Sri Lanka News Today

  • Home
  • Sri Lanka News Today

Sri Lanka News Today Local Trends | Technology | Politics | Business | International News | Lifestyle | Engineering

නිවට විදියට දු** ක් උහුලන අපේ පරම්පරාවට.. ❤️❤️💯💯👇👇
26/08/2023

නිවට විදියට දු** ක් උහුලන අපේ පරම්පරාවට.. ❤️❤️💯💯👇👇

ඔයාලා දන්නේ නෑ මේ Gen Z එකට (ඔයාලගේ භාෂාවෙන් කියනවා නම් 2000න් පස්සේ ජනතාවට) මම මොන තරම් ආදරේද කියලා.

01). ආයතනයකට ගිහින් අසාධාරණයක් වුණාම, එයාලා ඔලුව පහත් කරගෙන ගෙදර එන්නේ නෑ. දඩස් ගාලා කැමරාව ඇදලා අරගෙන ඒක වීඩියෝ කරලා, සමාජ මාධ්‍ය වලටත් දානවා.

අර සතෙක් වගේ හැසිරුණ කළමනාකරුවාගේ/ අධ්‍යක්ෂකවරයාගේ career එක පැය විසි හතරෙන් ඉවරයි. අවුරුදු 10ක් 20ක් මිනිස්සුන්ට පෙන්වපු හයිරම්, ගණන්කාරකම් ඔක්කොම කාර්යයාලය ඇතුලේ තියලා, ඊළඟ දවසේ තෙමිච්ච බව්වා වගේ තමයි රස්සාවත් නැතිව ගෙදර යන්නේ.

02). රජයේ උසස් අධ්‍යාපන ආයතන වල register වෙන්න දවසක් දුන්නාම, මේ ළමයි call කරලා කියනවාලු, "මට එදාට එන්න බෑ busy.. වෙන දවසක මට appointment එකක් දෙන්න කියලා.."

ඉතින් මේ ආයතන වලට ඇත්තටම එහෙම දින දෙන්න වෙලා. මොකද ගොඩක් අය මේ විදියට කතා කරන නිසා.

යටත් විජිත යුගයේ ඉඳලා මේ රටේ තියෙන bureaucracy, user-friendly නැති ආයතනික නීති, මේ දරුවෝ තනි telephone call එකෙන් කුඩුපට්ටම් කරලා දානවා.

03). මෙයාලා දාසයෝ වගේ මැරීගෙන රස්සා කරන්නේ නෑ. Professional විදියට official පැය ගණන වැඩ කලා. ඇඟිල්ල තිව්වා. ගෙදර ගියා.

HR Managersලා තමන්ගේ ශාඛා වලට විශේෂයෙන් E-mail ගහනවා, "අපි අලුතෙන් recruit කරන දරුවන්ට සැර කරන්න යන්න එපා.. මෙයාලා ඒවා ඉවසන්නේ නෑ resign වෙනවා.." කියලා.

රුපියල් 30,000ට බැනුම් අහගෙන, හරකෙක් වගේ වැඩ කරන අපේ කට්ටිය, මේ දරුවෝ දිහා බලලා ඉගෙනගන්න, රස්සාවක් professional විදියට කරන්නේ කොහොමද කියලා.

04). මගේ ආදරණීය දුවේ පුතේ, මගේ උපදෙස තමයි විෂයයන් තුනක් ඉගෙනගන්න. ඉංග්‍රීසි.. තොරතුරු තාක්ෂණය.. නීතිය..

"තමන් ඉගෙනගන්නා විෂයයට අමතරව" මේ තුන හරියට හරියට දන්න 1000ක් හැදුණොත් Gen Z එකෙන්, මේ රට සෝදලා ගත්තා වගේ පිරිසිදු කරන්න පුළුවන්.

අනේ අපේ පරම්පරා වල ගව සම්පතත්, දැන්වත් මේ විදියට "තමන් වෙනුවෙන් පෙනී සිටින්න" ඉගෙන ගනිත්වා!

-

රැල්ලට බයේ ඇත්ත කතා නොකර ඉන්න එපා! 👇👇💯💯
23/08/2023

රැල්ලට බයේ ඇත්ත කතා නොකර ඉන්න එපා! 👇👇💯💯

අපට නම් සුළඟවත් වැදිලා නෑ..

01). මේ ලෝකයට සතුන් කියන ජාතිය හැදිලා තියෙන්නේ, අපිට ම** _රාගෙන කන්න නෙවෙයි. කවුරු පිළිගන්න අකමැති වුණත්, ඒක තමයි ඇත්ත.

දියුණු රටවල් වල Beyond Meat, Impossible Foods වගේ ශාක වලින් හදන මස් වර්ග, මේ දවස්වල වේගයෙන් ජනප්‍රිය වෙනවා. මිනිස්සු දැන් ආසා කරනවා, සතුන්ට හිංසා නොකර තමන්ගේ ආහාර, ඇඳුම්, ආභරණ සපයාගන්න.

බලන්න දරුවනේ ජාතියක් දියුණු වෙද්දී, ටිකෙන් ටික ශිෂ්ඨ සම්පන්න වෙන හැටි. ඔයාලත් එහෙම පුරුදු වෙන්න. දැන්වත් දියුණු ශිෂ්ටාචාරයක කොටස්කරුවන් වෙන්න.

02). මේ ලෝකයට සතුන් කියන ජාතිය හැදිලා තියෙන්නේ, අපට නැටුම් පෙන්වන්න, පෙළපාලි එක්ක යන්න නෙවෙයි. දෙවි කෙනෙක් අහසින් බිමට බැහැලා මේකට විරුද්ධ වුණත්, මේක තමයි ඇත්ත. මේක තමයි සාධාරණ යුක්ති ධර්මය.

දුවේ පුතේ සතුන් තමන්ගේ natural habitat එකේ ඉද්දී විතරක්, ලස්සන බලන්න පුරුදු වෙන්න. සතුන්ව කූඩු කිරීමට දිවි හිමියෙන් විරුද්ධ වෙන්න. සතුන්ට දම්වැල් දැමීමට දිවි හිමියෙන් විරුද්ධ වෙන්න.

සතෙක් ස්වාභාවික පරිසරයෙන් ඉවත් කළ යුත්තේ, ඉතාමත් විද්‍යාත්මක, එම සතාගේ යහපත පිණිස පවතින හේතු වලදී පමණයි.

03). දියුණු රටවල් වලට මේවා අලුත් සංකල්ප වුණාට, පෙරදිග ලෝකයට මේවා අලුත් දේවල් නෙවෙයි. දරුවනේ අවුරුදු 2500කට කලින් තමයි, ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක්, "සියලු සතුන් ලොව සුවපත් වේවා!" කියලා හිතන්න අපට පුරුදු කළේ.

අහෝ ජාතියක් පිරිහිලා ගිහින් තියෙන තරම. අකාරුණික මිනිසුනේ, ඔබට ඒ ශ්‍රේෂ්ඨ උත්තමයාගේ සුළඟවත් වැදිලා නෑ.

04). මහත්වරුනි, දැන්වත් නිවැරදි වෙන්න. ඔය තමිල්නාඩු වේල් චාරිත්‍ර දැන්වත් අතහරින්න. Loving Kindness, Meditation වගේ දියුණු අදහස් promote කරන්න.

දඩ ම** _ස් පූජා කිරීමේ අනුසස් ගැන උගන්වනවා වෙනුවට, සතෙකුට අභය දානය දීමේ අනුසස් ගැන සමාජයට උගන්වන්න.

මහත්වරුනි, සමාජයට පිළිලයක් වෙන්න එපා! ශිෂ්ඨාචාරය ඊළග තලයට ඔසවා තබන, ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් වෙන්න.

-

ජීවිතේ එක දවසකට හරි "ඇත්ත කැම්පස්" එකකට යන්න. 💯💯👇🏻👇🏻
12/08/2023

ජීවිතේ එක දවසකට හරි "ඇත්ත කැම්පස්" එකකට යන්න. 💯💯👇🏻👇🏻

රජයේ කැම්පස්ද? පුද්ගලික කැම්පස් ද? දුවේ පුතේ බුද්ධිමත් වෙන්න. එන එන රැල්ලට ගහගෙන යන්න එපා! 🙂❤️

රටේ නම්බුව "හරියට" රකින හැටි! 👇👇🙏🙏
03/08/2023

රටේ නම්බුව "හරියට" රකින හැටි! 👇👇🙏🙏

මහත්වරුනි, දියුණු මිනිසුන් "රටක අභිමානය රකින්නේ" මෙහෙමයි! 🙂❤️

මේ වගේ උත්සාහවන්ත චරිත තනි කරන්න එපා! ❤️❤️👇👇
01/08/2023

මේ වගේ උත්සාහවන්ත චරිත තනි කරන්න එපා! ❤️❤️👇👇

5G කුළුණක් දැක්කත් නටනවා.. පරිගණක විද්‍යාගාරයක් දැක්කත් නටනවා.. දැන් කෑමක් බීමක් දැක්කත් නටන්න පටන් අරගෙන..

