WorldGossip.lk

  • Home
  • WorldGossip.lk

WorldGossip.lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from WorldGossip.lk, News & Media Website, .

ජීවත්ව සිටි ලොව විශාලතම සර්පයා දඩයක්කරුවන් විසින් මරාදමා ඇත 😥💔අඩි 26ක් දිග සහ රාත්තල් 440ක් බරැති ලොව විශාලතම සර්පයා දඩය...
28/03/2024

ජීවත්ව සිටි ලොව විශාලතම සර්පයා දඩයක්කරුවන් විසින් මරාදමා ඇත 😥💔

අඩි 26ක් දිග සහ රාත්තල් 440ක් බරැති ලොව විශාලතම සර්පයා දඩයම්කරුවන් විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මෙම විශාල ඇනකොන්ඩා මීට සති පහකට පෙර බ්‍රසීලයේ දුරස්ථ ඇමසන් වනාන්තරයෙන් සොයාගෙන තිබුණා.

ගැහැණු සතෙක් වූ මෙම ඇනකොන්ඩා මෝටර් රථයක ටයරයක් මෙන් ඝනකමකින් යුක්ත වූ අතර හිස මිනිස් හිසක් තරම් විශාල බවට වාර්තාකර සිටියා.

මෙම සර්පයා විද්‍යාඥයන් විසින් ඇනා ජූලියා ලෙස නම් කර තිබුනා.

ඇනා ජූලියා බ්‍රසීලයේ Mato Grosso do Sul ප්‍රාන්තයේ Bonito හි ග්‍රාමීය ප්‍රදේශයේ Formoso ගඟේ මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.

උපුටාගැනීමක්

11/08/2021
❤🔥
11/08/2021

❤🔥

❤️
11/08/2021

❤️

මෙවන් ආරක්ෂාවක් ලැබීමට භාග්‍යවන්ත වූ පින්වත් නැදුන්ගමුවේ ඇත් රජු අප රටට සම්පතකි ❤

#ඇසළපෙරහැර2021

Photo Credits: Anuk Wijerathne

ඉන්දියාවේ දූෂිතම ගංගාව තමයි යමුනා නදිය. කාර්මික අපද්‍රව්‍ය , වැසිකිලි, නේවාසික ආදී නොයෙකුත් අපද්‍රව්‍ය බැහැර වන අවසානය ව...
27/06/2021

ඉන්දියාවේ දූෂිතම ගංගාව තමයි යමුනා නදිය.
කාර්මික අපද්‍රව්‍ය , වැසිකිලි, නේවාසික ආදී නොයෙකුත් අපද්‍රව්‍ය බැහැර වන අවසානය වන යමුනා නදියට අපද්‍රව්‍ය දීර්ඝ කාලයක් තිස්සෙ එකතු වෙලා ගග අයිනට ආවාම හිරු එලිය, රසායන ද්‍රව්‍ය වල බලපෑම හන්දා පොලිතීන් ප්ලාස්ටික් වගේ දේවල් වලින් හැදුන විෂ සහිත ස්ථරයක් වගේ එකක් තමයි මේ සුදු පාටට පෙණ වගේ පේන්න තියෙන්නෙ. ඉතිං මේවා ගොඩක් විෂ සහිත උනත් ඒකේන් ආතල් ගන්න අය වගේම... ගංගාව වන්දනා මාන කරන අයත් ඉන්නවා. මේ තියෙන්නෙ ඒ පොටෝ ටිකක් 😋

Source: DailyMail , The Indian Express

😍🙏😌
25/06/2021

😍🙏😌

අඩු වයසෙන් මැරෙන්න..කැන්සර් හොස්පිටල් යන්න කරන්න ඕන දේපොෂ් වෙන්න..........................................සොසේජ් කන්න (ස...
23/06/2021

අඩු වයසෙන් මැරෙන්න..
කැන්සර් හොස්පිටල් යන්න කරන්න ඕන දේ

පොෂ් වෙන්න..........................................
සොසේජ් කන්න (සතුන්ගේ සියලු අපද්‍රව්‍ය සමග)
දවස් තිස්පහේ චිකන් කන්න....
ක්ෂණික නූඩ්ල්ස් කන්න....
පෙප්සිකෝලා බොන්න.....
නෙස්ටමෝල්ට් බොන්න..
පිටිකිරි බොන්න...
සුප් කැට දිනපතා පරිභෝජනය කරන්න..
රසකාරක බහුලව කන්න.
වස විස යෙදූ ආහාර ගන්න
චීස් හැම්බේකන් වැඩිපුර කන්න..
කූල් වතුර නිතර බොන්න...

