Ceylon Wrapup

  • Home
  • Ceylon Wrapup

Ceylon Wrapup Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Wrapup, Media/News Company, .

මු‍ළු ප්‍රතිපල ලේඛණයටම එක W එකක් වත් නෑ.නමුණුකුල මායිමේ දුෂ්කර පාසලක්ගුරු හිගය උග්‍රයිදරුවො ටියුෂන් යන්නේ නෑදරුවන් ට ටිය...
07/10/2024

මු‍ළු ප්‍රතිපල ලේඛණයටම එක W එකක් වත් නෑ.
නමුණුකුල මායිමේ දුෂ්කර පාසලක්
ගුරු හිගය උග්‍රයි
දරුවො ටියුෂන් යන්නේ නෑ
දරුවන් ට ටියුෂන් නෑ.....

මොනරාගල කලාපයේ බඩල්කුබුර කොට්ඨාසයේ මො/මියනකදුර මහ විද්‍යාලය

සතුටුයි අපේ විදුහල්පතිතුමා Nuwan Subhashana (https://www.facebook.com/nuwan.subhashana.7?mibextid=kFxxJD )
ආදරණීය ආචාර්ය මණ්ඩලය

ඔබ කරන කැප කිරීම අති විශිෂ්ටයි..❤️😍

31/05/2024

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ!

08/02/2023
මට කොහොමත් බෑනෙ සර්!😢ප්‍රතිඵල නිකුත් වුණාට පස්සෙ විභාගය පාස් වුණ ළමයි හරිම සතුටින් කතා කරා. මගේ විෂය ගණන් වෙච්ච නිසා උන්...
27/11/2022

මට කොහොමත් බෑනෙ සර්!😢

ප්‍රතිඵල නිකුත් වුණාට පස්සෙ විභාගය පාස් වුණ ළමයි හරිම සතුටින් කතා කරා. මගේ විෂය ගණන් වෙච්ච නිසා උන් හරි උජාරුවට කිව්වා සර් මට A තියෙනවා B තියෙනවා කියලා.. ඒක හරිම සාමාන්‍යයි.

මේ අතරෙදි අහම්බෙන් මම දැක්කා පන්ති ආපු ළමයෙක් ප්‍රතිඵල ලේඛනය whatsapp status දාලා තියෙනවා.. පන්ති පටන් ගත්ත දවසෙ ඉඳන් අවුරුදු ගාණම පිට පිට කිසිම ළමයෙක් ගණන් අසමත් නොවීම ගැන හෙන උජාරුවෙන් හිටපු මට ඒක දැක්කම නම් හිතට ආවෙ පුදුම දුකක්..

හැමෝම ප්‍රතිඵල කියන්න මට කතා කරද්දි මම ඒ පුතාට ඒ වෙලාවෙම ගත්තා කෝල් එකක්. අරන් මුලින්ම ඇහුවෙ පුතා මොකෝ කරන්නෙ කාලා බීලද ඉන්නෙ කියලා.. මම ඇඳට වෙලා ඉන්නවා සර් කියපු විදිහෙන් තේරුණා ලොකුම අවුලකින් නෙමෙයි වගේ ඉන්නෙ කියලා..

"පුතා ඊළඟට මොනවාද කරන්න ඉන්නෙ" මම ඇහුවෙ එච්චරයි. මට සර් කොහොමත් බෑනෙ සර් කිව්වම මම තවත් අවුල් ගියා. කවදාවත්ම එහෙම හිතන්න එපා පුතේ කියලා කොල්ලගෙ හිත හදන්නයි මම උත්සාහ කරේ. ඒත් ඒ හෙන ශක්තිමත් කොල්ලොක්.

"මම දන්නවා සර් මට ඉගෙනගන්න බෑ කියලා. මට පුලුවන් උයන්න. මම දක්ෂ, මම ආස ඒකට. ඉතිං මම හිතාගෙනම හිටියා සර් ඒ පැත්තෙන් ඉස්සරහට යනවා කියලා. යාලුවො සේරම පාස්. දැන් IT,English course එකක් කරනවා. ලබන මාසෙ ඒක ඉවරයි. ඒක ඉවර කරපු ගමන්ම හොටෙල් කෝස් එකක් කරලා මම රට යනවා සර්. ගොඩක් දුකයි ෆේල් වුණ එකට. ඒත් මම කොහොමහරි මගේ ගමන යනවා සර්"

හැමෝම ගුරුවරු මගෙ ළමයි අච්චරක් පාස් මෙච්චරක් පාස් කියලා පාස් අය ගැන විතරක්ම දාද්දි මටත් මේක නොදා ඉන්න තිබුණා. ඒත් මේ වගේ දරුවො තව දහස් ගාණක් ලංකාවෙ මේ වෙද්දී ඉන්නවා. අන්න ඒ අහිංසකයන්ට අලුත් බලාපොරොත්තු ටිකක් ජීවිතේට එකතු කරන්නයි මම මේක ලියන්න හිතුවෙ..

