Trippy

Trippy Travel | Adventures | Lifestyle | Nature

07/08/2022

ලස්සනයි නේත මං 🐕😍❤️😘

Video credits - romantic moments
Page එකටත් Like කරන්න 🖤🇱🇰 Trippy

'මන්කි පොක්ස්'  🐒වසංගත අවදානමට - දැනුම් සූදානම!!මෑතක් වන තෙක්ම මධ්‍යම සහ බටහිර අප්‍රිකානු කලාපයේ පමණක් දක්නට ලැබුණු, බෝව...
06/08/2022

'මන්කි පොක්ස්' 🐒

වසංගත අවදානමට - දැනුම් සූදානම!!

මෑතක් වන තෙක්ම මධ්‍යම සහ බටහිර අප්‍රිකානු කලාපයේ පමණක් දක්නට ලැබුණු, බෝවන රෝගයක් වන 'මන්කි පොක්ස්' තත්වය ලොව විවිධ රටවල් ආක්‍රමණය කරමින් පැතිර යන්නට පටන්ගත් අවස්ථාවේ දී ම, ඒ පිළිබඳව මූලික කරුණු ඔබ වෙතගෙන එන්නට අප කටයුතු කලා.

රටවල් 75 කට පමණ ඉතා ඉක්මනින් මෙම රෝගයේ පැතිරීමත්, තහවුරු කල මරණ පහක් සමගින් 16,000කටත් වඩා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීමත් සමඟම ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය 'ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්වයක්' (Public Health Emergency of International Concern) ලෙස ප්‍රකාශයට පත් කරන්නට කටයුතු කලා. අප රටෙන් තවම රෝගීන් වාර්තා වී නැතත් , ලංකාව අවට රටවල් කිහිපයකටම 'මන්කිපොක්ස්' ඇතුලු වී ඇති අවස්ථාවක නැවත වතාවක් ඔබේ දැනුම මෙලෙස යාවත්කාලීන කිරීම වැදගත් වනු ඇතැයි අප විශ්වාස කරනවා.

'මන්කි පොක්ස්' ආසාදිත පුද්ගලයෙකු සමඟ ඉතා සමීප ආශ්‍රය හරහා නිරෝගී අයෙකුගේ සිරුරට වෛරසය ඇතුලු විය හැකියි. රෝගය නිසා ඇතිවන බිබිලි හා තුවාලවල , අනෙකුත් ශාරීරික තරලවල, අසාදිත ශ්වසන බිඳිතිවල මෙන්ම ආසාදිතයා මෑතක දී භාවිතා කල ඇඳ ඇතිරිලි වැනි දෑ වලත් වෛරසය අඩංගු විය හැකි බව සඳහන්. එනමුත් මෙය ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් නොවේ.

උණ, වසාගැටිති ඉදිමීම, මස් පිඩු වේදනාව, ශරීරයේ දැඩි විඩාපත්බව සමග , ඇතිවන බිබිලි මෙහි දී රෝග ලක්ෂණ ලෙස දක්නට ලැබෙනවා. ආසාදිතයෙකුට නිරාවරණය වී දින 5 - 21 කාලයක් රෝග ලක්ෂණ පහළ වීමට ගතවිය හැකියි.

සාමාන්‍යෙයෙන් උණ ඇති වී දින 1-3 ගත වනවිට බිබිලි හටගැනීම සිදුවන අතර ප්‍රධාන වශයෙන් මුහුණත් දෑත් සහ පතුල්වලත් මේවා දකින්නට ලැබෙනවා. එමෙන්ම මුඛය, ලිංගික ප්‍රදේශ සහ ඇස් ආශ්‍රිත ශ්ලේෂ්මල වලත් වේදනාකාරී බිබිලි / තුවාල හටගන්නා අවස්ථා තිබෙනවා. මුලින්ම පැල්ලම් ලෙස මතුවී, බිබිලි , ගැටිති සහ දිය පට්ටා හෝ සැරව බිබිලි බවට පත්වෙන මෙම කුෂ්ඨ සුව වන විට සම මතුපිට කබොල්ලක් සෑදෙන අතර ඒවා ද සම්පූර්ණයෙන් හැලී යෑමෙන් පසුව ආසාදනය සුව වී ඇති බව නිගමනය කල හැකි වනවා. මෙම රෝග ලක්ෂණ, පැපොල / අත් - පා - මුඛ රෝගය වැනි සුලබ වෛරස ආසාදන වලදීත් දැකිය හැකි නිසා නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගැනීම මෙන්ම , රෝග ලක්ෂණ ඇති වූ වහාම අන් අයගෙන් වෙන් වී සිටීමත් ඉතා වැදගත්.

