Lanka Gossip News

  • Home
  • Lanka Gossip News

Lanka Gossip News Lanka Gossip News is a Sri Lankan online news website containing Sri Lankan and world news written in Sinhala and English

19/09/2023
මෙම උද්ගෝ‌ෂණයට සහබාගි වන ශ්‍රී ලාංකිකයන් ලංකාව අත්හැර නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවේ පන්දිංචි  වුවන් බව ආරංචි මාර්ග වලින් ...
22/09/2021

මෙම උද්ගෝ‌ෂණයට සහබාගි වන ශ්‍රී ලාංකිකයන් ලංකාව අත්හැර නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවේ පන්දිංචි වුවන් බව ආරංචි මාර්ග වලින් අනාවරණය වේ. මේ කණ්ඩායම එල්. ටී. ටී. ඊ. ඩයස්පොරවත් සමග එක්කහවූ වී ලංකා ආණ්ඩුවට එරෙහිව උද්ගෝෂණයක් පවත්වනු ඇත.

මීට සහභාගී වී ඇත්තේ සරත් ෆොන්සේකාගේ ඇමෙරිකාවේ පදිංචි පවුලේ සාමාජිකයන් බවත් අනාවරණය වී ඇත.

මෙම පුද්ගලයින් වොෂිංටන් ඩීසී සහ නිව් යෝර්ක් හි විවිධ ශ්‍රී ලාංකික සංවිධාන සමඟ සම්බන්ධ වී සිටිති. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ප්‍රවර්‍ධනය කිරීම සහ ඔවුන්ගේ "රැකවරණ" තත්ත්වය රැක ගැනීමයි.

අපි එක්සත් ජාතීන්ට සහභාගී වන්නේ වාර්ගික වශයෙන්, ආගමක් ලෙස හෝ දේශපාලන පක්ෂයක් ලෙස නොව රටක් ලෙස ය. අපි මේ අය ගැන කලකිරී සිටිමු. කරුණාකර මෙම දේශද්‍රෝහීන් ප්‍රතික්ෂේප කරන්න.

පාවාදිමෙ දෙවැනි කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙමිමන් පවති.  🇱🇰  #
24/04/2021

පාවාදිමෙ දෙවැනි කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙමිමන් පවති. 🇱🇰 #

කොරෝනා එන්නත හමුදා රෝහලක දී එන්නත් කර ගැනීම ප්‍රතික්ෂේප කරන ලද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් නාරාහේන්පිට යුද හමුදා ර...
03/03/2021

කොරෝනා එන්නත හමුදා රෝහලක දී එන්නත් කර ගැනීම ප්‍රතික්ෂේප කරන ලද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී එම එන්නත් ලබාගෙන ඇත.

ධර්මලිංගම් සිද්ධාර්තන්, එම්ඒ සුමන්දිරන්, රාසමානික්කම් චානක්‍යන් යන මන්ත්‍රීවරුන් මෙලෙස එන්නත් ලබා ගෙන තිබේ.

ඔහුගෙන් කළ විමසීමකදී ඔවුන් මෙය බව සනාථ කළහ.

මීට පෙර ඔවුන් සඳහන් කරන ලද්දේ හමුදා රෝහලකදී එන්නත ලබා ගැනීම සැක සහිත බැවින් එන්නත් ලබා නොගන්නා බවයි.

අරලියගහ මන්දිරය අවභාවිතා කිරිමෙ වරදට චතුර සේනාරත්නට විරැද්දව නඩු පැවරිව යුතුයි.පැවති යහපාලන රජය සමයේ ඔහු විසින් රාජ්්‍ය ...
14/06/2020

අරලියගහ මන්දිරය අවභාවිතා කිරිමෙ වරදට චතුර සේනාරත්නට විරැද්දව නඩු පැවරිව යුතුයි.
පැවති යහපාලන රජය සමයේ ඔහු විසින් රාජ්්‍ය දේපල අවභාවිතා කර ඇ‌ත.

සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකල මෙහෙයුමක් එවක සිටි පොලිස්පති  පුජිත් ජයසුන්දරගේ නියෝගයෙන් අත් හැර දැමු බව අද ද...
19/05/2020

සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකල මෙහෙයුමක් එවක සිටි පොලිස්පති පුජිත් ජයසුන්දරගේ නියෝගයෙන් අත් හැර දැමු බව අද දිනයේදී ජනාධිපති කොමිසම හමුවේ හෙළිදරව් වුනා.

2016 වසරේ කල්මුනේ ප්‍රදේශය භාරව රාජකාරි කල බුද්ධි නිලධාරියකු මෙම හෙළිදරව්ව සිදු කල අතර ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ හිටපු ප්‍රධානි DIG නාලක සිල්වා තමාට ඒ පිළිබඳව දැනුම්දුන් බවත් 2016 වසරේ මුස්ලිම් කල්ලි දෙකක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් සහාරන් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම ත්‍රස්ත විමර්ශන කොට්ටාශය විසින් ආරම්භ කල බවයි ඔහු පවසා ඇත්තේ.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ආයුධ සන්නද්ධ අරගලය තමන් කිසිවිටකත් අනුමත නොකරන බවට පසුගියදා සමාජ මාධ්‍යකට ප්‍රකාශයක් කර බවට පැවසෙ...
14/05/2020

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ආයුධ සන්නද්ධ අරගලය තමන් කිසිවිටකත් අනුමත නොකරන බවට පසුගියදා සමාජ මාධ්‍යකට ප්‍රකාශයක් කර බවට පැවසෙන දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ගේ ප්‍රකාශය වහාම ඉල්ලා අස්කර සමාව ගත යුතු බවට උතුරේ දේශපාලඥයින් දැඩි විරෝධය පල කොට සිටිති.

සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයාගේ අදාල ප්‍රකාශය සමාව දිය නොහැකි වැරද්දක් බවටත් එම ප්‍රකාශය තමන් ඇතුලු පක්ෂය දැඩි ලෙස හෙලා දකින බවට දෙමළ ජාතික සන්ධානයේ ටොලෝ පක්ෂ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් ප්‍රකාශයක් නිකුත් කොට ඇත.

එහිදී මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ , සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය දෙමළ ජනතාවටම දැඩි අගෟරවයක් දෙන බවටත් වහාම පක්ෂයේ මධ්‍යමකාරක සභාව රැස් කොට මන්ත්‍රීවරයාට එරෙහිව පරික්ෂණයක් සිදු කල යතු බවටය.

එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන චාල්ස් නිර්මලනාදන්, ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්තන් මෙන්ම හිටපු පලාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලංගම් යන අයද එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය දැඩි ලෙස හෙලා දකිමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා වෙතට දැනුම් දී ඇත්තෙ හැකි ඉක්මනින් පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් කැඳවා සුමන්තිරන් මන්ත්‍රීවරයාට එරෙහිව දැඩි පියවරක් ගත යුතු බවටත් එසේ නොවන්නට තමන් දැඩි පියවරක් ගන්නා බවටත්ය.

රාජිත සේනාරත්න එළඹෙන 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර තිබේ.අද පස්වරුවේ පොලිසියට බාර දීමෙන් පසු අත්අඩංග...
13/05/2020

රාජිත සේනාරත්න එළඹෙන 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර තිබේ.

අද පස්වරුවේ පොලිසියට බාර දීමෙන් පසු අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර ඇත.

හිටපු අමාත්‍යවරයා ඇප මත නිදහස් කරමින් කොළඹ මහේස්ත‍්‍රාන් අධිකරණය විසින් නිකුත් කර තිබූ ඇප නියෝගය මහාධිකරණය විසින් අද දිනයේ අවලංගු කරන ලදී.

