Shyamal Bandara

  • Home
  • Shyamal Bandara

Shyamal Bandara Original profile of Shyamal Bandara

"You yourself, as much as anybody in the entire universe, deserve your love and affection."
30/03/2024

"You yourself, as much as anybody in the entire universe, deserve your love and affection."

26/03/2024

බැසිලිකාවේ විදුහල්පති ක්‍රීඩාංගනය ලබා දීමෙන් 😁 , දිලීප සමරකෝන් සහ
ශ්‍රී ලංකා පොලීසිය එක්ව කළ අමානූෂික පහරදීම....😡😡😡

හෙට කියයි බැසිලිකාවේ විදුහල්පති මේක නියමිත ක්‍රියාපටිපාටිය දුන්න කියලා...

ඒත් හොයල බලන්නකො

ස්වර්ණ ශ්‍රී මෙගා නයිට්Now Live On ස්වර්ණවාහිනී •••••••••••••••••••••••••••••••••••••ස්වර්ණවාහිනී සංඛ්‍යාත 🦚🗼කොළඹ (බම්බල...
22/03/2024

ස්වර්ණ ශ්‍රී මෙගා නයිට්
Now Live On ස්වර්ණවාහිනී
•••••••••••••••••••••••••••••••••••••

ස්වර්ණවාහිනී සංඛ්‍යාත 🦚

🗼කොළඹ (බම්බලපිටිය)-UHF 31( 551.25 MHz)
🗼මහනුවර (හන්තාන)- UHF 22 (479.25 MHz)
🗼මහනුවර (හුන්නස්ගිරිය)-UHF 40 (623.25 MHz)
🗼මාතර (ගොන්ගල)- UHF 37 (599.25 MHz)
🗼මාතලේ (ගම්මඩුව)- UHF 37 (599.25 MHz
🗼ගම්පහ (මාගල්කන්ද )-UHF 40 (623.25 MHz)
🗼නුවරඑළිය (කිකිළියමාන) -UHF 33 (567.25 MHz)
🗼රත්නපුරය (නුවරඑළිය)- UHF 22 ( 479.25 MHz)
🗼මතුගම (ගීකියනකන්ද)-UHF 40 ( 623.25 MHz)
🗼බදුල්ල-UHF 35 (583.25 MHz
🗼බදුල්ල (නායබැද්ද)- UHF 40 (623.25 MHz)
බදුල්ල (මඩොල්සිම)-UHF 35 (583.25 MHz)

Dialog TV CH 07
Peo TV CH 06
freesat CH 11

👉Swarnavahini You Tube නාලිකාව

👉Swarnavahini නිල facebook පිටුව

මෙන්ම

ශ්‍රී FM ඔස්සේ පහත සංඛ්‍යාත මගින් සවන්දිය හැක.

A night can never defeat the sunrise ༄😊× •-•-•-•⟮ ◆ ⟯•-•-•-• ×
19/03/2024

A night can never defeat the sunrise ༄😊
× •-•-•-•⟮ ◆ ⟯•-•-•-• ×

ඉස්සර උබේ මැසෙජ් එකක් දකිනකොට සතුටින් රිප්ලයි කරපු අයදැන් උබේ මැසෙජ් දැක දැකත් උබව මග අරිනවාත් ඇති ඒ කෙනෙක් ගේ රිප්ලයි එ...
21/02/2024

ඉස්සර උබේ මැසෙජ් එකක් දකිනකොට

සතුටින් රිප්ලයි කරපු අය
දැන් උබේ මැසෙජ් දැක දැකත්
උබව මග අරිනවාත් ඇති

ඒ කෙනෙක් ගේ රිප්ලයි එකක්
බලාපොරොත්තුවෙන්
මැසෙජ් කරන උබ අසරණ වෙලත් ඇති

එහෙම වෙන්න එපා බං...
උබව එහෙම කරන්න
වෙන අය කියන දෙවල් අහගන උන දේවල් ආය ආය මෙනෙහි කර කර ලග තියාගන්න හදන උන් ලග ඉන්න එපා...

ඒ අයට උබට වැඩිය ඒ අත්දැකීම් වැඩියි..
පාඩුවෙ ඉදපං..

ආදරෙයිනම් ඒ කෙනා ඕව හිතන්නෙ නැතුව උබෙ පිටිපස්සෙ ඉදියි....

