Rail Gazette

Rail Gazette Welcome to the Rail Gazette ! This is informational and Entertainment fan page for the people who have interest about Railway Technology.

Know Your Train.Help Us Grow ! ❤Please like, Share and invite your friends to like our page.
10/06/2024

Know Your Train.
Help Us Grow ! ❤
Please like, Share and invite your friends to like our page.

Know Your Train.Help Us Grow ! ❤Please like, Share and invite your friends to like our page.
28/05/2024

Know Your Train.
Help Us Grow ! ❤
Please like, Share and invite your friends to like our page.

🤎
27/05/2024

🤎

16/05/2024

13/05/2024

එය සතියක් පමණ මුලුල්ලේ තිබූ අධික වර්ෂාව හමාර වී, දින දෙක තුනක් යහපත් කාලගුණයක් තිබූ පසු දිනක එක් රාත්‍රියක් විය. මඩකලපුව...
12/05/2024

එය සතියක් පමණ මුලුල්ලේ තිබූ අධික වර්ෂාව හමාර වී, දින දෙක තුනක් යහපත් කාලගුණයක් තිබූ පසු දිනක එක් රාත්‍රියක් විය. මඩකලපුවේ සිට කොලඹ කොටුව බලා ධාවනය වන මීනගයා නගරාන්තර සීග්‍රගාමී දුම්රිය මහව හන්දිය දෙසට ධාවනය කරමින් සිටියේ වෙනදා අත් විදින වියළි පරිසර සුළඟ වෙනුවට සිසිල් සෞම්‍ය පහස අත් විදිමිනි.

නෑගම උප දුම්රිය ස්ථානය පසු කර මද දුරක් යන විට මිනිස් වාසය කෙමෙන් අඩු වී ජන ශූන්‍ය වන ලැහැබකට ඇතුල් වන්නේ ඈත අවට අතරින් පතර දිලුනු විදුලි එළි නොපෙනී ගොස් දුම්රියේ ප්‍රධාන ලාම්පු එළිය පමණක් ඉතුරු කරමිනි.
වල් අලින්, මුවන් රංචු, මොණරුන් තරමක් දුරට ගැවසෙන මෙම වංගු සහිත ප්‍රදේශය පසු කර දුම්රිය සීරුවෙන් පල්ලම් බැස වන පෙතින් එළියට පැමිනෙන්නේ සුන්දර විශාල වෙල් යායකටය.

දහවල් කාලයේ වගා කටයුතු වලට පැමිණෙන ගොවීන් හැරෙන්නට, වෙල් යාය පසු වී ගම්මානය හමු වන තෙක් ම මිනිස් ගැවසීමක් හෝ ගෙයක් දොරක් වත් පේන්නට නැති තරම් ය. දෙපස ගස් කොලන් වලින් ආවරණය වී තිබූ රේල් පාර වෙල්‍ යාය පටන් ගැන්මත් සමග මුවා වී තිබූ සඳ එලියට නිරාවරණය වූයේ, පුර පෝය දිනය පසු වී දින දෙකක් ගෙවුණු බව සිහියට නංවමිනි. සඳ එළියට රාත්‍රියේ හුදකලා වෙල් යායේ ඈත කෙළවරද මනා සේ දිස් වුවද වෙනදා නොදකින අසාමාන්‍ය දසුනක් නිසා පසෙක තබා තිබූ ජංගම දුරකතනය ටච් කර වෙලාව බැලීමට පෙලඹුණේ නිරායාසයෙන්මය.

වෙලාව පාන්දර දෙකට ආසන්න වී තිබුනි. රේල් පාර ආසන්නයේ ලියද්දක තනිවම මහ ට්‍රැක්ටරයෙන් සීසාන මිනිසෙකි. අලි ගහන පාලු කැලේ පාන්දර දෙකට පමණ ට්‍රැක්ටරයේ ලයිට් එලියෙන් තනිවම සීසෑමට තරම් මොන කාර්යබහුල කමක් ද යන ප්‍රශ්නයක් සිත තුළ ඇති වුවත්, යන එන අතරතුර දකින මෙම දසුන් වල ඇතුලාන්තය මා නොදන්නා නිසාත් ඒ ප්‍රශ්නකාරී සිතුවිල්ල සිත තුල වැඩි වෙලාවක් රැදීමට ඉඩක් නොතිබණි. කෙසේ වෙතත් පරිසරයේ නිහඬතාවය බිඳිමින් ගම් දනවු සිසාරා යකඩ ගෝසාව නංවමින් වෙල් යායට පැමිණි දුම්රිය නිසා ඔහුගේ සීසෑමේ වේගය අඩාල වූ බව හොදින්ම පෙනිණි. තනිවම පාලු වෙල් යායක මැදියම් රැයේ සීසාන ඔහුට, ඒ අසලින් ප්‍රදේශයම ආලෝකමත් කරමින් ධාවනය වන මැදිරි දහයකින් පමන සමන්විත මෙම දුම්‍රිය මොහොතකට හෝ පාලුව කාන්සිය මකාලන දසුනක් වූ බව ඔහුගේ ඒ අවදානය දුටු සැනින් මා හට පසක් විය.