අහිංසකයෙක් කරන්න හදපු නීතිඥ හිජාස් හිස්බුල්ලා ගැන සත්‍ය..අද කොටුව මහේස්ත්‍රාත්තුමා ඉදිරියේ අවුරුදු 10ක ළමයි දෙන්නෙක් පැය...
13/05/2020

අහිංසකයෙක් කරන්න හදපු නීතිඥ හිජාස් හිස්බුල්ලා ගැන සත්‍ය..

අද කොටුව මහේස්ත්‍රාත්තුමා ඉදිරියේ අවුරුදු 10ක ළමයි දෙන්නෙක් පැයක ප්‍රකාශ දෙකක් දෙනවා.

ඒ ළමයින්ට පාසලේදී ආයුධ පුහුණුව ලබා දීලා තියෙනවා. අන්තවාදී ඉගැන්වීම් කරලා තියෙනවා. මේ පාසල කරන් ගිය රාජ්‍ය නොවන සංවිධානයේ ලේඛම් හා භාණ්ඩාගාරික දෙන්නා තමා කොළඹ ශැන්ග්‍රිලා හා සිනමන් හෝටල්වල බෝම්බ පුපුරාවාගත් දෙන්නා, ඒ කියන්නේ JVP ජාතික ලයිස්තූ අපේක්ෂක ඉබ්‍රාහීම්ගෙ පුත්තු දෙන්නා.

මේ පාසලේ ගුරුවරයෙක් විදියට හමුදාව විසින් මරලා දාපු සහරාන්ගේ මල්ලි රිල්වාන් හශීම් කටයුතු කරලා තියෙනවා.

එතකොට මේ පාසලේ විදුහල්පති කවුද? විදුහල්පති තමා නීතිඥ හිජාස් හිස්බුල්ලා..

සජිත් ප්‍රේමදාස මහතා විසින් තම ට්විටර් ගිණුමේ පළ කරන ලද සටහනක් සමාජ ජාලයන්හි දැඩි ආන්දෝලනයට ලක් වී තිබේ.ඉන් පවසන්නේ කුම...
12/05/2020

සජිත් ප්‍රේමදාස මහතා විසින් තම ට්විටර් ගිණුමේ පළ කරන ලද සටහනක් සමාජ ජාලයන්හි දැඩි ආන්දෝලනයට ලක් වී තිබේ.

ඉන් පවසන්නේ කුමක්දැයි බොහෝ දෙනා සමාජ ජාලවල ප්‍රශ්න කර ඇත.

ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් කර ඇති එම පණිවුඩය තේරුම් ගැනීමට නොහැකියි.

කොරෝනා නසන්න ගව මුත‍්‍රා බොන කේරලයේ කොරෝනා මර්ධනය සාර්ථක බව හදුන්නෙත්ති කියයි.
12/05/2020

කොරෝනා නසන්න ගව මුත‍්‍රා බොන කේරලයේ කොරෝනා මර්ධනය සාර්ථක බව හදුන්නෙත්ති කියයි.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයෙන් නාමයෝජනා බාරදෙන ලද දිනයේ දී ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගෙන නො...
12/05/2020

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයෙන් නාමයෝජනා බාරදෙන ලද දිනයේ දී ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගෙන නොතිබූ බව හිටපු ඇමැති චම්පික රණවක මහතා සඳහන් කරයි.

ඒ අනුව එම මැතිවරණයේදී තම පාර්ශව විසින් එල්ල කරන චෝදනාව ඉතාම නිවැරදි යැයිද ඔහු පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසි බව අහෝසි වී ඇත්තේ මෑතකදී නිකුත් කරන ලද ඇමරිකානු ෆෙඩරල් රෙජිස්රටරයේ සදහන් දිනය අනුව බවත් ඔහු පෙන්වා දෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට පුරවැසියන්ට සත්‍ය වසන්කර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බවත්.මේ සම්බන්ධයෙන් ඉදිරි කාලයේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ද ඔහු සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේ නමුත් ඊට ටික වේලාවකට පසු කොළඹ කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් කියා සිටියේ ඔහු 2019 අප්‍රේල් මාසයේදී ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් බවයි.