ඔයාලට දැනෙන්නේ නැද්ද, අපිව පොඩ්ඩ පොඩ්ඩ ත_ ලී_ බාන්කරණය වෙනවා කියලා. 🙂❤️

values තියෙන මිනිස්සු.. ❤️💛👇👇
25/07/2023

values තියෙන මිනිස්සු.. ❤️💛👇👇

මම ආදරෙයි ඒ දහඩිය සුවඳට.. 🙂❤️

ඔයාගේ vocabulary එකට එකතු කරගන්න. ❤️❤️👇👇
22/07/2023

ඔයාගේ vocabulary එකට එකතු කරගන්න. ❤️❤️👇👇

very big වෙනුවට, මේ වචන පහ ඔයාගේ vocabulary එකට එකතු කරගන්න. හෙට නෙවෙයි.. ලබන සතියේ නෙවෙයි.. අදම මේ වචන පහ හොඳට කටට හුරු කරගන්න. 🙂❤️

මේ වගේ සැබෑ වීරයන්ට, පුංචි හරි වටිනාකමක් දෙමු! ❤️❤️👇👇
20/07/2023

මේ වගේ සැබෑ වීරයන්ට, පුංචි හරි වටිනාකමක් දෙමු! ❤️❤️👇👇

01). "[There's] no Dilmah here. Dilmah is Sri Lanka tea, Yeah? Everywhere in the world but [not in Sri Lanka]"

මේ උඩින් තියෙන්නේ, ශ්‍රී ලංකාවේ තියෙන තරු පහ වර්ගයේ හෝටලයක් ගැන, ඒකේ නවතින්න ආව සිංගප්පූරු ජාතික මහත්මයෙක් දක්වපු අදහසක්.

ඒ මහත්මයා කියනවා, "මම ලෝකයේ කොහේ ගියත් ඩිල්මා tea තමයි කියනවා හෝටල් කාමරයේ තියෙන්නේ. ඒත් ශ්‍රී ලංකාවේ ඔයාලගේ හෝටල් කාමරයේ, නමවත් අහලා නැති tea brand තමයි කියනවා තියෙන්නේ." ඒ මහත්මයා උපහාසයෙනුයි මේක කියන්නේ.

මේක තමයි Dilmah කියන්නේ මොනතරම් සාර්ථකව ජාත්‍යන්තරයට ගියපු brand එකක්ද කියලා, මම දැනගත්ත දවස. මොනතරම් සාර්ථක "ගෙදරදොරේ කතාවෙන සන්නමයක්" (household brand) ද කියලා මම දැනගත්ත දවස.

යුරෝපයේ supermarkets වලට බඩු ටිකක් ගිහින් දාලා, "ඔන්න අපි ජාත්‍යන්තරයට ගියා.." කියන්න ඕනම සමාගමකට පුළුවන්. යුරෝපයේ තියෙන ආනයන නීති ටිකට අවනත වෙන්න විතරයි ඕනා.

ඒත් මෙහෙම "මිනිස්සු ඉල්ල ඉල්ලා ගන්න" household brand එකක් හදන්න පුළුවන් වීරයෙකුට විතරයි. ඒකනිසා මටනම් ඔයා වීරයෙක් මෙරිල්.

02). පහුගිය ජනාධිපතිවරණය කාලේ තිබුණා "වියත්__" කියලා සංවිධානයක්. අදාල සංවිධානය මේ Dilmah නිර්මාතෘවරයාව පාවිච්චි කරන්න උත්සාහ කලා, තමන්ගේ marketing campaign එකට.

එයාලා මේ මහත්මයාගේ පින්තූරයක් අරගෙන, ඒක යටට "I Stand with Go_____" කියලා දාලා පෝස්ටරයක් හදලා, ඊටපස්සේ ඒක තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් වලින් promote කරන්න පටන්ගත්තා.

මුළු රටම වියරුවෙන් වගේ අදාල සංවිධානයට support කල යුගයක් ඒක. අදාල පක්ෂයට උදව් නොකරන අයට "ජා_ තියක් ජන්මයක් ආගමක් නැති උ_ න්" කියලා ලේබල් වැදුන යුගයක් ඒක.

එහෙම යුගයක මේ සමාගම පැය කිහිපයක් ඇතුළත නිවේදනයක් නිකුත් කලා, "අපි කිසිම දේශපාලන පක්ෂයකට support කරන්නේ නෑ.. අපේ නිර්මාතෘවරයාගේ පින්තූරය මෙහෙම පාවිච්චි කිරීම හරිම කණගාටුයි.." කියලා.

මහත්වරුනි මතක් කරලා බලන්න, සල්ලි/ තනතුරු වෙනුවෙන් තමන්ගේ ටියුෂන් පන්තියට ආව කිරිසප්පයන්ට පවා දේශපාලනය පෙව්වා මේ කාලයේ. ස්වාමීන් වහන්සේලා පන්සල/ අසපුව ඇතුලේ දේශපාලනය කතා කලා මේ කාලයේ .

එහෙම යුගයක "මම දේශපාලනය කරන්නේ නෑ!" කියලා කෙලින් හිටගන්න පුළුවන් වීරයෙකුට විතරයි. ඒකනිසා මටනම් ඔයා වීරයෙක් මෙරිල්.

03). අපේ රටේ මිනිස්සු, "කළු සල්ලි පප්පලාට" මල් තිය තියා වඳිනවා, "හම්මෝ සුපිරි businessman" කියලා.

අපේ රටේ මිනිස්සු, "අමු ජා_ තිවාදී බමුණන්ට" මල් තිය තියා වඳිනවා, "හම්මෝ අපේ YouTube වියත් ඇදුරුතුමා" කියලා.

ඇත්තටම වියත්, ඇත්තටම ව්‍යවසායක ඔයා වගේ අය නිසොල්මනේ නිශ්ශබ්දව යන්න යනවා.

04). ශ්‍රී ලංකාවේ මිනිස්සු ඔයා වගේ අයව ගණන් නොගන්න එක නම් මට පුදුමයක් නෑ. නිලමැස්සෝ මහනෙල් මල් වල වහන සිරිතක් නෑ නේ.

මට දුක, මට එක දවසක් හරි ඔයාව මුණගැහෙන්න බැරිවුණ එකයි. ඔයාගේ දැනුම, අත්දැකීම් වලින් ටිකක්, මටත් ඉල්ලා ගන්න අවස්ථාවක් නොලැබුණ එකයි.

සුබ ගමන් මෙරිල්! සමාජය නිසි වටිනාකම නොදුන්නාට, ඔයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "වීරයෙක්".

ඔයා වගේ "කොන්ද පණ ඇති මහත්වරුන්" තව තවත් මේ ලෝකයට බිහි වේවා!

-

තනියම මෙහෙම නීති හදාගෙන පිළිපදින්න! 💛❤️👇🏻👇🏻
07/07/2023

තනියම මෙහෙම නීති හදාගෙන පිළිපදින්න! 💛❤️👇🏻👇🏻

European නීති අපිත් පිලිපදිමු!

European Union එක ඉතිහාසයේ පළවෙනි වතාවට, "පස ආරක්ෂා කිරීමේ" නීතියක් සම්මත කරලා. යුරෝපයේ සම්පූර්ණ භූමි ප්‍රමාණයෙන් 60%ක්, මේ වෙනකොට ශාක සඳහා unhealthy තත්ත්වයට පත්වෙලා ලු. මෙන්න මේක කොහොමහරි පාලනය කරගන්නයි, එයාලා හදිස්සියේම මෙහෙම නීතියක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ.

පොඩ්ඩක් හිතන්න අපේ රට ගැන. කීමටත් කියන්නේ මඤ්ඤොක්කා දණ්ඩක් විසි කළත් මේ රටේ පැලවෙනවා කියලා නේද? මොනතරම් healthy ද අපේ රටේ පාංශු සම්පත.