නැවත නැවතත් සමත් අසමත් සියලුම ආදරණීය දරුවන්ට දීප්තිමත් අනාගතයක් පතමි..
තෙරුවන් සරණයි!!!

-ගිහාන් වල්පොල-

මම අද උදේ මහ ගෙදර ගියා. මගෙ වයසෙ ගොඩක් අයට නැති කටුක ළමා කාලයක් මට තිබුණා. හැමදේම දුක් මහන්සියෙන් අමාරුවෙන් ළගා කර ගත්ත ...
27/11/2022

මම අද උදේ මහ ගෙදර ගියා. මගෙ වයසෙ ගොඩක් අයට නැති කටුක ළමා කාලයක් මට තිබුණා. හැමදේම දුක් මහන්සියෙන් අමාරුවෙන් ළගා කර ගත්ත දේවල් මිසක් අහසින් පාත් වුණු ඒවා නෙමෙයි. මම උසස් පෙළ කරද්දිත් හිටියෙ මැටි ගෙයක. පාඩම් කළේ කුප්පි ලාම්පුවෙන්. මට ඒ කාලෙ ඉදන්ම ලොකු උවමනාවක් තිබ්බා ජීවිතේ දිනන්න. අවුරුදු 30 වෙන්න කලින් කාර් එකක් ගන්න වගේ ආසාවල්. මගෙ යාලුවො දන්නවා විශ්වවිද්‍යාල කාලේ පවා මම කොච්චර කැප කිරීම් කළා ද කියලා.

මගෙ කාමරේ ගහලා තිබුණා ජායාරූප දෙකක්. එකක් මව්බිම යං අතිරේකයෙන් හම්බුණු චේගේ ලොකු පෝස්ටර් එකක්. අනික තරුණයා පත්තරේ පිට කවරේ ඇතුල් පැත්තේ තිබ්බ කාර් එකක්. ඒ කාර් හීනෙ නිසා ඒ කාර් එක පාඩම් කරන තැන ඉස්සරහා බිත්තියෙ ගහලා තිබුණේ. අපි පසුකාලීනව ගේ හැදුවත් , මැටි ගේ කැඩුවෙ නෑ. මතකයක් විදිහට ඒක තියා ගත්තා. ඒත් පහුගිය දවස්වල වැස්ස එක්ක ගේ කඩන් වැටිලා. ඒත් තාමත් මගෙ කාර් හීනය බිත්තියේ ඉතුරු වෙලා.

ඔව්, මම ඒ හීනය් හැබෑ කරන් ගොඩක් කල්. දැන් පදින්නෙ තුන්වෙනි වාහනේ. ප්‍රියස් එක දීලා outlender එක ගෙනත් ගොඩක් කල්. මට මේ කඩා වැටුණු බිත්තියේ මගෙ කාර් හීනය දැක්කම මේක දාන්න හිතුණා.

දුප්පත්කම කියන්නෙ අතේ සතයක්වත් නැතිකම නෙමෙයි, ඇත්තට හීනයක් නැතිකමට.

- පුලස්ති ශ්‍රී පරාක්‍රම -

28/10/2022
   VAT බඳු වංචාව #Rocell Tiles අනුරාධපුර තමයි පාරිභගිකයින්ට හොඳටම සේවා සපයන තැන මම මගේ නිවසේ අලුත්වැඩියාවක් සදහා අවශ්‍ය ...
27/10/2022

VAT බඳු වංචාව #

Rocell Tiles අනුරාධපුර තමයි පාරිභගිකයින්ට හොඳටම සේවා සපයන තැන

මම මගේ නිවසේ අලුත්වැඩියාවක් සදහා අවශ්‍ය කරන ටයිල් මිලදී ගැනීම සඳහා අනුරාධපුර රොසෙල් ටයිල් ශාඛාවට 2021.12.21 දින ගිහිල්ලා අදාල ටයිල් වර්ගය සහ මිල ගණන් පිළිබඳව එකඟතාවයකට පැමිණෙනවා. අදාල බඩු ශාඛාව තුළ නොමැති වුවත් advance payment එකක් කරහම ලබා දෙන බවට ඔවුන් එම අවස්ථාවේ එකඟතාව පළ කරනවා. ඒ අනුව තමයි මම පලමු වතාවට සමස්ත ගනුදෙනුවෙන් 50% කට වඩා වැඩි මුදලක් ඒ කියලා කියන්නේ රුපියල් එක්ලක්ෂ පනස් දාහක මුදලක් ගෙවීමට කටයුතු කරනවා.

