VIKLO Music

VIKLO Music We are exploring new dimensions of music. Join us to advance the competition in the innovative musi

දිළිදු පැලෙන් ඉපදී ඒඩ්ස් සැදී මිය ගිය රොක් රජූඑච් අයි වී/ඒඞ්ස් රෝගයට ගොදුරු ව මියගිය සුපිරි ගායක ෆ්‍රෙඞ් මර්කරිගේ චරිතය ...
05/07/2020

දිළිදු පැලෙන් ඉපදී ඒඩ්ස් සැදී මිය ගිය රොක් රජූ

එච් අයි වී/ඒඞ්ස් රෝගයට ගොදුරු ව මියගිය සුපිරි ගායක ෆ්‍රෙඞ් මර්කරිගේ චරිතය ගැන තමා අද අපි යලිත් මතක් කරන්නේ..

අවුරුදු 45ක් වැනි කෙටි කලකදී දුඃඛිත මරණයකට මුහුණ දෙන්නට ඔහුට සිදු විය.

බටහිර සංගීත ලෝකය තුළ ඉහළ ජනප්‍රියත්වක් දිනූ සංගීත කණ්ඩායමක් වූ බ්‍රිතාන්‍යයේ Queens (ක්වීන්ස්) සංගීත කණ්ඩායමේ එක් ආරම්භකයෙකු වන්නේ ෆ්‍රෙඩී මර්කරියී...

1970 වසරේදී ආරම්භ කළ මෙම සංගීත කණ්ඩායම සුවහසක් ජනයාගේ ආකර්ශනය දිනා ගන්න සමත් වුනා...

ෆ්‍රෙඩී කණ්ඩායමේ ප්‍රධාන ගායකයා මෙන්ම පියානෝ වාදකයාද වුනා..

මේ අතර 80 දශකය පමණ වන විට ක්වීන්ස් සංගීත කණ්ඩායමට ලොව හොඳම එළිමහන් ප්‍රසාංගික සංගීත කණඩායම බවට පත්වන්නට හැකි වුනා...

ක්වීන්ස් සංගීත කණ්ඩායමේ
“We Are the Champions”,
”I Want to Break free”,
“A Kind of Magic”,
”Bohemian Rhapsody”

වැනි ගීත ලොවපුර ඉහළ ප්‍රසිද්ධියක් ලබන්නට සමත් වූ අතර ෆ්‍රෙඩී විසිවන සියවසේ ජනප්‍රියම රොක් ගායකයකු ලෙසින් පිදුම් ලැබූවා...

කොහොම වුණත් ඔහුගේම දෛවය ඔහුට හරස් වුණා... ඒ අනුව 1991 වසරේ නොවැම්බර් 24 වැනිදා ඔහු සිය දිවියෙන් සමුගත්තා...

ෆ්‍රෙඩී මර්කරිගේ ජීවිත කතාව Bohemian Rhapsody ලෙස චිත්‍රපටයට ද නැගුණා..

ඔබ දන්නවද මොහූ ඉන්දියාවේ ඉතා දිළිඳු පවුලක උපත ලබා එංගලන්තයේ ඉහලම සල්ලිකාරයකු දක්වා ඔහු ගිය ගමන නම් හරි අගනෙයි..

මුළු ලොව ම දන්නා ලෙස ෆ්‍රෙඩී මර්කරි යනු පුරුෂ සමලිංගිකයෙකි. පුරුෂ සමලිංගිකත්වය ඒඞ්ස් පැතිර යෑම කෙරෙහි ඉතා ම හානිකර ලෙස බලපාන සධකයක් බව නොරහසකී...

ඔහු ලිංගික හැසිරීමේ දී මීට වඩා පරෙස්සම් සහගත වූවා නම්, සබුද්ධික වූවා නම් ඔහුගේ ජීවිතය මෙවැනි ඛේදවාචකයකින් කෙළවර නො වන්නට ඉඩ තිබුණා නො වේද?

සංගීත සැණකෙළි කිව්වම නානාවිද ඒවා තියෙනවා...නමුත් අපි අද කියන්නේ ලෝකෙම ප්‍රසිද්ධ ප්‍රධාන සැණකෙළි කිහිපයක් ගැන....සැණකෙළි ...
31/05/2020

සංගීත සැණකෙළි කිව්වම නානාවිද ඒවා තියෙනවා...නමුත් අපි අද කියන්නේ ලෝකෙම ප්‍රසිද්ධ ප්‍රධාන සැණකෙළි කිහිපයක් ගැන....
සැණකෙළි විවිධයි සමහර ඒවා එක දවසයී තවත්
සමහරක් සැණකෙළි එක් දිනකට සීමා නොවී දිනගණන් පැවැත්වෙන අවස්ථා ද තියෙනවා...

