28/03/2022
"අන්තිම ලියමන.නැවත නුඹ නමින් නොලියන බවට මෙයින් පොරොන්දු වෙමි."
දයාබර යොහිරෝ❤️,
සිනාසීමෙන් හෙම්බත් වූ අතීතයෙ එක සන්ධ්‍යාවක හිනොකි ගස් පියල්ලෙදි ගලා ගිය හරි අපූරු දිගුවක් ඇගිස්සුනා හරිම අහම්බෙන් අද.දිනය නිනව්වක් නොතිබුණාට එදා අහස,ඉර බැස්මේ දීප්තිය, කොට්ටෝරු අප්පුගෙ පුංචි ගුලේ පරිස්සම් තියාපු සීනි කූරු ඒ පාටින්ම ,ඒ සුවඳින්ම මනසින් මවා ගන්න මට මේ දැනුත් පුළුවන්.
ඒ දවස් වල මගහැරුණු බොහෝ මතක,ටෙලිපති ඇමතුම් පෙලින් පෙලට මතක් වෙන්නේ ඇයි කියන්න මට තේරුමක් නෑ.බොහෝ මිනිසුන් එයට සාංකාව කියන්න පුළුවනි.ඒත් මට හිතෙන්නෙ ඒ තරම් සුන්දර හැඟීමක් විස්තර කරන්න මේ වචනෙ කුඩා වැඩී කියලා.ඉතින් මං හොයන්න පෙළඹුනා ඒකට හරි අපූරු වචනයක්.
" I want to recall the days when you were next to me"
සමාවෙන්න.ඒක අන්තිමට වාක්‍ය ඛණ්ඩයක්ම වුණා.(ලස්සන හදවතට දැනෙන වචනයක් හම්බුනෝතින් මට ත් කියන්න...ඉස්සර වගේ)
හරි ආයේ යමු මතක වලට.
" හදවත හරියටම reel එකක් වගේ.ඒකෙනුත් ඔයාගෙ හදවත හරිම විශේෂයි"
එදා ඒ වචන තේරුම් ගන්න මං උත්සහ කලේ නෑ.කොලේක ලියල තියලා හිතන්න ඕනි කාරණාවක් වුනත් මට ඒක අමතකම වෙලා ගිහින් අහම්බෙන් ඔයා වර්ණනා කරපු හදවතෙන්ම ආයෙම උඩට මතුවෙලා. හරි පුදුමයි නේද?
ඒ දවස් වල හදිසි ඉල්ලීම් මත හරි හරියට සිංදු කියවගන්න,වරු ගණන් චිත්‍රයක් රසවිදින සිත්තරෙක් වාගේ සුන්දර නොවන මේ අකීකරු යුවතිය දිහා බලා ඉන්න පුරුද්දක් ඔයාට තිබුණා.වෙලාවකට මට මතක් වෙන්නෙ කෝපි අවන්හලේ අන්තිම බංකුවෙ ඉදන් දුම් පයිප්පය රස විඳින Dr.Watson. ඒක හරි අමුතුයි.හරියට රෝමාන්තික චිත්‍රපටියක් වගේ..හැබැයි දැන් මතක් වෙද්දි නොස්ටැල්ජියානු රූප රාමු පෙලක් වෙලා අර වර්ණනා කරපු reel එක දිගේ ඇවිත් Mr.Dopamine එක්ක එකතු වෙලා මාව මනෝමය ලෝකෙක අතරමං කරනවා.
අහසෙ තරු නැති එහෙමත් දවසක ගීතවල පද අමතක වෙන ගායිකාවකට ඒවා මතක් කරවන සංස්කාරකතුමා වුණේ ඔබ.මේ හැමදේටම ස්තූතිවන්ත වෙන්න කෘතඥ වෙන්න මේ තරම් කල් ගත්තාට සමාවෙන්න.
පිපෙන්න බලාපොරොත්තු දරා ගසක්ව සිටගත් නුඹ ට සකුරාවක් නොවීම පිළිබඳව මට නැවතත් සමාවෙන්න.
ඔබට ස්තූතියි!
සුභ රාත්‍රියක්.
නුඹේ සකුරා ❤️
(ආදි ජපානයේ යොහිරෝ සහ සකුරාට ආදරෙන්)
ලීවේ: උතේ❤️