From Shark Tank

  • Home
  • From Shark Tank

From Shark Tank hama dema

14/12/2020

කොයි ලොව යන්නේ - මරණින් පස්සේ
පින් පව් එනවා....අපි පසු පස්සේ...😥

09/12/2020

සිරාවට ඇත්ත කතාවක් 😌

08/12/2020

හිතුවක්කාර මොටර් සයිකල් රේස් නිසා අහිංසක දරුවන් අකාලයේ මියගියා😥😥😥

28/11/2020

මෙහෙම කොච්චි පාරවල් දැකලා තියනවාද 🏭🚦

22/11/2020

voice එකනම් මරැ පොඩිඩක් වරදිනවා හැබැයි 🤪🤪🤪🤪

13/09/2020

අමිමෝ ඵ්ක😥🙏

13/09/2020

කොහොමද පොඩි කොල්ලගෙ නැටිල්ල 😂

11/09/2020

කොහොමද ඵ්ක 🤣🤣🤣🤣

10/09/2020
10/09/2020
09/09/2020

ෆටිට අතල් 😂😂😂😂😂🤣🤣🤣

06/09/2020

සොම්බි ෆිල්ම් බලන්න කවුද අකමැති නේද? ඉතිං දකුණු කොරියාවෙ 2020 ජූනි මාසෙ 24වෙනිදා නිකුත් කරපු Alive සොම්බි ෆිල්ම් එක තමා අද මේ විදිහට අපි අරගෙන එන්නෙ. 2019 නිකුත් උන Alone ඇමරිකානු චිත්‍රපටය පාදක කරගෙන තමා මේක නිර්මානය වෙලා තියෙන්නෙ. විනාඩි 98ක් පුරා දිවෙන මේ Drama/ Adventure ගනයට අයත් වන චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Cho Il-Hyung වගේම ප්‍රධාන චරිතවලට Yoo Ah-In (Oh Joon Woo ලෙසත්) හා Park Shin-Hye (Kim Yoo-Bin ලෙසත්) රංගනයෙන් දායක වෙනවා.

කතාව පැත්ත බැලුවොත් නගරෙට එකවරම වෛරසයක් ව්‍යාප්ත වෙනවා පාලනය කරගන්න බැරි මට්ටමට. මිනිස්සු මිනිස්සුන්වම කනවා. හපා කෑමට ලක් වුන අයත් ඒවගේ (සොම්බියො) වෙනවා. ඉතිං මේ නිවාස සංකීර්නයේ තමා ජුන්- වූ වගේම යූ-බින් ඉන්නෙ. මේ දෙන්නා අඳුනන්නෙ නැ ඒත් එක සිද්ධියක් නිසා මේ දෙන්නා අඳුනගන්නවා. ඉතිං මෙයාලා කොහොමද සොම්බිලගෙන් බේරිලා එතනින් පැනගන්නෙ? එයාලට ඒ අතරතුර මොනවා වෙයිද? කාව හම්බෙයිද? කියලා දැනගන්න මේ චිත්‍රපටය අරගෙන බලන්නම වෙනවා.

Double World එකට වගේම Alive උපසිරැසි ගන්වන්නත් මාත් එක්ක එකතු උන වුනු සුසාර සහෝදරයාටත් මේකෙ ස්තූතිය හිමිවෙන්න ඕන. එහෙනං Alive බලන්න.