පෝස්ට් එක නිකන් දැම්මේ 🙂

උපුටාගැනිමකි

🤪
20/06/2021

🤪

දැනුමට යමක්💥ලොව පුරා සිටින කැස්බෑ විශේෂ කිහිපයක්..❤️තව තවත් මෙවැනි දෑ දැනගැනීමට පේජ් එකට ලයික් එකක් දාගන යමු..🙏
20/06/2021

දැනුමට යමක්💥
ලොව පුරා සිටින කැස්බෑ විශේෂ කිහිපයක්..❤️
තව තවත් මෙවැනි දෑ දැනගැනීමට පේජ් එකට ලයික් එකක් දාගන යමු..🙏

බාහුබලී තිරය පිටුපස..❤️පේජ් එකට ලයික් එකක් දාගන යන්..😊
11/06/2021

බාහුබලී තිරය පිටුපස..❤️

පේජ් එකට ලයික් එකක් දාගන යන්..😊

යක්ඛ පුතුන්ගේ වැඩ..🙄😓
10/06/2021

යක්ඛ පුතුන්ගේ වැඩ..🙄😓

දකුණු අප්‍රිකාවේ දස නිවුන් දරු උපතක්.. අපේ රටේ නොවුණත් බුදු සරණයි ❤️ පේජ් එකට ලයික් එකක් දාගන යමු.
09/06/2021

දකුණු අප්‍රිකාවේ දස නිවුන් දරු උපතක්.. අපේ රටේ නොවුණත් බුදු සරණයි ❤️
පේජ් එකට ලයික් එකක් දාගන යමු.

ගෝනි ගණනින් උයන සිරගෙදර 😧😲කුස්සියේ ‘සිරබත’ හැදෙන හැටි  -   රාත්‍රී ආහාරය දෙන්නේ සවස දෙකයි තිහට-   කාන්තා බන්ධනාගාරයට ආහා...
09/06/2021

ගෝනි ගණනින් උයන සිරගෙදර 😧😲
කුස්සියේ ‘සිරබත’ හැදෙන හැටි

- රාත්‍රී ආහාරය දෙන්නේ සවස දෙකයි තිහට
- කාන්තා බන්ධනාගාරයට ආහාර සකසන්නේ පිරිමි සිරකරුවන්
- බරපතළ වැඩ සහිත සිරකරුවකුගේ රාත්‍රී ආහාරය ලුණුයි - බතුයි පමණයි
- එළවළු කපන්නේ තුඩක් නැති පිහිවලින්

හිරේ ඉන්න හැම කෙනාම අපරාධකාරයෝ නොවේ. නියම අපරාධකාරයෝ ඉන්නේ හිරේමත් නොවේ. කොහොම වුණත් අපරාධකාරයෙක් කියන්නේ මුළු මහත් සමාජයක වැරදී ගොන්නක එකතුවක්. කරපින්නාගෙන ආව කරුම ගෙවලම ඉවර කරන්න වෙන ජීවිතේ කවුරු වුවත් කළේ වරදක් නම් දඬුවම යනු විඳින්නම වෙන අත්දැකීමකි. එහෙත් චූදිතයා වී සිටින්නේ වින්දිතයෙක් නම් එය ඛේදවාචකයකි.

ඉරිදා ලංකාදීප අප අද ඔබ කැඳවාගෙන යන්න හිතුවා මෙන්න මේ වැරදි කරපු නොකරපු අය සිරකර සිටින වැලිකඩ බන්ධනාගාරයට.

ඒ තවත් අපරාධයක සුලමුල සොයන්නට හෝ අපරාධකරුවෙක් ගැන කියන්න නම් නොවේ අද යන්නේ වැලිකඩ බන්ධනාගාරයේ කුස්සියටය.

📌️අපි සිරකාරයින්ට බෙදෙන
හිරබත් හැදෙන හැටි බලමු.
මේ වැලිකඩ බන්ධනාගාරය 1841 වසරේදී බ්‍රිතාන්‍ය රජයේ කැමරුන් (Cameron) ආණ්ඩුකාරවරයා යටතේ ඉදිකරනු ලැබූවකි. ශ්‍රී ලංකාවේ තිබෙන විශාලතම සහ උපරිම ආරක්ෂාව සහිත බන්ධනාගාරය වන වැලිකඩ බන්ධනාගාරය අක්කර 48 භුමියක ගැවසී ගත්තකි.

වැලිකඩ බන්ධනාගාරයේ ගොඩනැගිලි ඇමරිකා පෙන්සිල්වේනියා (PENNSYLVANIA) ප්‍රාන්තයේ චල්නට් වීදියේ හිරගෙදර ආකෘතියක් බව වැලිකඩ පිළිබඳ ඉතිහාස තොරතුරුවල සඳහන්ය.
1959 වර්ෂයේ සිට භාවිතයට නොගන්නා එල්ලු‍ම් ගහකින්ද යුතු වැලිකඩ බන්ධනාගාරයේ මේ වනවිට රැඳවියන් කාන්තා හා පිරිමි ලෙස තුන්දහසකට ආසන්න සංඛ්‍යාවකට පහසුකම් සපයා ඇත. ව්‍යවස්ථාපිත බන්ධනාගාර නීති 222 උපලේඛනයේ සඳහන් ආකාරයට අධිකරණයේදී ලබන සිර අච්චුවේ නිර්දේශ සහ සිරකරුවාගේ සෞඛ්‍ය තත්ත්වය අනුව ඔවුන් කාණ්ඩ ලෙස වෙන් කරනු ලබන අතර ලබාදෙන ආහාර වේලද ඒ අනුව ලබාදීමට බන්ධනාගාර නීති රෙගුලාසි සැකසී ඇත.