'මන්කි පොක්ස්' සාමාන්‍යයෙන් සති 2-4 කාලයකින් ඉබේ සුවපත්වන (Self limiting) රෝගයක් වුවත් , ප්‍රතිශක්ති ඌණතා සහිත පුද්ගලයින්ට සහ කුඩා දරුවන්ට සංකූලතා ඇති වීමේ අවදානමක් පවතිනවා. මේ වනවිට මෙම වසංගතයේ මරණ අනුපාතය ගණනය කර ඇත්තේ 3 -6 % ලෙසයි. එමෙන්ම මෙම රෝගය බෝවීමේ වේගය, පැපොල / සරම්ප වැනි වෛරස් රෝග බෝවීමේ වේගය හා සැසඳූ කල ඉතා අඩු අගයක් බව දැක්වෙනවා.

පවත්නා අර්බුදකාරී වාතාවරණය හමුවේ මේ වසංගත අභියෝගයත් කෙලෙස හෝ ජයගැනීමට අපට සිදු වෙනවා. ඒ සඳහා අප විසින් ලබා දෙන මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් උපරිම සහයෝගය ලබා දීමට පුරවැසි ඔබ කටයුතු කරනු අතැයි අප බලාපොරොත්තු වෙනවා.

නැවතත් අතීතයට ,ඇසළ පෙරහර සමය ආරම්භ විමත් සමග දිවයිනේ සතර දිග් භාගයේ ඉන්න අලි ඇතුන් නුවරට එන්න පටන් ගෙන, හැබැයි වෙනදා වගේ...
06/08/2022

නැවතත් අතීතයට ,

ඇසළ පෙරහර සමය ආරම්භ විමත් සමග දිවයිනේ සතර දිග් භාගයේ ඉන්න අලි ඇතුන් නුවරට එන්න පටන් ගෙන, හැබැයි වෙනදා වගේ ලොරි රථ වලින් නම් නෙමයි. රටේ තියෙන ඉන්ධන ගැටලුව මුල් කරගෙන මේ ගමන සිදු වෙන්නේ පාද චාරිකාවෙන්.

අතිතයේ මේ වගේ ප්‍රවාහන පහසුකම් නොමැති කාලේ අලි ඇතුන් පා ගමනින් තම ගියේ. පහතරට අලි උඩරට ආවා
රත්නපුරේ ඉන්න අලි ඇත්තු නුවර ආවා
බර වැඩ කරපු අලි ඇතුන් කන්නලිය, දෙදියගල පැති වලට පයින්ම ගියා. ගොඩක් වේලාවට සවස් යාමේ, නැත්නම් රාත්‍රි යාමේ තමා ගමන් යන්නේ. ලන්තැරැම් එළියෙන් යන ගමන හරි රහයි. ගමන තවත් සුන්දර වෙන්නේ ඉස්සර අලි බාසුන්හේලා අලි බැලිමට අමතරව බටනලා වාදනයටත් දක්ෂ විමයි. ඉතින් අලි ඇතුන් ඕකටත් කන් දිගෙන එයලාගේ බෙල්ලේ දලා තියෙන මිණි ගෙඩි ජොඩුවෙන් නිකුත් වෙන පස් ආකාරයේ ශබ්දයන්ට ( මිණිගෙඩි නිර්මාණය කරන්නේ පස් ලෝහ වලින් වන නිසා) කන් යොමාගෙන යන ගමන හරිම අපුරුයි. තව දෙයක් තමා අලි ඇත්තු සංගිතය, මිහිරි ශබ්දයට හරිම ආශා කරන සත්ව කොට්ටාශයක් නිසා මේ ගමන යෙදෙන්නේ කැමැත්තෙන් 😊
එ නිසා නොදැනිම ගමනාන්තයටම යන්න පුලුවන්. අනික් අතට එක ඉතින් අලි ඇතුන්ගේ ශරිර සෞඛ්‍යටත් හොදයි.
අපේ වැඩිහිටියන්ටම එයාගේ පරණ අතිතය මතක් වෙනවා ඇති මේ වාර අලි ඇතුන් පා ගමනින් නුවර එන නිසා...