2019 අපේ‍්‍රල් මස පටන් රාජපක්‍ෂ මහතා කිසිසේත්ම ඇමරිකානු පුරවැසි නොවන බවද ඇමරිකානු තානාපති කාර්යාලය ඩේලි මිරර් වෙබ් අඩවියට සදහන් කර ඇත.

එසේම ඇමෙරිකානු පුරවැසිකම ඉවත් කර ගත් අයගේ නම් ෆෙඩරල් රෙජිස්ටරයට ඇතුලත් වීමට ටික කලක් ගත වන බවත් එය ඇමරිකානු අභ්‍යන්තර ක්‍රියාවලිය පමණක් මිස කිසිසේත්ම ඇමරිකා පුරවැසිකම අහෝසියට සම්බන්ධයක් නැතැයිද සදහන් කර තිබේ.

මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගැනීම සඳහා නෛතික ක්‍රිය...
28/12/2019

මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගැනීම සඳහා නෛතික ක්‍රියාවලිය මේ වන විට සිදුවෙමින් පවතින බව රාජ්‍ය ඇමති තිලංග සුමතිපාල මහතා පවසයි.

සිංගප්පූරු රජය මේ වනවිට ඒ පිලිබදව ශ්‍රී ලංකාව සමග එකඟතාවකට පැමිණ ඇතැයිද ඔහු සඳහන් කළේය.

ඒ අනුව ඉදිරි සති තුනක කාලය ඇතුළත කාලයේ දී අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන ඒමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.

බැදුම්කර නඩුවේ ප‍්‍රධාන සැකකරු වන අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන එන තෙක් බැඳුම්කර නඩුව පවත්වාගෙන යාම ගැටලු සහගත වී තිබෙන බවද ඔහු සඳහන් කළේය.

අනුරාධපුරයේ දී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

රටටම සැඟවූ එජාප - ජවිපේ - TNA රහසිගත ගිවිසුම මෙන්න.. (ඡායාරූප සහිතයි)මෙපමන කලක් ජනතාවගෙන් සඟවාගෙන සිටි නාට්ටියේ තිර පිටප...
14/11/2019

රටටම සැඟවූ එජාප - ජවිපේ - TNA රහසිගත ගිවිසුම මෙන්න.. (ඡායාරූප සහිතයි)

මෙපමන කලක් ජනතාවගෙන් සඟවාගෙන සිටි නාට්ටියේ තිර පිටපත අද අපි ඔබට ඉදිරිපත් කරනෙමු. ආණ්ඩු පක්ෂ හවුල් කරුවෙක් ලෙස ක්‍රියාකරන එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සංධානය සහ එජාපය වෙනුවෙන් පෙනී සිටින කඳවුරක් ලෙස අද වෙනවිට හෙලි වී තිබෙන ජනතා විමුක්ති පෙරමුණේ අවභෝධාත්මක ගිවිසුම අපට ලැබෙන්නේ මීට මාස තුනකට කලිනි. අපි අද වෙනතුරු මෙය නිකුත් නොකලේ කකුළුවාට දිය සැළිය රත් වෙන තුරු නටන්න දිය යුතු නිසාමය...

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ සංධානය එකතුව සකස් කර ඇති මෙම ගිවිසුම මාතෘකා 23කින් සමන්විතය. ගිවිසුම නම් කර ඇත්තේ "The Interim Government" ලෙසිනි. හවුල් කාර පාර්ශ්වයන් ලෙස එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය එක් වී ඇත.

මෙහි තිබෙන රතු පැහැයෙන් ලකුණු කර ඇති රටට අහිතකර වගන්තිවල සිංහල පරිවර්ථනය අපි ඔබට ඉදිරිපත් කරමු.