ඔය කළු ගඟට "කාල ගංගා" කියලා අවුරුදු දහස් ගණනක් තිස්සේ කියනවා කියන්නේ, කළුපාට සරු පස හෝදාගෙන යද්දී වතුර කළුපාට වෙන නිසා. අවුරුදු 1000ක් තිස්සේ හෝදාගෙන ගිහිල්ලත්, අදටත් කළු ගඟේ වතුර කළු පාටටයි ගලන්නේ. මොනතරම් පින්වන්ත රටක්ද මේක ඒ අතින්.

අ_ වාසනාවකට මේ පින්වන්තකම අපේ ජීවිත කාලය ඉවර වෙනකල් වත්, ඉතිරි වෙන්නේ නම් නෑ. ඔයා අද හැටන් පාරෙන් සිරීපාදය නැග්ගොත්, තැන් 50කට වඩා බලාගන්න පුළුවන්, පොලිතින් පොළවට කවලම් වෙච්ච නිසා, ආයේ කවදාවත් ගස් වැවෙන්නේ නැති ස්ථාන.

මුළු ශ්‍රී ලංකාව පුරාම එහෙමයි. ආදරණීය දරුවනේ, අපේ පාර්ලි_ මේන්තුවෙන් නම් කවදාවත් මෙහෙම නීති සම්මත වෙන්නේ නෑ. මේ වගේ දියුණු අදහස් තේරුම් ගන්න තරම්, එතන ඉන්න මහත්වරුන්ට නුවණකුත් නෑ.

අපි තනියම නීති හදාගමු. පුළුවන් නම් දුවල පුතාලා හැමෝම අද ඉඳලා, පස සංරක්ෂණය කරන ක්‍රම ගැන තනියම හොයාගන්න. ඒවා අද ඉදලා හැමදාම පිළිපදින්න උත්සාහ කරන්න. සොබාදහම පවා ඔයාලට ආශීර්වාද කරාවි මේ දේ කළොත් නම්.

-

ඔයාට යහපතක්ම වේවා පැටියෝ! ❤️💛
02/07/2023

ඔයාට යහපතක්ම වේවා පැටියෝ! ❤️💛

මුතු රාජා..
පැටියෝ,
හැම ස්වාමීන් වහන්සේ නමක් ම
ඒ වගේ නපුරු නෑ.. ☸️
හැම බෞද්ධයෙක් ම
ඒ වගේ නරකත් නෑ.. 🌼

අති බහුතරයක් අපි හැමෝම,
ඔයාට ගොඩාක් ආදරෙයි.. ❤️
ඔයාට රිද්දපු අය එක්ක
අපිත් තරහයි.. ❌

අපි එක්ක ඉද්දී,
ඔයා වින්ද දුක් කන්දට,
අපට සමාවෙන්න.. 🙏🏻
අපිත් එක්ක
තරහා වෙන්න එපා
හොඳද.. 💛

මේ ලෝකයේ ස්වභාවය තමයි පැටියෝ.. 🌎
අපි කරන දේවල් වලට
ගැලපෙන විදියට තමයි
විපාක ලැබෙන්නේ.. 💞

සමහරවිට මිලියන 22ක්
අපි හැමෝම මේ ගෙවන්නේ,
අවුරුදු ගණන්
ඔයා වගේ අහිංසකයන්ට දීපු දුක් කඳු වල,
විපාක වෙන්න ඇති.. 🔥

ඒවා නොදැක්කා වගේ හිටියට,
ලැබෙන විපාක වෙන්න ඇති.. 🔥

ඔයාට නිදහසේ ජීවත් වෙන්න ලැබෙන, 🍃
දම්වැල් කුළු ගෙඩි නැති සුන්දර ලෝකයක්, 🔨
හෙට ඉඳලා ඔයා වටේ තියෙන්න කියලා,
මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. 🧡

ආයෙමත්,
ශ්‍රී ලංකාවේ අති බහුතරයක් අපි හැමෝම,
ඔයාට ගොඩාක් ආදරෙයි මගේ පැටියෝ.. 🙂❤️

-

සෝලාර් වෙනුවට පොඩි දරුවන්ට "Reading Area" හදමු! 👇🏻👇🏻💯💯
29/12/2022

සෝලාර් වෙනුවට පොඩි දරුවන්ට "Reading Area" හදමු! 👇🏻👇🏻💯💯

අහුවෙන්න එපා! ඕක උගුලක්!

1). ඔයාලා දැකලා තියෙනවද අපේ විශ්වවිද්‍යාල ඇතුලේ තියෙනවා, "Reading Area" කියලා ජාතියක්. බොහෝ විශ්වවිද්‍යාල වල මේ "Reading Area" එක පැය 24ම (හෝ අවමයෙන් රෑ 10 වෙනකල් වත්) විවෘතයි.

මේවා ඇතුලේ තියෙනවා ළමයෙකුට පාඩම් කරන්න අවශ්‍ය සියලුම පහසුකම්. සුවපහසු ආසන, විදුලිය, Wi-Fi, ලැප්ටොප් සඳහා Ethernet පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් ආදී හැමදේම නොමිලේ මෙතනින් ලැබෙනවා.

සිග්නල් නැතිව සියඹලා ගස් උඩ නගින ළමයි ඉන්න හැම ගම්මානයකටම, මෙයින් "Reading Area" එක බැගින් හදන්න පුළුවන් නම් හරිම වටිනවා නේද?

OK. කොහෙන්ද අපි මේකට අවශ්‍ය සල්ලි හොයාගන්නේ?

2). ඉන්දියාවෙන් අපට ලැබුණ ණය සල්ලි වලින්, තව ටිකක් ඉතුරු වෙලා තියෙනවා. එයාලා අපට මේ සල්ලි දුන්නේ, මේ ආර්ථික __ර්බුදය නිසා, "ඇත්තටම පීඩාවට පත් වෙච්ච පිරිසට" සහනයක් ලැබෙන විදියේ දේවල් කරන්නයි.

නමුත් දැන් __ණ්ඩුව මේ සල්ලි වියදම් කරන්න හදන්නේ, වෙනස්ම විදියේ කෝලමක් නටන්නයි. එයාලා ඉස්සරහා මාස තුන ඇතුළත, 5 kW සොලාර් පද්ධතිය බැගින් "නොමිලේ" බෙදනවාලු, අපේ රටේ හැම ආගමික ස්ථානයකටම.

දෙවියනේ අපේ රටේ බෞ__ ද්ධ වි__ හාරස්ථාන විතරක් තියෙනවා 11,000 කට ආසන්න ප්‍රමාණයක්. සියලුම ආගමික ස්ථාන එකතු වුණාම, මේ සල්ලි ටික ප්‍රමාණවත් නේද, ලංකාවේ හැම ගමකටම "Reading Area" දෙක බැගින් වුණත් හදන්න?

3). මගේ ආදරණීය ආගමික නායකයණි, මේ සෝලාර් කෝලම නටන්න දෙන්න එපා! එක හඬින් කියන්න, අපට සෝලාර් එපා කියලා. එක හඬින් කියන්න, අපේ ගමේ දරුවන්ට ඉගෙනගන්න අවශ්‍ය පහසුකම් දෙන්න කියලා ඔය සල්ලි වලින්.

මෙයාලා මේ සෝලාර් බෙදන්නේ, අපේ පන්__ සල් ගැන තියෙන ආදරයකට නෙවෙයි. පහුගිය ඡන්දයෙන් පස්සේ, සාමාන්‍ය පොදු ජනතාව ආගම් වලින් ගොඩක් ඈත් වුණා. මෙයාලට ඕනා මේ බෙදීම දිගට දිගට පවත්වාගෙන යන්නයි.

පින්වත් ස්වාමීන් වහන්ස/ පූජකතුමණි පොඩ්ඩක් හිතලා බලන්න. ඉගෙනගන්න දරුවා කරුවලේ ඉද්දී, පන්__ සලේ ලයිට් පත්තු වෙනකොට, පන්__ සල ගැන දැන් සමාජයේ තියෙන වෛ__ රය, තව තව වැඩි වෙනවා නේද?

මේ උගුල් වලට අහුවෙන්න එපා! අපි මේ බෙදිලා තියෙන සමාජය නැවත එකතු කරමු! අපි හදමු පන්__ සලට, පල්__ ලියට ආදරය කරන සමාජයක් ආයෙමත්.

මේක කරන්න තියෙන්නේ එකම ක්‍රමයයි. ටික කාලයක් යනකල්, අපේ තරුණ පරම්පරාවට සහ පොඩි දරුවන්ට ප්‍රමුඛතාවය දෙමු! එයාලව ආදරයෙන් බලාගමු අපි හැමෝම එකතු වෙලා! අද අපි එයාලව බලා ගත්තොත්, එයාලා පන්__ සලට, පල්__ ලියට කෙළෙහිගුණ සලකයි, ජීවිත කාලය පුරාවටම.

