Dark Man

Dark Man Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dark Man, Media/News Company, .

06/07/2024

පුලුවම් හැමෝම උදව්වක් කරමු මේ පුතාට❤️

     මාගේ පියා වන රොහාන් ප්‍රනාන්දු ජූලි පලමු වන දින ඉතාලියේ වැනීසියේ සිට ලංකාවට තුර්කි ගුවන් යානවකින් පැමිනෙන්නට සිටින ...
04/07/2024

මාගේ පියා වන රොහාන් ප්‍රනාන්දු ජූලි පලමු වන දින ඉතාලියේ වැනීසියේ සිට ලංකාවට තුර්කි ගුවන් යානවකින් පැමිනෙන්නට සිටින විට ඔහු රැගෙන ආ පාර්සල් කිහිපයක් බර වැඩිවීම හේතුවෙන් ඔහුත් සමග ලංකාවට පැමිණි මහවැව ප්‍රදේශයේ පවුලකට ලංකාවට ගිය පසු නැවත ලබා ගැනීමට බාර දී ඇත. නමුත් පාර්සල් බාරදීමෙන් පසුව මාගේ පියාට ගුවන් යානය අතපසු වී ඇත. එහෙයින් යම් කිසිකෙනෙක් මේ පිලිබද විස්තරයක් දන්නේනම් හැකි ඉක්මනින් විස්තරයක් ලබා දෙන්න. හැකි අය මෙය share කරන්න.
0777453416/ 0777941269

🥹💕
25/06/2024

🥹💕

22/06/2024

ජීවත්ව සිටිනා විට දෙමාපියන් හා තම ආදරණීයයන් ආස දේවල් කන්න බොන්න දෙන්න, කැමති දේවල් අරන් දෙන්න, හිත් නොරිදා ආදරෙන් බලාගන්න, මැරුණම වලදාන්න! මැරුණු පසු පසුතැවී ආස දේවල් දානෙට දී පලක් නැත!🙏

සොයා දෙන්න පහත චායාරූපයේ සිටින මාගේ සහෝදරයා (සුරේෂ්) පසුගිය ඉරිදා (16) දින සිට අතුරුදහන් වී ඇත. මොහු මාරවිල කුරුස පල්ලිය...
20/06/2024

සොයා දෙන්න

පහත චායාරූපයේ සිටින මාගේ සහෝදරයා (සුරේෂ්) පසුගිය ඉරිදා (16) දින සිට අතුරුදහන් වී ඇත. මොහු මාරවිල කුරුස පල්ලියේ සෑම දිනකම සේවයේ නිරත වේ. මොහු පිළිබද තොරතුරක් දන්නා හෝ මොහු දුටු පුද්ගලයෙක් සිටි නම් පහත සදහන් දුරකථන අංකයට පණිවිඩයක් ලබා දෙන්න. හැකිතාක් මෙය share කරන මෙන් ඉල්ලා සිටිනවා.

0771813810

13/06/2024

ලක් අම්මත් ඉවරයි 🇱🇰
කිරි අම්මත් ඉවරයි 🇳🇿

❤👀                     මීදුමී ......                   🌿✨️ඉර බහින හැන්දෑවක ..අපි ගුලි වෙන්න ආසම කරපු ..පුංචි සඳලුතලයක......
13/06/2024

❤👀 මීදුමී ...... 🌿✨️
ඉර බහින හැන්දෑවක ..
අපි ගුලි වෙන්න ආසම කරපු ..
පුංචි සඳලුතලයක...❤
තිබුනාලු හොර හොරෙන් පුරවපු..
හිතට බර වැඩි හුඟක් හීන ..
එලිවෙනකල්ම කියවන්න..🤫
හුස්මක් ගන්න නිදහසේ..
ඉඩක් නැති උනාලු ටිකෙන් ටික..
එලිවෙනකල් කියවපු හීන..
ඇත්ත කරගන්න...🤫
ඒත්..
ඒ හැම මොහොතකම..
ආදරණීය මතක තිබුනාලු..
ඕනෙතරම් ..
ඇස් ඉස්සරහ මැවෙන..
ඉතින් කෝ මට පාලුවක්..🙈
අපි වෙනුවෙන් අපි හුස්ම ගන්නකොට..❤