Page එකටත් Like කරන්න 🖤🇱🇰 Trippy

📸 Rohana Agalakumbura
03/08/2022

📸 Rohana Agalakumbura

27/07/2022

ජීවත් වෙන්න ලේසිම විදිය ❤️☝️

Page එකටත් Like කරන්න 🖤🇱🇰 Trippy

26/07/2022

Respect Girls ☝️❤️
අපි හැමෝටම පුළුවන් අපි වෙනුවෙන් බිය නොවී හඩනගන්න මෙ වගේ 🔥

Video - k m b a bandara ©

Page එකටත් Like කරන්න 🖤🇱🇰 Trippy

විනාඩියක් නැවතිලා කියවන්න 🖤☝️දරුවකු බිහි කරන විට, මිමි. 10ක් සාමාන්‍ය යෝනි කුහරයක් දිගයි. සංසර්ගයකදි දෙකත් තුනක් හෝ වැඩි...
25/07/2022

විනාඩියක් නැවතිලා කියවන්න 🖤☝️

දරුවකු බිහි කරන විට,

මිමි. 10ක් සාමාන්‍ය යෝනි කුහරයක් දිගයි. සංසර්ගයකදි දෙකත් තුනක් හෝ වැඩිය ඇදෙනවා ,
ඒත් දරු ප්‍රසූතියකදී යෝනි කුහරය 15 cm පමන දරුවගෙ හිස ප්‍රමානය දික් වෙනවා..
එක ස්වාබාවිකම වෙන දෙයක්....
ඉට අමතරව එම යොනි මාර්ගය දරුවාගෙ හිස එමට එ 15cm ප්‍රමානය අඩු වුවහොද බ්ලේඩ් එහෙකින් කපනවා.😳 එ වෙදනාව කොහොම ඇත්ද විදලා නැති අය හිතින් විදින්න,
අස්ති 50 පමන කැඩෙන වෙදනාවක් ඇයට දැනෙනවා... එ නොමල් දරු ප්‍රසූතියකින් එහෙම වෙනවා...

සිසර් දරු ප්‍රසූතියකින් කොදු නාරටිය මැද්දට ලොකු සිලින්ඩර යකින් බෙත් එකක් විදිනවා පපුවෙන් පල්ලෙහා හිරි වැටෙන්න එ කරලා තට්ටු හතක් යටට කපලා, මැහුම් 34 දානවා. එ කරල හිරි ඇරුනාම දැනෙන වෙදනාව තනිකර ඇගෙ නහරයක් පසා තුවාල වෙදනව... මළ මුත්‍රා කරන්නවත් ඇයට හරියට අමාරුයි..... ඇවිදින්න බැ.. දරුවට කිරි ටික පොවාගන්න අමාරුයි.. එත් ඇය අර තුවාල වෙදනාව අතරිනුත් ඇය ලෙ ටික කිරි කරනවා..

මිට අමතරව මෙම දරු ප්‍රසූති දෙවිදියෙන් පසුවම නැවත ඔසප් වීම ආරම්බ වෙනව හිතන්න කොයි තරම් වෙදනාවක් ඇත්ද???

ඇයගෙ ශරීරය තනිකරවම වේදනාවට ඔරොත්තු දෙන්න මහබබු මවා තිබ්බෙන්නෙ...

රාගික ස්ත්‍රී ජායාරූප යක් දුටු පමනින් විකෘති මනසක් ඇති කරගන්න කලින් දෙපාරක් හිතන්න .
වෙන කිසිදු ශරීරයක ට උපතක් දෙන්න බැ..
ඇය තනිකරන දෙවියන් විහින් මවපු මයාවක්..
ඇය හොද හොද ගැහැනිය ක් හො ඇය වයිශ්‍යාවක් විය හැකි.. නමුත් ඇය හොද ගැහැනිය ක් වන්නෙද නරක ගැහැනිය ක් වන්නෙත් ඇයට උරුම දයිවය අතින්...

ඉදින් දුටු පමනින් මත් වෙන්න කලින් ඇය දෙස කලාත්මකව බලන්න. ඇය තරම් කලාවක් මෙලොව නැත වේදනාවල් දහස් ගනනක් අතරින් ලෙ කිරි කර හිනාවෙන ඇය කලාවක්....

ඇය නිද්‍රාවක්.....
ඇය කලාවක්.....
ඇය මයාවක්.....
ඇය මුලාවක්......
ඇය ගැහැනිය ක්.......

උපුටාගනීමකි ! 📄
✍️ sew..