මගේ ආදරණීය ස්වාමීන් වහන්ස, පියතුමණි, ළඟ නොබලන්න! දුර බලන්න! 🙂❤️

-

ළඟදී විවාහ වෙනවද? එහෙනම් මෙහෙම දේවල් වෙනස් කරන්න. 👇🏻👇🏻💯💯
25/12/2022

ළඟදී විවාහ වෙනවද? එහෙනම් මෙහෙම දේවල් වෙනස් කරන්න. 👇🏻👇🏻💯💯

මඟුල් ගෙවල් modern කරමු!

1). අමෙරිකාවේ තියෙන මඟුල් ගෙදරකුයි, අපේ රටේ තියෙන මඟුල් ගෙදරකුයි සංසන්දනය කරද්දී, පැහැදිලිව පෙනෙන වෙනසක් තියෙනවා.

ඇමරිකාවේ යුවළක් මඟුල් ගෙදර තියන්නේ, තමන්ට සතුටු වෙන්න. තමන්ගේ යාළුවන්ට සතුටු වෙන්න. තමන්ගේ පවුලේ අයට සතුටු වෙන්න.

නමුත් අපේ රටේ මඟුල් ගෙවල් තියන්නේ ඒකට නෙවෙයි. අපේ රටේ මඟුල් ගෙවල් තියන්නේ, තමන්ගේ සමාජ තත්ත්වය ලෝකයට පෙන්නන්න. නිකමට පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ එහෙම නැද්ද කියලා?

මම ඕනා තරම් දැකලා තියනවා, තමන්ට පුංචි කාලේ ඉඳලා පිහිටට හිටිය මනුස්සයන්ට ආරාධනා නොකර, ජීවිත කාලයටම එක පාරක් විතරක් හමු වුණ, posh චරිත වලට විතරක් ආරාධනා කරලා පවත්වන මංගල උත්සව.

2). අමෙරිකාවේ මංගල උත්සව වල, witnesses ලා විදියට අත්සන් කරන්නේ, මනමාලයාගේ හොඳම යාළුවා සහ මනමාලියගේ හොඳම යාළුවා. එහෙමත් නැත්නම් මනාල යුවළගේ අම්මලා දෙන්නා හෝ තාත්තලා දෙන්නා.

ඒත් මේ "උද්ද__ච්ච මිනිස්සු ඉන්න දූපතේ" එහෙම නෙවෙයි. තමන් අත්සන් කරපු කිසිම දෙයක් යහතින් සිද්ධ නොවුන, "දේ__ශපාලන පල් හො__රු" තමයි, අපේ රටේ මගුල් ගෙවල් වල සාක්ෂියට අත්සන් කරන්නේ.

එක්කෝ මුහුණේ ලේ කඳුලක් නැති, රටම සූ__ රාගෙන කාපු "කළුකඩ ව්‍යාපාරිකයෝ" තමයි, අපේ රටේ සාක්ෂියට අත්සන් කරන්නේ.

ඇත්තටම ඔයාලගේ සිහිකල්පනාව හොඳ නැද්ද? ඔය මිනිස්සු අත්සන් කරන කරන එක මස්තබාල්දු වෙලා යනවා කියලා, මේ රට දිහා බැලුවම පෙනෙන්නේ නැද්ද?

3). අපි මේක වෙනස් කරමු. ලෝකයට පේන්න නෙවෙයි, ඇත්තටම අපි "අපි වෙනුවෙන්" මඟුල් ගෙවල් තියමු. අපට ආදරේ කරන මිනිස්සු වෙනුවෙන් මඟුල් ගෙවල් තියමු.

මනුස්සයෙක්ට wedding එකකට ආරාධනා කරද්දී "මෙයා posh ද.. මෙයා සල්ලි කාරයෙක්ද.." කියලා බලන්න එපා! මේ මනුස්සයා අපට ආදරේද.. මේ මනුස්සයා මට උදව් කරලා තියෙනවාද.. කියලා විතරක් බලන්න.

දියුණු මිනිස්සු එහෙමයි! modern මිනිස්සු එහෙමයි! මහත්වරුණි, දැන්වත් අපි දියුණු ලෝකයට ගැලපෙන modern මිනිස්සු වෙමු! 🙂❤️

-

රහසින් තෑග්ගක් තියෙන එක මෙච්චර වැදගත් ඇයි? 👇🏻👇🏻❤️❤️
24/12/2022

රහසින් තෑග්ගක් තියෙන එක මෙච්චර වැදගත් ඇයි? 👇🏻👇🏻❤️❤️

1). ඔයාලා හැමෝම අද කඩේට යන්න ඕනා. ඔයාගේ ගෙදර ඉන්න පොඩි දරුවෝ වෙනුවෙන්, පුංචි තෑගි කිහිපයක් ගන්නයි, අද අපි කඩේ යන්නේ.

මේ තෑග්ග, දරුවාට කොහොමත් අරන් දෙන්න නියමිතව තියෙන සපත්තු දෙකක්, කවකටු පෙට්ටියක් වගේ වුණත් කමක් නෑ. රුපියල් දෙසීයක, තුන්සීයක පුංචි සෙල්ලම් බඩුවක් වුණත් කමක් නෑ.

මේ තෑග්ග හරිම ලස්සනට wrap කරන්න. ඉස්සරහින් පුංචි පින්තූරයක් අලවන්න පිනි මුවෙකුගේ. එහෙමත් නැත්නම් හිම කරත්තයක වගේ. මෙහෙම ලස්සන දවටනයක එතීම සහ, පුංචි පින්තූර කෑල්ලක් ඇලවීම ඉතා වැදගත්.

2). අද රෑට පුංචි දරුවෝ නිදාගත්තාට පස්සේ, එයාලගේ කකුල් දෙක ළඟින් මේ තෑග්ග තියන්න.

හෙට උදේට නැගිට්ටම මේක දකින දරුවෝ, ඔයාගෙන් ප්‍රශ්න 3500ක් විතර අහවි. ඒත් ජීවිත කාලය පුරාම කවදාවත් කියන්න එපා, මමයි මේ තෑග්ග ගෙනත් තිව්වේ කියලා.

"නත්තල් සීයා තමයි පුතේ ගෙනත් තියන්න ඇත්තේ.." කියලා කියන්නත් එපා. එහෙම වුණොත් වැඩේ අහුවෙනවා. පුංචි දරුවා නිර්මාණශීලිව හිතන එකත් නතර වෙනවා.

3). ඔයාලා දන්නේ නෑ මේක මොනතරම් බරපතල විදියට, පුංචි දරුවාට psychologically බලපානවාද කියලා.

සමාජයට වෛ__ර කරමින් ඉන්න දරුවෙක්, සමාජයට ආදරය කරන මනුස්සයෙක් කරන්න පුළුවන්, මෙහෙම අභිරහස් තෑග්ගකින්.

සත්තුන්ට ව_ද හිං_සා කරන දරුවෙක්, ගහකොලට සතා සීපවාට ආදරේ කරන මනුස්සයෙක් කරන්න පුළුවන්, මෙහෙම සොබාදහමෙන් ඉබේ ලැබෙන තෑග්ගකින්.

4). ආදරණීය අම්මේ තාත්තේ, ම__ල ය__ක්ෂයෝ වගේ සිතිවිලි තියෙන දරුවෝ හදන්න එපා!

"මේ ලෝකය හරි නපුරුයි.. අපිට කවුරුත් ආදරේ නෑ.. අපට අපි විතරයි.. ජීවිතය හරිම දුකයි.." වගේ dep__ ression හැදෙන වීදියේ සිතුවිලි, මේ මල් වගේ හදවත් වලට කවදාවත් දාන්න එපා!

එහෙම දරුවෝ අනාගතයේ, මේ සමාජයට භයානක විනාශයන් කරන මිනිස්සු වෙනවා. අනිත් මනුස්සයාව පෙන්නන්න බැරි මිනිස්සු වෙනවා.

අපි නතර කරමු මේ, ආත්මා__ ර්ථකාමී න__ පුරු මිනිස්සු හැදීමේ වැඩපිළිවෙළ.

5). අපි හදමු "මේ ලෝකය හරිම ලස්සනයි.." කියලා හිතන දරුවෙක්. අපි හදමු "නාඳුනන අයට පවා මම ආදරේ කල යුතුයි.." කියලා හිතන දරුවෙක්. අපි හදමු miracles, සුරංගනාවියෝ, magical සිදුවීම් විශ්වාස කරන දරුවෙක්.