ස්තුතියි ස්වර්ණවාහිනී....❤️❤️❤️නොනවතින ගමනක්......ඉතින් මේ ගමන පුරාවට....ළඟ රැඳුණුඅත දුන්නුහයියක් උනුසැමට තුති!Sumathi A...
21/02/2024

ස්තුතියි ස්වර්ණවාහිනී....
❤️❤️❤️

නොනවතින ගමනක්......

ඉතින් මේ ගමන පුරාවට....

ළඟ රැඳුණු
අත දුන්නු
හයියක් උනු

සැමට තුති!

Sumathi Awards

Sulochana Dilshani Ariyadasa ❤️❤️❤️😊මේ ගමන ගොඩක් දුෂ්කර වගේම බාධක මැද එන ගමනක්,දුක වගේම සතුට පිරුණු ගමනක්,හිත් බිඳීම් ගො...
21/02/2024

Sulochana Dilshani Ariyadasa
❤️❤️❤️😊

මේ ගමන ගොඩක් දුෂ්කර වගේම බාධක මැද එන ගමනක්,

දුක වගේම සතුට පිරුණු ගමනක්,
හිත් බිඳීම් ගොඩ නැගීම් එක්ක තරඟ කරන ගමනක්,
කොහොම හරි
ස්වර්ණවාහිනි හැමෝම නිසා වගේම
සුදූ.. ඔයා නිසයි හැමදේම...

ඒ වගේම
ළඟ රැඳුණු
අත දුන්නු
හයියක් උනු

සැමට තුති!

😐
07/02/2024

😐

ඔබට කල හැකි හොඳම දේ කර සතුටින් සිටිය හැකිනම්...ඔබ බොහෝ මිනිසුන්ට වඩා ජීවිතයේ ඉදිරියට යයි...                            ...
27/01/2024

ඔබට කල හැකි හොඳම දේ කර සතුටින් සිටිය හැකිනම්...
ඔබ බොහෝ මිනිසුන්ට වඩා ජීවිතයේ
ඉදිරියට යයි...
Leonardo DiCaprio🌻

26/01/2024

කොච්චර උගත් බුද්ධිමත් ධනවත් උනත් රියදුරුට වැරදුනොත් නටබුන් තමයි
ඔබ නගින වාහනේ රියදුරා ඔබේ ජීවිතේ කොටස් කරුවකු වන බව අමතක නොකරන්න

25/01/2024

සොබාදහම නඩු අසමින් පවතී 🇱🇰

18/01/2024

කැළණියේ අරමයි මේමයි කියලා වැලලෙන්නෙපා
එතන ඉතිහාසගත පිස්සු කෙලින තැනක්
ඒවා විසදන්න බුදුහාමුදුරුවන්ටත් වඩින්න වුනා එකපාරක්.

Everything has it's own time ❤️
18/01/2024

Everything has it's own time ❤️

16/01/2024

❤️

16/01/2024

Direction is more important than speed!

වචනයකින් හරි මොරාල් එකක් දෙන්න පුළුවන් ලයිෆ් පාර්ට්නර් කෙනෙක් ගේමක් ගහන එකෙක්ට ඉන්නවා නම් මම හිතන්නේ ඌට ලයිෆ් එකේ ඕනම තැ...
12/01/2024

වචනයකින් හරි මොරාල් එකක් දෙන්න පුළුවන් ලයිෆ් පාර්ට්නර් කෙනෙක් ගේමක් ගහන එකෙක්ට ඉන්නවා නම් මම හිතන්නේ ඌට ලයිෆ් එකේ ඕනම තැනකදි Re-Start කරන එක මහලොකු දෙයක් නෙමේ.

Today.... (2023/01/11 @8)
11/01/2024

Today....
(2023/01/11 @8)

10/01/2024

නාළිකාවක ප්‍රවෘත්ති අංශයට
වාර්තාකරු, සංස්කාරකවරැ, කැමරා ශිල්පීන් අවශ්‍යයි
ඉන්බොක්ස් මගින් විමසන්න.

🖲️🖲️🖲️පොඩ්ඩක් නැවතිලා ඉදල අහල බලන්න...ඔයාටත් කවදහරි දවසක වටින කතාවක්...-------------------මගේ ළඟම මිතුරියක් ඇයගේ සැමියාග...
05/01/2024

🖲️🖲️🖲️
පොඩ්ඩක් නැවතිලා ඉදල අහල බලන්න...
ඔයාටත් කවදහරි දවසක වටින කතාවක්...

-------------------

මගේ ළඟම මිතුරියක් ඇයගේ සැමියාගෙන් දික්කසාද වෙන්න තීරණය කරල තියෙන බව දැනගන්නට ලැබුනේ මීට මාසයකට විතර කලින්.

