Sevanagala set eka.

  • Home
  • Sevanagala set eka.

Sevanagala set eka. sale

28/11/2023
28/11/2023
21/11/2023
21/11/2023

මහරගම අපේක්ෂා රෝහලේ සායන සදහා දෛනිකව විශාල රෝගීන් පිරිසක් පැමිණෙන අතර ඉන් බහුතරයක් ආර්ථික අපහසුතා ඇති අය වේ. මෙය හේතුකොට ගෙන අප විසින් දෛනිකව රෝගීන් 400කට පමණ දහවල් ආහාර වේල ලබාදෙන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි.

සෞඛ්‍ය මෙන්ම ආර්ථික අතින්ද පිරිහිනු ඔවුන් සදහා පිරිසිදු , පෝෂ්‍යදායී සහ රසවත් ආහාර වේලක් ලබා දීම අපගේ ප්‍රධාන අරමුණයි.

මේ සදහා ඔබටත් කිහිප ආකාරයකින් යම් දායකත්වයක් ලබාදිය හැක...

* සම්පූර්ණ දිනක් සදහා දායකත්වය ලබාදීම.♥️
* දිනක වියදමින් යම් කොටසකට දායකත්වය ලබාදීම.♥️
* මාසිකව යම් දායකත්වයක් ලබාදීම.♥️
* මීට අමතරව සතියේ දිනවල උදේ 10.30 සිට 02.30 දක්වා පැමිණ ශ්‍රමයෙන් දායක විය හැක.♥️

මේ සදහා ඔබ ලබාදෙන සහයෝගය ඉතා අගය කොට සලකන්නෙමු...

තොරතුරු - මහරගම අපේක්ෂා රෝහලේ, සේවය නියුතු චතුරිකා හේවගේ හෙදි සොහොයුරියගෙනි.

අද දහවලේ අපේ උපදේශන ඒකකයට ආපූ තාත්තෙක්ගෙන් කෑවද කියලා ඇහුවා.. "නෑ ගෙදර ගිහින්ම කනවා" කියලා කිව්වා.. මම ඇහුවා ගෙවල් කොහෙද කියලා.. පුත්තලම දිස්ත්‍රික්කයේ..

මම තැනක් පෙන්නන්නම් තාත්ත කාලා යන්න කියලා මං මෙතන පෙන්නුවා (අය කිරීමක් නැතුව).

එතනට ගියාම දැක්කෙ එතන කන පිරිස කොච්චර ද, මේක කොච්චර වටින සත්කාරයක් ද කියලා..
අද තියන ආර්ථික අපහසුතා එක්ක,දුර ඉඳලා පාන්දර එන පිරිසට මේක පුදුම සහනයක් කියලා දැනුනා.. උදේ 10.30 ඉඳලා තියෙනවා.. උදේට නොකා එන පිරිසටත් එක්ක..

ඉතිං ඔයාලටත් මේ පිනට දායක වෙන්න පුළුවන්.. ♥️

උදව් කරන්න මේ වෙලාවේ හැකියාවක් නැතත් මෙය තවත් කෙනෙක්ට දකින්න බෙදා හරින එකම මහඟු පිනක් වේවි! ♥️

මොකද මගෙ අම්මත් පිළිකා රෝගියෙක් නිසා, පිළිකා රෝගියෙකුගේ ගෙදර තියෙන ආර්ථික අපහසුතා සහ පවුලෙ සාමාජිකයන්ගේ බිඳුණු මානසික මට්ටම ගැන මං හොඳටම දන්නවා.. පෞද්ගලිකව උදව් ඉල්ලුවත් උදව් වෙනුවට අයුතු ප්‍රයෝජන ගන්න තැත් කරන පිරිසක් මට හම්බවුණේ... ඒ අසරණ තත්වය දන්න නිසාමයි අනිත් සමස්ත රෝගීන් වෙනුවෙන් මේක මං පළ කරන්නෙ...

