14/12/2023
2024 පටන් ගන්න තව දවස් 25 ක් වගේ තියෙද්දි මම දැක්කා ගොඩක් අය bullet journal ලියන්න ideas අහල තියෙනවා.ඒ ගැන සෑහෙන්න හොයනවා.
ඇත්තටම ඒක මරු ! මොකද මම හරි ආසයි මිනිස්සු හොද දේවල් රැල්ලට හරි කරනවට. හොද දේවල් කාගෙන්හරි කොපි කරල හරි කරනවට.
මමත් මුලින්ම ජර්නල් ලියන විදිය , අවුරුද්දක් plan කරගන්න විදිය ගැන idea එක ගත්තෙ you tube එක පීරලා සහ article බර ගානක් කියවලා.
ඒත් ඔය කවුරු කරපු ජර්නල් එකක් වුනත් , planner එකක් වුනත් ඒ හැමදේකින්ම ideas අරගෙන ඔයා ඔයාගේ අලුත් අවුරුද්දෙ plan එක ඇදගන්න ඕන ඔයාගේ විදියට. මොකද වෙන කෙනෙක්ගේ lifestyle එකකට හදපු planner එකක් ඔයාගෙ ජීවිතේට හරියන්නෙ නැති නිසා.
අනික අලුත් අවුරුද්දක plan එකක් ගහගන්නවා කියන්නේ ටිකක් නෙවෙයි හොදට හිතලා ඇදගන්න ඕන දෙයක්. ඉතින් ඒ planner එකේ මම හිතන විදියට වැදගත්ම සහ විශේෂම දේ වෙන්නෙ ඔයාගේ vision board එක.
මගේ planner එකේ නැත්නම් මගේ dairy එකේ මුල්ම පිටුවේ තියෙන්නෙ මගේ vision board එක. Planner එකේ අනෙකුත් කොටස් ගැන වෙනම article එකක් මම පස්සේ ලියනවා. ඒත් vision board එක විශේෂ නිසා අද මම ලියන්න යන්නෙ ඔයාගේ අලුත් අවුරුද්දෙ vision board එක හදාගන්න ඕන විදිය ගැන.
පහලින් මම දාලා තියෙන්නෙ මගේ 2023 අවුරුද්දේ vision board එක. මම සාමාන්‍යයෙන් දේවල් කරන්න කලින් කියන්න නැත්නම් spoil කරන්න කැමති කෙනෙක් නෙවෙයි. ඒත් දැන් වෙනකොට මම මගේ vision board එකේ සේරම දේවල් complete කරල ඉවරයි. ඒ නිසා මට පුළුවන් ඒ දේවල් ඔයාලා එක්ක නිදහසේ share කරගන්න. 2022 දිත් මම මගේ vision board එක ඔයාලා එක්ක share කරගත්තා ඔයාලට මතක ඇති.
මම මේ කියන්නේ vision board එකක් හදන හරිම විදියවත් , එකම විදයවත් නෙවෙයි. ඔයාලට ඕන තරම් vision board printest app එකට ගියත් web search කරලත් හොයාගන්න පුළුවන් .
කලින් කිව්වා වගේ vision board එකක් හෝ අලුත් අවුරුද්දේ planner එකක් හදාගන්න ඕනෙ ඔයා ඔයාට ගැලපෙන විදියට. අනිත් අයගෙන් ideas අරගෙන ඔයාට ගැලපෙන විදියටයි ඒක හදාගන්න ඕනෙ.මම දැන් කියන්නේ මගේ 2023 vision board එක මම ගිය අවුරුද්දෙ දෙසැම්බර් වලදි හදාගත්ත විදිය.
Vision board එකකින් සරලවම පෙන්නුම් කරන්නේ ඔයාට අවුරුද්දක් ඇතුළත achive කරගන්න ඕන ඔයාගේ goals නැත්නම් ඔයාගේ හීන වලට.
Vision board එක අපි අපේ dairy එකේ නැත්නම් planner එකේ මුල්ම පිටුවෙ අලවලා තියාගන්නෙ අපි හැමදාම dairy එක හරි planner එක හරි බලද්දි නිතරම අපේ හීන , goals මොනවද කියල නිතරම අපිට මතක් වෙන නිසා , නිතරම අපිට පේන නිසා..
එතකොට ඒක අපිට අපේ වැඩ ටික කරගන්න self motivation එකක් නිසා.
- [ ] ඔයා දැන් හොදට හිතන්න ඕනෙ ඔයාට ලබන අවුරුද්ද ඇතුලත achive කරගන්න ඕන goals මොනවද කියල.ඉස්සෙල්ලාම ඔයා ඒ ටික අරන් කොලයක ලියාගන්න.
- [ ] මුලින්ම vision board එකට දාගන්න දේවල් 50 ක් විතර ලියාගන්න එපා. මොකද ඒක practical නැති දෙයක්. අපිට අවුරුද්දකට තියෙන්නෙත් මාස 12 ක් නිසා දේවල් 50 ක් විතර ලියාගත්තම ඔයා ජනවාරි පෙබරවාරි වෙනකොටම ඔය goals ටික කරගන්න බැරිවෙන නිසා අතඇරලා දානවා. ඒ නිසා ඔයා පැහැදිලි goals 10 ක් වගේ vision board එකට දාගන්න. මම හිතනවා ඒ ගාන හොදටම ප්‍රමානවත් කියල එක අවුරුද්දකට. 2023 vision board එකේ මට තිබුනේ goals නමයක් විතරයි. මම ඒ නමයම කරල ඉවර කලා 2023 දෙසැම්බර් වෙද්දි.