සිරකරුවා කාණ්ඩයන් ලෙස ගත්කල සාමාන්‍ය සිරකරු, සැහැල්ලු‍ වැඩ ඇති සිරකරු, බරපතළ වැඩ සහිත සිරකරු, රෝගී සිරකරු, විදේශීය සිරකරු, රිමාන්ඩ් සිරකරු ලෙස වෙන්කොට ඇත.
එසේ කාණ්ඩ කරන ලද සිරකරුවෝ මස් මාළු සහිත සහ රහිත ලෙසද කාණ්ඩ කරනු ලබයි.
සුද්දගේ කාලයේ ආහාර වට්ටෝරුවට අනුව මස්මාළු සහිත සාමාන්‍ය සිරකරුවෙකුට උදේ අාහාර ලෙස පාන් අවුන්ස හයක්, සීනි අවුන්ස 1 තේ අවුන්ස දාසයෙන් එකක් සහ සම්බෝල හැඳි 2 නිර්දේශ කර ඇත. එවැන්නෙකුගේ දිවා ආහාරය ලෙස බත් අවුන්ස අටක් , අළු කෙසෙල් මාළුවක්, වෙනත් මාළුවක් හෝ මැල්ලු‍ම් අවුන්ස එකක්, මාළු අවුන්ස දෙකක් නිර්දේශ කර ඇත.
සෑම සිරකරුවෙකුටම දිවා ආහාරය දහවල් එකොළහමාරට ලබාදෙන අතර රාත්‍රී අාහාරය ඔවුන්ට ලබාදෙනුයේ සවස දෙකයි තිහට පමණය.

සාමාන්‍ය සිරකරුවෙකුට රාත්‍රී ආහාරය ලෙස බත් අවුන්ස හයක් ,මස් අවුන්ස දෙකක්, පරිප්පු අවුන්ස දෙකක් වෙනත් ව්‍යාංජන අවුන්ස තුනක් ලබාදීමට නිර්දේශිතය. සවසට තේ අවුන්ස දාසයෙන් එකක්, සීනි අවුන්සයක් ලබා දීමට නිර්දේශිතය.
කාන්තා බන්ධනාගාරයේ ආහාර ඉවීම නොකරන අතර ඔවුන්ගේ ආහාර සකසන්නේද පිරිමි සිරකරුවන් විසිනි.

මෙහි සඳහන් බරපතළ වැඩ සහිත සිරකරුවන්ට ලබාදෙන ඔවුනට උරුම දඬුවමට අමතරව දඬුවම් ආහාර ක්‍රමයක්ද එකල පැවතිණි. බරපතළ වැඩ සහිත සිරකරුවන්ගේ උදෑසන ආහාර වේල පාන් අවුන්ස හතරක්, සීනි අවුන්ස කාලක්, තේ අවුන්ස දාසයෙන් එකක් සහ සම්බෝල හැඳි දෙකකි.
දිවා ආහාරයට නිර්දේශය වන්නේ බත් අවුන්ස හයක් සහ ලු‍ණු අවුන්ස කාලකි. (එයට මාළුපිනි කිසිවක් නැත. ලු‍ණුයි බතුයි පමණය)

බරපතළ වැඩ සහිත සිරකරුවෙකුට එකී ලු‍ණුයි බතුයි කෑමේ දඬුවමට යටත් කිරීමට පෙර සිරකරු බන්ධනාගාර වෛද්‍යවරයෙකු වෙත යොමු කරන අතර එහිදී ලු‍ණුයි බතුයි දඬුවම දරා ගැනීමට සිරකරු ශරීර සෞඛ්‍යයෙන් සිටිය යුතු යැයි වෛද්‍යවරයා නිර්දේශ කරයි නම් එතැන් පටන් දඬුවම ක්‍රියාත්මක කිරීම බන්ධනාගාර නිලධාරින් සිදු කරනු ලබයි. බරපතළ වැඩ සහිත සිරකරුවෙකුගේ රාත්‍රී ආහාරයද ලු‍ණුයි බතුයි පමණය. සුද්දගේ කාලයේ ඉදි වූ දුම්රිය මාර්ග සඳහා අවශ්‍ය කළුගල් කැබලි කිරීම මෙකී බරපතළ වැඩ සහිත සිරකරුවන්ට එකල පැවරුණ බරපතළ දඬුවමය.