ඉතින්,
අද ජීවිතය ඉල්ලා හෙට දිනයේ මියයන
අසරණ රෝගීන්ට ඔබේ ආදර
අපේක්ෂා භූමියට ලබාදෙන්න...

මගෙ අම්ම ඇතුළු පිළිකා රෝගීන් සුවපත් වේවා!!!
දීර්ඝායු වේවා!!! 🙏

ගඟක් අසල පැල්පතක තරුණ යුවළක් ජීවත් වුණා. මොවුන් ඉතාම දුප්පත්. මේ සැමියා තමන්ගෙ බිරිදට ගොඩක් ආදරය කළා. ඔහුට ඕන වුනේ හැම ව...
13/11/2023

ගඟක් අසල පැල්පතක තරුණ යුවළක් ජීවත් වුණා. මොවුන් ඉතාම දුප්පත්. මේ සැමියා තමන්ගෙ බිරිදට ගොඩක් ආදරය කළා. ඔහුට ඕන වුනේ හැම වෙලාවෙ ම තමන්ගේ බිරිඳව සතුටින් තියන්න. ඔහු ගඟෙන් මාළු අල්ලගෙන ඇවිත්, කැලෑවෙන් පළතුරු ගෙනත් බිරිදට දුන්නා. ඔහු ලද දෙයින් සතුටු වෙන සරල මනුස්සයෙක්.

නමුත් ඔහුගේ බිරිඳ ලද දෙයින් තෘප්තිමත් වන කාන්තාවක් නෙමෙයි. ඇය සෑම විටම සැමියා ගෙන එන දේවල්වල අඩුපාඩු දැක්කා. පළතුරු ගෙනා දවසට, ඇයට මාළු ඕන වුණා. මාළු ගෙනා දවසට පළතුරු ඕන වුණා.

දවසක් මේ සැමියාගේ මාළු දැලට මැජික් මාළුවෙක් අහුවුණා. මාළුවා ඔහුට කතා කළා.

"කරුණාකර මාව ම.රන්න එපා. මට යන්න දෙන්න" මාළුවා කිව්වා.

කතා කරන මාළුවා ව දැකලා මේ මාළු අල්ලන්නා පුදුම වුණා.

"ඔබ කතා කරන මාළුවෙක්. මම කවදාවත් ඔබව ම.රන්නෙ නැහැ. බයවෙන්න එපා. මම ඔබට යන්න දෙන්නම්." මාළු අල්ලන්නා කිව්වා.

"ඔබේ කරුණාව ගැන බොහොම ස්තුතියි. කිසියම් දවසක, ඔබට යම් දෙයක් අවශ්‍ය වුණොත්, ඇවිත් කතා කරන්න". කියමින් මාළුවා නොපෙනී ගියා.

මාළු අල්ලන්නා ගෙදර ගිහින් තමන්ගේ බිරිඳට මේ සිදුවීම කිව්වා.

"ඕනම දෙයක් ඉල්ලන්න කිව්වා නම්, ඔයා මොනවද ඉල්ලුවේ?" බිරිඳ ඇසුවා.

"මොකුත් නැහැ. මට එහෙම විශේෂ දෙයක් ඕනේ නැහැ."

"ඇයි ඕනේ නැත්තෙ? අපිට සතුටින් ඉන්න කොච්චර දේවල් ඕනෙද? ඒ දේවල් මාළුවාගෙන් ඉල්ලන්න.මට මේ පැල්පතේ ඉඳලා එපා වෙලා තියෙන්නේ. ගිහින් අපිට හොඳ ලොකු ගෙයක් ඉල්ල ගන්න"

"මම නම් කැමති නැහැ එහෙම ඉල්ලන්න." මාළු අල්ලන්නා කිව්වා.

"ඔයා මට ආදරේ නම්, ගිහිල්ලා අනිවාර්යෙන්ම මාළුවා ගෙන් අපිට ගෙයක් ඉල්ලගෙන එන්න." බිරිඳ කිව්වා.