Page එකටත් Like කරන්න 🖤🇱🇰 Trippy

ඇත්තටම මං ආස ගොඩක් දේවල් තියෙනවා..♥️🌸ඒ අතරින් මං ආසම ජීවිතේ නොසෑහෙන්න දුක් විදපු මිනිස්සු දවසක ලස්සනට හිනාවෙලා ඉන්නව දකි...
23/07/2022

ඇත්තටම මං ආස ගොඩක් දේවල් තියෙනවා..♥️🌸

ඒ අතරින් මං ආසම ජීවිතේ
නොසෑහෙන්න දුක් විදපු මිනිස්සු
දවසක ලස්සනට හිනාවෙලා ඉන්නව දකින්න...

මොනතරම් මිනිස්සු ඉන්නවද
එදා වේල කන්න නැතුව ඉන්න අය
වතුර පොදක්වත් නැතුව ඉන්න අය

ටික දෙනෙක් බඩ පිරෙන්න කාලා
සතුටින් ඉන්න මොහොතක
තව ටික දෙනෙක් කන්නවත් නැතුව
ඩස්පින් වල ඒවා එකතු කරන් කන අයත් අනන්වත් ඉන්නවා...

තමන් කන දෙයක්
පුලුවන් විදියට
අනිත් අයටත් දීලා
කන්න පුරුදු වෙන්න....

මොනදේටත් වැඩිය
අපිට වටින්නෙ
හිතේ සතුටයි සැනසීමයි...

හැමෝටම පුලුවන් වෙන්න ඕනා
ලස්සනට ජීවත් වෙන්න
හැමෝටම ලැබෙන්න ඕනා
ලස්සන ජ්ව්තයක්..

අද දුක් විදින අය හෙට සැප විදින්න පුලුවන් වෙන්න ඕනා
හැම මනුස්සයෙක්ටම හරියන්න ඕනා

♥️🌸 🖋- Ruhee

බිරිඳව බැලන්ස් කරන රහස් 25 ක්.... 👇කසාද පිරිමින්‍ට පමණයි !!!! 😜☝️1🙂රියදුරු බලපත්‍රයක් නැත්නම් ඉක්මනට අරගෙන දීපන්2🙂ඊට පස්...
21/07/2022