මෙකී ලු‍ණුයි බතුයි දඬුවම් ආහාරය ක්‍රමය එකී සිරකරුවන්ට එකල ක්‍රියාත්මකව පැවතුණි.
එමෙන්ම සැහැල්ලු‍ වැඩ සහිත සිරකරුවන්ටද සාමාන්‍ය සිරකරුවෙකුට මෙන් දිවා ආහාරයට මාළු ලබා නොදෙන අතර රාත්‍රී ආහාර වේල සමග මාළු අවුන්ස තුනක් ලබාදෙනු ලබයි.
මෙහි තවත් විශේෂ ආහාර වේලක් ලබා දෙන තවත් සිර කාණ්ඩයක් නම් බන්ධනාගාරය තුළ කලහකාරි ලෙස හැසිරුණ පැන යාමට කැරලි ගසන සිරකරුවන්ය. එකල එවැන්නෙකුට දඬුවම් ආහාර ලෙස උදෑසන ආහාරය හුලං විස්කෝතු අවුන්ස දෙකක්, සීනි අවුන්ස බාගයක් සහ තේ අවුන්ස දාසයෙන් එකක්ද, දිවා ආහාරය ලෙස හුලං විස්කෝතු අවුන්ස දෙකක්, සව්හාල් අවුන්ස දෙකක්, කිරි අවුන්ස හයක්, සීනි අවුන්ස බාගයක් ලෙසය.
සිරකරුවන්ගේ හැඟීම් දැනවීමට උරදෙන හෝමෝන පාලනය වීම සඳහා ඔවුන්ට අළු කෙසෙල් දිවා ආහාරයට ලබාදීම සතියට දින තුනකට හෝ නොවැඩි වාර ගණනක් ලබා දීමට නිර්දේශ කර ඇත. අළු කෙසෙල් නොදෙන දිනයන්හිදී ගෝවා, බණ්ඩක්කා, මුරුංගා, තක්කාලි, පතෝල, කරවිල, බීට් රූට්, ඉන්නල, බෝංචි, කිරිඅල යන එළවළු වර්ගයන්ගෙන් එකක් ලබාදිය හැක.

බන්ධනාගාර නීතිවලට අනුව විවිධ රෝගී සිරකරුවන් සඳහා වූ ආහාර වේල වරින් වර වෙනස් වන අතර එකී ආහාර වෛද්‍ය නිලධාරියා විසින් ලියවිල්ලකින් දෙනු ලැබුවද බන්ධනාගාර අධිකාරිය විසින් අනුමත කරනු ලබන උපදෙස් අනුව කළ යුතුය. බන්ධනාගාර පනතට අනුව එළවළු, පලා, අල ලෙස නිර්දේශිත වට්ටෝරුවක් ඇත. එකී වට්ටෝරුවට පිටින් කිසිදු එළවළුවක් ආහාර ලෙස සිරකරුවන්ට ලබාදීම තහනම්ය.

නිර්දේශිත එළවළු වනුයේ මුරුංගා කොළ, ගොටුකොළ, මුකුණුවැන්න, තම්පලා, නිවිති, කතුරු මුරුංගා, කංකුං, කොහිල දලු‍, සාරණ, ගෝවා, වම්බටු, බණ්ඩක්කා, මෑ කරල්, මුරුංගා, පතෝල, වට්ටක්කා, කරවිල, තක්කාලි, අළුකෙසෙල්, අර්තාපල්, බතල, ඉන්නල, වැල් අල, මඤ්ඤොක්කා, කිරි අල, රටඅල, කොස්, බීට්රූට් අල, බටර් බෝංචි, ලීක්ස් යනාදියයි.
එකී එළවළු සිරකරුවන්ට ලබාදීමේදී කාලගුණික තත්ත්වය ගැනද සලකා බැලිය යුතුය. ශීත කාලගුණික තත්ත්වයකදී පුහුල්, වට්ටක්කා වැනි එළවළු පිට පිට සිරකරුවන්ට ලබා දීම නොකරන අතර නීති රෙගුලාසිවලට අනුව නිර්දේශ මත කාලගුණයට අනුව එය සිදුවන්නකි.

විදේශීය සිරකරුවන්ටද සාමාන්‍ය සිරකරු ආහාර වේල අච්චුවේ ස්වභාවය අනුව සැකසෙන අතර වෛද්‍ය නිර්දේශයන්ට අනුව තැම්බූ එළවළු දෙනු ලබයි. වර්තමානයේ බන්ධනාගාරය වෙත ආහාර සැපයීම ටෙන්ඩර් පටිපාටියකට අනුව සිදු වන්නකි. එහිදී සැපයුම්කරුටද නීති රෙගුලාසි පැනවී ඇත. සැපයුම්කරු විසින් බන්ධනාගාරයට මාළු ලබාදීම සතියකට හතර වතාවක් පමණ සිදුකරන අතර බොහෝ විට බොකු බඩවැල්, වරල්, කරමල් ඉවත් කර තලපත්, කෙළවල්ලා, බලයා වැනි මාළු ලබා දිය යුතුය.