මාළු අල්ලන්නා බොහොම අකැමැත්තෙන් ගඟ අසලට ගිහින් මැජික් මාළුවාට කතා කළා.

"මැජික් මාළුවෝ මගේ බිරිඳට ගෙයක් ඕන කියනවා"

"ඔබ යන්න . ගෙයක් ලැබිලා ඇති." මාළුවා කිව්වා.

මාළු අල්ලන්නා ගෙදර යනකොට, ඔහුව පුදුමයට පත් කරමින් ඔවුන් ජීවත් වුණු පැල්පත විශාල නිවසක් බවට පරිවර්තනය වෙලා තිබුණා. ඔහුගේ බිරිඳ බොහොම සතුටින් හිනා වෙමින් ඔහුව පිළිගත්තා.

"දැන් ඔයාට සතුටුද?" මාළු අල්ලන්නා ඇහුවා.

"ඒක මම හිතලා බලන්න ඕනේ" බිරිඳ උත්තර දුන්නා.

විශාල නිවසක් ලැබුන එකෙන් මේ බිරිඳ තෘප්තිමත් වුණේ නැහැ. ඇයට ඕන වුණා රටේ රාජනිය වෙන්න. මාළු අල්ලන්නා බොහොම අකැමැත්තෙන් ඇගේ ඒ ඉල්ලීමත් මාළුවාට කිව්වා. ඒ ඉල්ලීමක් ඉටු වුණා. ඇය රටේ රැජින වුණා.

නමුත් ඇය ඉන් තෘප්තිමත් වුණෙත් නැහැ. ඇයට අවශ්‍ය වුණා සියල්ල පාලනය කළ හැකි, සියල්ලට අධිපතිනිය වෙන්න.

මාළු අල්ලන්නා බොහොම කලකිරීමෙන් හිටියෙ තමන්ගෙ බිරිදගේ මේ ඉවරයක් නොවන ඉල්ලීම් ගැන. ඔහු බොහොම දුකට පත් වුණා, පුළුවන් උපරිම දේ ලබා දීලත්, ඇයව සතුටු කරන්න බැරි වීම ගැන. නමුත් ඔහු බොහොම කණගාටුවෙන් වුනත්, ඇයට ඇති ආදරය නිසා ම, තමාගේ බිරිඳට සියල්ලට අධිපතිනිය වී , සියල්ල පාලනය කිරීමට අවශ්‍යයි කියා ඉල්ලුවා. මාළුවා එම ඉල්ලීමත් ඉටු කරන්න පොරොන්දු වුණා.

මාළු අල්ලන්නා තමන් හිටිය රජ මාලිගාවට යනකොට, බිරිද මාලිගාවේ හිටියේ නැහැ. ඔහු හැම තැනම හොයා බැලුවත් බිරිඳව හම්බ වුනේ නැහැ. අවසානයේ ඔහු බොහොම කලබලයෙන් නැවතත් මාළුවා හම්බවෙන්න පිටත් වුණා.

"මැජික් මාළුවෝ ,මගේ බිරිඳ මාලිගාවේ නැහැ. ඇය කොහෙද ඉන්නේ?"

"සියල්ලට අධිපති, සියල්ල පාලනය කළ හැකි කෙනාව කිසිම කෙනකුට දකින්න බැහැ. ඔබේ බිරිදවත් ඔබට දකින්න බැහැ." මැජික් මාළුවා හිනාවෙලා පිළිතුරු දුන්නා .

"ඔබ ඇයට ලබාදුන් වරය ඉවත් කරන්න. එතකොට මට මගේ බිරිඳව නැවත දකින්න පුළුවන් වෙයි."

"කණගාටුයි. මට දුන්න වරයක් ආපහු අයින් කරන්න බැහැ."