බිරිඳව බැලන්ස් කරන රහස් 25 ක්.... 👇
කසාද පිරිමින්‍ට පමණයි !!!! 😜☝️

1🙂
රියදුරු බලපත්‍රයක් නැත්නම් ඉක්මනට අරගෙන දීපන්

2🙂
ඊට පස්සේ, වහන පදවන්න, උබ බිරිදගෙන් ඉගෙන ගත්‍ත විදියට හිටපන්

3🙂
අම්මත් එක්ක කතා කරන්න කපල් සිම් එකක් තෑගි කරපන්

4🙂
නෑදෑයෝ කියලා ඉන්න පුළුවන් බිරිදගේ පැත්තෙන් විතරක් බව වටහා ගනින්

5🙂
ගෙදර ඔප්පුව උබේ නමට තිබ්බත් අයිතිය බිරිදගේ කියලා සැමට කියපන්

6🙂
කෑමට ලුණු මදි උනත් රසට කනවා වගේ රගපාපන්

7🙂
රැ කෑමට කඩෙන් අරගෙන යාම ජීවිතේ අනිවාර්ය කොටසක් කරගනින්

8🙂
බිරිද හැමදාම නාන්නේ නැත්තේ උබේ අපලයක් නිසා කියලා හිත හදාගනින්

9🙂
ප්‍රශ්නයකදි හැරෙන්න අනිත් හැම දේටම බිරිද first කියපන්

10🙂
ලමයි ලොකු වෙනකොට උබ වගේ උනාට පොඩිකාලේ බිරිද වගේ කියපන්

11🙂
පොඩි දේටත් රණ්ඩු කිරීම පිරිමින්ට විතරක් හැදෙන ලෙඩක් කියලා හිතපන්

12🙂
සුපර්මාර්කට් එකේදී සල්ලි ගෙවන වෙලාව විතරක් පේන්න හිටපන්

13🙂
ඇදූම් ගන්න යන්න වෙනම දවසක් වෙන් කරපන්

14🙂
ගෙනාපු ඇදූම් මාරු කරන්න යන්න තව දවසක් තියා ගනින්

15🙂
අල්මාරිය ඇදූම් වැඩිවෙලා වහන්න බැරි උනත් දැක්කේ නෑ වගේ හිටපන්

16🙂
බිරිදගේ සල්ලි එයාගේ, උබේ සල්ලි පොදුයි කියලා කියපන්

17🙂
සල්ලි දුන්නොත් ඉතුරු සල්ලි ගැන අදහස අතහැරපන්

18🙂
බිරිදගේ මොලේට ගහන්න තව මොලයක් නෑ කියලා පිලිගනින්

19🙂
පොඩි දේටත් කේන්ති අරගෙන කැ ගැසීම බිරිදගේ අයිතිවාසිකමක් ලෙස පිලිගනින්

20🙂
බිරිද ගිය ඉස්කෝලේ බලද්දි උබ ඉස්කෝලේ ගිය නැති විදියට හිටපන්

21🙂
උබේ යාළුවෝ, බිරිදගේ යාළුවන්ගේ ලගින්වත් තියන්න බෑ කියපන්

22🙂
බිරිද තරුණ වෙන්න වෙන්න, උබ විතරක් වයසට යනබව සිහිකරපන්

23🙂
ඇස් කන් පේන්නේ නැත්තේ පිරිමින්ගේ විතරක් බව සිහිතබා ගනින්

24🙂
ගැණුන්ගේ මොලේ හැන්දි මිටේ තරමට කියමන ලොකු බොරුවක් කියපන්

25🙂
බිරිදට phone එකක් නැති බවත් වැඩියෙන්ම phone එකේ ඉන්නේ උබ බව පිලිගනින්

***********************************************
බිරිද යනු "සෑම විටම නිවැරදි" කියන සුන්දර යුවතියක් බව තරයේ මතක තබා ගන්න.

ඔයාලත් මෙන්න මේ විදියට හිටියොත් සාර්ථක ප්‍රශ්න නැති ලස්සන ජීවිතයක් ගත කරන්න ඔයාලටත් පුළුවන් 🙂☝️😍

©

Page එකටත් Like කරන්න Trippy 🖤

ආදරේ කරන හැමෝමබලාපොරොත්තු වෙන්නෙ ඕනම් දෙයක් බයක් සැකක් නැතුව කතා කරලා විසදගන්න පුලුවන් ඔළුව කන්නෙ නැති පිරිමියක් ගැහැනිය...
21/07/2022

ආදරේ කරන හැමෝම
බලාපොරොත්තු වෙන්නෙ ඕනම් දෙයක් බයක් සැකක් නැතුව කතා කරලා
විසදගන්න පුලුවන් ඔළුව කන්නෙ නැති පිරිමියක් ගැහැනියක්...

ඒ වගේම දෙන්නට දෙන්නව තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනා
ආදරේ කරද්දි..🌸

හැමෝම කැමති තමන්ට තමන්ගෙ නිදහස තියෙනවනම
නිදහසේ ඕන දෙයක් කරන්න තියෙනවනම්
ගොඩක් අය හිතන්නෙ ආදරේදි ඒ නිදහස නෑ කියලා නේද?.....

එහෙම නෙවෙයි
නිදහස තියෙන්න ඕන ඒක ඇත්ත
ඒත් ආදරේදී දෙන්නම එක්කෙනෙක් කියලා හැම වෙලාවෙම හිතන්න
නිදහස දෙනව කියලා ඕන දෙයක් කරලා ඕන විදියට ඉන්න කියලා අතඇරලා දාපුවම එතන නිදහස දෙන එක නෙවෙයි තියෙන්නෙ එතන ආදරයක් නැති කමයි...

හොයලා බලන්න ඕන රන්ඩු කරන්න ඕන බැන ගන්න ඕන
එතනයි ඇත්තටම ආදරේ තියෙන්නෙ...

කවදාවත් තමන් ආදරේ කරන කෙනෙක් නෙවෙයි තමන්ට ආදරේ කරන කෙනෙක් හොයාගන්න
ඒ වගේ කෙනෙක් කවදාවත් නැති වෙන්නෙ නෑ
එතන ඔයාට වැඩිය එයා ඔයාට ආදරේ නිසයි ඔයා ලගටම ආවේ
ඔයාව හොයාගෙන ආවේ

ඔයාට ආදරේ කරන කෙනෙක් උනත් ඔයා ආදරේ කරන කෙනෙක් උනත්
ආදරෙයිනම්
දෙන්නට දෙන්නගේ ආදරේ විශ්වාසයිනම් ඒ ආදරේ පරිස්සම් කරගන්න..