අයිස් රහිත අලු‍ත් මාළු කොන්ත්‍රාත්කරු විසින් බන්ධනාගාරයට ලබා දිය යුතු අතර යම් හෙයකින් ශීත කළ මාළු ලබා දෙන්නේ නම් එහි අයිස් දියවී තිබිය යුතුය.
එසේ ලබාදෙන මාළු කැබලි කිරීමේදී ඉවත් කෙරෙන බොකු බඩවැල්, වරල්, කරමල්ද නැවත කිරා මැන බලා එකී බරට සෑහෙන මාළු ප්‍රමාණයක් කොන්ත්‍රාත්කරු විසින් ලබා දිය යුතුය.
එමෙන්ම එක් හිර ගෙයකින් තවත් හිර ගෙදරකට සිරකරුවෙක් රැගෙන යාමේ අතරමගදී දිවා ආහාර වේලාව උදාවන්නේ නම් සැපයුම්කරු විසින් පිරිමසාගත හැකි පිසූ ආහාරයක් එසේ රැගෙන යන සිරකරුට ලබාදිය යුතුය.
ගමනාන්තය සවස දක්වා දිගු වන්නේ නම් එක් සිරකරුවෙකුට පාන් අවුන්ස 10, ඉදුණු කෙසෙල් දෙකක්, මිරිස් සම්බෝලයක් වන ලෙස කොන්ත්‍රාත්කරු විසින් ලබා දිය යුතුය.
එදිනෙදා අවශ්‍ය කරන ආහාර ආහාර ලේඛන තබන්නා විසින් බන්ධනාගාරයෙන් පිටව යෑමට පෙර ආහාර ලේඛනයන් වන 24 වැනි බන්ධනාගාර පෝරමය සහ 46 වැනි පෝර්මය පිරවිය යුතුය.
සලාක ලබාගැනීමේ කාර්යය අධිකාරිවරයාගේ අනුමැතිය යටතේ ජේලර් කෙනෙකු හෝ අදාළ නිලධාරියෙකු විසින් සිදුකරනු ලබන්නකි.
සලාක කාමරය පිහිටා ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන පිවිසුම් දොරටුවේ වම් පසට වන්නටය. එහිදී කිරුම් මැණුම් කරමින් නිකුත් කරන වියළි සලාක මුළුතැන්ගෙය වෙත රැගෙන යාම සිරකරුවන් කිහිපදෙනෙකු සිදුකරනු ලබන්නකි.

බන්ධනාගාර මුළුතැන්ගෙය පිහිටා ඇත්තේද ප්‍රධාන දොරටුවට ආසන්නවය. විශාලත්වයෙන් පර්චස් විස්සක පමණ භුමියක පැතිරගත් මුළුතැන් ගෙය සඳහා යොදවා සිටින සිරකරුවන් ප්‍රමාණය දෙසීයකට ආසන්නය.
බන්ධනාගාරයේ විවිධ කාර්යයන් සඳහා යොදවා ඇති කණ්ඩායම් හඳුන්වන්නේ ‘පාටි’ යන නාමයෙනි. උදාහරණයක් ලෙස ගතහොත් වඩු කර්මාන්තයේ නියැළෙන කණ්ඩායම වඩු පාටිය ලෙසත්, වේවැල් කර්මාන්තයේ නියැළෙන කණ්ඩායම වේවැල් පාටිය ලෙසත් හඳුන්වති.
ඒ ආකාරයට මුළුතැන්ගෙයට යොමුකර ඇති කණ්ඩායම කුස්සි පාටිය ලෙස හඳුන්වන අතර එකී සිරකරුවන්ට පැවරුණ රාජකාරි ඇත.
සිර කුස්සියේ ළිප් නැත. ඒ වෙනුවට ඇත්තේ බොයිලේරු වාෂ්පයෙන් ක්‍රියාත්මක වන ස්ටීමර් පමණි. කුස්සියේ එක් පසෙක කුඩා කුටියක ක්‍රියාත්මක වන බොයිලේරුවලින් නිකුත්වන වාෂ්ප ගැල්වනයිස් නළ මාර්ග ඔස්සේ කල්දේරම් වෙත බලය සපයයි.

දිනකට දැවි තෙල් ලීටර් හාරදහසක් පමණ බොයිලේරුවට යෙදිය යුතුය. එක වර කිලෝ පනහක් පිසගත හැකි කල්දේරම් අටකින් සමන්විත ස්ටීමර් පද්ධතියේ දිනකට පිසෙන හාල් ප්‍රමාණය කිලෝ දාහකට ආසන්නය. දිනපතා සිරකරුවන් බන්ධනාගාර ගතවීම්, නිදහස ලැබීම් යන ක්‍රියාවලිය හේතුවෙන් නිශ්චිත සහල් කිලෝ ප්‍රමාණයක් දිනපතා ගණනය කර ගැනීම දුෂ්කර ය.
සියලු‍ම ආහාර ස්ටීම් කල්දේරම්වල පිස ගැනීම සිදු කරන අතර එකී කල්දේරම් සුද්ද පවිත්‍ර කරනුයේද කල්දේරම් නළ මාර්ගයට සවි කොට තිබියදීමය.
කුස්සි පාටියේ එක් එක් කණ්ඩායම් එළවඞ් කැපීම, එළවළු සේදීම, තුනපහ සෑදීමට, බත් ඉවීමට, මාළු කැපීම යනාදී වශයෙන් වැඩෙහි යොදවා ඇත. තෙල් ආහාරයන්ට මිශ්‍ර කිරීම සිදු කළද බැඳුම් සැකසීම කුස්සියේ සිදුවන්නේ නැත.
උදාහරණයක් ලෙස කරවල බැදුමක් වැනි ආහාර එහි පිසින්නේ නැත. එළවළු කැපීමට භාවිත කෙරෙන පිහියාවලට පිහි තුඩක් නැත. එම පිහිවලින් කිසිවෙකුට බර යොදා පහරදී මාරාන්තික තුවාළ සිදුකිරීමට නොහැක.