- [ ] ඒ නිසා අනිත් වැදගත්ම දේ ඔයාට ලගාකරගහැකි දේවල් goals විදියට ගන්න. උදාහරණයක් විදියට 2024 මම ලැම්බොගිනියක් ගන්නවා වගේ දෙයක් goal එකකට ලියාගන්න එක practical නෑනෙ නේද. ඉතින් ඔයාට කරගන්න පුළුවන් නැත්නම් ලගාකරගන්න හැකි දේවල් goals විදියට ලියන්න. නැත්නම් ඒ ගැන හිතලා ඔයා බොරැවට stress වෙනවා විතරයි.
- [ ] අනිත් වැදගත්ම දේ ඔයා මේ අවුරුද්ද ඇතුලත ඒ goal එක achieve කරගන්න බලාපොරොත්තු වෙන කාල සීමාව ලියාගන්න ඕනෙ. නැත්නම් ඕනම කාලෙකදි මම ඕක කරනවා කියල වැනෙන goals තියාගන්න බෑ. උදාහරණයක් විදියට මම ජනවාරි වල මගේ passport එක හදාගන්නවා. මම පෙබරවාරි වල රැපියල් 10,000 ක fixed desposit එකක් දානවා වගේ නිශ්චිත කලෙසීමාවක් තියෙන goals තියෙන්න ඕනෙ. ඒක වැදගත්
ඉතින් පහලින් තියෙන්නෙ මම 2023 ලියාගත්ත සහ මම achieve කරගත්ත මගේ vision board එකේ තිබුන goals නවය ( ඔයාලට පහල පිංතූරෙන් ඒක බලාගන්නත් පුළුවන් )
Success Tution - 2023 January
Ndt gratuation - 2023 March
Singapore - 2023 May
Office salary increment - 2023 June
My Book launch - 2023 September
Open uni level 5 Complete - 2023 Dec
Money - Always
Happy family - Always
Help to people - Always
මේ තියෙන්නෙ 2023 අවුරුද්දේ මට තිබුන goals ටික. හැබැයි අවුරුද්ද ගෙවිලා යද්දි මේ ටිකට අමතරව මම achieve කරගත්ත දේවලුත් තිබුනා. මොකද අපි කොහොම plan කලත් ජීවිතේ ගලාගෙන යන්නේ එක එක විදියට නිසා. ඒ නිසා මේ plan කරපු goals වල ups and downs අපිට තියෙන්න පුළුවන්.
ඉතින් ඔයාලට පුළුවන් 2024 ට ඔයාලට අවශ්‍ය දේවල් ඇතුළත් කරල ලස්සන success vision board එකක් හදාගන්න. උදාහරණයක් විදියට මම පහලින් දාන්නම් සාමාන්‍යයෙන් ගොඩක් අය තමන්ගේ vision board වලට ඇතුලත් කරන සරල simple goals ටිකක්.
2024 දි මම මගේ බර 50 kg ක් කරගන්නවා.
2024 දි මම රුපියල් 50000 ක හදිසි අවශ්‍යතා ගිනුමකට මුදල් එකතු කරනවා.
2024 දි මම මගේ පවුලේ අය එක්ක trip දෙකක් යනවා.
2024 දි මම දවසකට කොහොමහරි වතුර ලීටර තුනක් බොනවා.
2024 දි මම මගේ රැකියාවේ උසස්වීමක් සදහා අවශ්‍ය සුදුසුකම් ලබාගන්නවා.
2024 දි මම මගේ youtube එකේ subcriber ලා ප්‍රමානය වැඩිකරගන්නවා.
2024 දි මම කේක් හදන්න ඉගෙනගන්නවා. ( මල් හදන්න ආස අය , උයන්න ආස අය , මහන්න ආස අය තමන්ට ගැලපෙන විදියට හදාගන්න )
2024 දි මම මගේ කොන්ඩෙ පාට කරනවා. ( tattos ආස අය එහෙම , peircing වලට ආස අය එහෙම )
2024 දි මම English diploma එකක් complete කරනවා.
2024 දි මම මගේ බිස්නස් එකෙන් මාසෙකට 1 lak profit එකක් හොයනවා.
2024 දි මම මගේ driving licence එක හදාගන්නවා.
ඔය වගේ ඔයාට පුළුවන් එක එක විදියෙ ඔයාගේ ජීවිතේ ඔයා කරන්න කැමති දේවල් ඔයාට කරගන්න ඕන දේවල් දාලා ඔයාගේ vision board එක හදාගන්න. ඒවට අදාල පිංතූර internet එකේ search කරල printout අරගෙන ඔයාගේ planner එකේ හරි diary එකේ හරි මුල් පිටුවේ අලවගන්න පුළුවන්.
ඉතින් ඔයාලට අලුත් අවුරුද්දට success vision board එකක් හදලා ලස්සනට 2024 ගෙවන්න ලැබෙන්න කියල මම පාර්තනා කරනවා. Planner එකේ ඉතුරු පිටු ටික හදාගන්න විදිය මම වෙන article එකකින් ලියන්නම්.
ආදරෙයි
පියුමි කෞශල්‍යා
Cp🌻