"හොඳයි එහෙනම්, මම මෙච්චර දවසක් හැමදේ ම ඉල්ලුවේ මගේ බිරිදව තෘප්තිමත් කරන්න. අද මම මා වෙනුවෙන් දෙයක් ඉල්ලුවොත් ඔබට එය දෙන්න පුලුවන්ද?"මාළු අල්ලන්නා ඇහුවා.

"අනිවාර්යයෙන්ම. ඒ දවස එනකල් තමයි මාත් බලන් හිටියේ. ඔබට මොකද්ද අවශ්‍ය?" මාළුවා ඇහුවා.

"මට ඕනේ මම සහ මගේ බිරිද සතුටින් එකට ජීවත් වෙන්න. " මාළු අල්ලන්නා කිව්වා.

"ගෙදර යන්න. ඔබේ බිරිඳ බොහොම සතුටින් ඔබ එනකල් බලාගෙන ඇති. ඔබට නැවතත් මාව අවශ්‍ය වෙන්නේ නැහැ. මම ඔබට බඳුනක් දෙන්නම්, එහි ඔබ වෙනුවෙන් ලියුමක් තියෙනවා, ගෙදර ගිහින් නිදහසේ කියවන්න." මාළුවා නොපෙනී ගියා.

ඔහු නැවත යනකොට මාලිගාව වෙනුවට කුඩා නිවසක් එතැන තිබුණා. ඔහුගේ බිරිඳ ඉතා සාමාන්‍ය කාන්තාවක් ලෙස ඒ නිවසේ දොර අසල ඔහු වෙනුවෙන් සතුටින් බලාගෙන හිටියා.

_______________________________________________

"ඔබ හැම වෙලාවෙම හිතුවේ අනිත් අයගේ තෘප්තිය, සතුට ගැන. ඔබ ඔබේ සතුට ගැන හිතන්නේ නැතුව, අනිත් අයව තෘප්තිමත් කරන්න ගියා. නමුත් ඔබට කවදාවත් අනිත් අයව තෘප්තිමත් කිරීමේ අවසානයක් දකින්න ලැබුණේ නැහැ.

ඔබ ඔවුන්ගේ තෘප්තිය වෙනුවෙන් මොන දේ කළත්, ඔවුන්ට තව තවත් දේවල් ඕන වුණා. අවසානයේ, ඔබ බොහෝ කලකිරීමට සහ වේදනාවට පත් වුණා. අවසාන අවස්ථාවේදී තමයි ඔබ හරි තීරණය අරගෙන, ඔබගේ තෘප්තිය වෙනුවෙන් වැඩ කලේ. එම ඉල්ලීමෙන් තමයි ඔබට ඔබේ සැබෑ තෘප්තිය හා සතුට ලැබුණේ.

මතක තියාගන්න ඔයාට කවදාවත් අනිත් අයව සතුටු කරලා, තෘප්තිමත් කරලා අවසන් කරන්න බැහැ. ඒ නිසා මුලින් ම ඔබ ඔබගේ තෘප්තිය සහ සතුට වෙනුවෙන් වැඩ කරන්න, එයට අවධානය දෙන්න" ලිපියේ ලියා තිබුණා.

බාලිකා හේවගේ ✍️

17/10/2023
"කවදාවත් බඳින්නෙ නෑ කියන අය,තනියම ඉන්නවා කියන අය,මේ ජීවිතේ හරි නිදහස් කියලාහරි සතුටින් හිනාවෙලා ඉන්නවා පේනවා නේද?හැබැයි ...
17/06/2023

"කවදාවත් බඳින්නෙ නෑ කියන අය,
තනියම ඉන්නවා කියන අය,
මේ ජීවිතේ හරි නිදහස් කියලා
හරි සතුටින් හිනාවෙලා ඉන්නවා පේනවා නේද?