06/09/2020

Walt Disney Pictures සමාගම මගින් නිෂ්පාදනය වුන ඇමරිකානු ක්‍රියාදාම – නාට්‍යමය ශානරයේ චිත්‍රපටයක් විදියට Mulan 2020 හඳුන්වන්න පුලුවනි. ඔබ සියලු දෙනාම Mulan 1998 චිත්‍රපටය නරඹා ඇති බව නිසැකයි. ඉතින් ඒ ඇනිමේෂන් චිත්‍රපටයේ සජීවි ක්‍රියාදාම අනුවාදයක් විදියටයි මේ චිත්‍රපටය එලි දක්වලා තියෙන්නෙ. මීට පාදක වෙලා තියෙන්නේ චීන ජනශ්‍රැතියේ එන “The ballard of Mulan.” මේ බැලඩ් කාව්‍යයට අනුව හුආ මුලාන් කියන්නේ චීන ඉතිහාසයේ ජීවත් වුන රණශූරියක්. ඇයගේ වියපත් පියා වෙනුවට, පිරිමියෙක් සේ වෙස් ගෙන ඇය යුද්ධයට යනවා. ඉන්පසු මේ මුලාන් වසර දොලහක් පමණ සටන් බිමේ සටන් වැදී, චීන අධිරාජ්‍යයාගේ පැසසුම් ලබා, සම්මාන, ත්‍යාග ප්‍රතික්ෂේප කර ඇයගේ ගමට නැවත පැමිණ තිබෙනවා.
18 වැනි සියවසේ ඇඳි හුආ මුලාන් සිතුවමක් – මෙය දැනට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා.
1998 වසරේ කාටුන් චරිතයක් ලෙසින් ආ මුලාන්, සජීවිකරණ-ක්‍රියාදාම ප්‍රතිනිර්මාණයක් බවට පත් කිරීමේ සැලසුම් ආරම්භ වුනේ 2010 වසරේ සිටයි. නමුත් ඒ සැලසුම් සාර්ථක වුනේ නැහැ. නැවත 2015 වසරේ සිට Niki Caro ගේ අධ්‍යක්ෂණය යටතේ ඒ සිහිනය සැබෑවක් වන නිමිති පහළ වුනා. ඒ අනුව 2018 අගෝස්තුවේ සිට නොවැම්බරය දක්වා නවසීලන්තය සහ චීනය තුළ රූගත කිරීම් නිම කර තිබෙනවා. මේ චිත්‍රපටය ඉතිහාසයට එක් වන්නේ එතෙක් මෙතෙක් වැඩිම නිෂ්පාදන වියදමක් යටතේ (ඇ.ඩො මිලියන 200) කාන්තාවක් විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය ලෙසයි.
මේ චිත්‍රපටයේ හොලිවුඩ් මංගල දර්ශනය පැවැත්වූවේ මේ වසරේ මාර්තු 9 වෙනිදා. නමුත් කෝවිඩ් උවදුර නිසා චිත්‍රපටය සිනමාහල් වල් ප්‍රදර්ශනය සෑහෙන වාර ගණනක් කල් තැබුනා. ඔන්න ඔය නිසා අවසානේ ඩිස්නි සමාගම නිවේදනේ කළා, සැප්තැම්බර් 4 වෙනිදා ඉඳන් Disney+ ඔස්සේ “මුලාන්” නරඹන්න අවස්ථාව සැලසෙනවා කියලා. Disney+ සේවාව නැති රට වල ප්‍රේක්ෂකයන් වෙනුවෙන්, සිනමාහල් නැවත විවෘත වුනාම, මුලාන් ඒ සිනමාහල් වල ප්‍රදර්ශනය කෙරෙන බවත් ඔවුන් සඳහන් කර තිබුනා.
චිත්‍රපටයේ මීලඟ විශේෂම දේ තමයි නළු නිළි කැළ. මුලාන් කියන චරිතය චීන ජනප්‍රවාද වල එන එකක්නේ. කාටුන් මුලාන් චිත්‍රපටයෙත් චරිත වල තිබුනේ චීන ස්වරූපයක්. නමුත් ප්‍රශ්නේ ඇති වුනේ මුලාන් සජීවිකරණ ප්‍රතිනිර්මාණයක් බවට පත් කරද්දි. ඔබ අහලත් ඇති white washing කියලා දෙයක් චිත්‍රපට කර්මාන්තයේ තිබෙන බව. ඒකේ තේරුම තමයි සුදු ජාතික නොවන චරිත වලට සුදු ජාතික නළු නිලියන් ගැනීම. මේක මුලාන්ටත් බලපෑවා. ඉතින් මාර්ගගත ක්‍රමේට අත්සන් රැස් කිරීමක් කළා, මුලාන්ව