මම හිතනවා මගේ මේ මහන්සිය අපතේ යන එකක් නෑ කියලා. ඔයාලා හැමෝම අද හරිම ආසාවෙන් මේ දේ කරාවි කියලා.

ඔයාලා හැමෝටම සතුට පිරුණ උත්සව සමයක් වේවා! A very merry Christmas to all of you! 🎄🎊

-

චැට් කිරීමේ නොහිතන පැත්ත.. 👇🏻👇🏻💯💯
21/12/2022

චැට් කිරීමේ නොහිතන පැත්ත.. 👇🏻👇🏻💯💯

1). ඔයාගෙ දුරකතනයේ "Settings" වල පහලට පහලට ගියාම තියෙනවා දරුවනේ, "Digital Wellbeing" කියලා කෑල්ලක්.

මේක ඇතුලට ගියාම ඔයාට බලාගන්න පුළුවන්, තනි දවසක් ඇතුලත, තමන් ඒ ඒ ඇප් එකේ, ගතකරලා තියෙන කාලය කොච්චරද කියලා. ඔයාට අවශ්‍ය නම් පහුගිය මාසයේම විස්තර බලාගන්නත් පුළුවන්.

ඉතින් මම කැමතියි, දැන් මේ වෙලාවෙම ඔයා මෙතනට ගිහින්, තමන් වැඩිපුරම කාලය ගත කරලා තියෙන්නේ, මොන වගේ තැන්වලද කියලා බලනවා නම්. කැමති නම් අපටත් පහලින් කියන්න එතන තියෙන ඔයාගෙ විස්තර.

2). සමහරවිට ඔයාගේ ලයිස්තුවේත් උඩින්ම ඇති, වට්ස්ඇප්, මැසෙන්ජර් වගේ කෙටි පණිවිඩ ඇප් එකක්.

අතිශය බහුතරයක් තරුණ ළමයින්ගේ කාලය, හිතාගන්න බැරි ප්‍රමාණ වලින් නාස්ති වෙනවා, මේ වර්ගයේ instant messaging ඇප් වෙනුවෙන්.

සමහර තරුණ දරුවෝ දවසේ අවදියෙන් ඉඳලා තියෙන්නේ පැය 16යි. එයින් පැය 8ක් ඉඳලා තියෙන්නේ මේ messaging ඇප් එකක. හිතලා බැලුවම ඉතින් මේ ළමයි වැටුප් රහිතව රස්සාවට කරලා තියෙන්නේ, කාටහරි චැට් කරන එක.

3). මේවා අපේ කාලය හොරකම් කරන්නේ හිතාගන්න බැරි විදියටයි. ඔන්න හිතන්න ඔයා තව කෙනෙක් එක්ක වැට් කරද්දී,

Step 1: ඔයා කියන දේ හිතන්න ඕනා.
Step 2: ඒක type කරන්න ඕනා.
Step 3: එහා පැත්තේ කෙනා අකුරු ගලපමින් ඒක කියවන්න ඕනා.
Step 4: කියවලා උත්තරයක් හිතන්න ඕනා.
Step 5: ඒක type කරන්න ඕනා.
Step 6: ඔයා ඒක කියවලා තේරුම් ගන්න ඕනා.

ඔය ඇප් එකෙන්ම දුරකතන ඇමතුමක් ගත්තාම, මේ ඔක්කොම ටික එකපාර වෙනවා. මොකද අපේ මොළය ඇතුලේ තියෙනවා ලෝකයේ දැනට හොයාගෙන තියෙන සුපිරිම language processor එක. ඇයි ඔයාලා ඒක පාවිච්චි කරන්නේ නැත්තේ?

මම දල වශයෙන් ගණනය කරලා බැලුවා, ඔයා පැයක් වැට් කරන දේවල් ටික, විනාඩි 4ක් ඇතුලත කතා කරන්න පුළුවන්, ඔය ඇප් එකෙන්ම දුරකතන ඇමතුමක් ගත්තා නම්.

4). මගේ ආදරණීය දරුවනි, මේ අපරා_ ධය කරන්න එපා. මනුස්සයයෙකුට තියෙන වටිනාම දේ තමයි කාලය.

අපි මේ ලස්සන ලෝකය ඇතුලේ ජීවත් වෙන්නේ හරිම පුංචි කාලයක්. ඒ precious කාලය, ඇගිලි රිදෙනකල් වීදුරුවකට කොටන්න නාස්ති කරන්න එපා.

මේ පුරුද්ද අදම වෙනස් නොකලොත්, අනාගතයේ දවසක ඔයා ගොඩක් පසුතැවිලි වෙයි, වීදුරුවකට තට්ටු කරන්න මේ වියදම් කරන කාලය ගැන. 🙂❤️

-

මේ දවස්වල Speaking English ඉගෙනගන්න අයට. 👇🏻👇🏻💛💛
18/12/2022

මේ දවස්වල Speaking English ඉගෙනගන්න අයට. 👇🏻👇🏻💛💛

ඇයි sitcom ගොඩක් වැදගත්?

1). ඔයාලා ගොඩක් ආදරය කරන සංගීත කණ්ඩායමක් ඉන්නවා නේද BTS කියලා. එයාලත් අපි වගේම, ඉංග්‍රීසි කතා නොකරන රටක තමයි පුංචි කාලේ හැදිලා වැඩිලා තියෙන්නේ.

දන්නවද මෙයාලා English ඉගෙනගෙන තියෙන හැටි? Friends කියන sitcom එක බලලා තමයි, මෙයාලා English භාෂාව සහ Western සංස්කෘතික ලක්ෂණ මොනවගේ ද කියලා ඉගෙනගෙන තියෙන්නේ.

මෙයාලා පුංචිකාලේ, මුළු දකුණු කොරියාව පුරාම අම්මලා අතර රැල්ලක් හැදිලා තියෙනවා, තමන්ගේ teenage දරුවන්ට අමෙරිකානු sitcom පෙන්වන්න.

අන්න එහෙම අම්මා ගෙනත් දීපු Friends DVD ටික බලලා තමයි, මෙයාලා සාමාන්‍ය Natural English ඉගෙනගන්න පටන් අරන් තියෙන්නේ.

2). ඇයි ඉතින් sitcom ම බලන්නේ? සාමාන්‍ය English ටෙලිනාට්‍ය සහ චිත්‍රපටි බැලුවම, English පුළුවන් වෙන්නේ නැද්ද?

අපි උදාහරණයක් ගනිමු. ඔන්න හිතන්න ඔයා, Prison Break / Iron Man වගේ සාමාන්‍ය ක්‍රියාදාම නිර්මාණයක් බලන්න ගත්තා කියලා. එකම English වචනයක් වත් තේරුම් ගන්නේ නැතිව පවා, මෙහෙම නිර්මාණ වල, සම්පූර්ණ කතාවම රසවිඳින්න ඔයාට පුළුවන්. මොකද ඒ විදියටයි සාමාන්‍ය ක්‍රියාදාම ටෙලිනාට්‍ය සහ චිත්‍රපට හදන්නේ.

නමුත් sitcom ඊට වෙනස්. නළු නිළියෝ කතා කරන දේවල් අකුරක් නෑර තේරුණොත් විතරයි, ඔයාට කතාව තේරෙන්නේ.

ඉතින් sitcom එකක් බලන අයට සිද්ධ වෙනවා, සාමාන්‍ය native speakers ලා පාවිච්චි කරන, Phrasal Verbs, Idioms, Slang Terms, Word Order, Grammatical Patterns ආදී හැමදේම ස්වාභාවිකව ඉගෙනගන්න.

3). ඉතින් තරුණ වයසේ ඉන්න (අවුරුදු 14ට වැඩි) ඔයාලා හැමෝමත්, අද ඉඳලා ලංකාවේ ටෙලිනාට්‍ය වෙනුවට, හැන්දෑවට English Sitcom එකක් බලන්න පුරුදු වෙන්න. සාකච්ඡාමය වැඩසටහනක් බලන්න පුරුදු වෙන්න, Documentary එකක් බලන්න පුරුදු වෙන්න.

ඔයාටවත් හිතාගන්න බැරි වේවි, ඔයාගේ සාමාන්‍ය Speaking English ඉගෙනගන්න වේගය වැඩි වෙන හැටි.

මේකට උදව්වක් විදියට, Friends කතා මාලාවේ තේරුම් ගන්න අපහසු වචන සහ phrases සරලව විස්තර කරලා දෙන, පුංචි vocabulary cheat sheet එකක් මමත් ඔයාලට දෙන්නම්.