නමුත් අදාල ආයතනයට මා සමග ගිවිස ගත් දිනය වන විට ටයිල් ඇනවුම ලබාදීමට ඔවුන් අපොහොසත් වෙනවා. එහිදී ඔවුන් ඒ සඳහා තව කාලය මාගෙන් ඉල්ලා සිටිනවා. මා ද එයට එකඟ වූ අතර, ඒ අතරවාරයේ තවත් අත්තිකාරම් මුදලක් ඔවුන් ඉල්ලා සිටිනවා. පළමු අත්තිකාරම මාස හතක් යනතෙක් අදාල ඇනවුම ලබා දීමට අපොහොසත් වන ඔවුන් දෙවන වර මාගෙන් ඉල්ලා සිටින ලද අත්තිකාරම 2022.07.26 දින මා විසින් ගෙවා දමනවා. එය සමස්ත ගනුදෙනුවෙන් 75% ප්‍රතිශතයක්. එම මුදල ගෙවා දැමීමෙන් අනතුරුවත් මාසයක් යන තෙක් ඔවුන්ට අදාළ ඇනවුම ලබාදීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ අතර අදාළ ආයතනයෙන් නැවත මා වෙත දුරකථන ඇමතුමක් ලැබෙනවා සම්පූර්ණ මුදල ගෙවා දැමීම කළ යුතු බවත් ඉන් අනතුරුව අදාල ටයිල් ලබාදිය හැකි බවටත් ඔවුන්ගේ දැනුම්දීම. ඒ අනුව නැවත 2022.08.25 දින වන විට මා සම්පූර්ණ හිග මුදල ඔවුන්ට ලබාදීමට කටයුතු කරනවා.

අත්තිකාරම සිට මාස අටක් යනතුරු ඔවුන්ගේ සේවාව ඉටු කිරීමට අපොහොසත් විය.

ඊට පස්සේ තමයි හොඳම ගේම ගහන්නේ.

ටයි කෝට් අඳින උස මහත විසබීජ කුණු වලින් විතරක් නෙමේ රජරට ජනතාවගේ රීරි මාංශනුත් හම්බකරගෙන කන්න මාරම ගේම් දෙනවා.

අදාල ටයිල් ඇනවුම මා වෙත ලබා ගත හැකි බවට 2022.08.29 දින මට දුරකථන ඇමතුමක් ලබා දෙමින් දැනුවත් කරනවා. නමුත් මා රජරට ප්‍රදේශයේ එම දින දෙක නොසිටීම මත එම භාණ්ඩ ලබා ගැනීමට 2022.09.02 දින අදාල ආයතනය වෙත යාමෙන් අනතුරුව, ඔවුන් මා වෙත දන්වා සිටින්නේ 2022.09.01 දින සිට රජයේ වැට් බදු වැඩිවීම මත 3% ක අධිභාරයක් ගෙවන ලෙස මට දැනුම් දෙනවා.

මම විසින් ඔවුන්ට දැනුම් දෙන්නේ ගිවිසගත් එකගතාවය අනුව සියලු මුදල් අදාළ භාණ්ඩ වෙත අධිභාරය පැනවීමට පෙර ගෙවා අවසන් කර ඇති බැවින් එය මාගේ ගනුදෙනුවට අදාළ නොවන බව. නමුත් පාරිභෝගිකයෙකු වන මා තවදුරටත් අසීරුවට පත් කරමින් එසේ නොවන්නේ නම් අදාළ භාණ්ඩ නැවත ආපසු යැවීමට සිදුවන බව ප්‍රකාශ කරමින් ටයිල් තොගය මා වෙත ලබා නොදී සිටීමට ඔවුන් පහත් වෙළද උපාය මාර්ග අනුගමනය කරමින් දැඩි අසීරුතාවයකට මා ලක් කළා. ඔවුන්ගේ ප්‍රධාන කාර්‍යාලයට කතාකර මේ පිළිබඳව දැනුම් දුන්නද ඔවුන් අදාල 3% Vat වැඩිවීම ගෙවිය යුතු බව දැඩි සේ මාහට නියෝග කරමින් භාණ්ඩ මුදාහැරීමට කටයුතු කළේ නැහැ. අවසානයේ දී පාරිභෝගිකයකු ලෙස එම මුදල ගෙවා දමා භාණ්ඩ නිදහස් කර ගැනීමට මා හට සිදුවිය.

