සීයා - Seeya

  • Home
  • සීයා - Seeya

සීයා - Seeya Bringing the latest political developments in a satirical form.

18/11/2023
🤭
02/11/2023

🤭

30/10/2023

Script එක හරියට ලියලා දෙන්න...ඇමරිකාවෙ ගිහින් වචන පටලගත්තම වෙන්ඩ ජනාධිපතිට පොඩ්ඩක් අවුල්..

මේක LOLC සමාගම හා Ceylon graghine technology අතර 2020 ගිවිසුම්ගත වැඩසටහනකි.. අනුර ඒක හොරකම් කරලා එයාගෙ වගේ වැරදියට කියන හැට් තමා ලස්සනම)
👇👇
සාමාන්‍යයෙන් සියල්ලදත් මිනිසුන් මේ ලෝකෙයේ නොමැත , ඒ වගේම වැරදීම් යනු සාමාන්‍ය කාරණයකි.
නමුත් ජනාධිපති සිහින දකින මේ නායකයා තම පිටපත පිලිබදව මීටවඩා සැලකිලිමත් විය යුතුය.
👇👇
සමහරුන් ඔහුගේ Bsc උපාධිය පිලිබදව උජාරුවෙන් කතා කරනු අප දැක ඇත්තෙමු. ඇත්තටම එය පිලිබදව අවිවාදයෙන් අපිද සතුටු වන්නෙමු නමුත් විද්‍යාවේදි උපාධියක් ඇති අයකුට කාර්බන් පිලිබදව මීට වඩා අවබෝධයක් තිබිය යුතුය යන්න මාගේ කියවීම වේ. (ඔහුගේ උපාධිය පිලිබදව මා තුල නිසි අවභෝධයක් නොමැත )
👇👇
Graphite සහ graphine යනු එකක් නොවන බව මෙන්ම graphite යනු graphine වල වටිනාකමට ලංවිය හෝ නොහැකි ද්‍රව්‍යක් බවට අවභෝධයක් තිබිය යුතුය. වාසනාවට මෙය රාජතාන්ත්‍රික කතාවක් නොවීය, එසේම ලබන වසරේ ජනාධිපති හීනය සපුරාගනීමට පෙර ඔහුට තවත් මෙවන් අවස්තා උදාකර දී පෙරහුරුවක් නිසිලෙස සිදුකල යුතුය යන්න මාගේ අදහස වේ..
👇👇
( ලංකාවෙන් graphite අපනයනය කරන average අගය $1.5 - 1.8 ක අගයක් කෙසත් නමුත් praphine වලට convert කරලා අපනයන කිරීමේදි එය $3500 - $ 5000ක් දක්වා අගයකුත් වේ..

Global graphine market US$35 million in 2018, and expected market US$ 405 Million according to the SLINTEC )

Graphite cant be utilize as a structural material on its own. Graphine is the strongest material ever.. pound ..

ආචාර්ය චමින්ද මලලසේකර ..

24/10/2023

🫡

😁
23/10/2023

😁

ජූලී චන්ග්...ඔයා හරි පව් මැණික....➖➖➖➖➖➖🇺🇸🇺🇸🇺🇸ජූලී චන්ග් නෝනා අනුර කුමාරයා හම්බ වෙන්න හදිස්සියේම යන්නේ ඇයි කියන එක හැමෝට...
20/10/2023

ජූලී චන්ග්...
ඔයා හරි පව් මැණික....
➖➖➖➖➖➖🇺🇸🇺🇸🇺🇸

ජූලී චන්ග් නෝනා අනුර කුමාරයා හම්බ වෙන්න හදිස්සියේම යන්නේ ඇයි කියන එක හැමෝටම ප්‍රශ්ණයක් වෙලා තියෙනවා වගේම... ඇය ඉදිරියේ... රටේ වටේ පොර ටෝක් දිදී යන එකෙක් හැසිරුන... නිවට නියාලූ බායාදූ හැසිරීමත්... අද බුකියේ කතා බහට ලක්වෙනවා.

මෙහෙම හැසිරෙන හාල්පාරුවෝ තමා රනිල්ට ඉන්ගිරිස් බෑ කිව්වේ... මුන් කියන්න ඇත්තේ... මුන් වගේ නැට්ට පුපේ ගහගත්ත දෙකේ පන්තියේ කුක්කෝ වගේ.. ජර්මනියේ "ඩොයිච වෙල්" (DW) සුද්දා ඉස්සරහත් ඇඹරෙන්න ඕන කියලා වෙන්න ඇති.

රට පාලනයට ඉන්ගිරිස් ඕනය කියලා අපි කියන්නේ නෑ... හැබයි එහෙම කියපු උන්... බලේට ගේන්න යන එකාට... ඉන්ගිරිසි මලපොතේ අකුරක්කත් බැරි එක නම් මාර ලොල්. ඊට හපන් ළඟින් උන්න අනිකා.... ඌ එංගලන්තේ ගිහින් ඉන්ගිරිසී හත් පොලේ ගාගෙන නෑවා අපි දැක්කා.

එව්වා වැඩක් නෑ... අපි බලමුකෝ මේ ජූලී නෝනා මොකෑ මේ තකහනියක් අන්‍රයියා හම්බ වෙන්න යන්නේ කියලා...

ඊට ප්‍රධාන හේතූ දෙකක් තියෙනවා...