මේ මම සහ ඇය අතර දින කීපයකට කලින් සිදුවෙච්චි කතාබහක්,

"දැන් මොකද තත්වෙ? උඹ අවුලක් නැතුව හොඳින් ඉන්නව නේ?"

"ඔව් බං, ශේප් එකේ ඉන්නව. ඉක්මනටම මේ ප්‍රශ්නෙ විසඳගන්නයි මට ඕන. ලෝයර් හම්බෙලා විස්තර ටික කතා කරගත්තා. වැඩ ටික ලෑස්ති කරගත්තයින් පස්සෙ සතියකින් විතර ඩිවෝස් එක දානවා"

"හ්ම්.. ඒක හොඳයි.. කල් අරින්නැතුව ඉක්මනටම ඕක කරගන්න බලහං"

"මහේෂ්ගෙන් මාර කරදරයක් අනේ තියෙන්නෙ.. මගේ ෆෝන් එකට එකදිගට කෝල් ගන්නවයි මැසේජ් කරනවයි. එයාට සමාව දෙන්නලු. තව චාන්ස් එකක් දීලා බලන්නලු. මැසේජ් වල මට වඳින්නැති ටික විතරයි. මම ආන්සර් කරන්නෙත් නෑ, රිප්ලයි කරන්නෙත් නෑ. අපේ අම්මලටයි අක්කලටයි එකදිගට කෝල් කරනවලු. දැන් නම් වදයක් වෙලා තියෙන්නෙ"

"ඉතින් සිම් එක මාරු කරහංකො. ප්‍රශ්නෙ ඉවරයිනෙ."

"සිම් එක මාරු කරන එක නම් කරන්න පුලුවන්. ඒත් මම මාරු කරන්නෑ"

"ඇයි ඒ?"

"බෑ අනේ"

"මහේෂ්ව ෆේස් බුක් එකෙන් අයින් කලානෙ?"

"ඒත් නෑ"

"ඇයි අයින් නොකලෙ?"

"මට පෙන්නන්න ඕන ඌටයි උගේ එවුන්ටයි මම ඌ නැතුව හොඳින් ඉන්නව කියල. මම ගිය සතියෙ ගිය ට්‍රිප් එකේ ෆොටෝස් දැම්මා ඌට පේන්න. මම කොටට ඇඳන් ගියේ ට්‍රිප් එකම. මහේෂ් කැමති නෑනෙ මම කොටට අඳිනවට. මම ප්ලෑන් කරන් ඉන්නෙ ලබන මාසෙ බැංකොක් යන්න තව යාලුවො හතර දෙනෙක් එක්ක. ඒකෙ ෆොටෝසුත් දානවා ඕකට පේන්න"

"ඇයි එහෙම කරන්නෙ? මොකක්ද ඒකෙන් ඔයා බලාපොරොත්තු වෙන්නෙ?"

"මම කිව්වෙ.. මට ඕන ඌට රිද්දන්න?"

"ඇයි ඒ ඌට රිද්දන්නෙ? ඔයිට වඩා හොඳ නැද්ද ඌව අල්ලගෙන ඇවිත් අතපය ටික බැඳලා දාලා කට්ටකින් ඇනලා ඇනලා වදදීලා මැරුවනම්.. එතකොට ගොඩාක් රිදෙයිනෙ.. ඒකනෙ උඹට වෙන්න ඕන?"

"නෑ..... එහෙම නෙමේ.."

"උඹ ඌ උයපු කෑම කෑවෙ නැද්ද? ඌ එක්ක තුරුල් වෙලා නිදාගත්තෙ නැද්ද? එහෙම උඹත් එක්ක කාලයක් ජීවිතය බෙදාගත්ත මනුස්සයට රිද්දල උඹ බලාපොරොත්තු වෙන්නෙ මොන වගේ ආතල් එකක්ද? තරහ වෙන්න එපා මචන් කිව්වට. උඹ දැන් ඌ විඳවනව බලාගෙන උඹ පස්සෙ බල්ලෙක් වගේ එනව බලාගෙන ගන්නෙ මහ අමන ආතල් එකක්.."

"උඹ කියන්නෙ දැන් මං මොකක්ද කරන්න ඕන?"