මේ සැණකෙළි අතර සුවිශේෂි සැණකෙළියක් වන්නේ,
Tomorrowland සැණකෙළියයි..

ලෝකයේ අතිශයින් ම ජනප්‍රිය Tomorrowland සංගීත සැණකෙළිය 2005 වසරේ තමයි ආරම්භ කලේ..
එවක් පටන් සෑම වසරකම මේ සැණකෙළිය තියලා තියෙනවා නමුත් මේ වසරේ මෙම සැණකෙළිය තියෙන්නේ නම් නෑලූ ඒ වෙනුවෙන් 2021 ජුනි මාසේ වෙනකල් කල්දමා තිබෙනවා..
ඒ වගේම සඳහා 400,000කට අධික EDM (electronic dance music) සංගිත ලෝලීන් පිරිසක් සෑම වසරේම මේ සැණකෙළිය සදහා සහභාගී වෙනවා...

බෙල්ජියම්වල තමා මේ සැණකෙළිය තියෙන්නේ....

මීලගට කියන්න යන්නේ පිරිසිදුම සැණකෙළිය ගැන ඒ
Fuji Rock Fest

ලෝකයේ පිරිසිදු බව අතින් ඉහළ ම සංගීත සැණකෙළිය ලෙස හඳුන්වන්නේ මේ සැණකෙළියයී... මේක පැවැත්වෙන්නේ ජපානයේ.

1997 තමා මේ සැණකෙළිය ආරම්භ වුණේ.. අද වන විට ජපානයේ ජනප්‍රිය සැණකෙළිය බවට පත්වෙලා තියෙන්නේ මෙයයී..

ලෝකයේ ජනප්‍රිය සංගීත ශිල්පීන් 200කට අධික ප්‍රමාණයක් මේ සැණකෙළියට සම්බන්ධ වෙනවා.

ලක්ෂයකට ආසන්න සංගීත ලොලීන් පිරිසක් මෙයට සහභාගී වෙනවා...

Rock, Electronic Music ආශ්‍රිත ව තමා මේ සැණකෙළිය පැවැත්වෙන්නේ...

මීලග සැණකෙළිය තමා Ultra Music Festival
මේ සැණකෙළියට ලංකාවේ සංගීත ලොවේ පෙරළිකාරයින් ද සහභාගි වෙලා තියෙනවා..

1999 වසරේ තා මෙය ආරම්භ කරලා තියෙන්නේ...
මෙම සැණකෙළියට වසරකට සාමාන්‍යයෙන් ලොව පුරා edm රසිකයින් 330,000කට අධික පිරිසක් සහභාගී වෙනවා....

අනෙක් සැණකෙළිය තමා ඔයාලා හැමෝම වගේ දන්න Festival Internacional De Benicàssim (FIB) සැණකෙළිය...

මෙය තමයි ස්පාඤ්ඤයේ පැවැත්වෙන විශාලම සංගීත සැණකෙළිය..

1995 වසරේ තමා මේ සැණකෙළිය මුලින්ම ආරම්භ වුණේ..

මේ සැණකෙළියට 150,000කට අධික සංගීත ලෝලීන් පිරිසක් සම්බන්ධ වෙනවා.

ඔයාලා දන්නවද වසරේ හොඳම ගිටාර වැයීම් දක්නට ලැබෙන්නෙත් මේ සැණකෙළියෙ තමා..

Lollapalooza Chicago දන්නවද මේ සැණකෙළිය ගැන.. මේ සැණකෙළිය ආරම්භ වුනේ 1991 දී..

160,000කට අධික ජනකායක් සෑම වසරකම මේ සදහා එනවා.. දවස් 3ක් පුරාම මේ සැණකෙළිය පැවැත්වෙනවා.. . විවිධ සංගීතවේදීන් වගේ ම රංගන ශිල්පීන් මේ ප්‍රසංගයට එකතු වෙනවා...

අවසන් වශයෙන් කියන්න යන්නේ Coachella Festival එක ගැන
මේකත් සුපිරි සැණකෙළියක්

1999 දී තමා මේ සැණකෙළිය පටන් ගත්තේ..
යුරෝපයේ අතිශය ජනප්‍රිය මේ සංගීත සැණකෙළියක් තමා මේක...

250,000කට අධික ජනකායක් මේ සැණකෙළියට එකතු වෙනවා...

මෙන්න මේවා තමා ලෝකයේ තියෙන සුපිරී සැණකෙළි ටික...