♥️🌸😍

එය එසේ වනතුරු අපි එකම තැන ☝️🇱🇰❤️Trippy
19/07/2022

එය එසේ වනතුරු අපි එකම තැන ☝️🇱🇰❤️

Trippy

" සදකඩ පහණක කැටයම් ඔපලා" කියන සිංදුව අහලා තිබුනට එකේ තේරුම ගොඩක් අය දන්නේ නැතුව ඇතිනේ.... කියවලා බලන්නකෝ කොච්චර ගැබුරු හ...
19/07/2022

" සදකඩ පහණක කැටයම් ඔපලා"

කියන සිංදුව අහලා තිබුනට එකේ තේරුම ගොඩක් අය දන්නේ නැතුව ඇතිනේ.... කියවලා බලන්නකෝ කොච්චර ගැබුරු හැගීම්බර තේරුමක්ද තියෙන්නේ කියලා.

සදකඩ පහණ කියන්නේ කලාකරුවෙක් අතින් නිර්මාණය වෙන අපුරු නිර්මාණයක්... මේකේ සදකඩ පහණකට ආරෝපණය කරලා තියෙන්නේ සැමියා නැති, කුඩා දියණියක් සිටින රූමත් කාන්තාවක්...

සදකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී.....
තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිස්සු එනවා. පාවෙන දේදුණු කියලා උපමා කරන්නේ ඒ මිනිස්සුන්ට,

කැලතුන රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවී...
මේ තහනම් ඇසුරේ කැලතුන රසය ගැන දන්නේ පැමිණෙන මිනිසාත් ගැහැණියත් පමණි.

සදකඩ පහණ කොපමණ අනගි නිර්මාණයක් උනත් ඒක පයට පෑගෙනවා,
ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන උනත් සමාජයේ ගැරහුමට ලක් වෙනවා

යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා සියුමැලි කැකුලක් මැල වෙද්දී....
මේ විදියට දිගින් දිගටම මිනිසුන් ඇසුරුකරන මේ කාන්තාව ගණිකාවක් බවට පත් වෙනවා.. එතකොට ගැහැණියගේ දරුවා නිවසේ තනි වෙනවා. කැකුලකට උපමා කරලා තියෙන්නේ ඒ දියණිය,

දහසක් පෙති මත රහසක් සගවා තුඩින් තුඩට ගෙනයන බින්දු...
ඇයව ඇසුරු කරන මිනිස්සු ඇය ගැන තමන්ගේ යාළුවන්ටත් කියනවා.ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනවා,

අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුසුවුණු වැහි බින්දු...
මේ කාන්තාව මේ කටයුත්ත කරන්නේ කැමැත්තෙන් නෙවේ... තම දරුවාගේ ජීවිතය වෙනුවෙන්,

ඈ ගෙන යද්දී නටබුන් අතරින් තවකෙකු ඈ වෙත හද රැන්දූ...
පැමිණෙන පුද්ගලයා අසුරුකරලා ඉවර උන ගමන් ඈ ඇසුරු කරන්න තව පුද්ගලයෙක් එනවා. මේ විදියට ඈට තම ජීවිතය ගැටගහා ගන්න මිනිස්සු රාශියකගේ ආශාවන් පිරිමහන්න වෙනවා,

හදවිල ඉපදුන කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා....
තමන්ගේ රැකියාවෙන් දියණියට සිදුවන අවමානය නැතිකර ගන්න තමන්ගේ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනවා.දියණියට සිදුවන්නේ අකාලයේ අම්මව අතහැරලා යන්න,

මිහිලිය තෙත්කොට ගිලිහුන කදුලක් සත් සමුදුරකට මුහුව ගියා...
මේ කාන්තාව දියණියව වෙන තැනකට යවන්නේ ගොඩක් දුකෙන්.. ඒත ඇයට ඒක තවත් එක දුකක් පමණි,

ඔබට උරුම වූ රිදුනු තැවුණු හද එක්ටැම් මැදුරක කවුරු අරා
රුවන් විමානෙන් පියබා එනතුරු පොපියන හදවත සිටි බලා....
මේ කාන්තාව තමන්ගේ දියණිය ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් තමන්ගේ අම්මව දුක්බර ජිවිතයෙන් මුදව ගන්න එනකන් ඇගිලි ගනිමින් බලන් ඉන්නවා..

උපුටා ගැනීමකි.