"මම උඹට කරන්න ඕන දේ කියනව නෙමේ. උඹ බබෙක් නෙමේනෙ. මං කිව්වෙ උඹ දැන් කරන දේ ගැන මට හිතෙන දේ.. උඹ ඌව අත ඇරියා කිව්වට උඹ ඌව අත අරින්න හිතලවත් නෑ. උඹ තාම හිතන්නෙ ඌ ගැන. උඹ මේකප් දාගෙන සෙල්ෆි ගහන්නෙ ඌට පේන්න. ඒ ෆොටෝ ෆේස්බුක් දාන එක ගැන හිත හිත. උඹ ට්‍රිප් යන්නෙ ඌට රිද්දන්න. ඇඳුම් අඳින්නෙ ඌට රිද්දන්න. කොටින්ම උඹෙ ඔලුවෙ දවසම ඉන්නෙ ඌ. ඉතින් කොහොමද උඹ කියන්නෙ උඹ ඌව අත ඇරියා කියල?"

මගේ මිතුරිය තොල හපාගෙන ඇස් වල එකතු වෙමින් ඇති කඳුලු එළියට නොපෙන්වීමට මහත් උත්සාහයක් දරමින් සිටින බව දුටු මම කතාව නැවතුවෙමි.

මේ මගේ මිතුරිය ගැන කතාවක් නොවේ. මේ අතිමහත් බහුතරයක් ආදරවන්තයන්ගේ කතාවයි.

යම් දිනකදී අදහස්, සිතුම් පැතුම් සහ අවශ්‍යතා වල නොගැලපීම් නිසා ඔබේ ප්‍රියයාට සමුදීමට තීරණය කිරීම වරදක් නොවේ. දෙදෙනාගෙන් කෙනෙක්ට එසේ දැනෙනවා නම් වෙන්වීමට තීරණය කිරීම දෙදෙනාගේම අනාගතය වෙනුවෙන් ගත හැකි සුදුසුම තීරණය වන අවස්ථා බොහෝ ඇත. මෙවන් සිදුවීම් වලින් ඉස්මතු වන අවලස්සනම දෙය වන්නේ වෙන් වීම නොවේ, වෙන් වෙන ආකාරයයි.

තමන්ගේ ජීවිතයේ එක් යුගයක තමන්ගේ සෙවනැල්ල මෙන් හිඳ.. තමන් හා සමඟ සතුට, කඳුල බෙදාගෙන.. තමන්ගේ දිවියට අරුතක් එක් කරමින් මුළු ලොවටම වඩා තමන්ගේ ළඟින්ම සිටි තමන්ගේ ප්‍රියයාගෙන් කුමක් හෝ අවාසනාවන්ත හේතු සමුදායක් මුල් කරගෙන වෙන්වී යාමට තීරණය කිරීමෙන් පසු,

ඔහුගේ/ඇයගේ කඳුළු වලින් තමන්ට සතුටක් දැනෙනවා නම්..ඔහුගේ/ඇයගේ වේදනාවෙන් තමන්ට තෘප්තියක් ලැබෙනවා නම්..

තමන් කාලයක් විඳි ඒ අත්දැකීම් වල, හසරැල් වල, හෙලූ කඳුළු වල වටිනාකමක් තිබේද? කාලයක් ආදරය කල දෙදෙනෙක් වෙන් වූ පමණින් ඒ අත්දැකීම් වල වටිනාකම අලු දූලි වී නැතිවී යායුතුද?

මෙවන් මිනිසුන් තම ජීවිත පුරා පවත්වාගන්නා මානුෂීය සබඳතා වල තේරුම මොකක්ද?

බොහෝ ආදරවන්තයන් ජීවත් වෙන්නේ තමාගේ ප්‍රියයාට තමන් සතු දේපලකට මෙන් සලකමින් ඒ මනුෂ්‍යයාව අයිතිකරගෙන ඔහුව/ඇයව පාලනය කිරීමේ අරගලයකය. ඔහුව/ඇයව තමන්ට රිසිසේ වෙනස් කරගන්නට දතකමින් ඔහු/ඇය තුළින් තමන්ගේ මනසේ සිටින කොහේවත් නැති මනුස්සයෙක් නිර්මාණය කර ගැනීමේ අරගලයකය. තමන්ගේ සිතුම් පැතුම් අනුව නැටවෙන පඹයෙක් නිර්මාණය කර ගැනීමේ අරගලයකය. ඒ මනුෂ්‍යයා තුළින් තමන්ගේ අණට කීකරු වන බලු පැටියෙක් තනා ගැනීමේ අරගලයකය.

බොහෝ දෙනා ආදරය කරනවා කියා හඳුන්වන්නේම ඒ අරගලයයි. එකිනෙකාව පාගා ගැනීමේ සටනයි.