මොකුත් නොදන්නවා වගේ හිටියට අපිත් යමක් කමක් දන්න නිසා භාණ්ඩ නිදහස් කර ගැනීමෙන් අනතුරුව පාරිභෝගික සේවා අධිකාරියේ පැමිණිල්ලක් දමන්න අමතක කලෙත් නැහැ. ඔවුන් මෙම සියළු කරුණු සලකා බලා පාරිභෝගිකයකු ලෙස මා හට සිදුව ඇති අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින්න කටයුතු කළා. අනුරාධපුර රොසෙල් සමාගම වංචනික ලෙස මාගෙන් අයකරගත් 3% ක අධිභාරය නැවත ගෙවීමට කටයුතු කරන ලෙස නියෝග කලා. අසරණ ජනතාවගේ අසරණකම සූරා කන වංශවත් ලෙස පෙනී සිටින මෙම පජාති ආයතන පිළිබඳව හෙළිදරව් කළ යුතුමය. මොවුන් අසරණ මිනිසුන් කොපමණ වංචනික ගනුදෙනු වලට හසුකර ගනිමින් කඩා වඩාගෙන සුර සැප විඳිනවා ඇද්ද?

ඒ අනුව 2022.10.12 දින 3% ක අධිභාරය පාරිභෝගික සේවා අධිකාරියට පින්සිදුවන්නට මා වෙත ලබා ගැනීමට හැකියාව ලැබුණා. සමස්ත අදාළ ගනුදෙනුව සිදු කර දීමට වංචනික රොසෙල් ආයතනය මාස දහයකට අධික කාලයක් මාගෙන් ලබාගෙන තිබුණා.

Channa Senevirathna

උපුටා ගැනීමකි.

මේක තමා අපේ වාට්ටුවෙ කතන්දරේ.එයාලා මැරිලත් තව කීප දෙනෙක්ව ජීවත් කරවනවා.තැලසීමියා දරුවො ඇගේ ලේ මදිකම නිසා මැරිලා යනවා. ලේ...
27/10/2022

මේක තමා අපේ වාට්ටුවෙ කතන්දරේ.
එයාලා මැරිලත් තව කීප දෙනෙක්ව ජීවත් කරවනවා.

තැලසීමියා දරුවො ඇගේ ලේ මදිකම නිසා මැරිලා යනවා. ලේ දුන්නම කාලයත් එක්ක ඇගේ එකතු වෙලා විස වෙන යකඩ නිසා සංකූලතා එක්ක මැරිල යනවා. යකඩ අඩුවෙන්න දෙන බෙහෙත් නිසාත් සංකූලතා ඇතිව මැරිලා යනවා.

ඔයාලට හිතේවි එයාලා මැරිලා යන්නමද ඉපදිලා තියෙන්නෙ කියලා. එයාලා ජීවත් වෙන කාලෙ සතුටින් ඉන්නවාද කියලා එයාලගෙන් අහන්න ඕන. හැබැයි එයාලා මැරිලා යන දවසක යන්නෙ තව කීප දෙනෙක්ව ජීවත් කරවලා.

අන්න ඒ නිසාමයි අපි එයාලව කෝම හරි සතුටින් තියන්නෙ. හෙල්පින් තැලසීමියා කියන්නෙ අපි අපිටම උදව් කරන තැනක්.

අද වාට්ටුවෙ ඇඩ්මිශන් බෙඩ් එකේ මේ පාර්සලය තිබ්බා මේ ලියවිල්ලත් එක්ක.

නලින්ගෙ ඉතුරු බේත්!

බේත් බේතකටවත් හොයා ගන්න අමාරු කාලෙ නලින්ගෙ අම්මා වාට්ටුවට ඇවිල්ල එයාගෙ ඉතුරු බේත් දීලා ගිහිල්ලා.

ඔබේ දරුවාට තැලසීමියා රෝගය උරුම කල හැක්කේ ඔබට පමනි. එනිසා විවාහයට පෙර ඔබේ තැලසීමියා වාහක ත්ත්වය ලගම ඇති රෝහලෙන් නොමිලේම පරීක්ශා කර ගන්න.