මීදුමී සිතාරා ✨️❤
10/06/2024










කතු අයිතිය සුරකින්න✍️


තාත්තා 💕
11/06/2024

තාත්තා 💕

මේ ඉන්න ආච්චි ඊයේ පානදුර  මහජන බැංකුවේදී මට හම්බුනේ. තමන්ගේ ස්වාමියාගේ පෙන්ශන් එක ගන්න ඇවිත්. දැන් මාස ගාණක් තිස්සේ එනවල...
11/06/2024

මේ ඉන්න ආච්චි ඊයේ පානදුර මහජන බැංකුවේදී මට හම්බුනේ. තමන්ගේ ස්වාමියාගේ පෙන්ශන් එක ගන්න ඇවිත්. දැන් මාස ගාණක් තිස්සේ එනවලු හැරිලා යනවා ලු. ID කාඩ් එක බැංකු පොත නැතිවෙලා ලු. බැංකුවටත් ඉතින් ඒවා නැතුව දෙන්න විදියක් නෑනේ. ආච්චිට ඒවාවල අංක මතකත් නෑලු.😓

කන්නවත් සල්ලි නෑ කිව්වා. එවෙලේ රු.1,000/-ක් දුන්නා ආච්චිට මම.

වයස 92ක් වෙච්ච මේ ආච්චිට ඉක්මනින් ID එක හදලා බැංකු පොත හදලා මේ පෙන්ශන් එක ගන්න උදව් කරන්න පුලුවන් පිංවතෙක් සිටී නම් කියන්න.💐🙏

මේ තියෙන්නේ ආච්චි ගේ ලිපිනය.

T.A.බියට්‍රිස්,
නොම්බර 05,
වීරමන් පාර,
පානදුර.

11/06/2024

ලංකාවේ උ*න්ට අත්හැරීම පුරුදු කරේ පිරමීඩකරයෝ,
ලක්ශ 30,40 නැති කරගෙන කිසි දෙයක් නොවුණු ගානට ඉන්නවා 😂❤️

This is me every night of 2018 🥹
27/05/2024

This is me every night of 2018 🥹

දෙවනි මනමාළියන්ගේ ලස්සන ❤️
26/05/2024

දෙවනි මනමාළියන්ගේ ලස්සන ❤️

26/05/2024

අපෙන් එකෙකි ඒ මිනිසා🫢😍

30/07/2021

AstraZeneca එන්නත මට allergy වුණා. මොළේ ලේ කැටියක් හැදුණා. ඒක සනීප වෙලා ඊට පස්සෙ මට එය දෙවැනි මාත්‍රා විදිහට ගන්න එපා කියලා විශේෂඥ වෛද්‍යවරු කිව්වා. ඒ සඳහා මට නියම කළේ Pfizer එන්නත. Pfizer ලංකාවට ආව ගමන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමාට දැනුම් දුන්නා මට මෙහෙම ප්‍රශ්නයක් තියෙන නිසා මට මේක ලබා දෙන්න කියලා. එතුමා මැදිහත්වෙලා මට ඒක ලබා දුන්නා. ඒකත් අරගෙන මාසයක් විතර. එතකොට මගේ ඇඟේ ප්‍රතිශක්තිය තියෙන්න ඕනේ සියයට අනූ නමයක් විතර.
ඇත්තටම හොඳ ප්‍රතිශක්තියක් තියෙද්දි මට කොවිඩ් හැදෙන්න බැහැ කියන විශ්වාසය මට තිබුණා. හැබැයි මගේ ඇඟ රිදෙන්න ගත්තා. දෙවැනි දවසේ ඇන්ටිජෙන් පරීක්ෂා කරාම මට Covid positive.
මතයක් තියෙනවා vaccine විදලා නම් මැරෙන්නේ නැතුව බේරෙන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් මැරෙන්නත් පුළුවන් නේ. විදලා මැරිච්ච කට්ටියත් ඉන්නවනේ. ඒ නිසා මිනිස්සුන්ට කියන්න ඕනේ මාස්ක් එක කිසිම හේතුවක් හංදා ගලවන්න එපා කියලයි.

- ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර.

28/07/2021
05/07/2021

PG ultra pro max❤️🔥

😂
05/07/2021

😂

04/07/2021

අධ්‍යාපනය Online කර Laptop සහ Tab තහනම් කෙරැ මිනිසාගේ මොලය ඔහු මියගිය පසු අයිස් පෙට්ටියක දමා රැකගත යුතුය!