වයිට් වොශ් වෙන එක නවත්තන්න. ඒකේ තේමාව වුනේ; “Tell Disney You Don’t Want A Whitewashed Mulan!” (ඩිස්නිලාට කියන්න, ඔබට වයිට් වොශ් වුන මුලාන් කෙනෙක් නුවමනා බව) මේ පෙත්සමට අත්සන් 100,000 කට වඩා ලැබුනා. ඉතින් 2016 වසරේ ඔක්තෝම්බරේ ඩිස්නි සමාගම නිවේදනේ කළා, ඔවුන් ලෝකය පුරා මුලාන්ට සුදුසු චීන නිළියක් සොයන බව. මුලාන්ව ප්‍රතිනිර්මාණය කරන්න නිළියක් හොයාගන්න එක ලේසි වෙලා නැහැ. මහද්වීප පහක අපේක්ෂිකාවෝ 1000 ක් විතර පරීක්ෂා කරලා තමයි අවසානේ මුලාන් විදියට චීන-ඇමරිකානු සම්භවයක් හිමි Liu Yifei තෝරාගෙන තියෙන්නේ. මෙතනදි ඇයගේ සටන් ක්‍රම නිපුණතාව, පැහැදිලිව ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව, තාරකා ගුණය විශේෂයෙන් සලකා බලලා තියනවා.
කාටුන් චිත්‍රපටයේ මුලාන් සහ සජීවිකරණ චිත්‍රපටයේ මුලාන්ට පණ පොවන Liu Yefei
මීට අමතරව වූෂු ශූරයෙකු ලෙස ප්‍රකට ජෙට් ලී මෙහි චීන අධිරාජ්‍යයා ලෙස පණ පොවනවා. 1998 කාටූන් චිත්‍රපටයත් එක්ක සසඳද්දී මෙහි චරිත කිහිපයක වෙනස්කම් වෙලා තියනවා. විශේෂයෙන්ම කාටූන් චිත්‍රපටයේ හමු වුන “මූෂූ” මෙහි දකින්න ලැබෙන්නෙ නැහැ. ඒ වගේම ඒ චිත්‍රපටයේ ජෙනරල්වරයා එක්ක මුලාන් ආදරයෙන් බැඳෙනවා. නමුත් එවැන්නක් මේ ප්‍රතිනිර්මාණයේ අඩංගු වෙන්නෙ නැහැ. මොකද මුලාන් බැලඩ් කාව්‍යයේ (මුල්ම මුලාන් කතාවේ) මූෂු කියලා චරිතයක් ඇත්තේ නැහැ වගේම, සැබෑවටම මුලාන්, ජෙනරල්වරයා එක්ක ප්‍රේමයක් ඇති කර ගන්නෙ නැහැ. එහෙමයි කියලා මේ ප්‍රතිනිර්මාණයේ රසයට හානියක් වෙලා නෑ කියලා අධ්‍යක්ෂවරිය කියනවා. නමුත් ප්‍රේක්ෂක මතය ගත්තම මූෂු නැති අඩුව ගැන අවලාද කියන කොටසක් ඉන්න බව පේනවා.
චිත්‍රපටයේ මීලඟ සුවිශේෂ දේ තමයි සංගීතය.
මුල් චිත්‍රපටයේ තිබුන ගීත කිසිවක් ඒ ආකාරයෙන්ම මේ ප්‍රතිනිර්මාණයේ අඩංගු නොවෙන බව අධ්‍යක්ෂවරිය කියලා තියනවා. මොකද ඒ ගීත මේ ප්‍රතිනිර්මාණයේ යතාර්තවාදී ස්වරූපය එක්ක ගැලපෙන්නෙ නැති බවක් ඇයට තේරුනාලු, නමුත් ඇයට කිසිසේත්ම මුල් චිත්‍රපටයට අගෞරව කරන්න වුවමනා නැති බවත් ඇය කියලා තියනවා.
මුල් චිත්‍රපටයේ, මුලාන්ට මනාලියක් වෙන්නට බැහැ කියලා ප්‍රතික්ෂේප වෙන තැනදි ඇහෙන “Reflection” ගීතය ඔබට මතක ඇති. 1998 මුල් චිත්‍රපටය සඳහා මේ ගීතය ගායනා කර තිබෙන්නේ සම්මානනීය ශිල්පිනී Lea Salonga. ඉන්පස්සේ ඇමරිකානු ජාතික Christina Aguilera විසින් මේ ගීතය තනි පටිගත කිරීමක්

Address


Website

Alerts

Be the first to know and let us send you an email when From Shark Tank posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share