එම පිහියා පිහි කෑලි ලෙස හැඳින්වූවාටද වරදක් නැත. බන්ධනාගාර නිලධාරින් පවසන ආකාරයට එම පිහි තල කිසිවෙකුට මාරාන්තික තුවාල සිදු කළ නොහැකි වන ලෙස අවදානම අඩු ලෙස එය නිමවා ඇත.
බර යොදා කැපිය හැකි මන්නා පිහියක් මාළු සහ මස් කැපීම් සඳහා පමණක් යොදවා ඇත.
කුස්සියට වුවමනා තුනපහ සැකසීමද කුස්සියේම වෙන්කොට ඇති කුඩා කුටියක සිදු කරයි. කුඩා තුනපහ බෝතල් එහි නැත. ලිටර් 20 කෑන් කට කපා සැකසු තුනබහ බහාලු‍ම් දැකිය හැක.
කුස්සි පාටියේ වැඩ අධීක්ෂණය සඳහා යොදවා ඇති නිලධාරීන්ට අමතරව එහි පාලන කටයුතු කරන සිරකරුවන්ද නම් කොට ඇත.
ඉවුම් පිහුම් පිළිබඳව යම් දැනුමකින් යුතු ආහාර ඉවීමේ කාර්යයේදී ප්‍රධාන කෝකියා ලෙස කටයුතු කරන ඔහු දිගුකාලීනව අච්චු ලැබූ සිරකරුවන්ගෙන් කෙනෙකි.
බන්ධනාගාර කාන්තා සිර මැදිරියේ මුළුතැන්ගෙයක් හෝ ආහාර පිසීමක් සිදු වන්නේ නැත. ඔවුනට ආහාර සැපයෙන්නේද පිරිමි සිරකරුවන් විසින් පිසින ආහාරයෙනි.

ආහාර පිසීමෙන් අනතුරුව බුද්ධ පූජාවට ආහාර වෙන් කිරීම දින චරියාවේ කොටසකි.
පිසින ලද ආහාරයන්හි සාම්පල් ආහාර ප්‍රධාන ජේලර්වරයාට හෝ බන්ධනාගාර අධිකාරිවරයෙකුට යොමුකර ආහාරවල ගුණාත්මකභාවය ආරක්ෂාව ගැන තහවුරු කරගත යුතුය. එහිදී එම නිලධාරිවරයා එකී ආහාර සාම්පල් ආහාරයට ගනිමින් පරීක්ෂාවට ලක් කළ යුතුය. ඉන්පසු එළඹෙනුයේ ආහාර බෙදාදෙන අවස්ථාවය. බන්ධනාගාරයේ සිර මැදිරි හඳුන්වන්නේ වාට්ටු ලෙසය. එකී වාට්ටුවල සිර කණ්ඩායම් තම වාට්ටුවට අවශ්‍ය ආහාර ගෙනයාම සිදු කරයි. එසේ ගෙන යන ආහාර රැඳවියන් අතරේ බෙදාදෙන්නේද සිරකරුවෙකු විසිනි.
සුද්දගේ කාලේ හිරබත් සංග්‍රහය ඒ ආකාරයෙන් වනවිට අතීතයත් වර්තමානයත් ගත්කල එදා මෙන් අදත් ඒ ආකාරයෙන්ම පවතින්නේ කුමන ආහාර ලයිස්තුවද? අද භාවිතයේ නැති ඉවත් වූ ආහාර වට්ටෝරුව කුමක්ද? අප විමසා සිටියා බන්ධනාගාර බන්ධනාගාර පරිපාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතාගෙන්.
ඇත්තටම ඒ ඉහත කී ආහාර රටාව ගත්තහම බන්ධනාගාරය තුළ පැවති අවුන්ස මිනුම් ක්‍රම ග්රෑම්, ලීටර් ලෙසට පරිවර්තනය වෙමින් ඒ නීති රෙගුලාසිවලටම අනුව ඒ අාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා.