2022.10.26

ප.ලි.
1. නලින්ට මාසයක් විච්චි තැන එයාගෙ අම්මා අපිට දානයක් දෙනවා.එදාට හාමුදුරුවො කෙනෙක් වඩම්මලා බණක් කියවන්නයි, අම්මා අතින් පිරිකරක් පූජා කරවන්නයි හිතුවා . එයාලා පින පව හාරියට විස්වාස කරනවා

2. අපේ බේත් හිගේට උදව් කරන්න ඔයාලාටත් පුලුවන්ද බලන්න. ඩෙස්ෆෙරිඔක්සැමීන් තමා බේත. එක ලමේක්ට දිනපතා ගහන එක කුප්පියක් 2000ක් වෙනවා. දවසකට කුප්පි තුනක් වත් ගහනවා.. එහෙම ලමයි 400ක් ඉන්න තැනක් මේක

අපි අපිවම බලාගන්න ඕනි කාලයක් මේක.

Dr.Kiloshini hendawitarana

නිහතමානී ආඩම්බරයකින් ලියන අපේ කතාව.අපේ පවුලේ ගැහැණු ළමයි 05 දෙනයි. අපේ තාත්තා ධීවර කාර්මිකයෙක්, අම්මා ගෘහණියක්. තාත්තගෙය...
26/10/2022

නිහතමානී ආඩම්බරයකින් ලියන අපේ කතාව.

අපේ පවුලේ ගැහැණු ළමයි 05 දෙනයි. අපේ තාත්තා ධීවර කාර්මිකයෙක්, අම්මා ගෘහණියක්. තාත්තගෙයි, අම්මගෙයි හයියෙන්, අපේ අසීමිත උත්සාහයෙන් අද වෙද්දි නිදහස් අධ්‍යාපනයයේ උපරිම ඵල නෙලාගන්න අපිට පුලුවන් වෙලා තියෙනවා.

මේ ගමන් කොච්චර දුක්, කම්කටොලු , බාධක මැද ආපු ගමනක්ද කියලා දන්නේ අපිම විතරයි.
තාත්තා මහ මුහුද එක්ක හරි හරියට ඔට්ටු වෙද්දී, අම්මා තනියම අපිව බලාගෙන අපිට මේ පොලවේ පයගහලා ඉන්න පුලුවන් තැනට අපිව ගෙනවා. ගැහැණු ළමයිම 05 ක් නේද කියලා සමාජයෙන් සමහර කතා ආවත්, තනියම දෙයක් කරන්න පුලුවන් වෙන විදියට අපිව උස් මහත් කරලා, මේ තැනට ගෙනාවේ ඔයාලා දෙන්නම විතරයි. ඔයාලා දෙන්නා අපි වෙනුවෙන් නොකරපු දෙයක් නෑ.අදටත් අපිම වෙනුවෙන් වෙහෙසෙන අම්මාටයි, තාත්තටයි අපි සදා ණයගැතියි. ඔයාලාගේ හීන අද පාට පාටින් බැබලිලා තියෙනවා. තව පොඩි කාලයකින් අපි මේ පින්තූරය සම්පූර්ණ කරමු. . ❣️❣️❣️❣️❣️

නිදහස් අධ්‍යාපනයේ මහිමයෙන්

අක්කා සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පීථයේ , දැන් ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍යය ගුරුවරියක්

දෙවනියා මම කොලඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ , දැන් නීතිඥවරියක්

තුන්වැනියා රුහුණු විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ , දැන් පුහුණුවන කළමණාකාරවරියක්

හතරවැනියා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ , දැන් ඉන්ජිනේරුවරියක්

අන්තිමයා රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ

හීන පොදි බැදගෙන අපි යන ගමනේ අපිට හයියක් වෙන සැමට තුති. ❣️🙏

සටහන - නිතිඥ චිෂානි තේනුවර

News/2022.10.02-8.30AM-----------ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් මහතා සිය දිවි සැරිය නිමා කරයි-----------ජනප්‍රිය ර...
02/10/2022

News/2022.10.02-8.30AM
-----------
ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් මහතා සිය දිවි සැරිය නිමා කරයි
-----------
ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත වෙයි.

හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ඒ මහතා අද උදසන රෝහල් ගත කර ඇති අතර එහිදි ඒ මහතා මිය ගොස් තිබේ.