සංගීතය ඒකෙකුට පිස්සුවක් කියලා හිතෙද්දී තවත් කෙනෙකුට ඒක ජීවයක්...සංගීතය එහෙම ජීවිතේ කරගත්තු කෙනෙක් තමා අපේ මුල්ම දිග හැරු...
25/05/2020

සංගීතය ඒකෙකුට පිස්සුවක් කියලා හිතෙද්දී තවත් කෙනෙකුට ඒක ජීවයක්...
සංගීතය එහෙම ජීවිතේ කරගත්තු කෙනෙක් තමා අපේ මුල්ම දිග හැරුම.....🎸🎸🎸🎷🎧🎤🎹🎹🎹🎶🎶🎶🎶🎶

ඒ. ආර්. රහමන්....

ඒ. ආර්. රහමන් එහෙමත් නැත්නම් මැඩ්රාස් හි මොසාර්ට් ලෙස හදුන්වන මොහු සංගීත ලෝකයේ ඔබ මම හදුනන සුපිරි චරිතයක්

1967 ජනවාරි මස 06 වන දින මැඩ්රාස් හි දී උපත ලද ඒ. ආර්. රහමන් කුඩා කල සිට සංගීතයට උපන් හපන් දැක්වූවෙකී..

අවුරුදු හතරේදී පමණ රහමන් පියානෝ වාදනය කිරීමට ඉගන ගත් අතර, යස අවුරුදු 11 දී පමණ මොහු වෘත්තීමය වශයෙන් පියානෝ වාදනය කරන්න පටන් ගන්නවා...

මොකද මොහුගේ පියා මොහු කුඩා කලදීම මිය යන නිසා ඔවූ පියානෝ වාදනය කොට සිය පවුලට උදව් උපකාර කරනු ලැබුවා...

මොහුගේ වෘත්තීමය අත්දැකීම් හේතුවෙන් ලන්ඩන් හි ත්‍රිත්ව විද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලැබුණු අතර, එහි දී බටහිර සම්භාව්‍ය සංගීතය පිලිබඳ උපාධියක් ලබා ගත්තා...

වර්ෂ 1991 සිට සංගීත කණ්ඩායම් සමඟ වැඩ කිරීමට මොහු පටන් ගන්නවා..

බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂක මනි රත්නමන්ගේ ආරාධනයෙන් 1992 රෝජා චිත්‍රපටිය සදහා සංගීතමය දායකත්වය ලබා දෙන්න රහමන් ට අවස්ථාව හිමිවුණා..

ඒ වෙනුවෙන් ඔහුට National Film Awards එකත් හිමි වුණා...

රහමන්ගේ නිර්මාණ අතර
2006 - Inside Man,
2007 -Elizabeth: The Golden Age, The Lord of War, The Accidental Husband සඳහා ද දායක වුණා.
මීට අමතරව හොලිවුඩ් නිෂ්පාදන වන Couples Retreat’, ‘127 Hours’, People Like Us, the Chinese movie, ‘Warriors of Heaven & Earth’
මෑත කාලයේ ‘The 100 Foot Journey’, ‘Million Dollar Arm’ හා ‘Pele’
රහම්න් අතින් නිර්මාණය වූ සුපිරී නිර්මාණයන්‍ ලෙස හැදින්විය හැක...

බටහිර ප්‍රේක්ෂකයන් විශාල ප්‍රමාණයක් මොහුගේ සංගීත සඳහා ඇදී ආවේ 2008 වසරේ Slumdog Millionaire සඳහාය.

මෙම නිර්මාණය සඳහා ඇකඩමි සම්මාන 8ක් දිනා ගන්න හමුවෙනවා... මේ අතරින් සම්මාන 2 ක් රහමන් හට හමුවීමත් සමග ප්‍රේක්ෂකයින් තව තවත් මොහු වෙත ඇදී එනවා...

මීට අමතරව ‘ජයි හෝ’ ගීතය හොඳම ගීතය යනුවෙන් ඇකඩමි සම්මානයක් ද හිමි වෙනවා..

රහමන්ගේ ඇල්බම් මේ වන විට මිලියන 100 කට අධික ප්‍රමාණයක් අලෙවි වෙලා තියෙනවා

ඔයාල වැඩි දෙනෙක් නොදන්නවා වුණාට රහමන් දුප්පත් හා වරප්‍රසාද නොලත් දරුවන් සඳහා උදව් උපකාර කිරීමට සමාජ සේවා කටයුත්තක් ද ආරම්භ කර තිබෙනවා...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when VIKLO Music posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share