හැබැයි ඒ හැමෝටම තියනවා
මතක් වෙද්දිත් පපුව ඉහිලුම් නැතිව යන
මහ මූසල අතීත කතාවක්

ඒ අයගෙන්,

සමහර අය හරි ආදරෙන් ඉඳලා කියන්නෙත් නැතුව තනිකරලා ගියපු අය,

කවදාවත්ම එකතුවීමක් නැති නිසා තමන් විහින්ම අතහැරිය අය,

තනිවුනේ ඇයි කියලා තාමත් හිතාගන්න බැරුව ඉන්න අය,

කවදහරි එයි කියලා
බලාපොරොත්තු තියාගෙන බලන් ඉන්න අය,

නොඑන්නම ගිය අය කවදාවත්ම එන්නේ නෑ කියලා දැනදැනම එයි කියලා බලන් ඉන්න අය

තනිකම පට්ට කියන සමහර මිනිස්සු
හිනාවෙලා ඉන්නේ පිරිස එක්ක ඉද්දි විතරයි,
තනිවෙන හැම වෙලාවකම උන් හූල්ලනවා

හැමෝගෙම කතා හරි සුන්දර කතා නෙමෙයි!"🥀

16/06/2023

2023 එක්දින ලෝක කුසලානය🏏
සුදුසුකම් ලැබීමේ තරගාවලිය
🇱🇰 මෙන්න ශ්‍රීලංකාව සහභාගීවන තරග කාලසටහන

මොකද කියන්නෙ  😁
20/05/2023

මොකද කියන්නෙ 😁

12/03/2023
10/10/2022

මෙතනින් බලන්න 👇
ආයෙත් ගෙනාවා සිංහල ෆිල්ම් පෙලක් ". ❤️

🚫⚠️️(*ලින්ක් ඔක්කොම වැඩ අනිවාරෙන්ම ඔර්ජිනල Facebook App එකෙන් බලන්න..)

Lite එකෙන් බලන්න බෑ*)⚠️️🚫

🚫⚠️️(Facebook Original App එක භාවිතා කරන්න.)⚠️️🚫

(Follow https://www.facebook.com/වේම්දනාව-103704948452688/මෙතන)

පේජ් එකත් ලයික් කරල සෙට් වෙන්න "
❤️"

✔1.මායා
https://www.facebook.com/pathumsulochana8/videos/1204028669716761/

✔2 දේදුණු ආකාසෙhttps://www.facebook.com/hemantha.pradeep.37/videos/485965085172729/

✔3 ජොන්සන් ඇන්ඩ් ගොන්සන්https://www.facebook.com/957293804367831/videos/1052333531530524/

✔4.ගාමිණී
https://www.facebook.com/1112318232170843/videos/349110632332103/

✔5 රජ හොරුhttps://www.facebook.com/CeylonMirrorMedia/videos/2880310828900110/

✔6 කෝ මාර්ක් නෝ මාර්ක්https://www.facebook.com/888303218213506/videos/484522792114985/

✔7 කලු හිමhttps://www.facebook.com/cintiyalk/videos/306137564117493/

✔8 බන්ධනයhttps://www.facebook.com/108468607373271/videos/2616023271947318/

✔9 ගොල්https://www.facebook.com/ramin.udayanga.14/videos/273234176881790/

✔10 සොදුරු දඩබිම"https://www.facebook.com/rohanasarath.kumara/videos/1918098874908551/