දෙපාර්ශවයෙන්ම සිදුවන ඔය අරගලය දෙදෙනාම හෝ එක් අයෙක් පරාජය වූ පසු තමන්ගේ ප්‍රියයාව ලෝකයේ සිටිනා පහත්ම මනුෂ්‍යයෙක් සේ සලකා ඔහුව තමන් විනිශ්චකාරයා වන උසාවියක චූදිතයා බවට පත් කොට ඔහුගෙන් පළිගැනීමේ ආශාවෙන් ඔහුව වේදනාවට පත් කිරමින් තිරිසනුන් සේ හැසිරීම 'වෙන් වීම' ලෙස හඳුන්වයි.

ඔය අන්ත දෙක අතර මැද තැනක ඇති මානුෂීය සබඳතාවයක් යනු ඔවුනට නොවැටහෙන අමුතු මොකක්දෝ එකකි.

තමන්ගේ නොගැලපීම් තේරුම්ගෙන, වෛර කිරීම වෙනුවට දරා ගැනීම තුළින් මනුස්සයන් සේ එකිනෙකාට සමුදීමටවත් නොහැකි නම් එවන් ආදරයක ඇති වටිනාකම කුමක්ද?

තමන්ගේ ප්‍රියයාට තමන්ගෙන් තොර පැවැත්මක් ඇති ස්වාධීන මනුස්සයෙකුට සේ සලකන්න. සමුදීමේදී තමන්ගේ ප්‍රියයා හා සමඟ ගෞරවාන්විත මනුස්සයෙකු සේ කටයුතු කරන්න.

තමන් හා සමඟ කාලාන්තරයක් එක්ව හිඳ තමන්ගේ ජීවිතයට අර්ථයක් එක් කල මනුස්සයෙකුට, මනුස්සයෙකු සේ සමුදීමට තරම් පරිනත බවක් නැති මිනිසුන් අතර ඇතිවන මානුෂීය සබඳතා තේරුම් ගැනීමට එවන් තිරිසන් ඇස් වලින් ලෝකය දකින තිරිසනකු හැර මානුෂීය ඇසින් ලෝකය දකින මනුස්සයෙකුට නම් නොහැකිය.

මගේ මිතුරියව ඊයේ දිනයේදී මට නැවත හමුවිය.

ඇය තවමත් ඇය අතහැරියා යයි කියන ඇයගේ සැමියාව ෆේස් බුක් ගිණුමෙන් ඉවත් කොට නැත.

මේ මගේ මිතුරිය ගැන කතාවක් නොවේ. මේ අතිමහත් බහුතරයක් ආදරවන්තයන්ගේ කතාවයි.
ප/ලි :

1. වසර තුනකට කලින් අද වැනි දිනක පලකල පෝස්ටුවකි.
2. මේ පෝස්ටුවේ සඳහන් මහේශ් (සැබෑ නම නොවේ) මේ පෝස්ටුව ලියා වසරකට පමණ පසු සියදි**විනසා ගත්තේය. මේ සටහනේ කියැවෙන කාවවත් විනිශ්චය නොකරන්න කියා ඉල්ලමි. සටහනේ කියන මිතුරියගේවත් මහේශ්ගේවත් කතාව ඔබවත් මමවත් දන්නේ නැත. මේ සටහනෙන් ගන්න යම් පාඩමක්, අදහසක් තියෙනවා නම් ඒක ගමු. ඒ ඇති.

(Repost)

02/01/2024
❤
02/01/2024



තවත් නොදන්න දවස් 365කට සූදානම් වෙමු....හැමෝටම ජයක් ලැබේවා...සුබම වේවා...
31/12/2023

තවත් නොදන්න දවස් 365කට සූදානම් වෙමු....
හැමෝටම ජයක් ලැබේවා...
සුබම වේවා...

31/12/2023

ඔයාට ඔයා වගෙම කෙනෙක් ලැබුන දවසට
ආදරේ හරි ලස්සනට දැනේවී ❤️✨

ඒවගේම ඔයාට හැමදේකින්ම දැනෙන සුබම සුබ අවුරැද්දක් වේවා....

Sulochana Dilshani Ariyadasa #2024

24/12/2023

ඇයි මෙහෙම වෙන්න දෙන්නෙ

23/12/2023

ඉන්නා තැනක් වේ නම්
දෙවියෝ රකීවා 🥺❤️🥺

20/12/2023

Address

No 676, Colombo 03

Website

Alerts

Be the first to know and let us send you an email when Shyamal Bandara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shyamal Bandara:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share