පළමු එක තමා... රනිල්ගේ චීන සංචාරය සාර්ථක වීම... එතකොට මෙයා පැලවත්තේ ගුබ්බෑයමට රිංගන්නේ රනිල් බය කරන්න... මොකෝ පරගලයෙන් පස්සෙ මෙයා කැමති වුනේ නෑ රනිල් බලේට එනවට... රනිලුත් අරගලේ හිටියට... මෙයා බැලුවේ ඇමරිකන් රූකඩයක් ජනාධිපති කරවන්න.. කතානායක ජනාධිපති කරන්න ගියේ ඒකයි. මේවා දැන් ප්‍රසිද්ධ රහස්..

හැබයි රනිල්ගේ කන්ටැක්ස් තිබ්බේ මෙයා එක්ක නෙමෙයි... කෙලින්ම ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවත් එක්ක.. ඒකේ ඉන්න තද පොරවල් එක්ක.. ඒවා අවුරුද ගානක් තිස්සේ හදාගත්ත කන්ටැක්ට්ස්...

කොහොම හරි රනිල්ට උපතින්ම ලැබුන මාන්නය නිසා එයා පුටින්ව උනත් ගනන් ගන්නේ නෑ... ඒ නිසා දැන් ලෝක නායකයොන්ට බණ කියන සයිස් එකට ඇවිත් ඉන්න උන්නැහේ.... ජූලී චන්ග් නෝනව පයිසෙකට මායිම් කරන්නේ නෑ...

(රට ආර්ථික වශයෙන් ගොඩ ගන්න රනිල් ගහපු මේ ගේම ගැන වෙනම ලියන්නම්..)

ඉතින් එයාට ඕන මීළඟට බලේට එන්න ඉන්නවය කියන එකාට එයාගේ සප් එක නොඅඩුවම තියෙනවය කියලා පෙන්නන්න. ජූලී නෝනා පුප ඉරාගෙන දැඟලුවාට.... දැන් ඇමරිකාව කන්න තියෙන ලොකුම පරිප්පුව කාලා ඉන්නේ මේ දවස්වල.

එයාලම හදපු පලස්තීන හමාස් දරුවෝ... එයාලගෙ හදවත බඳු ඊශ්‍රායලයට එල්ල කරපු අනපේක්ෂිත ප්‍රහාරයෙන් එයාලා හොල්මන් වෙලා ඉන්නේ..
එහෙන් යූක්‍රේනයේ යුද්දේ.. අරහෙ තායිවානේ... දැන් ලෙබනන් හිස්බුල්ලත් ගේමට බැහැලා... ඉරානය හා සිරියාවත් පැටලෙන සයිස් එකක් තියෙන්නේ...

ලෝකේ හැම තැනම ඉන්න ඇමරිකන් කාරයන්ට පරිස්සමෙන් ඉන්න කියලා තියෙන්නේ.. සමහර රටවල උන්ට ඇමරිකාවට එන්න කියලා තියෙන්නේ...

ඔන්න ඕක තමා දෙවන හේතුව...

ඒ කියන්නේ මෙහේ ඉන්න ඇමරිකන් විරෝධී පිරිස ජෙප්පෝ හරහා ෂේප් එකේ තබා ගැන්ම...

ඒකනේ එයා අන්‍රයියට කියන්නේ... අපි අතර නොගැලපීම් තිබුනට... මේ වෙලාවේ අපි සහයෝගයෙන් වැඩ කරන්න ඕනෙයි කියලා.. ඒ කියලා ලොකු කුට්ටියකුත් අනිවාර්යයෙන් දෙන්න ඇති...

මොකද දැන් රනිල් ගණුදෙනු කරන්න ලෑස්ති වෙන චීනය හා ඉන්දියාව .. මේ මොහොතේ ඊශ්‍රායල් ප්‍රශ්ණයේදී ඇමරිකාව පැත්තේ නෑ... අනික රනිල් දැන් තේරුම් අරගෙන තියෙනවා... ඇමරිකාව හා බටහිර බලවේග වලින් කිසි සප් එකක් එයාට නැති බව...

හැබයි ඉතින් ජූලී නෝනා උඩ දාගෙන නැටුවට... මේ මොහොතේ ලංකාව දිහා බලන්න ඇමරිකාවට වෙලාවක් නෑ..

බයිඩන් උන්නැහේ ඩොලර් බිලියන 100 ක් ඉල්ලනවා යූක්‍රේනයයි, ඊශ්‍රායලයයි, තායිවානයයි, මැක්සිකෝ බෝඩරෙයි බේරගන්න...

දැන් ඇමරිකාවම හදපු ප්‍රශ්ණ... දැන් ඇමරිකාවට ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ. ඒ අස්සේ මැදපෙරදිග අටවගෙන ඉන්න ඇමරිකානු කෑම්ප් වලට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වෙන්නත් පටන් අරගෙන.

ඒ නිසා එයාලට මේ හූනූ බෙට්ටෙන් ඇති වැඩක් නෑ...
ඔයත් මෙහේ ඉන්නවය කියලා පෙන්නන්ට...
ඔයා රඟන්න ට්‍රයි කලාට...
ඔයා හරි පව් නෝනේ...

බය වෙන්න එපා ලෝකල් ටෙරාලට රනිල් එක්ක සෙල්ලම් දාන්න බෑ...

ඒ නිසාඔයා ඔය ත්‍රස්තවාදීන් නැතිව...
රනිල් ෂේප් එකේ තියාගන්න බලන්න....

පේනවා නේ ඔයාලම හදපු හමාස් ත්‍රස්තවාදීන්ගෙන් ඔයාලාම දැන් කන කෑම...

ඔයාට රත්නත්තරේම පිහිටයි
ආරක්ෂාවයි...!!!

-Priyantha Hewage Maathalan

Address


Website

Alerts

Be the first to know and let us send you an email when සීයා - Seeya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share