25/08/2021
නූතන Aquascaping කලාවේ පියා...
ටකාෂි අමානෝ - Takashi Amano
වර්ෂ 1954 ජූලි මස 18 වන දින ජපානයෙහි නීගාටා (Niigata, Japan) නම් නගරයෙහි උපත ලද Amano මහතා වර්ෂ 1992 Fuji Film Nature Photo Contest හි මහා ත්‍යාගය දිනූ වෘත්තීමය ඡායාරූප ශිල්පියෙකි. ඔහුගේ ඡායාරූපීය විෂය පථය වූයේ පරිසර විද්‍යා හා භූ දර්ශණ ඡායාරූපකරණයයි (Ecology & Landscape photography). එමෙන්ම මොහු නිර්මාණ ශිල්පියකු මෙන්ම පාපැදිකරුවෙකි (Track Cyclist).
වර්ථමාන Aquascaping කලාවේ පිබිදීමට මෙතුමාගෙන් ලැබුණු තෝතැන්න අතිමහත්ය. Aquascaping කලාව සම්බන්ධව මෙතුමාගේ තිබූ උනන්දුව නිසාම වර්ෂ 1982 හිදී මෙතුමා ලොව සුපතල අප කවුරුත් දන්නා ADA - Aqua Design Amano ආයතනය පිහිටවනු ලැබුවා. Aquascaping විෂය පථයේ පතාක යෝධයකු වූ මෙතුමා තමන්ටම ආවේණික වූ අලුත්ම ශෛලියක් මෙම කලාවට හඳුන්වා දෙනු ලැබුවා. එනම් "Nature Aquarium” ශෛලියයි. එසේම "Caridina multidentata" යන විද්‍යාත්මක නමින් හඳුන්වනු ලබන Amano Shrimp කියු විට කවුරුත් දන්නා මිරිදිය වෙසෙන මෙම කූනිස්සන් විශේෂය මෙම කලාවට 1980 වසරෙහිදී එතුමා විසින් හදුන්වා දෙනු ලැබුවා.මෙතුමාට ගෞරවයක් ලෙස එතැන් පටන් Amano Shrimp නමින් මොවුන්ව හැඳින්වු අතර මින් මැදුරුවල ඇල්ගී පාලනයට මොවුන් විශාල මෙහෙයක් සිදු කරයි.
වර්ෂ 1992 හිදී නිකුත් වූ "Nature Aquarium World" කෘතියත්, වර්ෂ 1997හිදී නිකුත් වූ "Aquarium Plant Paradise" කෘතියත් හා වර්ෂ 2011 හිදී නිකුත් වූ "Nature Aquarium: Complete Works, 1985-2009" කෘතියත් මෙතුමා විසින් රචිත කෘතීන් වේ.
තම භූ දර්ශණ ඡායාරූප වලින් දකිනා පරිසරය ඡායාරූපයකින් ඔබ්බට ගිය ත්‍රිමාණව වීදුරු වලින් වටවූ ටැංකියක් තුළ නිර්මාණය කිරීමට පෙලඹුණු මෙතුමාගේ සුප්‍රසිද්ධ වැකියක් වූයේ "Learn from Nature, Create Nature" යන්නයි. අවුරුදු 61 ආයු වළඳා වර්ෂ 2015 අගෝස්තු මස 4 වනදා මෙලොවුන් සමුගත් මෙතුමාගේ ශ්‍රී නාමය Aquascaping කලාව තුළ සදා අනුස්මරණීය වනු ඇත.
- Aquascaping 101