2.2 ලංකාවේ ආර්ථික අසමබරතාවයට පිළියමක් ලෙස සැමට එක ලෙස ආදායම සහ සැමට එක ලෙස බලය බෙදා හැරිය යුතු බව

3.2 ජාතික ආරක්ෂාවට වැඩි වාසියක් ලබා දීමට අන්තර්ජාල, සමාජ ජාලා වාරණය කල යුතුය.

4.1 ප්‍රතිපත්ති සම්පාදනය, නීති කෙටුම්පත් කිරීම, තීරණ ගැනීම පාර්ලිමේන්‍තුවෙන් ඉවත් කර, ප්‍රාදේශීය ආයතන වලට පැවරිය යුතුය.

4.4 ප්‍රාදේශීය සීමාවල ජන නියෝජනය අනුව කමිටු සැකසීමේ ක්‍රමයක් හඳුන්වා දී, ඔවුන්ට කැමති තීරණ ගැනීමට හැකි වනසේ සැකසිය යුතුය.

4.5 MCC ගිවිසුමට ගැටළුවක් ඇතිවුවහොත්, යෝජිත අතුරු ආණ්ඩුව විසින් පොලිස් සහ ඉඩම් බලතල පළාත් සහ ප්‍රාදේශීය ආයතන වලට සැපයිය යුතුය.

5.3 මහජන පීඩා ඇතිවන අයුරින් කටයුතු කරන උද්ඝෝෂකයින්ට විරුද්ධව කටයුතු කිරීමට හැකිවන පරිදි ඉඩම් බලතල බෙදා හැරිය යුතුය.

7.1 මේ වනවිට රටේ යුධමය වාතාවරණයක් නොමැති නිසා ආරක්ෂක අමාත්‍යාංශයේ වියදම 45%කින් කපා හැරිය යුතුය. ක්ෂණික ප්‍රහාර ඇතිවීමේ හැකියාවක් නැති නිසා මේ අනවශ්‍ය වියදම් කපා හැරිය යුතුය.

7.3 උතුරේ ජනතාවගේ මරණ බිය නැති කිරීම පිනිස හමුදා කඳවුරු ඉවත් කිරීම

9.2 පළාත් වල සිටින ජන කොට්ඨාශ වල අභිමතය පරිදි විධිමත් පාලන ක්‍රමයක් පවත්වාගෙන යාමට ඉඩ ලබා දිය යුතුය.

9.3. ආගමික ස්තාන වලට වෙනම නීති පවත්වා ගැනීමට ඉඩ දීම.

11.3 තොරතුරු දැනගනීමේ පනතට දැඩි නීති පැනවීම

10. 1 වසර 2000 සිට 2015 දක්වා වූ මානව හිමිකම් කඩවීම් විභාග කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ සංවිධානයෙන් පිහිටවන ස්වාධීන අධිකරණය සඳහා ඉඩ ලබා දිය යුතුය.

12.1 බදු ගෙවන අවම ආදායම ලක්ෂ පහේ සිට ලක්ෂය දක්වා අඩු කිරීම තුල රජයට ලැබෙන ආදායම වැඩි කර ගැනීමට යෝජිතය. ඒ අනුව ජනතාවට එක හා සමාන ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කල හැකිය.

14. දේශපාලන නායකත්වය උදෙසා නිදහස් සෞඛ්‍ය ක්‍රමයක් හඳුන්වා දිය යුතු වෙන අතර, මහජන සෞඛ්‍ය ක්‍රමය තුල පෞද්ගලික ව්‍යවසායකයින්ගේ සහාය වැඩි කල යුතුය.

ඒ වගේම අවසන් මාතෘකාව එක්සත් ශ්‍රී ලංකාවකි. ඒකීය ශ්‍රී ලංකාව එක්සත් ශ්‍රී ලංකාවක් බවට පත් කිරීමේ නරුම ගිවිසුම එළැඹෙන ජනපතිවරණයට පෙර රටට හෙළි කිරීමට ලැබීම අප මෙන්ම රටද ලද භාග්‍යයක් සේ විශ්වාස අප විශ්වාස කරමු.