Page එකටත් Like කරන්න 🖤🇱🇰 Trippy

90 ගණන් වල අය විතරයි දන්නෙ 😆😍
18/07/2022

90 ගණන් වල අය විතරයි දන්නෙ 😆😍

18/07/2022

ප්‍රභාකරන් කිසිදා මට වීරයෙකු වන්නේ නැත. නමුත් ඔහු පරාජයේදි පැන ගිය නිවටයෙකු නොවීය.

අරගලයට ජය 🇱🇰❤🔥

මාතලේ ක්‍රිස්තුදේවයෙන් මුලින්ම සිප්සතර හැදෑරූ ප්‍රභාත්ට අද අහිමි වූ විරළ ලෝක වාර්තාව සහ ලබාගැනීමට හැකි තවත් ලෝක වාර්තවක්...
17/07/2022

මාතලේ ක්‍රිස්තුදේවයෙන් මුලින්ම සිප්සතර හැදෑරූ ප්‍රභාත්ට අද අහිමි වූ විරළ ලෝක වාර්තාව සහ ලබාගැනීමට හැකි තවත් ලෝක වාර්තවක්
================================

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පවත්වනු ලබන ටෙස්ට් තරඟාවලියේ ප්‍රථම තරඟයේ පාකිස්ථාන පිල ලකුණු 218 කට සීමා වෙනවා.පාකිස්ථාන පිල 218 කට සීමා කිරීමේදී ශ්‍රී ලංකා පිලේ දඟ පන්ඳු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ලකුණු 82 කට කඩුළු 5 ක් බිඳ හෙලනු ලබනවා.ප්‍රභාත් ජයසූරිය මේ සමඟම සිය ප්‍රථම ඉනිම් 3 තුලඳී අඛණ්ඩව කඩුළු 5 ක් හෝ ඊට වඩා බිඳ දැමූ ලොව තුන්වන ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොත් අතරට එකතු වෙනවා.

වසර 145 ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල මෙවැනි දස්කමක් මීට ප්‍රථමව වාර්තා කොට තිබෙන්නෙ ක්‍රීඩකයන් තිදෙනෙක් පමණයි.ඉන් පළමු වැන්නා වූයේ එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩාකල වේගපන්දු යවන ක්‍රීඩක "ටොම් රිචඩ්සන්" ය.ඔහු 1893 වසරේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව මැන්චෙස්ටර් හී පැවති තරඟයේදී ප්‍රථම ඉනිමේදී ලකුණු 49 කඩුලු 5 ක්,දෙවෙනි ඉනිමේදී ලකුණු 107 කට කඩුලු 5 ක් සහ සිඩ්නි හී පැවති තරඟයේදී ලකුණු 181 කට කඩුලු 5 ක් බිඳහෙලමින් මේ දස්කම දක්වන අතර දෙවැන්නා වූ ඕස්ට්‍රේලියාව බිහිකල දඟ පන්ඳු යවන්නෙකු වූ "ක්ලෑරී ග්‍රිමට්" 1925 වසරේදී එංගලන්තයට එරෙහිව සිඩ්නි හි පැවති තරඟයේදී ප්‍රථම ඉනිමේදී ලකුණු 45 කට කඩුලු 5 ක් දෙවෙනි ඉනිමේදී ලකුණු 37 කට කඩුලු 6 ක් සහ පසුව එංගලන්තයේ ලීඩ්ස් හී 1926 වසරේදී පවත්වන ලද තරඟයේ ප්‍රථම ඉනිමේදී ලකුණු 88 කට කඩුලු 5 ක් වශයෙන් බිඳහෙලමින් මෙම වාර්තාව පිහිටුවා ඇත. ඒ අනුව මේ ලැයිස්තුවට එකතුවූ තුන්වෙනි ක්‍රීඩකයා ලෙසට ප්‍රභාත් ජයසූරිය එක් වන්නේ ග්‍රිමට් මෙම දස්කම සිදුකොට වසර 97 කට පසුවය.

