බඳුන්ගත පැළයක් සපයනු ලැබේ.
පැළ බෙදාදීම කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය මගින් කෙරෙන අතර, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් මගින් වාර්ෂිකව දරුවා සහ පැලය පිළිබඳ වාර්තාවක් සැකසීමට ද සැලසුම් කර ඇත.
සංකේතාත්මකව දරුවන් අතර පැළ බෙදා දීම ජනාධිපතිතුමා විසින් සිදු කරනු ලැබීය.
2021 වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම සංකේතවත් කරමින් ජනාධිපතිතුමා අටබාගේ විමලධර්ම විද්‍යාලයට ඇතුළත්වන දරුවෙකුගේ නම ලියාපදිංචි කොට පාසල් ලොග් සටහන් පොතෙහි සටහනක් තැබීය.
මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කොවිඩ් අරමුදල උදෙසා රැස් කළ රුපියල් ලක්ෂ 63ක මුදලට අදාළ චෙක්පත ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා ජනාධිපතිතුමා වෙත භාර දුන්නේය.
රාජපක්ෂ මැතිතුමා, කොවිඩ් අරමුදලට සිය මාසික වැටුප පරිත්‍යාග කළ ගුරුවරුන් තිදෙනෙකුට ප්‍රශංසා සහතික පත් ප්‍රදානය කළේය.
ජනාධිපතිතුමා අටබාගේ විමලධර්ම ජාතික පාසලට පැමිණීම ගැන ගෞරව දක්වමින් විදුහල්පති පූජ්‍ය රූපහ සෝනුත්තර හිමියෝ, ආචාර්ය මණ්ඩලය සහ දරුවන් සමග එක්ව උපහාර තිළිණයක් පිළිගැන්වූහ.
2021 වසර සඳහා විමලධර්ම ජාතික පාසලේ පළමු වැනි ශ්‍රේණියට අතුළත්වන සිසුන් සහ ශිෂ්‍ය නායක නායිකාවන් සමග ජනාධිපතිතුමා ඇතුළු මැති ඇමතිවරු ඡායාරූපයකට පෙනී සිටියහ.
විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අනුෂ්ක ඉමේෂාන් තමා සිතුවමට නැගූ ජනාධිපතිතුමාගේ රුව එතුමා වෙත පිළිගැන්වුයේය.

උත්සවයට සහභාගීවීමට උඩගම මහජන ක්‍රීඩාංගණයට පැමිණි ජනාධිපතිතුමා රැස්ව සිටි ජනතාව සමග කතා බහක නිරත වෙමින් ප්‍රදේශයේ අඩු පාඩු සහ ඔවුන් මුහුණ දෙන ගැටළු පිළිබඳව විමසා බැලීය.
ජනතාව කළ ඉල්ලීම ඉටුකරමින් උඩගම කලවැල්ගොල්ල මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමටත්, පානීය ජල ගැටළුව පිළිබඳව අදාළ නිලධාරීන් දැනුවත් කිරීමටත් පියවර ගන්නා බව එතුමා පැවසීය.
උඩගම මහජන ක්‍රීඩාංගණය සහ විමලධර්ම විද්‍යාලය අතර ඇති අටබාගේ රාජානන්ද විද්‍යාලය ඉදිරිපිටට පැමිණ සිටි දරුවන්ගෙන් ද ජනාධිපතිතුමා තොරතුරු විමසීය. දරුවන් කළ ඉල්ලීමට අනුව පාසලේ ක්‍රීඩාපිටියේ සහ අඩක් නිමකර ඇති ගොඩනැගිල්ලේ වැඩ අවසන් කර දෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ, අනුරාධ ජයරත්න, පියල් නිශාන්ත යන රාජ්‍ය අමාත්‍යවරු උත්සව සභාව ඇමතූහ. රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, උදයන කිරිඳිගොඩ සහ වසන්ත යාපා බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අමාත්‍යාංශ ලේකම්වරු හා නිලධාරීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදා ඉංජිනේරු භට පිරිස් විසින්...
15/02/2021

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදා ඉංජිනේරු භට පිරිස් විසින් මීමුරේ, කයිකාවල ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීමේ කටයුතු, 2021 පෙබරවාරි මස 14 වන දින ආරම්භ කරන ලදී. අතිගරු ජනාධිපතිතුමන් විසින් 2021 පෙබරවාරි මස 13 වන දින මීමුරේ ප්‍රදේශයේ පවත්වන ලද "ගම සමග පිළිසඳරක්" වැඩසටහනේ දී එම විද්‍යාලයීය සිසුන්, ගුරු භවතුන් සහ දෙමාපියන් විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස මෙම නවීකරණ ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාවට නැංවීම සඳහා යුද්ධ හමුදාව වෙත භාර දෙන ලදී. ඒ අනුව, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු, මේජර් ජෙනරල් නිහාල් අමරසේකර වෙත ලබා දුන් උපදෙස් ප්‍රකාරව ඉංජිනේරු භට පිරිස් යොදවා එම ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීමේ කටයුතු, පසු දින (පෙබරවාරි14) සිට ආරම්භ කරන ලදී. පොදු කාර්යය ඉංජිනේරු බල සේනාවට අයත් 6 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ භට පිරිස් හි තාක්ෂණික දැනුම, යන්ත්‍රෝපකරණ සහ හැකියාවන් උපයෝගී කරගනිමින් ඉදිකිරීම් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය, ඉතා කෙටි කලක් තුළ අවසන් වීමට නියමිතය.