මිය යන 41 වන ව්යේ පසුවු ඒ මහතා සිය රංගන කුසලතා වෙනුවෙන් සම්මාන රැසක් හිමිකරගත් කාලාකරුවෙක් විය.

සිඩ්නි චන්ද්‍රසේකරගේ ඒ-නයින් ටෙලි නාට්‍යයෙන් ඔහු සිය පළමු රූපවාහිනිය නාට්‍ය සදහා පිවිසි අතර අශෝක හඳගම ගේ "ඉනි අවන්" (2012) චිත්‍රපටයේ හිටපු එල්ටීටීඊ සේවකයෙකු ලෙස ඔහු නිරූපණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ චිත්‍රපට උළෙල කිහිපයකදී හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලැබීය.
Copied

මං මගෙ phone එකේ තියන ආසම කැමතිම app එක තමයි මේක.. " be my eyes " ❤️තමන්ගෙ පෙනීම තමන්ට අහිමි උනු මිනිස්සුන්ට පෙනීම තියන ...
01/10/2022

මං මගෙ phone එකේ තියන ආසම කැමතිම app එක තමයි මේක.. " be my eyes " ❤️
තමන්ගෙ පෙනීම තමන්ට අහිමි උනු මිනිස්සුන්ට පෙනීම තියන අයගෙන් උදව්වක් ගන්න ඕන උනාම ඒ උදව්ව ගන්න කෙනෙක් හොයාගන්න පාවිච්චි කරන app එකක්..
මේකෙන් කෝල් එකක් එන්නෙ ගොඩක් කලාතුරකින්.. මං මේ app එක දාගත්තු දවසෙ ඉදන් මේ වෙනකල්ම කෝල් 7 ක් වගේ ඇවිත් තියනව..
එකපාරක් කෙනෙක් pin number එකක් ඇහුව..
තව පාරක් ඇදුමක පාටක් ඇහුව..
තව පාරක් කැම වර්ග ටිකක් පෙන්නල ඒ කෙනා කිව්ව කෑම වර්ගෙ කෝකද ඇහුව..
ඔහොම එක එක ඒවට මට කෝල් හතක් ඇවිත් තියනව..
ඇයි කියන්න තේරෙන්නෙ නෑ හැබැයි මේ app එකෙන් එන කෝල් එකකට answer කරල ඒ දේ කරන්න උදව් කලාම දැනෙන දේ මහ පුදුමයි..
ඒක හරිම තෘප්තිමත් හැගීමක්.. ❤️❤️

Pathum Thilina

T 20 ලෝක කුසලාන තරගාවලියේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය 🇱🇰🏏Sri Lanka Cricket
30/09/2022

T 20 ලෝක කුසලාන තරගාවලියේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය 🇱🇰🏏
Sri Lanka Cricket

30/09/2022

🐊තව ටිකෙන් Drone එක ලෙෆ්ට් 😂🐊

"හිනැහේවී බෝනික්කා ඇස් නටවා බල බලා" සිංදුව එක්දාස් නවසිය  හැත්තෑ ගනන් වල අග භාගයේ ඉඳල අනූ ගනන් වෙනකල් රේඩියෝ එකේ නිතරම ඇ...
26/09/2022

"හිනැහේවී බෝනික්කා ඇස් නටවා බල බලා" සිංදුව එක්දාස් නවසිය හැත්තෑ ගනන් වල අග භාගයේ ඉඳල අනූ ගනන් වෙනකල් රේඩියෝ එකේ නිතරම ඇහුන සිංදුවක්.
මේ ගීතයේ කියන විදිහට වයින් කරන බෝනික්කා ඉපදෙන්නෙ ජපන් රටේ. ඇත්තටම මෙයාගෙ උපත ජපානෙ නෙවේ කියල දැනගත්තෙ ගිය සතියෙ රාජකාරි වැඩකට නියුශතෙල් කියන කුඩා නගරයට ගිය වෙලාවෙ.

ජූරා කඳු වැටියට අයිති කුඩා නගරයක් තියනව ශෝද ෆොන්ද් කියල ( La Chaux de Fonds)ප්‍රංශ දේශ සීමාවට කිට්ටුව.
( ස්විට්සර්ලන්තයේ බටහිර සීමාව ප්‍රංශයෙන් වෙන් වෙන්නෙ ජූරා කඳු පන්තියෙන්. ජුරාසික යුගය දක්වා දිවෙන ජූරා කඳු පන්තියෙන් මුල්ම ඩයිනෝසෝර් පොසිල සොයා ගත් බව ප්‍රසිද්ධ කාරණයක්).