නමුත් අර ලු‍ණුයි බතුයි, හුලන් විස්කෝතු වගේ දඬුවම් ආහාර ක්‍රමය මේ වනවිට ක්‍රියාත්මක වන්නේ නෑ. ඒ වෙනුවට සිර දඬුවම් කාලය යම් වැඩි කිරීමක් සිදු කරනව. සුදු ආණ්ඩුකාරවරුන්ගේ කාලයේ වගේ නොවේ මානව හිමිකම් පිළිබඳව වැඩි අවධානයක් වර්තමානයේ යොමුව තිබෙනවා.
ඒ අනුව අප මේ වනවිට ක්‍රියාවට නංවන්නේ සිරකරුවන්ට සැලකීම පිළිබඳව 2015 වසරේ ජාත්‍යන්තරව පිළිගත් මැන්ඩෙලා රීතියයි

බොහොමයක් රටවල මෙන්න මේ (Nelson Mandela Rules) වලට අනුව කටයුතු කරනවා ඒ අනුව දඬුවම් ආහාර ක්‍රමය කිසිසේත්ම ක්‍රියාත්මක නෑ. මෙම සිරකරුවන් ගතින් අපි සිරගත කර සිර ඇඳුමක් අන්දලා දඬුවම් දීලනේ තියෙන්නෙ. ඉතින් ඔවුන්ගෙ සෞඛ්‍ය හොඳින් පවත්වගෙන යන්න නම් ඔවුන්ට හොඳ ආහාර වේලක් ලබාදිය යුතුයි.
ඔවුන් බන්ධනාගාරය ඇතුළේ සිදුකරන වැරදි සම්බන්ධයෙන් වුවත් අප දඬුවම් ආහාරයට යටත් කරන්නේ නෑ. ඒ වෙනුවට කරන්නෙ දඬුවම් කාලය වැඩි කරන එකයි. බන්ධනාගාර නීතියට අනුව අනෙකුත් ආහාර සියල්ල ඒ ආකාරයෙන් ක්‍රියාත්මකයි. ඒ වගේම ඉරිදට අප කහබත්, පරිප්පු, බටු ව්‍යාංජනයක්, චිකන් කරියක්, පපඩම් ලෙස විශේෂිත කෑම වේලක් ලබාදෙනවා. ඊට අමතරව විශේෂ අවස්ථාවන්හීදී කිරිබත්, කට්ට සම්බල් එක්ක කෙසෙල් ඔවුන්ට ලබා දෙනවා.

බන්ධනාගාරයේ වෛද්‍ය නිර්දේශයන්ට අනුව යම් රෝගී තත්ත්වයකින් පෙළෙන අයෙක් වේ නම් ඔහුගේ රෝගී තත්ත්වයෙන් මිදීම සළස්වන සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් ලබා දෙනවා.
උදාහරණයන් ලෙස තැම්බූ එළවළු, රතුහාලේ බත්, හයිප්‍ර්‍රෝටීන් අවශ්‍ය අයට එම අවශ්‍යතාවට සරිලන ප්‍රෝටීන් බහුල ආහාර මෙහි සැපයෙනවා.
බොහොමයත් වෙලාවට ‘සිරකරුවෝද මනුෂ්‍යයෝය’ යන මානුෂීය හැඟීමෙන් යුතුව අප මෙහි කටයුතු කරනවා.
ඒ වගේම සිංහල අවුරුදු, ජනේරු, හජ්ජි, තෛපොංගල්, නත්තල් වැනි අවුරුදු දිනයන්හිදී සිරකරුවන්ගේ නිවෙස්වලින් ආහාර ගෙන්වා ගැනීමට අවස්ථාව සලසාදෙනවා වගේම එදිනට අපගේ මුළුතැන්ගෙයිත් අප වෙනසක් කරනවා.

ඒ වගේම ඔවුන්ගේ ජීවිත දෝලනය වන අපරාධ සහ ජාවාරම් චක්‍රයෙන් මුදවා ගැන්මට අවශ්‍ය පසුබිම සකසන්නට නම් දඬුවම වගේම ඔවුනගේ කඩා වැටුණු ජීවිත නගාසිටුවීම අවශ්‍යයි.

රේඛා තරංගනී ෆොන්සේකා
ඉරිදා ලංකාදීප
2020 අගෝස්තු 09 ඉරිදා

🙄
09/06/2021

🙄

තරුණ බොලිවුඩ් තරු..❤️Credit goes - shameemluku
09/06/2021

තරුණ බොලිවුඩ් තරු..❤️
Credit goes - shameemluku

ලෝකයේ දුර්ලභ රෝස පැහැ මඩුවා නැවත හමුවේ  (මහා බාධක කොරල් පරය අසලින්)ලෝකයේ විශාලතම ස්වාභාවික කොරල්පරය ලෙස සැලකෙන ඕස්ට්‍රේල...
06/06/2021

ලෝකයේ දුර්ලභ රෝස පැහැ මඩුවා නැවත හමුවේ (මහා බාධක කොරල් පරය අසලින්)

ලෝකයේ විශාලතම ස්වාභාවික කොරල්පරය ලෙස සැලකෙන ඕස්ට්‍රේලියාවේ මහාබාධක කොරල් පරය අසළ සාගරයේ, ලේඩි එලියට් දූපතට නුදුරුව කිමිදෙමින් සිටි ක්‍රිස්ටියන් ලේන් නම් ඡායාරූප ශිල්පිනියට අපූරු දර්ශනයක් දැකගැනීමට ලැබී තිබේ.

ලොව වෙසෙන එකම රෝස පැහැති ඉතා දුර්ලභ මඩු මත්සයා ඡායාරූපගත කිරීමට ඇයට හැකිවිය.