අපේ උන් හරි වෙනස් බන්. ඒ වෙනස පට්ට❤️🔥🇱🇰
30/06/2021

අපේ උන් හරි වෙනස් බන්. ඒ වෙනස පට්ට❤️🔥🇱🇰

😂😂😂
30/06/2021

😂😂😂

 #හිමි_වේවා_අහිමි_නොවේවා....! 🙏❤ආදරේ කියන්නෙම පෙර ආත්මෙක හෙවනැල්ලක්....මම ආදරේ දකින්නෙ එහෙමයි....ගලාගෙන යන මේ ජීවිතේදිඑක...
30/06/2021

#හිමි_වේවා_අහිමි_නොවේවා....! 🙏❤

ආදරේ කියන්නෙම පෙර ආත්මෙක හෙවනැල්ලක්....
මම ආදරේ දකින්නෙ එහෙමයි....
ගලාගෙන යන මේ ජීවිතේදි
එක එක අය හමු වෙලා වෙන් වෙලා යනකොට
සමහර තැන් වල
හිත නවතිනවා ඉබේම....

ආදරේ කියන්නෙම සතුට නොවෙනකොට
ජීවිත මංසලේ අතරමං වුන අපි
ආදරේ කරන්න බය වෙනවා....
ආදරේට වෛර කරන්න හදනවා....
ඒක ලෝක සොභාව....
ඔව් ඔයයි මමයි දෙන්නම
මේ සසර සක්මන් කරන සංචාරකයො වෙනකොට
ආදරේ උරුමකම් කියන්න බය වෙන කාලයක් එනවා.....
තේරුම් ගැනීම නැති වෙනකොට
ආදරේට අරුත් දෙන්න බය වෙනවා.....

ඒත්,
සමහර ආදරකතා දකිනකොට
ආස හිතෙනවා
ඒ වගේ ආදරයක් ලබන්න....
ඒ ආදරේ මගේ වුනානන් කියල හිතෙනවා.....
හ්ම්ම්ම්....
අපි හැමෝම එහෙමයි...
ආසයි සතුට සැනසීම දැනෙන
ලස්සන ආදරයක් ලබන්න....
අල්ලගත්ත අත අත්නොහැර
මුලු සංසාරෙ පුරාම සංචාරය කරන
එකම එක මොහොතකවත් තනි නොකරන
නොකියන දේ පවා හරි ලස්සනට තේරුම් ගන්න
වැටෙන හැම තැනකදිම හයියක් වෙන
වචනෙකින් හරි හිත හදන
හැම මොහොතෙම අවධානය දෙන
ආදරයක් ලබන්න අපි
ආත්ම ගානක් පිං කරන්න ඕන....
ඔව් ඔයයි මමයි දෙන්නම.....
ආදරේ හරි ලස්සනයි....
සුන්දරයි......
උදේට පායල ටික මොහොතකින් මැකිල යන දේදුන්න වගේ.....
ජීවිතේට එන යන දහසක් දෙනා අතරෙ
මුණගැහෙන සමහර බැඳීම් අතර,
මිරිගුවක්ම වුන ආදර කතා බොහොමයි....
පෙර කරපු අකුසල කර්මවල ප්‍රති විපාක විදිහට
අපට ලං වෙලා වෙන් වෙන ආදර කතා බොහොමයි....
ඒ අතර,
අල්ලගත්ත අත අත්නොහැරම
මුලු ජීවිතකාලෙම සසර පුරාවට සක්මන් කරන
හරි ලස්සනට ජීවිතේ පාට කරන
ආදර කතා හරිම ලස්සනයි.....

මම
ආදරේ කියන්නෙම පෙර ආත්මෙක හෙවනැල්ලක් වගේ
දකින්නෙ අන්න ඒ නිසා.....
පතන්නන් එකම එක පැතුමක්...
හිමි වේවා අහිමි නොවේවා කාටවත්ම....!
සසර සරනා තුරුම
අත් නොහැර ලගින් ඉදන් සනසන ප්‍රේමයක්.....
ආදරේ හරි සුන්දරයි
අනෙකා තමා තේරුම් ගන්නා තුරාවට....

✍️ : 😍

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Dark Man posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share