ශීත කාලයේ හිමෙන් වැහිල තියන මේ නගරය බොහොම ලස්සනයි. නගරය කොනකට වෙන්න තියන කුඩා දේවස්ථානයේ ඉඳල හිටල ඇහෙනව බොහොම ලස්සන පියානෝ සංගීතයක්.
මේ දේවස්ථානවල දේව මෙහෙයන් හෝ පූජකයන් නැහැ. ඕනෙම කෙනෙක්ට ඕනෙම වෙලාවක ඇතුලට ගිහින් මේ ස්ථාන වල විවේක ගන්න පුළුවන්.
ඒ කිට්ටුව තියන අවන් හලකදී මම ඔය පියානෝ සංගීතය ගැන ඇහුව.

"අපොයි මහත්තයා මේ සංගීතය ගැන කවුද නොදන්නෙ . ඔය සංගීත ඛාන්ඩය අවුරුදු තුන්සීයකට වඩා පරනයි.
පුදුමයි ජැක් ඩ්‍රෝස් ගැන ඔබ නොදන්න එක."

"ජැක් ඩ්‍රෝස් ඉපදුනෙත් හැදුනෙ වැඩුනෙත් මේ අහල පහල තමයි. මුල් කාලෙ ඉස්කෝලෙ වැඩ බැහැ කියල එලියට දාපු මේ හාදයා තමයි පල්ලියේ පියානෝව අළුතෙන් හදන්නෙ.
ඔය තවමත් එදා වගේම දුවන පියානෝ මැශිමත් එයාගෙ වැඩක්.
ලෝකෙ පලවෙනිම වයින් කරන බෝනික්කා හදන්නෙ ජැක් ඩ්‍රෝස්. "

"ලී කෑලි දාස් ගානක් එකට එකතු කරල හදපු මුල්ම බෝනිකාගෙ නම පුංචි ලියන්නා. එයාට තිබුනෙ පෝසිලේන් මැටි ඔළුවක්. ඔන්න ඔය ඉස්සරහින් ගලන ඇලෙන් තමයි එයා මැටි ගත්තෙ බෝනික්කගෙ ඔළුව හදන්න."

"මුල් කාලෙ මිනිස්සු හිනා වුනා. නමුත් බෝනික්කා ලියන්න ගත්තට පස්සෙ හැමෝටම හිනාවෙන්න අමතක වෙන තරමට කටවල් ඇරුනා."

"ඒ බෝනික්කා කොලේක ලියපු මුල්ම අකුරු තමයි.. මගේ පියාගේ නම ජැක් ඩ්‍රෝස්... "
My dad’s name is Jaquet Dross”

නොදන්න දේවල් කොයිතරම්ද..

පියෙර් ජැක් ඩ්‍රෝස් කියන්නෙ ඔරලෝසු නිපදවීමේ විශේෂඥ්ඥයෙක්. ( මේ ජූරා කඳු කලාප කිට්ටුව තමයි ලෝකෙ මිළ අධිකම ඔරලෝසු නිපදවන්නෙත්).

1721 අවුරුද්දෙ ඉපදෙන පියෙර් ජැක් ඩ්‍රෝස්ට තමයි ලෝකයේ මුල්ම වයින් කරන හෝ යාන්ත්‍රික බෝනික්කා නිපදවීමේ ගෞරවය හිමිවෙන්නෙ. ( ලංකාවෙ නම් වීර නරේන්ද්‍රසිංහ රජ්ජුරුවන්ගෙ කාලය).
සමහර විචාරකයන් කියන විදිහට ලොව මුල්ම පරිඝනකය නිපදවීමට අඩි තාලම නිර්මාණය කරන්නෙ ජැක් ඩ්‍රෝස්.
( පසු කාලීනව ඇලන් ටියුරින්ගෙ පරිඝනක නිර්මාණයන්ට ජැක් ඩ්‍රෝස්ගෙ සටහන් පොත් උදව් වුනු බව ප්‍රසිද්ධ කාරණයක්).

නියුශතෙල් හා ජිනීවා යන නගර වලින් අධ්‍යාපනය ලබපු ජැක් ඩ්‍රෝස් පැරිස් හා ලන්ඩන් නගර දෙකේම වරින් වර ජීවත් වෙන්නෙ නිර්මාණ කටයුතු වලට පහසුවක් වෙන්න.

