27/05/2024
සබඳතා තුලදී අපගේ කැමැත්තට වඩා,වටින දේ රැක ගැනීමට අමතක නොකළ යුතුය..මන්ද සමාජයට කල හැක්කේ ජිවීත් වීම පිලිබදව නිර්ණායක සැපයීම පමණකි♥️.
ඔබ අතින් වැරදි දාහක් වෙද්දිත්,මං ඔයාට ආදරෙයිනේ කියන කෙනෙක් ජිවීතේ එකම එක වතාවක් හරි ඔබටත් හම්බෙයි....
දුරකතනය ලක්ශ වාරයක් විවෘත කරලා,ඔබගෙන් පණිවුඩයක් තියෙනවද කියලා නොවිමසිල්ලෙන් බලන,ඔයාගේ හැම පණිවිඩයකටම පුදුම ඉක්මනට පිලිතුරක් දෙන එකම කෙනෙක් ඔබේ ජිවීතේ කවදාහරි ඔබය හම්බවේවී...
තමුන්ගේ අතේ හරිහමන් මුදලක් නැතත්,තියෙන එකම එක සොච්චම උනත්,කමක් නෑ,මේ වෙලාවේ ඔයාට ඕන නේ කියලා ඔබට දෙන එකම එක කෙනෙක් ඔබේ ජිවීතේ ඔබට කවදා හරි හම්බවේවී..
ඔබ අතින් දහස්වරක් ප්රතික්ෂේප වෙද්දීත්,ඔබ ලගින්ම ඉන්න ඔබව අත් හරින්නේ නැති,ඔබේ හැම ප්රශ්නයකටම මොකක් හරි උත්තරයක් ඔබට හොයලා දෙන,අපූරු කෙනෙන් ඔබේ ජිවීතේ එකම එක වතාවක්,කොයි වෙලාවේ හරි ඔබට හම්බවේවී...
ඔබේ අඩු පාඩු කම්,රූපේ අඩුපාඩු කම්,චරිත ලක්ශනයේ අඩුපාඩු කම්,හැසිරීමේ අඩුපාඩු කම්,අදයාපනයේ අඩුපාඩු කම්,මේ මොන දේකදි වත්,ඔබව පිලිකුල් කරන්නේ නැතිව,ඔබව ප්රතික්ෂේප කරන්නේ නැතිව ඔබවම ඕනේ කියන කෙනෙක්,ඔබේ ජිවීතේට එකම එක වතාවක් කොයි මොහොතක හරි හම්බවේවී...
ඔබව රැකබලා ගැනීමම එකම අරමුණ කරගෙන ඔබට සැපපහසුව දීමේ අරමුණින් ,දියුණුවෙන කෙනෙක් ඔබට ජිවීතේ එකම එක වතාවක් කොයි මොහෙතේ හරි හමුවේවී...
ඔබව ඔබ විසින්ම,දැඩි සේ ප්රතික්ෂේප වීම් වලට ලක් වෙද්දිත්,මට ඔයාවම ඕනේ,මම ඔයා වෙනුවෙන් ඉන්නවා කියන කෙනෙක්,ඔබට ජිවීතේ එකම එක වතාවක් හමුවේවී...
ඔබෙන් ලාභයක්,ප්රයෝජනයක් බලාපොරොත්තුවෙන් ඔබේ වටේ ඉන්න පිරිස අතරේ,ඔබෙන් කිසිම ප්රතිලාභයක් නැතුවත්,ඔබව දාලා යන්නේ නැතිව ඔබවම ඕනේ කියන කෙනෙක්,ඔබට ජිවීතේ කවදාහරි හම්බවේවී..
සම්බදතාවලදී,මෙ වගේ අය මුණගැහුනම,ඔහු හෝ ඇය අපට නැති වෙන්නෑ කියලා,අපේ හිතේ තියෙන වැරදි විශ්වාසය සහා ආකල්පය නිසා බොහෝ විට මෙවැනි මිනිස්සුන් මගහැරෙනු ඇත..
එවැනි පුද්ගලයින්,කණගාටුවට පශ්චාත්තාපයට පත් වන අවස්තා විශාල උනාට,ඔවුන් ඔබව කවදාකහරි ඔබව අත්හරිනවා නම් අත් හරිනුයේ එකම එක වතාවකි..ඔවුනට ඔබව අමතක කර දැමීම කෙතරම් දුශ්කර උවත්,කෙතරම් වේදනාකාරී උනත්,ඔබ එය නොසලකා ඔහු හෝ ඇය ප්රතික්ෂේප කර අවසන් කර දමා සිටීමට පුලුවන..නමුත් පසු කාලීනව ඔහු හෝ ඇය ඔබට සමුදීමට විදිවෙදානවාට වඩා වැඩි වේදනාවක් ඔහුගේ හෝ ඇයගේ ගුණ මතක් වන විට,විදීමට සිදුවනු ඇත..
එම නිසා,සබඳතා තුලදී අපගේ කැමැත්තට වඩා,වටින දේ රැක ගැනීමට අමතක නොකළ යුතුය..මන්ද සමාජයට කල හැක්කේ ජිවීත් වීම පිලිබදව නිර්ණායක සැපයීම පමණකි.
Copied