15/05/2024
හෝමාගම "ධර්ම රශ්මි" පොසොන් කලාපය - 2024 දෙවන වරටත් හෝමාගම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පොසොන් මස 21 සිට 23 දක්වා දින තුනක් පැවැත්වීමට නියමිත වේ
ඒ අනුව මෙවර පොසොන් කලාපය පසුගිය වසරටත් වඩා පුළුල් ප්‍රදේශයක් ආවරණය කරමින් දියගම,මීගොඩ, ගොඩගම, හෝමාගම, පිටිපන යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ
ඒ අනුව පාසැල් සිසුන් සහ විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ගේ පහන් කුඩූ ප්‍රදර්ශනය සහ තරඟය, විවෘත පහන් කුඩු තරගය, සෑම ප්‍රධාන කලාපයක් ම ආවරණය වන පරිදි තොරණ රාශියක්, ලක්ෂයකට අධික පිරිසකට ආහාර සපයන දිනපතා රාත්‍රී බත් දන්සල ඇතුළු දන්සැල් රාශියක්,භක්ති ගීත සංදර්ශන, සජීවී බොදු බැති ගී සංදර්ශන, රූකඩ සංදර්ශන, මිහින්තලා අනුරූ ඇතුළු විශේෂාංග රැසක් මෙවර ධර්ම රශ්මි පොසොන් කලාපයේදී දින තුනක් පුරා පැවැත්වීමට නියමිතවේ.
ප්‍රදේශයේ සියලුම විහාරස්ථාන, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ප්‍රවාහන මහමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, හෝමාගම සහ පාදුක්‌ක ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රාදේශීය සභා, අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතන, ප්‍රදේශයේ රාජ්‍ය ආයතන,වෙළඳ සංගමය ඇතුළු ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන, ප්‍රදේශයේ දානපතියන් ඇතුළු විශාල පිරිසකගේ දායකත්වයෙන් මෙවර ධර්ම රශ්මි පොසොන් කලාපය දෙවන වරටත් සංවිධානය කෙරේ.
පොසොන් වන්දනා සමයට සමගාමීව බස්නාහිර පළාත තුළ සංවිධානය කරන විශාලම පොසොන් කලාපය ලෙස ධර්ම රශ්මි පොසොන් කලාපය සංවිධානය වේ. මෙහිදී පාසල් සිසුන්,විශ්ව විද්‍යාල සිසුන් සහ විවෘත අංශයේ පහන් කූඩු තරඟයේ ජයග්‍රහයකයින් වෙනුවෙන් අති විශාල මුදල් ත්‍යාග ප්‍රමාණයක් පිරිනැමීමටද සංවිධායකයින් කටයුතු යොදා ඇත.