එම ගිවිසුමේ ඡායාරූප පහතින්...

උපුටා ගැනීම : http://activistlk.com/2019/11/12/unp-jvp-tna-agreement/

10/11/2019
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයේ ඉදිරියෙන්ම සිටි කථිකයෙකු ලෙස සැලකෙන ඇමැති හරීන් ප්‍...
05/11/2019

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයේ ඉදිරියෙන්ම සිටි කථිකයෙකු ලෙස සැලකෙන ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතුවලින් දැඩි ලෙස පසු බා නිශ්ක්‍රීය වී සිටින බව එක්සත් ජාතික පක්ෂයට හිතවාදී අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර ඇත.

මීට හේතුව වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය තමන්ට ලබාදෙන්නැයි හරීන් ප්‍රනාන්දු මහතා විසින් කළ ඉල්ලීමක් ‍පේ‍්‍රමදාස මහතා විසින් ප්‍රතික්ෂේප කිරීම බවද එම වාර්තාවේ සඳහන් වෙයි.

ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජය ගැනීමෙන් පසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව අගමැති රනිල් වික්‍රමසිංහ...
05/11/2019

ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජය ගැනීමෙන් පසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ යාපනය මනිපායිහිදී පැවති ජනාධිපතිවරණය ජන රැළියක් අමතමිනි.

කැබිනට් ඇමතිවරු දෙදෙනෙක් සහ රාජ්‍ය ඇමතිවරයෙක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්ව...
03/11/2019

කැබිනට් ඇමතිවරු දෙදෙනෙක් සහ රාජ්‍ය ඇමතිවරයෙක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීම සඳහා සූදානමින් සිටින බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය ඉහළ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවට ක්‍රියාත්මක පවත්වා ඇත.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හිටපු මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී හසන් අලි සහ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බෂීර් ...
30/10/2019

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හිටපු මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී හසන් අලි සහ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බෂීර් සේගුදාවුද් යන මහත්වරුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

පරාඡය දැක එක්සත් ජාතික පක්ෂයේ කිහිප දෙනෙකු කලබලයේ බැසිල් රාජපක්‍ෂ මහතා හමුවේ.මෙම තොරතුරු වාර්තා කර ඇත්තේ එක්සත් ජාතික පක...
27/10/2019

පරාඡය දැක එක්සත් ජාතික පක්ෂයේ කිහිප දෙනෙකු කලබලයේ බැසිල් රාජපක්‍ෂ මහතා හමුවේ.

මෙම තොරතුරු වාර්තා කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට හිතවාදී පුවත් වෙබ් අඩවි සහ සමාජ ජාල මාධ්‍ය තුළයි.

සජිත් පිල කැබෙ.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ඇමැති සාගල රත්නායක මහතා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහ...
27/10/2019

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ඇමැති සාගල රත්නායක මහතා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට සූදානමක් ඇති බවට වාර්තාවෙයි.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පිහිටුවන නව ආණ්ඩුවේ ඇමතිධුර බෙදා ගැනීම ගැන මේ දිනවල නම් කරමින් ඇති බව ...
18/10/2019

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පිහිටුවන නව ආණ්ඩුවේ ඇමතිධුර බෙදා ගැනීම ගැන මේ දිනවල නම් කරමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

එම ආණ්ඩුවේ අගමැති ධුරය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉවත් කර මංගල සමරවිර මහතා පත් කිරීමට යෝජනා කර ඇතැයිද ඔහු කියා සිටියේය.

කුලියාපිටියේදී පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරය අකිල විරාජ් කාරියවසම් මහතා ඉවත් කර තිස්ස අත්තනායක මහතා ඊට පත් කිරීම සඳහා ද සජිත් පිල සැලසුම් කර ඇති බවද ඔහු තවදුරටත් පැවසුවේය.