ඉතින් අනිවාර්යයෙන්ම අද ඉඳලා ම, මේක පටන්ගන්න ඕනා හැමෝම හොඳද. 🙂❤️

- with Sujeeva

ඔයා සංචාරකයන්ට local prices ම කියනවද? 👇👇💯💯
16/12/2022

ඔයා සංචාරකයන්ට local prices ම කියනවද? 👇👇💯💯

1). ඔන්න හිතන්න ඔයාගේ අතේ තියෙනවා, කොළපාට රුපියල් දහසේ කොල හතක්. ඒ කියන්නේ රුපියල් හත් දහසක්.

ඔය දහසේ කොල හත ඔයා දෙනවා, ශ්‍රී ලංකාවට ඇවිල්ලා ඉන්න අමෙරිකානු සංචාරකයෙකුට. ඔයා දන්නවා ද එයාට ඔය රුපියල් හත්දාහ දැනෙන්නේ කොහොමද කියලා?

එයාට ඔය රුපියල් හත්දාහ දැනෙන්නේ, "හරියට අපට රුපියල් සීයේ කොල දෙකක්" අතේ තියෙනවා වගේ. ඊට වඩා කිසිම වටිනාකමක් එයාට දැනෙන්නේ නෑ.

2). මහත්වරුණි මනුස්සයෙකුට සල්ලි කොලයක් ගැන දැනෙන වටිනාකම, රටකින් රටකට වෙනස් වෙනවා.

මම උදාහරණයක් කියන්නම්. අපි සාමාන්‍ය කඩේකින්, තනි දවල් කෑම වේලක් කෑවා කියලා හිතන්න. තනි දවල් කෑම වේලට රුපියල් 5,000ක බිලක් ලැබුණොත්, අපට ඒක විශාල බිලක්. ඒක අසාධාරණ කඩයක්.

ඒත් යුරෝපීය ජාතිකයෙකුට මේක හරිම සාමාන්‍ය ගණනක්. මොකද එයාලට පුරුදුයි සාමාන්‍ය කඩේක කෑම වේලකට, ඒ ගණන ගෙවන එක.

3). එතකොට ඇයි අර සමහර සංචාරක Vlog කරන විදේශිකයෝ, ශ්‍රී ලංකාවේ කඩවල් ඇතුලට ගිහින්, ලජ්ජා නැති විදියට නාහෙන් අඬන්නේ? රුපියල් 50ක් 100ක් වෙනුවෙන්?

මහත්වරුණි එයාලගේ අරමුණ තමන්ගේ audience එකට, හරිම cheap රසාස්වාදයක් ලබාදීම මිසක, තමන්ගේ රුපියල් 50ක් 100ක් ඉතුරු කරගැනීම නෙවෙයි.

අපි හැමෝම හොඳට මතක තියාගන්න ඕනා දෙයක් තමයි, අපි tourism කරන්නේ ප්‍රජා සත්කාරයක් හැටියට නෙවෙයි. අපේ රට tourism කරන්නේ business එකක් විදියටයි. අපි මේක කරන්නේ හම්බ කරන්නයි.

4). බොළඳ විදියට හිතලා, සංචාරකයන් සමඟ local prices වලින් ගණුදෙණු කරන්න එපා.

ඒකෙන් එයාලට කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නෑ. මම උඩින් කිව්වා වගේ, ඔයා රුපියල් 7,000ක් වැඩිපුර කිව්වත්, එයාලට දැනෙන්නේ "හරියට අපට රුපියල් 200ක් වැඩි වුණා වගේ."

එහෙම local prices කිව්වම සිදුවෙන එකම දේ, අහිංසක ඔයාගේ ශ්‍රමය, ශ්‍රී ලංකාව ඇතුලේ සූරා කෑමට ලක්වෙනවාට අමතරව, සංචාරකයෝ අතිනුත් ඔයාව සූරා කෑමට ලක්වීම පමණයි.

5). මේක අදාලයි විදේශීය රටවල් වලට Graphic Design/ Programming සේවා සපයන අයටත්.

අර ඉන්දියාවේ ළමයි කරනවා වගේ, තමන්නේ සේවා කුණු කොල්ලයට දෙන්න එපා ඩොලර් 5කට, 10කට.

අමෙරිකාවේ, යුරෝපයේ මිල ගණන් ගැන හොඳින් අධ්‍යයනය කරලා, තමන්ගේ මහන්සියට අදාල "නියමිත මිල" අයකරන්න පුරුදු වෙන්න.
........................

මේ රට හරියට ගොඩනගන්න නම්, අපි මේවත් ඉගෙනගන්න ඕනා. ලද බොළඳ නොවී හරියට, "සාධාරණව ව්‍යාපාරයක් කරන හැටිත්" අපි ඉගෙනගන්න ඕනා.

ඉතින් අද ඉදලම මේක පටන් ගන්න.

-

ඔයාගේ දරුවාගෙන් පටන් ගන්න.. 👇👇💯💯
09/12/2022

ඔයාගේ දරුවාගෙන් පටන් ගන්න.. 👇👇💯💯

1). අමෙරිකාවේ විශ්වවිද්‍යාල වල, දේශන ශාලාවට ඇතුලුවෙන තැන තියෙනවා දරුවනේ, හතරැස් පුංචි පෙට්ටියක්. එදා දවසට අදාල සටහන හෝ ටියුට් එක තමයි, මේ පෙට්ටියේ දාලා තියෙන්නේ. පන්තිය ඇතුලට යද්දී ඒක අරගෙන යන්න පුළුවන් කැමති කෙනෙකුට.

ඔයාලා විශ්වාස කරනවාද බොහෝ දවස්වලට, එකම දරුවෙක්වත් මේ ටියුට් එක ගන්නේ නෑ කියලා. එහෙම කරන්නේ, අමෙරිකාවේ දරුවෝ ඉගෙනගන්න අකමැති නිසා නෙවෙයි. එයාලා හිතනවා මම මේ ටියුට් එකක් ගත්තොත්, ලෝකයේ කොහේහරි තැනක, මම වෙනුවෙන් ගහක් කැපෙනවා නේද කියලා.

ඉතින් එයාලා කැම්පස් LMS එකට ලොග්වෙලා, ඩිජිටල් පිටපත ඩවුන්ලෝඩ් කරගෙන තමයි, තමන්ගේ පාඩම් වැඩ කරන්නේ.

පොඩ්ඩක් හිතලා බලන්න මොනතරම් සත්පුරුෂද, මේ බටහිර රටවල දරුවන්ගේ අදහස්. මොනතරම් අහිංසකද.

2). ඔන්න අපි ගනිමු අපේ රටේ තියෙන, ළමයි 4,000ක් ඉන්න ඉස්කෝලයක්. මේ ලෝකයේ කොහේ හරි තැනක, අවුරුද්දකට ගස් 6,000 බැගින් හැමදාම කැපෙනවා දරුවනේ, මේ ඉස්කෝලයට අවශ්‍ය කඩදාසි ටික සපයන්න.

ඉතින් එතකොට හිතන්න, අපේ රටේ තියෙන පාසල් සහ විශ්වවිද්‍යාල වෙනුවෙන් විතරක්, ලෝකයේ මොනතරම් ගස් කැපෙනවාද.

3). අපි මේක වෙනස් කරමු. Paperless වෙන්න මීට වඩා හොඳ අවස්ථාවක් ශ්‍රී ලංකාවට ආයේ එන්නේ නෑ.

මම කැමතියි 09 වසරෙන් ඉහල හැම දරුවෙක්ම, කඩදාසි පාවිච්චිය සම්පූර්ණයෙන්ම නතර කරනවා නම්.

ආදරණීය ටියුෂන් ගුරුතුමණි, ඔයාගේ tutorials සම්පූර්ණයෙන්ම ඩිජිටල් කරන්න අදින් පස්සේ. ආදරණීය විදුහල්පතිතුමණි, 09 වසරෙන් ඉහල දරුවන්ට පරිගණකයෙන්/ දුරකතනයෙන් සටහන් ලියන්න අවස්ථාව දෙන්න, අදින් පස්සේ.

අපට අමුතුයි වගේ පෙනුනට, දියුණු ලෝකයට මේවා හරිම සාමාන්‍ය දේවල්.

4). මම දන්නවා මෙහෙම අදහස් වලට හිනාවෙන අය ඉන්නවා ලෝකය පුරාම. ශ්‍රී ලංකාවේ ටිකක් වැඩිපුරත් එක්ක ඇති, මොකද අපේ සමාජයට "ගෝලීය උණුසුම/ climate change" ගැන කියලා දෙන්න කෙනෙක් නැති නිසා.

මට එයාලට කියන්න තියෙන්නේ, වැදගත් මහත්වරුණි, පොඩ්ඩක් එලියට බැහැලා බලන්න.