මා දුම්රියේ කෙටි හෝන් නාද දෙකක් නාද කල සැනින් ඔහුද පිලිතුරු ලෙස ට්‍රැක්ටරයෙන් හෝන් නාදයක් කර සීසාමින් සිටි ට්‍රැක්ටරය මදකට නවතා ප්‍රබෝධමත් මුහුනින් යුතුව අත වනා පසු පස හැරී දුම්රිය පසු වන තෙක් බලා සිටියේ, මිනිස් ප්‍රාණියෙකුගේ යම් ප්‍රතිචාරයක් ,අවදානයක් බලාපොරොත්තුවෙන් සිටි බව මගේ සිත තුල තහවුරු කරමිනි. මද දුරක් ගොස් මා නැවත හැරී බලන විට ඔහු සුපුරුදු පරිදි සීසෑම නැවත ආරම්භ කර තිබූ අතර, දිය පිරුණු වෙල් යායේ සඳ එළිය හැරුනුකොට ට්‍රැක්ටරයේ ලයිට් එළිය මනාව පරාවර්තනය වී දිලෙන දසුන සමග වෙල් යාය කෙළවර වී නොපෙනී ගියේය. පාන්දර තුනට පමන මහව දුම්රිය ස්තානයෙන් මාගේ සේවා වාරය නිමා වූ අතර, ඉක්මනින් වැඩ ඉවර කර නින්දට ගියේ ඊළග සේවා වාරය සදහා තවත් පැය පහක පමණ කාලයක් ඇති බව සුපුරුදු පරිදි අතේ ඇගිලි නවමින් ගණන් කර තහවුරු කර ගනිමිනි.

"හරි බොස් යමු"
දුම් රිය එන්ජිමේ කවුලුවෙන් පසුපස බලා සිටි මගේ සහයකගේ ඒ හඩ ඇසුණු පසු දිගු හෝන් නාදයක් සමග ගමන ආරම්භ කලේ ඊළග නැවතුම කරා දුම්රිය ධාවනය කරන බලාපොරොත්තුවෙනි. එය කොලඹ සිට මඩකළපුව බලා ධාවනය වන උදයදේවී සීග්‍රගාමී දුම්රියයි.

සියඹලන්ගමුව උප දුම්රිය ස්‍ථානයෙන් එසේ ගමන ආරම්භ කළේ මහවින් පිටත් වී විනාඩි 40කට පමණ පසුවය. එනම් පෙරවරු 10 ට පමණය. තද හිරු රශ්මියෙන් රේල් පාරේ උණුසුම එන්ජිමේ උණුසුම සමග එක්ව ගතට දැනෙන අපහසුව තරමකට හෝ තුරන් වූයේ රියදුරු කුටිය තුල නොකඩවා කැරකුන කුඩා විදුලි පංකාවෙනි. ගමන පටන්ගෙන මද දුරක් යන විට පෙර රාත්‍රියේ කී වෙල් යාය පටන් ගත්ම ඒ වෙත අවදානය යොමු වූයේ එය යම් විශේෂ දවසක් බව පසක් වූ නිසාය.

ඇත්තෙන්ම එය එකම සැණකෙළියක් බඳුය. වෙල් යායට ප්‍රවේශ වන දෙපස බොරළු පාර පුරා අතුරු සිදුරු නොමැතිව යතුරු පැදි, ත්‍රී රෝද රථ, අත් ට්‍රැක්ටර් නවතා තිබුනි. නිවෙස් වල ළමුන් පාසල් යාම පසෙක ලා පවුල්වල සියල්ලන් සමග වෙල් යාය වෙත පැමිණ සිටි අතර ඔවුන් ඒ මේ අත දුවමින් තේ පොච්ච, කිරිබත් බාස්කට් රැගෙන තැන් තැන් වල එක් රැස්ව සිටියේ මේ උදෑසන තේ වේලාව බව පෙනෙන දසුනින් පමණක් පහසුවෙන් තේරුම් ගත හැකි වන අයුරින් ය.

ඒ අතර තවත් සමහරු පෝරු ලෑලි වලින් ලියදි සකස් කරමින්, වක්කඩවල් කපා වතුර හරවමින් මේ සූදානම් වනුයේ මුලු යායම එකම දිනයක වැපිරීම සිදු කිරීමටය යන්න මා හට තේරුම් ගැනීමට අපහසු නොවීය. සුළඟ සමග මුසු වී දැනුණු ඒ නැවුම් මඩ සුවඳෙන් දෑස් පියාගෙන වුවද ඒ අවස්ථාව තේරුම් ගැනීම ඉතා පහසුය.