✔11.රෂ් "
https://www.facebook.com/113407170035175/videos/284015356035760/

✔12 ඔහොම හරිද "
https://www.facebook.com/Waidyasekera1980/videos/11907061349971

✔ 13 Super Six

https://www.facebook.com/officialhithakiyai/videos/455133275319530/

https://www.facebook.com/groups/1183224925467273/?ref=share

✔14 යමරජසිරි

https://www.facebook.com/slthebro/videos/703027270058515/

✔15 හෝ ගානා පොකුණ

https://www.facebook.com/kaviyage.adawiya/videos/983415398436788/

✔16 -ඇහැළේපොල කුමාරිහාමි

https://www.facebook.com/l.sugath/videos/1003057169904931/

✔17 ආදරණීය කතාවක්

https://www.facebook.com/Beautifulworlds1989/videos/1828651397464830/

✔18 මායා

https://www.facebook.com/para.999/videos/1538650296211723/

✔19 රන් සයුර

https://www.facebook.com/456229561166532/videos/1603681876421289/

✔20 රොබින්සන් අන්දරය

https://www.facebook.com/SirawatamaMalaPaninawa/videos/1104281109653918/

✔ 21 දේදුනු ආකාසේ

https://www.facebook.com/hemantha.pradeep.37/videos/485962265173011/

✔ 22 - එක දවසක අපි

https://www.facebook.com/dhananjamadhusankaa/videos/1887777481386169/

✔ 23
-ධර්මයුද්ධය

https://www.facebook.com/Onlineedite/videos/2165871240100455/

✔24 අනගාරික ධර්මපාලතුමා

https://www.facebook.com/SinhalaDVD/videos/1726254184106428/

✔25 -උලත් එකයි පිලත් එකයි

https://www.facebook.com/NewSinhalamp3/videos/1218781361546992/

✔26 -කලර්

https://www.facebook.com/natashajenifferofficial/videos/166740552043017/

✔27 -හාර්ට් Fm

https://www.facebook.com/officialhithakiyai/videos/2392119600852487/

✔28 -ජොන්සන් and ගොන්සන්

https://www.facebook.com/113013803881791/videos/303874064652969/

✔29 - ගෝරි

https://www.facebook.com/nishantha.dishanayaka.31/videos/947092469076957/

✔30 - අගර දගර

https://www.facebook.com/107852057289054/videos/1477575342596396/

✔31 - සිංහයා

https://www.facebook.com/107852057289054/videos/866125167291217/

✔32 -මචං කරාටෙ

https://www.facebook.com/2229678620696010/videos/551105885817297/

✔33 - රජහොරු

https://www.facebook.com/107852057289054/videos/797095501183845/

✔34-අප්පට සිරි

https://www.facebook.com/500777266947939/videos/2296572487238733/

✔ 35 රීලෝඩ්

https://www.facebook.com/themask.lk/videos/236664671055146/

✔36 - සිරිපැරකුම්

https://www.facebook.com/kaviyage.adawiya/videos/963545140423814/

✔ 37 රෂ්

https://www.facebook.com/113407170035175/videos/284015356035760/

✔38 - දැවෙන විහගුන්

https://www.facebook.com/enna.igenaganna/videos/2444727582469263/

✔39 - ගාමිණි

https://www.facebook.com/kaviyage.adawiya/videos/965883733523288/

✔40 ප්‍රවේගය

https://www.facebook.com/441848643061030/videos/329964301220918/

✔41- ගින්නෙන් උපන් සීතල

https://www.facebook.com/pivithuru.net.94/videos/109296847403252/

✔ 42- සැමීගේ කතාව

https://www.facebook.com/kaviyage.adawiya/videos/1255788061199519/

✔43- බඹර වලල්ල

https://www.facebook.com/221BSLH/videos/3235347496588642/

✔ 44- ඇඩ්‍රස් නෑ

https://www.facebook.com/aravindanii/videos/1126531954091814/

✔45 බ්‍රැන්ඩෝ

https://www.facebook.com/Hithatawaduna01/videos/1695667157155757/

✔ 46- ඔහොම හරිද

https://www.facebook.com/Waidyasekera1980/videos/119070613499718/

✔ 47 ප්‍රසිඩන්ට්

https://www.facebook.com/113407170035175/videos/602936293977040/

48 - කතාකරන හීන

https://www.facebook.com/kaveeshi.fernando/videos/794626024277946/