“මම රෝස මඩුවෙක් ගැන ජීවිතේට අහලා තිබුණේ නැහැ. ඔහු දැකපු අවස්ථාවේ හිතුවේ මගේ කැමරාවේ දෝෂයක් වෙන්නැති කියලයි. එදා රාත්‍රියේ මම දැක්කා රෝස මඩුවෙකුගේ පින්තූරයක් මම හිටපු අවන්හලේ දැන්වීම් පුවරුවක තිබෙනවා. මම හිතුවේ ඒක විහිලුවක් කියලයි. එය දුටු හැටියේ මම දුවලා ගිහින් මගේ කැමරාවෙන් ගත්තා ඡායාරූප නැවත පරීක්ෂා කළා” යැයි ලේන් පැවසුවාය.

පළමුව හොයාගත්තේ අවුරුදු 5කට පෙර

මේ රෝස පැහැති මඩුවා පළමුව සොයාගන්නා ලද්දේ, මීට වසර 5කට පමණ පෙරදීය. රයන් ජෙෆී නමැති කිමිදුම්කරු මත්ස්‍යා ඡායාරූප ගතකළේය. මේ වනවිට රෝස මඩුවාව දැක ඇත්තේ අවස්ථා 10කදී පමණක් බව වාර්තා වේ.

Pink Panther

අඩි 11ක් පමණ දිගැති මේ මඩුවා, සුප්‍රකට කාටූනයක් වන රහස් පරීක්ෂක රෝස දිවියා හඳුන්වන Pink Panther නමින් නම්කර ඇත.අලංකාරවත් රෝස පැහැ සමක් සහිත මේ මඩුවාගේ සිරුරේ සුදු පැහැ උපන් ලපයක් ද වෙයි.

රෝස පැහැයට හේතුව

මේ සුන්දර රෝස පැහැය ඇතිවීමට හේතුව සොයාගැනීම සඳහා මඩුවාගෙන් 2016දී කුඩා පටක කොටසක් ලබාගත්හ. වෙනස් ආහාර රටාවක් හෝ අසනීප තත්වයක් හේතුවෙන් රෝස පැහැයක් ගන්නට ඇතැයි විද්‍යාඥයෝ පවසති. ඔවුහු තවමත් පරීක්ෂණ කරමින් සිටිති.

උපුටාගැනිමක්.

කිසිදා නොමැකෙන ආදරය...❤️😓
06/06/2021

කිසිදා නොමැකෙන ආදරය...❤️😓

😁🤪
05/06/2021

😁🤪

💥💥💥
05/06/2021

💥💥💥

04/06/2021

100+ LIKES❤️

ලෝකයේ විශාලම බුද්ධ ප්‍රතිමා
03/06/2021

ලෝකයේ විශාලම බුද්ධ ප්‍රතිමා

🙏
02/06/2021

🙏

😁
01/06/2021

😁

චීනයේ ජනගහන වර්ධනය පසුබෑමක...."එක් පවුලකට දරුවන් දෙදෙනෙක් පමණයි" වශයෙන් තිබු නීතිය ලිහිල් කිරීමට චීනය පියවර ගෙන තිබේ.ඒ අ...
01/06/2021

චීනයේ ජනගහන වර්ධනය පසුබෑමක....

"එක් පවුලකට දරුවන් දෙදෙනෙක් පමණයි" වශයෙන් තිබු නීතිය ලිහිල් කිරීමට චීනය පියවර ගෙන තිබේ.ඒ අනුව විවාහක යුවලකට ලැබිය හැකි උපරිම දරුවන් ගණන 3ක් දක්වා ඉහළ දැමීමට එරට බලධාරීන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ සමගම එක් පවුලකට ලැබිය හැක්කේ දරුවන් දෙදෙනෙක් බවට පැවති නීතිය වෙනස් කර තිබේ.එම වෙනස්කම, චීන ජනපති ෂී ජින්පින් විසින් අනුමත කර ඇති බව සඳහන් වේ.චීන බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ දශකයකට වරක් එරට සිදුකරන ජනගහන සංගණනය අනූව එරට ජනගහන වර්ධන වේගය අඩුවී ඇති බවට පෙනී යෑම හේතුවෙනි

සුන්දර අප්‍රිකාව..😁❤️🤪🤤පේජ් එකට ලයික් එකක් දාගන යමු..❤️
01/06/2021

සුන්දර අප්‍රිකාව..😁❤️🤪🤤
පේජ් එකට ලයික් එකක් දාගන යමු..❤️

අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකරගේ ආදරණිය පුත්‍රයා විවාහ ගිවිසගත් චයාරුප පළාත් සබා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය  ආචාර්...
31/05/2021

අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකරගේ ආදරණිය පුත්‍රයා විවාහ ගිවිසගත් චයාරුප
පළාත් සබා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකරගේ පුත් වෛද්‍ය සචිත්‍ර වීරසේකර පසුගියදා විවාහ ගිවිසගත්තේය .
එහි චයරුප කිහිපයක් පහත දැක්වේ ..

Address


Website

Alerts

Be the first to know and let us send you an email when WorldGossip.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share