16/10/2019
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රැස්වීම් වල විරෝධය පෑම එජාපයේ කොන්තරාත්තුවක්... චන්ද්‍රිකාගේ කල්ලියත් කුමන්ත්‍රණ...
15/10/2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රැස්වීම් වල විරෝධය පෑම එජාපයේ කොන්තරාත්තුවක්... චන්ද්‍රිකාගේ කල්ලියත් කුමන්ත්‍රණයට හවුල්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇතිවී තිබෙන සමගිය කඩා දැමීමට එජාපය විසින් හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආධාරය ඇතිව නව මෙහෙයුමක් දියත් කොට තිබේ...

මෙම මෙහෙයුම වී ඇත්තේ චන්ද්‍රිකා කල්ලිය සහ එජාපයට සහය දක්වන පිරිස් මත්පැන් පොවා ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් සංවිධානය වන රැලි වලට සහභාගී කොට ශ්‍රීලනිපයේ සාමාජික මැති-ඇමතිවරුන්ට විරෝධය පලකොට හූ තැබීමයි.

මෙම කටයුත්තට පූර්ණ මාධ්‍ය අනුග්‍රහය සිරස මාධ්‍ය ජාලයෙන් ලබාදෙන අතර එමගින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර බරපතල විරසකයක් මවා පෙන්වා ශ්‍රීලනිප මැති ඇමතිවරුන් කීපදෙනෙකුගේ සහයෝගය එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත දිනාගැනීම මෙහෙයුමේ අරමුණ බවට පත්වී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උඩ කොටස නැති වුවද යට කොටස සම්පූර්ණයෙන්ම ඇත්තේ එක්සත් ජාතික පෙරමුණ සමග බව රාජිත සේනාරත්න පවසයි.ඒ බ...
15/10/2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උඩ කොටස නැති වුවද යට කොටස සම්පූර්ණයෙන්ම ඇත්තේ එක්සත් ජාතික පෙරමුණ සමග බව රාජිත සේනාරත්න පවසයි.

ඒ බව තව දවස් තුනක් යද්දි ඔප්පු කර පෙන්වන බව ද ඇමතිවරයා පැවසුවේය

අද දිනයේ පැවති ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයෙන් ආසන 17න් 17ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇත.එක් එක් පක්...
11/10/2019

අද දිනයේ පැවති ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයෙන් ආසන 17න් 17ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇත.

එක් එක් පක්‍ෂ විසින් ලබා ගත් ඡන්ද හා සභික සංඛ්‍යවන් මෙසේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ 23372 – 17
එක්සත් ජාතික පක්‍ෂය 10113 – 7
එක්සත් ජනතා නිදහස් සන්ධානය 5273 – 3
ජනතා විමුක්ති පෙරමුණ 2435 – 2

ඊයේ දින පැවති ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට දරුණු පසුබෑමක් ඇතිව තිබේ.එක්සත් ජාතික පක්ෂ ජනාධි...
11/10/2019

ඊයේ දින පැවති ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට දරුණු පසුබෑමක් ඇතිව තිබේ.

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක ඇමති සජිත් ප්‍රේමදාස මහතා විසින් නායකත්වය දෙමින් මෙහෙයවන ලද ඇල්පිටියෙ ප‍්‍රාදේශීය සභා මැතිවරණයේදී එජාපය විසින් ලබාගන්නා ලද්දේ 24% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

නමුත් 2015 මහ මැතිවරණයේ දී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දෙමින් එම මැතිවරණ කොට්ඨාසය 40.8% ඉහළ ප්‍රතිශතයක් වාර්තා කරන ලදී.

එනම් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්‍ෂක වීමෙන් පසු එජාපය ඇල්පිටියෙන් පමණක් 16%ක ඡුන්ද ප‍්‍රමාණයක් අහිමි කරගෙන ඇත.

හිටපු සොලිසිටර් ජනරාල් කරන එලිදරව්ව!!
29/09/2019

හිටපු සොලිසිටර් ජනරාල් කරන එලිදරව්ව!!

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Lanka Gossip News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share