මෙහෙම අදහස් වලට හිනාවෙලා අපි හදාගත්ත ලෝකය තමයි ඔය පේන්න තියෙන්නේ. විද්‍යාඥයන්ට හිනාවෙලා පරිසරය දූ__ෂණය කරමින් ඉන්න, ඉන්දි__යාවෙන් ලැබුණ දායාද තමයි, ඔය පේන්න තියෙන්නෙ.

ඉතින් නැලවී නැලවී ඉන්න එපා! මේ රට හදන එක/ මේ ලෝකය හදන එක පටන් ගන්න ඕනා, අපේ ගෙදරින් මිසක පාර්ලි__මේන්තුවෙන් නෙවෙයි. රට හදන එක ඔයාගේ දරුවාගෙන් පටන් ගන්න. 🙂❤️

-

රොබට් නොක්ස්ගේ ඇත්තම පොත. 👇👇💯💯
07/12/2022

රොබට් නොක්ස්ගේ ඇත්තම පොත. 👇👇💯💯

"මෙහෙම බොරු කියලා ඔයාලට මොනවද ලැබුණේ?" 👇🏻👇🏻💯💯
05/12/2022

"මෙහෙම බොරු කියලා ඔයාලට මොනවද ලැබුණේ?" 👇🏻👇🏻💯💯

1). මම පුංචි කාලේ කියෙව්වා "එ_ හෙල__" කියලා පොතක්. රොබට් නොකස් කියලා ඉංග්‍රීසි ජාතිකයෙක්, අපේ රට ගැන කරපු වර්ණනාවක් තමයි ඒකෙ තියෙන්නේ. මට හරිම ආඩම්බර හිතුණා ඒක කියවද්දී.

අවුරුදු 15කට පස්සේ විශ්වවිද්‍යාල පුස්තකාලයේ තිබිලා, රොබට් නොකස් ලියපු ඇත්තම ඉංග්‍රීසි පොත කියෙව්වමයි මම දැනගත්තේ, අර සිංහල පොතේ වචනයක් හැර වචනයක් තියෙන්නේ, පට්ටපල් බොරු කියලා.

එතකොටයි මම දැනගත්තේ, ඇත්ත ඉංග්‍රීසි පොතේ තියෙන්නේ, මේ රටේ හිටිය ස්වදේශීක පාලකයෝ මොනතරම් නපුරු මිනිස්සු කොටසක්ද කියලා කෙරෙන විස්තරයක් බව. එයාලා සාමාන්‍ය මිනිස්සුන්ට සැලකුවේ, මොනතරම් නපුරු විදියට කියන එක ගැන විස්තරයක් බව.

2). මගේ ගුරුතුමියන්ලා හැමදාම මට කිව්වේ, අපේ මවු භාෂාවෙන් ඉගෙනගන්න එක ගැන ආඩම්බර වෙන්න කියලා. මීට වෙනස් මතයක් දරපු අපේ ඉංග්‍රීසි ගුරුතුමියට, මුලු පන්තියම හිනා වුණා.

විශ්වවිද්‍යාලයට ආව පලවෙනි සතියෙයි මට තේරුණේ, ඝාතීය ශ්‍රිතය.. ව්‍යුත්පන්නය.. වගේ විකාර වචන, මගේ ජීවිතයේ ආයේ කවදාවත් පාවිච්චි වෙන්නේ නෑ කියලා. දැන් මට ආයේ මුල ඉඳලා English Terminology ඉගෙනගන්න වෙනවා කියලා.

3). මට හැමදාම ඇහුණේ "දේශීය සමාගම් හරිම හොඳයි.. අපි ඒවා නොමිලේ promote කරන්න ඕනා.. අපි දේශීය සමාගම් රැකගන්න ඕනා.." වගේ කතන්දර.

ශ්‍රී ලංකාවේ තියෙන, විදේශීය පරිගණක සමාගමකට ගියපු පලවෙනි දවසෙයි මම දැනගත්තේ, දේශීය සමාගම් මේච්චර කල් කරලා තියෙන්නේ, මගේ අම්මාලා තාත්තලාව, මගේ අයියලා අක්කලාව සුරාගෙන කන එක විතරයි කියලා. විදේශීය සමාගම් තමයි ඇත්තටම සත්පුරුෂ කියලා.
...........................................

දෙවියනේ ඇයි ඔයාලා අපට මේ තරම් බොරු කියන්නේ? ඔයාලා අපට කියපු බොරු ලයිස්තුව, මට මෙහෙම දිගට දිගට ලියන්න පුළුවන් දවස් දෙකක් විතර යනකල්.

අපට මෙහෙම බොරු කියලා ඔයාලට මොනවද ලැබුණේ? මෙහෙම නැති අභිමානයක් හදන්න ගිහිල්ලා, අන්තිමට වේලක් හැර වේලක් බඩගින්නේ ඉන්න රටක් නේද හැදුනේ?

මගේ ආදරණීය දරුවනේ, ඔයාලවත් බුද්ධිමත් වෙන්න. අපේ වැඩිහිටියෝ කියන දේවල් හරිම පරිස්සමට ගිලින්න. මේක මහාචාර්යවරයාගේ ඉඳලා, හවසට රූපවාහිනියේ උඩ පනින නිලිය දක්වා, හැමෝම බොරු කියන රටක්.

දරුවනි, කිසිම සංස්කෘතියක් ගෙඩිය පිටින් හොඳයි කියලා ගන්න එපා! ලෝකයේ හැම තැනකම හොඳත් තියෙනවා. ලෝකයේ හැම තැනකම නරකත් තියෙනවා. සමස්ත ලෝකය දිහාම බලලා, හැමතැනකම තියෙන හොඳම දේවල් ටික හොයාගෙන එන්න උත්සාහ කරන්න.

අන්න එහෙමයි ඇත්තටම සුන්දර රටක් හදන්නේ. අන්න එහෙමයි සත්පුරුෂ රටක් හදන්නේ.

අපි දැන්වත් වෙනස් වෙමු! අපි දැන්වත් modern වෙමු! අපි මේ රට හරිම ලස්සනට හදමු! 🙂❤️

-

අදින් පස්සේ කවදාවත් මැරණ මනුස්සයෙකුට අභූතයෙන් චෝදනා කරන්න එපා! නින්දා අපහාස කරන්න එපා! 👇👇💯💯
03/12/2022

අදින් පස්සේ කවදාවත් මැරණ මනුස්සයෙකුට අභූතයෙන් චෝදනා කරන්න එපා! නින්දා අපහාස කරන්න එපා! 👇👇💯💯

ලස්සන ඉංග්‍රීසි කියමනක් තියෙනවා මහත්වරුණි, Never speak ill of the dead කියලා. මේකෙ සරල අදහස තමයි, "කවදාවත් මැරුණ මනුස්සයෙකුගේ නරක කතා කරන්න එපා!" කියන එක.

අර අපෙන් සමුගත්ත මොරටුව විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරුවා ගැන, සමාජ මාධ්‍ය වල තියෙන comments දැකලයි මට මේක මතක් වුණේ.

කොන්ද පණ නැතිලු.. යහපත් මිතුරන් නැතිලු.. අතහැරලා දාලා ගෙදර නැවතුණේ නැත්තේ මොකද අහනවා..

මට පුදුමාකාර කලකිරීමක් ඇතිවුණේ, සමාජයට ආදර්ශයක් විය යුතු, පින්වත් ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා, මෙහෙම තරඟයට අපහාස කරන අය අතරේ. අනේ සත්පුරුෂ අදහස් වලින් පිරුණ ශ්‍රී සම්බුඬ ශාසනය, විකෘති වෙලා ගිහින් තියෙන තරම්..

දෙවියනේ ඒ කොල්ලා පෙට්ටියෙන් නැගිටලා ඇවිල්ලා, ඕවට උත්තර දෙන්නද? කවුද ඒ දරුවාගේ පැත්තට කතා කරන්න ඉන්නේ ඔහොම චෝදනා කරද්දී?

මහත්වරුණි, පින්වත් ස්වාමීන් වහන්ස, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා වල එහෙම හිතුණ හිතුණ විදියට ගෙදර නවතින්න බෑ.

එහෙම නතර වුණාම, හිතාගන්න බැරි ප්‍රශ්න තොගයකට මුහුණ දෙන්න වෙනවා ඊළඟ රස්සාවට යන්න උත්සාහ කරද්දී.

ඔයාලා හිතනවද ගෙදර නවතින එක, කියන තරම් පහසු option එකක් නම්, මොරටුව විශ්වවිද්‍යාලයේ ළමයෙකුට ඒක තේරෙන එකක් නෑ කියලා?