මීමුරේ මාර්ගයේ වැඩ ඇරඹේ.
11/02/2021

මීමුරේ මාර්ගයේ වැඩ ඇරඹේ.

කිලෝ මීටර් 28කින් යුත් දකුණු ආසියාවේ දිගම  “වාරි උමගේ” ඉදිකිරීම් අද (05) පෙරවරුවේ අනුරාධපුර, පලුගස්වැව දී ජනාධිපති ගෝඨාභ...
05/02/2021

කිලෝ මීටර් 28කින් යුත් දකුණු ආසියාවේ දිගම “වාරි උමගේ” ඉදිකිරීම් අද (05) පෙරවරුවේ අනුරාධපුර, පලුගස්වැව දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ආරම්භ කෙරිණ.
වැව් පන්දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ “වාරි සෞභාග්‍යයා” වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ ප්‍රථම අදියර යටතේ උමග ඉදි කෙරේ. මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ 06 වැනි සහ අවසන් සැලැස්ම ලෙස උතුරු මැද පළාත් මහ ඇල ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.
මොරගහකන්ද සහ කළුගඟ ජලාශවල සිට රජරටට ජලය ගෙන යාම ව්‍යාපෘතියේ අරමුණයි. එය පරිසර හිතකාමී සංවර්ධන වැඩසටහනක් ලෙස සැලසුම් කර ඇත. මොරගහකන්ද සහ කළු ගඟ ජලාශවල අතිරික්ත ජලය කි.මි 65ක ඇල මාර්ගයක් ඔස්සේ යකල්ල දක්වා ගෙන යනු ලැබේ. ඇල මාර්ගය සැකසීමේ දී අභය භූමි 03ක් පසුකර යාමට සිදු වේ. එහිදී පරිසරයට සහ වන සතුන්ට වන හානිය වළකනු පිණිස වාරි උමග ඉදි කෙරේ. ඇලහැර කෝඳුරුවැවෙන් ආරම්භ වන උමග පලුගස්වැව මහමීගස්වැවෙන් අවසන් වෙයි.
වසර 06කින් නිම කිරීමට සැලසුම් කර තිබූ උතුරු මැද පළාත් මහ ඇල ව්‍යාපෘතිය වසර 04 කදී එනම් 2025 වන විට අවසන් කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ. ශ්‍රි ලංකා රජයේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘතියේ උමං මාර්ගය සඳහා වැය කෙරෙන මුදල අමරිකානු ඩොලර් මිලියන 244කි.
උතුරු මැද, උතුර සහ නැගෙනහිර පළාත්වල ජනතාවගේ දරිද්‍රතාවට සහ වකුගඩු රෝගයට ජල ගැටළුව ප්‍රබල සාධකයක් වී තිබේ. ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු උතුරු මැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක පවුල් 25,000කට ප්‍රතිලාභ සැලසේ. කුඩා වැව් 1200කට ජලය සැපයීමෙන් හෙක්ටයාර 43,000ක් යල මහ දෙකන්නයේ අස්වැද්දීමට අපේක්ෂිතය.
“වාරි සෞභාග්‍යයා” උතුරු මැද පළාත් මහ ඇල වාරි උමගේ ඉදිකිරීම් සමාරම්භක උත්සවය අනුරාධපුර, මහමීගස්වැව සංවිධාන කර තිබිණ.
අද පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සමරු ඵලකය නිරාවණය කර මංගල පස් පිඩැල්ල කැපීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
පෙර රජ දරුවන් මග ගනිමින් අහසින් වැටෙන සහ මුහුදුට ගලායන ජල කඳ කෙත් බිම් අස්වැද්දීමට යොදා ගැනීම වත්මන් රජයේ අරමුණ බව වාරි මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා උත්සව සභාව අමතමින් පැවසීය.
“සෞභාග්‍යයේ දැක්ම” යථාර්ථයක් වෙමින් රජ රටට මෙතෙක් සිහිනයක් වී තිබූ පානීය හා වගා ජලය උතුරු මැද පළාත් මහ ඇළ ඔස්සේ ලැබීමෙන් ජන ජිවිතය පණ ගැන්වෙන බව මහවැලි කලාප ආශ්‍රිත ඇල වේලි හා ජනාවාස, පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා පැවසීය.
ත්‍රෛනිකායික මහා සංඝරත්නය, කැබිනට් අමාත්‍යවරු, වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ඇතුළු රාජ්‍ය අමාත්‍යවරු,උතුරු හා උතුරු මැද පළාත් මහජන නියෝජිතයින්, අමාත්‍යාංශය ලේකම්වරු, රාජ්‍ය නිලධාරීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Good News of Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share