මේ වෙල් යායේ මෙපමණ ජනකායක් මෙලෙස දුටු ප්‍රථම අවස්ථාව මෙය විය. ඒ සියලු දෙනා සිනා මුසු මුහුණින් යුතුව දුම්රියට අත වනා ගත් ගමන් ය. මෙවැනි දුෂ්කර ප්‍රදේශ හා කොලොම්තොට යා කරන රේල් පාර රටේ එක් බල නහරයක් වැනිය. කොලඹ වැනි ජනාකීර්ණ පැති වල දුම්රිය යනු ඉතා සුලබ තවත් එක් ප්‍රවාහන මාධ්යක් පමණක් වුවත්, මෙවැනි ග්‍රාමීය ප්‍රදේශ හරහා දෙවනත් කරමින් ඉඳහිට ධාවනය වන දුම්රිය කිහිපය ඔවුන්ට මහමෙරක් තරම් වූ ගෞරවාන්විත යන්ත්‍රයකි.

පෙර රාත්‍රියේ මා සිත තුළ ප්‍රශ්නයක් ද ඉතුරු කර ගනිමින් තනිවම සීසෑ මිනිසා දිරිමත් කර හෝන් නාද කලද, ඒ සියලු ප්‍රශ්න මේ මොහොතේ සිත තුලම විසදී අවසන් ය. මුලු යායම එකට වපුරන දිනට තම කුබුර සකස් කර ගැනීමට ප්‍රමාද වූ ඔහු පෙර දින එලි වන තුරුම සීසා ඇති බව ඈත ගසක් යට රෝද වල තවමත් මඩ සමග නිසලව සිටින ට්‍රැක්ටරය මා සිත තුල පෙර රාත්‍රියේ නැගුනු ප්‍රශ්න වලට පිලිතුරු දෙන්නාක් මෙන් ගිමන් හරිමින් සිටී. දුම් රියට අත වනන පිරිස අතර සීසාමින් රැය පහන් කල ඔහු ද අනිවාර්යයෙන් සිටින්නට ඇත. නමුත් රාත්‍රියේ ඔහු වෙනුවෙන් හෝන් නාද කල දුම් රිය රියදුරු මම ම යැයි ඔහු කිසි විටකත් නොසිතන්නට ඇතිය.

පැය දහයකටත් අඩු කාල පරාසයක් තුල දුම් රිය ගමන් වාර දෙකකදී එකදු වචනයකින් වත් සන්නිවේදනයක් නොමැතිව ඇසින් දුටු දසුන් වලින් පමනක් ජන ජීවිතයක් කියවීම වුර්තියේ යෙදී සිටියදී ලැබිය හැකි උපරිම විදීමක් යැයි සිතමි. ඇත්තෙන්ම ජන ජීවිතර දැක බලා අත් විදීම පමනක් නොව, ඔවුන්ව මොහොතකට හෝ දිරිමත් කිරීමට හේතුවක් වීම කිව නොහැකි තරම් වූ ආත්ම තෘප්තියකි. ඒ සදහා අවශ්‍ය වන්නේ සියලූ දේ දෙස අවදානයෙන් සෞන්දර්යාත්මක ලෙස බැලිය හැකි සිතක් පමණි.

සටහන - Amitha Egodawithana

12/05/2024

wedding bells ❤🎉congratulations Laksh*tha ---Photo courtesy goes to first owner.
08/05/2024

wedding bells ❤🎉

congratulations Laksh*tha

---

Photo courtesy goes to first owner.

Like and Share our posts & Help us grow! ❤
07/05/2024

Like and Share our posts & Help us grow! ❤

Help Us Grow ! ❤Please like, Share and invite your friends to like our page.
04/05/2024

Help Us Grow ! ❤
Please like, Share and invite your friends to like our page.

Samudra Devi Samudra Devi  (සමුද්‍ර දේවී) is a daily passenger train in Sri Lanka, operated by Sri Lanka Railways. The t...
03/05/2024

Samudra Devi
Samudra Devi (සමුද්‍ර දේවී) is a daily passenger train in Sri Lanka, operated by Sri Lanka Railways. The train runs on the Coastal line, from Galle to Maradana in the morning, and the return service is in the evening.
---
Help Us Grow ! ❤
Please like, Share and invite your friends to our page.

Like and Share our posts & Help us grow! ❤
03/05/2024

Like and Share our posts & Help us grow! ❤

GALU KUMARI
02/05/2024

GALU KUMARI

02/05/2024

සබරගමුව දුම්රිය මාර්ගයේ පැල්මඩුල්ල දිගුවේ, ඕපනායක දක්වා දුම්රිය මාර්ගය ඉදිකොට වැඩ අවසන් කරන ලද්දේ මීට වසර 105කට පෙර 1919 අද වැනි මැයි දෙවැනිදාක ය.

ඕපනායක දකවා පළමුවරට දුම්රියක් ධාවනය වූයේ, 1919.05.03 වැනිදාය.

29/04/2024

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Rail Gazette posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share