මේකට දරුවෝ බයයි. අන්න ඒකයි රස්සාවකින් අස්වෙන්න දෙන්නේ නැතිව, බලහත්කාරයෙන් තියාගෙන ඉද්දී, පරිගණක ඉන්ජිනේරුවෝ depressed වෙන්නේ. වැඩකරන්න බෑ පීඩනය වැඩියි! ගෙදර නවතින්න බෑ තමන්ගේ අනාගතය ඉවර වෙනවා!

මහත්වරුණි අපට පුංචි හික්මීමක් තියෙන්න ඕනා නේද, අපි නොදන්නා විෂයයන් ගැන කතා නොකර ඉන්න. එහෙම කතා කරනවා නම්, ඒක ගැන සැලකිය යුතු ප්‍රමාණයකට අධ්‍යයනය කරලයි කතා කරන්න ඕනා නේද. බුද්ධිමත් මනුෂ්‍යයා එහෙමයි.

මගේ ආදරණීය දරුවනේ, ඔයාලවත් වෙනස් වෙන්න. මෙහෙම දේවල් ඔයාලා පුරුදු වෙන්න එපා! අදින් පස්සේ කවදාවත් මැරණ මනුස්සයෙකුට අභූතයෙන් චෝදනා කරන්න එපා! නින්දා අපහාස කරන්න එපා! බටහිර ලෝකය දිහා බලාගෙන හරි, සත්පුරුෂ මනුස්සයෙක් වෙන හැටි ඉගෙනගන්න. 🙂❤️

-

මෙහෙම දෙයක් වුණ අවසාන අවස්ථාව මේක කරමු! 👇👇💛💛
03/12/2022

මෙහෙම දෙයක් වුණ අවසාන අවස්ථාව මේක කරමු! 👇👇💛💛

ඔයා දන්න හැම පරිගණක ඉන්ජිනේරුවෙකුටම මේක කියන්න. පරිගණක ඉන්ජිනේරු විද්‍යාවට සම්බන්ධ රැකියා කරන හැමෝටම මේක කියන්න.
..............................

අපේ රටේ බහුතරයක් පරිගණක සමාගම් වල, work culture එක හරිම සත්පුරුෂයි. තමන්ගේ ආයතනය සතු වටිනාම සම්පත, තමන්ගේ සේවකයෝ ටික කියලයි ඒ ආයතන සලකන්නේ.

එහෙම ආයතනයක වැඩ කරද්දී, අපට අපේ අම්මා තාත්තා ගැන දැනෙන විදියේ හැඟීමක් තමයි, company එක ගැන දැනෙන්නේ.

නමුත් එහෙම නැති, toxic සංස්කෘතියක් තියෙන ආයතන කිහිපයකුත් ශ්‍රී ලංකාවේ තියෙනවා. මේ දෙවර්ගයටම එකම විදියට සලකන්න කිසිම අවශ්‍යතාවයක් නෑ.

career guidance කරන ආචාර්යවරුණි, මෙහෙම නපුරු සමාගම් වලින් බේරෙන හැටි, විශ්වවිද්‍යාල දරුවන්ට කියලා දෙන්න.

senior පරිගණක ඉන්ජිනේරුවනි, toxic ආයතන ගැන ඔයාට තියෙන අත්දැකීම්, බය නැතිව සමාජයට කියන්න. ඊළඟ පරම්පරාවේ අහිංසක ජීවිත, එහෙම සමාගම් වලින් බේරාගන්න.
..............................

පහුගිය දවසක අපෙන් සමුගත්ත, මොරටුව විශ්වවිද්‍යාලයේ අහිංසක තොරතුරු තාක්ෂණ ඉන්ජිනේරුවාගේ ප්‍රවෘත්තිය ඔයාලා අහන්න ඇති. මෙහෙම දෙයක් අපට අහන්න ලැබුණ අවසාන අවස්ථාව මේක කරමු! අපි අහිංසකයන් වෙනුවෙන් පෙනී සිටිමු! 🙂❤️

-

ස්විස්ටර්ලන්තයේ ක්‍රමයට කරමු! 👇🏻👇🏻
29/11/2022

ස්විස්ටර්ලන්තයේ ක්‍රමයට කරමු! 👇🏻👇🏻

ඇයි භාෂා ඉගෙනගන්න එක පුංචි කාලෙදිම කරන්න ඕනා? 🙂❤️

why proper pronunciation matters? 👇🏻👇🏻
27/11/2022

why proper pronunciation matters? 👇🏻👇🏻

මොකටද අපි උච්චාරණය හරියටම ඉගෙන ගන්නේ? 🙂❤️

අද ප්‍රතිඵල ආව දරුවන්ට.. 👇🏻👇🏻❤️❤️
25/11/2022

අද ප්‍රතිඵල ආව දරුවන්ට.. 👇🏻👇🏻❤️❤️

අද සාමාන්‍ය පෙළ pass වුණ හැම දරුවෙකුටම මේක කරවන්න. 🙂❤️

European දරුවෝ English ඉගෙනගන්න හැටි! 👇🏻👇🏻❤️❤️
24/11/2022

European දරුවෝ English ඉගෙනගන්න හැටි! 👇🏻👇🏻❤️❤️

දරුවනේ ඔයාගෙ ඉස්කෝලෙ English ටීචර් මොනතරම් සම්පතක්ද කියලා, ඔයාලට තවම තේරුණේ නෑ. පෙලපොත වෙනුවට ටීචර්ගෙන්, ඇත්ත Natural English අහගන්න පටන් ගන්න අදම. ❤️💛

පුංචි කෙලෙහි ගුණයක් තියාගන්න! 👇👇❤️❤️
22/11/2022

පුංචි කෙලෙහි ගුණයක් තියාගන්න! 👇👇❤️❤️

මම දන්නවා ඔයාලා මේවා අහන්න කැමති නෑ කියලා. ඒත් දරුවනේ මොනතරම් තිත්ත වුණත්, සත්‍යය සත්‍යයම තමයි ඉතින් නේද.

පුංචි කෙලෙහි ගුණයක් තියාගන්න! 🙂❤️

ඒක ඇත්ත! දෙවිවරු උදව් කරනවා! 👇👇💯💯
20/11/2022

ඒක ඇත්ත! දෙවිවරු උදව් කරනවා! 👇👇💯💯

දරුවනි, මිහිපිට දෙවිවරුන් වෙන්න අධිෂ්ඨාන කරගන්න! 🙂❤️

මෙහෙම කරන්න 👇
13/11/2022

මෙහෙම කරන්න 👇

අදින් පස්සේ මෙහෙම කරන්න! 🙂❤️

ස්වාභාවිකව English පාවිච්චි වෙන පරිසරයක් හදාගන්න. 💛💛👇🏻👇🏻
18/10/2022

ස්වාභාවිකව English පාවිච්චි වෙන පරිසරයක් හදාගන්න. 💛💛👇🏻👇🏻

පුංචි කාලේ නොකල දේවල් දැන් හරි පටන් ගන්න! ❤️💛

English ඉගෙනගන්න අතරේ මේවාටත් අවධානය දෙන්න. 👇🏻👇🏻
17/10/2022

English ඉගෙනගන්න අතරේ මේවාටත් අවධානය දෙන්න. 👇🏻👇🏻

රෝමයේදී රෝමන්වරයෙක් වෙන්න! ❤️💛

ජර්මන් ඉගෙනගන්න පුංචි උදව්වක්! 💛💛👇🏻👇🏻
11/10/2022

ජර්මන් ඉගෙනගන්න පුංචි උදව්වක්! 💛💛👇🏻👇🏻

📚💛
01/09/2022

📚💛

English Learning පහසු කරන රහස්! 🎉❤️

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය2022 ජුලි මස 22 දින සවස 04.00 ට නිකුත් කරන ලදි.සබරගමුව පළාතේ සහ නුවරඑළිය, මහන...
22/07/2022

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය

2022 ජුලි මස 22 දින සවස 04.00 ට නිකුත් කරන ලදි.

සබරගමුව පළාතේ සහ නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවේ.

බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

- Department of Meteorology, Sri Lanka -

හෙට දින සිට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක නොකරන බව සලකන්න.පරණ ගාස්ත...
22/07/2022

හෙට දින සිට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක නොකරන බව සලකන්න.

පරණ ගාස්තුව යටතේම ඔබගේ ප්‍රවේශපත් ලබා ගැනීමට හැකියාව ඇත.

- Station Masters' Union -

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka News Today posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share