✔ 49 ගෝල්

https://www.facebook.com/107410824075715/videos/112217220201096/

✔ 50 - විජය කුවේණි

https://www.facebook.com/kaviyage.adawiya/videos/954308898014105/

✔51 සුහද කොකා

https://www.facebook.com/tvdiyatha/videos/390309835063467/

✔52 පුරහද කලුවර

https://www.facebook.com/kaviyage.adawiya/videos/1032253006886360/

✔53 - 64 මායම්

https://www.facebook.com/mahimaradio/videos/300161167606907/

✔54- යහලුවෝ

https://www.facebook.com/1159154704113427/videos/1509553562406871/

✔ 55- The නිව්ස් පේපර්

https://www.facebook.com/101711918214777/videos/761056178095903/

✔56- මහරජ අජාසත්

https://www.facebook.com/kaviyage.adawiya/videos/1230958540349138/

✔ 57 - A ලෙවල්

https://www.facebook.com/livesindu1/videos/320815075114394/

✔58- සේයා

https://www.facebook.com/441848643061030/videos/679737175834793/

✔ 59- සොදුරු දඩ බිම

https://www.facebook.com/rohanasarath.kumara/videos/1918098874908551/

✔60- තාල

https://www.facebook.com/441848643061030/videos/812615372588300/

✔61 පත්තිනි

https://www.facebook.com/107852057289054/videos/874150199746528/

✔62- සුවද දැනුනා ජීවිතේ

https://www.facebook.com/939815182855115/videos/194435324792461/

✔63 - සොමි බෝයිස්

https://www.facebook.com/1tikka/videos/245422266379905/

✔ 64 - උදුම්බරා

https://www.facebook.com/102011558155744/videos/171897943985853/

✔ 65- වැලි පවුර

https://www.facebook.com/AyubovanSLTV/videos/303530830921375/

✔ 66- සරෝජා

https://www.facebook.com/1159154704113427/videos/1502898143072413/

✔67- සරිගම

https://www.facebook.com/livesindu1/videos/221539978375238/

✔68 සකිසද සුවාරිස්

https://www.facebook.com/kaviyage.adawiya/videos/1029312687180392/

✔69 වන් සොට් වන්

https://www.facebook.com/malliofficial/videos/1865568327090763/

✔70- එතුමයි මෙතුමයි

https://www.facebook.com/siyanerawaya/videos/266629923890615/

✔ 71- මාතා

https://www.facebook.com/films.qa/videos/879812792822035/

✔ 72- සිකුරු හතේ

https://www.facebook.com/105862540754269/videos/239992503741740/

✔ 73 කුස පබා

https://www.facebook.com/thusharasd9/videos/437043291055892

✔74- සිංහාවලෝකනය

https://www.facebook.com/www.lokusir/videos/1676291035817924/

✔ 75 -සූරිය අරණ

https://www.facebook.com/lowethne.lk/videos/446254266017363/

✔76- පහ සමත්

https://www.facebook.com/109661127396274/videos/228463758474793/

✔77 - තණ්හා රතී රගා

https://www.facebook.com/pivithuru.net.94/videos/122485646084372/

✔ 78 - මචං කරාටෙ

https://www.facebook.com/100049688118156/posts/116714996661437/?d=n

✔79 - සංගිලි

https://www.facebook.com/100058966114033/posts/157221842920019/?d=n

✔ 80 - උදුම්බරා

https://www.facebook.com/100050983804444/posts/114889676887159/?d=n

✔ 81 - රං කෙවිට

https://www.facebook.com/100005017900221/posts/1722576277919619/?d=n

✔ 82 - තුශාරා

https://fb.watch/5FUwA_Y0Ju/

✔ 83 - ආරාධනා

https://www.facebook.com/musicmix.officialfanpage/videos/974970546325657/

✔84 - මචං
https://www.facebook.com/mamaibanai/videos/1588504617879176/

✔85 - උලත් එකයි පිලත් එකයි
https://fb.watch/5FUGvaU5pB/

මේ වගෙ ෆිල්ම් තවත් බලන්න පේජ් එකත් ලයික් කරන්න "

(ෆිල්ම් දාල තියන ඒ පේජ් වලටත් ලයික් කරන්න)

සුභ දවසක් ❤️ "...

17/05/2021
08/05/2021

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Sevanagala set eka. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share