යම්හෙයකින් ප්‍රභාත් ජයසූරිය විසින් අද දින කඩුළු 6 ක් බිඳ දැමුවානම් එවැනි දස්කමක් කල ලොව පළමු ක්‍රීඩකයා වන්නට ඔහුට හැකියාව තිබිණි.පාකිස්ථාන කණ්ඩායමේ කඩුළු 07 ක් ලකුණු 87 කට දැවී ගොස් තිබෙන විට ඔහු එම කඩුලු 07 න් කඩුලු 05 ක්ම බිඳ හෙලා එම වාර්තාව දෑස මානයේ තබාගෙන සිටි නමුත් අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකා පන්දු රකින්නන් උඩපන්දු කිහිපයක් අතහැරීම හේතුවෙන් ඔහුට එම ලෝකවාර්තාව අභියසටම පැමිණ ආපසු හැරෙන්නට සිදුවිය.එම වාර්තාව අභියසටම පැමිණ හැරෙන්නට සිදුවුවත් සිය ප්‍රථම ඉනිම් 03 තුල වැඩිම කඩුළු ලාභියා යන වාර්තාව කඩුළු 17 ක් බිඳහෙලමින් තමා සතු කරගන්නට ප්‍රභාත් ජයසූරියට මේ වන විට හැකියාව ලැබී ඇත.

යම් ලෙසකින් පාකිස්ථාන දෙවෙනි ඉනිමේදි නැවත වතාවක් කඩුළු 5 ක් දවාගැනීමට ප්‍රභාත් ජයසූරියට හැකියාව ලැබුනහොත් ඔහු එවැන්නක් කල ලොව ප්‍රථමයා ලෙසින් ලෝක වාර්තා පොත් අතරට එකතු වනු ඇත.දඟපන්දු යවන්නන්ගේ පාරාදීසයක් වන සහ සිව්වන ඉනිමේදී දඟපන්දු යවන්නන්ටම ගැලපෙන ලෙසින් හැසිරෙන්නාවූ ගාල්ල වැනි ක්‍රිකට් පිටියක ප්‍රභාත් හට තවත් කඩුළු 5 ක් දවාගෑනීම එතරම් අපහසු කටයුත්තක් නොවනු ඇත.

අප බලා සිටිමු.

උපුටාගැනීම : මිගාර සමරකෝන්

Page එකටත් Like කරන්න Trippy 🖤

"හෙට උදේ මං බඳිනවා......"පරෙස්සම් කළ මතක පොත ගෙනපිටු එකින් එක ඉරනවා....ඉරෙන පිටු වල ඉන්න ඔබ ගැනපපුවෙ තැනකුත් රිදෙනවා ......
17/07/2022

"හෙට උදේ මං බඳිනවා......"

පරෙස්සම් කළ මතක පොත ගෙන
පිටු එකින් එක ඉරනවා....
ඉරෙන පිටු වල ඉන්න ඔබ ගැන
පපුවෙ තැනකුත් රිදෙනවා ....
වේලිලා ඇස් අඬන්නෑ මං
දරාගෙන තව ඉන්නවා .....
මගෙම දෑතින් මහිත මරලා
හෙට උදේ මං බඳිනවා .....

සැරින් සැරයට අම්ම ඇවිදින්
හිසේ මුදුනත ඉඹිනවා....
හීන් කඳුලක් වඩින්නට පෙර
ඔසරි පොට ඇස් පිහිනවා...
ලඟට නාවට ඈත ඉඳගෙන
තාත්තගෙ ඇස් දිලෙනවා....
ගෙදර කීකරු දෝනි හින්දා
සැනසුමක් එහි තියෙනවා .....

සාලෙ මුල්ලක පිච්ච එල්ලෙන
පෝරුවක් ඉදි කෙරෙනවා....
හීන කන්දක එහෙම හීනත්
තිබුණු මතකය මැවෙනවා....
ඇස් පියන් දෙක තදින් වහගෙන
ආයෙමත් හිත මරණවා.....
ගෙදර අයගේ සතුට සැනසුම
විතරමක් ඇති හිතෙනවා ....

කොහේ හරි ඔබ පිච්චි පිච්චී
ඉන්නවා ඇති දැනෙනවා ....
කොහොම හරි හිත ගලක් කරගෙන
ඉන්න බව මං දන්නවා ....
පෙඟුණ ඔය හිත හදාගන්නට
දිරිය ශක්තිය යදිනවා.....
නොපිරු පින් ගෙන සසරෙ දවසක
ආයෙ ඔබවම පතනවා .....

නෑවිදින් බැරි හින්ද වෙන්නැති
හෙටත් ඉර මල පිපෙනවා ....
හිතක් නැති කය වටේ හැඩයට
සේද සලු පිළි එතෙනවා....
නැකත එද්දී හිතින් ආයෙත්
ඔය දෙපා මං වඳිනවා....
පෝරුවට පෙර චිතක අවුලා
මැරුණු හිත මං දවනවා....

©✍️ දහරා

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Trippy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share