ජැක් මුල්ම කාලයේ නිර්මානය කරපු බෝනික්කෙකුට අඩුම තරමෙ කුඩා කොටස් හාරදාහක්වත් තියනව.
ඇපල් කඩන සුරාංගනාවියො... බල්ලෙක් එක්ක ඇවිදින්න යන ගොපල්ලො.. බැලේ නාටිකාංගනාවන් වගේ පුදුමාකාර නිර්මාණ මුළු යුරෝපය පුරාම ප්‍රසිද්ධ වෙනව.
ප්‍රංශ.. ස්පාඥ්ඥ.. රජවරු.. රුසියානු ට්සාර් ..බ්‍රිතාන්‍ය රජ පවුල.. ජපාන හා චීන අධිරාජ්‍ය වරුන් හැමෝම ජැක් ඩ්‍රෝස්ගෙ රසිකයො බවට පත්වෙනව.
ජපානයට මේ බෝනික්කන්ගෙ තාක්ශණය නොමිලේම ලබා දෙන්න ජැක් ඉදිරිපත්වෙනව.

අදටත් ලෝකය පුරාම ප්‍රසිද්ධ කුකූ බර්ඩ් ( Coucou Bird clock) ඔ‍රලෝසුවේ මුල්ම හිමිකරු තමයි අපි මේ කතා කරන ජැක්.

ස්විට්සර්ලන්තයේ ප්‍රධාන නගර වල අදත් දකින්න තියන විශාල පැරනි ඔරලෝසු වල මුල්ම සටහන් වල අයිතිය වගේම ලොන්ජින්.. පතේ පිලිප්.. රොලෙක්ස් වගේ ලොව පිලිගත් ඔරලෝසු බොහොමයක මුල්ම යාන්ත්‍රික ඉංජිනේරු සටහන් ජැක් ඩ්‍රෝස් විසින් නිර්මාණය කරන ලද බවට සැලකෙනව.

කිසිදු නිර්මාණකරුවෙක් හෝ තාක්ශණයක් එක වර පහල වෙන්නෙ නෑ.
ඩොලර් මිලියන ගනනකට අලෙවි වන අත් ඔරලෝසු හෝ යන්ත්‍ර සූත්‍ර මැවෙන්නෙ නෑ. මේ හැම දෙයක්ම බොහොම පොඩි මිනිසුන්ගෙන් පටන් ගත් දේවල්.

Pierre Jaquet-Droz. ( 1721- 1790)

✍️By Malcolm Sang

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිව්වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටියදී අතුරුදහන් වූ අංජන කුලතුංග (23) නැමැති සිසු...
21/09/2022

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිව්වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටියදී අතුරුදහන් වූ අංජන කුලතුංග (23) නැමැති සිසුවා ගේ මළ සිරුර මහවැලි ගඟේ හක්ඉඳ දූපත් සමූහය ආසන්නයේ රැඳී තිබියදී අද 21 පස්වරුවේ සොයා ගනු ලැබිණි.

පසුගිය 16 වැනිදා සිට අතුරුදන්ව සිටි මෙම සිසුවා සම්බන්ධයෙන් ඔහුගේ දෙමව්පියන් පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

දෙමව්පියන් දින ගණනාවක් සිය පුතුට ඇමතුම් ලබාගත් අවස්ථාවේ දුරකතනයෙන් ප්‍රතිචාර නොමැති වීම නිසා ඒ පිළිබඳව නවාතැන් පොළේ හිමිකරුට දැනුම් දී තිබුණි. සිසුවා නවාතැන් ගෙන සිටි කාමරය පරීක්ෂා කළ අවස්ථාවේ එහි තිබී හමුවූ ලිපියක් ද කෙටි සටහනක් ද පොලීසියට බාරයේ ඇත.

යක්කල ප්‍රදේශයේ පදිංචි සිසුවාගේ දෙමව්පියන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණ සිසුන් ගෙන් තොරතුරු වීමසීමෙන් අනතුරුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ පසු පොලිසිය සිසුවා සෙවීම ට කණ්ඩායම් යොදා තිබිණි.

අදාළ නවාතැන් පොළේ මෙම සිසුවා තනිව නවාතැන් ගෙන සිට තිබෙන බවත් ඔහු අවස්ථා කිහිපයකදී මනෝ උපදේශක වරයෙක් ගෙන් උපදෙස් ලබාගෙන ඇති බවටත් තොරතුරු මේ වන විට අනාවරණය වී තිබේ

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Wrapup posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Wrapup:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share